කවන්ධය
රාස්සගල ගමේ තිබුණ එකම විශාල රබර් වත්තේ ඔලුව නැති මළමිනියක් තියෙනවා කියන එක මුලු ගමම දැන ගන්න වැඩි වෙලා ගියේ නෑ ඉදිමිලා ගඳ ගහන ඇඟේ නූල් පටක්වත් නැතී මිනිය කාගෙද කියලා අඳුරගන්න කාටවත් බැරි වුනා .
ගමේ ඉදලා කිලෝ මීටර් දහයක දොලහක දුරින් තිබ්බ පොලිස් ස්ථානයෙන් විමර්ශනය සදහා ආවේ හවස පහත් පහු වෙලා මොකද එකම වාහනයක් තිබ්බ ඒ පොලිසියේ තිබ්බ එකම රථයත් බොහෝ වෙලාවට කැඩෙනවා ඉතින් කොහොම හරි හවස් වෙලා ආපු පොලිස් නිලධාරින් ගෙන් එක් අයෙක් මරණ පරීක්ෂක හෙට දිනයේ එනකන් එතන රැඳ වූවා .
" රත්නපාල තමුසෙට බයක් නෑනෙ නේද ගමේ කෙනෙකුත් රෑට එයි තනියට ඊටත් දැන් කලුවර වැටෙනවා හෙට උදේම මේ බොඩි එකේ හිස කොටස හොයා ගන්නත් ඕනේ "
ප්‍රධාන පොලිස් නිලධාරියා රත්නපාලට එහෙම කිව්වා
" ආපෝ බයක් නෑ සර් මෙහෙම තැන් වලද කිලිනොච්චියේ වඩමාරච්චියේ හිටියේ කවුරුවත් ආවෙ නැතත් ප්‍රශ්නයක් නෑ සර් මම බලා ගන්නම් "
ඊට පස්සෙ පොලිස් නිලධාරීන් යන්න ගියා ඒ එක්කම ගමේ පිරිසත් එකා දෙන්නා ගෙවල් වලට යන්න ගියා රබර් වත්තේ අවසානෙට රත්නපාලත් හිස නැති මළමිනියත් පමණක් ඉතිරි වුනා.
……………………………………………………………
" දැන් ඔහේ යන්නද ඔය හදන්නේ "
මාතුපාලට කහට කෝප්පයක් දික් කරන ගමන් ඇග්නස් එහෙම ඇහුවා.
" ඔව් මට ග්‍රාම සේවක මහත්තයා කීවා ගොහින් මළමිනියට තනි රකින්න කියලා පොලිසියේ එක මහත්තැන් කෙනෙක් විතරලු ඉන්නේ "
" අනේ මන්ද වැඩ නැතුවට ද ඔය .මළමිනී රකින්න ගිහින් මොන විජ්ජුම්බර වෙයිද කියලා මම දන් නෑ ඕන් "
" මළ මිනියක් රැක්ක කියලා මොනා වෙන්නද ගෑණියේ "
නොරිස්සුමෙන් එහෙම කියලා මාතුපාල ගෙදරින් එලියට බැස්සා .ගොම්මන් යාමේ වැව් කණ්ඩිය උඩින් රබර් වත්ත පැත්තට යනකොට මාතුපාලට තේරුණේ කවුරුම හරි ඔහු පස්සෙන් එනව කියලා ඒත් වැඩිය ඔහු ඒ ගැන හිතන් නැතුව පය ඉක්මන් කරල රබර් වත්ත පැත්තට ගියා .
" තමුසෙද මාත් එක්ක රෑ ගත කරන්න ආවේ "
මාතුපාලව දැක්ක ගමන් රත්නපාල රාලහාමි ඇහුව.
" ඔව් සෑර් මට ග්‍රාමසේවක මහත්තය කීවා මෙතනට එන්ටය කියලා මේ ගමේ එකාලට මළ මිනියක් ලඟ තනි රකින්න තරම් හිත හයියක් නෑ "
" තමුසෙගෙ ගමේ බය ගුල්ලොද එතකොට ඉන්නේ තමුසෙ විතරයි වීරයා එහෙමද..?"
" වීරකමක් නෙමේ මහත්තයෝ මේ ගමේ එකාලට මේව පුරුදු නෑ මම වැඩ කරන්නේ ටවුමේ මල් ශාලාවේ මට ඉතින් මළ මිනී හොදට පුරුදුයි මේව කපන එකත් මහ කජ්ජක් නෙමේ "
මාතුපාල මළසිරුර දිහාට අත දික් කරගෙනම කිව්වා.ඊට පස්සෙ වටේ පිටේ තිබ්බ රබර් දර කොටන් ටිකක් හොයාගෙන මාතුපාල ඒ අසලින්ම ගිනි ගොඩක් ගැහුවා රෑ දොළහ විතර වෙනකොට මාතුපාල එතනම තිබුන ගල් පොත්තකට වෙලා ගොරොද්දෙ අදින්න ගත්තා රත්නපාල රාලහාමි නිදාගන්න කියලා හැදුවත් නින්ද අහලකටවත් ආවෙ නෑ ඔක්කොටම හපන් මදුරු කරදරයක් තිබුණේ යාන්තන් ඇහැ පිය වෙන්න වගේ ආපු වෙලාවටත් කණ ලගින් ඇහෙන මදුරුවන්ගේ කීන් සංගීතේට ආයෙ නින්ද කැඩෙන එක වුනේ
හවස් වරුවේ කාපු දෙයක් නිසා එක පාරටම බඩ රිදෙන්න ගත් රත්නපාල රාලහාමී බඩත් අල්ලගෙන මාතුපාල ලගට ගියා.
" ඕයි නැගිටිනවා මගෙ මේ බඩ පොඩ්ඩක් අප්සෙට් මේ හරියෙ වතුර පාරක් තියෙනවද ?"
නිදිමර ගාතෙම මාතුපාල " ඕන් ඔය පැත්තෙ ඇළක් තියෙනව සෑර් " කියලා එහෙම්මම අනිත් පැත්තට හැරිල නිදා ගත්තා.
රත්නපාල රාලහාමී මාතුපාල අත දික් කරල පෙන්නුව පැත්තට ඉක්මන් ගමනින් ඇදෙන කොට මළ මිනිය යම්තමට හෙල වෙන එක දැක්කෙ නෑ .
පැය කාලකට පස්සේ ශරීරකෘතය කරල ආපු රත්නපාල රාලහාමිගේ ඇස් විශාල වුනා දැකපු දේ නිසා එතනම ගොරොද්දෙ අදින මාතුපාල ලගට ගිහින් රත්නපාල රාලහාමි බෙරිහන් දුන්නා .
" ඒයි නැගිටපන් යකෝ නැගිටපන් බලපන් මෙතන වෙලා තියෙන දේ "
මාතුපාල ඈනුමක් ඇරල ඇඟ මැලි කඩල රත්නපාල රාලහාමි දිහා බැලුව.
" ඇයි සැර් මොකද වෙලා තියෙන්නේ "?
" යකෝ උඹට පේන්නැද්ද යකෝ වෙලා තියෙන නස්පැත්තිය බලපන් හොදට ඇස් ඇරලා
මිනිය නෑ යකෝ ..මිනිය නෑ .."
ඇඒ වෙලාවෙ තමා මාතුපාලත් මළසිරුර තිබුන තැන දිහා බැලුවේ ඒ වන විට මළසිරුර අතුරුදන්වෙලා තිබුණ.
**********************************
ඇග්නස්ට රෑ දොළහ හමාරට විතර කවුදෝ ගේ වටේ ඇවිදින සද්දයක් ඇහිල ඇහැරුනා බර අඩි තිය තියා ඇවිදින්නෙ තනි මිනිහෙක් කියලා ඇග්නස්ට තේරුනා .
" කවුද..මාතුපාල ඔයාද ඔය එලියෙ ඉන්නෙ "??
ඇග්නස් ගේ ඇතුලෙ ඉදන් මහ සද්දෙන් ඇහුවා එක පාරටම ඇවිදින හඩ නතර වුනා ඇග්නස් දොර ලගට ගිහින් දොරට කන තියලා බැලුවේ තාමත් ඒ හඩ එනවද කියලා එකපාරම දඩ දඩ ගාල දොරට ගහන්න ගත්ත සද්දයක් නිසා ඇග්නස් දොර ලගින් විසි වෙලා වැටුනේ ඇති වුන බය නිසාමයි .
" ක..කවූද..කි කියපල්ලා..ම්..මා..මාව බය ක.ක.රන් නැතුව මාතුපාල..ඔයා නේද ඔය ම..මම දොර අරිනවා ඔ..න්න..මාව බ..බය කරන්න ..එපා මාතුපාල.."
වෙව්ලන හඩින් එහෙම කිව්ව ඇග්නස් පිටත සිටින්නේ මාතුපාල යයි සිතා සැකෙන් බයෙන් වෙලිලා හෙමීට දොර විවර කර පිටත බැලුවා ඒත් කිසිම කෙනෙක් පිටත සිටියේ නෑ ඊට පස්සෙ ඇග්නස් හෙමීට මිදුලට ඇවිත් සෝදිසි කරල බැලුව කිසිම කෙනෙක් හිටියෙ නෑ ඝන අන්ධකාරය ඇරුණු කොට දිගු සුසුමක් පිට කර හිත සැහැල්ලු කර ගත් ඇග්නස් නිවසට ඇතුල් වෙලා දොර වසා දමා අගුල දැමුවා ඒත් නිවස තුලින් එන කුණු ගද ඇයව අපහසුවට පත් කලා .
"... කලින් තිබිබෙ නැති ජරා ගදක්නෙ මේක ගැරඩි පතයෙක් වත් රිංගලා ජරා කලාවත්ද .."
තමන්ටම ඇසෙන ලෙස එලෙස මුමුණපු ඇග්නස් නිදන ඇඳ තිබූ කාමරයට ඇතුල්වන කොටම ඇඳ මත වාඩි වී සිටි හිස නැති මළකඳ දුටුව ගමන් යටි ගිරියෙන් බෙරිහන් දුන්නා එකපාරටම නැගිටපු ඒ මළකඳ හිමීට හිමීට ඇග්නස් වෙතට ලං වෙන කොට ඇයට කෑ ගසන්නට නොහැකිවුනා නිවසින් පැන දිව යාමට පවා නොහැකි ලෙස අතපය දරදඩු වී තිබුනා කොච්චර කෑ ගසන්නට උත්සහ කලත් ඇගේ මුවින් හඩක් පිට වුනේම නෑ ළගටම ආපු මළකඳ එක් අතක් දිගු කර ඇග්නස්ගේ කෙස් වැටියෙන් අල්ලා හිස චප්ප වෙනකන් බිත්තියේ ගැසුවා අවසානේ ඇග්නස්ගේ හිස තිබූ තැන ලේ වැගිරෙන සුන්බුන් ගොඩක් පමණයි තිබුණේ ඇග්නස්ගේ මළ සිරුර පැත්තකට විසිකර දමා හිස නැති මළකඳ නැවත රබර් වත්ත දෙසට අන්ධකාරය මැදින් පා නැගුවා .
***********************************
" යකෝ මළමිනිය නැති වුනොත් මගෙ රස්සාවත් ගහල යනව හොයපන් හොයපන් ඔය පදුරු පීරලා සතෙක්වත් ඇදන් ගිහිල්ලද කියලා "
කෑ ගසමින් රත්නපාල රාලහාමි පදුරු ගානෙ ඒ කලුවරේ මළමිනිය හොයන්න ගත්තා තුෂ්නිම්බූත වෙලා හිටිය මාතුපාලත් අවට වට පිටාව හොයලා බලන්න ගත්තා ගිනි මැලේ එලියෙන් ඔවුන්ට සොයා බැලීමේ ඉඩකඩ සීමිත වෙලයි තිබුනේ ඝන තිත්ත කලුවරේ මිනියක් තියා කිසිවක් සෙවීමට ඔවුන් දෙදෙනා අතේ විදුලි පන්දමක් තිබුනේ නෑ .
ගිනිමැලේ එලියෙන් ටිකක් දුරින් විශාල ගසක බෙනයක් තියෙනවා දැකපු රත්නපාල රාළහාමි ඒ පැත්තට යන්න හදනකොට මාතුපාලත් එතනට ආවා .
" ඔය ගස් බෙනේ පත නයෙක් ඉන්නව ගමේ අය කීප දවසක් දැකල තියෙනව ඔය පැත්තට කිසිම කෙනෙක් යන්නෙ නෑ නිකන් නයි අවුස්සගන්නැතුව ඉන්න සෑර් .."
නයෙක් ඉන්නව කියපු ගමන් රත්නපාල රාළහාමි ටිකක් විතර සැලුනා ඔහු ආපසු හැරී මාතුපාල දිහා බලනකොටම මාතුපාලට පිටි පසින් සිටගෙන සිටින හිස නැති මළ මිනිය දැක ඔහු මරබියෙන් වෙව්ලන්නට ගත්තා
" ම්..මාතුපාල ..ඔ..ඕන්න ..තමුසෙගෙ පිටිප..පස්සේ.."
රත්නපාල රාළහාමි තතනමින් කියූ දේ අහලා මාතුපාල පිටුපස හැරී බැලුවා ඔහුට පිටිපස්සෙන් සිට ගෙන ඉන්න මළකඳ දැකලා මාතුපාල යටිගිරියෙන් බෙරිහන් දී එතනින් පැන යාමට හදද්දිම මළකඳ මාතුපාලගේ බෙල්ලෙන් අල්ල ගෙන බෙල්ල ටිකෙන් ටික සිර කරන්න ගත්තා .
" මාව මරන්න එපා අනේ මට සමාවෙයන් සාමෙල් මට සමාවෙයන් මාව මරන්න එපා අනේ සෑර් මාව බේරගන්න මමයි ඇග්නසුයි එකතුවෙලා ඇග්නස්ගෙ මනුස්සය වුන මේ සාමෙල්ගෙ බෙල්ල කපලා මැරුවේ ගමේ අය හිතන්නේ සාමෙල් කොළඹ වැඩ කරනව කියල දවසක් මහ රෑ සාමෙල් ගෙදර එනකොට මායි ඇග්නසුයි ගෙදර එකට හිටියේ ඒක දැකලා සාමෙල් මට ගහනකොට ඇග්නස් පිටි පස්සෙ ඉදලා යකඩයකින් සාමෙල්ගෙ ඔලුවට ගැහුවා සාමෙල් එතනම මැරිල වැටුන දවස් දෙක තුනක් ඒ ගෙදර මිනිය තියන් ඉදලා දවසක් රෑ මිනිය මෙතනට ගෙනත් දැම්මා ඊට පස්සෙ මම ඔලුව කපල පොලිතීන්වල ඔතලා අර නයා ඉන්න ගස් බෙනේට දැම්මා සෑර්..අනේ මාව බේරගන්නකෝ .."
මාතුපාල අපහසුවෙන් රත්නපාල රාළහාමි දිහා බලාගෙන එහෙම කියලා ඉවර වෙනවත් එක්කම හිස නැති සාමෙල්ගේ මළකඳ විසින් මාතුපාලව ඔසවා අසල තිබූ ගසක කොන්ද වදින ලෙස දමා ගැසුවා ඒ එක්කම සාමෙල්ගේ මළකඳත් එතනම ඇදගෙන වැටුනා මේ හැම දෙයක්ම රත්නපාල රාළහාමි තුෂ්නිම්බූත වෙලා බලන් හිටියා අවසානේ මිනිස් ඝාතනයකට අනියම් ආකාරයෙන් අනුබල දීම යටතේ මාතුපාල අත්අඩංගුවට ගත්තත් ගස් කඳේ කොන්ද වැදීම නිසා ඔහුගේ සුසුම්නාව බිදී තිබුනා වසර ගාණක් රෝහල් ඇඳක් මත සෙලවීමටත් නොහැකිවි දහ දුක් විඳපු මාතුපාල අවාසනාවන්ත ලෙස මිය ගියා.
නිමි.
Comments
Post a Comment