තිරිසන් බිරිඳ


සුන්දර මුහුණෙන් කොහොමද කෙනෙකුගේ චරිතය මනින්නේ මූණ සිනහව සුන්දර මිනිස්සු ඇතුලතින් තිරිසනුන්ටත් අන්ත වෙන්න පුලුවන්.


 ඉන්දියාවේ තාලුකාරවේර් වල ජීවත් වුන ජග්දීෂ් සාලෝකේ ගේ තාත්තාට සැලූන් එකක් තිබුණා ජග්දීෂ්ගේ තව සහෝදරයෙක් හිටියා ඔහු විවාහ වෙලා බිරිදත් සමග ඨානේ වල ජීවත් වුනේ අධයාපනය හමාර කරපු ජග්දීෂ් ඨානේවල තම සහෝදරය ලගට ගියා රැකියාවක් සොයා ගැනීමේ අරමුණෙන්


කොහොම හරි උත්සහ කරල ජග්දීෂ් ඨානේ වල ආයතනයකින් උසස් වැටුපක් සහිත රැකියාවක් සොයාගන්නවා මාස ගණනාවක් ගෙවිලා ගියාට පස්සේ ගෙදර හැමෝම ජග්දීෂ්ට විවාහයක් ගැන හිතන්න කියනවා ඔහුත් එයට කැමති වෙනවා එක දිගට මංගල යෝජනා ඔහු වෙත ගලාගෙන එනවා මේ අතරින් ආපු එක මංගල යෝජනාවකට ජග්දීෂ් කැමති වෙනවා ජග්දීෂ් ගේ හිත ගිය යුවතිය වුනේ මලාඩ් වල ජීවත් වුන වෛශාලී ටාකරේ ඇයගේ සුරූපි අහිංසක මුහුණ දකින ජග්දීෂ් විතරක් නෙමේ ජග්දීෂ් ගේ ගෙදර හැමෝම වෛශාලීට කැමති වෙනවා .


දෙපාර්ශවයම මේ මංගල්ලයට කැමති වෙලා විවාහ ගිවිස ගෙන මංගල්ලයට දින නියම කරගන්නවා ඊට පස්සේ මාස හයක් යනකන් ජග්දීෂ් සහ වෛශාලී දුරකථනයෙන් සහ හමුවෙලා කතාබහ කරගෙන දෙන්නාගේ අදහස් උදහස් රුචි අරුචි කම් ගැන කතා කරගන්නවා

මාස හයකට පස්සේ දෙදෙනාම ඇඟිලි ගනිමින් සිටි ඒ සතුටු දායක දිනේ වන ඔවුන්ගේ මංගල දිනේ උදා වෙනවා .


2018 දෙසැම්බර් 29 වෛශාලී ජග්දීෂ් සමග ආත්ම හතක් එකට සිටීමට පොරොන්දු ශපත කර ජග්දීෂ් ගේ මනාලිය වෙනවා විවාහයෙන් පස්සේ ජග්දීෂ් සහ වෛශාලී පදිංචි උනේ ජග්දීෂ් ගේ දෙමව්පියන් සමගමයි ඒත් මාසයක් යන්නටත් කලින් වෛශාලී පොඩි දේටත් ජග්දීෂ් එක්ක රංඩු වෙන්න ගත්තා මුලදි දෙමව්පියන් මැදිහත් වුනාම ඒ බැන අඩ ගැසීම් නතර වුනත් පස්සේ වෛශලී ජග්දීෂ් ට ඔහුගේ දෙමව්පියන් ඉදිරියේ පවා බැන වදින්නට පටන් ගත්තා අවසානේ ජග්දීෂ් හිතුවා දෙමව්පියන් එක්ක එකට ඉන්න එකට වෛශාලී කැමති නැතුව ඇති ඒනිසා දෙමව්පියන්ගෙන් වෙන් වෙලා ජීවත් වුනොත් වෛශාලීගේ රංඩු වීම් නතර වෙයි කියලා.


එහෙම හිතපු ජග්දීෂ් වෛශාලීත් එක්ක වෙනම නිවසකට පදිංචියට ගියා මේ ගෙදර වෛශාලීත් ජග්දීෂුත් විතරමයි හිටියේ මාස තුනක් හොදින් කාලය ගත වෙලා ගියා මාර්තු හය වෙනිදා රාත්‍රියේ එක පාරටම ජග්දීෂ් ගේ මාමා වන නන්දලාල්ට වෛශාලී ගෙන් ඇමතුමක් ලැබුනා ඇය හොදටම බියපත් වෙලා හිටිය බව නන්දලාල්ට ඇගේ කට හඩින්ම තේරුනා ඇය නන්දලාල්ට වෙව්ලන හඩින් පැවසුවේ තමා යම් බඩු වගයක් ගැනීමට අසල වෙලඳ සැලකට ගිය බවත් ආපසු එන විට ජග්දීෂ් නිවසේ සිහිනැතුව සිටින බවත් මුලු නිවසම අවුස්සා ඇති බවත්ය වෛශාලී පැවසූ දේ අසා නන්දලාල් සහ ජග්දීෂ් ගේ පවුලේ සියලු දෙනා ජග්දීෂ් ගේ නිවස වෙත ආවා මුලු ගේම අවුස්සා දමා තිබුණා ජග්දීෂ් නිවසේ සාලයේ බිම ඇද වැටී සිටියා .


තාමත් යාන්තන් හුස්ම ගන්න ජග්දීෂ් වත් රැගෙන සියලු දෙනා වහා ලගම රෝහලට ගියත් ජග්දීෂ් ගේ තත්වය බරපතල බැවින් ඔහුව රුක්මණීභායි රෝහලට මාරු කර යවනවා නමුත් රුක්මණී භායි රෝහලේ වෛද්‍ය වරු ජග්දීෂ්ව පරීක්ෂා කර බලා පවසන්නේ ඔහු මිය ගොස් ඇති බවයි ඉන් පසු රෝහලින් පොලිස් ස්ථානයට මේ මරණය ගැන දැනුම් දුන්නම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පැමිණ ශාක්ෂි සටහන් කරගෙන ජග්දීෂ් ගේ සිරුර මරණ පරීක්ෂණය සදහා යවනවා .


ජග්දීෂ් ගේ ගෙදර ඇත්තටම සිද්ධ වුන දේ මොන වගේ දෙයක්ද මොකක් වෙලාද ජග්දීෂ් මැරුනේ මේ හැම දෙයක්ම දැන ගෙන හිටියේ වෛශාලී විතරයි ඒත් පොලිසියේ නිලධාරීන් ඒ අවස්තාවේ ඉවසීමෙන් කටයුතු කෙරුවා විවාහ වෙලා මාස තුනෙන් තම සැමියා ඝාතනය වී වැන්දඹු තත්වයට වැටී අඩා වැලපෙන වෛශාලීගේ දුක තුනී වෙනකන් පොලිස් නිලධාරීන් පසෙකට වී සිටියා .


තවත් පැය කිහිපයකට පස්සේ වෛශාලී ලගට ආපු නිලධාරීන් ඇගෙන් එදා දවසේ සිදු වුන දේ පිලිබදව විමසුවා එවිට ඇය මේ විදිහට උත්තර දුන්නා මම ජග්දීෂ්ට වැඩ ඇරිලා එනකොට කඩෙන් ගේන්න බඩු වගයක් කිව්වා ඒත් එයා හවස ගෙදර ආවේ ඒවා අමතක වෙලා ඊට පස්සේ මම ලග තියෙන කඩේකින් ඒ බඩු අරන් ගෙදරට ආවම මුලු ගේම ඇදලා දාලා ජග්දීෂ් බිම වැටිලා හිටියා මගේ රත්තරං මාලයක් තිබ්බා ඒකත් අතුරුදන් වෙලා මම හිතන්නේ හොරු ටිකක් ගෙට පැනලා රත්තරං බඩුත් අරං ජග්දීෂ්ටත් අනතුරක් කරලා යන්න ඇති .


ඊට පස්සේ පොලිස් නිලධාරීන් මංකොල්ල කණ්ඩායම් ගැන විමර්ශනය කරන ගමන් ජග්දීෂ්ගේ මරණ පරීක්ෂණ වාර්තාව එනකනුත් බලන් ඉන්නවා දිනකට විතර පස්සේ මරණ පරීක්ෂණ වාර්තාව පොලීසිය අතට පත් වෙනවා ඒ මරණ පරීක්ෂණ වාර්ථාව ජග්දීෂ්ගේ මරණය පිලිබද සැකය වෙනස්ම තැනකට අරන් එනවා මරණ පරීක්ෂණ වාර්තාව අනුව ජග්දීෂ් මිය ගිහින් තියෙන්නේ වස දීමෙන් සහ ලණුවකින් ඔහුගේ ගෙල සිර කිරීමකින් මංකොල්ල කාරයෝ සාමාන්‍යයෙන් මංකොල්ල කන්ඩ එන තැන් වල මිනිස්සුන්ට වහ දීලා මරන්නේ නෑනේ ඒ නිසා පොලීසියේ සැකය කෙලින්ම වෛශාලී වෙත යොමු වෙනවා ඉන් පස්සේ පොලිස් නිලධාරීන් වෛශාලීව පොලිස් ස්ථානයට ගෙනැල්ලා ඇයගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්න ගත්තට පස්සේ ඇය බියට පත්ව සියල්ල හෙලි කරනවා


වෛශාලී මුලින් ජග්දීෂ්ට කැමැත්තෙන් ඉදලා තියෙනවා පස්සේ ඇයට ජග්දීෂ්ව ටිකෙන් ටික එපා වෙලා තියෙනවා පාටියකට යන් නැති ස්ටයිල් ඇදුම් අදින් නැති නවීන කාලෙ විදිහට හැසිරෙන් නැති තැන්පත් මනුස්සයෙක් වුන ජග්දීෂ් බැන්දොත් ජීවිතේ කිසිම විනොදයක් නෑ කියලා වෛශාලී ජග්දීෂ්ට කියනවා ඇය මේ මංගල්ලයට කැමති නෑ කියලා ඊට පස්සේ ජග්දීෂ් මේ ගැන ඇගේ දෙමව්පියන්ට කියනවා ඇගේ දෙමව්පියන් ජග්දීෂ් මේ කියන දේවල් ඇත්තද කියලා ඇහුවම ඇය කියන්නේ ඒක මම නිකමට කිව්වෙ මම කැමතියි මේ විවාහයට කියලා ඊට පස්සේ ආයේ විවාහයට දින තුනක් තියලා ඇය ජග්දීෂ්ට කියනවා මේ විවාහය උනොත් ඇය වස බීලා මැරෙනවා කියලා ජග්දීෂ් මේ ගැන තම දෙමව්පියන්ට සහ වෛශාලීගේ දෙමව්පියන්ට කියනවා එවිට වැඩිහිටි දෙමව්පියන්ගේ අදහස වෙන්නේ මංගල්ලේ නතර වුනොත් පවුල් දෙකම ලැජ්ජාවට පත් වෙනවා විවාහයෙන් පස්සේ වෛශාලීගේ හිත හැදෙයි කියලා ඊට අමතරව වෛශාලීගේ තාත්ත කියනවා වෛශාලී වහ බිව්වොත් ඒකේ වගකීම මම භාරගන්නම් කියලා 

ඊට පස්සේ දෙන්නාගේ විවාහය සිද්ධ වෙනවා ටික දවසකින් දෙන්න වෙනම ජීවත් වෙනවා දවසක් වැඩ ඇරිලා ගෙදර ආපු ජග්දීෂ්ට වෛශාලී වස මිශ්‍ර කෑම කවනවා ඊට පස්සේ ජග්දීෂ් ඒ කෑම නිසා අඩපණ වුනාම කලින්ම ලෑස්ති කරන් හිටිය ලණුව බෙල්ලට දාල ජග්දීෂ් මැරෙනකන් ලුණුවෙන් බෙල්ල හිරකරන් ඉන්නවා වෛශාලීට තේරුණාම ජග්දීෂ් මිය ගියා කියලා ඇය මුලු ගේම අවුස්සල ඇගේ වටිනා රත්තරං බඩු කිහිපයක් සඟවා දමනවා ඊට පස්සේ නිවසින් එලියේ තියෙන වෙලඳ සැලට ගිහින් ඇවිත් ජග්දීෂ්ගේ මාමා නන්දලාල්ට ඇමතුමක් දෙනවා මීට අමතරව පොලීසිය විසින් සොයාගන්නවා මේ වෛශාලී ජග්දීෂ්ට වස දුන්න පලමු අවස්තාව නොවන බව විවාහයට දින දෙකකට කලින් ඇය තනිකඩ සාදයක් පවත්වා වස යෙදූ කෑම එකක් ජග්දීෂ්ට දෙනවා නමුත් ඒ වෙලාවේ කෑම ගැනීමේ පිරියක් නොතිබූ නිසා ජග්දීෂ් කෑම කන්නේ නෑ ඊට පස්සේ ඇය නිවසට ගිහින් කන්න කියලා වස යෙදූ තවත් කෑම එකක් පාර්සල් කරලා ජග්දීෂ්ට දෙනවා ගෙදර ගිහින් කන්න කියලා නමුත් ගෙදර ගිහින් කෑම එක විවෘත කලාම කෑම එකෙන් අමුතු දුර්ගන්ධයක් වහනය වූ නිසා ජග්දීෂ් ඒ කෑම එක විසි කරනවා ඒ ආකාරයට එදා ජග්දීෂ්ගේ ජීවිතේ බේරුණත් විවාහයෙන් මාස තුනකට පස්සේ තම ආදරණීය බිරිඳ නමැති තිරිසන් යක්ෂණිය අතින් මිය පරලොව යාමට ජග්දීෂ්ට සිදු වෙනවා ජග්දීෂ්ව ඝාතනය කිරීමේ වරදට වෛශාලී ටකේර් පොලිස් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරුවා තාමත් මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර නොමැත 


 

Comments