සයිමන් ගේ පොච්චාරණය
"මම කොහොමටවත් හිතන්නේ නෑ තමුසේ මේ කතාව විශ්වාස කරයි කියල සිල්වා.."
"හරි හරි වහෙන් ඔරෝ නැතුව කතාව කියනවකෝ විශ්වාස කරන නොකරන එක මගේ වැඩක්නේ මිස්ටර් ජයතිලක.."
"මට මතක විදිහට මේ සිද්ධිය වුනේ එක්දහස් නවසිය අසූවේ මැයි මාසේ මැද විතර ඒ මම හිරිපිටිය පොලීසියේ ස්ථානාධිපති විදිහට ගිය අලුත මට මතකයි එදා දවසේම මහ කාලකණ්නි වැස්සක් උදේ පාන්දර ඉදන් වැස්සා මමත් එදා මොකක් හරි හේතුවක් නිසා ගියේ නෑ පොලිස් ස්ථානයට තමුසේ දන්නවනේ මගේ ගෙවල් තියෙන්නේ කොලඹ හිරිපිටියට හැමදාම යන්න එන්න බෑනේ හැතැප්ම කීයක දුරක්ද?..ඒ නිසා මම හිරිපිටිය ගමෙන්ම ගෙයක් කුලියට අරගත්තා ඒ ගෙදර ඉදන් තමා පොලිස් ස්ථානයට ගියේ ඒ ගේ තිබ්බෙත් වැඩිය ගෙවල් දොරවල් නැති තැනක..තමුසේ අහගෙන නේද ඉන්නේ..?
"ඔව් ඔව් මම අහගෙන ඉන්නේ තමුසේ හිතන්නේ මම මෙතන නිදි කිරා වැටෙනව කියලද ?තමුසෙගේ හැම වචනයක්ම මම අහගෙන ඉන්නේ.."
" මම දැක්කේ තමුසේ නිදිකිරා වැටෙනව වගේ ඒකයි එහෙම ඇහුවේ හරි හරි..දැන් අපි කොතනින්ද කතාව නැවැත්තුවේ සිල්වා"?
" හිරිපිටියෙන් ගෙයක් ගත්ත කියන තැනින්නේ..
ජයතිලක තමුසෙට මේ කියන දේ මේ අමතක වෙනවනේ ඔහේට හොඳටම විශ්වාසද මේ කතාව පොඩ්ඩක් වත් අමතක නෑ කියල"..?
"සිල්වා මට මොන දේ අමතක උනත් මේ සිද්ධිය මැරෙනකන් අමතක වෙන් නෑ ඉතින් අහනවකෝ මම කිව්වනේ එදා චුරු චුරු වැස්සක් තිබ්බේ කියල එදා උදේ වරුවේ දවල් වරුවේ කියන්න කියල විශේෂ දෙයක් සිද්ධ උනේ නෑ හැබැයි හවස පහට විතර කවුදෝ දොරට තට්ටු කරන සද්දයක් ඇහිල මම එලියට ඇවිත් බැලුව කවුද ආවේ කියල.."
"දොර ඇරල බැලුවම හීන්දෑරි හාදයෙක් වයස ඕන්නම් හතලිස් පහක් විතර පෙනුමක් තියෙන මනුස්සයෙක් දොර ඉස්සරහ හිටිය වැස්සට තෙමිල හොඳටෝම මූණත් සුදුමැලි වෙලා දවස් ගාණකින් හොද නින්දක් නිදියල නෑ කියල මට මිනිහගේ ඇස් දෙක දැක්ක ගමන්ම හිතුන "..
" මිනිහ මගේ ලඟට ඇවිත් කියපු දේවල් ටික මම ඒ විදිහටම කියන්නම්කෝ....."
"මහත්තයෝ මහත්තය නේද මෙහෙ පොලීසියේ ලොකු මහත්තය..?
"ඔව් මම තමයි මොකද්ද උන්නැහේ තමුන් ආව කාරණාව ?"කියල මම ඇහුවා
මිනිහ ටික වෙලාවක් ඉකි ගගහ අඬන්න ගත්ත ඊට පස්සේ හොද හුස්මක් අරන් මගේ දිහා බැලුව බලලා මෙහෙම දෙයක් කිව්වේ.."
"අනේ මහත්තයෝ දැන් දවස් ගාණකින් මට නින්දක් නෑ පොඩ්ඩක් ඇහැ පිය වීගෙන එද්දී මට සුමනගේ පොඩි එකී බෙරිහන් දෙනව ඇහෙනව ..මට මේක තවත් හංගගෙන ඉන්න බෑ මහත්තයෝ මට සැනසිල්ලක් නෑ මහත්තයෝ ..මගේ නම සයිමන් මම තමා අර රූපසේන මුදලාලිගේ රබර් වත්ත මුර කරන්නේ. "
"රූපසේන මුදලාලි කියන්නේ මේ පාර ප්‍රාදේශීය සභාවට ඡන්දෙ ඉල්ලනව නේද හොද ගුණ යහපත් මනුස්සයෙක්නෙ නේද උන්නැහේ? මම රූපසේන මුදලාලි ගැන දන්න ටික ඒ මනුස්සයගෙන් ඇහුව.."
"ගුණ යහපත් හෙහ්. .හෙහ්..හේ..ගුණ යහපත්.."මිනිහ ඔච්චමට වගේ හිනා වුනා .."
"මහත්තයෝ ඔය කියන ගුණ යහපත් මිනිහ මට ගිය සතියේ සෙනසුරාදා මෙහෙම දෙයක් කිව්ව සයිමන් මම අදයි අර සුමනගේ කෙල්ලව දැක්කේ මට ඒකි දැක්කම පුදුම ආශාවක් ඇති වුනා මම කියන දේ උඹට තේරෙනවද එක්ක වරෙන් මොන බොරුවක් හරි කියල මේ මුර මඩුවට මම බොට මේ වැඩේ කොරනවට රුපියල් පන්දහක් දෙනව මොකද කියන්නේ කියල මුදලාලි ඇහුව තිරිසන් වැඩක් තමා ඒත් මටත් සල්ලි ඕන වෙලා තිබ්බේ දෙපාරක් හිතුවේ නෑ මම හා කීවා එදා ඉරිද දවසේ මම කෙල්ල දහම් පාසල් ඇරිල ගෙදර එනකන් මග රැකන් හිටිය කෙල්ල ගෙදර යන පාරේ පාලු හරියක් තියෙනව එතන තමා මම හිටියේ කෙල්ල ආවම මම කෙල්ලට කීවා උඹලගේ අම්ම ආන් රබර් වත්තේ කකුල තුවාල කරන් කියල ඒකි පිම්මේ දුවගෙන ආවේ කිසිම කෙනෙක් දැක්කේ නෑ මම කෙල්ලව අරන් එන එක කෙල්ලව මුර කාමරේ ඇතුලට දාල මුදලාලිට මම ගොහින් කීවා වැඩේ කෙරුව කියල එදා හැන්දෑවේ මුදලාලි රට අරක්කු බෝතලේකුත් අරන් ආවේ තව ගෙදර හදපු වල් ඌරු මස් වගේකුත් අරන් ආවේ මම බොන අතරේ මුදලාලිය මුර මඩුව ඇතුලට ගියා අනේ පොඩි දැරිවි බෙරිහන් දෙනව මහ පාන්දර වෙනකන් මුදලාලි සැරෙන් සැරේ අරක්කු බිබී මුර මඩුව ඇතුලට ගියා අවසානේ කිසිම ගාණක් නැතුව මට ඇවිත් කිව්ව ඒකි මැරුණ සයිමෝ අර රන් තැඹිලි ගහ ළග වලක් කපපන් කියල ඊට පස්සේ කෙල්ලගේ මිනිය එතන වැලලුව සුමන හිතල තියෙන්නේ කෙල්ල ආච්චිලගේ ගෙදර ගියා කියල වෙනදත් එහෙම යනවලු පහුවදා තමා කෙල්ලව හොයන්ඩ ගත්තේ මමත් ගියා හොයන්ඩ බැරිම තැන පොලිසිය පැමිණිල්ලකුත් දැම්ම ඒත් උන්නැහේල ඒක මායිම් කෙරුවේ නෑ ඔය කොල්ලෙක් එක්ක ගිහින් ඇති කියල කිව්වලු එදා රෑ ඉදන් මට නින්ද යන් නෑ මහත්තයෝ අනේ අර අහිංසක දැරිවිගේ කෑ ගැහිල්ල මගේ කන් දෙකේ දෝංකාරය දෙනව....."
"මට හොඳටම තරහ ආව සිල්ව..., තොපි තිරිසන් බල්ලෝ වර යන්ඩ.., කියල සයිමන්වත් අරන් රූපසේන මුදලාලි කියන තිරිසනාගේ ගෙදරට ගියා යන ගමන් පොලීසියේ ටික දෙනෙකුටත් එන්ඩ කියල කෝල් එකකුත් දීගෙන ගියේ මම යන කොටත් මට කලින් පොලිසියේ අය ඇවිත් මම ජීප් එකෙන් බැහැල ගියා රූපසේන හිනා වෙවී මාව පිලිගන්න ඉස්සරහට ආව මොකද සර් මේ පැත්තේ එන්න එන්න තේ එකක් බොමුද නැත්නම් සැර ජාති මොනව හරි බොමුද කියල මිනිහ ඇහුව මම තමුසෙත් එක්ක සතුටු සාමීච්චියේ යෙදෙන්න නෙමේ ආවේ රූපසේන රාජකාරියකට ආවේ තමුසෙට මීනීමැරුම් චෝදනාවක් තියෙනව ඇසින් දුටු සාක්ෂි කාරයෙකුත් එක්ක මම ආවේ මම කිව්ව. ."
"මොන පර බල්ලද එහෙම දෙයක් කිව්වේ සර්ට මේ කතාව අමූලික බොරුවක් රූපසේන බෙරිහන් දුන්න."
" වෙන කවුරුවත් නෙමේ තමුසෙගේ රබර් වත්ත මුරකරන සයිමන් මට කිව්වේ යමු රබර් වත්තට තමුසෙගේ කෙරුවාව බලන්න.."
"වෙන්න බෑ..වෙන්න බෑ..සයිමන් කොහොමද එහෙම දෙයක් කරන්නේ කීයටවත් මේක වෙන්න බෑ.".රූපසේන දොඩෝනව ඉවරයක් නෑ
"මම රූපසේනව ජිප් එක ඇතුලට දාන්ඩ එද්දි සයිමන් පැනල ගිහින් සමහරවිට රූපසේනට බයේ වෙන්න ඇති කියල මම හිතුව රබර් වත්තේ ඒ තැඹිලි ගහ යට සයිමන් කිව්ව විදිහටම ඒ දැරියගේ මළසිරුර තිබ්බ අපි රූපසේනව අත්අඩංගුවට ගත්ත මිනිහට මාංචු දාන වෙලේ ආයෙත් මගෙන් ඇහුව කවුද මේක සර්ට කිව්වේ කියල මම කිව්ව සයිමන් කිව්වේ කියල එතකොට රූපසේන මට කියනව"..
"සර් ගිය බදාද සයිමන් වහ බීල මැරුණ ඒ මිනිහ කොහොමද මෙහෙම දෙයක් කියන්නේ..."
"තමුසේ මොකද හිතන්නේ මේ කතාව ගැන සිල්වා..?"
" මම හිතන්නේ සයිමන් මොන විදිහකින් හරි පාපොච්චාරණය කරල සැනසීමක් ලබන්න ඇති අනේ මන්ද මේක මට අදහගන්න බැරි කතාවක් මිස්ටර් ජයතිලක.."
*********** නිමි ***********************
Comments
Post a Comment