සමන්මල්යාය

"..සඳවතී අපුච්චට ඕන් ඔය එහා පැත්තේ තියෙන මුට්ටියෙන් රණවරා වතුර ඩිංගිත්තක් වක්කොරල දියන් දුවේ.."

" රණවරා බොන්ට තනන්නේ බත් ඩිංගක් කෑවනම් අහවරයි නොවැ දැන් ඔය රණවරා විතරක් බීලා කොහොමෙයි අපුච්ච කුඹුරට ගොහින් ඔට්ටු වෙන්නේ.."

" බඩකට පුරෝගෙන ගොහිනුත් වැඩක් කොරන්ට වෙන් නෑ බුදිය ගන්ට තමා වෙන්නේ කෙල්ලේ ඩිංගිත්තක් ඉර එලිය වැටුනම ඔය බත් ඩිංග කුත් අරන් වරෙන් කෙල්ලේ කුඹුරට. ."

රණවරා වතුර පොල්කට්ටකට පිරෙන්න දාගෙන බීපු අප්පුහාමී උදේ පාන්දරම කුඹුරට පිටත් වුණේය. 

සමන්මල් යාය ගම්මානයේ බොහෝ දෙනා ගමේ ආරච්චිගේ කුඹුරු අඳේට වැඩ කලත් අප්පුහාමිට තමන්ගේ කියා අක්කර දෙකක පමණ විශාල කුඹුරක් තිබිණි අප්පුහාමිට සහ ඔහුගේ බිරිඳ පේමාවතීට දරුවෙකුට කියා සිටියේ සඳවතී පමණක්මය එම නිසා ඔවුන් දෙදෙනා සඳවතීට බොහෝ සේ ආදරය කලෝය.

" අම්මණ්ඩි මම වැවට ගොහින් නෙළුම් මල් ටිකක් කඩාන එන්ටද? අද පන්සලේ පිංකමට හැමෝම යාවි දැන්ම ගොහින් මල් කඩා ගත්තෙ නැත්නම් අනිත් ඈයෝ ඇවිදින් මල් ඔක්කෝම කඩාන යාවි.."

තම පියාණන් නොපෙනී ගියාට පසු සඳවතී මවගෙන් විමසුවාය .

"..ගියාට කමක් නෑ මල් වලට පෙරේතකමේ වැව මැද්දෑවට යන්නේ නැතුව යන ගමන් අර කුසුමාවතී කෙල්ලවත් තනියට එක්ක ගියානම් හොඳා.."

මවගේ අවසරය ලද සැනින් සඳවතී වැව දෙසට ගමන් කලාය 

..කුසුමවත් එක්කාසු කොරන්ම යනවද නැත්නම් මම තනියම යනවද කුසුම එක්කොරාන ගියොත් නන්දත් එයි ඊට පස්සේ ලලනිවත් එක්කන් යන්ට වෙන්නේ උන්දැල තරඟෙට මල් කඩයි මට නැති වෙයි ගිය පාර පිංකම තිබ්බ දවසෙත් ඔක්කෝම මල් කඩා ගත්ත මට එක මලක් දුන්නේ නෑ අද මම තනියම යන්ට ඕනේ....

වැව් ඉස්මත්තට තනියම ආපු සඳවතී දුටුවේ වැව මැදට වන්නට නෙළුම් මල් කිහිපයක් ඉතිරි වන්නට සියලුම මල් කවුරුන් හෝ කඩාගෙන ගොස් ඇති බවයි. 

" සඳා පරක්කු වෙලා නෙවැ මල් කඩන්න එන්න ඕන් යාළුවෝ ටික පාන්දර ජාමේම ඇවිත් මල් කඩන් ගියා.."

පිටු පසින් ඇහුණ හඩට ඇය හැරී බලන විට දුටුවේ සිරිමෙවන්ය. සිරිමෙවන් යනු ඇයට ඥාතීත්වයට මස්සිනාය .සමන්මල් යාය ගමේ ආරච්චිට සිටි දාමරික කල්ලියේ ප්‍රධානියා වුනේ සිරිමෙවන්ය හැඩිදැඩි ශරීරයක් හිමි සිරිමෙවන්ට මිනිසුන් හත්අට දෙනෙකු වුවද මෙල්ල කිරීම කජු කනව හා සමාන විය

" සඳෝ ඉදා මේ මල් මම කැඩුවේ උඹට දෙන්ට මම දැනගෙන හිටියා උඹ වැවට ඒවි කියල ඒකයි මේ මල් ටිකත් තියාන බලන් හිටියේ. ."

පිටුපස තියාගෙන සිටිය නෙළුම් මල් පොකුර සිරිමෙවන් ඇයට පෑවේය.

මල් කැඩීම සදහා වැව මැද්දට යාම ඇයට කිසිසේත් කල හැකි වැඩක් නොවූ නිසා අකමැත්තෙන් වුවත් ඇය මල් පොකුර සිරිමෙවන් ගෙන් ලබා ගත්තාය.

.."සඳෝ උඹ මට අකමැති වුනාට කමක් නෑ මම උඹට සෙනේවන්තයි කවද හරි උඹ මට සෙනේ වන්ත වෙලා කතා කොරයි මම එතකන් බලන් ඉන්නව.."

පිටුපා යන සඳවතීට ඇසෙන සේ හඩ නගා සිරිමෙවන් ප්‍රකාශ කළේය. 

" එව්ව ඉතින් හඳේ තමා මම කැමති වෙන්නේ නෑ ඔහේ වගේ අලුගෝසුවෙකුට කවදාවත්.."

සඳවතී තමන්ටම මුමුණනමින් ඇගේ නිවස වෙත පා නැගුවාය.

සඳවතී ගේ නිවසට යන මාවතේ ඇති දිරා ගිය නැමි කජු ගහේ මද වෙලාවක් හෝ නැවතී ඉඳගෙන සිටීමට ඇය ප්‍රිය කලාය. කජු ගහේ ඉඳ ගත්ත ඇය දුටුවේ ඈත නොහඳුනන අමුත්තෙක් ගම දෙසට පා නගන බවය.

ඈතින් පෙනුන නාඳුනන අමුත්තා කිසිවෙක්ද කියා දැන ගැනීමේ කුතුහලය නිසා සඳවතී සිටිය තැනම අමුත්තා ඇය ලඟට කිට්ටු වන තෙක් රැඳී සිටියා.

  වයස අවුරුදු විසි පහක පමණ කඩවසම් තරුණයෙක් වුණ ඔහු ඇය ලගට විත් මෙසේ විමසුවේය. 

" නගා මම මේ ගමට අලුත් මට කියන්ට පුලුවන්ද කන්දේ පන්සලට යන්නේ කොහොමෙයි කියල"?

" මේ පාර දිගේ දිගටම ගියාම වැව පහුවෙනවත් එක්කම ලොකු සියඹල ගහක් හමුවෙයි එතනින් උඩහට යන පාරේ ගියොත් අයියණ්ඩිට ඉක්මනින් පන්සලට යන්න ඇහැකි "

" හොදා හොදා මම එහෙනන් යන්නම් නගා. කිව්වට තරහ ගන්ට එපා නෙළුම් මල් පොකුරත් අරන් ඉන්නකොට නගත් මලක්දෝ කියල මට හිතුන මල් තරමට නගාත් ලස්සනයි යන්නම් නගා"..

සඳවතී මදහසක් නගමින් විලියෙන් බිම බලා ගෙන ඇසෙන නොඇසෙන ගණනට " හොදයි අයියණ්ඩි.." යැයි පැවසුවාය.

මේ අතර ආරච්චි වලව්වට ඇන්ඩර්සන් නැමැති සුදු ජාතිකයෙක් පැමිණ සිටියේය සමන්මල් යාය ඇතුලුව ගම් රාශියක් ඇන්ඩර්සන් ගේ පාලනයේ තිබුණි. 

" ආරච්චිල උම්බ ඔද එකා මම්ම උම්බට ලොක්කු තානාන්තරයක් අරන් දෙන්නව්වා මම්ම මේ කියියන ද්දේ..ක්ල්ලොත්..

කැඩිච්ච සිංහල වලින් ඇන්ඩර්සන් ආරච්චිට ඇමතුවේය. 

" කියන්න සෑර් මම ඕන රිම්පින්ඩයක් කොරල දෙඤ්ඤං මේවා ඉතින් තානාන්තර බලාන කොරන දේවල්යෑ.."

ආරච්චි සුදු ජාතිකයා ඉදිරියේ නොවැන්ඳා පමණි යටහත් පහත්ව ඇන්ඩර්සන් කුමක්ද පවසන්නේ කියා සාවදානව අසා සිටියේය.

"..උම්බලාගේ ගම්මේ ලොක්කූ නිධානයක් ත්තියෙනවලු මට්ට ඒක ග්ගන්ඩ උම්බ උදාව් කරාන්න ඕන්නේ.."

" සීවරං දෙයි හාන්දුරුවනේ ඔය කියන්නේ සෑර් තඹගල කන්දේ නිධානය ගැන ඒක ගන්ට තුන් කුළුදුල් මනුස්ස පරාණයක් බිලි දෙන්ට ඕනේ නෙවැ."

" ආන්න හරි උම්බ මේකට මට්ට උදාව් කොරන්න ඕනේ හොඩද ගම් තුල්ලානේ කරක් ගහලා ඔයියා ගනින් ආරච්චිල බිලි දෙන්ඩ එකෙක්"

එසේ පවසා ඇන්ඩර්සන් අශ්වයා පිටට නැග පිටත් විය සුද්දා යන දෙස බලා සිටි ආරච්චල නොරිස්සුම් සහගත බැල්ලමක් හෙලමින් තමාටම මුමුණ ගත්තාය 

" තුන් කුළුදුල් බිල්ලක් හොයාගත්තොත් නිධානේ බොට දෙන්ඩ මට අමු කැවිලා කියලා හිතුවද පර සුද්දෝ "

කන්දේ පන්සලේ සොභිත ස්වාමීන් වහන්සේ හට තේගිරිස් පැමිණ කිසිවෙක් පන්සලට පැමිණුන බව පැවසුවේය. තේගිරිස් සමග පැමිණි සෝභිත ස්වාමීන් වහන්සේ දුටුවේ තමන්ගේ බාල සහෝදරයා පන්සලේ සිටින බවයි.

" මලයණ්ඩිට මම යවපු පයිණ්ඩේ හම්බවුනැයි..?"

" එහෙමයි මටත් මේ ටිකේ වැඩකුත් නැති නිසා පන්සලේ චිත්‍ර ටික ඇඳල දෙන්නැයි කියාල ආවේ අපේ හාමුදුරුවනේ"

" ඒක හොදා මලයා එහෙනන් හෙට උදේම ඒ වැඩේ පටන් ගමු දැන් ඉතින් මහන්සි ඇතිනේ ඇඟපත හෝද ගත්තොත් නරකද"?

" එහෙමයි අපේ හාමුදුරුවනේ"

සදවතීට මල් කැඩීමට මෙපමණ වේලාවක් යාම ඇගේ මව පේමාවතීට ඉවසුම් නොදෙන්නක් විය එනිසාම ඇය සදවතී එන පෙරමගට යාම සදහා එලියට බැස්සේය.

වැඩි දුරක් යාමට පෙර සදවතී ආපසු එන බව දුටුනිසා පේමාවතී තවත් ඉදිරියට නොයා උන් තැනම නතර වී ඇය එන දෙස බලාගෙන සිටියාය. 

" මොකෑ අම්මණ්ඩි මම එනකල් බලාන ඉන්නේ "

එහෙම තමා සදෝ වෙන එකීල වගේ නෙමේ උඹ. ඇස් දෙක වගේ පරිස්සම් කොරගන්ට ඕනේ අපි උඹව "

" ඒ මොකෑ අපේ අම්මා වෙන එකීලගෙයි මගේයි තියෙන වෙනස"?

සඳවතී මවගෙන් ප්‍රශ්න කලාය.

" කෙල්ලේ මේ අහල ගම් හතකවත් නෑ තුන් කුළුදුල් මනුස්ස පරාණයක් උඹහැ ඇරෙන්න "

පේමාවතී වට පිට බලමින් පැවසුවේ කිසිවෙකුට හෝ ඇය කියන දේ ඇසුණිදැයි පරීක්ෂා කරමින්ය 

කීරගහපිටිය ගම තිබුණේ සමන් මල් යාය ගමේ සිට ගම් පහකට පමණ එහාය එම ගම ප්‍රසිද්ධ වූයේ ඇල්මන් කට්ටාඩි මහතා නිසාය .ඇල්මන් කට්ටඩියාව හමුවීම සදහා සමන්මල් යායේ සිට පැමිණි සිරිමෙවන් දෙස විමසිලිමත්ව බැලූ ඇල්මන් කට්ටඩියා......

" මේ අපේ ආරචිචි මහත්තයාගේ පොරදාන ගෝලයානේ මොකෑ ඉලන්දාරියා වශී ගුරුකමක් වත් කොර ගන්ටද ?"

" එහෙම එකක් තමා කපු මහත්තයෝ"

සිරිමෙවන් කීවේය.

" හෙහ් හෙහ් ..මම හිතුවා තරුණ හාදයෙක් මාව මුලච්චි වෙන්ට එනව කියන්නේ වශීයක් කොර ගන්ටම තමා හොඳයි කියමුකො බලන්ට කාවද වශී කොරගන්ට ඕන බවලතී කියල.."

බුලත් විට වට්ටිය ලඟට කරගෙන හාන්සි පුටුවේ ඉඳ ගත් ඇල්මන් කට්ටඩියා සිරිමෙවන් ගෙන් විමසුවේය.

" ගුරුන්නාන්සෙට කියන්න මට වශී කොර ගන්ට ඕනේ මගේ නෑනාව "

සිරිමෙවන් ඇල්මන් කට්ටඩියාට පැවසුවේ දුක් බර විලාසයකිනි. 

" නෑනා අයිති මස්සිනාට කියල කතාවක් අහල නැතෙයි ඉලන්දාරිය.මොකෝ නෑනා තමුසෙට කැමති නැද්ද නැත්නම් වෙන සම්බන්ධයක් වත් ඒකිට තියෙනවැයි "?

" එහෙම මොකුත් වෙන සම්බන්ධ කමක් නෑ එයැයිගේ මට තියෙන පුරස්නේ මට සෙනේවන්ත කමක් දක්වන්නෙම නෑනේ එයැයි. "

" හොඳයි මම වැඩේට අත ගහන්නම් හැබැයි පුතෝ උඹහේට මස් මාළු මොකුත්ම කන්ට වෙන්නෑ මාස පහක් යනකන් තව ඒකිගේ කෙස් ගහක් ඇන්න එන්ට ඕනේ තව ඕනෙ කරන අඩුම කුඩුම මම ඛොට ලියාල දෙඤ්ඤං ඒ කලමනාත් ඇන්න බදාද දවසක මෙහෙට වරෙන් "

" ඔක්කෝමත් හරි ගුරුන්නාන්සේ මස් මාළු නොකා ඉන්න එකනේ කොරන්ට අමාරු කමක් නෑ සඳවතී වෙනුවෙන් මම ඕන මංගල්‍යයක් කොරනව"

" උඹහැ දන්නව නෙවැ මම දෙයක් කලොත් කිරි ගහට ඇන්නැහේ ටක්කෙටම හරියනව කියාල වැඩේ හරි ගියාම මට සලකපන් මිල මුදල් වලින් නෙමේ වෙන දෙයකින්"

" වෙන දෙයක් කිව්වේ මොන වගේ දෙයක්ද ගුරුන්නාන්සේ"?

" ඒක මම බොට වෙලාව ආවම කියඤ්ඤං වරෙන්කෝ මම ඕන කරන දේවල් ටික ලියල දෙන්ට"

සිරිමෙවන් වශී ගුරුකමට අවැසි සියලු දෑ ඇල්මන් කට්ටඩියාට කියා කොලයක ලියාගෙන නැවත සමන්මල් යායට යාම සඳහා පිටත් විය.

එදින සැන්දෑ යාමේ කන්දේ විහාරයේ පවත්තපු පිං කමට ගමේ සියලු දෙනාම පාහේ සහභාගිවී සිටියහ.

සෝභිත ස්වාමීන් වහන්සේ පවත්වපු සුමධුර ධර්ම දේශනාව කා ගේත් සිත් ඇද බැඳ තබා ගත්තේය

අප්පුහාමි සහ පේමාවතී සිටින තැනට පැමිණි සෝභිත ස්වාමීන්වහන්සේ මෙසේ පැවසුවේය 

" අප්පුහාමි උපාසක ඇත්තෝ හම්බ වෙච්ච එක හොදා නැත්නම් මම හෙට හවස් කරේ එහේ එන්ට හිටියේ.."

" ඒ මොකටද අපේ හාමුදුරුවනේ. පයිණ්ඩයක් එව්වනම් මම එනව නෙවැ පන්සලට"

" මගේ මලය හොද චිත්‍ර කාරයා මම කීවා අපේ විහාර ගේ ඇතුලේ හොද චිත්‍ර ටිකක් ඇදල දෙන්ටය කියල දැන් ඕන් අද හවහ මෙහෙ ආවා පුරස්නයකට තියෙන්නේ රෑට කෑම ටිකක් දීගන්න එක. ."

" අනේ අප්පේ කෑම ටිකක් දෙන එක මහ දෙයක්ද අපි ගෙනැල්ල දෙන්නම් අපේ හාමුදුරුවනේ "

අප්පුහාමි පමණක් නොව පේමාවතීත් එකවිටම පැවසූහ. 

නිවීමට ආසන්න පහන් දකින සඳවතී නැවත පොල්තෙල් දමා නිවීමට නොදී නිවී ඇති පහන් නැවත පත්තු කරමින් සිටියාය.

" නගා පන්සල් ආවැයි "

නුහුරු කට හඬකින් තමාට ආමන්ත්‍රණය කලේ කවරෙක්ද කියා දැනගැනීමට පිටුපස හැරී බැලූ විට සඳවතී දුටුවේ උදේ ඇයගෙන් පාර විමසූ තරුණයා ඇය පිටුපස සිටින බවයි.

" ඔව් අයියණ්ඩි උදේ මා කීව පාර වැරදුනේ නෑ නේද අද ඉදන් දිගටම පන්සලේ පින්කම් පවත්වනවනේ හැම එකකටම මමයි අම්මයි තාත්තයි එනව"

" අපොයි නෑ නගා හරියටම පාර කීව නෙවැ ඉතින් වැරදෙන්න විදිහක් තියෙනවයැ මාත් දිගටම පන්සලේ ඉන්නව විහාරගෙයි චිත්‍ර අඳින්න කියල ආවේ .දැන් ඉතින් මම හැමදාම හැන්දෑවට බලන් ඉන්නම් නගා එනකන්"

" අර මොකටෑ මා එනකන් බලාන ඉන්නේ"?

" දන් නෑ ඒත් නගා එනකන් මම බලන් ඉන්නව "

තරුණයාව දුටු මොහොතේ සිට සඳවතීට සිතුනේ නැවත ඒ තරුණයා දැක ගැනීමට ඇත්නම් කියාය ඇය සිතුවේවත් නැති මොහොතක නැවතත් තරුණයාව දුටු නිසාම ඇගේ සිතේ සියුම් සතුටක් උපන්නාය. 

......අයියෝ මට ඒ අයියණ්ඩිගේ නම අහගන්ට බැරිවුනානේ ... සදවතීට නිවසට යන තෙක් සහ නිදා ගන්න මොහොතේත් කල්පනාවට ආවේ එම සිතුවිල්ලයි. 

පසුදින උදෑසන අප්පුහාමී ගේ නිවසට පැමිණ සිටි ගිරිගෝරිස් කපු මහතා අප්පුහාමී ඇමතුවේය 

" අප්පුහාමී දැන් ඔහෙත් වයසට යනව මේ පේමාවතීත් වයසට යනව උඹල දෙන්න තනන්නේ මේ කෙල්ලවත් වයසට යවන්නද මේකිට කසාදයක් කොරල දෙන්නේ නැතෙයි"

" කසාදයක් කොරල දෙන්නත් හොද ගුණයහපත් ඉලන්දාරියෙක් ඉන්ට එපෑ ගිරිගෝරිස් අයියේ "

පේමාවතී පැවසුවාය.

" ගුණයහපත් ඉලන්දාරියෙක් ඉන්නව උඹල කැමති නම් හෙට මම එක්ක එන්නම් මොකද කියන්නේ"

" හොඳයි එක්ක වරෙන්කෝ බලන්න හැබැයි කෙල්ල කැමතිනම් විතරයි මේවා සිද්ධ වෙන්නේ ගිරිගෝරිස් අයියේ ඕන් මුලින්ම කිව්ව"

"හරි හරි ආවම බලපල්ලකෝ ඒ කොල්ලට උඹල ගේ කෙල්ල උඩින්ම කැමති වෙනව .එහෙනම් මම යනව හෙට එන්නම්."

ගිරිගෝරිස් දොලපාර ලගින් උඩහට තියෙන පාරේ ගමන් කලේ ඔහුගේ ගෙදරට ලගම පාර එය නිසයි.එක්වරම පිටුපසින් පැමිණි පුද්ගලයෙක් එල්ල කල පොලු පහර නිසා ඔහු බිම ඇදගෙන වැටුනේය.සුලු මොහොතක් යන තෙක් මුලු ගතම අප්‍රාණික වීම නිසා ඔහුට නැවත නැගිට ගැනීමට තබා කතා කර ගැනීමටත් අපහසු විය.

වැදුන පොලු පහරේ වේදනාව සමනය වෙද්දී ගිරිගෝරිස් හිස ඔසවා බලන විට දුටුවේ සිරිමෙවන් සහ ඔහුගේ සහචරයින් ගිරිගෝරිස් වටා රවුමක් ලෙස සිටින ආකාරයයි 

" පර බල්ලා මම දැන ගත්තා තෝ මේ ටිකේ මේ හරියේ කැරකෙන්නේ හොදකට නෙමේ කියල තෝ සඳා ට මගුල් ජෝඩු කොරන්න මින් මනත මෙහෙ ගෑටුවෝත් හතර හන්දි කඩනව තොගේ තේරුණද තොට."

සිරිමෙවන් කෝපයෙන් බෙරිහන් දෙන්නට විය.

..." අ...අ..ආනේ බුදු පුතේ මට සමාවෙයන් මම ආයේ එන්නෙ නෑ ගහන්ට නම් එපා මම මෙහෙම හිටියට අසනීප කාරයා.."

ගිරිගෝරිස් සිරිමෙවන්ගේ දෙපා බදාගෙන හඩන්නට පටන් ගත්තේය.

" හා හා..පලයන් මාමා මට පව් නොදී හැබැයි උඹ එන්ඩ නම් එපා මේ පැත්ත පලාතේ තේරුණානේ"

.."..ම..ම..මට තේරුණා මම ආයේ එන්නේ නෑමයි මගේ ගෑණි පල්ල ආයේ එන්නේ නෑ ම..මම යන්නම් පුතේ.."

" උඹලත් යමල්ල මම තව ටිකකින් එන්නම්.." 

තම සහචරයින් ට එසේ පවසා සිරිමෙවන් සඳවතී ගේ නිවස පැත්තට ගමන් කලේය

නිවස අසලටම පැමිණි සිරිමෙවන් අවට වටපිටාව පරික්ෂා කර කිසිවෙක් අවට නැති බවට ස්ථිර ලෙසම තහවුරු කරගත්තේය.ඉන්පසු නිවසේ කඩුල්ල පැන හෙමින් සීරුවේ සඳවතී ගේ කාමරයේ ජනේලය අසලටම ගොස් ජනේලය අසල තබා ඇති මේසය මත තිබූ හිස පීරන පනාව රැගෙන එහි පැටලී තිබූ කෙස් රොදක් රැගෙන පනාව එතැනම තබා පලා ගියේය.

" මම දැනගෙන හිටිය නිසා හොදයි සඳාගේ කාමරේ කෝකද කියල හොඳයි සඳෝ දැන් ඉතින් උඹ බැල්ලියෙක් වගේ මගෙ පස්සෙ එයි දැන් ඉතින් කෙස් ටික හරි තව ඉතුරු බඩු ටික ගත්තනම් මේ සතියේ බදාදම ඇල්මන් කට්ටඩියාට කියල වැඩේ කොර ගන්ට පුලුවන් පේමාවතී නැන්දාගේ කෙස් සුදුයි මේව කලුයි කියන්නේ මේ තියෙන්නේ සඳාගෙ කෙස්ම තමා.

සිරිමෙවන් එසේ සිතුවත් ඔහු කිසිවිටකත් නොසිතුව දේකුත් සිදු වෙලා තිබුණ සඳවතීගේ නිවසේ.

" සඳෝ කෙල්ලේ ඔලුව පීරගන්න ඕනේ කොහෙද උඹ පනාව තිබ්බේ "?

" අපේ අම්ම ඒ පනාවෙන් පීරන්ට එපා ඊයේ දවල් කමලා ඇවිත් ඒකෙන් ඔලුව පීරුව පනාව පුරෝල කෙස් ඊට හපන් ඒකිගේ ඔලුවේ ඕසෙට තඩි පිරිල"

" දැන් ඉතින් මොකෑ කොරන්නේ ගනින්කෝ කෙල්ලේ පනාව අපි උණුවතුර එකක දාල තම්බල ගමු. "

" මේසෙ උඩින් තිබ්බේ අපෙ අම්ම බලන්ටකෝ මම මේ අපුච්චට කැඳ ටිකක් හදන්ට කියල තනන්නේ.

මේ අතර එදින හවස් වරුවේ ආරච්චි වලව්ව තුල භයානක සිදුවීමක පෙරනිමිති පහල වෙමින් තිබුණ.

" සිරිමෙවන් උඹ ගම් කරේ ඇවිදල කරල බලපන් තුන් කුළුදුල් එවුන් ඉන්නවද කියල එහෙම ඉන්නවනම් මට වහාම දන්නවපන්."

ආරච්චි සිරිමෙවන් දෙස බලා පැවසුවේය.

" ආරච්චි මහත්තයෝ ඕව කොරන්ටයි කංස හේන බලන්ටයි ඔය ඔක්කොමනම් මට තනියම කොරන්ට බැරිවෙයි"

" කංස හේනට උක්කුව ඇරපං උඹ මේ වැඩේ කොරපන් මේක බොහොම රහසිගත වැඩක් මේක උඹයි මායි අතරේ තියාගනින් වෙන කිසිම එකෙකුට කටේ කෙල හොල්ලනව නෙමේ තේරුණද උඹට."

" හරි හරි ආරච්චි මහත්තයෝ මට තේරුණා මම ඕවා කාගෙවත් කනේ තියන්ට යන්නෑ "

....තඹගල කන්දේ නිධානය මම අරගත්තොත් පරම්පරා හතක් සැපේ ඉන්ට පුලුවන්.......

මද සිනාවක් මුවේ රුවාගෙන ආරච්චි එසේ සිතන්නට විය

පැන්සලෙන් ඇඳෙන සිතුවම් පින්සලෙන් නෙක නෙක වර්ණ ගන්වමින් පන්සලේ විහාර ගෙය අලංකාර වෙමින් තිබුණ 

සිතුවමට ඇස් යොමාගෙන සිටි නිසා පිටුපසින් සිරිමල් වෙත ඇදෙන නාගයාව ඔහු දුටුවේ නෑ සිතුවම දෙස බලාගෙනම ඔහු නාගයා අසල ඇති දිය බඳුන ගැනීමට සිය දෑත දික් කලේය.

" අනේ අයියණ්ඩි ඔන්න නයෙක්"

සඳවතීගේ කෑ ගැසීම නිසා සපුමල් සැනෙකින් අත ආපසු ගත්තේය.

" නගා හොද වෙලාවට ආවේ නැත්නම් මම ඉවරයි" 

ඉවතට ඇදෙන නාගයා දෙස බලා සපුමල් පැවසුවේය.

" නගා මොකෝ මේ කලින්ම පන්සලට ආවේ "?

" අද බෝදිපූජාව කරන්න අපි බාරගත්ත අයියණ්ඩි 

ආ මෙන්න අයියණ්ඩි ගේ කෑම එක කෑම රසද දන් නෑ "

" මම ඔය කෑම වල ලකයක් හොයන්නේ නෑ දෙන ඕන දෙයක් කනව නගාගෙන් මම දෙයක් අහන්ටද"?

" මොකක්ද අප්පේ අහන්ට තියෙන්නේ "?

" ඉස්සරලාම මම නගා දැකපු දවසෙම නගා ගැන සෙනෙහෙවන්ත කමක් මෝදු වුනා මම ගැන වැරදියට හිතන්න එපා මම කිසිම දෙයක් හිතේ තියන් ඉන්නේ නෑ ඒකයි මේ කෙලින්ම අහන්නේ නගා මොකෝ කියන්නේ "?

" අනේ මන්ද .."

" ඒ කියන්නේ නගා මට කැමතියි කියල හිතන්නද ?

සඳවතී ගේ දෑතින්ම අල්ලගෙන ඇගේ දෑස් වල ඔහුගේ දෑස් පටලමින් ඔහු විමසුවේය.

"...ම..මම හෙ..හෙට කි..කියන්නද?"

ඇයගේ දෑත පලමුවතාවට තරුණයෙක් අල්ලා ගත් හෙයින් ඇය බියෙන් හැකිලෙන්නට වූවාය

"හරි එහෙනම් මම ඔයාව හම්බ වෙන්න තඹගල කන්දට එන්නම් ඔයා එයි කියල මම මග බලන් ඉන්නව ඒ කන්ද හරියට කවුරුවත් එන්නේ නෑ අපි දෙන්න කතාකරන එක කවුරුත් දැක්කොත් හොද නෑ ඔයාට ඒකයි මම එතනට එන්නේ "

" මම එන්නම්"

නුහුරු ස්පර්ශය නැවත නැවත විඳීමට ඇය ආශා වී ඇති සෙයක් දිස් වූවාය නැවත නැවත ඒ තරුණයාව දැකීමටද ඇය කැමැත්තක් දැක්වූවාය.

"උඹ මෙතන රා බොනව උගුඩුවා වගේ ආන් සඳා එක්ක පිට ගමක එකෙක් කදේ දාගෙන ඉන්නව"

උක්කුවා පැවසූ දෙයින් සිරිමෙවන්ගේ ඉහමොල රත්විය.

" මොනවා මොකාද ඒ පිටගම් කාරයා මම ඕකව මරනව කියපන් උක්කුවෝ කවුද ඒකා කියල 

" ඊයේ හවස් කරේ අපේ නගාට පන්සලේ චිත්‍ර අදින එකයි සදවතීයි කතාකරනව ඇහිල ඌ කියල අද හවස තඹගල කන්දට හම්බ වෙන්ඩ එන්ට කියල "

" හරි උක්කුවෝ අනිත් උන්ටත් එන්ට කියපන් මේකෙ දෙකෙන් එකක් බේරගන්ට මම යන්න ඕනේ"

පන්සලේ සිත්තරාව හමුවීම සදහා තඹගල කන්දට යාමට අවසානේ සදවතී තීරණය කලාය.

ඇය කන්දට යන විටත් ඔහු පැමිණ තිබුණේය. 

" මම හිතුවේ සඳා එන්නේ නැති වෙයි කියල "

" එන්නේ නෑ කියල තමා හිතාන හිටියේ පස්සේ අයියණ්ඩි පව්නේ කියල හිතුණ මම එනව කවුරුත් දැක්කෙත් නෑ"

" හැබැයි මම ඔය පව් පින් බලන එකෙක් නෙමේ සඳෝ. උඹට හිතුනේ නැද්ද නොදන්න එකෙක්ව විශ්වාස කරන එක හොද වැඩක් නෙමේ කියල"

" අ...අයියණ්ඩි විහිළු කරනවද එක පාරටම නපුරු මූණක් හදාගෙන මගේ දිහා බලන්නේ.."?

" හහ්: හහ්: හහ්".....විහිළු හොඳයි මම උඹට පෙන්නන්නම් ලස්සන විහිළුවක් "

එසේ කියමින් ඔහු අතේ තිබුණ මල්ලකට අත දමා අඩි දෙකක ප්‍රමාණයේ කඩුවක් ගත්තේය .හිරු එළිය කඩුවට වැටී දිලිසෙන්නට වූයේ මරණයේ බියකරු බව සඳවතීට පෙන්වමිනි.

" මම මේ ගමට ආවේ තඹගල කන්දේ නිධානය ගන්ඩ ඒක මම දැන ගත්තේ පන්සලේ සොභිත හාමුදුරුවන්ගෙන් උන්නාන්සේ මගේ අයියණ්ඩි ඒත් මම උන්නාන්සේ වගේ නෙමේ මට ඕනේ සල්ලි කාරයෙක් වගේ ජීවත් වෙන්න ලියුම් කරදහි දාල සෝභිත හාමුදුරුවන්ගෙන්ම මම දැන ගත්ත මේ ගමට ඉන්න තුන් කුළුදුල් එකී උඹ කියල දැන් ඉතින් නිධානය ගන්න උඹ බිලිවෙයන් උඹේ ලේ වලින් අර අතන තියෙන ගල් පහන පිරෙව්වම නිධානය තියෙන ගල් බිත්තියේ දොර ඇරෙනව. ."

සඳවතී ගේ කෙස් වැටිය වමතින් අල්ලාගෙන දකුණතින් කඩුවත් ගෙන ඔහු ගල් වලින්ම සෑදී තිබූ පහන අසලට ගමන් කලේය 

"..අනේ අම්මේ මාව බේරගන්නෝ අයියෝ..."

සඳවතී යටිගිරියෙන් බෙරිහන් දුන්නාය.

"උඹට පුලුවන් විදිහට බෙරිහන් දීපන් බල්ලෙක් වත් උඹව බේරගන්න එන්නේ නෑ.."

එසේ පවසා ඔහු දකුණතේ තිබූ කඩුව එසවූවේ ඇගේ ගෙල කපා දමන අදහසිනි නමුත් කොහේදෝ සිට ඇදී ආ ගල් ප්‍රහාරයක් නිසා ඔහු අත තිබූ කඩුව විසි වී පැත්තකට විය.

අසල තිබු කැලෑ රොදකින් එසැනින් එලියට කඩා පැන්න සිරිමෙවන් සිරිමල්ට එක දිගට ගුටි බැට දුන්නේය. 

" පරයා කොහේද ඉදන් ඇවිත් මගේ සඳාට වින කටින්න තෝව මම පට්ට ගහනව"

වැදුන පහරවල් නිසා සිරිමල් අඩපන වූයේ නාසයෙන් සහ මුඛයෙන් ලේ පෙරාගෙනය. එකෙනෙහිම විශාල ගලක් දෝතින් ඔසවා සිරිමෙවන් ඔහු වෙතට ආවේ සිරිමල්ගේ හිස පොඩි පට්ටම් කරන අදහසිනි.

" අනේ සිරිමෙවන් අයියණ්ඩී ඕක කරන්න එපා.."

සඳවතී බෙරිහන් දීගෙන ඔහුව වැලැක්වීමට උත්සහ කලාය. 

" අහකට වෙයන් නගා මට මේකව කම්මුතු කොරන්ට "

" මේකව කම්මුතු කොරල ඔයැයි හිරේ විලංගුවේ වැටුනම මට කවුද ඉන්නේ දෙයියෝ "

" ඒ කියන්නේ නගා මට ආදරේ කොරනවද?"

" ඔව් දෙයියෝ ඔව් හැමදාම මට ආදරේ කෙරුවේ මාව හැම කරදරේකින්ම බේරගත්ත මගෙ දෙයියට මම ආදරෙයි මේ මිනිහට ඉන්න දීලා අපි යමු

" ඔව් දෙයියෝ ඔව් හැමදාම මට ආදරේ කෙරුවේ මාව හැම කරදරේකින්ම බේරගත්ත මගෙ දෙයියට මම ආදරෙයි මේ මිනිහට ඉන්න දීලා අපි යමු"

පසු දින සියලු විස්තර දැනගත් සොභිත හිමි තමන්ගේ සහෝදරයාව පන්නා දැමුවේ යලි කිසි දිනෙක සමන්මල් යායට නොඑන ලෙස කියමින්ය සිරිමෙවන් නැවත ආරච්චිගේ නොපනත් කම් වලට සහය නොදක්වන බව පවසා ගොවිතැන් කීරීමට පටන් ගත්තේය එම නිසාම අප්පුහාමි සඳවතී ගේ සහ සිරිමෙවන්ගේ ප්‍රේම සම්බන්ධය සදහා ආශීර්වාද කළේය .

****** නිමි **************

Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය