" මල්ලී මම හිතන්නෙ නෑ මේ ට්‍රැෆික් එකේ අපිට තව පැයකටවත් එයාර්පෝට් එකට යන්න පුලුවන් වෙයි කියලා "


ඇති වී තිබුණ දැඩි වාහන තද බදය දිහා බාලාගෙනම කුලී රථයේ රියදුරා පසුපස ආසනයේ වාඩි වී සිටින අෂාන්ට කිව්වා .


" ඒක තමා මේ මාත් කල්පනා කලේ බලමු කොහොම හරි ඊගාවට තියෙන ෆලයිට් එකකට හරි චේන්ජ් කරගන්න බලනවා "


" කොහොම හරි මම පුලුවන් තරම් ට්‍රයි කරනවා මල්ලිව වෙලාවට කලින් එයාර්පෝට් එකට ගිහින් 

දාන්න "


" ලොකු උදව්වක් අයියේ නැත්නම් මට වෙනම ගාණක් වියදම් වෙනවා "


අවුරුදු ගාණක් උත්සහ කරල තමා අෂාන් යුරෝපෙ රැකියාවට යන හීනෙ හැබෑ කරගත්තෙ කොහොම හරි අද තමා ඔහුට ගුවන්ගත වෙන්න තියෙන දවස ඒත් උදේ ඉදන් ඔහුට බදා තමා සිද්ධ වුනේ එයාර්පෝට් එකට යන්න කියල කතාකරගත්ත වාහනේ ටයර් දෙකක් කපල තිබුණ කවුරු හරි. 


ඊට පස්සෙ තමා මේ දැන් ඔහු ගමන් කරණ කුලී රථය හම්බ වුනේ ඒකත් දැන් දෙපාරක්ම මග කැඩුනා.කොහොම හරි එයාර්පෝට් එකට අෂාන් ආව ඒත් වැඩක් වුනේ නෑ ඒ වෙන කොටත් ඒ ගුවන් යානය පිටත් වෙලා ආයෙත් අෂාන්ට ඔහු යන රටට ගුවන්යානයක් තිබුනේ පහුවදාට ඔහු ඒ ගුවන් යානයේ යන්න අවශය කටයුතු කෙරුවා.ඊට පස්සෙ ආපහු ගෙදර යන එක අශුබයි කියලා හිතලා අෂාන් ගෙ පෝන් එකෙන් අන්තර්ජාලයට ගිහින් බැලුවා එදා දවස ගෙවාගන්න පුලුවන් හොටෙල් එකක් තියෙනවද කියලා .


නමුත් එක හෝටලයක් වත් ඔහුට හොයාගන්න බැරිවුනා බලාපොරොත්තු කඩ වුන අෂාන් ගමන් බෑගුත් අරන් ගුවන් තොටුපලෙන් පිටතට ආවේ ආයෙත් කුලී රථයකින් ගෙදර ගිහින් පහුවදාට යන්න එනවා කියලා හිතලා පාරට එනකොටම අෂාන් දැක්කා අර ඔහුව එයාර්පෝට් එකට අරන් ආව කුලී රථ රියදූරාව. ඔහු අෂාන් එක්ක සුහදව සිනා සුනා ඊට පස්සෙ අෂාන් ලගට ඇවිත් මෙහෙම කිව්වා .


" මට හිතුන මල්ලිට යන්න බැරි වෙයි කියලා ඒකයි කෝකටත් මම ආපහු යන් නැතුව බලන් හිටියේ ..ඉතින් මොකද කරන්නෙ ආපහු මල්ලි ගෙදර යනවද ගෙදර යන එකනම් අසුභයි වගේ නේද හෝටලේකටවත් යනවද ..?"


" ගෙදර තමා යන්න වෙන්නෙ අයියෙ හෝටල් ඔක්කෝම බුක් වෙලානේ "


" ෂක්..හරි අපරාධයක්නෙ මල්ලි කැමතිනම් මම දන්න පොඩි හෝටලයක් තියෙනව ගිහින් දාන්නද ..?"


" අනේ ලොකු දෙයක් අයියේ යමු දැන්ම එතනට "


අෂාන් එහෙම කිව්වා ඊට පස්සෙ බෑග් ටිකත් කුලී රථයට දාගෙන කුලීරථ රියදුරා කියපු ඒ හෝටලය වෙත ආෂාන් ගියා ...එයාපෝර්ට් එකේ ඉදන් කිලෝ මීටර් තුනක විතර දුරකින් තමා ඒ හෝටලය තිබුණේ අෂාන්ව ඒ කුඩා ලැගුම්හලෙන් දාල කුලී රථ රියදුරා යන්න ගියා ලැගුම්හල අයිති වෙලා තිබුණේ කාන්තාවකට ඒ කාන්තාව පමණයි ඒකෙ වැඩ කටයුතූ බැලුවේ ඉතින් ඒක නිසා අෂාන්ටම තමා ඔහුගේ ගමන් මලු ටික කාමරයට අරන් යන්න උනේ කාමර පහ හය කට වඩා තිබුණේ නැති ඒ ලැගුම්හලේ කෙලවරේම තිබුණ කාමරය අෂාන්ට හම්බ උනා කාමරය ඇතුලට යනවත් එක්කම අෂාන්ගේ සිරුර වෙලා ගත්තෙ සීතලම සීතල සුළං රැල්ලක් නිසා ඔහුගේ ගත කිලිපොලා ගියා ඔහුට තේරුම් ගන්න බැරි උනේ කාමරේ ජනෙල් සියල්ලම වහල තියෙද්දිත් කොහොමද ඒ සීතල සුලගක් කාමරේ ඇතුලට ආවේ කියලා ඒත් ඒ ගැන ඔහු වැඩිය හිතන්න ගියේ නෑ ගමන් මලු ටික ඇඳ මතින් තියලා කාමරේ දොර වහල දැම්ම .


දොර වහපු ගමන් අෂාන්ට තේරුනා කාමරේ ඔහු විතරක් නෙමේ තවත් කවුරු හරි ඉන්නවා වගේ ඒත් කිසිම කෙනෙක් පෙනුනේ නෑ ඒ දැනෙන හැඟිම නිසාම ඔහු බාත්රූම් එකේ දොර ඇරල බැලුවේ සැකෙන් වගේ ඒත් ඒක ඇතුලෙත් කවුරුවත් හිටියෙ නෑ බාත්රූම් එක හොද පිරිසිදුව තියෙනවා දැකපු අෂාන්ට හිතුන එහෙමම නාගෙන නිදාගන්නව කියලා .


ඊට පස්සේ අෂාන් බාත්රූම් එකට වෙලා නාන්න පටන් ගත්තා විනාඩි පහක් ගියේ නෑ ඔහුට ඇහුනා කාමරේ දොර මහ සද්දෙන් ඇරුන කියලා දොර ඇරුන ශබ්දය නිසා කලබලයට පත් අෂාන් බාත්රූම් එකේ දොර ඇරලා බැලුවේ මොකෙක් හරි හොරෙක්වත් කාමරයට ආවද කියලා ඒත් කිසිම කෙනෙක් හිටියේ නෑ කාමරේ ඒ විතරක් නෙමේ කාමරේ දොරත් වැහිලා තිබුනේ .


..... මේ මොන කෙහෙල්මලක්ද මට දැන් ඇහුනනේ දොර අරින සද්දේ ඒ වුනාට දැන් ඔය මම වහල තිබ්බ විදිහටම තියෙන්නේ.... 


ඒ සිතුවිල්ලේම අෂාන් තව දුරටත් නාගන්න තවමත් වතුර වෑස්සෙන ෂවර් එක යටට ගියා ෂවර් එකෙන් වෑස්සෙන වතුර අෂාන්ගේ ඇඟට වැටෙනවාත් එක්කම ඔහු මර හඬ දීගෙන ඉවතට පැන්නා මන්ද යත් ෂවර් එකෙන් වෑස්සෙන වතුර ලෝදිය මෙන් රස්නෙ වෙලා තිබුණ නිසයි තව දුරටත් ඒ වතුරෙන් නෑම ඔහුට කල නොහැකි නිසා බාත්රූම් එකෙන් එලියට ඇවිත් ගමන් මල්ලෙන් ඇදුමක් අරගෙන ඇඳගත්ත ඊට පස්සෙ ගමන් මල්ලෙ දාගෙන ආපු ඔහු මගදි මිල දී ගත් සිගරට් පැකැට්ටුවෙන් සිගරුට්ටුවක් දල්වාගෙන කාමරේ ජනේලයක් විවෘත කරගෙන එය උරන්නට වුනා ඒ එක්කම ලැගුම්හලෙන් පිටත සිදුවුන සිදුවීමක් දැකලා ඔහු විශ්මයට පත් වුනා ඔහු දැක්කා ලැගුම් හලෙන් පිටත් අර කුලී රථ රියදුරා සහ ලැගුම්හල අයිති කාන්තාව මොන මොනවාදෝ කතා කරමින් ඉන්නව කුලී රථ රියදුරා කතා කරන ගමන් අෂාන් දිහා තුන් හතර පාරක්ම බැලුව ඒත් කලින් තිබුණ සුහද බව ඔහුගෙන් ගිලිහිලා තිබුනා .


.....මුන් නම් මෙහෙමම තමා හයර් එක යනකන් පණ දෙන්ඩ වගේ ඊට පස්සෙ අදුරන් නැති ගාණට රඟපානව කාලකණ්නි.....


නොරිස්සුමෙන් එහෙම හිතපු අෂාන් ජනේලය වහලා දැම්මා ඊට පස්සෙ බාත්රූම් එකට ගිහින් නිදාගන්නව කියලා හිතුව ඔහු බාත්රූම් එකට ගිහින් කොමඩ් එක වහල තිබුණ පියන ඇරියා ඒ එක්කම එතුල තිබුණ දේ දැකලා ඔහුගෙ සියොලඟම වෙව්ලුවා දැනුන බයට ශරීරය පුරා දහඩිය ගලන්නට වුනා කොමඩ් එක පිරෙන්නම පිටාර ගලන්න තරමටම ලේ පිරිල තිබුණ ඒ ලේ උඩ කාන්තාවකගේ සිරුරෙන් වෙන කරණ ලද හිසක් තිබුණ ඇස් පිය වී තිබුණ ඒ හිස එක්වරම ඇස් ඇරියා ඊට පස්සේ අෂාන් දිහා බලල වියරු සිනාවක් පෑව.



දුටු දර්ශනය නිසා අෂාන් යටි ගිරියෙන් බෙරිහන් දීගෙන කොමඩ් එකේ පියන වහන්න අත දිගු කරනවත් එක්කම ඔහුට ඇහැරුණා වට පිට බැලුවම ඔහුට තේරුනා ඇඳ මත ඔහුට නින්ද ගොස් සිහිනයක් දැක ඇති බව දැනුන චකිතය නිසාම අෂාන් වහා බාත් රූම් එකට දිව ගොස් කොමඩ් එකේ පියන ඇරියා දුටු දර්ශනය නිසා ඉබේටම ඔහුට කෑ ගැසුනා 

කොමඩ් එක ඇතුලේ වතුර මත පාවෙමින් කාන්තාවකගේ දිගු කොණ්ඩයක් තිබුනා අෂාන්ට මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරිවුනා ඔහුගේ මුලු ඇගම වෙව්ලන්නට වුනේ සිතේ තිබුණ බය දෙගුණ තෙගුන වෙලා තිබුණ නිසයි හිමීට කොමඩ් එකේ පියන වහපු අෂේන් බාත්රූම් එකෙන් පිට වෙන්න දොර ලගට යනවත් එක්කම සට සට ගාල ශබ්දයක් ඇති කරමින් කොමඩ් එකේ පියන දෙපසට වැනෙන්නට වූනා අෂාන් ඉක්මණට ඇඳේ තිබුණ බරති ගමන් මල්ලක් කොමඩ් පියන මතින් තියලා පිම්මෙ දුවගෙන ගිහින් ලැගුම්හල අයිති කාන්තාවට සිද්ධවුන හැම දේම කිව්වා ඒක අහලා ඒ කාන්තාවත් කලබලයට පත් වුන බවක් පෙනුනා ඊට පස්සෙ අෂාන්ගේ පස්සෙන්ම වහාම ඇය ආව අෂාන්ගේ කාමරයට .


කාමරේ දොර ඇරල බලපු ගමන් අෂාන් ගේ දෑස් විසල් වුනා මොකද කිව්වොත් අෂාන් කොමඩ් එක උඩින් තියපු ඔහුගේ ගමන් මල්ල ඇඳ උඩ තියෙනව දැකල ඔහු කාමරයට ඇතුල්වෙන තැනම නතර වුනා ඒත් ලැගුම්හල අයිති කාන්තාව දැඩි සිතක් තිබූ තැනැත්තියක් වූ නිසා ඇය කාමරය ඇතුලට ගිහින් හැම තැනම බැලුවා ඊට පස්සේ බාත්රූම් එකත් සෝදිසි කරන්න ඒක ඇතුලට ගියා අෂාන්ට හිතුන තව ටිකෙන් කාන්තාව විලාප තියාගෙන එයි කියල කොමඩ් එක ඇරියම ඒත් එහෙම උනේ නෑ ඇය බාත්රූම් එකත් සෝදිසි කරල එලියට ඇවිත් අෂාන් දිහා සුනාමුසුව බලල මෙහෙම කිව්වා.


" ගමන් මහන්සිය නිසා ඔය විකාර පේන්නේ දැන්ම නිදා ගන්න මෙහෙ මොකෙක්වත් නෑ " 


එහෙම කියලා ඇය යන්න ගියා කාමරේ දොර වහල දාපු අෂාන්ට එක පාරටම ජනේලෙන් පිටත අර ලැගුම්හල් අයිති කාන්තාව කුලී රථ රියදුරා එක්ක කතා කරමින් ඉන්නවා ඒක දැකලා අෂාන් විශ්මයට පත් වුනා මොකද මෙච්චර ඉක්මණට ඇයට එතනට ඒමට නොහැකි බව අෂාන් හොදින් දැන සිටි නිසයි අෂාන් ඉක්මණින් කාමරේ දොර විවිර කලා.. පිටත ලැගුම්හලේ අයිති කාර කාන්තාව දොර ලගම සිනාසෙමින් සිටියා බියට පත් අෂාන් වහා දොර වසා දැමුවා මරබයේ උපරිමයට ලං වෙලා හිටිය අෂාන් දොර සහ ජනේල සියල්ල වසා දමා විදුලි පහන්ද නිවා දමා හිසේ සිට රෙද්දක් පොරෝගෙන නිදාගන්නට වුනා 


නමුත් එක්වරම අෂාන්ට තේරුනා කවුරු හරි කාමරයේ ඇතුලෙ ඉදන් විදුලි පහන් නිවමින් දල්වමින් සිටින බව ඔහු හිමීට හිස වසාගෙන සිටිය පෝරෝනය ඉවත් කර බැලුවා ඔහු දුටුවා ලැගුම්හල අයිති කාන්තාව පුටුවක් මතට වී විදුලි පහන් දල්වන ස්විච් එහෙට මෙහෙට කරමින් අෂාන් දිහා වියරු බැල්මක් හෙලා ගෙන බලා සිටින බව දුටු දර්ශනය නිසා ඒ ලැගුම්හලෙන් වහා පිටව යාම සුදුසුම ක්‍රියාව බව හිතපු අෂාන් කාමරයේ දොර ලඟට ගියේ ඉක්මණින් මේ භයානක තැනින් පිටව යාමටයි.


නමුත් ඔහු කාමරයේ දොර විවර කිරීමට පෙරම ලැගුම් හල අයිති කාන්තාවගේ දඩුඅඩුවක් වැනි අතට අෂාන්ගේ ගෙල අසුවුනා කිටි කිටියේ සිරවුන ගෙල කාන්තාවගේ යකඩයක්වගේ ශක්තිමත් අතෙන් බේරාගැනීමට දැඩි උත්සහයක් දැරූ අෂාන් ඔහුට දැනෙන වේදනාව උග්‍ර වූ හෙයින් සිහිමූර්ජා වුනා.


කොපමණ වේලාවක් සිහිසුන් වෙලා හිටියද කියල අෂාන්ට මතකයක් නෑ ඒත් සිහි එනකොට ඔහු හිටියේ වතුර එකක හිස ඔබාගෙන එක පාරටම හිස එලියට ගත්තම තමා අෂාන් දැක්කේ ඔහු හිස ඔබන් හිටියේ කොමඩ් එකට බව ඒක දැකලා එක දිගට වමනය දාපු අෂාන් මුහුණ හත් අට පාරකට වඩා සබන් දාල හේදුව ඊට පස්සේ මූණ පිහදගන්න තුවාය ගත්ත ඔහුට තුවාය පුරා තිබුණ දේවල් දැකල බයට දහඩිය ගලන්න ගත්තා


තුවාය පුරා තිබුණේ කාන්තාවකගේ හිස කෙස්.. ඔහුට මේ සිද්ධ වෙන දේවල් හීනයක්ද ඇත්තක්ද කියලා හිතාගන්නවත් බැරිවුනා අෂාන් ඉක්මණටම බාත්රූම් එකෙන් එලියට ඇවිත් තමන්ගේ ගමන් මලුත් අරන් මේ භයානක තැනින් පිට වෙන්න කියලා දොර ඇරගෙන එලියට ආව එලියේ ඔහුට දක්නට ලැබුන දේට ඔහුගේ ගත අප්‍රාණික වන බවක් දැනුන එලියේ ඔහු වටේට ලැගුම්හල අයිති කාන්තාවගේ සමාන පෙනුම තිබුණ කාන්තාවෝ සිය දහස් ගණනක් හිටියා ඒ හැමෝගෙම ශරීර හැම තැනම මොකකින් හරි කපපු තුවාල කැලල් තිබුණ අෂාන් ලගටම ආපු ඉස්සරහම හිටපු කාන්තාව ඔහුගේ කණට කරල මහා භයානක හඩකින් මේ විදිහට කිව්වා ..


;;;;; හැම තිරිසනාම උගෙ පරම්පරාව බෝ කරන එකයි මම මැරුවා දැන් තෝත් තොගෙ තාත්ත කියන තිරිසනා කරපු වැරදි වලට වන්දි ගෙවපිය ඒ තිරිසනාව මම කලින්ම මැරුවා දැන් තොගෙ වාරේ;;;;;;;;;,


ඒ ටික කියනවාත් එක්කම ඔහුගේ පියා අවුරුදු ගාණකට කලින් අතුරුදහන් වූයේ කොහොමද කියලා ඔහු දැනගත්තා ඊට පස්සෙ අෂාන්ට දුටු දේවල් නිසා පීඩනය දරාගැනීමට නොහැකිව නැවත සිහි නැති වුනා 


නැවත සිහි ලබන විට ඔහු හිටියේ අපිරිසිදු ගද ගහණ කාමරයක ඔහුට සිහිය එනවත් එක්කම ඒ කාමරේ දොර ඇරගෙන අර කුලී රථ රියදුරා ඇතුලට ආවා ඔහු ඇතුලට ඇවිත් කබල් පුටුවක් අරන් අෂාන් ඉදිරියේ වාඩි වුනා අෂාන් මේ භයානක තැනට ගෙනත් දාපු ඒ කුලී රථ රියදුරාට පහර දීමට අෂාන්ට සිතුනත් ඔහුගේ ශරීරය පණ නැති වීමට කුමක් හෝ දෙයක් සිදුව තිබුණ නිසා අසරණව කුලී රථ රියදුරා දෙස බලාගෙන හිටියා ඊට පස්සෙ හෙමීට පහත් හඩින් හඩමින් අෂාන් මේ විදිහට ඇහුව.


"" ඇයි මට..මෙහෙම කලේ ඇයි මාව මෙතනට ගෙනත් දැම්මේ මම කාටවත් වරදක් කරල නෑ"""


" ඒක ඇත්ත මල්ලි ඒත් තාත්තලගේ වැරදි වලට සමහර විට පුතාලටත් වග කියන්න වෙනවා ඒක සාධාරණ නෑ තමා ඒත් ඉතින් සැනසීමක් නැති ආත්ම ඔය සාධාරණේ අසාධාරණේ ගැන තැකීමක් කරන් නෑ මම ඔහේට කතාවක් කියන්නම් මේක අවුරුදු ගාණකට කලින් උන දෙයක් ශාන්ති කියලා ගෑණු කෙනෙක් හිටිය උගත් හොද බුද්ධියක් තිබුණ හරීම ලස්සන ගෑණියක් හැබැයි කොච්චර බුද්ධිමත් වුනත් ආදරය කියන කාරණයේදී තීරණ ගන්නකොට මරි මෝඩයෝ වෙනවා බුද්ධිමත් කියන අයත් .


එහෙම දෙයක් තමා ශාන්තිටත් වුනේ ශාන්ති ආදරය කෙරුව සනත් කියලා කෙනෙකුට ගෙදර අය සනත්ට කැමති වුනේ නෑ ඒක නිසා ශාන්ති එක රැයක ගෙදරින් පිට වෙලා ගියා සනත්ගේ කැදැල්ලට මුල් සතිය විතරයි සනත් හොදට හිටියේ ඊට පස්සෙ තමා ශාන්ති තමන් ආදරය කරපු යක්ෂයාගේ නියම මූණ දැක්කේ හැම දාම බීගෙන ඇවිත් කරණ සනත් ගෙ ගුටි බැට දීම ඉවසගෙන ශාන්ති මාස ගාණක් හිටියා දවසක් සනත් ගෙදරට වෙන ගෑණියෙක් ගෙනාව ශාන්ති රංඩු කලා හඩා වැලපුනා අවසානේ හොදටම සනත්ගෙන් පහර කාල සනත්ගෙ ගෙදරින් දඩාවතේ යන බැල්ලියක් වගේ එලි බහින්ඩ උනා ශාන්තිව ගෙදරින් බාර ගත්තෙත් නෑ කන්ඩ බොන්ඩ නැතිව පාරේ වැටිල ඉදල මට හම්බ වුනා මම එයාව අදුරන නෑදෑ ගෙදරක නවත්තල ගාමන්ට් එකක රස්සාවකුත් හොයල දුන්න.


පස්සෙ ශාන්ති ගෙදරත් මහන වැඩ කෙරුව කොහොම කොහොම හරි සල්ලි ඉතුරු කරල මේ ගෙස්ට් හවුස් එක ගත්තා සනත් දැනගෙන තිබුණ ශාන්තිට දැන් සල්ලි තියෙනව කියල කොහොම හරි සනත් ඇවිල්ල සමාව අරන් අඩල දොඩල රඟපෑමක් කරල ශාන්තිගේ විශ්වාසය ආදරය ආයෙ දිනාගත්තා කාලයක් ගියා ගෙස්ට් හවුස් එකේ මුදල් පාලනය තිබ්බෙ ශාන්ති අතේ සනත්ට ඕන උනා ඒක සනත්ගෙ අතට ගන්න සනත් ඒක චාටුවෙන් ඒක ශාන්තිට කිව්වත් ශාන්ති කැමති වුනේ නෑ දවසක් ශාන්තිව ගෙස්ට් හවුස් එකේ කාමරයක් ඇතුලට බොරු හේතුවක් කියලා ශාන්තිව එක්කන් ගිහින් සනත් පිටට ඇවිත් දොර වැහුව ශාන්ති කාමරේ ඇතුලේ තනි වුනා ඒත් එයා කාමරේ ඇතුලේ තනියම නෙමේ ඉන්නෙ කියලා වැඩි වෙලා යන්න කලින් තේරුනා ඒ වගේම සනත් කරල තියෙන අසික්කිත වැඩෙත් තේරුනා කාමරේ බාත්රූම් එක ඇතුලේ ඉදන් එලියට ආපු පිරිමි හතර දෙනෙක් රෑ එලි වෙනකන් මාරුවෙන් මාරුවට ශාන්තිව විනාශ කෙරුවා ශාන්ති ඇඩුවා උන් ලග බැගෑපත් වුනා ඒත් උන් ඒ කිසිම දෙයක් කණකට ගත්තෙ නෑ 


පහුවදා උන් සල්ලි මිටියක් සනත්ට දීල පහුවදාත් රෑ එනව කියලා ගියා එක දිගට දවස් පහක් උන් ශාන්තිව විනාශ කෙරුව හැම රෑකම ඇවිත්. හය වෙනි දවසේ ශාන්ති රංඩු කලා බැන වැදුනා ඇයව විනාශ කල උන්ගේ පරම්පරා නැති කරල දානව කිව්වා සනත්ට පහර දුන්නා සනතුත් ශාන්තිට පහර දුන්නා ..අවසානේ සනත් ගැහුව පාරකින් ශාන්ති මැරුණ ශාන්ති මැරුණට පස්සෙ සනත් ශාන්තිගෙ සිරුර හංනගන්ඩ තිරිසන් සතෙක්වත් නොකරන වැඩක් කලා ශාන්තිගේ ශරීරේ චූටි චූටි කෑලි වලට කපලා හැම කාමරයකම තියෙන කොමඩ් ඇතුලට දාලා වැසිකිලි වලට යැව්වා .




එහෙම මැරුණ ශාන්ති තමා උඹව මෙහෙට එද්දි පිලිගත්තේ ශාන්තිට දවස් පහක් බලහත්කාරකම් කෙරුවේ උඹේ තාත්තයි උගෙ යාලුවොයි යාලුවන්ගෙ දරුවොයි සනත්වයි ඔක්කෝම ශාන්ති මැරුව අවසානේ උඹ විතරයි ඉතුරු උනේ මම තමා උඹ රට යන්න කතා කරපු වාහනේ ටයර් මහ රෑ ඒ ගෙදරට ගිහින් කැපුවේ ඊට පස්සෙ බොරුවට හයර් එකක් ආව වගේ කියල යන ගමන් උඹේ හයර් එක භාරගත්තේ වාහනේ මග දිගට නතර කරල මම හිතා මතාම පරක්කු කෙරුව උඹව මෙතනට ගේන්ඩ ඕන නිසා උඹ මේකට වග කියන්න ඕන නෑ ඒත් උඹේ තාත්තගේ වැඩ නිසා උඹට ත් මැරෙන්න වෙනවා .."


එහෙම කියලා කුලීරථ රියදුරා පුටුවෙන් නැගිටලා අෂාන්ව කාමරයේ තනි කරල කාමරයේ දොර වහලා යන්න ගියා කාමරයේ ඝන අන්ධකාරය පැතිරුනා ඒත් ඒ ටික වෙලාවකට විතරයි එක් පාරටම කාමරයේ විදුලි පහන් දැල් වුනා අෂාන් වැටිල හිටියේ ඒ කාමරේ බාත්රූම් එක ලගමයි ඔහුගේ දෑස් ඉදිරියේම තමා බාත්රූම් එකේ කොමඩ් එක තිබුණේ අෂාන් දැක්ක එක පාරටම කොමඩ් එකේ පියන විවර වුනා ඒ එක්කම කොමඩ් එකෙන් බුබුලු දමමින් ලේ පිටාර ගලන්න ගත්තා ඒ එක්කම කොමඩ් එකෙන් අතක් එලියට ආව ඊලගට අනිත් අත ඊට පස්සෙ ලැගුම්හල අයිති ශාන්තිගේ මුහුණ එලියට ආවා ටිකෙන් ටික මුලු ශරීරයම කොමඩ් එකෙන් එලියට ආවා මේ භයංකාර දර්ශනය දැක අෂාන් යටි ගිරියෙන් කෑ මොර දුන්නා හෙමීට අෂාන් ලගට ආව ශාන්තිගේ අවතාරේ ඔහුගේ උගුරු දණ්ඩෙන් සිරකොට අල්ල ගත්තා ඊට පස්සේ ගොරහැඩි හඩින් මෙහෙම කිව්වා .


"""""" අදින් පස්සෙ මගෙ ආත්මයට සැනසීමක් එයි හැම එකාගෙම පරම්පරාවම මම නැති කෙරුවා දැන් තෝවත් මරලා තොපේ පරම්පරාවත් නැති කරනවා """"""


එහෙම කියලා වියරු ලෙස මහ හඩින් හිනාවෙලා අෂාන්ගේ බෙල්ලෙන් උස්සගෙන ගිහින් ලේ පිරිල ඉතිරෙන කොමඩ් එකේ මූණ එබුවා ටික වෙලාවක් බේරීම සදහා දගලමින් අසාර්ථක උත්සහයක යෙදුනු අෂාන් ගේ සිරුර එක්වරම නිසල වුනා.



........ නිමි .....................




Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය