අතීතයට


 " ප්‍රොසෙසර් මොකද කවදාවත් නැතුව අද පුදුම සතුටකින්.."


ප්‍රොසෙසර් නන්දලාල් මහතාගේ සිනාමුසු මුහුණ දුටු ඔහුගේ සහයක හර්ෂන විමසුවේය 


" හර්ෂන තමුසේ උදේම ආපු එක හොඳයි දැන් අවුරුදු පහක් තිස්සේ කරපු පරීක්‍ෂණ අද පාන්දර සාර්ථක උනා තමුසේ විශ්වාස කරන එකක් නෑ ඒත් මම මේ කියන්නේ ඇත්ත මගේ ඔලුව විකාර වෙලා නෙමේ.."


" ඒ..ඒ.. කියන්නේ ප්‍රොසෙසර් සාර්ථක උනා මගේ දෙයියනේ මම කොහොමද මේක විශ්වාස කරන්නේ..?"


හර්ශන විමතිය පල කලේය ඔහු කෙදිනකවත් නන්දලාල් මහතාගේ මේ පරීක්‍ෂණය සාර්ථක වේය කියා සිතුවේ නැත 


" මම දන්නව තමුසෙට විශ්වාස නෑ කියල හොඳයි තමුසේට විශ්වාසය ඇති කරන්න දෙයක් මම ලඟ තියෙනව ඉන්නවකෝ..ඉන්නවකෝ තමුසෙට මම ඒක පෙන්නන්න..මම ඒක අද උදේ ගිහින් ගෙනාවේ .."


අසල කාමරයක ඝණ ටෙන්ට් රෙද්දකින් වසා යම් දෙයක් තිබූ අතර නන්දලාල් මහතා එම රෙදි කඩ අහකට කර පෙන්වූ දෙය දැක හර්ෂන ගේ ඔලුව හිරිවැටී ගියා සේ ඔහුට දැනුනේය 


" මගේ දෙයියනේ ඩයිනෝසරයෙක් කොහොමද මම මේක විශ්වාස කරන්නේ නෑ නෑ මම මේ දකින්නේ හීනයක් කොහොමද මේක වෙන්නේ කීයටවත් මේක වෙන්න බෑ.."


" හර්ෂන මම අවුරුදු මිලියන ගාණක් අතීතයට ගිහින් ආව කියල කියන්න මීට වඩා සාක්ෂියක් තමුසෙට තව ඕනෙද..?"


" මේක මැරිල හිටියේ මම වැඩි වෙලා හිටියේ නෑ ඒ කාලයට ගිහින් මම පොඩ්ඩ දුරක් ඇවිද්ද මෙන්න මේ සතා මැරිල ඉන්නව මම දැක්ක මූ තව පැටියෙක් මූවත් අරන් මම ආව.."


ඩයිනෝසර් සත්වයාගේ මළසිරුර නැවත වසා දමමින් නන්දලාල් මහතා පැවසුවේය. 


" ප්‍රොසෙසර් එතකොට ඔය කාලය හරහා අතීතයට යන මැෂින් එකෙන් ඕන කාලයකට යන්න පුලුවන්ද..?..


" හර්ෂන තමුසෙට ඕන්නම් ඕන කාලයකට යන්න පුලුවන් මේ මැෂිම හරහා.............මම මේක හෙට ජනතාවට පෙන්නනව "


" ඒ කියන්නේ මට අද දවස විතරයි තියන්නේ ඉක්මන් කලොත් හරි.." හර්ෂන තමාට පමණක් ඇසෙන සේ හෙමීට මිමිණුවේය. 


නන්දලාල් මහතාගේ අවසරය මත කල් තියාම නිවස වෙත ගිය හර්ෂන නැවත ඔහුගේ මිතුරෙක් වන රාජිත හමුවීමට ගියේය ඔහුගේ මිතුරා වන රාජිතගේ රැකියාව වූයේ මත්ද්‍රව්‍ය වෙළදාම සහ කුලියට මිනී මැරීම මංකොල්ල කෑම් වැනි අපරාධ ක්‍රියාවන්ය. 


" රාජිත අපි මේ ගේම් එක අද දෙන්න ඕනේ රාෆික් මුදලාලි ගාව කෝටි ගාණක් සල්ලි තියෙනව ඒ වගේ ගෙදර පහල තට්ටුවේ රත්තරං බඩු කඩේ කෝටි ගාණක රත්තරං බඩුත් තියෙනව ගේම දීල රත්තරං බඩු ටිකයි සල්ලියි මම අපේ ලැබ් එකෙන් තියන්නම් සිද්ධිය අකා මකා වුනාම අපි බෙදාගමු

තමුසෙට මාව විශ්වාසද?.."


" හර්ෂන මට මට වඩා ෂුවර් තමුසෙව" අපි අද ගේම දෙමු..මගේ කොල්ලෝ හතර දෙනෙකුත් ගමු වැඩේට. ."


එදින රාත්‍රියේ රාෆික් මුදලාලිගේ ගෙට පැන කෝටි ගාණක මුදල් සහ රත්තරං බඩු හර්ෂන ප්‍රමුක කණ්ඩායම පැහැර ගත්හ නමුත් හර්ෂනගේ එම අවස්ථාවේ මුහුණ වසා සිටි රෙදිකඩ පහත් වීමෙන් කැමරාවට නිරාවරණය විය


රාත්‍රියේ නන්දලාල් මහතා ටෙලිවිෂනය නරඹමින් සිටියේය

මෙන්න දැන් ලැබුණ පුවතක් රාෆික් නැමැති ධනවත් ව්‍යාපාරිකයාගේ මුදල් ස්වර්ණාබරණ

පැහැරගත් අයගේ සී,සී,ටීවී දර්ශන අප වෙත ලැබී

ඇත 


මංකොල්ල කරුවන් අතර හර්ෂන සිටිනවා දුටු නන්ද ලාල් යම් දෙයක් මතක් වූවා සේ ඔහු වහාම තමාගේ පරීක්‍ෂණා ගාරයට දිව ගියේය.නමුත් ඒවන විටත් පරීක්‍ෂණාගාරයේ දොර කඩා තිබුණේය 


" පර බල්ලා මගේ අතීතයට යන්න පුලුවන් මැෂිමෙන් කෝටිගාණක සල්ලියි කෝටි ගාණක රත්තරං බඩුයි අරන් අතීතයට ගිහින් ඒත් ඌට මට කියන්න බැරි වුනා ඒකෙන් යන්න පුලුවන් අවුරුදු මිලියන ගාණක අතීතයට විතරයි කියල ඒ කාලෙට රත්තරං බඩුයි සල්ලි වලිනුයි ප්‍රයෝජනයක් නෑ මට තව දවසක් විතරයි ඕන වුනේ ඕනම කාලෙකට යන්න එන්න පුලුවන් විදිහට හදන්න ඊටත් ඌ මගෙන් යන විදිහ විතරයි දැන ගත්තේ එන විදිහ දැන ගත්තේ නෑ ඌට කාලය අතර හිර වෙන්ඩ වෙනව අපරාධ කාරයින්ට මේක අහුවෙන එක බයානකයි ඒක නිසා මේ පරීක්‍ෂණ වාර්ථා ඔක්කොම ගිනි තියන්න ඕනේ."


එසේ සිතූ නන්දලාල් මහතා ඩයිනෝසර් සත්වයා ගේ මළකුණ සමග සියලු පරීක්‍ෂණ වාර්තා ගිනි බත් කලේය


******************* නිමි. ***************

Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය