සත්‍ය කතාවක්
තරුණ කලේ දේශාභිමානයෙන් ඔද වැඩුන ගුරු මූර්ති ඉන්දියන් හමුදාවට සම්බන්ධ වෙනවා ටික කාලයක් හමුදාවේ රැකියාව කරණ ගුරු මූර්තිට ඔහුගේ දෙමව්පියන් විවාහය සදහා තරුණියක් සොයලා දෙනවා ඇගේ නම මාධවී ගුරු මූර්තිත් ඇයට කැමති වෙන නිසා ඔවුන්ගේ විවාහය දෙදාස් දොලහ වසරේ සිද්ධ වෙනවා .
විවාහ ජීවිතය ඇත්තෙන්ම සතුටින් පිරුණු එකක් වුනා දරුවෝ දෙන්නෙක් ගුරු මූර්ති සහ මාධවී ගේ ආදරය පිරුණු පුංචි කැදැල්ලට එක් වුනාට පස්සේ ජීවිතය තව තවත් සුන්දර වුනා ඔය අතරම තමා ගුරු මූර්ති හමුදා සේවයෙන් ඉවත් වෙලා ආරක්ෂක නිලධාරියෙක් ලෙස රැකියාව වෙනස් කිරීමට ලක් කරන්නේ .
කාලය ගත වෙලා ගියා ගුරු මූර්ති සහ මාධවී ගේ ආදරණීය පුංචි පවුලටත් සැකය කියන විෂ බීජය ඇතුල් වුනේ නොසිතූ විදිහටයි ගුරු මූර්ති තම බිරිඳ පිලිබදව නිතර සැක කිරීම නිසා නිතර දෙවේලේ නිවසේ අඩ දබර ඇති වෙන්නට පටන් ගත්තා කාලය ඔය විදිහට ගත වුනා දෙදාස් විසි තුන වසර උදා වුනා.
දෙදාස් විසි තුනේ පොංගල් දිනය සමරන්න ගුරු මූර්ති ගේ දරුවෝ දෙන්නා මාධවී ගේ නැගණිය ගේ නිවසට ගොස් සිටියා මාධවී මොන ප්‍රශ්නය ආවත් හැම දාම උදේට සහ හවසට තම දෙමව්පියන්ට ඇමතුමක් දෙන එක පුරුද්දක් කර ගෙන සිටියා පොංගල් දවසේ රාත්‍රියේ වෙනදා අනිවාර්යෙන් කතා කරන මාධවී එදින තම දෙමව්පියන් හට කතා කෙරුවේ නැහැ මාධවී ගේ දෙමව්පියනුත් ඒ ගැන වැඩිය සිතුවේ නැත්තේ එදින කාර්යබහුල දිනයක් නිසා ඇයට ඇමතුමක් දීමට අමතක වන්නට ඇතැයි කියා උප කල්පනය කල නිසයි .
නමුත් පසු දිනද මාධවී ගෙන් ඇමතුමක් නැති නිසා ඔවුන් මාධවී ගේ දුරකථනයට ඇමතුවත් එය ක්‍රියා විරහිත වී තිබුණා ඉන් පසු ගුරු මූර්තිට ඇමතුමක් ලබා ගත්තත් එම දුරකථනයද ක්‍රියා විරහිත කර තිබුණා නමුත් මාධවී ගේ දෙමව්පියන් උත්සහය අත්හලේ නෑ දිගින් දිගටම තම දුවගේ සහ බෑනණ්ඩියගේ දුරකථන වලට ඇමතුම් දීම සිදු කලා දෙදිනකට පසු ඔවුන්ට ගුරු මූර්තිව ඇමතුමකින් සම්බන්ධ කරගත හැකි වුනා .
මාධවී ගේ දෙමව්පියන් ගුරු මූර්තිගෙන් විමසුවා මාධවී නිවසේ සිටිනවද කියා එයට පිලිතුර ලෙස ගුරු මූර්ති පැවසුවේ තමන් සමග අඩ දබර කර ඇය තම දෙමව්පියන් වෙත යනවා කියා නිවසින් පිට වුන බවයි ඔහු පැවසුවේ තමන් මාධවී දෙමව්පියන් වෙත යන්නට ඇතැයි සිතූ බවයි මේ කතාව ඇසූ මාධවී ගේ දෙමව්පියන්ට සිතුනේ මාධවී යම් කරදරයක පටලැවී ඇති බවයි ඔවුන් වහාම මීර් පට්නම් වල ගුරු මූර්තිගේ නිවසට පැමිණ ඊට පස්සෙ කෙලින්ම ගියේ මීර් පට්නම් පොලිස් ස්ථානය වෙතටයි පොලිස් ස්ථානයේ මාධවී ගේ අතුරුදන් වීම ගැන පැමිණිල්ල දමා නිම කරනවාත් සමගම ගුරු මූර්තිද පැමිණ තම බිරිද ගේ අතුරුදන් වීම ගැන පැමිණිලි කලා .
ගුරු මූර්ති පොලිස් නිලධාරීන් හට පැවසුවේ තම බිරිදට දරුවන් සමග පොංගල් සැමරීම සදහා දෙමව්පියන් ගේ නිවසට යාමට අවශ්‍යය වූ බවත් තම රැකියාව නිසා හදිස්සියේ යාමට නොහැකි නිසා පසුව යන්න යැයි පැවසූ නිසා ඇය තමා සමග දබර කොට නිවසෙන් පිට වූ බවයි ඉන් පසුව මීර් පට්නම් පොලිස් නිලධාරීන් දින ගණනාවක් මාධවී ව සෙව්වත් සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් සිතුවේ ගුරු මූර්ති සහ මාධවී පදිංචිව සිටි මාවතේ ඇති සීසීටීවී කැමරා පරික්ෂා කර බැලීමටයි ඔවුන් මෙය මුලින්ම සිදු නොකලේ එම අතුරුදන් වීම ඔවුන් සැහැල්ලුවට ගත් නිසයි.
වීඩියෝ දර්ශන නරඹා බැලූ පොලිස් නිලධාරීන් දුටුවේ පොංගල් දින උදේ මාධවී නිවසෙන් පිට වී ටික වෙලාවකට පසු නැවත නිවසට ඇතුල් වන බවයි ඉන් පසු කිසිම වීඩියෝ දර්ශනයක ඇය නිවසෙන් පිට වෙන දර්ශනයක් දක්නට නොලැබුණා මෙයින් පසු පොලීසියේ සැකයට කෙලින්ම භාජනය වුනේ ගුරු මූර්තිවයි .
දින ගණනාවක් ගුරු මූර්තිගෙන් ප්‍රශ්න කලත් පොලිස් නිලධාරීන්ට කිසිවක් ඔහුගෙන් දැන ගත නොහැකි වූ නිසා පොලිස් නිලධාරීන් ගේ ඊ ලග ක්‍රමය වන තදින් ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලියට යොමු වුනා කලකදී හමුදා සේවයේ සිටියත් ලබා දෙන දසවද ඉවසා දරාගත නොහැකිව ගුරු මූර්ති අවසානයේ මාධවීට සිදු වූ දෙය පොලිස් නිලධාරීන් හට පැවසීමට සිතුවා.
" සර් මම මාධවී කොහෙන්ද අතුරුදන් වුනේ කියල පෙන්නන්නම් මගේ ගෙදරට එක්ක යන්න මම හැම දෙයක්ම පෙන්නන්නම් "
ගුරුමූර්ති ගේ එම ප්‍රකාශයත් සමග පොලිස් නිලධාරීන් ගුරු මූර්තිවත් රැගෙන ඔහුගේ නිවස බලා පිටත් වුණා නිවසට පැමිණි ගුරු මූර්ති ගෙදර තිබෙන තරමක් විශාල ප්‍රෙෂර් කුකර් එකක් නිලධාරීන්ට පෙන්වා මෙසේ පැවසුවා.
" සර් මේ ප්‍රෙෂර් කුකර් එකෙන් තමා මාධවී නොඑන්නම යන්න ගියේ "
මෙය අසා පොලිස් නිලධාරීන් වික්ෂිප්ත වුනා ඉන් පසු ගුරු මූර්ති නිවසේ කොමඩ් එක නිලධාරීන් හට පෙන්වූවේ මෙලෙස පවසමින්.
"මේ කොමඩ් එකෙනුත් එයා යන්න ගියා සර් "
ඉන්පසු මීර් පට්නම්වල ගුරු මූර්තිගේ නිවසට ටිකක් දුරින් ඇති ඟගක් පොලිස් නිලධාරීන්ට පෙන්වා ඔහු තව දුරටත් මෙසේ පැවසුවා.
" මේ ගඟෙනුත් එයා යන්න ගියා සර්"
ගුරු මූර්ති ගේ මේ හතර බීරි කතාව අගක් මුලක් තේරුම්ගත නොහැකිව පොලිස් නිලධාරීන් ගුරු මූර්ති දෙස තුෂ්නිම්බූතව බලන් සිටියා ඉන් පසු ඔහු නිලධාරින් හට මෙලෙස පැවසුවා.
" සර් මම ගෙදර ඇති වුන රංඩුව ගැන ඇත්ත කිව්වෙ මාධවීට ගෙදර යන්න ඕන වුනා මම එපා කිව්වා ඊට පස්සෙ එයත් එකට එක කිව්ව කට ගහගෙන ආවා මගේ කේන්තිය පාලනය කර ගන්න බැරිව මම එයාගෙ බෙල්ල මිරිකල මරල දැම්ම එයා ගෙ මිනිය දැක්කම මට මහා බයක් දැනුනා මම කොහොමද දරුවන්ට ගමේ මිනිස්සුන්ට මූණ දෙන්නෙ මගෙ දරුවෝ ශාප කරයි මම එයාගෙ අම්මව මැරුව කියලා ඒක නිසා මට මේ චෝදනා වලින් නිදහස් වෙන්න ඕන උනා ඒක නිසා මම මාධවී ගේ මිනිය හංගන්න තීරණය කෙරුවා ඒත් අපි ඉන්න ගේ තියෙන පාරේ හැම තිස්සෙම මිනිස්සු ගැවසෙනවා ඒක නිසා මම මාධවී ගේ මිනිය බාත්රූම් එකට අරන් ගිහින් කෑලී හතරකට කැපුවා ඊට පස්සෙ ඒ කෑලි හතරත් චූටි චූටි කෑලිවලට කැපුවා ඊට පස්සෙ ගෙදර තියෙන ප්‍රෙෂර් කුකර් එකෙන් ඒ කෑලි ටික ටික තම්බලා ඇට කටුයි මසුයි වෙන් කරලා ඇට කටු බැදලා බ්ලෙන්ඩරේකින් කුඩු කරලා ඒ කුඩු ටික කොමඩ් එකට දාල වතුර ගැහුවා ඊට පස්සෙ තම්බපු මාධවී ගේ මස් තෙලෙන් බැදලා අරන් අර මම පෙන්නපු ගඟට දැම්මා සර්.."
ගුරු මූර්ති ගේ මේ ම්ලේච්ඡ සාහසික ක්‍රියාව පොලිස් නිලධාරින් විමතියට පත් කලා අවුරුදු එකොලහකටත් වැඩි විවාහ ජීවිතයකට හිමි කම් කියූ තම ලෙයින් ජාතක වුන දරුවන්ගේ මව වුන තම බිරිදව කිසිදු ස්වාමිපුරුශයෙක් නොකරණ තරමේ අමානුෂික අවසානයක් ගුරුමූර්ති විසින් මාධවීට අත් කර දුන්නා මාධවී කෙදිනකවත් සිතන්නට නැතුව ඇති තමන්ගේ පවුලට කෑම පිලියෙල කර දෙන ප්‍රෙෂර් කුකර් එකෙන් තමන්ට අවසන් ගමන යාමට සිදුවන බව .
අදටත් බොහෝ ජනතාවක් හයිද්‍රාබාදයේ මීර් පට්නම් හී ගුරු මූර්තිගේ නිවස දැක බලා ගැනීමට පැමිණෙනවලු නමුත් මීර් පට්නම් පොලිසියට ඝාතනය කර දැමූ මාධවී ගේ සිරුරේ එකම කැබැල්ලක්වත් ඔවුන්ට සොයාගත හැකි වුනේ නෑ දින ගණනාවක් ඟං දිය පීරමින් සෙව්වත් ඔවුන් මාධවීගේ සිරුරේ දශමයක කැබැල්ලක්වත් හමු වුනේ නෑ
දැනට මීර් පට්නම් පොලිසිය ඇති අභියෝගය ඝාතකයෙක් ඇතත් ඝාතනය කල සිරුර ගැන කිසියම් හෝ සාක්ෂියක් උසාවියට ඉදිරිපත් කිරීමේ අභියෝගයයි .
( රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව ප්‍රෙෂර් කුකර් එක සහ කොමඩ් එක දැඩි පරික්ෂාවට ලක් කරමින් පවතින්නේ මාධවී ගේ සිරුරේ කිසියම් හෝ අංශුවක් එහි රැඳී ඇත්දැයි කියා දැන ගැනීමටයි සමහර නිලධාරීන්ගේ මතේ වන්නේ මාධවී ගේ සිරුරේ කොටස් වෙනයම් ජලාශයකට දමන්න ඇති බවයි නමුත් ගුරු මූර්ති එක හෙලා පවසන්නේ ඔහු පෙන් වූ ගඟට එම සිරුරු කොටස් දැමූ බවයි )
ක්ෂණික කෝපය විනාශයට මුල බව පවසමින් මේ සටහන නිමා කරමි.
මේ බ්ලොග් එක සින්ඩියකට හේත්තු කරා නම් හොඳයි නේද? ඩ්‍රැකී නොකිව්ව නම් මම උනත් දකින්නේ නෑ.
ReplyDeleteස්තූතියි🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Delete