එක් අඳුරු කතාවක්

දවසම චුරු චුරු වැස්ස ඉවරයක් නෑ කල්ප වැස්ස දිහා කාමරේට වෙලා ටික වෙලාවක් බලන් ඉදල පරිගණක නැවත සැරයක් ක්‍රියාත්මක කරල අන්තර්ජාලයට සම්බන්ද වුනා ප්‍රසිද්ධ බ්ලොග් අඩවියකට සම්බන්ද වෙලා ලිපි දෙක තුනක් කියවගෙන යද්දි ඔහුට ඉබේටම මේ විදිහට කියවුනා . " බ්ලොග් එකකට මාත් ලියනවා සල්ලි දෙනවනම් මොකෝ නිකන් මිනිස්සුන්ට කියවන්ඩ දුන්න කියල මට වැඩක් තියෙනවද මගෙ කාලය අපරාදෙ හිතේ සතුට විතරක් තියෙයි " එතකොටම කල්ප දැක්ක ඔහුට ඊ මේල් එකක් ආව කියලා ඔහු ඒ ඊමේල් විවෘත කලා ඒ ඊමේල් එක එවල තිබුණේ ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් ඔවුන්ට නිර්මාණාත්මකව ලියන කෙනෙක් අවශ්‍යයයි කියල සහ කල්ප ගේ යම් යම් ලිපි නිර්මාණ ඔවුන් දැක ඇති බවත් හෙට දිනයේ උදෑසන ඔවුන්ට දුරකථන මාර්ගයෙන් කතාකිරීමට දුරකථන අංකයකුත් කල්පට එවල තිබුණ. "... යකෝ මාරයිනේ මේ හිතුව විතරයි මේන් ලියන්ඩ කතා කරනවා මගෙ අද දවස හොදයි . කෝල් එකක් දෙන්න ඕනෙ හෙට උදේම මේ නම්බර් එකට ..." එහෙම හිතල ඊලගට ඔහු එදින පැවැත්වෙන ක්‍රිකට් තරගයක් නරඹන්න පටන් ගත්තා ඉන්දියන් ක්‍රීඩකයෙක් දිගට හරහට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු රැස් කරනවා දුටු කල්පට ඉබේටම මෙහෙම කියවුනා . " ඉන...