Posts

Showing posts from March, 2025

මඩ ගොහුර

Image
  අරවින්දට මුල්ම ගුරු පත්වීම ලැබුණේ ආණමඩුවේ දුෂ්කර ගමක පාසලකට ඒ ගමේ නවතින්න තැනක් හොයා ගන්න අරවින්දට බැරි උන හින්ද ඒ ගමේ ඉදලා ගම් තුනකට එහා තිබුණ කැටවල ගමේ ගෙදරක් අරවින්ද නවතින්න හොයා ගත්තා උදේ පාන්දර බස් රථයෙන් ගිහින් පාසලේ ඉගැන්වීම් කට යුතු කරලා හවස බස් රථයෙන්ම ඔහු නවාතැනට ආවා . අරවින්දට බස් රථයට නැගීමට ප්‍රධාන පාරට යන්න උනේ පයින්ම තමා කිලෝ මීටර් භාගයක් විතර ඔහුට හැමදාම පයින් ගමන් කරන්න උනා උදේටයි හවසටයි එදත් පාසලට යන්න කියලා නවාතැනින් පිටත් උන අරවින්ද මගදි වැස්සක් ඇද හැලුන නිසා අසල තිබුණ කඩයකට ගොඩ වැදුනා ..සර් ඉස්කෝලෙට යන්න වගේ .. කඩේ මුදලාලි සිනාමුසුව කාරුණිකව අරවින්දගෙන් විමසුවා. ..ඔව් කලු මුදලාලි බලන්නකෝ මේ වැස්සක් වහින්න ගත්තනේ එකපාරම මම හිතුවෙවත් නෑ වහීවි කියලා කුඩයක්වත් ගෙනාවේ නෑ .. කඩේ මුදලාලිගේ නම උනේ මහතුන් ඒත් ගමේ හැමෝම ඔහුට ඇමතුවේ කලු මුදලාලි කියන අන්වර්ත නාමයෙන් කලු මුදලාලි ධාර්මික පුද්ගලයෙක් කියලා තමා ගමේ හැමෝම කිව්වේ හැම පෝයකටම කලු මුදලාලි පන්සලට ගිහින් සිල් ගත්තා ඒ විතරක් නෙමේ ගමේ හැම ධාර්මික වැඩකටම මුල් තැන අරගෙන ඒ දේවල් මනාව සංවිධානය කෙරුවා. ..ඉන්ඩකෝ මහත්තයෝ මම...

මරණයේ විලාපය

Image
  "මම අද මැරෙනවා මට මැරෙන්න ඕනේ ඔව් මේ කරුම ජීවිතේ මට එපා වෙලා මේ අතේ තියෙන බ්ලේඩ් එකෙන් ම..මගේ අත කපා ගෙන මැරෙනවා ම..මට මැරෙන්න ඕනේ ..." එහෙම හිතපු සරත් හිරිපිටිය හාමු මහත්තතයා රැවුල කැපීමට ගෙන ආපු බ්ලේඩ් එකක් දකුණු අතින් අරගෙන හරියටම වම් අතේ මැණික් කටුව ගාවින් තිබ්බා . " ..හ්ම්ග් ම..මට දකුණු අත හොල්ලන්නවත් බෑ ඇයි මට ඇයි මට මැරෙන්න දෙන්නැත්තේ අනේ මට මැරෙන්න දීපන් " සරත් හිරිපිටියට දකුණු අතේ තිබුණ බ්ලේඩ් එක චුට්ටක්වත් හොල්ලන්න බැරි වුනා අත හරියට ගල් ගෙඩියක් වගේ වුනා සරත් හිරිපිටිය අපමණ උත්සහයක් දැරුවා තමන්ගේ අත කපා දැමීමට නමුත් සම්පූර්ණ දකුණු අතම එහෙමම ලොක් වෙලා තිබුණේ දකුණු අත ඔහුගේ ශරීරයේ කොටසක් නෙමේ වගේ සරත් හිරිපිටිය කෑ ගැහුවා බෙරිහන් දුන්නා ඒත් ඔහුට අත නම් සෙලවීමට නොහැකි වුනා ඊ ලග මොහොතේ අතේ තිබුණ බ්ලේඩ් එක නිකන්ම බිමට වැටුණා බිමට වැටුණ බ්ලේඩ් එක දිහා බලාගෙන සරත් අඩා වැලපෙන්න ගත්තා . " අනේ මට මැරෙන්න දීපන් මට වද දුන්නා මදිද " සරත් හිරිපිටිය කියන්නේ රත්ගම ගම්මානයේ හිටිය පාරම්පරික වලව්කාරයෙක් අක්කර පන්සීයකටත් වඩා වැඩි විශාල ඉඩමක් මැද්දෙ තිබුණු විශාල වල...