එක් අඳුරු කතාවක්
දවසම චුරු චුරු වැස්ස ඉවරයක් නෑ කල්ප වැස්ස දිහා කාමරේට වෙලා ටික වෙලාවක් බලන් ඉදල පරිගණක නැවත සැරයක් ක්‍රියාත්මක කරල අන්තර්ජාලයට සම්බන්ද වුනා ප්‍රසිද්ධ බ්ලොග් අඩවියකට සම්බන්ද වෙලා ලිපි දෙක තුනක් කියවගෙන යද්දි ඔහුට ඉබේටම මේ විදිහට කියවුනා .
" බ්ලොග් එකකට මාත් ලියනවා සල්ලි දෙනවනම් මොකෝ නිකන් මිනිස්සුන්ට කියවන්ඩ දුන්න කියල
මට වැඩක් තියෙනවද මගෙ කාලය අපරාදෙ හිතේ සතුට විතරක් තියෙයි "
එතකොටම කල්ප දැක්ක ඔහුට ඊ මේල් එකක් ආව කියලා ඔහු ඒ ඊමේල් විවෘත කලා ඒ ඊමේල් එක එවල තිබුණේ ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් ඔවුන්ට නිර්මාණාත්මකව ලියන කෙනෙක් අවශ්‍යයයි කියල සහ කල්ප ගේ යම් යම් ලිපි නිර්මාණ ඔවුන් දැක ඇති බවත් හෙට දිනයේ උදෑසන ඔවුන්ට දුරකථන මාර්ගයෙන් කතාකිරීමට දුරකථන අංකයකුත් කල්පට එවල තිබුණ.
"... යකෝ මාරයිනේ මේ හිතුව විතරයි මේන් ලියන්ඩ කතා කරනවා මගෙ අද දවස හොදයි .
කෝල් එකක් දෙන්න ඕනෙ හෙට උදේම මේ නම්බර් එකට ..."
එහෙම හිතල ඊලගට ඔහු එදින පැවැත්වෙන ක්‍රිකට් තරගයක් නරඹන්න පටන් ගත්තා ඉන්දියන් ක්‍රීඩකයෙක් දිගට හරහට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු රැස් කරනවා දුටු කල්පට ඉබේටම මෙහෙම කියවුනා .
" ඉන්දියන් කාලකණ්නිය බෝලයක්වත් ඕකගෙ ඔලුවෙ වදින් නෑනේ "
එහෙම කිව්ව විතරයි පන්දුවක් වේගයෙන් ඇවිත් ඉන්දියන් ක්‍රීඩකයාගේ ගෙල හරහා අනපේක්ෂිතව වැදී ඔහු ඇද ගෙන වැටුනා ඒ දුටු කල්ප විශ්මයට පත් වුනා .
"....යකෝ මට කියල කට ගන්න හම්බ වුනේ නෑනේ හොඳ්ඳ වැඩේ ඉන්දියන් පරයට ..."
තවත් පැය භාගයකට පසු තරගය නිමා වුනේ වර්ෂාවක් ඇද හැලුන නිසයි ඉන්පසු කල්ප ඔහුගේ ෆේස් බුක් පිටුව මතට පැමිණියා එහි යම් වෙලාවක් උඩට පහලට ගිය ඔහු එක්වරම දුටුවා ඔහු ඉගනීමට යන ටියුෂන් පංතියට අලුතෙන් ආපු ඔහුට හිත ගිය ගැහැණු ලමයෙක්ගේ ඡායාරූප පෙලක් කල්ප ඇයගේ ෆේස් බුක් පිටුවේ ඇති ඇගේ ඡායාරූප හැමදාම වගේ බැලීමට පුරුදු වෙලා හිටියේ ඇගේ සුන්දරම ඡායාරූප දෙස වශී වෙලා වගේ පැය බාගෙකට වඩා බලාගෙන හිටියා ඊට පස්සේ ඔහුටත් නොදැනිම මෙසේ කියවුනා.
" පට්ට කෑල්ල මේක මට දා ගන්න පුලුවන් උනොත් මගෙ සෙට් එකේ කොල්ලො ටික ඊරිසියාවේ පැලෙයි "
එහෙම කියවෙලා තත්පර දෙකක්වත් ගියේ නෑ ඒ තරුණියගෙන් කල්පගේ ෆේස් බුක් මැසේන්ජර් එකට ලස්සන ලස්සන ඡායාරූප රාශියක් ගලා ආවා .
" අඩේ මේකි මට කැමතියි වගේ නැත්නම් මට පොටෝ එවයිද දැන්ම ටයිප් කරල දානව අයි ලව් යූ කියල නැත්නම් වෙන එකෙක් කොක්ක ගහයි "
එහෙම හිතල ඔහු එය ඇයට ටයිප් කර යෑව්වත් සමගම ඇය ඔහුට පිලිතුරක් එව්ව ඇයත් ඔහුට ආදරය කරන බව පවසා කල්පට ඒක දැකල පුදුම සතුටක් ඇති වුනේ .
" ...මාරයි කොල්ලො ටිකට දැන්ම දාන්න ඕනේ මේකි එවපු පොටෝ ටිකයි මැසේජ් එකයි ස්ක්‍රීන් ෂොට් එකක් ගහල උන්ට පිස්සු හැදෙයි ක්ලාස් එකට එන එන ලස්සන කෙල්ල මම දාගන්න එකට මම මේකිව දැකපු දවසෙම හිතුව කොහොම හරි සෙට් කරගෙන රූම් එකකට අදිනව කියල දැන් ඉතින් හරි ඉස්සරහට මේකිව දිගට හරහට රූම් ගානේ අදින්නයි තියෙන්නෙ "....
ඊට පස්සෙ කල්ප තව තව මැසේජ් ඇයට යැව්වත් ඒ වන විට ෆේස්බුක් එකෙන් ඇය ඉවත් වී තිබුණ ඉන්පසු ඇය එවූ ඡායාරූප සියල්ල තම මිතුරන් සියල්ලටම යැව්වේ මෙවැනි වදනකුත් එකතු කරලයි .
**මේන් බලපල්ලා පන්තියේ ලස්සනම කෑල්ලත් මම දාගත්තා *
ඉන්පසු ඔහු වීඩියෝ ගේම් කිහිපයක් සෙල්ලන් කරලා නිදා ගත්තා පසු දින පාන්දරම ඔහු අවදි වුනේ එක දිගටම ඇහෙන ජංගම දුරකථනයේ නාදය හින්දයි දුරකථනය අතට ගත් ඔහු ඇමතුමට සවන් දුන්නා අනෙක් පසින් කල්පට ඇමතුවේ ඔහුගේ හොදම මිතුරායි .
"""" කල්ප මොකක්ද බල්ලෝ කරල තියෙන සක්කිලි වැඩේ """"
" ඇයි මචං මොකක්ද අවුල "
"""""අවුල ..අවුල උඹ දන්නෙම නැද්ද තෝ පරය ආයේ පාරකවත් හම්බ වෙන්ඩ එපා තොට මැරෙනකන් ගහනවා.. ආයේ අපේ යාලුවෝ එකෙක්වත් නෑ තොට තෝ මහ බල්ලෙක් යකෝ අපිට ගෙවල් වලට මූණ දෙන්න බෑ යකෝ තෝ කරපු වැඩේට """"""
" අනේ මචං මට තේරෙන් නෑ උඹ කියන දේ මට පැහැදිලි කරපන් මම මොකක්ද කරපු වරද කියලා "
""" වරද.. ත්..තෝ බලපිය තොගේ fbඑකවුන්ට් එක පරයා ත්තෝ දැන්ම හොද හිතින් ඩිලීට් කරපිය දාල තියෙන පොටෝ ටික ඊට පස්සෙ තෝ නිකමටවත් පාරෙදි අපිට හම්බ වෙන්න එපා තොගෙ දත් ගලවනවා """""
තවත් කුණුහරුප රැසක් කියලා කල්පගේ මිතුරා ඇමතුම විසන්ධි කෙරුවා ඉන්පසු කල්ප වහා කොම්පියුටරය ක්‍රියාත්මක කර අන්තර්ජාලයට සම්බන්ධ වී ඔහුගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කෙරුවා පෙර දින රාත්‍රියේ කල්පගේ ෆේස් බුක් පිටුවට දිනක් ඔහු රූගත කල මිතුරන් මත්පැන් ගංජා බිබී නිරුවතින් නැටූ ඡායාරූප රැසක් සහ වීඩියෝවක් එක් කර තිබුණා දුටු දේ නිසා විමතියට පත් වූ කල්ප වහා එම ඡායාරූප සහ වීඩියෝව ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කලා
නමුත් මද වේලාවකින් නැවතත් ඒ වීඩියෝව සහ ඡායාරූප ඔහුගේ ෆේස්බුක් පිටුවේ පෙන්වන්නට උනා නැවත නැවත මකා දැමුවත් එය නැවත නැවත පෙන්වන්නට උනා .උදේ දහය හමාර වනකනුත් ඔහුට ඒ ඡායාරූප සහ වීඩියෝව ඉවත් කල නොහැකි වුනා එක්වරම ඔහුට මතක් වුනා පෙරදින වෙබ් අඩවියකට කතා කිරීමට දුරකථන අංකයක් එවූ බව ඔහු මදකට සියල්ල අමතක කර ඒ දුරකථන අංකයට ඇමතුවත් අනෙක් පසින් ඇමතූ තැනැත්තා පැවසුවේ ඔවුන්ට ඇති තරම් ලියන්නෝ සිටින බවත් දැනට කිසිවෙක් ඔවුන්ට අවශ්‍යය නොවන බව හා ඔවුන් කිසිවෙකුට එවැනි ඊ මේල් එකක් එව්වෙ නැති බවයි .
එය අසා කල්ප ඔහුගේ සියලු ඊමේල් සියල්ල පරීක්ෂා කලත් එවැනි ඊමේල් එකක් තිබුණේ නැත
" යකෝ මාර වැඩක්නේ මම ඊයේ හීනයක් වත් දැක්කද මොනාද මේ වෙන්නේ "
එසේ සිතූ කල්ප පෙර දින බැලූ ක්‍රිකට් තරගාවලිවෙන්නෙ පරිගණකයෙන් සොයා බලන විට ඔහු දැක්කේ පෙර දින සිදු වූ අකාරයට නොව වෙනත් ආකාරයකට ඒ තරගාවලිය නිමා වී තිබුනු බවයි ඒ වගේම කිසිම ක්‍රීඩකයෙකුට පන්දුවෙන් පහරක් වැදී තිබුනේද නැත.
වෙන එකක් තබා එම තරඟයෙන් ශ්‍රී ලංකා පිල විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගෙන තිබිණ.
" ඒයි අයියේ ආන්න තමුසෙව හොයාගෙන යාලුවෙක් ගෙදරට හැරෙන තැන ඉන්නවා ගිහින් බලනවා ගෙදරට එන්න බැරිලු ඌට "
තම නැගණිය පැවසු දේ අහල කල්ප ගියා කවුද ඔහුව හොයාගෙන ආපු ඔහුගෙ මිතුර කියලා බලන්න කල්පගේ නිවසට හැරෙන පාර ලග ඔහු නොදන්නා තරුණයෙක් සිටියා කල්ප ඔහු ලගට යනවාත් එක්ක කල්පගෙ ඇඳගෙන හිටිය ෂර්ට් එකෙන් ඇදල අරන් ඔහුගේ කම්බුල හරහා චට පට ගාලා පහරවල් කීපයක් එල්ල කෙරුව ඒ තරුණයා .
"හිරුෂි කියන්නෙ මගෙ නංගි යකෝ තෝ ඊයේ රෑ මගෙ නංගිට කුණුහරුප මැසේජ් එවල තිබ්බ ඒකට තොට ගැහුවේ ආයෙ ඒකිට මැසේජ් කලොත් තොගෙ කලිසම ගලවනව ඔලුවෙන් ඒක දැනගනින් පරයා "
එහෙම කියල කකුලෙනුත් කල්පට දිගට හරහට ගහල ඒ තරුණයා යන්න ගියා . රිදුම් දෙන ශරීරය අත ගාමින් තරුණයා යන දිහා බලන් හිටපු කල්ප අපහසුවෙන් තම කාමරයට ආව නැවත ෆේස්බුක් පිටුවට පැමිණි විට ඔහු දැක්කේ ඔහුගේ සියලු මිතුරන් ඔහුගේ පිටුවෙන් ඉවත් වී ඇති බවයි මැසේන්ජර් සෝදිසි කරන විට කල්ප දුටුවේ ඔහු විසින් ඔහුගේ ටියුෂන් පන්තියට අලුතෙන් පැමිණි යුවතියට අසභ්‍ය මැසේජ් යවා ඇති බවයි .
" හරිනෙ මම ඒ කෙල්ලට කුණුහරුපනේ යවලා තියෙන්නේ ඒත් මේ එකක්වත් මම කරපු දේවල් නෙමේනේ මොකෙක්වත් හැක් කරලද "
කල්පට හිතාගන්න බැරිවුනා මේ දේවල් මේ ආකාරයට වෙන්නෙ ඇයි කියලා එදින රාත්‍රි වෙනකන් ඔහු තම පරිගණකයෙන් තම ෆේස්බුක් ගිණුම ඊමේල් සියල්ල නැවත සකසා මදක් විවේක ගත්තා එක්වරම කල්පගේ කාමරයේ ජනෙල් පියන් වලින් යම් ශබ්දයක් ඇහුන නිසා ඒ පැත්ත බැලුව ඒත් ශබ්දය ආවෙ මොකෙන්ද කියලා හිතා ගන්න බැරි වුනා එනිසා නැවත තම දෑස් පරිගණකයේ තිරය දෙස යොමු කල සැනින් ඔහු තිගැස්සී ගියා .තිරයේ මෙවැනි වැකියක් ලිය වී තිබුණ.
** කරපු පව් වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙයන් **
කල්ප කලබලයෙන් පරිගණකය වසා දැමුවා නමුත් තත්පර කීපයකින් එය නැවත ක්‍රියාත්මක වී එහි තිරය මත යමක් ලිය වෙන්නට වුනා කී බෝඩ් එකෙන් ඇහෙන ටකස් ටකස් හඩ සහ තිරයේ ලියවෙන අකුරු දැක් කල්පගේ මුලුශරීරයම වෙව්ලන්නට පටන් ගත්තා ඔහුට තේරුනා දාඩිය දැමීම නිසා මුලු ඇඟම තෙත් වෙලා බව එක දිගට තිරය මත මෙවැනි දේවල් ඉබේම ලියවුනා .
* උඹ පාහරයෙක්*
* උඹට අද මගෙන් බේරෙන්න වෙන් නෑ *
*ආදරයත් සෙල්ලමට ගන්න උඹ තිරිසනෙක් *
දුටු දේ නිසා බියට පත් කල්ප පරිගණකය යට සම්බන්ධ කර තිබූ ප්ලග් වයරය ගලවා දමා අසල තිබූ ඇඳේ දිගා වී හිසේ සිට පොරෝනයක් දමා ගත්තා ඒත් එක්වරම පරිගණකය ඉබේම විදුලි සම්බන්ධයත් නැතුව ක්‍රියාත්මක වුනා කල්පගේ පොරෝනය කවුදෝ ඇදල වීසි කර දමන ආකාරය කල්ප දැක්කා ඒ එක්කම පරිගණකයේ තිරය දුටු ඔහු වෙව්ලමින් රහසින් වගේ අඩන්න පටන් ගත්තා කල්ප පරිගණකය දෙසට වැඳගෙන මට සමාවෙන්න කියල එක දිගට ඇඩුවා පරිගණක තිරය මත තිබුණේ හංසි චමෝදි කියල නමක්
කල්පට දැනුන කවුදෝ නොපෙනෙන අතකින් ඔහුගේ කෙස් වැටියෙන් අල්ලා උඩට උස්සනව වේදනාවෙන් මිරිකෙමින් කල්ප ඇඬුවා ඊට පස්සේ නලල පැලිල ලේ වැගිරෙනකන් ඔහුගේ හිස ඒ නොපෙනෙන බලවේගය බිත්තියේ ගැසුවා දැනෙන වේදනාව නිසා තවත් ටික වෙලාවකින් කල්ප සිහිනැතුව බිම ඇදගෙන වැටුන
නැවත කල්පට සිහිය ආවේ බොහෝ වෙලාවකට පසු නලලෙන් ගලන ලේ නතර වී තිබුණ සිහිය ඇවිත් ඇස් අරින විටම කල්පගේ ජංගම දුරකථනය ඔහු වෙත ඉබේම ඇදී ආවා ඉන්පසු එහි තිරය මත මෙවැන්නක් ඉබේම ලියවුනා
××× දැන්ම මේ එවන පොටෝ උඹ ඉන්ටර්නෙට් එකට දාපන් දැන්ම නැත්නම් තෝව කෑලි කෑලි වලට ඉරනවා ×××
ඒ එක්කම ඡායාරූප රාශියක් කල්පගේ දුරකථනයට ආව කල්ප ඒ ඡායාරූප දැක එක දිගට හඩන්නට ගත්තා එහි තිබුණේ කල්පගේ නැගණියගේ නිරුවත් ඡායාරූපයි .
" මට බෑ..මට..බෑ"
කල්ප දිගටම ඇඩුවා එක්වරම ඔහුගේ කණට කර භයානක කාන්තා කට හඩක් මේ විදිහට කිව්වා.
""" උඹට මේව අලුත් දේවල් නෙමේ කල්ප අලුත් දේවල් නෙමේ කරපන් මම කියන දේ කරපන් """""
අවසානේ තම ජීවිතය රැක ගැනීමට කල්ප තම නැගණියගේ නිරුවත් ඡායාරූප සියල්ල අන්තර්ජාලයට මුදා හරිනවා ඊට පස්සෙ කාමරේ මුල්ලකට වෙලා මහ හඩින් හඩා වැටෙන්න පටන් ගත්තා අඩල අඩලම කල්පට නින්ද ගියා උදේ පාන්දර දොරට ගහන හඩකින් කල්ප අවදි වුනා
පිටත ඔහුගේ තාත්තා හඩාවැලපෙන හඩ ඔහුට ඇහුනා කල්ප දොර ඇරියේ නෑ ඔහුත් හඩා වැටුනා .
" අනේ පුතේ නංගි වහ කාල මැරුණ පුතේ කවුද බල්ලෙක් නංගිගේ ජරා පිංතූර ඉන්ටර්නෙට් එකේ දාල අනේ දෙයියනේ හයියෝ මගෙ කෙල්ල "
කල්පගේ පියා ගේ හඩ නෑසී ගියාට පසු කල්ප කාමරේ දොර ඇරගෙන එලියට ආවා ඔහුගේ පියා රැකියාව සදහා යාමට ලෑස්ති වෙනවා දුටු ඔහු විමතියට පත් වුනා මුලුතැන්ගෙට යන විට ඔහුගේ මව කෑම පිසිමින් සිටියා ඔහුගේ නැගණිය මවට උදව් කරමින් සිටින ආකාරය දුටු කල්පටත් නොදැනී ඔහුගේ ඇස්වලට කදුළු ඉනුවා .
ඒ එක්කම කල්පට ඇහුනා ඔහුගේ කණට කරලා භයානක කාන්තා කට හඩින් නැවතත් මෙහෙම කිව්වා.
"""" මම උඹ වගේ පාහර විදිහට හැදුනේ නෑ මට උඹට වගේ පාහර වැඩ කරන්නත් බෑ තෝ දන්නවද මාත් එක්ක තෝ යාලු වෙලා මාව තැන් තැන්වල එක්ක ගිහින් බලෙන් මගෙ පොටෝ අරන් තෝ ඒව වික්ක මට කිසිම කෙනෙකුට මූණ දෙන්න බැරි වුනා තොපි පිරිමි මොන වැරුද්ද කෙරුවත් සමාජයට ගාණක් නෑ තොපිට ආදරේ කරල අපිට වැරදුනාම මුලු සමාජෙම අපිව කොන් කරනව බල්ලෝ හැම නින්දා අපහාසයක්ම විදලාඅවසානේ මට එල්ලිල මැරෙන්න වුනා යකෝ දැන් තෝ පිලිගනු කරපු වැරැද්ද ගෙදර හැමෝම ඉස්සරහ """""
එහෙම කියල ඉවර වුනාට පස්සේ කල්පට තේරුණා ඔහුගේ ගෙල ටිකෙන් ටික සිරවෙනවා ඊට පස්සෙ කල්ප අපහසුවෙන් තතනමින් මෙහෙම කිව්වා.
"..ආග්..ම්..මම..කි..කියන්න..ම් ඕ..ඔක්කෝම..කියනවා...ක්කියනවා..."
එහෙම කියනවාත් එක්කම ඔහුගේ ගෙලට පහසුවක් දැනුනා ඉන්පසු කල්ප තම පවුලේ හැම දෙනාටම තමා කල අසික්කිත වැඩේ හෙලි කෙරුවා හංසි ගේ නිරුවත් ඡායාරූප වීඩියෝ වෙබ් අඩවියකට විකුණා මුදල් ලබාගත් අයුරු ඇසූ ඔහුගේ පියා වියරු වැටී ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගෙදරින් එලවා දැමුවේ නැවත කිසි දිනක නිවසට නොපැමිණෙන්නයි කියාය
කල්ප නිවසින් එලියට බහිනවාත් එක්කම පොලිස් ජීප් රථයක් ඇවිත් ඔහුව අත්අඩංගුවට ගත්තා
හංසි චමෝදි ගේ මරණය සම්බන්ධයෙන් ඇය මිය යන විට ලිපියකින් ලියා තිබුණ ඇයගේ මරණයට කල්ප වග කිව යුතු බවට.. සියල්ල අවසානේ බන්ධනාගාරගත වීමට සිදු වුන කල්ප මහ රෑට යටි ගිරියෙන් බෙරිහන් දෙනවලු සමහර වෙලාවට අඩ අඩා කාගෙන්දෝ සමාව ඉල්ලනවලු සමහර වෙලාවට ඇඟේ තැන් තැන් කපාගෙන ලේ වලින් බන්ධනාගාර බිත්තිවල අන්තර්ජාලයට සම්බන්ධ වෙන ඔහුගේ රහස් අංකය ලියනවලු .
....... නිමි...............
Comments
Post a Comment