අසම්පූර්ණ ලිපිය
සමහර දේවල් වල සමහර කතන්දර වල අවසානයක් නැතිව අසම්පූර්ණ වුනාම ඒක අපේ හිතට පුදුම විදිහට දැනෙනවා සමහර කතාවල අවසානය වුනේ කොහොමද කියලා හොයාගෙන ගිහින් බලන්න තරම් කුතුහලය කියන හැගීම අපිව අසරණ කරන වෙලාවලුත් නැතුවම නෙවේ ප්‍රබාෂ් සෙනවිරත්න කියන්නේ වයස අවුරුදු විසිඅටක තරුණයෙක් ඔහු රැකියාව කලේ ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක.
පැය අටක සේවා මුරය නිමා කිරීමෙන් අනතුරුව තමා ගේ
නවාතැනට පැමිණ ආහාරය සඳහා කුමක් හෝ තනාගෙන කෑම කා අවසන් වූවාට පසු ඔහු කලේ මැදියම් රැය වන තුරු පොත් කියවීමයි මේ සිද්ධිය වුන දවසෙත් සේවය අහවර කර නවාතැනට පැමිණ ආහාර පිලියෙල කරගත්තා ට පසු ප්‍රාබාෂ්ට සිහිපත් වුනේ එදින රාත්‍රියේ කිය වීම සඳහා ඔහු සන්තකව කියවපු නැති එකම පොතක් හෝ නැති බවයි .
ප්‍රබාෂ් නැවතී සිටි නවාතැනට කිලෝ මීටර් දෙකකට පමණ එහායින් ප්‍රසිද්ධ පොත් අලෙවි කරණා වෙලද සැලක් තිබූ අතර ඔහු පා ගමනින්ම එතැනට පිටත් වුනේය ප්‍රබාෂ් එතනට ලගා වන විට එම වෙලඳ සැල වසා දමා තිබිණ බලාපොරොත්තු සුන් වූ ඔහු මද වෙලාවක් පොත් වෙලඳ සැලට ඇතුල්වන පඩි පෙල මත ටික වෙලාවක් වාඩි වී සිටියේය.
" මොකද මල්ලී මොකුත් ප්‍රශ්නයක්ද..?"
ප්‍රබාෂ් ට කතා කල පුද්ගලයා දෙස හිස ඔසවා බැලූ විට ප්‍රබාෂ් දුටුවේ තලප්පාවක් හිසේ බැඳ ගෙන ඇට මාලයක් කරේ ලා ගත් පරණ හම ගිය ඛෑගයක් කරේ ලා ගත් දණ හිසටත් පහලට වෙන්නට දිග කමිසයකින් සැරසුන ඝන උඩු රැවුලක් තිබූ තරබාරු පුද්ගලයෙක් ඔහු ඉදිරියේ සිටියේය.
" නෑ අයියේ මම මේ පොතක් ගන්න කියල ආවේ මේක වහලනේ ඒකයි මෙතනින් ටිකක් ඉඳ ගත්තේ"
" මල්ලිට හරියන පරණ පොතක් තියෙනව ඉන්ඩකෝ මගෙ මේ බෑග් එක ඇතුලේ තිබුණ ම්.....ආ..හරි මේ තියෙන්නේ මට වැඩිය සල්ලි එපා රුපියල් දෙසීයක් දෙන්ඩකෝ "
ආගන්තුක මිනිසාගේ බෑගයේ තිබී ප්‍රබාෂ් වෙත දිගු කල පොත දුටු ගමන්ම ප්‍රබාෂ් ගේ ඇස් සතුටින් දිලිසෙන්නට විය මුවෙහි සුන්දර සිනාවක් ඇදී ගියේය.
" අනේ ලොකු උදව්වක් අයියේ මම මේ පොත ගන්නවා ..ආ..මෙන්න..සල්ලි.."
ආගන්තුකයගෙන් පොත මිල දී ගත් වහාම ප්‍රබාෂ් නවාතැනට අවුත් සූදානම් කර ගත් ආහාර බුක්තිවිද
නිදන ඇද ලගම ඇති හාන්සි පුටුවේ වාඩි වී පොත අතට ගත්තේය පලමුව ඔහු ඒ පොත නැහැයට තබා සුවද වින්දේය මුද්‍රණ තීන්ත මිශ්‍රව එන කඩදාසි සුවඳට ඔහු බොහෝ ප්‍රිය කලේය එනිසා පොතක් කිය වීමට පෙර පුරුද්දක් ලෙස පොතේ සුවද වින්දේය පොතේ පලමු පිටුව පෙරලනවාත් සමගම ලියුමි කවරයක් බිමට වැටුනි ප්‍රබාෂ් ඒ ලිපි කවරය අතට ගෙන එතුලේ තිබූ ලිපිය අතට ගත්තේය. ඒ ලිපියේ දිනය ලෙස සටහන් වී තිබුණේ පසු ගිය සතියේ දිනයකි ලිපියේ තිබුණේ මෙවැන්නකි.
2020 / 05 / 08
මගෙ නම අමිල අකලංක
මම හුගක් ආසයි එක එක තැන් වල ඇවිදල බලන්න මේ පාර මම ආවේ සීගිරිය බලන්න ඒ එක්කම මට පිදුරංගල බලන්න යන්නත් ඕන උනා ඒ නිසා සීගිරියේ ඉලුක්වැව පාරේ වැඩිය සෙනඟ නැති ,රෙඩ් විලා ,කියල නම තිබුන නවාතැනකට ගියා ඒක මහ අමුතුම තැනක් මම විතරමයි වෙන්න ඕනෙ ඒ නවාතැනේ හිටියේ රෑ දොළහ වෙනකන් ඒ නවාතැනේ කිසිම සද්දයක් තිබ්බෙ නෑ ඒත්..ඒත් රෑ දොලහෙන් පස්සෙ මහා අමුතුම දේවල් වෙන්න ගත්තා ඒ ඇහෙන කට හඬ මට එන්න කියනවා මට දැන් යන්න වෙනවා මම මොකද කරන්නෙ කියලා මට තේරෙන් නෑ මම.......
එතනින් එහාට කිසිම දෙයක් ලියවිලා තිබ්බෙ නෑ ඒ ලිපියේ අමිලට මොකද වුනේ කියල දැන ගන්න ප්රබාෂ්ට ඕන උනා මේ ලිපිය කාගෙ හරි විහිළුවක්ද කියලත් වෙලාවකට ප්රබාෂ්ට හිතුනා ඒත් දවස් දෙක තුනක් යනකොට ඒ ලිපිය ඒ ලිපියේ ලියල තියෙන දේවල් ඇත්ත කියලා ප්‍රබාෂ් තදින්ම විශ්වාස කරන්නට වුනා ඔහුට සිත එක තැනකට තබාගෙන ආයතනයේ වැඩ කටයුතු කිරීමට පවා අපහසු වුනා අමිලට වුන දෙය දැන ගැනීමේ කුතුහලය ඔහුගේ සිතට දැඩි පීඩාවක් වුනා අවසානයේ ප්‍රබාෂ් තීරණය කරනව සීගිරියට ගිහින් ඉලුක්ගස්වැව පාරේ ඇති , රෙඩ්විලා, නමින් හැඳින්වෙන නවාතැනට ගොස් අමිල කියන නන්නාඳුනන පුද්ගලයාට සිදු වූ දෙය දැන ගැන්මට
රෙඩ්විලා නවාතැනේ ඇත්තටම මිනිස්සු නැවතුනේ නැතිම තරම් මන්ද යත් ඒ නවාතැන පිහිටියේ මාවත අද්දර නොව ඝන කැලේ ඇතුලට වන්නටය ප්‍රබාෂ් රෙඩ් විලා නවාතැනට අවුත් එහි පිලිගැනීමේ නිලධාරියා අසලට ගියේය.
" මෙහෙ නතර වෙන්න මීට සතියකට කලින් අමිල කියල කෙනෙක් ආවද අන්න එයා නතර වුන කාමරය මට දෙන්න "
ගල් පිළිමයක් බදු ඒ පිලිගැනීමේ නිලධාරියා කිසිවක් නොපවසා ප්‍රබාෂ් වෙත යතුරක් විසි කර ගොර හැඩි හඩින් " රූම් නම්බ සික්ස් " යැයි පැවසුවේය
යතුරක් රැගෙන තමාගේ කාමරය වෙත පිටු පා යන ප්‍රබාෂ් දෙස බලා පිලිගැනීමේ නිලධාරියා අමුතුම වියරු සිනාවක් නැගුවේය ඉන්පසු ඔහුටම ඇසෙන ලෙස පහත් හඩින්...'.තවත් එකෙක්...' යැයි පැවසුවේය.
කාමරයට ඇතුල් වුන ප්‍රබාෂ් පලමුව කාමරය පුරා හැම තැනම ඇද බැලුවේ අමිලගේ යම් කිසි ලිපියක් හෝ සටහනක් ඇතිදැයි දැනගැනීමටය.සෑම අස්සක් මුල්ලක් නෑරම සෙව්වත් ඔහුට අමිලගේ යැයි කිව හැකි කිසිම දෙයක් හමු වූයේ නැත.
ගමන් වෙහෙස නිසා ප්‍රබාෂ් නිදන ඇදේ වැතිරුනේත් ඔහුගේ පැත්තකින් ඇති මේසය කිසිවෙකු සූරන්නාක් බදු හඩක් ආවේත් එකම විටය මුලින්ම ප්රබාෂ්ට සිතුනේ එය කුරුමිණියෙක් හෝ හූනෙක් වැනි සතෙක් ගේ ක්‍රියාවක් බවයි නමුත් එන්න එන්නම ශබ්දය වැඩි වූ හෙයින් මේසය දෙස නෙත් හෙලුවේය ඒ එක්කම මේසය මත තිබූ වීදුරුවක් බිමට වැටී කුඩු විය ඒ එක්කම හෙමි හෙමීට ඉබේම මේසය මත තබා තිබූ පොත් පත් වැනි දේවල් බිමට වැටෙන්නට විනි
ඒ සමගම ප්‍රබාෂ් සිටි කාමරය පිටතින් පිරිසක් එකතු වී මුමුණන ශබ්දයක් ඇසෙන්නට විය ක්‍රමක් ක්‍රමයෙන් මිමිණීම ඝෝෂාවක් බවට පත් වූ නිසා ප්‍රබාෂ් වහා දිව ගොස් දොර විවර කලේය නමුත් පිටත කිසිදු අයෙක් සිටියේ නැත නැවත දොර වසා දමනවාත් සමගම ඒ හඩ ඇසෙන්නට විය නැවතත් ප්‍රබාෂ් දොර විවිර කර බැලුවත් කිසිවෙක් සිටියේ නැත හතර පස් සැරයක්ම දොර විවර කර වසා දැමීම ඔහු සිදු කලේ දොර වසා දමන සැරයක් පාසා පිටතින් ඇසෙන හඩ නිසාය හයවන වර දොර වසා දැමුවාට පසු පිටතින් ආ ශබ්දය නිමා විය
තත්පර ගණනක් කිසිම ශබ්දයක් නැතුව ගෙවී ගියා ඒත් එක්වරම වසා දමා තිබූ කාමරයට සීතල සුළඟක් ඇදී ආවේ යම් කිසිවෙකුගේ සිහින් කෙදිරීමක් බඳු හඩක් සමගය ප්රබාෂ්ට ඒ කෙදිරීමෙන් කියවුන දේ පැහැදිලිව ඇසින.
::"":ප්‍රබාෂ් උඹ මාව හොයාගෙන නේද ආවේ මම අමිල මාව බේරගනින් ප්‍රබාෂ් මාව බේරගනින්:::::""
ඇසුන දේ නිසා භීතියට පත් වුන ප්‍රබාෂ් නවතැනේ පිලිගැනීමේ නිලධාරියා සිටි තැනට දිව ගියේය
" මට ඒ කාමරේ ඉන්න බෑ ම්.. මට..වෙන කාමරයක් ඕනේ..මම ඉන්නෙ නෑ ඒකේ.."
කිසිවක් නොකියූ පිලිගැනීමේ නිලධාරියා යතුරක් ප්‍රබාෂ් වෙත විසි කලේය
" රූම් නම්බර් නයින් "
එසේ පවසා ඔහු ඉවතට ගියේය ප්‍රබාෂ් හයවෙනි කාමරයේ තිබූ ඔහුගේ ගමන් බෑගයක් රැගෙන වහාම නව වෙනි කාමරයට ගොස් කාමරයේ සියලු විදුලි පහන් දල්වා තදින් දොර වසා දමා සැනසුම් සුසුම් හෙලුවේය.
"" මම යනවා මම යනවා හෙට උදේම මම යනවා මේක මහා කාලකණ්නි නවාතැනක්.."
තනිවම මුමුණ ප්රබාෂ්ට එක් වරම යම් කිසි දෙයක් නෙත ගැටුන නිසා
ඔහු ඒ දෙසට ගමන් කලේය බිම වැටී තිබූ කාඩ් පතක් වැනි දේ පහත් වී අතට ගෙන බැලූ විට ප්රාබාෂ් ගේ සියොලග දහඩියෙන් තෙත් වී වෙව්ලන්නට විය ඒ කාඩ් පත වෙන කිසිවක් නොව.ඒ
අමිල අකලංක ගේ හැදුනුම්පතයි
" ද්..දෙවියනේ එ..එහෙනන් අමිලත් අර කාමරේ ඉන්ඩ බැරුව මේකට එන්ඩ ඇති එහෙනන් මේ කාමරේ තමා භයානකම කාමරය දැන්ම මෙතනින් පිට වෙන්න ඕනේ.."
එසේ සිතා ප්‍රබාෂ් කාමරයෙන් පිට වීමට දොර වෙත දිව ගියත් එය විවෘත කිරීමට නොහැකි ලෙස අගුල් වැටී තිබිණ .ඒ සමගම කාමරයේ තිබූ පුටු මේස වීදුරු එක එකකට වැදී භයංකාර ශබ්ද නගන්නට විය ඒ එක්කම පිරිසක් එකතුවී කරණා මිමිණීමක්ද ඇසෙන්නට විය ඇසෙනා ශබ්දය දරා ගත නොහැකිව ප්‍රබාෂ් විලාප දෙමින් හඩා වැලපෙන්නට වූවේය
" මට පාඩුවේ ඉන්ඩ දීපියව් මම මොකක්ද කරපු වරද අනේ දෙයියනේ මට ඉන්ඩ දීපල්ලා "
හඩාවැලපෙන ගමන් ඒ විදිහට මහ සද්දෙන් ප්‍රබාෂ් බෙරිහන් දීගෙන කෑ ගැසුවේය එක් වරම සියලු ශබ්ද නැති වී කාමරය පුරා නිහඬතාවය රජ කරන්නට විය ඒත් ඒ නිහඩ තාවය තිබුණේ මද වේලාවකට පමණි කාමරයේ එක් බිත්තියක් කිසිවෙකු සූරන ශබ්දය ක් ඇසී ප්‍රබාෂ් ඒ සූරන ශබ්දය ඇසෙන දෙසට යන විට ඒ ශබ්දය අනෙක් පසෙන් ඇසින ඒ පැත්තට යන විට වෙනත් පැත්තකින් ශබ්දය ඇසෙන්නට විය එක එක පැති වලට පැයක් පමණ දිව ගොස් හති වැටීම නිසා ප්‍රබාෂ් එක් බිත්තියකට හේත්තු වී බිම වාඩිවූයේය එක් වරම බිත්තියෙන් නැවත සූරන ශබ්දයක් ඇසෙන්නට වීම නිසා ඔහු කණ තව තවත් බිත්තියට ලං කල විට ප්රබාෂ්ට තේරුණේ ඒ සූරන ශබ්දය ඇසෙන්නේ බිත්තිය පිටතින් නොව බිත්තිය ඇතුලතින් බවයි තවත් කණ් දී ගෙන සිටින විට භයානක හඩකින් බිත්තිය ඇතුලතින් මෙසේ ඇසෙන්නට විය.
::"" ප්‍රබාෂ් මම අමිල උඹ මාව හොයාගෙන නේද ආවේ මම ඉන්නේ මේ බිත්තිය ඇතුලේ මේ නවාතැනේ අය අපිව අපේ ආත්ම මේ බිත්තිය ඇතුලට දානව දැන් ඉතින් උඹටත් මේක ඇතුලට එන්ඩ වෙනවා...උඹටත් එන්ඩ වෙනවා....""""
ඒ හඩ නැති වෙනවාත් සමගම කාමරයේ සියලු විදුලි පහන් කුඩු පට්ටන් වී ඝන අන්ධකාරයේ ගිලී ගියේය කිසිවක් නොපෙනෙන තිත්ත කලුවරේ තනිවුන ප්රබාෂ්ට තේරුනේ ඔහුගේ දෙපා වලින් අල්ලා ගත් සීතල අත් වලින් කොහේටදෝ ඔහු ඇද ගෙන යන බවයි.
"" මට යන්ඩ දීපල්ලා මට යන්ඩ දීපල්ලා..""
ප්‍රබාෂ් යටි ගිරියෙන් විලාප තැබුවේය . අමිල සහ ප්‍රබාෂ් අතුරු දන් වී සති දෙකකට පසු ප්‍රසිද්ධ පොත් හලක පොත් තෝරමින් සිටි තරුණයෙක් වෙත ආ තලප්පාවක් පැලදි ගෙලේ ඇට මාලයක් පැලද හම ගිය බෑගයක් කරේ එල්ලාගෙන ඝන උඩු රැවුල කින් හෙබි තරබාරු අයෙක් මෙසේ විමසුවේය
"" මල්ලි රුපියල් දෙසීයකට ලස්සන පොතක් තියෙනව ඕනෙද..?
" රුපියල් දෙසීයකට පොතක් ..මොන තරම් ලාභයක්ද මේ කාලේ ක්..කෝ මට දෙන්න.."
තරුණයා මුදල් දී පොත ගන්නවාත් සමග ඔහුට පොත දුන් ආගන්තුකයා වහා එතනින් පිටත් වූයේය පොත අතට ගත් තරුණයා එහි පිටු කිහිපයක් පෙරලන විට එහි ඇතුලේ තිබී ලිපියක් බිමට වැටිනි තරුණයා වහා ලිපිය අතට ගෙන එය කියවන්නට වූයේය.
............ නිමි .................
Comments
Post a Comment