මැදියම් රෑ භීෂනය
" මහත්තයෝ මේ වෙලාවට බ්‍රිස්ටල් නගරයට යන්න දුම්රියක් නෑ ඒ වගේම වෙන අශ්ව කරත්ත යක් හොයන්නවත් හම්බවෙන්නේ නෑ දැන් රෑ දොළහ ත් පැනල ඉතින් කොහෙද කරත්ත කාරයෝ අල්ලන්නේ උන් ඔක්කොම බඩ පුරා වයින් බීල ගොරොද්දේ අදිනව ඇති...හහ්..හහ්"..
අශ්ව කරත්තයේ රියදුරා සමච්චලයට සිනා වෙමින් පැවසුවේය.
තම මවගේ හදිසි අභාවය සදහන් ටෙලිග්‍රෑමය නැවත වතාවක් බලා තම කබායේ සාක්කුවට රුවා ගත් මාර්ටින් හෝෆ්ස් දිගු හුස්මක් හෙලා රියදුරු ඇමතුවේය.
" ලන්ඩනයේ ඉදල බ්‍රිස්ටල් වලට තමුසේ ඉල්ලන ගාණ බොහෝම සැරයි නමුත් මේ වෙලාවේ මට ඔහේත් එක්ක යන්නම වෙනව.."
" මහත්තයෝ එහෙම කතා කරන්න එපා ඕනෙම නම් මහත්තයට පයින් යන්න පුලුවන් පැය දහ අටක් යයි වැඩිම උනොත් හැබැයි ඉතින් මග කැලෑවල ඉන්න වෘකයින්ගෙන් වලස්සුන්ගෙන් මහත්තයගේ ජීවිතේ බේරෙයිද කියලනම් මට සැකයි.."
නැවතත් සමච්චල් සහගත සිනාව පාමින් අශ්ව රථයේ රියදුරු පිළිතුරු දුන්නේය.
" මම දන්නව ගමනේ තියෙන බැරෑරුම්කම දැන් ඉතින් ඔය තමුසෙගේ මෝඩ හිනාව පැත්තකින් තියල ගමන යමු මම දෙන්නම් තමුසේ ඉල්ලන ගාණ අඩුවක් නැතුව.."
"හහ්..හහ්..හහ් මහත්තයට මොලේ තියෙනව කොහොමටත් ඔය ලොකු මහත්වරුන්ට හොඳට මොලේ තියෙනව මේ අපිට වගේ නෙමේ ඕන් එහෙනම් මහත්තයෝ අපි යමු.."
අශ්ව කරත්තයේ රියදුරා අවඥ්ඥා සහගත බැල්මක් මාර්ටින් වෙත හෙලමින් පැවසුවේය.ඉන් පසු පවනට බඳු වේගයෙන් අශ්ව රථය හසුරවන්නට විය.
අශ්ව රථය පිටින් බලන විට ජරා වාස පෙනුමක් තිබුණත් ඇතුල සුරපුරයක් බඳුව තිබුණි රථය යන වේගය හා සසඳා බලන කල හෙල්ලීම් පැද්දීම් තිබීමට හේතුව වුවත් ඒ කිසිවක් සිද්ධ වූයේ නැත.
මාර්ටින් හට මෙම රථය පුදුමයක් ව තිබුණේය ඔහු මෙවන් සුව පහසු කුලී අශ්ව රථයක් කිසි දිනක දැක තිබුණේ නැත ලන්ඩන් නගරයේ අවසාන මිනිස් වාසයත් පහුවන විට රථය තුලින් සැර ගඳක් වහනය වන්නට විය මාර්ටින් හට හුස්ම ගැනීමේ අපහසුව සමග හිස භ්‍රමණය වන්නාක් මෙන් හැඟීමක් ඇති වූයේය.තවත් මොහොතක් යාමටත් මත්තෙන් ඔහු සිහි මුර්ජා වුයේය.
*************************************************
" තමන්ගේ අම්මගේ අම්මාගේ අවමංගල්‍යටවත් එන්ඩ බැරි සහෝදරයෙක් ගෙන් මට කිසිම ප්‍රයෝජනයක් නෑ ලීසා"
ඩේවිඩ් හෝෆ්මන් කෝපයෙන් දත්කූරු සපමින් කෑ ගැසුවේය.
" ඒත් ඩේවිඩ් අපි දන්නේ නැහැනේ මාර්ටින් ට මොකද්ද වුනේ කියල " ඩේවිඩ් හෝෆ්මන්ගේ බිරිඳ ලීසා සන්සුන්ව පිළිතුරු දුන්නාය.
" ඌට මොනා වෙන්නද පාහරය. මට තේරෙන්නේ නැත්තේ ඇයි ඌට අම්මගේ මළගමට එන්ඩ බැරි කියල ඔව් දැන් ඌට සල්ලි තියෙනව ආන්න ඒකයි හේතුව ඔය සල්ලි කාර කැනහිල්ලෝ සල්ලි වියදම් කරන්න කැමති නෑ ඌට මෙහෙට එන්න අශ්ව කරත්තෙකට සෑහෙන ගාණක් වියදම් වෙනව ඒක ඉතුරු කර ගන්න තමා ඔය අවමංගල්‍යට සහභාගි වෙන්න ආවේ නැත්තේ.."
" හොඳයි ඩේවිඩ් අපි හිතමු මාර්ටින් එන්නේ මැදියම් රාත්‍රියේ අශ්ව කරත්තයක හැබැයි මගදි මොකක්ම හරි කරදරයක් හරි ප්‍රශ්නයක් හරි වෙන්න බැරිද ඇයි ඔයාට ඔයාගේ සහෝදරයගේ පැත්තෙනුත් හිතන්න බැරි."
ලීසා පැවසූ එම කරුණ ගැන ඩේවිඩ් සිතන්නට විය. ඩේවිඩ් සහ මාර්ටින්ගේ පියා මිය ගියාට පසු මව ඉතාමත් දුක් මහන්සියෙන් ඔවුන් දෙදෙනා රැක බලා ගත් අතර මවට වැඩිපුරම සෙනෙහස පෑවේ මාර්ටින් බව ඩේවිඩ්ගේ මතකයට නැගුනේය ලන්ඩනයට රැකියාවක් සදහා ගිය මාර්ටින් සෑම සතියකම මවගේ සැප දුක සොයා බැලීමට ලිපියක් එවූ බවද ඩේවිඩ් ගේ මතකයට නැගුනේය
" ලීසා මම ලන්ඩනයට යනව මගේ සහෝදරයට මොකක්ද වුනේ බලන්න "
" ඔව් ඩේවිඩ් ඔයා අනිවාර්යයෙන්ම ගිහින් මාර්ටින්ට මොකද වුනේ කියල බලන්න ඕනේ ඔයාල දෙන්න ගැන දෙන්නට දෙන්න හොයල බලන එකට අම්ම ගොඩක් කැමැත්තෙන් හිටියේ."
"උදේ පාන්දර දුම්රියෙන් මම ලන්ඩනයට යනව ලීසා ඔයාට පුලුවන්ද මගේ ඇදුම් දෙක තුනක් බෑගයකට දාන්න සමහර විට මට දවස් දෙක තුනක් ඉන්න වෙයිද දන්නේ නැහැ"
එදින රාත්‍රිය ඩේවිඩ් හට නිදි වර්ජිත රාත්‍රියක් වූයේය.
නො: 30
ඔක්ස්ෆෝඩ් මාවත
ලන්ඩන්
ඩේවිඩ් තම අත රැදි කඩදාසියේ සදහන්ව තිබූ ලිපිනය දෙස නැවත වරක් බලා කඩදාසි කැබැල්ල තම කබා සාක්කුවේ රුවා ගත්තේය.
....මාර්ටින් නැවතිලා හිටපු නිවසනම් මේක මොකද කරන්නේ මෙතන තියෙන සීනුව නාද කරනවද නැත්නම් දොරට තට්ටු කරනවද සීනුව නාද කරල ඇතුලේ ඉන්න අයට ඇහුනේ නැත්නම් එහෙම ඒක නිසා දොරට තට්ටුවක් දාල බලනව...
එසේ සිතමින් ඩේවිඩ් නිවසේ දොරට කිහිප සැරයක්ම තට්ටු කලේය අවසානේ නිවසේ දොර ඇරුණි ශාප කරමින් කෝපයෙන් බෙරිහන් දෙමින් මහලු මිනිසෙක් නිවසෙන් එලියට පැමිණියේය
" මොන බැල්ලිගේ පුතාද දොරට ගහන්නේ ඔතන සීනුවක් තියෙනව එකෙකුටවත් ඒක පෙනෙන් නැද්ද හැම පාහරයම දොරට ගහන එක කරන්නේ.."
" අනේ උන්නැහේ සමාවෙන්ඩ ඕනේ මම මේ බ්‍රිස්ටල් නගරයේ ඉදල ආවේ මගේ සහෝදරය අම්මගේ අවමංගල්‍යට ආවේ නැත්තේ මොකද කියල බලන්ඩ"
" හොඳයි හොඳයි මම ඔහේට සමාව දුන්න කියමුකෝ තමුසේ ආවේ මෙහේ නැවතිලා ඉන්න මාර්ටින් ගැන බලන්නද ඒ වගේ වැදගත් මනුස්සයෙක් ඔහේගේ සහෝදරයෙක් කියල හිතන්නත් අමාරුයි ...නමුත් දැන් දවසකට කලින්
මැදියම් රෑ අවමංගල්‍යට යන්න ඕනේ කියල මෙහෙන් පිටත් වුනානේ.."
" මොනවා ඒ...ඒත් ..මාර්ටින් බ්‍රිස්ටල් නගරයට ආවේ නැහැනේ "
ඩේවිඩ් විශ්මය රැදි දෙනෙතින් එම මහලු මිනිසා දෙස බලා ප්‍රකාශ කලේය.
" දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ ඔහේ වහාම පොලිස් ස්ථානයට යනව ගිහින් පැමිණිල්ලක් දානව දැන් ටික දවසක ඉදල ලන්ඩන් නගරයේ මිනිස්සු අතුරුදන් වෙන කතාවක් පැතිරෙනව මම හිතුවේ ඒක කවුරු හරි ගොතපු අමු බොරුවක් කියල දැන් බලන් ගියාම ඒ කතාව බොරුවක් නෙමේ ඔතන උඩ බිම බලන්න නෙමේ මම මේ කියන්නේ වහාම මේ දැන්ම ඔහේ යනව පොලීසියට.."
ඩේවිඩ් ඔහුගේ සොහොයුරා මාර්ටින් නැවතී සිටි නිවසේ හිමිකරුවා ගෙන් සමුගෙන නගරයේ පොලිස් ස්ථානයට ගියේය ඔහුගේ පැමිණිල්ල බාර ගත් පොලිස් නිලධාරියා මෙසේ පැවසුවේය.
" තමුන් ගේ පැමිණිල්ලත් එක්ක දැන් අතුරුදහන් වෙච්ච අය පස් දෙනෙක් විතර ඉන්නව හැමෝම මැදියම් රෑ ජාමේ තමා අතුරුදහන් වෙලා තියෙන්නේ අපි තාම පරීක්‍ෂණ කරනව මේ හැම අතුරුදහන් වීමකටම සම්බන්ධ යම් අයෙක් සිටිනවද කියල කෝකටත් ඔහේ තව දවස් දෙක තුනකින් විතර පොලිස් ස්ථානයට ඇවිල්ල බලනව .."
පැමිණිල්ල දැමූ විගස පොලීසිය වහාම ක්‍රියාත්මක වේවි කියා ඩේවිඩ් සිතුවත් එම සිතුවිල්ල සිතුවිල්ලකටම සීමා විය ඉන් පසු ලන්ඩනයේ සෑම අශ්ව රථ රියදුරෙකුගෙන්ම මාර්ටින්ගේ හැඩ රුව කියා ඔහුව දුටුවාද කියා ප්‍රශ්න කලත් සෑම රියදුරෙක්ම ප්‍රකාශ කලේ කිසිවෙකුත් එදින බ්‍රිස්ටල් නගරයට නොගිය බවයි ඉබා ගාතේ ඇවිද ගොස් මැදියම් රාත්‍රියද ඉක්ම ගොස් තිබුණා නමුත් ඩේවිඩ් හට මාර්ටින් ගැන කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූයේය.
දිනය පුරාම ඉබා ගාතේ ඇවිද ගමන් මහන්සිය නිසාම යම් තැනක ඔහු අසුන් ගත්තේය.එක්වරම ඔහුගේ දෙසවනට අශ්ව කරත්තයක හඩ ඇසෙන්නට විය.
" මොන මළ යකාද මේ වෙලාවේ " ඈතින් තමා සිටින දෙසට පැමිණෙන අශ්ව කරත්තය දෙස බලා ඩේවිඩ් තමන්ටම පවසා ගත්තේය.
හරියටම ඩේවිඩ් සිටින තැනට විත් රථය නතර කර සමච්චල් සහගත සිනාවක් පාමින් රථයේ රියදුරා මෙසේ විමසුවේය.
" මහත්තය කොහේ යන්නද යමු ඕන දිහාක මම ගිහින් දාන්නම් මොකද කියන්නේ මහත්තය එනවද මම යන්නද?.."
අශ්ව කරත්තයේ රියදුරා උඩට ඇඳ ගෙන සිටින උඩ කබාය දෙස මොහොතක් බලා සිටි ඩේවිඩ්
" හරි යමු මට යන්න ඕනේ බ්‍රිස්ටල් නගරයට.."
එසේ පවසමින් ඩේවිඩ් රථයට නැග්ගේය.රථයට ගොඩ වන විට වහනය වූ යම් කිසි ගඳක් නිසා ඔහු අශ්ව කරත්තයේ දොර වසා ඇතුලේ සෑම තැනම පරීක්ෂා කලේය අවසානේ අශ්ව කරත්තය තුල යම් කිසි නල මාර්ග දෙකක් දුටුවේය එම නලයට සුනඛයෙක් නහය තබා ඉව කරන්නා සේ ඉව කර එම ගඳ පැමිණෙන්නේ එතනින් බව තහවුරු කර ගත්තේය.
ඩේවිඩ් විසින් අශ්ව කරත්තය ඇතුලේ සියල්ල පරීක්ෂා කරන බව රියදුරා දැන සිටියේ නැත ඔහු ගීතයක් මුමුණමින් ඈතින් ඈතට පෙනෙන මාවත දෙස බලමින් අශ්වයා මෙහෙයවමින් සිටියේය.
අවසාන නිවස පසු වී ටික වේලාවකින් රථයේ රියදුරා තම අසුන යට ඇති රෝදයක් වැනි යමක් දකුණු පසට කරකවනවාත් සමග ඩේවිඩ් උඩ බැලි අතට රථය ඇතුලේ ඇද ගෙන වැටුණේය.
ඉන් පසු ප්‍රධාන පාරෙන් වම් පසට වන්නට ඇති අතුරු පාරක් දිගේ අශ්ව කරත්තය ගමන් කරන්නට විය දෙපැත්තෙන්ම ඇති ඝන කැලයෙන් ආවරණය වී ඇති එම මාවත දහවල් කාලයේ ගමන් කරන්නෙකුට වුවද සොයා ගැනීමට අසීරු වුවද අශ්ව කරත්තයේ රියදුරා හට එසේ වූයේ නැත.
අවසානයේ මහා වනාන්තරය මැද ඇති අත්හැර දාපු මන්දිරයක් වෙතට පැමිණියාට පසු රථයේ ගමන නිමා විය.
රථයෙන් බිමට බැස රියදුරු හරියටම පස් වතාවක් තමාගේ අත රැදි ලන්තෑරුම වැනුවේය ඉන්පසු මන්දිරය ඇතුලේ එක් කාමරයක් ආලෝකමත් විය
ඩේවිඩ්වත් කර මතින් තබා ගෙන රථයේ රියදුරා අපහසුවෙන් එම කාමරය වෙත ගමන් කලේය. කාමරය තුල සැත්කම්වලට ගන්නා පිහි කතුරු පිරි භාජනයක් පිරිසුදුවට ඇති ඇඳක් තිබිණි
"ඕන්න දොස්තර මහත්තයෝ අදත් එකෙක් හම්බ වුනා මට දෙන ගාණ දීල මාව පිටත් කලොත් නරකද ඔ..ඔන්න ඇඳෙන්ම තිබ්බ .."
රියදුරු පැවසුවේය.
" තමුසේ දන්නවද තමුසේ මේ කරන දෙයින් සල්ලිකාර මිනිස්සු කී දෙනෙක් ජීවත් වෙනවද තාම කිසිම දොස්තර කෙනෙක් හොයාගෙන නෑ තවත් මනුස්සයෙක්ගේ වකුගඩුවකින් වකුගඩු නරක් වෙච්ච තවත් මනුස්සයෙක් ජීවත් කරවන්න පුලුවන් කියල වකුගඩු බද්ධ කරන මේ ලෝකේ ඉන්න එකම දොස්තර මම. කවුද කැමති නිකන් වකුගඩුවක් දෙන්න ඒකයි මම තමුසෙව සම්බන්ධ කර ගත්තේ මේ වැඩේට මෙන්න බලනව මේ සම්බන්ධව මම නිබන්ධනයක් පවා ලිව්ව මේක හොඳ ගාණකට විකුණ ගන්න පුලුවන් වෙයි"
සුදු කබායකින් සැරසී උපැස් යුවලක් පැලද සිටි වයස අවුරුදු පනහක් පමණ වයසැති එම පුද්ගලයා එක දිගටම කියාගෙන ගියේය.
" එතකොට පාහර බල්ලෝ තොපි මනුස්සයෝ පැහැරගෙන ඒ මිනිස්සුන්ගේ අවයව සල්ලි කාරයින්ට බද්ධ කරන එකද කරන්නේ තොපි අවජාතක බල්ලෝ.."
එක් වරම සැත්කම් පිහියකුත් දෑතේ දරාගෙන ඩේවිඩ් දොස්තර වරයා දෙසට කඩා පැන්නේය
දොස්තරගේ කෙස් වැටියෙන් අල්ලා සැත්කම් පිහිය බෙල්ලට තබා ඩේවිඩ් කෝපයෙන් බෙරිහන් දුන්නේය.
" තෝවයි මූවයි දෙන්නම බල්ලෝ වගේ මරල දාන්න කලින් කියපියව් මට දැන් දවස් දෙකකට කලින් තොපි ගෙනාව තරුණයාට මොකද කෙරුවේ කියපියව්. ."
මර බියෙන් සලිත වී සිටි දොස්තර වෙව්ලමින් කතා කරන්නට විය
" ඒ..ඒ..ඒ ත..තරුණයාගේ ව..වකුගඩු දෙක ලිච්මන් ප්‍රෑන්ක් ආධිපාදවරයාට මම...බද්ධ ක..කලා මට ස..සමාවෙන්න.."
එසේ කියනවාත් සමගම අශ්ව කරත්තයේ රියදුරු පිටුපස සිට එල්ල කල මාරාන්තික යකඩ පොලු පහරින් ඉලක්කය වැරදී දොස්තරගේ හිස පොඩි විය වැදුනු පහර කෙතරම් ප්‍රබලද කියතොත් තත්පර ගාණක් ඇතුලත දොස්තර අවසන් හුස්ම හෙලුවේය.
දොස්තරවරයාගේ නිබන්ධනයත් රැගෙන අශ්ව රථයේ රියදුරු එම මොහොතේම පලා ගියේය
...අශ්ව කරත්තේ එකා මාර්ටින්ගේ කබාය ඇදල හිටපු එකෙන් තමා මම මුන් ගැන දැන ගත්තේ සමහර විට කබායට ඌට ආස හිතෙන්න ඇති ඒත් ඌ දන්නේ නෑ අපේ කබායවල්වලට එච් අකුර මහනව කියල ඊටත් මට කරත්තේ ඇතුලට නගිද්දි ඒ ආපු ගද ඇල්ලුවේ නෑ ඒකයි මම අර පහලට දාල තිබ්බ බට දෙකේ මාර්ටින්ගේ ලිපිනය තිබ්බ කොලේ ගුලි කරල දැම්මේ මට තේරුණා ඒ නලේ දිගේ මිනිස්සු සිහි නැති කරන උග්‍ර විෂක් එවනව කියල ඊට පස්සේ බොරුවට සිහි නැතිවුනා වගේ හිටිය නිසා මම බේරුණා දැන් මේ දොස්තරගේ මිනියට මොකද කරන්නේ ගිනි තියනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.....
එසේ සිතූ ඩේවිඩ් මන්දිරය තුල ඇති සියලු පහන් පෙරලා දමා ගින්නක් ඇතිකර මන්දිරෙන් පිටතට පැමිණියේය තවත් ටික වේලාවකින් මන්දිරය ගිනි ජාලාවකින් වැසී ගියේය.
**********නිමි ********************************
(1907 වසරේ එක්තරා දිනයකදී දොස්තරගේ නිබන්ධනය සයිමන් ෆ්ලෙක්ස්නර් නැමැති වෛද්‍ය විද්යා පරීක්ෂකයා චිකාගෝ වෛද්‍ය විද්‍යාලට ඉදිරිපත් කලේය)
Comments
Post a Comment