මගෙ නම කේතකී සූරියබණ්ඩාර අපේ පැත්තේ හිටිය ලොකුම පෝසතා ජගත් සූරියබණ්ඩාර ගේ එකම දුව මම . එහෙම කිව්වම හැමෝම හිතයි සල්ලි කාරයෙක්ගෙ දුවෙක්නෙ එහෙනම් ඉතින් මොන ප්‍රශ්නද කියලා ඒත් සල්ලි තිබ්බා කියලා හැම ප්‍රශ්නයම විසඳෙනව නම් කොච්චර හොඳද මටත් තියෙනවා සල්ලි වලින් විසඳන්න බැරි ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කිව්වට ඒක භයානක ශාපයක්
ඔව් අපේ පවුලට වෙන භයානක ශාපයක් අපේ පවුලෙන් මේ වෙන කොට ඉතුරු වෙලා ඉන්නෙ මම විතරයි හෙට පෙබරවාරි 25 හෙට දවස ඉවර වෙන්න කලින් මම මැරෙනවා ඒක ඒක භයංකාර මරණයක් වෙයි තව ත් පැයකින් අද දවස ඉවර වෙනවා ඊට පස්සේ උදා වෙන්නේ මගේ මරණයේ දවස මට මගේ ආච්චි,මගේ අම්මා, මගේ තාත්තා මැරුණ විදිහට විඳවලා විඳවලා මැරෙන්න වෙයි මට බෑ මැරෙන්න මම බයයි මැරෙන්න ඒත් මට මැරෙන්න වෙනවා
හැම අවුරුදු පහකට සැරයක් අපේ පවුලේ එක එක්කෙනා මැරෙන්න ගත්තා මේ හැම දෙයක්ම පටන් ගත්තේ මට අවුරුදු දහයක් ලැබුවට පස්සෙ මාත් තව ටිකකින් මැරිල යයි ඒත් ඔය හැමෝම මගේ කතාව දැනගන්න ඕනේ...ඔව් මම කියන්නම් ඒ භයානක සිදුවීම පටන් ගත්ත තැන ඉඳන්ම..
අපේ ගෙදර තියෙනවා වහලා දාපු කාමරයක් එතකොට මගෙ වයස අවුරුදු දහයක් මමයි ආච්චියි හිටියේ ඒ කාමරය ලග ආච්චි මට ලස්සන ලස්සන කතන්දර කියල දෙනවා මමත් ආසාවෙන් ඒ කතන්දර ඇහුවේ පියාඹන මකරු යෝදයෝ නපුරට එරෙහිව සටන් කරන වීරයෝ ඉන්න ඒ කතන්දර හරිම ලස්සනයි එදත් ආච්චි මට කතන්දරයක් කිය කියා හිටියේ දිනය පෙබරවාරි විසි පහ දවසක් එක පාරටම අද්භූත බලයකින් වගේ අර වහල දාපු කාමරේ දොර ඇරුනා.
මමත් එදා තමා ඒ කාමරේ ඇතුල දැක්කේ හරිම පිරිසිදුවට තිබුණ කාමරයක් සාමාන්‍යයෙන් වහල දාපු කාමරයක් නම් දූවිලි පිරිල පුස් ගඳ ගහනව ඒත් ඒ කාමරේ එහෙම තිබුනේ නෑ පිරිසිදුව තිබුණ ඒත් ඇතුලෙන් ආවේ පුස් ගද නෙමේ මනුස්සයෙක් ගේ මළ මූත්‍රා ගඳක්.
එක පාරට දොර ඇරුන කාමරේ දිහා අයාගත් මුවින් යුතුව විසල් දෑස් වලින් ආච්චි බැලුවා මට තාම මතකයි ඒ වෙලාවේ ආච්චිගේ මූණෙන් පෙනුන මර බිය ඒත් වැඩි වෙලා යන්න කලින් ආච්චි බිම දිගේ ඇදිල ගියා අර කාමරයට ඒ එක්කම දොර මහ සද්දෙන් වැහුනා
මට ඇහුනා ආච්චි කාටදෝ කතා කරනවා එයා අඩාවැලපෙන සද්දෙ මට ඇහුනා එකම දේ කිය කියා ආච්චි වැලපුණා ආච්චි කිව්වෙ මට සමාවෙන්න කියල විතරමයි එක පාරටම ආච්චි යටි ගිරියෙන් කෑ ගැහුවා ඊට පස්සෙ සද්දයක් නැතිව ගියා මට හොදටම බය හිතුන මම දුවගෙන ගෙදරින් එලියට ගිහින් එලියේ මල් වලට වතුර දම දමා හිටිය අම්මට කිව්ව ආච්චිට උන දේ ඊට පස්සේ අම්ම තාත්තට කෝල් කෙරුවා තාත්ත හිටියේ අපේ ලොකු පොල් වත්තක් තිබුණ ඒකෙ ඉක්මනටම තාත්ත ගෙදර ආව තාත්තයි අම්මයි හෙමීට ඒ කාමරේ දොර ගාවට ගියා ඒ එක්කම ඒ කාමරේ දොර ඇරුනා කාමරේ ඇතුලේ තිබුනේ බයංකාර දර්ශනයක් ඒක දැක්ක විතරයි මම කලන්තෙ දාල බිමට වැටුනා.
ආච්චි හිටියේ ලේ විලක් මැද එයා ගේ ඇඟ හැම තැනම පරාල ඇණ ගහල තිබුණ ඇස් ගලවල භයානක විදිහට ආච්චිව මරල තිබුණ කාලයක් ගියා ආච්චිව මරපු කෙනෙක්ව පොලිසියටත් කාටවත් හොයාගන්න බැරි වුනා අවුරුදු පහක් ගියා එතකොට මට අවුරුදු පහලොවක් අපි කවුරුවත් අර කාමරය ලගටවත් ගියේ නෑ තාත්තා කියල තිබුනේ මොනම හේතුවකටවත් ඒ කාමරේ පැත්තට යන්න එපා කියලා එදත් පෙබරවාරි විසිපහ දවසක් තාත්ත ගෙදර හිටියේ නෑ මායි අම්මයි කෑම උය උයා හිටියේ එක පාරටම අම්ම වෙව්ලන්න ගත්තා ඊට පස්සේ වතුර බොන ලොකු වීදුරුවක් අරන් අර වහල දාපු කාමරේ පැත්තට දුවන්න ගත්තා මම කෑ ගැහුවා බෙරිහන් දුන්නා ඒ පැත්තට යන්න එපා කියලා ඒත් ඒ මොකුත් අම්මට ඇහුනේ නෑ මමත් අම්ම පස්සෙන් ගියේ අම්මව නතර කර ගන්න මම දැක්ක ඒ කාමරේ ලගට යනවාත් එක්කම ඒකෙ දොර ඇරුනා තාත්ත ඒ කාමරේ ඇරෙන්න නැති වෙන්න ලී පටි ගහලා තිබුනේ ඒත් ඒවා ඔක්කොම කෑලි කෑලි වලට කැඩිල ඒ භයානක කාමරේ දොර ඇරුන.
මමත් ඒ වෙනකොට කාමරේ ලගම හිටියේ මම අම්මගේ අතින් ඇද්දා මගෙ මුලු ශරීරයේම ශක්තිය යොදවලා ඒත් අම්ම දශමයක්වත් හෑල්ලුවට නෑ එයා ටික ටික ඒ කාමරේ ඇතුලට යන්න ගත්තා කාමරේ ඇතුලට ගියා විතරයි අම්ම මාව කාමරයෙන් එලියට තල්ලු කරල දොර වහලා ඇතුලෙන් අගුල් දා ගත්තා මම දොරට ගහ ගහ විලාප දුන්නා අම්මට එලියට එන්න කියලා ඒත් වැඩක් වුනේ නෑ ඊට පස්සේ මම තාත්තට කෝල් කරල විස්තරේ කියලා ගෙදර එන්න කිව්වා .
තාත්තා ගෙදර ආවට පස්සේ ගෙදර තිබුණ ලොකු නාරාසනයකින් ඇරල ඇරල දොර කඩල දැම්ම ඒ එක්කම මම දැක්ක අම්ම මහ භයානක විදිහට හිනා වෙවී අර අරන් ගිය වීදුරුව කටින් ලේ පෙරාගෙන කෑලි කඩ කඩා කනවා මට පෙනුනා අම්මගේ ඇස්වල කඳුලු ඒ ඇස් කිව්වේ එයා ඒව කන්නෙ කැමැත්තෙන් නෙමේ කියලා අපි කාමරේ ඇතුලට යනකොටම ඉතුරු වෙලා තිබුණ අන්තිම වීදුරු කෑල්ලෙන් මමයි තාත්තයි ඉස්සරහම අම්ම එයාගෙ අතින්ම එයාගෙ බෙල්ල කපා ගත්තා අම්මත් මැරුණට පස්සේ ඒ ගෙදර ඉතුරු වුනේ මමයි තාත්තයි විතරයි.
තාත්ත කිව්වෙ වෙන දෙයක් වෙයි අපි මේ ගෙදරම ඉමු කියලා අවුරුදු පහක් දන්නෙවත් නැතුව ගෙවිල ගියා පෙබරවාරි විසි පහ දවස උදා වුනා මම එදා දවසේ තාත්ත ලගින් හෙල වුනේවත් නෑ රෑ එකොලහට විතර මට තාත්ත ලගම නින්ද ගියා එක පාරටම ඇහැරිලා බැලුවම තාත්ත පේන්න හිටියෙ නෑ එතකොට වෙලාව එකොලහයි පනහයි මම තාත්තට කතා කෙරුව කිසිම සද්දයක් ඇහුනේ නෑ මම හෙමීට අර කාමරේ දිහාට ගියා ඒ කාමරේ තාත්ත දොර කැඩුවට පස්සේ දොරක් හයි කලේ නෑ මම එතනට ගියාට පස්සෙ මම දැක්කා තාත්තා කාටද වැඳගෙන කතා කරනවා එයා එක දිගටම කිව්වෙ එකම දෙයයි සමාවෙන්න මට සමාවෙන්න ඒක තමා එක දිගටම කිව්වේ
මම බෙරිහන් දීලා තාත්තට කතා කරල එයාට කාමරෙන් එලියට එන්න කිව්ව ඒත් තාත්තට මම කියන කිසිම දෙයක් ඇහුනේ නෑ මම ඒ කාමරේ ඇතුලට යන්න හදනකොටම මම දැක්කා කවුරු හරි ගෑණු කෙනෙක්ගේ ඡායාවක් තාත්ත ගේ ඉස්සරහ ඉදල ඒ ගෑණු ඡායාව මම කාමරේට එන්න කලින් තාත්තගේ බෙල්ල අඹරලා කඩල දැම්ම එහෙම්මම තාත්ත මැරිල වැටුන තාත්තත් මැරුණට පස්සේ මම තනි වුනා මගෙ ජීවිතේ ඔහේ ගෙවිල ගියා අවුරුදු පහක් ගියා හිතාගන්න බැරි විදිහට දැන් වෙලාව එකොලහයි පනස් හතයි..පනස් අටයි...පනස් නවයයි තව ටිකෙන් පෙබරවාරි විසිපහ පහ උදා වෙනවා ....හරි ඔන්න පෙබරවාරි විසිපහ වුනා ඒ කාමරේ දිහා මම බැලුවා කාගෙදෝ මන්ද ගෑණු ඡායාවක් ඒ කාමරේ පැත්තට යනව මට පෙනුන ඒ ගෑණු කෙනා කාමරේ ඇතුලට යනවාත් එක්කම මොකක්දෝ පොතක් වගේ දෙයක් බිමට වැටුන සද්දයක් මට ඇහුන මම හෙමීට ඒ දිහාට ගියා කාමරේ ඇතුලේ කාන්තාවක් ඉන්නවා මම වගේම මගෙ මූණමයි එයාට තියෙන්නේ මම එයා දිහාට ගියා එයා ඉන්න තැන බිම වැටිල තිබුණ පොතක් මගෙ දිහාට ඇදිල ආව මම ඒ පොත අහුල ගත්තා අහුලගෙන බැලුවා දින පොතක් ඔව් ඒක දින පොතක්
මම ඒකෙ පිටු පෙරලා බැලුවා අවසාන පිටුවේ මෙහෙම දෙයක් ලියල තිබුණේ
...මට මේ කරුම ලෙඩේ හැදිල දැන් ඇවිදගන්නත් බෑ මළ මූත්‍රා ඇගේම පිට වෙනව ජගත්වත් එයාගෙ අම්මවත් මං ගැන බලන්නෑ මම හොදින් ඉන්නකොට මම එයාලගෙ හැම දෙයක්ම බැලුව ඒත් දැන් මම ලෙඩෙක් නිසා එයාල මං ගැන බලන් නෑ අද දිනේ පෙබරවාරි 25 මට ඇහෙනවා ජගතුයි එයාගෙ අම්මයි එයා දැන් යාලු වෙලා ඉන්න ගෑණියි මාව මරන්න කතා වෙනවා අනේ මට බෑ දැන්ම මැරෙන්න මගෙ දුව කේතකී තාම පුචි දරුවෙක් දොස්තරලා කිව්ව මට හොද වේගන එන්නෙ කියලා තව මාසෙන් මට හොඳටම හොද වෙනව කිව්ව ඒත් ජගත්ට එයාගෙ අම්මට මාව මරන්න ඕන වෙලා අනේ ඇයි මට එහෙම කරන්නේ..දැන් මට ඇහෙනවා එයාල කාමරේට එන සද්දෙ තව ටිකෙන් එයාල මාව මරයි ......
ඊට වඩා මොකුත් ලියල තිබුණේ නෑ මම අර මට පෙනුන මම වගේම කාන්තාව දිහා බැලුවා මට දැන් හැම දෙයක්ම තේරෙනවා මගෙ ඇත්ත අම්මව තාත්තයි ආච්චියි කුඩම්මයි එකතුවෙලා මරලා මම මෙච්චර කල් අම්ම කියලා හිතන් හිටපු අම්ම මගෙ අම්ම නෙමේ මට මතක් වෙනවා එයා මට කොච්චර වෙනස් කම් කෙරුවද මට කොච්චරනම් ගැහුවද ඒ දවස් වල මට වෙලාවකට හිතුන එයා මගෙ අම්ම නෙමේද කියලත් .
මගෙ අම්ම කවදාවත් මාව මරන්න නෑ මේ පෙබරවාරි 25 මගේ මැරෙන දවස නෙමේ මගෙ ඇස් වල කඳුලු පිරුන මගෙ අම්ම කොච්චර දුක් විදලද මට නොදැනිම මට ඉකි ගගහ ඇඩුනා මගේ අම්ම හිමීට ඇවිත් මගෙ හිස පිරිමදින බව මට දැනුනා
මම හිස ඔසවා අම්ම දිහා බැලුවා අම්මගෙ ඇස් වල මට මේ වෙනකන් නොලැබුන ආදරේ උතුරන්න තිබුණ ලස්සන හිනාවකින් මම දිහා බලල අම්ම කිව්වා.
""" මට යන්න වෙනව මගෙ දුවේ මට එන්න පුලුවන් විදිහට වරම් ලැබුනේ හැම අවුරුදු පහකටම සැරයක්. මම බලන් හිටිය ඔයාට තේරෙන වයස වෙනකන් මේ හැම දෙයක්ම කියන්න ඉතින් මම යනවා මගෙ දුව පරිස්සමට ඉන්න ඕනෙ දූට මොකක්ම හරි කරදරයක් වෙන්න ආවොත් මට කතා කරන්න මම එනව මගෙ දූට මම ගොඩාක් ආදරෙයි...."
එහෙම කියලා මගෙ අම්මා දුමාරයක් විදිහට නැත්තටම නැතිවෙලා ගියා මම දන්නවා මට මොන කරදරයක් වුනත් අම්ම ආපහු එනවා කියලා අපි හැමෝගෙම අම්මලා එහෙමයි අපිව දාල යන්නෙ නෑ කවදාවත් එයාල මිය ගියත් එයාල අපිට කරන ආදරේ කවදාවත් මිය යන්නෙ නෑ කොහේට හරි වෙලා අපි දිහාආදරෙන් බලන් ඉන්නවා
........ නිමි .................
So beautiful ..
ReplyDelete