යක්ෂයාගේ ඇස 02 අවසන් කොටස
මගෙ නම නාරද මම ලංකාවම දන්න තේගිරිස් ගුරුන්නාන්සෙගේ හොදම ගෝලයා වික්ටර් කියන්නේ තේගිරිස් ගුරුන්නාන්සෙගෙ කලින් හිටිය හොදම ගෝලයා පස්සෙ වික්ටර් තනියම තේගිරිස් ගුරුන්නාන්සෙගේ ආශීර්වාදය ඇතුව යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන්න ගත්තට පස්සේ මම තමා ගුරුන්නාන්සෙගේ හොදම ගෝලයා වුනේ. කලින් හොදම ගෝලයා උන වික්ටර් මගේ හොදම යාලුවෙක් එක ගමක සිද්ද වෙන අද්භූත දෙයක් හොයන්න ගිහින් මට අනාගතේ හිරවෙන්න සිද්ද වුනා වික්ටර් කාලය හරහා යන ක්‍රමයක් හොයාගෙන මාව හොයාගෙන අනාගතේට ඇවිත් මාව නැවත මගේ කාලයටම එව්වා ඒත් වික්ටර් අඩි තුන්සීයක් විතර උස ගල් කණුවකින් බිමට වැටුනා වික්ටර් එතනින් වැටිල මැරුණද බේරුණද කියලා මම දන්නෙ නෑ ඒත් මම කොහොම හරි වික්ටර්ව බේරගන්න ඕනේ ඒත් බේර ගන්න ක්‍රමය මම දන්නෙ නෑ මට වික්ටර්ට වගේ කාලය හරහා යන්න බෑ මම එහෙම ක්‍රමයක් ගැන දන්නෙත් නෑ .
මම ඉස්සරලාම බැලුවේ මම ඉන්න තැන වටේ අර කාලය හරහා යාමට අවශ්‍යය කරනා අමුතු ගස් වර්ගය තියෙනවද කියලා ඒත් ඒ වර්ගයේ එක ගහක්වත් ඒ පැත්ත පලාතෙවත් තිබුණේ නෑ නමුත් ඒ පරිසරය මට හොදටම හුරුයි මම ඇවිත් හිටියේ කුඩා කැලෑ රොදකට ඒ කැලෙන් එලියට ඇවිත් හම්බ වුන ගුරු පාරක් දිගේ මම ඇවිදගෙන යන්න පටන් ගත්තා එතකොට තමා මට මතක් වුනේ මේ අපේ ගමට යන පාර නේද කියලා මමයි වික්ටරුයි අර කලුකුමාර යක්ෂයා එක්ක සටන් කරනකොට මේ පාරවල් ගුරු පාරවල් නෙමේ තාර දාල හොදට හදපු පාරවල් ඒ කියන්නේ මම ඇවිත් තියෙන්නේ දෙදහ වර්ෂයට නෙමේ එක්දහස්නවසිය අනූව වර්ෂයට විතර ඒ කාලෙ තමා මේ පාරවල් මෙහෙම තිබුණේ තවත් ටික දුරක් ඇවිද ගියාට පස්සෙ මම අපේ ගෙදරට හැරෙන පාර ලගට යනවත් එක්කම අපේ ගෙවල් පැත්තෙ ඉදන් තේගිරිස් ගුරුන්නාන්සෙ එනව දැක්කා මගෙ ලගටම ආපු තේගිරිස් ගුරුන්නාන්සේ මෙහෙම කිව්වා.
" මම නාරදගේ ගෙදර ගිහින් එන ගමන් අම්මගෙන් ඇහුවම අම්ම කිව්වා නාරද කඩවල් පැත්තට ගියා කියලා "
" ඇයි ගුරුන්නාන්සෙ මොකුත් ප්රශ්නයක්ද "?
" ඔව් මේ ලග ගෙදරක ගෑණු ලමයෙකුට කලු කුමාර යක්ෂයාගෙ බැල්ම වැටිලලු මේ දැන් ටිකකට කලින් වුන දෙයක්ලු දැන්ම ගියොත් අපිට වැඩේ ලේසියෙන් ගොඩ දාන්න පුලුවන් පරක්කු උනොත් තොවිල් හත අටක්වත් කොරන්න වෙනවා "
" ගුරුන්නාන්සේ එහෙනම් අපි දැන්ම පිටත් වෙමු "
මම එහෙම කිව්වා ඒ එක්කම මට හිතුනා එහෙනම් මම නියම කාලයට ඇවිත් තියෙන්නේ කියලා අද තමා කලු කුමාර යක්ෂයා එක්ක සටන තියෙන්නෙ ගිය පාර අපි ඌව නරකාදියට ඇරිය නිසා කිසියම් ක්‍රමයකින් කාලය හරහා යන ක්‍රමය ඔහු නරකාදියේදි ඉගෙන ගෙන හැම දෙයක්ම වෙනස් කරන්න ගත්තාඒත් මම දැන් දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා .
මමයි ගුරුන්නාන්සෙයි හවස හයට විතර කලු කුමාර යක්ෂයා වැහිලා හිටිය ගෑණු ලමයගෙ ගෙදරට ගියා අවශ්‍යය කරන කලමනාදිය සාදාගෙන තේගිරිස් ගුරුන්නාන්සෙ මන්ත්‍ර මතුරන්න පටන් ගත්තා ටික වෙලාවකින් යක්ෂා වේෂයෙන් සිටිනා යුවතිය මා දිහා බලාගෙන ගොරෝසු භයානක හඩකින් මෙසේ කියන්නට වුනා .
" නාරද මාව ඇරපන් නරකාදියට මගේ කාලය හරහා යන බලය නැති වුනා මට ආයෙ ඒ බලය ගන්න ඕනෙ ඇරපන් මාව නැත්නම් මම මේකිව මරනවා "
මට තේරුනා මේ ඉන්නේ මාත් එක්කම අනාගතේ ඉදන් ආපු කලු කුමාර යක්ෂය කියලා මෙතනින් හැම දෙයක්ම විසඳන්න වෙනවා නැත්නම් ඉදිරියේ අපේ ජීවිතවලට සිද්ධ වෙන දේ කිසිම විදිහකින් වෙනස් කරන්න බෑ .
" උඹට ආයෙමත් කාලය පාලනය කරන බලය ගන්න නම් නරකාදියට යන්න ඕනෙනෙ එහෙනම් ඔය තරුණිය ගේ සිරුරෙන් ඉවත් වෙලා උඹේ සැබෑ රූපයෙන් පෙනී හිටපන් "
කලු කුමාර යක්ෂයට එහෙම කියපු මම තේගිරිස් ගුරුන්නාන්සේගෙ කනට කරල මේ විදිහට කිව්ව .
" ගුරුන්නාන්සෙ මූ දැන් කෙල්ලගෙ ඇඟෙන් අයින් වෙයි මූව කොහොමටවත් නරකාදියට අරින්න නම් එපා "
" ඔව් නාරද මට තේරෙනවා මොකක් හරි දෙයක් හින්ද තමා තමුන් මේ විදිහට මට කියන්නෙ කියලා හොඳයි අපි ඌව නරකාදියට අරින් නැතුව මුගෙ බලය අඩු කරමු "
තේගිරිස් ගුරුන්නාන්සෙ ඒ ටික කියලා ඉවර වෙනවාත් එක්කම තරුණියගේ සිරුරෙන් ඉවත් වුන කලු කුමාර යක්ෂය අපි ඉදිරියේ පෙනී සිටියා මෙපමණ වෙලාවක් වටේ පිටේ බලාගෙන සිටිය සෙනඟ සියල්ලෝම හිස් ලූ ලූ අත පලා ගියේ කලුකුමාර යක්ෂයාව දැක ඇති වූ මර බිය හේතුවෙනි.
තරුණියගේ සිරුරෙන් ඉවත් වූ යක්ෂයා වෙත වහා කඩා පැන්න තේගිරිස් ගුරුන්නාන්සෙ ඔහු අත තිබූ කලු සහ රතු මිශ්‍ර නූලක් යම් මන්ත්‍රයක් මතුරමින් යක්ෂයාගේ ශරීරය වටා පටලවා ගැට ගැසුවා ඒ සමගම යටි ගිරියෙන් හූ හඩ දෙමින් කලු කුමාර යක්ෂයා නොපෙනී ගියා.
" මොකක්ද ඌට කෙරුවේ ගුරුන්නාන්සේ "
මම තේගිරිස් ගුරුන්නාන්සේගෙන් එහෙම ඇහුවා ගුරුන්නාන්සේ මා දිහා බලල සිහින් සිනාවක් නගල මේ විදිහට කිව්වා.
" නාරද මම කලුකුමාර යක්ෂයා ගේ බලය බින්ඳ මින් මනත ඌට කාගෙවත් ශරීර වලට වැහෙන්න බෑ ඔය ගොම්මන් වෙලාවට නාන තොටුපලවල් වල ඉඳගෙන කාන්තාවන්ව බය කරනවා වගේ පොඩි සිල්ලර වැඩ විතරයි කරන්න පුලුවන් පුංචි ශාන්ති කර්මයක් කරපු ගමන් කලු කුමාර දෝශ කම්මුතුයි "
" ඒ කරපු වැඩේ නම් ලොකු දෙයක් ගුරුන්නාන්සෙ ඌව නිකම් හරි නරකාදියට ඇරිය නම් එහෙම අපේ ජීවිත කතා ගොඩක් වෙනස් වෙනවා "
" නාරද කලුකුමාර යක්ෂයාව නරකාදියට ඇරියනම් මොකද වෙන්නෙ කියලා මම අහන්නේ නෑ සමහර අවස්ථාවල යක්ෂයින්ට බලය වැඩි පුර ලැබුනම පිස්සු කෙලිනවා මිනිස්සුන්ටත් බලය ලැබුනම මොලය නැති වෙලා පිස්සු වැඩ කරන එකේ යක්කු ගැන කවර කතාද දවසක මට කියනවා යම් විදිහකින් කලුකුමාර යක්ෂයාව නරකාදියට යැව්වනම් මොකද වෙන්නෙ කියන කතාව තමුසෙ ඒ ගැන මොනව හරි දන්නව නේද "?
" ඔව් ගුරුන්නාන්සෙ මම දවසක කියන්නම් ඒ කතාව සම්පූර්ණම "
" එහෙනම් නාරද අපි යමු මෙතනින් එහාට අපිට මෙතන කරන්න වැඩක් නෑ "
එදින රාත්‍රි දහයට පමණ අප නැවත තේගිරිස් ගුරුන්නාන්සෙගේ ගෙදරට පැමිණියා මා ගුරුන්නාන්සෙ ගෙන් සමු ගෙන වික්ටර්ගේ නිවසට යාමට සිතුවා මද දුරක් යන විට මා දුටුවේ මේ කාලයේ සිටින නාරද වන මා වික්ටර්ගේ නිවසේ සිට මගේ ඉදිරියට පැමිණෙන ආකාරයයි මම වහාම අසල තිබූ විශාල ගොරක ගසක් පිටු පස්සට ගොස් සැඟවුනේ මේ කාලයේ සිටින නාරදට මා මුහුණට මූණ හමු වීම වැලක් වීමටයි ඉන් පසු මේ කාලයේ සිටින නාරද වන මා ගොරක ගස පසුකර සෑහෙන දුරක් ගමන් කෙරුවාට පසු මා සැඟවුන තැනින් එලියට පැමිණ වික්ටර්ගේ නිවස දෙසට ගමන් කලා වික්ටර්ගේ නිවස අසලට ගොස් මා දුර සිට දුටුවේ ඔහු තම මව සමග සිනා මුසුව මොන මොනවා දෝ කතා බස් කරන ආකාරයයි.
වික්ටර්ව දුර සිට බලා ගත්තාට පසු මා රාත්‍රියේම බස් රථයක නැගී ගමන් කලේ නිකවැරටිය ප්රදේශයේ අර අද්භූත සිද්දීන් සිද්ධ වුන ගම්මානය වෙතටයි ඒ වන විට මුලු ගමේම මිනිසුන් නිදා සිටි නිසා සොහොන් පිටියක් මෙන් ගමම පාලුවට ගොස් තිබුණා ගමේ එක් පසෙක තිබූ ඝන කැලෑවට වැදුන මා සෑහෙන දුර ඇවිද ගොස් කැලෑවේ මැද හරියට වන්නට තිබූ විශාල ගල් පර්වතය උඩටම නැග ගත්තේ දැඩි පරිශ්‍රමයක් දරාය .
පර්වතය උඩටම නැග අවට අන්ධකාරය දෙස අවසන් වරට මා වටයක් කැරකැවී බැලුවා ඉන් පසු මා මටම මේ ලෙස පවසා ගත්තා .
"' මේ කාලයේ එක නාරද කෙනෙක් ඉන්නවා තවත් නාරද කෙනෙක් හිටියොත් ප්‍රශ්නයක් වෙනවා මම තනි මිනිහෙක් මට කියලා කවුරුවත් නෑ නාරද වික්ටර් මේ කාලයේ හොදින් ජීවත් වෙනවා ඉස්සරහටත් හොදින් ජීවත් වෙයි ඒ අය අතරට මම ගියොත් නැති ප්‍රශ්න ඇති වෙනවා ඒක සහතිකයි ඉතින් තවත් නාරද කෙනෙක් අවශ්‍යය නෑ අවශ්‍යයම නෑ ""
එහෙම කියලා ඇස් තදින් පියා ගෙන මා පර්වතයේ සිට පහලින් පෙනෙනා ඝන අන්ධකාරයක වෙතට පැන්නෙමි තවත් සුලු මොහොතකින් දැඩි වේදනාවක් සමග මාගේ ජීවිතය අවසන් වනු ඇත.
නිමි.
Comments
Post a Comment