මළකඳ
එදා දවස මහා කාලකණ්නි මුස්පේන්තු දවසක් මහා ඝණ වනාන්තරයට ඒ කාලකණ්නි කමයි මුස්පේන්තු කමයි එකතුවුනාම වනාන්තරේ මැදින් දිවෙන මාර්ගයේ යන ඕනම කෙනෙකුට අද්භූතජනක හැඟිමක් අත් කලහ.
වනාන්තරය මැදින් දිවෙන මාර්ගයේ එම හේතුව නිසා හෝ නැතිනම් වෙන කිසියම් කාරණයක් නිසා දෝ මුලු දවස පුරාම ගමන් කලේ රථ වාහන සීමිත ගණනකි.
වේලාව දෙක පසු වී විනාඩි පහලොවක් විතර ඇති නවීන පන්නයේ මෝටර් රථයක් එම මාර්ගයේ හෙමි හෙමින් ඉදිරියට ඇදිනි මෝටර් රථය තුල සිටියේ අවුරුදු හතලිහක පමණ වයසැති අයෙක්. ඔහු විමසිල්ලෙන් පාර දෙපස බලමින් ඉදිරියටම ගමන් කලේය.
තවත් ටික දුරක් ගමන් කල ඔහු යම් දෙයක් ස්ථිර වූවා සේ එක්වරම මොටර් රථය මාර්ගයේ පසෙකට කර නැවැත්වූයේය. ඉන්පසු මෝටර් රථය වටේට රවුමක් ගොස් අවට සිසාරා බැල්මක් හෙලා ඉන් පසු තමාටම යම් දෙයක් මුමුණනමින් හිස දෙපසට වැනුවේය
" මේ මිස්ටර් මට පොඩි උදව්වක් කරනවද.?"
ඔහුට පිටිපසින් ඇහුණ ගැහැණු කට හඬක් නිසා පස්ස හැරී බැලූ ඔහුට දකින්න ලැබුනේ ඩෙනිම් කොට කලිසමකින් සහ එයටම ගැලපෙන ටී ෂර්ට් එකකින් සැරසුණු සුන්දර යුවතියකි.
"මේ කෙල්ල කොහෙන්ද මෙහෙට ආවේ.?"
ඔහුතමාටම මුමුණ ගත්තේය.
"ඔව් මොකක්ද උදව්ව කියල කිව්වනම්.? "
නොරිස්සුම් සහගත බැල්මක් තරුණියට හෙලමින් ඔහු විමසුවේය.
"මම මේ කැලේ ටිකක් ඇවිදින්න ආවේ මම හිතන්නේ මට පාර වැරදුනාද කොහෙද දැන් පැය ගාණක් මම කැලේ ඇවිද්ද පාර හොයාගන්න පස්සේ ඔබේ වාහනේ සද්දේ ඇහිල තමා දුවගෙන ආවේ. මගේ වාහනේ තියෙනව මේ කැලේ ඉවර වෙන තැන පුලුවන්නම් මාව එතනට ගිහින් දානවද..?" තරුණිය ආයාචනාත්මක්ව ඔහුගෙන් විමසුවාය.
විශාල කරදරයක් ඔහුගේ හිස මත කඩාවැටුනා සේ බැල්මක් ඔහුගේ මුහුණෙන් දිස් වුවත් මොහොතක් කල්පනාකාරී වූ ඔහු මෙසේ පැවසුවේය.
"හොඳයි මම ගිහින් දාන්නම් එතනට නගින්න කා(ර්) එකට
මහ මගදී හමු වූ නාඳුනන තරුණියවත් රථයට දමාගත් ඔහු වේගයෙන් ඉදිරියට ගමන් කලේය. හරියටම පැයකට පමණ පසු ඔවුන් ගමන් කලේ කදුකර ප්රදේශයක් හරහාය ඒ වන විටත් වන සීමාව පසු කර බොහෝ දුර ඇවිත් තිබිණි.
මුනිවත රැකගෙන සිටීම තව දුරටත් ඔහුට අපහසු විය එම නිසාම ඔහු පිටුපස ආසනයේ සිටි තරුණිය දෙසට හැරී මෙසේ විමසුවේය
" තව දුරද ඔබතුමී ගේ වාහනය නවත්තපු තැන.?"
"තව ටිකක් දුර මට මතක හැටියට "ඇය පැවසුවාය.
ඉවසීමේ සීමාව ඉක්ම වූ ඔහු තරහෙන් පුපුරමින් පැවසුවේය.
" මිස් මම තවත් ඔහේව දාගෙන යන්නේ නෑ ඔහේ මෙතනින් බහිනව හොද හිතින්.."
එසේ පවසමින් පුටුපස අසුන දෙස බැලූ ඔහුගේ කටේ කෙල සිදී ගියේය අවතාරයක් දුටු අයෙක් මෙන් ඔහුගේ ඇස් විශාලවී ගත පුරා දහඩිය දැමුවේය
කුඩා පිස්තෝලයක් අත දරන් සිටි ඇය හරියටම ඔහුගේ මූණට එය ඉලක්ක කොට "මම බහින් නෑ උඹ බැහැපන් බැල්ලිගේ පුතා.."කියමින් බෙරිහන් දුන්නාය.
රථයෙන් බිමට බස්සවා ගත් ඔහුව එම මාර්ගයේ ඇති පතුලක් නොපෙනෙන ප්රපාතය කරා රැගෙන ගොස් තරුණිය මෙසේ පැවසුවාය
" මිස්ටර් මම ඔහේට චාන්ස් එකක් දෙන්නම් මේකේ උණ්ඩ නාස්ති වෙන්නෙත් නෑ තමුසෙට උණ්ඩයක් වැදුනම එන වේදනාව දැනෙන්නෙත් නෑ ඔය ප්රපාතයට පනිනව."
ඔහු ආයාචනා කලේය.."අ..අනේ මම. .අහිංසක මිනිහෙක්. .ම..ම..මට යන්න..දෙන්න..."
" මම උඹට යන්න දුන්නොත් උඹ පොලිසියට මම ගැන කියයි ඊට වඩා ලේසිනේ උඹේ අලුත්ම කාර් එක මට දීල උඹ පැනපං ඔතනින් පහලට කෝ ඉතින් පැනපන් උඹට තනියක් නෑ මම මෙතනින් පහලට දාපු සෑහෙන දෙනෙක් ඉන්නව උඹට පාලුවක් දැනෙන එකක් නෑ කොහොමටත්.."ඇය පැවසුවාය
" තෝවත් මරාගෙන මම මැරෙනවා.." යයි පවසමින් එක්වරම ඔහු ඇය වෙතට කඩා පැන්නත් ඇය ඔහුට වඩා දශමයකට ඉස්සර විය වෙඩි පහරවල් පහක් පපු ප්රදේශය හරහා වැදී ඔහු ප්රපාතයට ඇද වැටුණේය
ඔහුගේ මෝටර් රථයත් රැගෙන ඇය මෙසේ සිතමින් ඉදිරියට යාමට පටන් ගත්තාය
" මේ වාහනේ නම් හොඳ ගාණකට දෙන්න පුලුවන් දැන් ඉතින් මාසයක් අත දිග ඇරල වියදන් කරන්න පුලුවන් ..."
තවත් පැය භාගයකට පසු ඇය දුටු දෙයින් බියෙන් තැති ගත්තේය ."මේ මොකද කවදාවත් නැතුව පොලිස් චෙක් පොයින්ට් එකක් දාල දැන් ඉතින් හරවන්නත් බෑනේ උන් සැක හිතයි වෙනසක් නොපෙන්වා මුන්ට කතා කරානම් යන්ඩ දෙයි හොදයි බලමු.."
එසේ සිතමින් පොලිස් මුරපල ලඟට ගිය ඇය පොලිස් නිලධාරීන්ගෙන් මෙසේ විමසුවාය.
"..සර් මොකක්ද ප්රශ්නය මේ පාරේ කවදාවත් නැතුව චෙක් පොයින්ට් එකක් දාල තියෙන්නේ.."
"" මිස් අපේ ඇමතිතුමාට කවුද වෙඩි තියල වෙඩි තියපු එකා කාර් එකක මේ පාරේ ඇවිල්ල ඒකයි ඔක්කොම වාහන චෙක් කරන්නේ මිස්ගේ වාහනේත් ඩිකිය සෝදිසි කරල බලමු නේද. ."
ඇය පැමිණි වාහනේ පිටු පස ඩිකිය ඇර බැලූ පොලිස් නිලධාරීන් සහ ඇය විමතියට පත් වූහ
එහි දමා තිබුණේ ඇඳ ඇතිරිලි වලින් ඔතන ලද කාන්තා මළසිරුරකි එය දැක ඇය මෙසේ සිතුවාය
" එහෙනන් අර මිනිහ ආවේ මේ මිනිය හංගන්ඩ වෙන්ඩ ඇති මට මේක බාරගන්නම වෙනව නැත්තන් මට කියන්ඩ වෙයි අර ප්රපාතයට වට්ටල මරපු උන් ගැන එක මිනියක් මැරුව කියල බාර ගන්න එක කෝකටත් හොඳයි ෂික්: මම මේ මෙලෝ වැඩකට නැති මළකඳක් නිසා අන්තිමේ අහු වුනානේ.......
************ නිමි********************
Comments
Post a Comment