ගෙගරි පවුලේ ඛේදවාචකය

 


1990 මාර්තු මාසයේ මුල් සතිය මහරගම පොලිස් බල ප්‍රදේශය තුල බොහෝම සාමකාමී බවක් ඉසිලුවත් දෙවන සතියේ තත්ත්වය ඊට හාත් පසින්ම වෙනස් විය මන්ද යත් පරණ කොට්ටාව පාරේ ජනතා මාවතේ නොම්බර දහ අට දරණ නිවසේ සිදුව තිබුණ අභිරහස් ලෙස මිය ගොස් තිබූ එකම පවුලේ හත් දෙනෙකුගේ සිරුරු හමු වී තිබුණ නිසයි


එම නිවස අයිතිව තිබුණේ සැම්සන් ගෙගරි නමැති හැත්තෑපස්වන වයසේ පසුවන්නෙකුටයි ඔහු සහ ඔහුගේ බිරිද ලොකුපුතා සහ ඔහුගේ බිරිද සහ දරුවන් තිදෙනා මෙසේ අද්භූතජනක ලෙස මිය ගොස් සිටියහ.


පොලිස් පරීක්ෂණ බාරව තිබුණේ උප පොලිස් පරීක්ෂක හේමන්ත නමැති තරුණ නිලධාරියෙකුටය.


සිරුරු සියල්ල මරණ පරීක්ෂණය සඳහා යවා පරීක්ෂණ වාර්තාව රුගෙන ඒම සදහා ගිය හේමන්තගේ සහයක පොලිස් නිල ධාරියෙක් වාර්තාව ඔහුට පෑවේය.


පරීක්ෂණ වාර්තා හොදින් පරික්ෂා කර බැලූ හේමන්ත සහයක නිලධාරියාට මෙසේ පැවසුවේය 


" මේකට අනුව මේ මැරිල තියෙන අයගේ හදවත පෙනහළු මොලය මේ සියල්ල ඉදිමිලා මැරිල තියෙන්නේ මේ හැමෝගෙම කෙස් ගැලවිලා හම පුපුරල රුධිරය එලියට ඇවිත් තියෙනව මොන දෙයක් හින්දද එහෙම වෙන්නේ ආරියරත්න තමුසේ මේ වගේ මරණ දැකල තියෙනවද"?..


".නෑ සර් මම ජීවිතේ පලමු වතාවට මෙහෙම බයංකර මරණ දැක්කේ .දැක්කනේ සර් හැමෝගෙම අත් ඇඟිලි කලු වෙලා තිබ්බේ "


" සමහරවිට මේ පවුලටම වස දුන්න වෙන්න බැරිද"?


" ඔව් සර් මටත් ඕක හිතුණ පවුලක්ම මෙහෙම මැරෙන්න තරම් හේතුවකට තියෙන්නේ ඒක තමා සමහර තරහ කාරයෝ ඉන්නව අවුරුදු ගණන් පලි ගන්න නියම අවස්ථාව එනකන්.."


" අපි මේ ගෙගරි පවුලට ඉන්න තරහ කාරයෝ ගැන හොයල බලමු ඉස්සරලම. ආරියරත්න වාහනේ ලෑස්ති කරන්න දැන්ම යමු මීඩියා කාරයෝ ඔක්කොම මේ සිද්ධිය ගැන ඇලට් එකේ ඉන්නේ ඒක නිසා මේක ඉක්මනට ඉවරයක් කරන්න ඕනේ"


විලියම් ගෙගරි සහ පවුලේ පිරිස සාමකාමීව ජීවත් වී අවට අසල් වැසියන්ගේ සිත් දිනා ගෙන සිටි පවුලක් නිසා ගෙගරි පවුලට එරෙහි තරහ කරුවෙක් සිටියේ නැත නමුත් යම් සතුරු සිදුවීමක් හේමන්තට අසන්නට ලැබුණේය.

 

මහරගම ප්‍රදේශයේ පාතාල අණසක එවකට පතුරවාගෙන සිටියේ කෙසෙල්වත්තේ දිනුක සමරවික්‍රම නොහොත් චන්ඩි නමැති පුද්ගලයාය පවතින රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ උපරිම ආරක්ෂාව සහ ආශීර්වාදය මැද චංඩී කොට්ටාව පිලියන්දල මහරගම නුගේගොඩ නාවින්න කැස්බෑව යන ප්‍රදේශ පුරා සිය අණ සක පතුරුවාගෙන සිටියේය.


" චංඩි අයියා පොලිස් වණ්ඩියක් මේ පැත්තට එනව පේනව මොකද දන් නෑ..?"


චංඩිගේ ගෝලයෙක් වන පැටී කීවේය.


" පොලීසියට බය වුනේ ඉස්සර යකෝ දැන් පොලිසියත් මට දන නමනව ඕන එකෙක් ආපු දෙන් උඹ අර ගෝඩ බැරල් ටික පෙරන්ඩ ලෑස්ති කරපන් චින්තකයට කෝල් කරල කියපං හෙට තණමල් විලට ගිහින් ගංජ හේන පොඩ්ඩක් බලල එතන ඉන්න උන්ට පඩි බේරල එන්න කියල"


එසේ පවසමින් චංඩී පොලිස් රථය ඉදිපිටට ගියේය.


" ආ සර්ල මොකද මේ කවදාවත් නැතුව අපිව බලන්න ආවේ.."


" චංඩී තමුසෙගේ මොනා බලන්නද අපි මම කෙලින්ම කාරණේට එන්නම් තමුසේ ගිය මාසේ ජන්ද පෝස්ටර් අලවන්න ගිහින් මහරගම පැත්තේ පවුලක් එක්ක රංඩුවක් වුනාද..?


" හහ් හහ්. .මම ඔය දෙකයි පනහේ කචල් මතක තියාගන්නේ නෑනේ මහත්තයෝ අපේ ඇමතිතුමාගේ පෝස්ටරයක් ගෙදරක් ඉස්සරහ තාප්පේ අලවන්න ගිහින් ඒ ගෙදර මිනිස්සු මම කවුද කියල දන් නැතුව කෑ ගැහුව හැබැයි මගේ නම දැනගත්තම පවුලේම උන් ටික මගෙන් සමාව ගත්ත ඒක එතනින් ඉවරයි දැන් ඒ පවුලට මොකක්ද වෙලා තියෙන්නේ සර්"?


" ඒපවුලේ හැමෝම මැරිල හැබැයි මේ සිද්ධියට තමුසේ සම්බන්ධ වෙලානම් මොන ඇමතියාටවත් තමුසේ බේරගන්න වෙන් නෑ.."


" හරි හරි සර් එහෙම වෙන්නේ සම්බන්ධ වෙලානන්නේ .දැන් සර්ල යන්න දෙයියන්ගේ පිහිටයි"


කට කොනකට සමච්චල් සිනාවක් නගාගත් චංඩි පොලිස් වාහනය නොපෙනී යන තුරු ඒ දෙස බලා සිටියේය.


මරණ සම්බන්ධයෙන් හෝඩුවාවක් සොයා ගැනීමට වෙහෙස වී අදික තෙහෙට්ටු ගතියෙන් සිටි හේමන්ත පොලිස් ස්ථානයට නැවත ආවේ පරාජිත මානසිකත්වයෙනි 


" සර් එනකන් තරුණ කොල්ලෙක් බලන් හිටිය සර් "


හේමන්තට සහයක නිලධාරියෙක් පැවසුවේය.

 " කෝ තව ඉන්නවද ඉන්නවනම් එන්න කියන්න "


සහයක නිලධාරියා පැමිණ සිටින තරුණයා රැගෙන ආවේය


" සර් මම ආවේ ගෙගරි පවුල ගැන දෙයක් කියන්න ආවේ.."


අවුරුදු විස්සක පමණ වයසැති කෙසග සිරුරක් හිමි තරුණයා බයාදු කට හඬකින් පැවසුවේය තරුණයා හැසිරෙන ආකාරයෙන් හේමන්තට තේරුම් ගියේ ඔහු කිසි දිනක පොලිස් ස්ථානයකට පය තබා නැති බවයි.


" තමුන් මොනවද ගෙගරි පවුල ගැන දන්නේ"

හේමන්ත විමසුවේය. 


" සර් විලියම් ගෙගරි මාමාගේ පුතා සම්පත් අයියා එක්ක තමා මම වැඩ කරන්නේ එයා ජේ,සී,බී ඔපරේටර් කෙනෙක් මම සහයට හිටියේ ඒ පවුලේ කට්ටිය මැරෙන්න කලින් දවසේ උදේ අපි වැඩ කෙරුවේ මහරගම කැන්සර් හොස්පිටල් එක පිටිපස්සේ කාණුවක් කැපුව ටික වෙලාවකින් ඒ කාණුවේ තිබිල මොකක්දෝ මැෂින් එකක් හම්බවුනා සම්පත් අයියා ඒක ගලෝල බැලුවම ඇතුලේ තිබුණ නිල් පාට දිළිසෙන කුඩු වගයක් අපි හවස වැඩ ඉවර වෙලා ඒ කුඩුත් අරන් සම්පත් අයියලගේ ගෙදර ගියා.....


" එතකොට තමුන් නැවතිලා හිටියේ ගෙගරි නිවසෙමද. .?"


උප පොලිස් පරීක්ෂක හේමන්ත විමසුවේය.


" අනේ නෑ සර් මම නාවින්නේ පදිංචි වෙලා ඉන්නේ සම්පත් අයියගේ එක ලමයෙකුගේ උපන් දින සාදයක් තිබ්බ මටත් එන්න කිව්ව මමත් ගියා 

එදා රෑ පවුලේ හැමෝම හරිම සතුටෙන් හිටියේ ඒ වෙලාවේ තමා සම්පත් අයියා අර දිලිසෙන කුඩු ඇඟේ ගාගෙන හැමෝටම පෙන්නුවේ ඇඟේ ගා ගත්තම ඒ කුඩු හරීම ලස්සනයි ඒකට ආස වෙලා ගෙදර හැමෝම ඒ කුඩු ජාතිය ඇඟ පුරා ගාගෙන සතුටු වුනා මට ගෙදර යන්නත් තියෙන නිසා මම ගා ගත්තේ නෑ පාටිය ඉවර වෙලා මම ගෙදර ආව පස්සේ සම්පත් අයියලගේ ගෙදර අය ඔක්කෝම මැරිල කියල ආරංචි උනා මම හිතුව මේක පොලිසියට කියන්න ඕනේ කියල"


" තමුන් බොහොම හොඳ වැඩක් කරල තියෙන්නේ මේ ගැන අපිව දැනුවත් කරපු එක තමුන්ට පුලුවන් වෙයි නේද ඒ කාණුවේ තිබිල හම්බ වුන මැෂින් එක පෙන්නන්ඩ.."


ඉන්පසු හේමන්ත එම තරුණයාත් සමග මියගිය සම්පත් සහ තරුණයා වැඩ කල ස්ථානයේ හමුවුන මැෂින් එකක් වැනි දේ දැක ගැනීම සදහා මහරගම පිළිකා රෝහල දෙසට ගමන් කලේය.


තවත් ටික වේලාවකින් ඔවුන් එම ස්ථානයට ලගා විය.


" ආන්න අර තියෙන්නේ සර් ඒ මැෂින් එකේ කෑලි අපි ඒක කඩල තමා ඇතුලේ තිබුණ නිල් පාට කුඩු එලියට ගත්තේ .."


තරුණයා පැවසුවේය.


මොන විදිහකට සිතුවත් එම මැෂින් එක කුමක්ද කියා හේමන්තට නිගමනයකට ඒමට අපහසු වු නිසා පිළිකා රෝහලේ ඉහල වෛද්‍යවරයෙක් ගෙන්වා ඔහුට එය පෙන්වුයේය. 


එම කැඩී බිදී තිබූ යන්ත්‍රය දුටු සැනින් වෛද්‍යවරයා භීතියට පත් විය.


" මේ..මේක ..ක..කවුද ගොඩ ගත්තේ ..ඒ..ඒ..ඒ මදිවට කඩලත් දාල හත් දෙයියනේ.."


වෛද්‍යවරයා වචන පැටලෙමින් ගොත ගසමින් කතා කලේය.


" ඩොක්ට මේ යන්ත්‍රයේ තිබුණ දිලිසෙන කුඩු වගයක් ගෙදරකට අරන් ගිහින් ඒ අය ඒව ඇඟේ ගා ගෙන පහුවදා වෙනකොට හැමෝම මැරිල මට දැනගන්න ඕනේ මොකක්ද මේ යන්ත්‍රය මොනවද ඒ කුඩු කියල..?"


උප පොලිස් පරීක්ෂක හේමන්ත ප්‍රශ්න කලේය.


" මේ ..මේ තියෙන්නේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර කරන යන්ත්‍රයක් මේක ඇතුළේ තිබුණ කුඩු වර්ගය තමා cesium 137 ඒවා යොදා ගන්නේ ගැමා කිරණ නිපදවා ගන්න ඒ කුඩු වර්ගය මාරාන්තිකයි අපි මේ යන්ත්‍රය විනාශ කරන්න කියල භාර දුන්නත් විනාශ කරණවා වෙනුවට මෙතන වල දමලා කියල දැනගෙන හිටියේ නෑ"


වෛද්‍යවරයා පැවසුවේය.


" නොසැලකිලිමත් කමයි මෝඩකමයි නිසා අවසානේ පවුලක්ම වටිනා ජීවිත වලින් වන්දි ගෙව්ව ඩොක්ට.."


එසේ පවසා දිගු සුසුමක් පිට කරමින් උප පොලිස් පරීක්ෂක හේමන්ත නිහඩ වූයේය.


************ නිමි *****************************

Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය