රොගස්ටින් මන්දිරය
"මොන එහෙකට රොගස්ටන් මන්දිරයට යනවද මහත්තයෝ?.."
අශ්ව රථයේ රියදුරු වූ තොමසන් විමතිය මිශ්‍ර බැල්මක් ආගන්තුක තරුණයා වෙත හෙලමින් විමසුවේ
"උන්නැහේ මම මොන එහෙකට රොගස්ටන් මන්දිරයට ගියත් ඔහේට ඒකෙන් පලක් තියෙයි කියල මම හිතන් නෑ ඒක නිසා ඔහේට මාව රොගස්ටන් මන්දිරේ ලඟට ඇරලවන්න පුලුවන්ද කීවොත් හොඳයි..ඊටත් ඔහේට මම රන් පවුම් දහයක් වැඩිපුර ගෙවනව ඒකම ඇතිනේ ඔහේට මේ ගමන යන්ඩ එන්ඩ හේතුව නැද්ද මම අහන්නේ..?.."
"හා..හා..මහත්තයෝ තරහ ගන්ට කාරියක් නෑ මම ඔය නිකමට වගේ ඇහැව්වේ. හරි..හරි.. යන්කෝ මහත්තයෝ නගින්ටකෝ මම..මම පටවන්නම් ඔය ට්රන්ක පෙට්ටිය..ක්.කෝ දෙන්ට.."
ආගන්තුක තරුණයා අත තිබූ ගමන් බෑගය ලහි ලහියේ අශ්ව රථය තුලට දමා ආගන්තුක තරුණයත් සමග රොගස්ටන් මන්දිරය වෙත යාමට රියදුරු තොම්සන් අශ්ව කරත්තය මෙහෙය වන්නට විය
"මහත්තය දැන් මෙච්චර දුරක් ආව කෝ ඉතින් තමුන්නැහේගේ නමවත් කීවේ නෑ නෙවැ.."
"මගේ නම හෙන්රි පීටර්සන් ඔහේට තවත් මොකුත් දැන ගන්ට තියෙනවද?.."
අශ්ව රථයේ රියදුරු තොම්සන් විමසු පැනයට නොරිස්සුම් සහගත බැල්මක් හෙලමින් හෙන්රි පීටර්සන් පිළිතුරු දුන්නේය.
ලන්ඩනයේ වංශවත් පවුලක උපත ලැබූ හෙන්රි පීටර්සන් සමාජ ආශ්‍රයට ලැදි පුද්ගලයෙක් නොවූවාය. නිතරම තනිවම සිටීමට හේ හැමවිටම උත්සහ දැරුවේය.
" මහත්තයෝ මම නම් කියන්නේ රොගස්ටන් මන්දිරයට මෙහා තියෙන තානායමේ නැවතිලා හෙට උදේම මන්දිරයට ගියානම් හරි දැන් අපි යනකොට කොහොමටත් දොළහේ කණිසමත් පහු වෙයි මයේ හිතේ ඒ වෙලාවට ඔය මන්දිරයට යන එක හොඳ මදි ..මහත්තයා දන්නවද ඔය රොගස්ටන් මන්දිරේ අයිති විලියම් මහත්තයා හරි නපුරු මනුස්සයෙක් මනුස්සයෙක් කිව්වට මනුස්ස කමක් ගෑවිලාවත් නෑ ඒකට බලන්න එපෑ විලියම් මහත්තයාගේ පුතා හෙක්ටර් මහත්තයා එතුමානම් දෙවිකෙනෙක් වගේ කොච්චරනම් අහිංසක මිනිස්සුන්ට පිහිට වෙනවද අර යක්ෂයාගේ පුතෙක් කියල කියන්නවත් බෑ ඒ වුනාට ඉතින් හොඳ මිනිස්සුන්ට කොච්චරනම් නරක දේවල් වෙනවද..."
අශ්ව රථයේ රියදුරු නොනවත්වා කරන කතාව හෙන්රි හට මහා කන්දොස්කිරියාවක් විය.
"උන්නැහේ තමුන්ට පුලුවන්නම් නිශ්ශබ්දව යන්න මම තමුන්ට තව වැඩි පුර මුදලක් දෙන්නම්.."
හෙන්රිගේ එවදන් ඇසීමෙන් අශ්ව රථයේ රියදුරු තොම්සන් යම් කිසිවක් මුමුණමින් නිහඩ වූවේය.
තෙහෙට්ටු ගතිය සහ රථයේ පැද්දීමත් හේතුකොටගෙන හෙන්රි තදින් නින්දට වැටුණත් යම් කිසිවෙකුගේ සෙලවීමක් හේතුවෙන් ඔහු නින්දෙන් පිබිදි බැලුවේය.
"ඕන් මහත්තයෝ තානායමට ආව ආන් අර තියෙන පාරේ ඇතුලට ගියානම් රොගස්ටන් මන්දිරය අද තානායමේ ඉඳල හෙට උදේම මන්දිරයට යන්න .."
රථයේ රියදුරුට මුදල් ගෙවූ පසු අශ්ව රථය පිටත් වූවාය සඳ එලිය නිසා රථය සෑහෙන දුරක් යන තෙක් රථය දෙස බලාසිටි හෙන්රි තානායම දෙසට නොව රොගස්ටන් මන්දිරය දෙසට පිය නැගුවේය.
මන්දිරය ලඟට ගිය හෙන්රි දුටුවේ පාලු මූසල බවක් දිස් වූ රොගස්ටන් මන්දිරයයි සඳ එලිය මන්දිරයට ගලාවිත් පැවති මූසල ගුප්ත බව තව තවත් තීව්ර කෙරිනි.
"දෙවියනේ මේක හරියට සොහොන් පිටියක් වගේනේ.."හෙන්රි තමාටම මුමුණමින් මන්දිරයේ ප්‍රධාන ද්වාරය දෙසට ගියාය.
ද්වාරය දෙසට ලං වෙනවාත් සමග ද්වාරය විවර විය ඒ සමගම හෙන්රි දුටු දසුනින් තුෂ්නිම්බූත විය බයානක පෙනුමැති අයෙක් හෙන්රි දෙසට තුවක්කුවක් අමෝරාගෙන සිටියේය
"උඹ කවුද යකෝ ඇයි උඹ මේ මන්දිරයට ආවේ කියපන්. .කියපන් යකෝ කියපන්..?"ඒ බයානක මිනිසා තරහෙන් බෙරිහන් දෙන්නට විය.
හෙන්රි ගේ බියපත් වීම කෙතරම්ද කියනවානම් මුලු ගතම දහඩියෙන් තෙත් වී ජලයේ සිටින මසෙකු ගොඩට දැමුවාක් මෙන් වෙව්ලන්නට විය
නමුත් කොතරම් බිය වුවත් මේ මිනිසාට පිළිතුරක් නොදුන්නොත් මරණය නියතවම ලගා වෙන බව ස්ථිර නිසා ඔහු වෙව්ලමින් පිළිතුරු දෙන්නට විය
"..හෙ..හෙක්ටර් කි..කියන්නේ මගේ මිත්‍රයෙක්..ම..මම ආ..ආවේ ඔහුව මුණ ..ගැ..ගැහෙන්න..."
"..හහ්.!හහ්..හා..බයානක මිනිසා වියරු සිනාවක් පාමින් කතා කලාය..
"උඹට ඕනේ හෙක්ටර් ව බලන්නද හෙක්ටර්ව බලන්න වරෙන් වරෙන් උඹට හෙක්ටර්ව පෙන්වන්නම් මම.."
එසේ පැවසූ ඒ බයානක මිනිසා එකවරම හඩා වැටෙන්නට විය.ටික වෙලාවක් හඩා වැටුන ඔහු මෙසේ පැවසුවේය.
"හෙක්ටර් මගේ එකම පුතා ඒ වුනත් ඒවුනත් ඌට තිබ්බේ නෑ මගේ පුරුදු මම මගේ තාත්ත හම්බ කරපු සල්ලි ඌ කාලකණ්ණි දුප්පත් මිනිස්සුන්ට බෙදුව මම නවත්තන්න බැලුව හරි ගියේ නෑ බැරිම තැන මම ඌව මරල ආන්න අර බාල්කේ එල්ලුවා අර උඹට පේනවද මම මේ අත් දෙකෙන් උගේ බෙල්ල මිරිකල මරල බාල්කේ එල්ලුවා. ..හෙහ්..හෙහ්..හේ.අර බලපන් එල්ලෙන අපූරුව...හෙහ්..හෙහ්..හේ.."
හෙක්ටර්ගේ ප්‍රාණය නිරුද්ධ නිසල සිරුර බාල්කේ එහෙට මෙහෙට පැද්දෙමින් බිහිසුණු දර්ශනයක් මැවීය ඒදුටු හෙන්රිගේ සියොලඟ පණ නැතිවිය ඊලගට හෙන්රි දෙසට දිගුකල ගිණි අවිය විලියම් නැමැති ඒ බයානක මිනිසා ක්‍රියාත්මක කලාය.
හෙන්රි හට සියලු දසුන් බොඳ වී හිස මත මහා බරක් පැට වූවා වැනි හැගීමක් ඇති වී දෑස් පිය වී ගියේය.
"මහත්තය මහත්තය මේ ..මේ මම..මොකද වුනේ මහත්තයට ..?"
ඇස් ඇර බැලූ හෙන්රි දුටුවේ අශ්වරථ රියදුරු ඔහු අසල සිටිනා බව සහ උදෑසන හිරු එලිය පරිසරය වෙලා ගෙන ඇති බවයි
"මහත්තයාට මම කිව්වා නෙවැ තානායමේ නවතින්න කෝ අහල නෑනේ මේ මන්දිරේ කාලකණ්නි තැනක් මහත්තයෝ විලියම් කියන යක්ෂය තමන්ගේම පුතාව මරල එල්ලුව මේ මන්දිරේ හැබැයි ඒයක්ෂයටත් වැඩි කල් ජීවත් වෙන්ඩ ලැබුන්නේ නෑ ඌත් හේතුවක් නැතුව පුතාව මරල දවස් හතක් යන්න කලින් මැරිල ගියා.මම කෝකටත් කියල මේ බලල යන්න ආවේ මහත්තයට මොකද උනේ කියල මම ටවුමට යනව මහත්තය ආපහු යනවද?.."
රියදුරු ඇසූ පැනයට මන්දිරය දෙස උදාසීන බැල්මක් හෙලූ හෙන්රි මෙසේ පිළිතුරු දුන්නේය.
"ඔව් යමු උන්නැහේ මෙහේ මගේ මිත්‍රයා නෑ දැන්.."
*********නිමි**************
Comments
Post a Comment