රිදීදර ශාපය

පියල් කියන්නේ වයස අවුරුදු හතලිහක පුද්ගලයෙක් ඔහුට ඊයෙ දිනයේ තමා හතලිහ ලැබුවේ තනිකඩයෙක් වුන පියල් ගේ විනෝදාංශය වුනේ ලස්සන ලස්සන තැන්වල ඇවිදල බලන එක ඔහු වැඩ කරපු ආයතනයේ ඔහුගේ මිතුරන් හැමෝම කියනව ඉදල්ගස්හින්න ස්ටේෂන් එක පුදුම ලස්සනයි කියලා 

ඒක හින්දම පියල් තීරණය කරනවා ගිහිල්ලම බලනව කියල දවස් තුනක රැකියා කරණ ස්ථානයෙන් හදිස්සියේම ලැබුණ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතපු පියල් හවස මරදානෙ ස්ටේෂන් එකෙන් බදුල්ල බලා යන දුම්රියකට ගොඩ වෙනවා ඔහු දුම්රියට ගොඩ වෙනවත් එක්කම පරණ තාලේ ඇදුම් වලින් සැරසුන අයෙක්ද පියල්ට පිටුපසින් ඇවිත් පියල් වාඩි උන තැනම ඉදිරිපිට ආසනයේ වාඩිවුනා ඊට පස්සෙ ඔහු මහා අමුතුම බැල්මකින් පියල් ගේ මූණ දිහාම බලාගෙන හිටියා පියල්ට එය අපහසුවක් වගේ දැනුනත් ඔහු එය වැඩිය ගණනකට ගත්තෙ නෑ 


 පියල් එහෙමම කවුලුවෙන් ඔහු පසුකරමින් යන දෑ නරඹන්නට උනා නිකමට වගේ ආයෙත් ඉදිරියේ සිටින මිනිසා දිහා බැලුවම ඔහුට පෙනුන තාමත් අමුතු ජීවියෙකු දැක්ක වගේ පියල් දිහාම බලන් ඉන්න ඒ මිනිසාව ..පියල්ට දැඩි කෝපයක් හට ගත්තා ඒ විදිහට තමන් දිහාම බලන් ඉන්න ඒ මිනිසා ගැන.. පියල් තරහෙන් ඒ මනුස්සය ගෙන් මෙහෙම ඇහුවා.

 " ඇයි මොකද බලන්නේ "

 දුම්රිය මැදිරියේ කිහිප දෙනෙකුට වඩා හිටියේ නෑ ඒ අමුතු විදිහට පියල් දිහාම බලන මනුස්සයට මදක් දුරින් වාඩි වෙලා හිටපු කෙනෙක් පියල් දිහා අමුතු විදිහට බැලුව හරියට නිකන් පිස්සුවෙන් දොඩවන මනුස්සයෙක් දිහා බලන විදිහට ඊට පස්සෙ ඔහුටම ඇසෙන විදිහට තොල් මැතුරුවා .."පිස්සෙක් තනියම කියවනව..." එහෙම කියලා ඉවත බලා ගත්තා.

 .."මම රිදීදර බණ්ඩා මතකද මාව.." 

 ඉස්සරහ හිටිය අමුතු විදිහට බලන මනුස්සයා පියල්ගෙන් ඒ විදිහට ඇහුවා. 

 " මට මතක නෑ ඔහේව ඇයි ඔය විදිහට බලන්නෙ "

 " හෙහ්:..හෙහ්:..හෙහ්:..තව ඉස්සරහට යන්ඩ යන්ඩ මතක් වෙයි .." 

 වියරු සිනාවක් පාල රිදීදර බණ්ඩා එහෙම කිව්ව පියල් නොරිස්සුමෙන් ඔහු දිහා බලල ගෙන ආපු දවසේ පුවත්පතක් දිග ඇර ගෙන පුවත්පතෙන් රිදීදර බණ්ඩාව නොපෙනෙන ලෙස පියල් මූණ වහ ගත්තා ඊට පස්සේ පියල් කල්පනා කලේ කවුද මේ රිදීදර බණ්ඩ කියලා මොකද ඔහු ජීවිතේටවත් එහෙම නමක් අහල තිබ්බෙ නෑ ඊටත් රිදීදර බණ්ඩා ගෙ ඇස්වල තිබුණ ක්‍රෝධය වෛරය වියරුව පියල්ට තේරුම් ගැනීමට බැරි වුනා පියල් දිගටම කල්පනා කලා මේ රිදීදර බණ්ඩා කවුද කියලා. 

 කල්පනා කරමින්ම පියල් තද නින්දට වැටුනා නින්දෙන් ඔහු මහා භයානක සිහිනයක් දුටුව ඒ සිහිනයේ පියල් හිටියේ කර්කශ පාලු මූසල ගමක් මැද්දේ හිටි හැටියේම ඒ ගමේ ගෙවල් ඔක්කොම ගිනි ගන්න පටන් ගත්තා බුර බුරා නගින ගිනි මැද්දෙන් පියල් හෙමීට ඉදිරියට ඇදුනා එක පාරටම ගැහැණියක් මර හඬ දෙන හඩක් ඇසුන නිසා පියල් ඉක්මනටම ඒ පැත්තට ගියා 

 ඔහු දැක්කා මහා ගිනි ජාලාවක් මැද පණ පිටින් ගිනි ගන්නා කාන්තාවක් ඇය විලාප තබමින් කෑ ගැසුවා මේ විදිහට 

 """ මේ කරපු දේට තොපි හැමෝටම මේ ගමට ශාප වෙනවා මේ ගම තොපි හැමෝම විනාශ වෙලා යන්න ඕන තොපිට ශාප වේවා ශාප වේවා....."""

 එහෙම කියල ඉවර වුන ගමන් පියල් ගේ පැත්තට මහා ගිනි ජාලාවක් එන්න ගත්තා . එක් වරම කෑ ගහගෙන පියල් අවදි වුනා වට පිට බැලු ඔහුට තමන් ඉන්නෙ දුම්රියේ බව තේරුනාම සැහැල්ලුවක් දැනුන තමන් ලග තිබුන වතුර බෝතලෙත් අරන් වැසිකිලියට ගිය පියල් දුටුවේ ඒ වන විට මැදිරියේ සිටින්නේ තමන් සහ රිදීදර බණ්ඩා පමණක් බවයි 

වැසිකිලියට ගොස් වතුර බෝතලෙන් මුහුණත් සෝදගත් පියල් නැවත ඇවිත් තමන් වාඩි වී සිටි තැනින්ම නැවත වාඩි වුනා තවත් ටික දුරක් ගිය දුම්රිය එක නැවතුම් පොලකින් නතර කෙරුවා පියල් කවුලුවෙන් හිස දමා බැලුවේ මොකක්ද මේ නැවතූම් පොලේ නම කියල බලන්න රිදීදර කියන ලියල තිබ්බ ස්ටේෂන් එකේ නම දැක්ක ගමන් පියල් තිගැස්සුනා

 ඔහු හෙමීට හිස හරවා අර රිදීදර බණ්ඩා කියන මිනිසා දෙස බැලුවා ඔහු මහා වියරු සිනාවක් පාමින් ඔහු දෙසම බලන් හිටියා යලිත් ආපසු ස්ටේෂමට නෙත් යොමූ කෙරූ පියල් දුටුවේ ඒක මහා පාලුවට ගිය ස්ටේෂන් එකක් බවයි එකම මනුස්සයෙක් වත් ස්ටේෂම පැත්ත පලාතේ සිටියේ නෑ අවට වට පිටාව තව දුරටත් බලන විට පියල් දුටුවේ ගරාවැටුන ගෙවල් හැම තැනම තියෙන මිනී පිටියකටත් වඩා මූසල පෙනුමක් තියෙන තැනක් මෙම නැවතුම් පොල කියලයි . රිදීදර බණ්ඩා පියල්ට ඇහෙන්න මේ විදිහට කියවන්න ගත්ත


 "" ගම පාලු වුනා මිනිස්සු මැරුණා මිනිස්සු කිව්වට මේ ගමේ තිරිසන්නු හිටියේ ඉස්සර මෙහෙම තිබ්බෙ නෑ මේ ගම හරි ලස්සනයි ගමේ හිටිය බොහොම ලස්සන තරුණ කෙල්ලක් සොබනි කියල. දවසක් ගමට ආව තාපසයෙක් ඒ තාපසය හරිම කරුණා වන්තයි ගම කෙලවරින් ගමේ මුලාදෑනියා තාපසයට ආරාමයක් හදල දුන්නා තාපසයෙක් උනත් ලේ ඇට මස් වලින් හැදුන මිනිස්සුනේ තාපසයට සොබනිව දැකල ආශාවක් ඇති වුනා සොබනි ප්‍රේම කෙරුවේ එහා ගමේ තරුණයෙකුට හැමදාම හවසට සොබනි යනව ඒ තරුණයව හම්බවෙන්න ගම කෙලවරේ තාපස ආරාමය පහු කරල ටිකක් දුර තිබුණ නුග ගහක් ලගට එක දවසක් සොබනි ඒ තරුණයව හම්බ වෙලා ආපහු එනකොට පාලු තැනක මග රැකගෙන හිටිය තාපසය සොබනිව කැලේට ඇදගෙන ගිහින් විනාශ කෙරුවා . සොබනි ගිහින් ගම්මුලාදෑනියට මේක පැමිණිලි කෙරුව. ඒත් ගම්මුලාදෑනියවත් ගමේ අයවත් ඒක පිලිගත්තෙ නෑ හිටිහැටියේ ගමේ ගෙවල් ගිනිගන්ඩ ගත්තා හැමෝම තාපසයගෙන් ඇහුව මෙහෙම වෙන්නෙ ඇයි කියල තාපසය කිව්වා තමන්වහන්සේට කරපු අපහාසෙට ඒ දේවල් වෙන්නේ වහාම අර සොබනිව ගිනි තියල මරල දාන්න නැත්නම් ගමේ ගෙවල් විතරක් නෙමේ මිනිස්සුත් විනාශ වෙලා යයි කියලා හැබැයි කවුරුවත් දැනගෙන හිටියේ නෑ තාපසයම තමා හොරෙන් හොරෙන් ගමේ අයගෙ ගෙවල් ගිනි තිබ්බෙ කියල ගමේ හැමෝම එකතුවෙලා අර අහිංසක සොබනිව අල්ලල පණ පිටින් ගිනි තිබ්බ සොබනි මැරෙද්දි මේ ගමට ගමේ අයට ශාප කලා හැමෝම විනාශ වෙලා යන්න කියල ශාපේ ඒ විදිහටම වුනා ගමේ අය මේ ගම හැම දේම විනාශ වුනා මේව වෙලා අවුරුදු ගාණක් ".. 

 එහෙම කියලා රිදීදර බණ්ඩ නිශ්ශබ්ද වුනා.

 " ඉතින් මොකටද මට ඕව කියන්නේ ඊටත් පාලු ගමක් නම් මොකටද මෙතන නැවැත්තුවේ මෙතන ස්ටේෂමක් හැදුවේ "

 පියල් ඇහුවා.

 " සුද්දගෙ කාලෙ මේව හැදුව මිනිස්සු පදිංචි කරන්නත් බැලුව හරි ගියෙ නෑ මේ ගමේ ඉන්න බෑ කියල හැමෝම ගියා මෙතන නැවැත්තුවේ ඔහේට බහින්න ඕන නිසා "

 රිදීදර බණ්ඩ එහෙම කිව්වම කෝපයෙන් පියල් මෙහෙම ඇහුව

 " මම මොකටද මිනිහෝ මෙතන බහින්නේ "

 එහෙම ඇහුව විතරයි රිදීදර බණ්ඩ පියල් ගේ ගෙල සිරකොට අල්ලගෙන ඇදගෙන ඇවිත් දුම්රියෙන් එලියට බැස්සා රිදුම් දෙන ගෙල ප්‍රදේශයේ දැනෙන වේදනාව තව තවත් දැඩි වුනා පියල් ගේ කදුලු පිරිනු ඇස් වලට පෙනුනා දුම්රිය ඈතට ඇදී යනවා රිදීදර බණ්ඩා තව තවත් ග්‍රහණය දැඩිකොට පියල් ගේ උගුරු දණ්ඩ කඩා දැමුවා ප්‍රාණය නිරුද්ධ පියල් ගේ සිරුර රේල් පාර හරහට දැමූ රිදීදර බණ්ඩා කෙල පිඩක් කාරල පියල් ගේ සිරුරට ගැසුවා.

 " උඹට මේ ආත්මෙ මතක නෑ උඹේ ගිය ආත්මය ගැන උඹ තමා ඒ පාහර තාපසය. මම තමා සොබනි ප්‍රේම කරපු ඒ තරුණයා . එහා ගමේ හිටියට මම නිතරම මෙහෙ එන නිසා රිදීදර බණ්ඩ කියල මට හැමෝම කිව්ව මම සොබනිගේ පිච්චුන මළකඳට දිවුරල පොරොන්දු වුනා හැම ආත්මෙම උඹව මරනව කියල උඹ මගෙ සොබනිව බිලි ගත්තෙ උඹේ වයස අවුරුදු හතලිහේදි මේ ආත්මෙත් මම බලාගෙන හිටිය උඹට වයස හතලිහක් වෙනකන් ආයෙ ආයෙ උඹ ඉපදෙයි ආයෙ ආයෙ මම උඹව මරනවා මගෙ ආත්මයට සැනසීමක් නෑ ඉපදෙන හැම ආත්මෙම තෝව මරන්න මම මග බලාගෙන ඉන්නවා "..

 එහෙම කියලා රිදීදර බණ්ඩා එකපාරටම කලු පාට දුමාරයක් වෙලා නොපෙනී ගියා පසු දා උදේ පාන්දර කොළඹ කොටුව බලා ධාවනය වුන බදුලු දුම්රිය පියල් ගේ සිරුර කැබලි කරමින් ඒ මතින් ඇදී ගියා .... නිමි .....................

Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය