මගෙ නම මිලින්ද මම වැඩ කෙරුවේ අපේ පැත්තෙ තිබුණ ලොකු ලී මෝලක ඒත් එතන හැමදාමත් වැඩ තිබුනේ නෑ සමහර වැහි දවස් වලටත් ලී මෝලෙ වැඩ තිබ්බෙ නෑ මම සෑහෙන දවසක ඉදන් කල්පනා කෙරුව මේ විදිහට වැඩ කරල මට කවදාවත් ගොඩ එන්ඩ ලැබෙන් නෑ කියලා
ඉතින් මම හිතුව මොකක් හරි ස්ථීර රස්සාවකට යන්න ඒත් මම ගමෙන් දුර රස්සාවකට යන්න කැමති වුනේ නෑ නැත්නම් පොඩි කඩයක් දාගන්නව කියලත් පස්සෙ හිතුන අපේ පැත්තෙ හැමෝම සිල්ලර බඩු වගේ දේවල් ගේන්න ගියේ කිලෝ මීටර් හතරක විතර දුර තියෙන කඩේකට ඉතින් සිල්ලර කඩයක් දා ගත්තනම් හොදයි කියල මට හිතුන ඒත් කඩයක් දා ගන්නත් මූලික දේවල් ටික කරගන්න මට සල්ලි තිබුනෙ නෑ රස්සාවකට යන්නත් දෙක වසරට විතරක් ඉගෙනුම ලබපු මගෙ අධ්‍යාපනය බල පෑවා .
අඩු අධ්‍යාපනයක් ලැබුවත් මට හොදට කියවන්න පුලුවන් දවසක් මම ඉරිද පත්තරයක් ගත්තා මොකක් හරි මට කරන්න පුලුවන් රස්සාවක් හොයා ගන්න ඒ වෙනකොට ගමෙන් පිට රස්සාවකට නොයන තීරණය මම අත ඇරල තිබුණේ ස්ථීර රස්සාවක් නම් ඕන තූත්තුකුඩියක යනව කියල මම තදින්ම හිතා ගෙන හිටියේ .
පත්තරේ පිටු පෙරල ගෙන යනකොට මම දැක්කා පුංචි දැන්වීමක් ඒකෙ තිබුනේ මෙහෙම දෙයක් .
***********************************
දවස් හතකට මහන්සි වී වැඩ කල හැකි සේවකයින් අවශ්‍යයයි ඉගෙනීම සලකා බලන්නේ නැත දිනකට රු: 50000ක මුදලක් ගෙවනු ලැබේ පහත ලිපිනයට පැමිණ විමසන්න..
මැර්ලින් සහ සමාගම
බෝයිස් ටවුන්
රාගම
***********************************
මට හිතුන මේ රස්සාව කොහොම හරි කරලා දවස් හතට හම්බ වෙන ලක්ෂ තුන හමාර මට කඩේ දා ගන්න වැඩේට පහසුවක් වෙයි කියලා මොනම රස්සාවක් කරලවත් මට ඒ වගේ ගාණක් සතියට හොයන්න බෑ කොහොමටවත් ඉතින් පහුවදාම ඒ දැන් වීම තියෙන පත්තර පිටුවත් අරන් පත්තරේ දැන්වීමෙ දාල තිබුණ ලිපිනය හොයන්න ගියා රාගම ස්ටේෂන් එකෙන් බැහැල ඒ ලිපිනය පෙන්නල බෝයිස් ටවුන් එකට ගියත් මැර්ලින් සමාගම තියෙන තැන මට හොයා ගන්න බැරිවුනා
මග යන එන කීප දෙනෙක්ගෙන් ඇහුවත් ඒ හැමෝම දැනගෙන හිටියෙ නෑ මැර්ලින් සමාගම කියලා සමාගමක් ගැන අවසානේ සියලු බලාපොරොත්තු කඩ වුන මම එක පාරක් දිගේ ඔහේ ගමන් කෙරුවා ඒ පාර පාලු පාරක් කිසිම ගෙයක් දොරක් මිනිස් පුළුටක් පේන්නවත් තිබුණේ නෑ කිලෝ මීටර් දෙකක් විතර ගියාම මම දැක්ක ජරා වාස වෙලා ගිය පාලු ගොඩ නැගිල්ලක් මම දැක්ක ඒ එක්කම ඒ ගොඩ නැගිල්ලෙන් එලියට අතේ ෆයිල් කවර තියාගෙන හතර පස් දෙනෙක් ආව
ඒ අය මගෙ ලගින් ගියේ කාටද බැන වදිමින් .."".පිස්සු යකෙක් අතේ කරගැට බලල රස්සා දෙන්නෙ ඇයි කරගැට නැතුව වුන්ට වැඩ කරන්න බැරිද ..ර්..රෙද්ද.."".ඒ වගේ දේවල් කියමින් ඒ අය බැන බැන ආපසු ගියා
මම අර පාලු ගොඩනැගිල්ලේ දොරෙන් ඇතුල් වුනා ඒක ඇතුලේ විශාල හිස් මද අදුරක් තිබුණ කාමරයක් මැද වයසක මනුස්සයෙක් මේසයක් ලග වාඩි වෙලා හිටියා මාව දැකල එතන තිබුණ පුටුවක් පෙන්නල අතෙන් වාඩි වන ලෙස සංඥ්ඥා කෙරුවා ඊට පස්සෙ ඒ පුද්ගලයා මගේ අත් දෙක පරික්ෂා කෙරුවා කර ගැට වලින් ගොරෝසු වෙලා ගල් වගේ තිබ්බ මගෙ අත් දැකලා ඔහු මද සිනාවක් පල කෙරුවා ඊට පස්සෙ ඔහු මෙහෙම ඇහුවා .
" අවතාර හොල්මන් වලට බය එහෙම නෑනේ නේද .."?
මම කොහොමටත් ඒ දේවල් විශ්වාස කෙරුවේ නැති නිසා දෙවුර හකුලා නැහැයි කිව්වා
" හොදයි බොහොම හොදයි මට ඕනෙ මේ වගේ වැඩ කරන අය තමා එතකොට තමා ලග මොකුත් උපාධි සහතික මොකුත් තියෙනවද "
ඒ පුද්ගලයා ගොරෝසු හඩින් මගෙන් ඇහුවා
" අනේ සර් මම මේ දෙකේ පන්තියට විතරයි ගියේ මට මොන උපාධිද ඇයි සර් පත්තරේ දාල තිබුණනේ ඉගනීම බලන් නෑ කියලා "
" ඔව්..ඔව් මට ඉගෙනීම අවශ්‍යය නෑ මම නිකන් ඇහුවේ දවස් හතක වැඩ තියෙන්නෙ මෙහෙ නෙමේ හබරණ යන්න ඕනේ එහෙ තමා වැඩේ තියෙන්නෙ බස් එකේ ගිහින් එතන ඉදන් පැය තුනක් ත්‍රීවීල් එකක ගිහින් ඊට පස්සෙ පයින් කිලෝ මීටර් දහයක් යන්න ඕනෙ "
පැය තුනක් ත්‍රී වීල් එකක යනව කියන්නේ හොද ගාණක් වියදන් වෙයි මට එච්චර සල්ලි තිබුනෙත් නෑ මම අසරණ ලෙස ඒ පුද්ගලයා දිහා බැලුවා .
" ඇයි මොකක්ද ප්‍රශ්නය "
ඔහු මගෙන් ඇහුවා.
" අනේ සර් මට එච්චර දුර යන්න අතේ සල්ලි නෑනෙ "
" මටත් ඕනෙ ඔය වගේ අවංකව කතා කරන අය තමා මෙන්න මෙතන රුපියල් පන්දාහක් තියෙනවා මේක මම තමාට දෙන මුදල් වලින් අඩු කරනවා තේරුනානේ එහෙනම් හෙට උදේම පිටත් වෙන්න මෙන්න මේ කොලේ තියෙනවා එතනට යන විදිහ "
එහෙම කියල ඔහු මට රුපියල් පන්දාහක් සමග යන්න ඕන තැන ලිපිනය සහ යන්න ඕන ආකාරය සදහන් කරල තිබුණ කඩදාසි කොලයක් දුන්නා .
පහුවදා උදේම මම ඒ රැකියාව සදහා පිටත් වුනා මම තනියම ජීවත් වුන නිසා කියන්න කෙනෙක් අහන්න කෙනෙක් හිටියෙ නෑ හැම වැඩක්ම මගෙ හිතුමනාපෙට තමා මම කෙරුවේ හබරණින් බැහැලා පැය තුනකට වඩා ත්‍රී රෝද රථයක හබරණ කැලෑව ඇතුලටම ආවා බොහොම රලු කර්කශ බොරලු පාරක. පාර අවසන් වන තැනින් මම රථයෙන් බැස ගත්තා එතනින් එහාට තිබුණේ ඝන කැලෑවෙන් වට වුන අඩි පාරක් මම මගේ කකුල් රිදෙනකම් ඒ දගර ගැහි ගැහී තියෙන ඒ අඩි පාරේ කැලෑවේ ඇතුලටම ගමන් කලා .
අවසානේ සවස හතර පමණ වන විට මම විශාල බලකොටුවකින් වට වුන පැරණි නිවසක් ඉදිරියට ආවා එතකොට තමා මම දැක්කේ ඒ වෙන කොටත් තව හතර දෙනෙක් එතනට කලින්ම ඇවිත් ඉන්නවා මම එතනට ගියා විතරයි එතන තිබුණ විශාල ගේට්ටුව කන් බිහිරි කරවන භයානක ශබ්දයක් අවට පතුරවමින් විවර වුනා .
ඊට පස්සේ අපි පස් දෙනාම ඒ නිවස තුලට ගියා අපි ඉස්සරහට ආපු අපිට සම්මුඛ පරීක්ෂණය තියපු ඒ වයසක මනුස්සය මේ විදිහට කිව්ව .
" හොදයි මේ වැඩේට මට පස් දෙනයි ඕනේ වැඩේ පටන් ගන්නේ රෑ අටට පාන්දර පහ වෙනකොට වැඩේ ඉවර වෙන්න ඕනෙ වැඩේ ඉවර උන ගමන් ඇවිත් මට ඒ දවසේ කරපු වැඩ ටික කියන්න ඕනෙ වැඩේ මොකක්ද කියලා මම කියන්නම් අතන කාමරේ කෑම තියෙනවා ඒව කාල ඇවිත් මෙතනදි මාව හමුවෙන්න "
ඊට පස්සෙ අපි ඒ පුද්ගලයා කියපු කාමරයට ගියා කාමරයේ මේසයක් පුරවල එක එක කෑම ජාති තිබුණ බඩ පිරෙනකන් ඒව කාපු අපි ටික වෙලාවකින් අර වයසක පුද්ගලයා හම්බ වෙන්න ගියා .
" හොදයි පලවෙනි දවසේ මේකයි කරන්න තියෙන්නේ මෙන්න මේ මැෂින් ටික පිටේ එල්ලාගෙන මේ මැෂින් එකට සම්බන්ධ කරල තියෙන මේ කූර දිගටම අල්ලගෙන යන්න ඕනෙ මේ කූරෙ තියෙන කහ පාට බලබ් එක පත්තු වෙනකන් බැරි වෙලාවත් කහ පාට බල්බය පත්තු වුනොත් යම් තැනක එතන සලකුණක් දාන්න ඕනෙ පස් දෙනෙක් පරීක්ෂා කරන්න දැම්මට තැන් දෙකයි තියෙන්නේ තැන හම්බෙන කෙනා වාසනාවන්තයි තැන හොයා ගන්න බැරි උනොත් දවසේ ගාණ අරන් ආපහු තම තමන්ගේ ගෙවල් වලට යන්න වෙනව ආන්න අර පේන කන්ද තමා කට්ටියම එකතු වෙලා පරික්ෂා කරන්න ඕනේ එහෙනම් තව ටිකෙන් රෑ අට වෙනවා වැඩේ මේ දැන් ඉදන් පටන් ගමු "
ඊට පස්සේ ඒ වයසක පුද්ගලයා අපිට පරික්ෂා කරන්න ඕන කුඩා කන්ද පෙන්වා අපි පස් දෙනාට දිශා පහකින් ගිහින් මුලු කන්දම පරික්ෂා කරන විදිය යන්න ඕන පාරවල් සිතියමකින් පෙන්වා එක එක්කෙනාට තද රතු එලියක් පිටවන හිසේ පලදින හෙල්මටයක් ලබා දුන්නා ඒක ලබා දීලා මෙහෙම කිව්වා.
" අමනුෂ්‍ය බලපෑමක් ආවොත් මේ රතු එලිය දල්වන්න ඒ වගේම මේ විදුලි පන්දම් ටිකත් අරන් යන්න "
අපි හැම දෙනාම ඒ විදුලි පන්දමුත් අරන් අර යන්ත්‍රයත් පිටේ බැදගෙන අර කන්ද පරීක්ෂා කරන්න පස් දිශාවෙන් ගමන් කෙරුවා ඒ යන ගමන් මට හිතුනේ
...මේ වයසක මිනිහ නිධාන් හොයනවා වගේ මම දැකල තියෙනවා මේ මැෂින් වලින් පොලව යට තියෙන ලෝහ වැනි දේවල් හොයන විදිහ අපිටත් තියෙන්නේ මේ කන්දේ තියෙන නිධානෙ හොයාගන්නද කොහෙද
ඊට පස්සෙ මුලු නිධානය ගොඩට අරන් ඒ මිනිහ අයිති කර ගනියි ඒත් මට මගෙ ගාණ හම්බ වෙනවනේ මොකට ඔය ඕන නැති දේවල් හොයන්නේ ....
කොහොම හරි මම පාන්දර දෙක වෙන කොට කහ පාට බල්බය පත්තු වෙන තැනක් හොයා ගත්තා අපිට කිව්වේ බල්බය පත්තු වෙන තැන හොයාගෙන එතන සලකුණු කරන්න විතරයි මම එතන ආයෙත් ආවම හොයා ගන්න පුලුවන් වෙන විදිහට සලකුණු කෙරුවා ඊට පස්සෙ එතන තිබුණ දිරාගිය කොටයක් උඩට නැගලා ඒක මතින් වාඩි උනා මොකද මට ඊට පස්සෙ එලි වෙනකන් වැඩක් තිබුනේ නැති හින්දා ටික වෙලාවකින් මට ඇහුනා කවුදෝ අර සලකුණු කරපු තැන ඉන්නවා වගේ මට ඡායාව වගේ පෙනුන හින්දා මම තවත් හොදට ඒ දිහාම බලන් හිටියා මට පෙනුන ඒ ඡායාව ටිකෙන් ටික කලු පාට දුමක් වෙලා නොපෙනී යනවා කලුවරේ උනානම් මම ගහක අත්තක් දැක්ක කියලා හිත හදාගන්න ඒත් මට දීල තිබුණ විදුලි පන්දම වටේටම සැර එලියක් විහිදුවන නිසා මට හොදටම විශ්වාසයි එතන ඉදල නොපෙනී ගියේ මනුස්සයෙක් කියලා .
ඊට පස්සෙ සැර ගදක් පැතිරෙන්න ගත්තා ඒ ගද හරියට බිත්තරයක් කුණු වුන ගඳක් වගේ දැනුනේ
කොහොම හරි එලිය වැටෙනකන් ඒ ගද තිබුණ ඉර එලිය වැටෙනවාත් එක්කම ඒ ගදත් නැති වුනා උදේ අපි නැවත ආවා ඒ බලකොටුවෙන් වැසුන ගෙදරට අපේ පිරිසේ අනිත් හතර දෙනාගෙම මූණ වල් වල කිසිම සතුටක් තිබුණේ නැහැ කාරණය ඇහුවම කිව්වේ ඒ අයට කහ බල්බ් එක පත්තු වුන තැන හොයා ගන්න බැරි වුනා කියලා පස්සෙ අර වයසක මනුස්සයා අපිට කෑම කාල එන්න කිව්වා කෑම කෑවට පස්සෙ අපි එදා රෑ කරපු වැඩ ගැන ඇහුවා මමයි අනිත් කහ බල්බ් එක පත්තු වුන තැන හොයා ගත්ත කෙනඩි කිව්වා අපි තැන හොයා ගත්ත කියලා වයසක පුද්ගලයා බොහෝම සතුටට පත් වුනා ඊට පස්සේ අපි දෙන්නට පනස් දාහ ගානෙ එවලේම දුන්නා ඊට පස්සෙ අර තුන් දෙනා දිහාට හැරිල මෙහෙම කිව්වා..
" බොහෝම කණගාටුයි ඔබලාට නැවත ගම් බිම් බලා යන්න වෙනවා ඒ උනත් ඔබලා උත්සහ කෙරුවනේ ඒක නිසා මෙන්න තුන් දෙනාටම පනස් දාහ ගාණෙ තියෙනවා ඒකත් අරන් දැන්ම පිට වෙලා යන්න "
ඊට පස්සෙ ඒ අය පිට වෙලා යන්න
ගියා අපි දෙන්නට නිදා ගන්න කාමරයක් ඒ වයසක මනුස්සය පෙන්නුවා අපි දෙන්න ඒ කාමරේ හවස තුන විතර වෙනකන් නිදා ගත්තා ඊට පස්සෙ කෑම කෑවා රාත්‍රී හත හමාරට අර වයසක පුද්ගලයා ඇවිත් අපි දෙන්නව එක්ක ගියා එක කාමරයකට ඒකේ තිබුණ උදලු,නාරාසන,යවුල්,සවල්,තාච්චි අපිට කිව්වා එයින් එක එක අරගෙන ඊයෙ සලකුණු කරපු තැනට යන්න කියලා ඊට පස්සේ ඒ සලකුණ මැදි වෙන විදිහට අඩි හයක් දිග අඩි දෙක හමාරක් පලල වලක් මොකක් හරි ලෝහ පෙට්ටියක් මතු වෙන තුරු හාරන්න කියලා ලෝහ පෙට්ටිය මතු වුනාට පස්සෙ ඒක උඩට ගන්න පුලුවන් විදිහට මතු කරගන්න කිව්වා හැබැයි මොනම හේතුවටවත් පෙට්ටිය අරින්න එපා කිව්වා අද දවසේ වැඩේ එපමණයි මම සැහැල්ලු සිතින් තමා එතනට ගියේ මොකද මම සලකුණු කරපු තැන වැලි පොලවක් ඒ නිසයි .
මම කෙලින්ම එතනට ගියා විදුලි පන්දම් එලිය වැඩි කෙරුවා ඊට පස්සෙ දිගටම හාරන්න ගත්ත ඊයෙ දැනුන කුණු ගඳ මේ දවසේ ආපු නැති එක මට මහත් ප්‍රශ්නයක් උනත් මම ඒ ගැන සතුටු උනා මොකද මේ මහන්සි වෙන වෙලාවේ ගදකුත් දරාගන්න උනානම් මට මේ වැඩේ කරන්න වෙන්නෙ නෑ
පැය පහක් විතර එක දිගට හෑරුවා මට හිතෙන හැටියට අඩි පහක් විතර ජඹුරට වල හාරන්න ඇති පස්සේ මට තේරුනා උදැල්ල මොකක් හරි යකඩයක වදිනවා ඒ එක්කම කොහේදෝ හිටපු වවුල්ලු දහස් ගාණක් ඒ වල ලගම ගහට ඇවිත් වැහුවා මම ඒ ගැන හිතන් නැතුව පරිස්සමට පස් ටික අරන් දැම්මම ඒ යකඩ පෙට්ටිය මතු වුනා ඊට පස්සෙ යකඩ පෙට්ටිය උඩට ගන්න පුලුවන් විදිහට මම ඒක සුද්ධ කෙරුවා එතනින් මගේ වැඩ ඉවරයි දැන් තියෙන්නේ එලිය වැටෙනකන් ඉන්නයි මම වලට ටිකක් එහා තිබුණ ගහක දෙබලකින් වාඩි වෙලා එලිය වැටෙන කන් බලන් හිටියා
මම එතන ඉද්දි මම දැක්කා අර හදාරපු වල ලගට අමුතුම නිල් පාට දුමාරයක් ගලන් එනවා ඒ දුමාරය ඇවිත් සම්පූර්ණයෙන්ම වල වැහිලා ගියා ඊට පස්සෙ ඒ වල ඇතුලෙන් කවුරු හරි තදින් හුස්ම ගන්න හඩ ඇහුනා ඒ හඩ ඉර එලිය වැටෙනකම්ම තිබුනා එලිය වැටුනට පස්සෙ මම නැවතිලා හිටිය නිවස පැත්තට හෙමි හෙමීට ආව මගදි මට අර අනිත් පැත්තට ගිය කෙනත් හම්බවුනා ඔහු කිව්වෙ එක එක සද්ධ නිසා බයටම ඔහු ඒ වල හැරුවේ නෑ කියලයි ඒත් මට තේරුනා මිනිහ බොරුවක් කරන්නෙ කියලා
ඔහුට ඕන වෙලා තිබුණේ තවත් දවස් දෙක තුනක් බොරු කරමින් සල්ලි ගන්ඩ අර වයසක මනුස්සයගෙන් ඉන් පස්සෙ අපි බලකොටුව තියෙන නිවසට ගියාට පස්සේ වයසක මනුස්සයා කෑම කාල එන්න කියලා කෑම කාල ඒ මනුස්සයව හම්බ වෙන්න ගියාම යකඩ පෙට්ටිය මතු කරගත්ත නැති මනුස්සයා මේ විදිහට කිව්වා .
" මට මහා අමුතුම අමුතු සද්ද ඇහුනා ඒ හින්ද මම ඒ වැඩේ කෙරුවේ නෑ මම අද අනිවාර්යයෙන්ම කරනවා "
ඒක අහලා වයසක මනුස්සයට හොදටම තරහ ආව .
" උඹ මට බොරු කියන්න එන්න එපා මේ පනස්දහත් අරන් වහාම මෙතනින් පලයන් යන්ඩ "
රුපියල් පනස් දාහක් ඔහුගේ මූණට දමල ගහල වයසක පුද්ගලයා එහෙම කියලා බෙරිහන් දුන්නා ඊට පස්සෙ මගෙ පැත්තට හැරිල සුහදව මාත් එක්ක සිනාවුනා .
" හොදයි ඔබට අද ඒ දේ කරන්න පුලුවන්ද දැන් නිදා ගන්න ඊට පස්සෙ රෑට ගිහින් ඒ තැන හොයා ගන්න හෙට ගිහින් වල හාරලා පෙට්ටිය මතු කරගන්න ආ..මෙන්න අද දවසේ මුදල් .."
එහෙම කියලා මට රුපියල් පනස් දහසක් දීලා ඔහු යන්න ගියා ඊට පස්සෙ මම නිදාගත්තා රෑවෙලා මම ගිහින් අර මැෂින් එකෙන් බලල කහ පාට බල්බය පත්තු වන තැන හොයා ගත්තා ඊට පස්සෙ එතන සලකුණු කෙරුවා එතන නම් අමුතු දේවල් උනේ නෑ පසු දින ගිහින් මම ඒ සලකුණු කරපු තැන හාරල මම කලින් හාරපු වලේ තියෙන පෙට්ටියට වඩා කුඩා පෙට්ටියක් මතු කරගත්තා
පස්වෙනි දවසේ මම ගියේ වයසක මනුස්සයා හම්බවෙන්න එදින රාත්‍රියේ කල යුතු වැඩ අහගන්න
ඔහු මට කිව්වෙ මෙවැන්නක් .
" අද ඔබට භයානක දෙයක් කරන්න තියෙන්නේ ඒ පෙට්ටි දෙක වලලලා තියෙන තැනින් ගොඩ ගන්න ඕනෙ ඒක බොහොම භයානක වැඩක් අද ඔබට අවතාර එක්ක සටන් කරන්න වෙනවා ඒකට මෙන්න මේ ආයුධය ප්‍රයෝජනවත් වෙනවා ඒ වගේම හිසේ පලදින අර රතු පාට එලිය මේ දෙක විතරයි ඔබේ ජීවිතය බේරල දෙන්නේ "
එහෙම කියලා ඔහු මට හෙල්ලක් වැනි දෙයක් ලබා දුන්නා ඒක තනිකරම රිදී වලින් හදල තිබුණේ මට ඒ ආයුධය ගැන විශ්වාසයක් හෝ හොල්මන් අවතාර ගැන විශ්වාසයක් නැතත් මම ඒක ඔහුගෙන් ලබා ගත්තා .
එදා රෑ අට වෙනකොට මම ඒ යකඩ පෙට්ටිය වලලලා තිබුන තැනට ගියා ඊට පස්සෙ අර රිදී හෙල්ල පැත්තකින් තියලා වල ඇතුලට බැහැල මගේ ඇගේ තිබුන මුලු ශක්තියම යොදවලා ඒ යකඩ පෙට්ටිය ඉස්සුවා කොහොම හරි අමාරුවෙන් යකඩ පෙට්ටිය උඩට ගත්තා අඩි හයක් විතර දිග ඒ යකඩ පෙට්ටිය මට අරින්න අවසරයක් තිබ්බෙ නෑ යකඩ පෙට්ටිය උඩට ගත්තට කිසිම අවතාරයක් ආවෙ නැත්තෙ ඇයි කියලා මම හිතුව විතරයි අර වලෙන් අමනුෂ්‍ය සිරුරු එකින් එක උඩට එන්න ගත්තා මස් දිය වෙලා පණුවෝ සිලි සිලි ගාල වැටෙන ඒ ශරීර මහා භයානක පෙනුමක් ගෙන තිබුණා ඇග කිලිපොලා යන විදිහට ගොරවමින් උන් එක එකා මගෙ පැත්තට ආව මම කොහොම අර රිදී හෙල්ල ගාවට පැන ගත්තද කියලා මට මතක නෑ හෙල්ල අතට අරගෙන ඉස්සරලම ආපු අමනුෂ්‍යට ඇන්න එතකොට තමා මට තේරුනේ ඒ හෙල්ලෙ තියන ශක්තිය සහ බලය ගැන හෙලි පාර වැදිලා ඒ අමනුෂ්‍යයා දූවිල්ලක් බවට පත්වුනා .
ඊට පස්සෙ පැයක් විතර යනකන් ඒ වලින් ගොඩට ආපු අවසාන අමුනූෂයා වෙනකන් මම හෙල්ලෙන් ඇනල විනාශ කෙරුවා
පැයකට පස්සෙ උන් එකෙක් වත් ආවෙ නෑ මටත් හොදටම උන් එක්ක ඔට්ටු වෙලා මහන්සි වෙලා හිටියේ ඒත් මහන්සියි කියල නවතින්න බෑ එහා පැත්තෙ තියෙන යකඩ පෙට්ටියත් ගොඩට ගන්න ඕන හින්ද මම එහෙම්මම කන්ද එහා පැත්තේ යකඩ පෙට්ටිය තියෙන වල ගාවට ගියා .
එතනට ගිහින් ඒ වල ඇතුලට බැහැල යකඩ පෙට්ටිය උස්සල උඩින් තිබ්බා ඒ එක්කම පොලව යටින් ආපු පිළිකුල් සහගත අත් වේගයකින් මාව පොලව ඇතුලට අදින්න ගත්තා මම මගේ ආරක්ෂාවට තිබුණ හෙල්ල බැලුවා අවාසනාවක මහත හෙල්ල මට අත පොවලවත් ගන්න බැරි සීමාවක දාල තමා මම වලට බැහැල තියෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික මාව ඒ අත්වලින් පොලව ඇතුලට අදින්න ගත්ත පොලවේ තිබුන පස් මඩ වගේ වෙලා තිබුණ නිසා ඒ වෙන කොටත් මාව දණ හිස දක්වා ඒ ජරා පිලිකුල දනවන අත්වලින් පොලව යටට ඇදල තිබුනේ දැන් දැන් මගේ මරණය බිදෙන් බිද ලගා වෙමින් තිබුණ එතකොටම මට මතක් වුනා මගේ හිසේ තිබුණ රතු එලිය තියෙන හෙල්මටය මම වහා දැල්වූවා ඒකෙ තියෙන රතු එලිය ඊට පස්සේ ඒ එලිය ඇල්ලුවා අර ජරා අත් වලට රතු එලිය වැටෙනවාත් සමග ඒ අත් සියල්ල දුම් වලාවක් වෙලා නොපෙනී ගියා ඊට පස්සෙ බොහොම අපහසුවෙන් මම ගොඩට ආව
අද දවසට මට තිබුණ වැඩ එච්චරයි මහන්සිය වැඩි කමට මම අමාරුවෙන් ලගම තිබුණ ගහක් ලගට ගිහින් ඒකට පිට දීල ඇස් පියා ගත්තා ටික වෙලාවකින් මට නිදා ගත්ත වටින් ගොඩින් ඉර එලිය වැටෙද්දී තමා මම අවදි උනේ ඊට පස්සේ නැවතිලා හිටිය අර බලකොටුවේ තිබුණ නිවසට ගිහින් හොදට කෑම කාල ආයෙ නිදා ගත්ත එදා රෑ මට අර වයසක මනුස්සය දකින්න ලැබුනෙ නෑ ඒ මනුස්සයා කෑම මේසෙ උඩ සටහනක් දාල කොහෙ හරි ගිහින් තිබුණ පනස් දහසේ සල්ලි මිටි තුනකුත් එතනම තිබුන.
අර වයසක මනුස්සය මට අද රෑ කරන්න පවරල ගිහින් තිබුනේ අර ගොඩට ගත්ත යකඩ පෙට්ටි දෙක මේ නිවසට අරන් එන්න කියලා කොහොම හරි මම පැය හත අටක් ඔට්ටු වෙලා ඒ යකඩ පෙට්ටිය දෙක බලකොටුව මැද තියෙන ගෙදරට අරන් ආව යකඩ පෙට්ටිය දැකල අර වයසක මනුස්සයා ගේ සතුට දෙගුණ තෙගුණ වුනා කොච්චර සතුටුද කියනවනම් ඒ මනුස්සයා උඩ පැන පැන නටන්න ගත්තා.
අද හත්වෙනි දවස් වයසක මනුස්සයා ඒ බලකොටුවේ තිබුණ විශාල ශාලාවකට ඒ යකඩ පෙට්ටි ගෙනිහින් තියන්න කියපු නිසා මම ඒව ඒ ඒ කියපු තැන් වලින් තිබ්බා ඉටි පහන් දල්වා තිබුන ඒ ස්ථානය සුවද දුම් වල සුවදින් දසත සුවදවත් වී තිබුණා
" අද මේ පෙට්ටි ටික ඔබ මට ඇරල දෙන්න ඕනේ මම අර උඩ තියෙන වේදිකාවට වෙලා බලන් ඉන්නවා මොකක් හරි දෙයක් දැන ගන්න ඕන උනොත් මෙතන ඉදන් අහන්න ඔබේ ගමන් මල්ලට මම වැඩි පුර ලක්ෂයක මුදලකුත් දැම්මා ඔබ හොද අවංක සේවකයෙක් නිසා ඒක මම දෙන තෑග්ගක් "
එහෙම කියලා ඒ වයසක මනුස්සයා දුරින් තිබුණ අට්ටාලයකට නැගලා මම වැඩ කරන දිහා බලන් හිටියා මම ඉස්සරලාම පොඩි යකඩ පෙට්ටිය විවෘත කලා ඒකෙ තිබුණේ මහා අමුතුම හැඩයේ ආයුදයක්. මම කවදාවත් දැකල නෑ ඒ වගේ ආයුධයක් ඊට පස්සේ මම අනිත් ලොකු යකඩ පෙට්ටිය විවෘත කෙරුවා ඒක ඇතුලේ තිබුනේ කාගෙදෝ මන්ද මිනිස් ඇට සැලකිල්ලක් මම අර වයසක මනුස්සය දිහා බැලුවා ඔහු මට අතින් සංඥ්ඥා කෙරුවා ඒ ඇට සැකිල්ල එලියට ගන්නා ලෙස මම ඇට සැකිල්ල ගන්න ඒකට අත තියනවත් එක්කම ඒ පෙට්ටිය අස්සෙ තිබ්බ පිහියකට මගේ අත කැපුනා කැපුන අතින් ලේ බිදු වෑස්සෙන්න ගත්තා අර ඇට සැකිල්ල මතට. ලේ වැටිලා මොහොතක් යන්නත් කලින් ඒ ඇට සැකිල්ල එක දිගට ගැහෙන්න ගත්තා හරියට ඒකට පන තියෙනව වගේ ඊට පස්සෙ මම දැක්කා ඒ ඇට සැකිල්ලේ මස් ලියලනවා ටිකෙන් ටික මනුස්ස ශරීරයක් බවට පත්වෙන්න පටන් ගත්තා ඒ ඇට සැකිල්ල ඒ එක්කම මා පිටිපස්සෙන් ආපු දෙන්නෙක් මාව පසෙකට තල්ලුකලා මම බැලුව කවුද මාව තල්ලු කලේ කියලා එතන හිටියේ කතෝලික පියතුමන් කෙනෙක් සහ ස්වාමීන්වහන්සේ නමක්. පියතුමා මංජුසාවකින් ශුද්ධ වූ ජලය අර යකඩ පෙට්ටියේ සිරුරට විසි කලා ඒ එක්කම ස්වාමින්වහන්සේ අප තුන් දෙනා වට වෙන විදිහට පිරිත් නූල් ඇද්දා
ශුද්ධ ජලය නිසා ඒ යකඩ පෙට්ටියේ සිරුර ගිනි ගන්ඩ පටන් ගත්තා ගිනි ගන්නා සිරුර කෑ ගහගෙන වියරුවෙන් අප දෙසට ආවත් පිරිත් නූල් නිසා ඒ යක්ෂයා හට අප වෙත ලගා විය නොහැකි වුනා අප ආසන්නයේම ඒ යක්ෂ සිරුර ගිනිගෙන දැවී විනාශ වී ගියා .
" අනේ දෙයියනේ අනේ දෙයියනේ මගෙ බලාපොරොත්තු ඉවරෙටම ඉවරයි "
අර වයසක මනුස්සයා එසේ විලාප දෙමින් අට්ටාලයෙන් බිමට බසින විට පය පැකිලී බිමට වැටුනේ හිස පහලට වන ලෙසයි වයසක මිනිසා ගේ හිස බිමට වැදුන වේගයට බරපතල තුවාලයක් ඇතිවුනා එය හේතුවෙන් වැඩි වෙලා යන්න කලින් ඔහු මිය ගියා
මා පසුව දැන ගත්තේ ඒ කන්දේ වල දමා තිබුනේ යක්ෂ නායකයෙක් බවත් ඔහුට නැවත පණ දීමට අර වයසක පුද්ගලයා උත්සහ දරා ඇති බවත්ය ඒ වයසක පුද්ගලයා යකුන් අදහන්නෙක් නිසා යක්ෂ නායකයට පණ දීමට උත්සහ ගෙන තිබුණ අතර යක්ෂයාට අවැසි ආත්මයට මගේ ආත්මය බිල්ලට දීමට අවසානේ සැලසුම් කර තිබුණු බවත්ය
මේ පරණ බලකොටුවේ යම් කිසි සැක සහිත දෙයක් සිදුවන බව අපේ පිරිසේ මුලින්ම ගිය තුන් දෙනා පන්සල් සහ පල්ලිය දැනුවත් කෙරුවට පස්සෙ ඒ ගැන සොයන්න ස්වාමීන්වහන්සේ සහ පියතුමන් ආපු වෙලේ තමා යක්ෂයාට පන දෙන්න හදන බිහිසුණු දර්ශනය දැකලා වහාම මැදිහත් වෙලා මාව බේරල අර යක්ෂයවත් විනාශ කරේ එදා මාව මරන්න ආපු අමනුෂ්‍යයින් පවා බයවෙලා ඒ යක්ෂ නායකයට යලි පණ එනවට ඒ තරන් දරුණු යක්ෂයෙක් මම ගොඩ අරන් තියෙන්නේ කොහොම හරි මම ආයෙ ගමට ඇවිත් රස්සාවකට ගියෙ නෑ අර දුන්න සල්ලි වලින් පොඩියට කඩයක් කරනවා ඒක මට නිදහස් ඊටත් ගමේ ඉන්නව ගමේ ජීවත් වෙනව කියන්නේ වෙනම හැගීමක්
........... නිමි ...................
කතා ටික ඔක්කොම එක දිගටම කියවගෙන ගියා.....සුපිරි....දිගටම කතා දාන්න.❤️❤️
ReplyDeleteතව ටිකක් කුතුහලය , භීතිය මතු වෙන විදියට ලියන්න පුළුවන් කියල හිතෙනවා . කතාව ටක් ගාල ඉවර වෙනකොට බය දැනෙන ගතිය අඩුයි
ReplyDelete