අලව්වේ වලව්ව

 


ප්‍රභාත්, මිහිර,චානක හොදම යාලුවෝ තුන් දෙනෙක් සති අග දිනයක විනෝද ගමනක් යාමට සැලසුම් කරපු ඒ තුන් දෙනා සවස හතරට පමණ කොළඹින් පිටත් වුනා මෝටර් රථය පදවන ගමන්ම තුන් දෙනාම පදම ඉක්මවා මත්පැන් පානය කර තිබූ නිසා අලව්ව නගරයට පැමිණෙන විට තව දුරටත් ඉදිරියට මෝටර් රථය පැදවීමට ඇති අපහසුව හේතුවෙන් අලව්ව නගරය සමීපයේ තිබූ ලැඟුම් හලක් බවට පත් කර තිබූ පැරණි වලව්වකට රථය හැරවූවේ එදින රාත්‍රිය එහි ගත කිරීමටයි.


තුන් දෙනාම මත් බව නිසා එහෙට මෙහෙට වැනෙමින් වලව්ව ලැඟුම් හලේ පිලිගැනීමේ නිලධාරියා අසලට ගියා. පිලිගැනීමේ නිලධාරියා ඔවුන් සමග මුව පුරා සිනා සුනේ හරියට ඔවුන් එන තුරා ඔහු මග බලන් සිටියා වගේ .


" එන්න සර් සර්ලට කාමරයක් අවශ්‍යයි නේද .."?


පිලිගැනීමේ නිලධාරියා ඔවුන් ගෙන් එහෙම ඇහුවා .


" ඔව් අපිට අද රෑ ගත කරන්න තියෙන හොදම කාමර තුන දෙනවා " 


මිහිර ඒ විදිහට පිලිගැනීමේ නිලධාරියට කිව්වා.


" සර් මේ වෙලාවේ තියෙන්නේ එක කාමරයයි මම ඒක දෙන්නම් තුන් දෙනාටම රුපියල් තුන් දහයි වෙන්නේ "


" තුන් දහයි.. චැක්..! එහෙනම් ඉතින් ඒ කාමරේ බල්ලෙකුටවත් ඉන්ඩ බැරුව ඇති බාත් රූම් එකක් වත් තියෙනවද දන් නෑ "


කොළඹ නගරයේ ප්‍රබල පාතාල නායකයෙක් වන කෙසෙල් වත්තේ දිනුක ගේ මුදල් පාලනය බාරව සිටින ප්‍රභාත් අවඥ්ඥාවෙන් සිනා සී එහෙම කිව්වේ ඔහුට පාතාල ඇසුර තිබෙන නිසා මිනිසුන්ව පහත් කොට කතා කිරීම ඔහුගේ පුරුද්ද වූ නිසයි .


" මෙහෙ බාත් රූම් තියෙනවා සර් සත්තු නෙමේනෙ මේවට එන්නෙ ගස් පඳුරු අස්සෙ මළ මූත්‍ර කරණ අය මෙහෙට එන්නෙ නෑ ඒ වගේම මෙතන ජරා කරල යන්න හිතන්නවත් එපා "


එලෙස පිලිගැනීමේ නිලධාරියා කල කතාවට ප්‍රභාත් ගේ මුහුණ කලු වෙලා ගියා නමුත් චානක ඒ ලැගුම්හලෙන් කාමරයක් ගැනීමට තීරණය කල නිසා නිශ්ශබ්දව කෝපයෙන් දැවෙමින් ප්‍රභාත් කාමරය වෙතට පිටත් වුනා තිදෙනාම කාමරය තුලට ගියාට පස්සෙ ප්‍රභාත් හෙමීට කාමරයෙන් පිටතට ඇවිත් ලැඟුම් හලේ අලංකාරයට තබා තිබූ මල් බඳුනකට මූත්‍ර කෙරුවා ඊට පස්සෙ කට කොනකට සිනාවක් නගා ගෙන මෙලෙස පැවසුවා.


" ම්..මට විරුද්ධව කතා කරන්න ඌ කවුද පරය හෙට උදේ වෙද්දි මේ පැත්තම මූත්‍රා ගඳ ගැහුවම තේරෙයි ඌට මං වගේ මිනිහෙක්ට කතා කරන විදිහක් තියෙනවා කියලා පර බල්ලා ...කොළඹ හිටියනම් මම ඕකගෙ දත් දෙකක් කඩනවා .."


ඒ විදිහට ප්‍රභාත් කියලා ඉවර වෙනවත් එක්කම දරුණු වේදනාවක් ඇති කරමින් ඔහුගේ මුව වෙත වැදුණු දැඩි පහරක් නිසා දත් දෙකක් කැඩී බිමට වැටුණා මුවෙන් වැගිරෙන ලේ දහරත් සමග වේදනාවෙන් මොර දෙමින් ප්‍රභාත් කාමරය වෙත දිව යනවාත් එක්කම ඔහු ඉදිරියට චානක කලබලයෙන් ආවා.


" මොකද බං බෙරිහන් දෙන්නේ මොකද ඔය අතින් කට වහගෙන .."?


" චානක .. මේ..මේ කාමරේ දොර වහපන් මේ වලව්වෙ හොල්මන් තියෙනවා මේ බලපන් මගෙ කටින් ලේ එන හැටි ...මොකෙක් හරි යක්ෂයෙක් මගෙ දත් දෙකක් කැඩෙන්න ගැහුවා මම මල් බඳුනකට මූත්‍රා කෙරුව කියලා බොරු නම් බලපන් මේ මගේ ඉස්සරහ දත් දෙකම නෑ "


" පිස්සුද යකෝ ඔය දත් හොදට තියෙන්නේ ..ගොනෝ ගානකට බීපන් වෙරි මතේට තොට විකාර පේන්නේ "


චානක එහෙම කිව්වම ප්‍රභාත් ගේ දෙනෙත් විසල් වුනා ඔහු අසල කණ්නාඩියකින් තම මුව හොදින් පරීක්ෂා කර බැලුවේ චානක පවසන දේ සත්‍යක්ද කියා සැක හැර දැන ගැන්මටයි .


" ඒයි දත් කැඩිලා නෑ තම යකෝ ඒත්... ඒත් මම දැක්කා බං ඒ මල් බඳුන ගාවදි මගෙ දත් කැඩුනා ලේ වැක්කෙරුනා වරෙන්කො එතනට ගිහින් බලන්න "


ප්‍රභාත් ගේ බලවත පෙරැත්ත කිරීම නිසා සහ ප්‍රධාන මැර නායකයෙකු ලග සිටින ප්‍රභාත් වැන්නෙක් මෙලෙස බීතියට පත් වීම චානක හට විමතියට කරුණක් වූ නිසාම

චානක ප්‍රභාත් පිටු පසින් ඔහු මූත්‍රා කල මල් බඳුන අසලට ගියා. ඒ එක්කම ඔවුන්ට මහිර ගේ කෑ ගැසීමක් ඇසුන නිසා දෙදෙනාම ඔවුන්ට ලබා දුන් කාමරය වෙත දිව ගියා 


කාමරයේ දොර අසලට යනවාත් එක්කම එක්වරම ඉබේම දොර වැසී ගියේ මහ හඩක් නගමිනි 


"ඒයි ගහපන් ගහපන් දොරට මිහිර කාමරේ ඇතුලේ හිර වෙලා යකෝ මම..මම ගිහින් අර පිලිගැනීමේ නිලධාරියව එක්ක එන්නම් "


එහෙම කියලා චානක වහා දිව ගියේ පිලිගැනීමේ නිලධාරියාව සොයා ගැනීමටයි ප්‍රභාත් දිගටම දොරට ගසමින් සිටියා එක් වරම කාමරයේ දොර ඉබේම විවෘත වුනා කාමරය ඇතුලේ චානක සහ මිහිර ගොරවමින් නිදා සිටිනවා දැක ප්‍රභාත් භීතියෙන් වෙව්ලන්නට වුනා ඔහු වහා දිව ගියේ පිලිගැනීමේ කවුන්ටරය වෙතයි නමුත් කිසිවෙක් එහි සිටියේ නෑ නැවත ආපසු පැමිණි ප්‍රභාත් කාමරයේ දොර අසල සිටගෙන සිටියේ කාමරය ඇතුලට යනවාදෝ නොයනවාදෝයි සිතමින්ය .


" ඒයි මොකද බං ඔතන කරන්නේ ඕන් ඔය ලයිට් නිවලා නිදාගනින් මල වදේ "


එක්වරම නින්දෙන් ඇහැරුණ චානක ඒ විදිහට ප්රභාත්ට කිව්වා චානක කතා කරපු ආකාරයට ප්‍රභාත් ගේ සැක බිය නැතුව ගියා ඉන්පසු ඔහු කාමරය තුලට ගොස් දොර වසා දමා විදුලිපහන් නිවා දමා නිදා ගැන්මට සැරසුනා නින්ද ඒ ගෙන එනවිටම තම හිස දෙසින් එක් අයෙකුත් තම දෙපා අසලින් තව කෙනෙකුත් සිටින බව දැනී ප්‍රභාත් තම ජංගම දුරකථනයේ ආලෝකය දෙපසට කල විට දුටුවේ තම මිතුරන් දෙදෙනා තම ඇඳේ දෙපසින් නිදා සිටින ආකාරයයි .


වහා තම නිදන ඇඳෙන් නැගිට විදුලි පහන දැල් වූ ප්‍රභාත් ආපසු තම නිදන ඇඳ දෙස බැලුවෙ මෙලෙස කියාගෙනයි.


" ඒ උඹල මොන එකකටද මගෙ ඇඳට ආ...."


ප්‍රභාත්ට කියන්න ආපු දේ සම්පූර්ණ කරගන්න බැරි වුනේ කාමරයේ ඔහු දුටු දර්ශනය නිසයි කාමරය තුල කිසිවෙක් සිටියේ නෑ ප්‍රභාත් පමණක්මයි ඒ කාමරය තුල තනිව සිටියේ අධික බියට පත් වූ ප්‍රභාත් වහා තම කාමරයේ දොර ඇර ගෙන පිටතට පැමිණියා පිටතට පැමිණි ප්‍රභාත් දුටුවේ ගත කිළිපොලා යන භයානක දර්ශනයකි ලැගුම්හලේ පිලි ගැනීමේ කවුන්ටරය දක්වා මළ කඳන් සිය ගණනක් කෑලි කෑලි වලට කපා ගොඩ ගසා තිබූණේ තිබුණේ ප්‍රභාත් ගේ මර බිය තව තවත් වැඩි කරමින්ය හෙමි හෙමින් මළ කඳන් අතරින් පිට වීමේ දොරටුව වෙත ආ ප්‍රභාත් දොර අසල කපා කොටා මරා දමා තිබූ මළ සිරුරු දෙකක් දැක වෙවිලන්නට විය එතැන කපා කොටා මරා දමා තිබුණේ ඔහුගේ මිතුරන් දෙදෙනා වන චානක සහ මිහිරවයි ගඳ ගසන ලේ ගොඩක මැද වැටී තිබූ මළ කඳන් දෙක ඉවත් නොකර පිට වීමේ දොර විවර කර ගත නොහැකි නිසා ප්‍රභාත් තම දෙපයින් ඇන මිතුරන් දෙදෙනාගේ මළ සිරුරු දෙක දැඩි පරිශ්‍රමයක් දරා ඉවත් කර ගත්තා ඉන් පසු දොර අගුල වෙත අත තබා දොර ඇර ගැනීමට හදනවාත් එක්කම පිටු පසින් ඇසුන ශබ්දයක් නිසා ප්‍රභාත් පිටු පස බැලුවා ඔහුට යාර තුන හතරකට එහායින් කඩුවක් අතේ දරා ගත් වලව්ව ලැඟුම්හලේ පිළිගැනීමේ නිලධාරියා වියරු බැල්මක් හෙලාගෙන ප්‍රභාත් දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා මොහොතක් පමණ එලෙස සිටි ඔහු මෙලෙස පවසන්නට වුනා.


" ඒ දවස් වල වල සිංහල කැරලිකාරයෝ ටිකක් සුද්දට අල්ලල දුන්න නිසා තමා මට මේ වලව්ව සුදු මහත්තුරු තෑගි කෙරුවේ කාලයකට පස්සෙ මගේ පාවා දීම දැනගෙන සිංහල කොල්ලො ටිකක් මාව මැරුවා මගෙ මේ වලව්ව උන් ජරා කෙරුවා මගෙ මේ වලව්ව එක එකා ඇවිත් ජරා කරනවා මේ වෙනකන් මගෙ වලව්ව ජරා කරපු හැම එකාවම මම මැරුවා මගෙ ආත්මයට සැනසීමක් නෑ යකෝ මගෙ වලව්ව ජරා කරන එවුන් නිසා තොගෙ යාලුවො දෙන්නත් ඒක කෙරුවා උන්වත් මැරුවා දැන් තොගෙ වාරේ මම දැන් තෝවත් මරනවා "


ඒ විදිහට කියලා ඔහු අතේ තිබුණ කඩුව ප්‍රභාත් දෙසට වේගයෙන් දමා ගැසුවා බඹර ගීයක් ගයා ගෙන ආ කඩුව ප්‍රභාත් ගේ හිස දෙපලු කර ගෙන පිටවීමේ දොරටුවේ ගැඹුරට කිදා බැස්සේ කඩුවේ වේගය සහ මුවහත මොනවට පැහැදිලි කරමින්ය.


පසු දින අලව්ව නගරයේ මිනිසුන්ගේ ප්‍රධාන මාතෘකාව වුනේ නගරය ආසන්නයේ ඇති හොල්මන් වලව්වට ගිය තරුණයන් තිදෙනෙකුගේ සාහසික මරණය පිළිබද පුවතය.


     නිමි.




Comments

  1. මාර කතාවක්... ටිකක් වේගවත් වැඩියි කියලත් හිතුණා, ලියල තියෙන විදිහ. කලින් කතාත් කියවල ම ඒ ගැන මොනවත් කියන්නං. මරු ඈ...

    ReplyDelete
    Replies
    1. මටත් හිතුණ ටිකක් විතර කතාව රසවත් කරන්න තිබුණ කියලා වේගවත් වැඩියි තමා. තාම අපි ආධුනිකයොනේ වැරදි හදාගෙන ගමන යනවා ඔන්න ඔහේ

      Delete

Post a Comment

Popular posts from this blog

වික්ටර්

කවන්ධය