වික්ටර්
අද වික්ටර්ගේ සිරුර භූමදානය කරන දවස මළ සිරුර තිබූ මිනී පෙට්ටිය පස් කන්ද මතින් තියලා වල කපපු අය හිමීට පෙට්ටිය වලට බස්සන්න ලණු කඹ දෙකක් පෙට්ටිය දෙපැත්තෙන් දාල පෙට්ටිය උස්සල ගන්න හදද්දිම කොහේදෝ තිබුණ වැස්සකුත් ඇද හැලෙන්න ගත්තා ඒ එක්කම මිනී පෙට්ටිය ඇතුලෙන් එක දිගට පෙට්ටියට ගහන සද්දයක් ඇහෙන්න ගත්තා විතරයි හැමෝම පසෙකට පැන ගත්තා .
" අනේ එයා ජීවත් වෙනවා කවුරු හරි පෙට්ටිය අරින්න අනේ එයාව එලියට ගන්න.."
වික්ටර් ගේ බිරිඳ රූපා හඩමින් පිරිසට පැවසුවා ඒක අහපු එක් අයෙක් සැකයෙන් බයෙන් මිනී පෙට්ටිය ලගට ගිහින් පෙට්ටියේ ලොක් ඉවත් කෙරුවා මිනී පෙට්ටිය විවෘත වෙනවාත් එක්කම ඇස් ලොකු කරගෙන මහ සද්දෙන් හුස්ම ගැනීමට උත්සහ කරමින් වික්ටර් එක්වරම මිනී පෙට්ටිය තුල ඉඳගත්තා
ඒක දැකල ගොඩක් අය හිස් හැරුණ අත දිව්වා සමහර දුර්වල හිත් ඇති අය සිහිනැතිව බිම ඇදගෙන වැටුනා වික්ටර් දැඩි උත්සාහයක් දැරුවා හුස්ම ගැනීමට අමරුවෙන් හුස්ම ගන්න උත්සහ කල වික්ටර් තමන්ගේ බිරිඳ රූපා දිහාට හැරිලා අත දික් කරල මොනවාදෝ කියන්න හදනවාත් එක්කම කපා හෙලූ කෙසෙල් කඳක් වගේ ආයෙත් පෙට්ටියටම ඇදගෙන වැටුනා එතන හිටිය දැඩි සිතක් තිබූ එක් අයෙක් වික්ටර්ව පරික්ෂා කර බලා ඔහු මැරිල කියලා සහතික කෙරුවා.
ඊට පස්සෙ වික්ටර්ව වලදැමුවා මේ සිද්ධිය වික්ටර්ගේ බිරිද රූපට තදින් බලපෑවා ගෙදර වැඩට හිටිය හැමෝම ගෙවල් වලට ගියාට පස්සෙ තනියට කිසිවෙක් සිටියෙ නැති විශාල නිවසේ රූපා තනි වුනා නිදාගන්න කියලා හැදුවත් ඇයට නින්ද අහලකටවත් ආවේ නෑ හැම මොහොතකම වික්ටර් මිනී පෙටිටිය තුල සිට නැගිට තමා දෙස බැලූ අයුරු ඇයට නැවත නැවත මතක් වුනා බැරිම තැන ඇය නිදි පෙත්තක් බීලා නිදාගන්න උත්සහ කෙරුවා නින්දේ සිටි ඇයට පෙනෙන්න ගත්තා වික්ටර්ගේ මිනී පෙට්ටිය වලට දාල හැමෝම පස් මිට මිට වලට දාල යන්න යනවා එකම අයෙක් පමණක් ඇයට පිටු පාල නතර වෙලා හිටියා ඒ පුද්ගලයා හිමීට රූපා දිහා බලල භයානක හඩින් මෙහෙම කිව්වා.
"" එන්න එන්න ඔයත් ඇවිල්ලා පස් මිටක් දාල යන්න ""
ඒක ඇහුන විතරයි රූපා යටි ගිරියෙන් බෙරිහන් දීගෙන නැගිට්ටා වෙන කවුරුවත් නෙමේ වික්ටර්ම තමා ඒ විදිහට කතා කරපු පුද්ගලයා එක දවසක් දෙකක් නෙමේ මේ හීනේ දිගටම සති දෙකක් පමණ ඇයට එකම සිහිනය පෙනෙන්න ගත්තා .
වික්ටර් ගේ මතකය අමතක කරන්න බැරුව ඇය සෑහෙන්න විදෙව්වා ඇයට හිතුන ආයෙත් වික්ටර්ව බලන්න ඕනේ කියලා බැරිම තැන ඇය මහ රෑක වික්ටර්ගේ මිනීවල හෑරුවා ඇය මෙයට ඒ ප්‍රදේශයේ කුලී වැඩ කරන අයෙකුට විශාල මුදලක් දීලා සහය ලබා ගත්තා වල හාරලා මිනී පෙට්ටියේ පියන ඇරියම ඇය භීතියට පත් වුනා.
මිනී පෙට්ටිය තුල වික්ටර් ගේ මිනිය තිබුනේ නැහැ මිනිය අතුරුදන් වෙලා මිනී පෙට්ටිය හිස් වෙලා තිබුණා.
එහෙම කොහොමද මිනියක් අතුරුදහන් වෙන්නේ සමහර විට වික්ටර්ගේ මඟුල් මුද්ද වටිනා ඔරලෝසුව එයාගෙ ආසම චේන් එක සමගම වික්ටර්ව වල දැමුව නිසා ඒව ගන්න කවුරු හරි මිනිය අරන් යන්න ඇති කියල හිතලා රූපා පොලිසියට පැමිණිල්ලක් දැම්ම වික්ටර්ගේ මිනිය අතුරුදන් වීම ගැන ඊට පස්සෙ රෑම ගෙදර ආව නිවසට ඇවිත් දොර ඇරල විදුලි පහන් දල්වපු ගමන් රූපාට බය කියන එක මොකද්ද කියලා වැටහුනා ඇය මර බයේ වෙව්ලන්නට වුනා .
නිවසේ බිත්ති මත සිවිලිම මත මඩ ගෑවුන සපත්තු අඩි තිබ්බා හරියට මනුස්සයෙක් සිවිලිමයි බිත්ති මතයි ඇවිද ගිහින් වගේ තිබුනේ වික්ටර්ගේ මිනිය අතුරුදහන් වීම බිත්තිමත මඩ ගෑවුන සපත්තු අඩි මේ දේවල් නිසා භීතියට පත් රූපා වහා නිවසින් පිටතට ආවා ඊට පස්සෙ ඇගේ යෙහෙලියකට ඇමතුමක් දීලා ඇයට නිවසට එන්න කිව්වා
රූපාගේ යෙහෙලිය ඉක්මනින්ම ඇයව හමු වීමට ආව ඊට පස්සේ බය වෙලා හිටපු රූපගේ සිත සනසවලා නැවත නිවසට ඇයව රැගෙන ගිය නිවසට ඇතුල් වුන ගමන් රූපගේ දෙනෙත් විසල් වුනා මොකද කිව්වොත් කාමර පුරා බිත්ති වල සිවිලිමේ තිබුණ මඩ ගෑවුන සපත්තු අඩි සටහන් අතුරුදහන් වෙලා තිබුණ ඇය එම නිවසේ නිදා ගැනීමට අකමැති වීම නිසා එම නිවසත් සමග අමුත්තන්ට නතර වීමට සාදා තිබූ නිවසේ රූපා යෙහෙලියත් සමග නිදාගත්තා.
නින්දත් නොනින්දත් අතර සිටි රූපා නිවසේ ජනේලයකට ගහන සද්දයක් ඇසුනු නිසා ඇය ජනේලය දෙස බැලුවා විතරයි ඇය යටි ගිරියෙන් කෑ ගසන්නට වුනා ජනේලයෙන් පිටත වික්ටර් වියරු බැල්මකින් ඇය දෙස බලා සිටියා භීතියෙන් කෑ ගසමින් නිවසින් පිටතට ආපු රූපා දැක්කා ඇගේ යෙහෙලියගේ ගෙල සිඳ සිරුර නිවසේ අලංකාරයට නිවස අසල තනා තිබූ පොකුණට දමා තිබෙනවා යෙහෙලියගේ ලේ පෙරෙන හිස එතනම තිබූ බංකුවක් මත තබා තිබූ භිහිසුණු දර්ශනය දැක රූපා යටි ගිරියෙන් විලාප තබමින් නිවසේ ගේට්ටුව දෙසට දිව ගියා ගේට්ටුව අසලට යනකොටම කුලී රථයකින් බැස රූපාගේ අසලට ආ ඇගේ යෙහෙලිය මෙහෙම කිව්වා
" අනේ සොරි රූපා මට එන්න ටිකක් පරක්කු වුනා "
යෙහෙලිය කියූ දේ අසා රූපා විසල් කර ගත් නෙතින් යෙහෙලිය දෙසත් තමාගේ නිවස දෙසත් තුන් හතර පාරක් බලා එතනම සිහි නැතුව ඇද ගෙන වැටුනා.රූපාට නැවත සිහිය එනකොට ඇය අදුරු තැනක ඉන්න බව තේරුනා අත පය වත් හොලවන්න අමාරුවෙලා තිබ්බේ ඒ මදිවට හුස්ම ගන්නත් බෑ ඇය සිටින්නේ පෙට්ටියක් ඇතුලේ බව ඇයට වැටහුනා පෙට්ටියට උඩින් පස් කැට වැටෙන හඩ අනුව ඇය මිනී පෙට්ටියක් තුල සිර වී සිටින බව දැන රූපා එක දිගට අමාරුවෙන් පෙට්ටියට ගැහුවා එකපාරටම පෙට්ටියේ පියන විවර වුනා රූපා ගැඹුරෙන් හුස්ම ගත්තා රූපා දැක්කා මිනී පෙට්ටිය වටේට ඉන්න පිරිස අතර ඇගේ යෙහෙලියත් සිටින බව ඇය රූපා නැගිටිනවා දැක සිනා සෙමින් ප්‍රීතියෙන් මොර දුන්නා.
" අනේ දෙවියනේ රූපා ඔයා ජීවත් වෙනවා "
රූපා මිනී පෙට්ටියෙන් එලියට පැනලා කනත්තෙනුත් එහාට දුවන්න පටන් ගත්තා දුවන ගමන් ඇය සිතුවා මේ දේවල් වලින් ඇගේ ජීවිතය බේරගන්න නම් ඇගේ පෙම්වතා වන ඩග්ලස්ව හමුවිය යුතුබව රූපා කෙලින්ම ගියා ඇගේ පෙම්වතාව හම්බ වෙන්න ඔහුගේ නිවසට ගියාට පස්සෙ ඇගේ පෙම්වතාගේ නිවස දොර අගුලු දාල තිබුන අහල පහල අයගෙන් රූපා දැනගත්තා රූපා ගේ පෙම්වතා දැන් සිටින්නේ මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් බව ඇය ගියා ඔහුව හමු වීමට මානසික රෝහලට රූපාත් සමග කතා බහ කල ඇගේ පෙම්වතා පැවසුවේ ඔහු ඇයට ආදරය නොදක්වන බවයි ඔහු ඇයගෙන් ඔහුගේ පහත් ආශාවන් ඉටුකර ගැනීමට ඇයව පාවිච්චි කල බව පැවසුවා ඒ වගේම ලබන සතියේ ඔහු තරුණියක් සමග විවාහ වෙන බවත් පැවසුවා රූපා මේ සියල්ල ඇස් වලින් කදුලු කඩා හැලෙද්දි ගල් පිළිමයක් වගේ අහගෙන හිටියා ඊට පස්සෙ ඔහු නැගිටලා යන්න ගියා රූපාට සිතුනේ මානසික රෝහලක කොහොමද ඇගේ පෙම්වතා යුරෝපීය ඇදුම් කටිටලයකින් සැරසී සිටින්නේ කියලයි එක්වරම ඇයට අසල තිබූ කණ්නාඩියකින් ඇගේ මුහුණ පෙනුනා කොණ්ඩය කඩාගෙන විකාර මුණකින් ඉන්න ඇගේ මුහුණ ඇය ඇදගෙන සිටින ඇදුම් වලින් ඇයට තේරුනා ඇයයි මානසික රෝහලේ සිටින්නේ ඔහු නොවන බවයි
ඇය සිටින තැනින් මහ හඩින් විලාප දෙමින් දිව ගියා එක් කාමරයකට එහි තිබූ ඇඳක් මතට වී පැය ගාණක් අඩා වැලපුනා ඒ ඇඩිල්ල නැවතුනේ කාමරයේ මුල්ලක තිබූ යකඩ අල්මාරියක් ඇතුලෙන් ආපු සද්දයක් ඇයට ඇසුන නිසයි ඇය ඇඳෙන් බැස අල්මාරියේ දොර විවර කලා අල්මාරිය තුල වික්ටර් ගේ මළ මිනිය තියෙනවා දැක රූපා මර භියෙන් කෑ මොර දෙන්න ගත්තා කෑ ගැසීම ඉවරයක් නැති තැන ඇයව රෝහල් සේවකයින් අල්ලගෙන ගිහින් එක්තරා කාමරයක් ඇතුලට දැම්මා ඒ කාමරෙන් ඇතුලෙ සද්දයක් පිටතට ඇහුනෙත් නෑ පිටත සද්දයක් ඇතුලට ඇහුනෙත් නෑ
බොහොම සැපවත් ජීවිතයක් ගත කරපු රූපාට දුක්ඛිත ජීවිතයක් ගත කරන්න වුනා ඒ කාමරේ ඇතුලේ බිම වැතිරිලායි ඇයට නිදන්න උනේ පුස් ගඳ ගහන කාමරේ අවාසනාවන්ත තත්වයකට ඇය පත් වෙලා හිටියා දින ගාණකට පස්සෙ ඒ කාමරේ දොර ඇරගෙන කාන්තා ජේලර් වරියක් ඇයව එලියට රැගෙන ගියා රූපාට තේරුනා ඇය සිටින්නේ මානසික රෝහලක නොව බන්ධනාගාරයක බව ඇගේ මානසික තත්වය එන්න එන්නම අවුල් වෙලා විකාර දේවල් පෙනෙන එක නතර වුනේ නෑ ඇගේ ජීවිතය කාලකණ්නි වෙලා තිබුණේ.
වික්ටර් කියන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඔහුට ඕන වෙලා තිබුණ රූමත් යුවතියක්ව විවාහ කර ගැනීමට ඊට පස්සෙ ඔහුගේ හොදම මිතුරා වන ඩග්ලස් රූපාව ඔහුට මුණ ගස්සනවා ටික දිනකට පස්සෙ වික්ටර් සහ රූපා ආදරයෙන් වෙලිල විවාහ වෙනවා රූපා විවාහයෙන් පස්සෙ ක්ලබ් ගාණේ ගියා වික්ටර්ගේ සල්ලි ලක්ෂ ගණන් නිස්කාරණේ වියදම් කෙරුවා මේ හැම දේම රූපාට තියෙන ආදරේ නිසා ඉවසපු වික්ටර් දවසක් දැන ගන්නවා රූපා වික්ටර් ගේ හොදම මිතුරා සමග අනියම් සම්බන්ධයක් පවත්වන බවත් ඒ සම්බන්ධය වික්ටර්ව හමු වීමට පෙර සිටම පැවති බවත් .
ඩග්ලස් සහ රූපා එකතුව තමන්ව රැවට්ටූ බව දැනගත්තාට පසු වික්ටර් රූපාව දික්කසාද කරන්න තීරණය කරනවා නමුත් රූපා ඊට කලින් වික්ටර් කන කෑම එකට උග්‍ර විෂක් එකතු කර මරා දානවා .
අවසානේ සියල්ල හෙලි වී රූපාට බන්ධනාගාරගත වන්න සිදුවනවා රූපාව පිටතට ගෙන ගිය ජේලර් වරිය ඇයව කෑම පෝලිමේ තබා ඇය කෑම කෑවාට පසු නැවත සිර කුටියට දමා දොරගුලු දැම්මා කාමරය තුල බිමින් වාඩි වුන රූපාගේ ගත කිලිපොවමින් සීතල සුළඟක් ඇදී ගියා ඒ එක්කම ඇය සිර කුටියේ මඳ අදුර අතරින් දැක්කා කලුපාට ඡායාවක් ඇය දෙසට එන බව ටිකෙන් ටික ඇය වෙත ලං වුන ඒ ඡායාව ඇගේ කණට කර වික්ටර්ගේ කට හඬින් මෙහෙම කිව්වා.
""" රූපා උඹේ වෙලාව ආව දැන් ඉතින් මාත් එක්ක යමු """
වික්ටර්ගේ කට හඬ ඇසුන රූපා යටි ගිරියෙන් බෙරිහන් දුන්නා .
පසු දින උදේ රූපාගේ මළ සිරුර බන්ධනාගාර නිලධාරිනියන්ට දක්නට ලැබුනා...
නිමි
Comments
Post a Comment