Posts

Showing posts from March, 2025

මඩ ගොහුර

Image
  අරවින්දට මුල්ම ගුරු පත්වීම ලැබුණේ ආණමඩුවේ දුෂ්කර ගමක පාසලකට ඒ ගමේ නවතින්න තැනක් හොයා ගන්න අරවින්දට බැරි උන හින්ද ඒ ගමේ ඉදලා ගම් තුනකට එහා තිබුණ කැටවල ගමේ ගෙදරක් අරවින්ද නවතින්න හොයා ගත්තා උදේ පාන්දර බස් රථයෙන් ගිහින් පාසලේ ඉගැන්වීම් කට යුතු කරලා හවස බස් රථයෙන්ම ඔහු නවාතැනට ආවා . අරවින්දට බස් රථයට නැගීමට ප්‍රධාන පාරට යන්න උනේ පයින්ම තමා කිලෝ මීටර් භාගයක් විතර ඔහුට හැමදාම පයින් ගමන් කරන්න උනා උදේටයි හවසටයි එදත් පාසලට යන්න කියලා නවාතැනින් පිටත් උන අරවින්ද මගදි වැස්සක් ඇද හැලුන නිසා අසල තිබුණ කඩයකට ගොඩ වැදුනා ..සර් ඉස්කෝලෙට යන්න වගේ .. කඩේ මුදලාලි සිනාමුසුව කාරුණිකව අරවින්දගෙන් විමසුවා. ..ඔව් කලු මුදලාලි බලන්නකෝ මේ වැස්සක් වහින්න ගත්තනේ එකපාරම මම හිතුවෙවත් නෑ වහීවි කියලා කුඩයක්වත් ගෙනාවේ නෑ .. කඩේ මුදලාලිගේ නම උනේ මහතුන් ඒත් ගමේ හැමෝම ඔහුට ඇමතුවේ කලු මුදලාලි කියන අන්වර්ත නාමයෙන් කලු මුදලාලි ධාර්මික පුද්ගලයෙක් කියලා තමා ගමේ හැමෝම කිව්වේ හැම පෝයකටම කලු මුදලාලි පන්සලට ගිහින් සිල් ගත්තා ඒ විතරක් නෙමේ ගමේ හැම ධාර්මික වැඩකටම මුල් තැන අරගෙන ඒ දේවල් මනාව සංවිධානය කෙරුවා. ..ඉන්ඩකෝ මහත්තයෝ මම...

මරණයේ විලාපය

Image
  "මම අද මැරෙනවා මට මැරෙන්න ඕනේ ඔව් මේ කරුම ජීවිතේ මට එපා වෙලා මේ අතේ තියෙන බ්ලේඩ් එකෙන් ම..මගේ අත කපා ගෙන මැරෙනවා ම..මට මැරෙන්න ඕනේ ..." එහෙම හිතපු සරත් හිරිපිටිය හාමු මහත්තතයා රැවුල කැපීමට ගෙන ආපු බ්ලේඩ් එකක් දකුණු අතින් අරගෙන හරියටම වම් අතේ මැණික් කටුව ගාවින් තිබ්බා . " ..හ්ම්ග් ම..මට දකුණු අත හොල්ලන්නවත් බෑ ඇයි මට ඇයි මට මැරෙන්න දෙන්නැත්තේ අනේ මට මැරෙන්න දීපන් " සරත් හිරිපිටියට දකුණු අතේ තිබුණ බ්ලේඩ් එක චුට්ටක්වත් හොල්ලන්න බැරි වුනා අත හරියට ගල් ගෙඩියක් වගේ වුනා සරත් හිරිපිටිය අපමණ උත්සහයක් දැරුවා තමන්ගේ අත කපා දැමීමට නමුත් සම්පූර්ණ දකුණු අතම එහෙමම ලොක් වෙලා තිබුණේ දකුණු අත ඔහුගේ ශරීරයේ කොටසක් නෙමේ වගේ සරත් හිරිපිටිය කෑ ගැහුවා බෙරිහන් දුන්නා ඒත් ඔහුට අත නම් සෙලවීමට නොහැකි වුනා ඊ ලග මොහොතේ අතේ තිබුණ බ්ලේඩ් එක නිකන්ම බිමට වැටුණා බිමට වැටුණ බ්ලේඩ් එක දිහා බලාගෙන සරත් අඩා වැලපෙන්න ගත්තා . " අනේ මට මැරෙන්න දීපන් මට වද දුන්නා මදිද " සරත් හිරිපිටිය කියන්නේ රත්ගම ගම්මානයේ හිටිය පාරම්පරික වලව්කාරයෙක් අක්කර පන්සීයකටත් වඩා වැඩි විශාල ඉඩමක් මැද්දෙ තිබුණු විශාල වල...

ස්වභාවික මරණ

Image
  තමිල්නාඩුවට ගිහින් රෙදි ලාබෙට ගන්න හොදම තැන චෙන්නායි වල තවුසන්ඩ් ලයිට් රෝඩ් කියන තැන මේ තැන හැමෝම අතර බොහොම ප්‍රසිද්ධයි 2015 අප්‍රියෙල් 19 වෙනිදා චෙන්නායි වල තවුසන්ඩ් ලයිට් පාරේ හවස පයින් ගමන් කර කර හිටිය එක මනුස්සයෙක් එක පාරම සිහි නැතුව බිම ඇදගෙන වැටුනා . වටේ පිටේ හිටිය කට්ටිය හැමෝම එකතුවෙලා මේ මනුස්සයාව රෝහලට අරන් යනවා නමුත් වෛද්‍යවරු ඒ මනුස්සයව පරික්ෂා කරලා බලලා කියනවා ඔහු මිය ගිහින් කියලා රෝහල් පොලීසිය විසින් ඔහුගේ නම ජෝන් සෙලෝමිනෝ කියලා හොයා ගන්නවා ජෝන්ගේ මරණ පරීක්ෂණයේ ලියවුනේ ජෝන් හදිස්සියේම ඇති වුන හර්දයා බාදයක් නිසා මිය ගිය බවයි. ජෝන් මිය ගිහින් මාසයක් ගෙවිලා ගියා තවුසන්ඩ් ලයිට් පාරේ ඉදලා කිලෝ මීටර් දහනවයකට එහා ප්‍රදේශයක දිනය වුනේ 2015 මැයි 17 උත්තීරාමේවූර් කියන ප්‍රදේශයේ  ශ්‍රීධර් කියන පුද්ගලයා පාරේ පයින් ගමන් කරමින් ඉද්දී එක පාරටම සිහි නැතුව බිම ඇදගෙන වැටෙනවා ඔහු බිම වැටෙනවා දැක්ක වටේ පිටේ හැමෝම එකතු වෙලා ශ්‍රීධර්ව රෝහලට අරන් යනවා නමුත් රෝහලේදී දැන ගන්න ලැබෙන්නේ ශ්‍රීධර් මිය ගිහින් බවයි හේතුව හර්දයා බාධයක් ඇති වීම. දිනය එලඹුනා 2015 ඔක්තෝම්බර් 10 මේ ශ්‍රීධර් මැරි...

පිලිපීනය ගිනියම් කල ඝාතනය

Image
  මේ කතාව ඔබට කියනවද නැද්ද කියලා මම සෑහෙන්න කල්පනා කලා ඒ තරම් මේ කතාව සාහසිකයි නමුත් මේ කතාවෙන් ගත යුත්තක් ඔබට තියෙනවා ඒ නිසාමයි මේ කතාව මා පල කරන්නේ කිසිම දිනක ඔබ කුමණ තත්වයක සිටියත් විශේෂයෙන් ඔබගේ හිතට දුකක් තනිකමක් දැනෙන අවස්ථාවක ඔබගේ ෆේස්බුක් ගිණුමට කිසිදු නොදන්නා පුද්ගලයෙක් මිතුරෙක් කර ගැණීමට කටයුතු නොකරන්න මේ කාරණය මම මුලින්ම කියන්නේ ඇයි කියලා ඔබට කතාවේ අවසානය වන විට තේරුම් යයි  මේ කතාව සිද්ධ වෙන්නේ පිලිපීනයේ ලාපු ලාපු ගමේ මෙහි ජීවත් වුනා වයස අවුරුදු 16 ක ක්‍රිස්ටිනා නමැති තරුණියක් දෙමව්පියන් සමග ඇය ඒ ගමේ හොදින් ජීවත් වුනා ක්‍රිස්ටිනා ධර්මය ගැනත් සෑහෙන පැහැදීමක් තිබුණා එනිසාම හැම සතියකම ඉරිදා දිනට පල්ලියට යන ඇය පල්ලිය සවස හතරේ සිට රාත්‍රී අට පමණ වන තුරු සුද්ධ පවිත්‍ර කර යාච්ඤා කටයුතුත් නොවරදවාම සිද්ධ කලා ඇගේ දෙමව්පියන් දෙදෙනත් ඇගේ ඒ දේවල් වලට කැමැත්තෙන්ම ඉඩ දුන්නා  මේ විදිහට කාලය ගත වෙලා 2019 මාර්තු 9 දිනය උදා වුනා එදා උදේ ක්‍රිස්ටිනා තමන්ගේ අම්මත් එක්ක වෙලඳ පොලට ගිහින් නිවසට අවශ්‍යය කරන බඩු බාහිරාදිය රැගෙන එනවා ඊට පස්සේ අන්තර්ජාලයේ ඇනිමේෂන් කටයුත්තක් සවස හතර වෙන ත...