මාරාන්තික නැවතුම

" ආයෙ කීයටද ට්රේන් එකක් තියෙන්නෙ නුවරඑලියට යන්ඩ ..

ප්‍රවේශ පත්‍ර ලබා දෙන කවුන්ටරේ නිලධාරියාගෙන් කසුන් එහෙම ඇහුවෙ 6.30ට බදුල්ල බලා යන දුම්රිය ඒ වන විටත් පිටත්ව ගොස් තිබූ නිසයි .

" අට හමාරට එකක් තියෙනවා "

නිලධාරියා ඉවත බලාගෙනම කසුන්ට පැවසුවේය.

..පැය එකහමාරක් ඉතින් කට්ට කාපන්කෝ රෙද්ද..

ප්‍රවේශ පත්‍රයත් රැගෙන දුම්රිය ස්ථානයේ අසුනක් දෙසට යන ගමන් කසුන් එසේ සිතුවේය.දුම්රිය ස්ථානය සහ
හාත්පස පරිසරය මූසල අඳුරකින් ටිකෙන් ටික ගිල ගනිද්දී දුම්රිය පලේ තිබූ විදුලි පහන්ද එකින් එක දැල්වෙන්නට විය .

කසුන්ට සිතුනේ කොපමණ විදුලි පහන් දැල්වුනත් මෙම ස්ථානයේ තියෙන මූසල කම නම් දුරු වීමක් සිද්ධ වෙන්නේ නැති බවයි සති අන්ත දිනයක් වූ බැවින්ද නැතිනම් වෙන කුමක් හෝ හේතුවක් නිසා දෝ දුම්රිය ස්ථානයේ ඒවන විටත් මගියෙකුට කියා සිටියේ කසුන් පමණමයි .

..මොන කෙලියක්ද යකෝ වෙනදටත් මෙතන සෙනඟ නැද්ද දන් නෑ මේ වෙලාවට. කතා කරන්නවත් බල්ලෙක්වත් නෑනේ ...ෂික්..!..මට තිබුනේ වෙනද වගේම පුරුදු විදිහට බස් එකේ යන්න එහෙම උනානම් මෙලහකට හොද නින්දක් දාගෙන..කොහෙද මට පිස්සුනේ කවදාවත් නැතුව ට්රේන් එකේ යන්න හිතුවනේ දැන් ඉතින් කාපන්කො පරිප්පුව..

එසේ සිතුවිලි දාමයක පැටලී සිටින කසුන් ඈතින් දුම්රිය ස්ථානය දෙසට හෙමි හෙමීට පැමිණෙන පුද්ගලයෙක් දැක විමසිලිමත්ව ඒ පුද්ගලයා දෙසම බලා සිටියේය ටිකෙන් ටික කසුන් අසලටම ආ පුද්ගලයා යාචකයෙක් බව කසුන්ට වැටහුනේය කසුන් අසලට ආ යාචකයා මොහොතක් කසුන් දෙස නොසෙල් වී බලා සිට ඊලගට කසුන් දෙසට නැඹුරු වී දුර්වර්ණ දසන් දක්වා සිනාසුණේය.ඉන්පසු එක් වරම නොරිස්සුම් සහගත වේශයක් මවා ගෙන මෙවැනි දෙයක් පැවසුවේය.

".. නු..නුවරඑළියටද යන්නේ හොදට මතක තියාගන්නවා මොනම දේකටවත් බහින්න එපා ග්‍රේට් වෙස්ටන් ස්ටේෂන් එකෙන් හොදට මතක තියාගන්නවා .."

එසේ තර්ජනාත්මකව පැවසූ යාචකයා කසුන් වාඩි වී සිටි තැන පසු කර ඉදිරියට පා නැගුවේය 

""හෙහ්..! පිස්සෙක් ""

කට කොනකට සිනාවක් නගාගෙන කසුන් තනිවම මිමුණුවේය.

තවත් පැය එක හමාරකට පසු පැමිණි දුම්රිය කසුන් සිටි දුම්රිය ස්ථානයෙන් අමිහිරි හඩක් නගා ගෙන නතර විය කසුන් දුම්රියට ගොඩ වූවාට පසු දුම්රිය නැවතත් ඉදිරියට ඇදෙන්නට පටන් ගැණිනි මැදිරියට ගොඩ වූ කසුන්ට මහා අමුත්තක් දැනෙන්නට වූයේ නිතැතිනි මන්ද යත් කසුන් ගොඩ වූ දුම්රිය මැදිරියේ කිසිදු මගියෙක් සිටියේ නැත දුම්රියේ ඉදිරියටත් පසු පසටත් ගිය කසුන්ට සියලුම මැදිරි වල දැක ගත හැකි වූයේ පස් දෙනෙක් පමණකි .

..යකෝ ස්ටේෂන් එකෙත් සෙනඟ නෑ ට්රේන් එකෙත් නෑ මේ මොන විකාරයක්ද මූලු ට්රේන් එකටම පස් දෙනයි ඉන්නේ ...

එසේ සිතූ කසුන් කිසිදු අයෙක් නොසිටි මැදිරිය තුල තිබූ අසුනක් මත දෑත් දෙපා විහිදා හරි බරි ගැසී වාඩි වූයේය.මද වෙලාවකට පසු කවුදෝ පුද්ගලයෙක් උගුර පාදන හඩක් ඇසී කසුන් ආසනයෙන් මදක් ඇල වී බැලුවේය ඔහු දුටුවේ අනෙක් මැදිරියේ සිට ඔහු දෙසට පා නගන වයසක පුද්ගලයෙක්ය කසුන් හට නිවැරදිවම මතකයේ තිබුණේ කිසිදු මැදිරියක මෙවැනි වයසක පුද්ගලයෙක් නොසිටි බවයි නමුත් මේ පුද්ගලයා ගමන් කරණ දුම්රියට ඇතුල් වූයේ කෙසේද යන්න ගැනද ඒ සමගම පැනයක් ඔහු ගේ සිතේ හට ගත්තේය.

" මම මේ වැසිකිළිය ඇතුලෙනෙ හිටියෙ ඒකයි මහත්තය මාව දකින්න නැත්තේ.."

එම වයසක පුද්ගලයා කියූ එවදන ඇසීමෙන් කසුන් තිගැස්සී ගියේය.

" මම ..හිතුව එ..එක ඔ..ඔහේ ...කො..කොහොමද ..ද..
දන්නේ..?

පෙරලා කසුන් එම වයසක පුද්ගලයාගෙන් විමසුවේය.

" මට නිකමට හිතුන මහත්තයා මාව දැක්කෙ නැති නිසා ඔය ප්‍රශ්නය හිතයි කියලා "

මහලු මිනිසා සිනා මුසුව පිලිතුරු දුන්නේය.

" ඒක මිසක් මම බැලුව ඔහේට හිත් කියවීමේ බලයක් තියෙනවාද කියලා "

" ඉතින් මහත්තයෝ කොහෙද යන්නේ කොහෙද මහත්තයගේ ගම් පලාත "

" මගේ ගම් පලාත ගැන දැනගත්තා කියලා ලොකු උන්නැහේ ඔහේට ඇතිවන ප්‍රතිඵල ය මොකක්ද ..?"

" ඔව්නෙ මහත්තයෝ ඒකත් හැබෑව හැබැයි ඉතින් අපේ ජීවිත කොයි වෙලාවේ නිස්කාරණේ නැති නාස්ති වෙලා යයිද දන් නෑ ඉතින් කා එක්කත් කතා බහ කරලා හිටියොත් හොද නැද්ද මහත්තයෝ ?"

" හරි ඉතින් කියනවකෝ ඔහේගේ ගම් පලාත ලොකු උන්නැහේ "

" මගේ ගම ඔහියේ මහත්තයෝ ඒත් ඉතින් කාලාන්තරේකින් මම ගමට ගියේ නෑ "

" මම බදුල්ලේ ඒත් මොකද ලොකු උන්නැහේ කාලාන්තරයකින් ගමට ගියෙ නැත්තේ ගමේ මොකුත් ප්රශ්නයක්ද ?"

" ප්‍රශ්න. .ප්‍රශ්න අපි හැමෝටම එක එක ප්‍රශ්න මට අවසරයක් නෑනේ ගමට යන්න ඒක නිසා මම මේ කෝච්චියේම එහෙ මෙහෙ යනවා මට ඔය හිතට අල්ලලා ගිය කෙනෙක්ව මම මගේ තැනට එක්ක යනවා "

අමුතුම අද්භූත ජනක සිනාවක් කසුන් වෙත හෙලා වයසක පුද්ගලයා එසේ පැවසුවේය.

" මට තේරෙන්නෑ ඔහේගේ තැනට එක්කරගෙන යනවා කිව්ව කතාව "

" හැම දෙයක්ම තේරෙයි මහත්තයෝ යමුකෝ යමුකෝ ඉස්සරහට මේ ගමන තමයි හැම දාම යන ගමනක ආරම්භය හෙහ්..හෙහ්..හෙහ්.."

අමුතුම ආකාරයකට කතා බහ කරණා මේ වයසක පුද්ගලයා සමග තව දුරටත් කතා කිරීමට රිසි නොවූ කසුන් තම ආසනයට සුව පහසුව ඇල වී දෑස් පියාගෙන නිදන්නට වූයේය.

""...නිදා ගන්ඩ එපා තව ටිකයි කාලය තියෙන්නේ නිදා ගන්ඩ එපා....."""

යාන්තම් නින්ද ඒගන එන විටම යමෙක් එලෙස තම කණට කොදුරණ ශබ්දයක් ඇසී කසුන් වහා දෙනෙත් විවර කර බැලුවේය නමුත් කිසිවෙක් තමා අසල නොවීය නමුත් ඉදිරිපස ආසනයේ සිට තමා දෙසම අමුතුම ආකාරයට බැල්ම හෙලාගෙන සිටින වයසක පුද්ගලයා පමණක් ඔහු දුටුවේය.

" මොකද ලොකු උන්නැහේ තමුසෙට වෙලා තියෙන්නේ මා දිහාම බලන් ඉන්නේ මීට කලින් තමුසෙ කොල්ලෙක් දැකල නැද්ද දැන් මට කතා කෙරුවේ ඔහේද ..? "

තරමක කෝපයකින් කසුන් වයසක පුද්ගලයාගෙන් එසේ විමසුවේ නොරිස්සුම් සහගතවය.

" මහත්තයා නිදාගන්ඩ මම මේ නිකන් බැලුවේ මගේ ලොකු කොල්ලත් ඔය වයසෙනේ ඒකයි මම බැලුවේ මහත්තයා නිදාගන්ඩ මම ඕන් ආයෙ නොබල ඉන්නම්කෝ "

මහල්ලා එලෙස පැවසුවාට පසු නැවතත් කසුන් ආසනය මත දිගෑදී නිදන්නට විය. කසුන් එලෙස කොපමණ වෙලාවක් නිදා සිටියාද කියා ඔහුට තේරුමක් නොවීය එක්වරම යමෙක් තමාව සොලවන නිසා අවදි වූ කසුන් දුටුවේ තමා ඉදිරියේ වයසක පුද්ගලයා බිම වැතිර අපහසුවෙන් හුස්ම ගන්නා ආකාරයයි ඔහු දෑස් විසල් කරගෙන කසුන් දෙස බලාගෙන මෙලෙස පවසන්නට වූයේය.

"..ම..මට..ව..වතුර..ටිකක්..මට..
වතුර..ටි..ක...ක්.."

වයසක පුද්ගලයා දැක කලබලයට පත් වූ කසුන් තම බෑගයේ ඇති වතුර බෝතලය අතට ගත්තත් ඔහු දුටුවේ බෝතලය තුල වතුර බිඳක් හෝ නොමැති බවයි තමන් දුම්රියට නෑගීමට පෙර මිලට ගත් වතුර බෝතලයෙන් ජලය බිදක් හෝ පානය නොකල බව කසුන් හට මතකයේ තිබුණත් ඔහු බෝතලයේ ජලයට සිදු වූ දෙය ගැන සිත යොමු නොකට දුම්රියෙන් පිටත බැලුවේය ඔහු දුටුවේ ඒ වන විටත් දුම්රිය යම් නැවතුම් පලක නතර කර ඇති බවය ඔහු තම වතුර බෝතලයත් රැගෙන වහා දුම්රියෙන් පිටතට විත් දුම්රිය ස්ථානයේ එක් පසෙකට දිව ගියේ ජල කරාමයක් සොයා ගැනීමටය නමුත් ඒ පැත්ත අවට ජල කරාමයක් නොතිබූ නිසා ඔහු අනෙක් පැත්තට දිව ගියේය දුම්රිය ස්ථානයේ කෙලවරට වන්නට තිබූ පහන් කණුවක් පාමුල ජල කරාමයක් තිබෙනවා දුටු කසුන් ඉක්මණින් කරාමය කරකවූයේ බෝතලය ජලයෙන් පුරවා ගැනීමටය නමුත් ඔහුව භීතියට පත් කරවමින් කරාමයෙන් ගලා ආවේ රක්ත වර්ණ රුධිරය යි. 

දුටු දසුන නිසා භීතියෙන් පසෙකට පැන ගත් කසුන් දුම්රිය දෙස බලන විට දුටුවේ හූ හඩක් නන්වමින් දුම්රිය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන ආකාරයයි ජලය ගැන අමතක කර කසුන් දුම්රියට ගොඩ වීමට දිව යාමට සිතුවත් ඔහුට එය කල නොහැකි වුනේ කිසිවෙක් හෝ තමාගේ පිටු පසින් සිට තමාගේ ගෙල සිරකරගෙන සිටි නිසයි කසුන් කෙතරම් දැගලුවත් එම ග්‍රහණයෙන් මිදීමට ඔහුට නොහැකි විය අවසානයේ එම දුම්රිය ස්ථානයේ කසුන්ව තනිකොට දුම්රිය ඈතින් ඈතට ඇදී නොපෙනී ගියේය.

දුම්රිය නොපෙනී ගියාට පසු තම ගෙල පිටු පස ග්‍රහණය බුරුල් වූ නිසා වහා පිටු පස හැරී බැලූ කසුන් දුටුවේ තමා පිටු පසින් සිටිනා ලේ පෙරාගෙන විකෘති වූ භයානක මුහුණකින් කසුන් දෙස බලා සිටින දුම්රිය තුල සිටි වයසක පුද්ගලයාය.

මහලු මිනිසාගේ භයානක පෙනුමට අදිකව බියට පත් වූ කසුන් හිස හැරුණු අතේ දිව යාමට පටන් ගත්තේය

" දිව්වට වැඩක් නෑ උඹට මේ නැවතුමෙන් එහාට යන්න බෑ මම අද බිල්ලට උඹව තෝරගත්තේ උඹ දන්නවද මාත් ගමට යන්න ඇවිත් මේ ස්ටේෂන් එකෙන් බැස්ස වතුර ගන්න ඒත් කෝච්චිය යන්න පටන් ගත්තා මම ගිහින් කෝච්චියේ එල්ලුනා කරුමෙට මාව ඇදගෙන වැටුනා කෝච්චිය මගේ ඇඟ කුඩු පට්ටන් කරගෙන ඇදිල ගියා මට විතරක් තනියම මැරිල ඉන්න ඕනෙද එක එකා මම මගේ ලෝකෙට ගන්නවා හෙහ් හෙහ් ..හෙහ්."

වියරු ලෙස සිනාසෙමින් එලෙස පවසා වයසක පුද්ගලයා සෙමින් සෙමින් කසුන්ව ලුහුබඳින්න විය.
කසුන් කෙතරම් වේගයෙන් දිව යාමට උත්සහ කලත් ඔහු දුටුවේ ඔහු අසලම සිටිනා ඒ මහලු පුද්ගලයාවය අවසානයේ හති වැටී බිම ඇද වැටුන විට කසුන් දුටුවේ දුම්රිය ස්ථානයේ නාම පුවරුවයි ග්‍රේට් වෙස්ටන් නම දුටු ගමන් කසුන්ගේ මතකයට ආවේ හිඟන මනුස්සයාගේ අවවාදයයි නමුත් නොදැනුවත්වම ඔහු මේ භයානක දුම්රිය ස්ථානයෙන් බැස හමාරය පාලු මූසල දුම්රිය ස්ථානයේ අදික වෙහෙසට පත්ව බිම ඇද වැටී සිටින කසුන් අසලට ආ මහලු මිනිසා තම එක් අතකින් පරඩැලක් ලෙස කසුන්ව ඉහලට ඔසවා රේල් පාර මතට වීසි කලේය රේල් පීල්ලක හිස තදින් වැදී හිස පුපුරා ලේ අදිකව ගලා යන අතර තුරම කසුන් සිහිසුන් විය .

රේල් පාර මත සිටි කසුන්ට නැවත සිහිය ලබන විට ඔහු දුටුවේ ඈතින් තමා යට කරගෙන යාමට පැමිණෙන දුම්රියකි භිහිසුණු හඩක් නන්වගෙන තමාවෙත පැමිණි දුම්රියට හසුවෙන්නේ නැතුව අපහසුවෙන් පසෙකට පැමිණි කසුන් හිස අත ගා බලන විට ඔහුට දැනුනේ තම හිසේ තිබූ තුවාලය නොමැති බවයි මෙයින් විමතියට පත් කසුන් ඒ සමගම ඉදිරිය බැලූ විට දුටුවේ තමා දෙස අද්භූතජනක සිනාවක් පා ගෙන සිටින මහලු මිනිසාවය ඔහු එක් අතක් රේල් පාර දෙසට දිගු කර යමක් කසුන්ට පෙන්වවීමට උත්සහ කලේය කසුන් ඒ මහලු මිනිසා පෙන් වූ දෙය දෙස බැලූ විට කසුන්ගේ ගත පණ නැතිව යන්නාක් මෙන් විය 

කසුන් දුටුවේ රේල් පාර මත දෙකඩ වී ඇති තමා ගේ ශරීරය ලේ විලක් මැද වැටී ඇති ආකාරයයි මොහොතක් තම ශරීරය දෙස කණගාටුවෙන් බලා සිට කසුන් මහලු මිනිසා සිටින දෙසට පා නැගුවේ වියරු ලෙස සිනා වෙමින් මෙලෙස පවසමිනි.

" අද ඉදන් මට ඕන එකාවත් මම බිලි ගන්නවා ග්‍රේට් වෙස්ටන් ස්ටේෂන් එකෙන් රෑට බහින්න එපා කියන්නේ එපා හින්දයි කියන දේ අහන්න බැරි උන් බැහැපල්ලා අපි උන් ගැන බලාගන්නවා හහ්..හහ්..හහ්..හා.........

... අවසානයි .....

Comments

  1. ඒ කෝච්චිය හොඳයි ඔෆිස් වෙලාවට දාන්න. සෙනග නෑනෙ!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මඩ ගොහුර

මරණයේ විලාපය