Posts

Showing posts from February, 2026

මාරාන්තික නැවතුම

Image
" ආයෙ කීයටද ට්රේන් එකක් තියෙන්නෙ නුවරඑලියට යන්ඩ .. ප්‍රවේශ පත්‍ර ලබා දෙන කවුන්ටරේ නිලධාරියාගෙන් කසුන් එහෙම ඇහුවෙ 6.30ට බදුල්ල බලා යන දුම්රිය ඒ වන විටත් පිටත්ව ගොස් තිබූ නිසයි . " අට හමාරට එකක් තියෙනවා " නිලධාරියා ඉවත බලාගෙනම කසුන්ට පැවසුවේය. ..පැය එකහමාරක් ඉතින් කට්ට කාපන්කෝ රෙද්ද.. ප්‍රවේශ පත්‍රයත් රැගෙන දුම්රිය ස්ථානයේ අසුනක් දෙසට යන ගමන් කසුන් එසේ සිතුවේය.දුම්රිය ස්ථානය සහ හාත්පස පරිසරය මූසල අඳුරකින් ටිකෙන් ටික ගිල ගනිද්දී දුම්රිය පලේ තිබූ විදුලි පහන්ද එකින් එක දැල්වෙන්නට විය . කසුන්ට සිතුනේ කොපමණ විදුලි පහන් දැල්වුනත් මෙම ස්ථානයේ තියෙන මූසල කම නම් දුරු වීමක් සිද්ධ වෙන්නේ නැති බවයි සති අන්ත දිනයක් වූ බැවින්ද නැතිනම් වෙන කුමක් හෝ හේතුවක් නිසා දෝ දුම්රිය ස්ථානයේ ඒවන විටත් මගියෙකුට කියා සිටියේ කසුන් පමණමයි . ..මොන කෙලියක්ද යකෝ වෙනදටත් මෙතන සෙනඟ නැද්ද දන් නෑ මේ වෙලාවට. කතා කරන්නවත් බල්ලෙක්වත් නෑනේ ...ෂික්..!..මට තිබුනේ වෙනද වගේම පුරුදු විදිහට බස් එකේ යන්න එහෙම උනානම් මෙලහකට හොද නින්දක් දාගෙන..කොහෙද මට පිස්සුනේ කවදාවත් නැතුව ට්රේන් එකේ යන්න හිතුවනේ දැන් ඉතින් කාපන්කො පරිප...