මේසන් වැඩට අත් උදව් දෙන්නෙක් ලෙස ජීවිකාව කෙරුව එක්‌දරු පියෙක් වුන සෝමසිරි එදා ගෙදර යන්න ටිකක් රෑ වුනේ අලුතින් හදාගෙන යන ගෙදරක ස්ලැබ් එකේ කොන්ක්‍රිට් එදාම දාල ඉවරයක් කරන්න සිද්ධ වුන නිසයි ලොකු බාසුන්නැහේ එදා වැඩ කරපු හැමෝටම සන්තෝෂ ගානේ රුපියල් දාහ ගානෙ දුන්න .සෝමසිරිගෙ පුතා දින ගණනක සිට ඉල්ලීම් කරන මස් කොත්තු රොටියකුත් ඒ දාහ වියදන් කරල අර ගත්ත සෝමසිරි තමන්ගේ පුට් සයිකලයට නැගලා ඝන අන්ධකාරයේම නිවස දෙසට පැද්දා 


සෝමසිරිට නිවසට යාමට කිලෝ මීටර් තුනක දුරක් තිබුණා ඒ දුරින් කිලෝ මීටර් එක හමාරක් විතර යන්න තිබුනේ පාලු රබර් වත්තක් මැදින් ඔහු රබර් වත්ත හරියට ලං වෙනවාත් එක්කම වේගයෙන් ආපු මෝටර් රථයක් එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාර සෑදීමට පාර අයිනේ දමා තිබුන කොන්ක්‍රිට් බෝක්කුවක මහ හඩක් නගමින් හැප්පුනේ සෝමසිරි ගේ ඇස් ඉදිරියේමයි .


චප්ප වී තිබුණ මෝටර් රථයෙන් එලියට ඇවිත් ලෙයින් නැහැ වී මැරී වැටී තිබුණා රථය පදවාගෙන ආ තැනැත්තාගේ සිරුර සෝමසිරි රථයට වඩාත් කිට්ටු වුනේ ඒ භිහිසුණු දර්ශනය වඩාත් හොදින් බැලීමට සහ ජීවතුන් අතර කිසිවෙක් හෝ සිටීදැයි දැන ගැන්මටයි .


නමුත් කිසිවෙක් එතුල සිටියේ නෑ මැරී වැටී හිටිය රියදුරා හැරුණ කොට ඒ එක්කම රියදුරු අසුන ලගම තිබූ අසුනේ දමා තිබූ රියදුරා ගේ වටිනා ජංගම දුරකථනය හා මුදල් පිරුණු බෑගයක් දැක වහා ක්‍රියාත්මක වූ සෝමසිරි වට පිට කිසිවෙක් නැති බව සැක හැර දැන ගෙන ජංගම දුරකථනය හා මුදල් පිරුණු මල්ලත් රැගෙන වහා එතනින් පලා ගියා 

නමුත් සෝමසිරිට වැඩිය දුරක් යන්න උනේ නෑ ආයෙත් කොහේදෝ ඉදල ආපු මෝටර් රථයක් ඔහුගේ ඇස් ඉදිරියේම නැවත වතාවක් මහ හඬක් නගමින් පාර අයිනේ තිබුණ බෝක්කුවක හැපුණා සෝමසිරි හෙමි හෙමීට ගිහින් ඒ වාහනේ ලගට ගිහින් බැලුවා විතරයි ඔහුගේ මුලු ඇගම හිරි වැටෙන්නාක් බඳු වුනා 


එතන තිබුනේ අර කලින් හැප්පුන මෝටර් රථයමයි එතන මැරිල වැටිල හිටියේ අර කලින් හැප්පුන වාහනේ හිටපු රියදුරාමයි වෙනසකට තිබුණේ වාහනේ ඇතුලේ තිබුණ ජංගම දුරකථනය හා මුදල් බෑගය නැති වීම පමණයි සෝමසිරි හෙමීට කමිසය තුලට අත යොමා බැලුවේ මුදල් බෑගය ඇද්දැයි දැන ගැනීමට මුදල් බෑගය සහ ජංගම දුරකථනය තවමත් ඔහු සන්තකයේ ඇති බව දැන සෝමසිරි සැනසුම් සුසුම් හෙලුවා ඉන් පස්සේ පුට් සයිකලේට නැගලා නිවස දෙසට යන්න පිටත් වුනා නමුත් ඔහුට යාර දෙක තුනකට වඩා යාමට ලැබුණේ නෑ රථය තුල තිබී අහුලාගත් දුරකථනයට ඇමතුමක් ආවේත් සෝමසිරි තිගැස්සී ගියේත් එකවරම වගෙයි 

සෝමසිරි හිතේ දෙගිඩියාවෙන් ඒ ඇමතුමට කන් දුන්නා අනෙක් පසෙන් කතා කෙරුවේ පිරිමි පුද්ගලයෙක් ඔහු සෝමසිරිට මෙහෙම කිව්වා.


" මගේ නම ආනන්ද මම දැන් පැයකට කලින් මැරුණා අනේ මගේ නෝනට ඒක දැනුම් දෙනවද"?


ඇසුන කතාවට හොදටම බය වුන සෝමසිරි ඒ ජංගම දුරකථනයේ සිම් පත ගලවා දෙකට තුනට කඩලා කාණුවකට විසි කෙරුවා.

එහෙම කරලා පුට් සයිකලේට නැගලා වේගයෙන් පදින්න ගත්තා ඒත් යාර පහකට හයකට වඩා ඔහුට යාමට හැකි වුනේ නෑ ඔහු පිටු පස හැරී අර හැප්පුන මෝටර් රථය දිහා බලනවාත් එක්කම ඉදිරියේ තිබුණ මොකක්ද හරි තදින් බයිසිකලය හැප්පිල සෝමසිරි අඩි පහ හයක් උඩින් කැරකිලා ගිහින් බිමට වැටුනා 

අපහසුවෙන් යලි සිට ගෙන ඔහු පුට් සයිකලය ලගට ගියත් හැප්පුන දෙයක් කොහෙවත් තිබුනේ නෑ අහල පහල වලක් ගල් ගොඩක් හෝ කිසිම දෙයක් නැතුව බයිසිකලය මොකක් සමග ගැටුනද කියලා සෝමසිරිට හිතාගන්න බැරි වුනා තමාගේ සහ අර මෝටර් රථයෙන් ගත් දුරකථන දෙක සහ මුදල් බෑගය සන්තකයේ තිබෙනවද කියා සැක හැර දැනගෙන සෝමසිරි බිම පෙරලී තිබූ පුට් සයිකලය ඔසවා තැබුවා ඒ එක්කම වගේ ආයෙත් දුරකථනය නාද දෙන්නට පටන් ගත්තා .


" සිම් එක නැතුව පෝන් එකට කොහොමද කෝල් එන්නේ ...ආහ්...නෑ නෑ මේ මගේ පෝන් එකටනේ කෝල් එක.." 


සෝමසිරිට එහෙම හිතුන ඊලගට ඔහු ඔහුගේ ජංගම දුරකථනයට ආ ඇමතුමට කන් දුන්නා එහා පැත්තෙන් ගොරහැඬි හඩකින් මෙහෙම කිව්වා.


"" මගෙ නම ආනන්ද මම දැන් පැය එක හමාරකට කලින් මැරුණ මගේ බිරිඳට ඒ ගැන කියන්න එයා බලාගෙන ඉන්නව මං එනකන් ""


සෝමසිරි ඒ ඇමතුම නිසා වෙව්ලන්නට වුනා වහා ඇමතුම විසන්ධි කර පුට් සයිකලේට නැගල පිම්මේ පා ගන්න උනා ඒත් සෝමසිරිට තේරුනා බයිසිකලේ ලැගේජ් එකට කවුරු හරි ගොඩ උනා පිටි පස්සෙන් දැනෙන බර අධික නිසා අපහසුවෙන් තමා ඔහුට බයිසිකලය පදින්නට වුනේ කොහොම හරි ගෙදරට එනකොට සෝමසිරි හොදටම හෙම්බත් වෙලා හිටියේ බයිසිකලයෙන් බැස්ස ගමන් බයිසිකලේ එල්ලල තිබුණ කොත්තුවත් අරගෙන වහා නිවසට දිව ගිය සෝමසිරි ඉක්මනින් නිවසේ දොර ජනෙල් වසා දමන්න පටන් ගත්තා ඔහුගේ මේ හැසිරීම ඔහුගේ බිරිදට පුදුමයක් වුනා ඇය තුෂ්නිම්බූතව ඔහු දෙස බලා ගෙන හිටියා නිවස පිටුපස දොර අවසානෙට වහනකොට සෝමසිරි දැක්ක අඩි අටක් විතර උස දැවැන්ත කාල වර්ණ මිනිස් සිරුරක් සිටගෙන නිවස දිහා බලාගෙන ඉන්නවා සෝමසිරි ඉක්මණට ඒ දොරත් වහලා ඇවිත් සාලයේ පුටුවෙන් ඉඳගත්තා ඊට පස්සේ දිගු හුස්මක් පිට කෙරුවා. 


" මොකද අනේ ඔයාට වෙලා තියෙන්නේ හරියට මොකකට හරි බය වෙලා වගේ "


සෝමසිරි ගෙ බිරිද එහෙම ඇහුවා 


" න්..නෑ..නෑ..ම්..මොකුත් න්..නෑ ම්..මට මොනා වෙන්නද..ක් කෝ දරුව නිදිද .."


" ඔව් අනේ මේ දැන් නිදාගත්තේ. ඔයා.මොකුත් නෑ කිව්වට ඔයාගේ කතාවත් හරියට බය වුන කෙනෙක්ගෙ වගේ.. මගදි මොකක් හරි වෙලා වගේ ඔයාමොකකට හරි බය වුනාද "


" නෑ..ඕයි නෑ ...මොකුත් වුනේ නෑ..මොකට බය වෙන්නද හැමදාම යන එන ප්..පාරේ.."


" මොකුත් නැත්නම් කමක් නෑ මේ බලන්නකෝ ඒයි පුතාගේ කොන්සට් එකේ පොටෝ ටික අද ගෙනාවෙ හරිම ලස්සනයි "


එහෙම කියල සෝමසිරිගෙ බිරිද ඡායාරූප රැසක් තිබුන කවරයක් ඔහු වෙත දිගු කලා සෝමසිරි මද සිනාවක් මුවේ රදවාගෙන ඡායාරූප එකින් එක බලන්න පටන් ගත්තා එක්වරම එක් ඡායාරූපයක් දැක තිගැස්සුන ඔහුගේ අතින් සියලු ඡයාරූප බිමට වැටුනා බිමට වැටුන ඡයාරූප සියල්ල අනෙක් පසට පෙරලී තිබුන සෝමසිරි දැක්ක ඔහු කලබලයට පත් වුන ඡායාරූපය පමණක් ඒ අතරින් ඔහුට පැහැදිලිව දක්නට ලැබුනා ඒ ඡායාරූපයේ යම් දෙයක් ලියල තිබුණ තද රතු පැහැති වර්ණයෙන්

එහි ලියවිලා තිබුණේ මෙවැන්නක්.


** මගෙ නම ආනන්ද මම දැන් පැය දෙකකට කලින් මැරුණ මම එනකන් මගෙ බිරිද බලන් ඉන්නව එයාට මම මැරුණ බව කියන්න **


ඒ දැක සෝමසිරිගේ සියොලග වෙව්ලන්නට වුනා ඔහු තම බිරිද දෙස බැලුවා එක්වරම ඇය වෙව්ලලා වෙව්ලලා බිම ඇදගෙන වැටුනා ඔහු සගවාගෙන සිටිය අනතුරට ලක් වුන රථයෙන් රැගෙන ආ ජංගම දුරකථනය එක්වරම සගවාගෙන සිටි තැනින් බිමට වැටුනා බිමට වැටුන දුරකථනය පා වෙලා වගෙ ඇවිත් සෝමසිරි ඇස් ඉදිරියේ නැවතුනා ඒ එක්කම සෝමසිරි පිටිපස්සෙන් කවුදෝ ඔහු වෙත ලං වෙනව කියලා ඔහුට තේරුනා ඒ පුද්ගලයා ටිකෙන් ටික ඔහු වෙත ලං වුනා සෝමසිරි එතනම ගල් පිළිමයක් වගේ හිටියේ ඔහුට සෙල වීමටවත් නොහැකි වුනා ඔහුගේ කණ වෙත මුව ලං කරපු ඒ පුද්ගලයා මහා භයානක හඩින් මෙහෙම කිව්වා.


"""" ආනන්දගේ පණිවිඩය එයාගෙ බිරිදට කියපන් එතකොට මේ හැම දේම හොදින් විසදෙයි එහෙම නොවුනොත් එක එකා මරල දානවා උඹට තේරුනාද ***


සෝමසිරි බයටම හිස වනා එය පිලිගත්තා ඒ එක්කම ඔහුට තේරුනා අර පිටිපස්සෙ හිටපු කෙනා ඉවතට යන හඩ ඒ එක්කම සෝමසිරිගේ සිරුරේ දරදඬු ගතිය හරි ගියා.


සෝමසිරි වහා තම දෑස මානයේ ඇති හිස් අවකාශයේ තිබූ දුරකතනය අතට ගෙන එහි තිරය මත තිබූ ,මයි ලයිෆ්, කියා සටහන් කර තිබූ දුරකථන අංකයට සෝමසිරිගේ දුරකථනයෙන් ඇමතුමක් ගත්තා අනෙක් පසින් ඔහුට ඇසුනේ කාන්තාවකගේ කට හඬක්. 


" ඔය ආනන්ද මහත්තයගෙ නෝනද කතා කරන්නේ "


සෝමසිරි ඇහුවා 


"""""ඔව් මම ආනන්ද මහත්තයගේ නෝන තමා""""""

 

ඇය එහෙම කිව්වා.


" නෝන කියන්න කණගාටුයි දැන් පැය දෙකකට විතර කලින් ආනන්ද මහත්තයා මැරුණ"


එහෙම කියනවාත් එක්කම සෝමසිරිට ඇහුනා ඇය හඩාවැලපෙන හඩ ඒ එක්කම ඔහු දුරකථනය විසන්ධි කෙරුවා. 


ඒ එක්කම සෝමසිරිගේ බිරිදට සිහිය ආව ඇය හිමීට දෑස් විවර කර වට පිට බැලුවා. 


"ඔයාට පොඩි කලන්තයක් ආව දැන් හරි ඔක්කොම " 


සෝමසිරි බිරිදගේ හිස අත ගාමින් එහෙම කිව්වා .


"අනේ මන්ද මට මොනව වුනාද කියල ඒයි "


" හරි හරි දැන් ඔක්කොම හරි ඔයා පොඩ්ඩක් නිදාගන්නකෝ මම එලියට ගිහින් එන්නම් "


එහෙම කියපු සෝමසිරි එක පිම්මේ බයිසිකලය පැදගෙන අර අනතුර වුන තැනට ගියා ඔහු එතනට ලං වෙනකොටත් එතන පොලිසියෙන් ඇවිත් සෙනගත් පිරිල හිටිය ඔහු එතන හිටිය අය කියන දේට කන් දී ගෙන හිටිය එතනින් ඔහුට දැනගන්න ලැබුනේ මෙවැනි දෙයක්. 


ව්‍යාපාරිකයෙක් වන ආනන්ද සල්ගාදු නැමැත්තා මුදල් පිරුණු කුඩා බෑගයක් රැගෙන නිවසට යන අතර වාරේ ඔහු ගේ රථය හරස් කර නවත්තපු පුද්ගලයෙක් ඔහුව මරා දමල ඔහුගේ මුදල් සහ මෝටර් රථය පැහැර ගෙන එන අතර වාරේ මෙම ස්ථානයේ රථය අනතුරට පත් වෙලා කොල්ලකරුවාද මිය ගොස් ඇති බවයි .


සෝමසිරි එතන සිටි පිරිසෙන් ටිකක් දුරට ගොස් කාටවත් නොපෙනෙන ලෙස ඔහු සගවාගෙන සිටි අනතුරට පත් රථයෙන් ඔහු රැගෙන ගිය මුදල් බෑගය සහ ජංගම දුරකථනය අසල කාණුවකට දමා මහ හඩින් පොලිස් නිලධාරින්ට කතා කෙරුවා.


""" සර් ..සර් මෙන්න මෙතන සල්ලි බෑග් එකකුයි පෝන් එකකුයි තියෙනවා ""


වහා සෝමසිරි අසලට ආ පොලිස් නිලධාරීන් මුදල් බෑගය සහ ජංගම දුරකථනය ඔවුන් භාරයට ගත්ත ඊට පස්සේ සෝමසිරි තමන්ගේ පුට් සයිකලේ ලගට ගිහින් විශාල බරකින් නිදහස් වූවාක් මෙන් සැනසුම් සුසුමක් හෙලුවා ඊ ලගට පුට් සයිකලයට නැගලා සැහැල්ලු සිතින් තම නිවස දෙසට ගමන් කෙරුවා.


 ......... නිමි .................


Comments

Post a Comment

Popular posts from this blog

වික්ටර්

කවන්ධය