මරණයේ විලාපය
"මම අද මැරෙනවා මට මැරෙන්න ඕනේ ඔව් මේ කරුම ජීවිතේ මට එපා වෙලා මේ අතේ තියෙන බ්ලේඩ් එකෙන් ම..මගේ අත කපා ගෙන මැරෙනවා ම..මට මැරෙන්න ඕනේ ..."
එහෙම හිතපු සරත් හිරිපිටිය හාමු මහත්තතයා රැවුල කැපීමට ගෙන ආපු බ්ලේඩ් එකක් දකුණු අතින් අරගෙන හරියටම වම් අතේ මැණික් කටුව ගාවින් තිබ්බා .
" ..හ්ම්ග් ම..මට දකුණු අත හොල්ලන්නවත් බෑ ඇයි මට ඇයි මට මැරෙන්න දෙන්නැත්තේ අනේ මට මැරෙන්න දීපන් "
සරත් හිරිපිටියට දකුණු අතේ තිබුණ බ්ලේඩ් එක චුට්ටක්වත් හොල්ලන්න බැරි වුනා අත හරියට ගල් ගෙඩියක් වගේ වුනා සරත් හිරිපිටිය අපමණ උත්සහයක් දැරුවා තමන්ගේ අත කපා දැමීමට නමුත් සම්පූර්ණ දකුණු අතම එහෙමම ලොක් වෙලා තිබුණේ දකුණු අත ඔහුගේ ශරීරයේ කොටසක් නෙමේ වගේ සරත් හිරිපිටිය කෑ ගැහුවා බෙරිහන් දුන්නා ඒත් ඔහුට අත නම් සෙලවීමට නොහැකි වුනා ඊ ලග මොහොතේ අතේ තිබුණ බ්ලේඩ් එක නිකන්ම බිමට වැටුණා බිමට වැටුණ බ්ලේඩ් එක දිහා බලාගෙන සරත් අඩා වැලපෙන්න ගත්තා .
" අනේ මට මැරෙන්න දීපන් මට වද දුන්නා මදිද "
සරත් හිරිපිටිය කියන්නේ රත්ගම ගම්මානයේ හිටිය පාරම්පරික වලව්කාරයෙක් අක්කර පන්සීයකටත් වඩා වැඩි විශාල ඉඩමක් මැද්දෙ තිබුණු විශාල වලව්වේ තට්ට තනියම තමා සරත් හිරිපිටිය ජීවත් වුනේ කිසිම මනුස්ස ආශ්‍රයක් ඔහුට තිබුණේ නෑ මීට මාස ගාණකට කලින් තමා මේ හැම කරදරයක්ම සරත් හිරිපිටියට එක දිගට ගලාගෙන එන්න පටන් ගත්තේ
වලව්වේ උඩ තට්ටුවෙන් එක පාරටම එක එක සද්ද ඇහෙන්න ගත්තා ඊට පස්සේ කවුදෝ උඩ තට්ටුවේ ඇවිදින හඩ ඇහෙන්න ගත්තා දවසක් ඔහු වලව් වත්තේ ඇවිදිනකොට ඔහු දැක්කා වත්තේ කොණක වල දාල තිබුණ උඩට මතු වෙලා තිබුණ සාරි පොටක් සරත් හිරිපිටිය ඒ සාරි පොට හිමීට උඩට ඇද්දා ඔහුව භීතියට පත් කරමින් සාරි පොටත් සමග පට ලැවිලා මිනිස් ඇට කටු ගොඩක් උඩට ආවා ඒක දැක්ක ගමන් තිගැස්සුන සරත් ආපහු වලව්වට යන්න හැරුණ විතරයි ඔහු දැක්කා වත්තේ හැම තැනම උඩට මතුවුන සාරි පොටවල් සිය ගාණක්
එකින් එක උඩට ඇදපු සරත් ඇටකටු මහ ගොඩක් එකතු කලා ඊට පස්සේ මහ රෑ වෙනකන් ඔට්ටු වෙලා විශාල වලක් කපලා සියලුම ඇට කටු සාරි ටික ඒ වල ඇතුලට දාල පස් දාල වහල දැම්මා.
ඊට පස්සේ සැනසුම් සුසුමක් හෙලලා සරත් වලව්වට ඇවිත් ඇග පත සෝදගෙන අඳින්න ඇදුමක් ගන්න අල්මාරිය ඇරිය විතරයි අල්මාරියේ තිබිලා විශාල ඇට කටු ගොඩක් බිමට වැටුනා ඒ එක්කම එකපාරටම නිවසේ තිබුණ ලාම්පු සියල්ල නිවිලා ගියේ කවුරු හරි එකින් එක ඒවා නිවා දැම්ම වගේ ඝන අන්ධකාරයේ එහෙ මෙහෙ අත ගාල ගිනිපෙට්ටියක් හොයාගෙ ගිනි කූරක් දල්වපු සරත් දැක්කේ මුලු නිවස පුරාම විසිරිලා තියෙන ඇට කටු මර භීතිය පත් වුන ඔහු වහා වලව්වෙන් එලියට යන්න කියලා දොර දිහාට ගියා විතරයි වලව්වේ ඇරල තිබුණ දොර ජනෙල් ඉබේම වැහිලා අගුල් වැටුනා
ඊට පස්සේ සරත්ට තේරුනා කවුදෝ ඔහුගේ ගෙල මිරිකන බව හුස්ම හිරවීගෙන එද්දි නැවත ඔහුගේ ගෙල ලිහිල් කරනවා ආයේ මිරිකනවා සරත්ට මළ මූත්‍ර පවා පිට වුනා ඒත් එක දිගට ගෙල සිරකිරීම බුරුල් කිරීම රෑ එලිවෙනකන් සිද්ධ වුනා පාන්දර සරත් සිහිය නැතිව බිම ඇදගෙන වැටුනා
සිහිය ආපු වෙලාවේ දැනුන අදික කුසගින්න නිසා සරත් අපහසුවෙන් නැගිටලා මුලුතැන්ගෙට ගියේ කෑමට මොනා හරි හදාගන්න ඔහු හාල් දමා තිබුණ විශාල ලැලි පෙට්ටියට අත දැම්ම හාල් ටිකක් ගන්න ඒත් එක පාරම සරත්ට තේරුණා ඔහුගේ අතින් කවුදෝ අදිනව කියලා සරත් හාල් තියෙන පෙට්ටිය දිහා බැලුවම ඔහු දැක්කේ හාල් පෙට්ටියේ මතුවුන ඇට සැකිලි අත් දෙකක් ඔහුගේ අත ලෑලි පෙට්ටිය ඇතුලට ටික ටික අදින බවයි
සරත් ශරීරයේ මුලු ශක්තියම දාලා අත ආපහු ඇද්දා අවසානයේ ඔහුට දරුණු වේදනාවක් අත කරමින් උඩ හම කෑලි කෑලි වලට ඉරා තිබුණ ඔහුගේ අත නිදහස් කර ගැනීමට හැකි වුනා හාල් පෙට්ටියේ හාල් සරත්ගේ ලේ වලින් රත් පැහැ වුනා එදායින් පස්සේ සරත් කෑම කෑවෙ නෑ මොන කෑම හදන්න ගියත් මොනම හරි තුවාලයක් වුනා නැත්නම් හදාගත්ත කෑම එක කාපු ගමන්ම ක්ෂණිකව නැවත් වමනය දාන්න සිදු වුනා දින ගණනාවක් ගත වුනා සරත් ජීවත් වුනේ වතුර පමණක් බීමෙන් කුසගින්න අධිකව දැනුනත් ඒත් ඔහුට කිසිම දෙයක් කෑමට නොහැකි වුනා.
ඒ විතරක් නෙමේ කෑම හදන්න ගිහින් අමනුෂ්‍ය බලපෑමෙන් සිදුවුන තුවාල පැසවලා සැරව ගලන්න ගත්තේ අදික දුර්ගන්ධයක් සරත්ගේ ශරීරයේ ඇති කරමින් සමහර තුවාල වලට පණුවන් ගසා තිබුණා තුවාලයකට බෙහෙතක් කිරීමටවත් යාමට සරත්ට වලව්වේ දොරවල් විවෘත කිරීමට නොහැකි වුනා සරත් තමන්ගේම වලව්ව ඇතුලේ සම්පූර්ණ සිරකරුවෙකුටත් වඩා අසරණ තත්වයකට පත්වෙලා හිටියා.
බ්ලේඩ් එක දිහා බලන් ඉන්න සරත්ට උඩ තට්ටුවේ කාමරයක දොරක් ඇරෙන වැහෙන හඩ එක දිගට ඇහෙන්න ගත්තා ඊට පස්සේ සරත් හිමීට උඩ තට්ටුවේ සද්දය ඇහෙන කාමරය ගාවට ගියා සරත් කාමර ලගට ගියා විතරයි කාමරයේ දොර ඇහෙන වැහෙන එක විතරක් නෙමේ කාමරයේ බඩු මුට්ටු එහෙ මෙහෙ විසිවෙන්න පටන් ගත්තා සරත් හිරිපිටිය ඒ කාමරේ දිහා බලාගෙන හෙමීට තොල් මතුරන්න ගත්තා.
" මම දන්නවා නංගියේ උඹ තමා මේ ඔක්කොම කරන්නේ අනේ මට හැම දේටම සමාව දීලා මට මැරෙන්න දියන් අනේ පින් සිද්ධ වෙයි මට මැරෙන්න දියන් "
සරත් හිරිපිටියගේ එකම නංගිට ඕන උනේ නගරයට ගිහින් හොදින් ඉගෙන ගන්න සරත් සහ සරත්ගේ පියා ඊට අනුමැතිය ඇයට දුන්නේ තම පවුලට අවනම්බු වෙන වැඩ කිසිවක් කරන් නෑ කියන පොරොන්දුව ඇයගෙන් ලබා ගනිමින් ඒ වන විට සරත්ගේ මව මිය ගොස් සිටියේ කාලය ගත වුනා සරත්ගේ නැගණිය හොදින් අධයාපනය හමාර කලාට පසු ඇයට සරත් සහ ඔහුගේ පියා තවත් වලව්කාර තරුණයෙක්ව විවාහ කර දීමට සැරසුනා මංගල්‍ය පැවැත්වෙන දින දක්වා ඇය කිසිම අකමැත්තක් ඒ විවාහයට පෙන්නුවේ නෑ නමුත් විවාහ මංගල්‍ය පැවැත්වෙන දින පාන්දර ඇය ඇයගේ විශ්වවිද්‍යාලයේ සිටි පෙම්වතෙක් සමග පලාගොස් සිටියා
ඇගේ පලා යාමේ පුවත ආසා ඇති වුන අවනම්බුව දරාගත නොහැකිව සරත්ගේ පියා සියදිවි නසා ගත්තා තම පියාගේ මරණයෙන් ඇති වුන කෝපය නිසා සරත් තම පියාව භූමදානය කර පසු දිනම නැගණිය සොයා ගියා තම පෙම්වතා සමග යන දිහා ගැන ලිපියක් ඇය ලියා තබා ගිය නිසා සරත්ට අපහසුවකින් තොරව නැගණියව සහ ඇගේ පෙම්වතා සොයා ගත්තා
ඉන් පසු සරත් ඔවුන් දෙදෙනාව මුලා කොට වලව්වට ගෙන ඇවිත් එක් රාත්‍රියක නැගණියගේ පෙම්වතාව පොරවකින් අමානුෂික ලෙස කපා කොට ඝාතනය කර සිරුර වලව් වත්නේ වල දානව ඉන් පසු නැගණියට කෑම බීම කිසිවක් නොදී කුසගින්නේම මිය යාමට සලස්වා ඇගේ සිරුරද වලව් වත්තේම වල දානව.
එක් වරම කාමරයේ දොරේ චලනය නතර වෙනවා කාමරයේ බඩු මුට්ටු එහෙ මෙහේ පාවීම නතර වෙනවා ඒ එක්කම කාමරයේ මුල්ලකින් මතු වුන භයානක මුහුණක් ඇති තරුණියක් සරත් දෙස බලා ගෙන මහ හඩින් වියරු ලෙස සිනා වෙන්න පටන් ගත්තා කාමරයේ දොර ලග දණ ගසා ගත් සරත් තරුණිය දෙස බලාගෙන කදුලු වගුරමින් වැලපෙන්න ගත්තෙ මෙලෙස පවසමින්.
" අනේ නංගියේ මාව මරපන් නංගියේ නැත්නම් මට මැරෙන්න දීපන් නංගියේ අනේ නංගියේ"
වියරු ලෙස සිනාවෙන තරුණිය සරත්ට මේ විදිහට කියන්න ගත්තා .
" උඹ තව දුක් විඳින්න ඕනෙ අයියේ තව මදි දුක් වින්දා.."
සරත් බෙරිහන් දුන්නා කෑ ගැහුවා තමන්ට මැරෙන්න ඕනෙ කිව්වා තමන්ව මරන ලෙස බැගෑපත් වුනා ඒත් සරත් ගේ කට හඩ පරදවා වලව්වේ දෝංකාරය දුන්නේ තරුණියගේ වියරු සිනාව පමණමයි.
නිමි
Comments
Post a Comment