මඩ ගොහුර

 


අරවින්දට මුල්ම ගුරු පත්වීම ලැබුණේ ආණමඩුවේ දුෂ්කර ගමක පාසලකට ඒ ගමේ නවතින්න තැනක් හොයා ගන්න අරවින්දට බැරි උන හින්ද ඒ ගමේ ඉදලා ගම් තුනකට එහා තිබුණ කැටවල ගමේ ගෙදරක් අරවින්ද නවතින්න හොයා ගත්තා උදේ පාන්දර බස් රථයෙන් ගිහින් පාසලේ ඉගැන්වීම් කට යුතු කරලා හවස බස් රථයෙන්ම ඔහු නවාතැනට ආවා .


අරවින්දට බස් රථයට නැගීමට ප්‍රධාන පාරට යන්න උනේ පයින්ම තමා කිලෝ මීටර් භාගයක් විතර ඔහුට හැමදාම පයින් ගමන් කරන්න උනා උදේටයි හවසටයි එදත් පාසලට යන්න කියලා නවාතැනින් පිටත් උන අරවින්ද මගදි වැස්සක් ඇද හැලුන නිසා අසල තිබුණ කඩයකට ගොඩ වැදුනා


..සර් ඉස්කෝලෙට යන්න වගේ ..


කඩේ මුදලාලි සිනාමුසුව කාරුණිකව අරවින්දගෙන් විමසුවා.


..ඔව් කලු මුදලාලි බලන්නකෝ මේ වැස්සක් වහින්න ගත්තනේ එකපාරම මම හිතුවෙවත් නෑ වහීවි කියලා කුඩයක්වත් ගෙනාවේ නෑ ..


කඩේ මුදලාලිගේ නම උනේ මහතුන් ඒත් ගමේ හැමෝම ඔහුට ඇමතුවේ කලු මුදලාලි කියන අන්වර්ත නාමයෙන් කලු මුදලාලි ධාර්මික පුද්ගලයෙක් කියලා තමා ගමේ හැමෝම කිව්වේ හැම පෝයකටම කලු මුදලාලි පන්සලට ගිහින් සිල් ගත්තා ඒ විතරක් නෙමේ ගමේ හැම ධාර්මික වැඩකටම මුල් තැන අරගෙන ඒ දේවල් මනාව සංවිධානය කෙරුවා.


..ඉන්ඩකෝ මහත්තයෝ මම කුඩයක් දෙන්න නැත්නම් තව ටිකකින් බස් එක ගියොත් සර්ට ඉස්කෝලෙට යන්ඩ වෙන් නෑ ඉගෙන ගන්න දරුවො පව්..


එහෙම කියලා කලු මුදලාලි කඩය පිටුපස තිබුණ ඔහුගෙ නිවසට ගිහින් කුඩයක් ගෙන ඇවිත් අරවින්දට දුන්නා අරවින්ද කුඩයත් ඉහලගෙන කලු මුදලාලිටත් ස්තූති කරලා මගට බැස්සා හීන් හිරිකඩට අරවින්දගේ සිරුර යම් තරමකට තෙමිලත් තිබුණ බස් නැවතුම ලගට එනකොට අරවින්ද දැක්කා කවදාවත් දැක්කෙ නැති අවුරුදු දහ තුනක වගේ ගැහැණු දරුවෙක් බස් නැවතුම් පලේ සිට ගෙන ඉන්නවා අරවින්ද මේ ගමට ඇවිත් මාස තුනක් විතර වුනා ඔහු ඒ වන විට ගමේ හැම දෙනාවම අදුරගෙන සිටියේ ඔහුට හොදටම විශ්වාසයක් තිබුණා මේ දැරිය කවදාවත් ඔහුගේ නෙත නොගැටුණ බව ඒ වගේම ඇගේ පාසල් නිල ඇදුමත් අරවින්ද උගන්වන පාසලේ නිල ඇදුමමයි සීමිත ලමුන් ප්‍රමාණයක් සිටි අරවින්ද උගන්වපු පාසලේ හැම දරුවෙකුම වගේ අරවින්ද නම් වශයෙන් දැන ගෙන සිටියා නමුත් බස් රථය ආපු නිසා ඔහු රථයට ගොඩ උනා ඒ එක්කම අරවින්ද දැක්කා පාසල් දැරියත් බස් රථයේ ඉදිරිපස දොරින් බස් රථයට ගොඩ උන බව.


පාසලට යන පාරේ අතර මග පෙනෙන තෙක් මානෙවත් ගෙයක් නොතිබුණ කැලෑවෙන් වැසුණ පාලු ස්ථානයක් තිබුණ බස් රථය ඒ හරියට ආපු ගමන් එක පාරටම බස් රථය නැවතුනා ඒ එක්කම අරවින්ද දැක්කා බස් රථයේ ඉදිරිපස වාඩි වෙලා සිටිය පාසැල් දැරිය බස් රථයෙන් බහිනවා ඇය බස් රථයෙන් බැස්සට පසු නැවත රථය පණ ගන්වාගත් බස් රථය ඉදිරියට ඇදෙන්නට උනා අරවින්ද රථයේ කවුලුවකින් අර පාසැල් දැරිය යන දෙස බලා සිටියා ඔහු දැක්කා ඒ දැරිය ඝන කැලයට වැදිලා නොපෙනී යනවා .


පාසැලට ගිහිල්ලත් අරවින්ද කල්පනා කලේ කවුද ඒ පාසැල් දැරිය කියලා ඇයි ඒ දැරිය පාසලට එන් නැතුව කැලේට ගියේ කියලා පාසැල නිම වී නවාතැනට ගියත් අරවින්දට ඒ දැරියව හැම තිස්සෙම මතක් වුනා පසු දා උදේම කලු මුදලාලිගේ කඩේට වැදිලා පෙර දිනයේ දුන්න කුඩය ආපසු දීලා අරවින්ද බස් හෝල්ට් එකට ගියා ඒ වන විටත් අර පාසැල් දැරිය බස් නැවතුමට පැමිණ සිටියා එදත් පුරුදු විදිහටම බස් රථය කැලේ ගාවින් නතර කලාට පස්සේ දැරිය කැලය ඇතුලට යනවා අරවින්ද දැක්කා බස් රථය තුල සිටි කිසිම කෙනෙකුට ඒ දැරිය කැලය ඇතුලට යාම ගැන වගේ වගක් තිබුනේ නෑ ඒ අය ඒ අයගේ පාඩුවේ හිටිය හරියට රථයෙන් කවුරුවත් බැස්සෙ නෑ වගේ 


..මේ ගම් වල මිනිස්සුන්ට දරුවෙකුගේ ඉගනීම නැතුව යනව කියල ගාණක් වත් නෑ මේ මිනිස්සුන්ට දරුවො ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි ගුරුවරයෙක් විදිහට මට බෑ හැමදාම මේ ලමය කැලේ පනින එක බලන් ඉන්න හෙට මම බලනවා ඒ ලමය ඔය කැලේ ඇතුලෙ මොකද කරන්නෙ කියලා..


ඒ විදිහට හිතුව අරවින්ද පහුවදා උදේම බස් නැවතුමට ගියා ඔහු දැක්කා අර දැරිය කලින්ම බස් නැවතුමට ඇවිල්ල ඉන්නවා වෙනද වගේම අරවින්ද රථයේ පිටුපස දොරිනුත් දැරිය ඉදිරිපස දොරෙනුත් බස් රථයට ගොඩ උනා .


එදත් සුපුරුදු ලෙස බස් රථය පාලු කැලය ලගදි නතර වුනා පාසල් දැරිය බස් රථයෙන් බසිනවත් එක්කම අරවින්දත් බස් රථයෙන් බැස්සා ඝන දුම් රොටුවක් හාත් පස විසුරවමින් බස් රථය පිටත් වුනා ඒ වන විටත් දැරිය කැලය තුලට මීටර් පනහක් විතර ගිහින් සිටිනවා දුටු අරවින්ද දැරිය පසු පස යන්න පටන් ගත්තා .


පාලු මූසල කැලය ඇතුලේ බොහෝ දුරක් ආපු දැරිය කැලය ඇතුලේ තිබුණ වතුර පිරුණු මඩ ගොහුරක් වුන වලක් ඇතුලට පනිනවා දැක්ක අරවින්ද දුවගෙන ආවේ දැරියව බේරගන්නයි නමුත් ඔහු මඩ ගොහුර ලගට එනකොටත් දැරියගේ සේයාවක්වත් මඩ ගොහුරේ පේන්න තිබුණේ නෑ අරවින්ද ඉක්මනට එතන තිබුණ අඩි හය හතක් දිග කොටයක් මඩ ගොහුර ඇතුලට දැම්මේ ගොහුරට පනින්න කලින් එහි ජඹුර බැලීමටයි නමුත් කොටය සම්පූර්ණ ඇතුලට දැම්මත් මඩ ගොහුර තවත් ගැබුරු බව ඔහුට තේරුණා එහෙට මෙහෙට මඩ ගොහුර ඇතුලේ තිබුණ කොටය කරකවන විට යම් කිසි දෙයක් කොටයේ පැටලුණ බව අරවින්දට තේරුණා ඔහු ඉක්මණින් කොටය උඩට ගත්තේ පැටලුනේ කුමක්ද බලන්නයි කොටය උඩට එනවත් එක්කම මඩ ගොහුරෙන් එලියට මිනිස් ඇට කටුවක් උඩට ආවා ඒ එක්කම මඩ ගොහුරේ දරුවෙකුගේ යයි කිව හැකි හිස් කබලක් සහ ඇට සැකිලි කොටස් උඩට මතුවෙන්න පටන් ගත්තා.


දැකපු දර්ශනයෙන් බියට පත් අරවින්ද කෑ ගහගෙන කැලයෙන් එලියට දුවගෙන ආවා ඒ එක්කම අරවින්ද දැක්කා අර වලට පැන්න දැරිය මාවතේ අනිත් පැත්තට වී ඔහු දිහා අමුතු විදිහට බලන් ඉන්නවා දුටු දර්ශනය නිසා ඔහුගේ හිස කැරකෙන්නට උනා ඊට පස්සෙ එහෙම්මම අරවින්ද සිහි නැතුව බිම ඇදගෙන වැටුනා නැවත සිහිය එනකොට අරවින්ද සිටියේ රෝහලේ පසුව දැනගත් විදිහට ඔහු සිහි නැතිව ඉන්නවා දුටු ගමේ අයෙක් තවත් පිරිසකගේ උදව්වෙන් තමා අරවින්දව රෝහලට ගෙනත් තියෙන්නෙ 


එදින හවසම රෝහලෙන් නවාතැනට ආපු අරවින්ද තමා ඇඳගෙන සිටිය ෂර්ට් එක ගලවද්දි එක පාරටම හතරට නමන කොලයක් ෂර්ට් එකේ සාක්කුවෙන් වැටෙනවා දැක්කා ඊට පස්සේ අරවින්ද ඒ කොලය දිග ඇරල බැලුවේ මොකද්ද ඒ කොලය කියලා බලන්නයි කොලයේ ලියල තිබුණේ මෙහෙම දෙයක්.


..මගෙ නම සයුරංගි කල්පනී මට වයස දහතුනයි දවසක් බස් එක නැතුව පයින් ඉස්කෝලෙ යනකොට පාලු කැලය හරියදී මගේ පස්සෙන් ආපු කලු මුදලාලි මාමා මාව කැලය ඇතුලට අරන් ගියා කැලය ඇතුලෙදි මගෙ ඇදුම් ගැලෙව්වා මම කෑ ගැහුවා බේරිලා යන්න බැලුවා ඒත් කලු මුදලාලි මාමා මගේ මූණට අත මිට මොලවලා එක දිගට ගැහුවා මට සිහි නැතුව ගියා ආයෙ මට සිහිය එනකොට මගෙ කකුලේ ලොකු ගලක් බැඳලා මාව කැලේ මඩ වල ගාවට ඇදගෙන ගියා මට නැගිටින්නවත් පණක් තිබුණේ නෑ ඊට පස්සෙ කලු මුදලාලි මාමා මාව මඩ වලට විසි කෙරුවා ...


ලිපිය කියවා බලා අරවින්ද ඒ ගමේ සයිරංගි කල්පනී කියලා දැරියක් සිටියද කියලා සොයා බැලුවා ඔහුට දැන ගන්න ලැබුණේ ගමේ දුප්පත් පවුලක ඒ නම සදහන් දැරියක් සිටි බවත් මීට අවුරුදු පහකට පමණ පෙර පාසල් ගිය දැරිය නැවත ගෙදර නොආ බවත් පොලිසිය සහ ගමේ අය එකතු වී දැරියව සෙව්වත් සොයා ගැනීමට නොහැකි වූ බවයි .


එක් දිනක් උදේ පාන්දරම අරවින්ද නිකවැරටිය පොලිස් ස්ථානයට ගියා පැමිණිලි අංශයට ගොස් මෙසේ පැවසුවා.


..සර් මම ගුරුවරයෙක් මගේ ඉස්කෝලෙ දරුවෙක් අතුරුදහන් වෙලා තියෙනවා ඒකට මට සැකයි මම නැවතිලා ඉන්න ගමේ කලු මුදලාලිව මම හිතනවා ඒ මිනිහ ලමයව විනාශ කරල මරලා ඉස්කෝලෙට යන පාරෙ තියෙන කැලේ මඩ ගොහුරක් ඇතුලට දාල කියලා ..


පසුව එදිනම සත් ගුණවත් කලු මුදලාලිව නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරණ විට කලු මුදලාලි දැරියව දූෂනය කර කකුල ගලක බැඳ දැරියව පණ පිටින් කැලේ මඩ ගොහුරට විසි කෙරූ බව ඔහු පාපොච්චාරණ කෙරුවා දැරියක්ව දූෂනය කර මරා දැමූ වරදට කලු මුදලාලි බන්ධනාගාරගත විය ඉන් පසු අරවින්ද ඒ දැරියව කවදාවත් දුටුවේ නැත

නිමි.


Comments

  1. ආනමඩුවෙ ඉඳලා නිකවැරටිය පොලිසියට ගියේ ඇයි? ආනමඩුවෙ පොලිසියක් තියනවනෙ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වික්ටර්

කවන්ධය