මළවුන්ගෙන් නැගිටීම
එක පාරටම ඇස් ඇරල බලපු මට ඝන අන්ධකාරයක පමණමයී දක්නට ලැබුනේ මම හිතුවේ මම ඉන්නේ මගේ නිදි යහන මත කියලා ඒත් මට හෙල්ලෙන්නවත් බැරි විදිහට මගේ ශරීරය ඒ ඝන අන්ධකාරයේ ගිලුණු තැන හිර වෙලා තිබුණේ මගේ කකුල් වලට තේරුණා මගෙ කකුල් ලෑලි වලින් ආවරණය වෙලා කියලා මගේ අත් යාන්තමට හොලවන්න පුලුවන් නිසා මට තේරුණා මම ඉන්නේ මොකක් හරි ලෑලි පෙට්ටියක් ඇතුලේ කියලා
මම අමාරුවෙන් මගේ අතින් හිමීට මගේ හිස අත ගාල බැලුවා මගේ අත තෙත් වෙලා ගියා මට හිතාගන්න බැරි උනා මගේ හිසේ වතුරද නැත්නම් ලේද තියෙන්නේ කියලා මම මේ තිත්ත කලුවරේ මේ විදිහට හිර වෙලා ඉන්න පොඩ්ඩක්වත් කැමති උනේ නෑ මට ඕන උනේ මෙතනින් නිදහස් වෙන්න මම මගේ කාර් එක ඇතුලෙවත් මේ විදිහට තිත්ත කලුවරක ඉදල නෑ .....ම..මගේ කාර් එක ඔව් මට කාර් එකක් තිබුණ ඒත්...
ඒත් මට ඇයි මගේ නම මතක් වෙන් නැත්තේ මම කවුද ඇයි මම මේ ලෑලි පෙට්ටියක් ඇතුලේ ඉන්නේ මම කොහොමද මෙතනට ආවේ යම් යම් දේවල් මට මතකයට නැගෙනවා ඒත් ඒ එක්කම මට ඒව අමතක වෙනවා සමහර විට මගේ ඔලුවේ ලොකු තුවාලයක් ඇති ඒක නිසා තමා මට මේ හැම දෙයක්ම අමතක වෙනවා ඇත්තේ ඒත් මට තේරෙන්නැත්තේ මොකක්ද මේ මට දැනෙන ගඳ කියලයි මට දැනෙනවා නහය හාරගෙන යන තරම් සැර ගඳක් මට තේරෙන් නෑ ඒක කොහෙන්ද එන්නෙ කියලා.
මම මගේ ඇදුමේ සාක්කුවලට අත දැම්මේ මට මෙතනින් පැන ගන්න පුලුවන් මොනම හරි ආයුධයක් තිබෙනවද කියලා දැනගන්න සාක්කු අතපත ගාන මට එක සාක්කුවක තිබිල හැන්දක් හමුවුනා හැන්දක් මොකද මගෙ සාක්කුවේ මට එහෙම හිතුණා අනිත් සාක්කුවේ තිබිල යම් කුඩා පෙට්ටියක් මට අහු වුනා මම ඒ පෙට්ටිය හොලවලා බැලුවම මට තේරුනා ඒ පෙට්ටිය වෙන කිසිවක් නෙමේ ගිනි පෙට්ටියක් කියලා
ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් දල්වලා බැලුව මට මගේ දෙනෙත් අදහාගන්න බැරිඋනා මගේ ශරීරයේ එක පැත්තක මස් කුණු
වෙලා දියවෙලා ඇටකටු මතුවුණ ශරීරයක් තිබුණා පණුවන් ගුලි ගුලි හිටිය මළ කඳෙන් තමා ඒ දුර්ගන්ධය ඇවිත් තිබුණේ මම ඒක දැකලා බෙරිහන් දෙන්න ගත්තා මාව බේරගන්න කියලා ඒත් මාව කවුරු බේරන්නද මට තේරුණා මේ පෙට්ටිය ඇතුලෙ තියෙන ඔක්ෂිජන් ඉවර වුන ගමන් මට මැරෙන්න වෙනවා කියලා ඒක නිසා මම කලබල වෙන් නැතුව මොලේ පාවිච්චි කරලා මෙතනින් ගැලවීමයි කල යුත්තෙ කියලා .
ඒත් මම කොහොමද මේ හැන්දකින් විතරක් උත්සහ කරල නිදහස් වෙන්නේ ඊට පස්සෙ මම මගේ සිරුර පැත්තකින් තිබුණ මළ සිරුරේ තිබුණු ඇට කටුවක් අරන් ඒ ලෑලි පෙට්ටිය හිමීට ටික ටික කඩන්න ගත්ත දිරා පත් වීමට ආසන්නව තිබුණු මිනී පෙට්ට්ය පතුරු පතුරු කැඩිලා උඩ තිබුණු පස් පෙට්ටිය තුලට වැටුනා මම ඊට පස්සේ තව තවත් හැන්ද සහ මිනිස් ඇට කටුවේ ආආධාරයෙන්ඒ පස් ගොඩත් හාරන්න ගත්තා ටික වෙලාවකින් ඇට කටුව හිස් අවකාශයකට යනවා මට තේරුනා ඒ එක්කම ඇට කටුව පස සිදුරු කල තැනින් ආලෝකයක් වල තුලට වැටෙන්නට උනා මම ඒ සිදුර තව තවත් විශාල කරගෙන එතුලින් හිස එලියට දාගත්තා
මම වගේ රට දැය වෙනුවෙන් සේවය කල හමුදා සෙබළෙක්ට ඇයි මේ විදිහට කරන්නේ ....හමුදාව ..ඔව් මම හමුදා සෙබළෙක් මට දැන් ටික ටික මතක් වෙනවා මම හමුදා සෙබලෙක් බව ඇයි මට හැම දෙයක්ම මතක් නොවෙන්නේ..ඇයි දෙයියනේ ඇයි.... මම ඊලඟට ටිකෙන් ටික ඒ මිනී වල හාර ගෙන මිනී වලෙන් ගොඩට ආවා මිනී වලෙන් ගොඩට ආපු මම දැක්කේ මම ඉන්නෙ කනත්තක බව හැම තැනම මිනී වලලපු පස් කදු මල් වඩම් මැලවිලා ගිය ගොක් කොල තැනින් තැන හදපු සොහොන් කොත් මට තේරුනා කවුරු හරි මට ගහලා මම මැරුනා කියලා හිතලා මේ කනත්තේ වල දාල කියල .
එතකොට මගේ බිරිඳ කොහෙද ඔව් මට ආදරණීය බිරිඳක් හිටිය මට..මට මැවිලා පෙනෙන්න ගත්තා කවුදෝ කෙනෙක් මගේ බිරිදට පහර දෙනවා ඇයව රත් කරපු යකඩ වලින් පුලුස්සනවා ඇය බෙරිහන් දෙනවා එයාගේ නලල පැලිලා ලේ ගලනවා දෙයියනේ එයාට කවුරු හරි කරදර කරනවා මම ...මම ඉක්මනට ගිහින් එයාව බේරගන්න ඕනේ ඔව් මම දැන්ම යනවා එයාව බේරගන්න මගේ හිස දිගේ ලේ වැගිරෙනවා ඒ වුනත් මට ශක්තිය තියෙනවා මගේ බිරිදට පහර දෙන තිරිසනාගෙන් මගේ බිරිඳව බේරගන්න ඔව් මම දැන්ම යනවා එයාව බේරගන්න .
ඒත් මම හිටියේ කොහෙද මගේ ගෙදර කොහෙද මම මේව හොයා ගන් නැතුව කොහොමද මගේ බිරිදව බේරගන්නේ no.34 කටාන පාර දාගොන්න මිනුවන්ගොඩ ඔව් මට මතක් වුනා මම පදිංචි වෙලා හිටියේ ඒ ලිපිනයේ කියලා මම යන්න ඕනෙ මගේ ගෙදරට මගේ බිරිදව බේරගන්න මම කනත්තෙන් එලියට ආව මට මේ පාර හොදට හුරුයි ඔව් මේ අපේ ගමේ කනත්තට යන පාර මම දැන් දන්නවා මගේ ගෙදරට යන පාර මට මතකයි මගේ බිරිද හරීම ලස්සනයි ඒක නිසාම මම කාටවත් එයාව පෙන්නුවේ නෑ මම කැමති උනෙත් නෑ එයා කාවවත් හමු වෙනවට වත් එයාගෙ අයියටවත් එයාව හම්බවෙන එක තහනම් කරල තිබුණේ කොටින්ම මම එයාව මගේ ගෙදර හිර කරල තිබුණේ එයාගේ ලස්සන මම විතරයි දකින්න ඕනෙ මම විතරයි විදින්න ඕනේ කොහොම හරි මම අවසානේ මගේ ගෙදර හොයා ගත්ත ගේට්ටුවෙන් ඇතුල් වුන මම මගේ සුවිසල් ගෙදරට ඇතුල් වුනා ඊට පස්සේ මම කෙලින්ම ගියේ මගේ නිදන කාමරයට කාමරයට ඇතුල් වෙලා මම විදුලි පහන් දැල්වූවා මගේ බිරිඳ හිටියේ සුව නින්දක එයාගේ ශරීරයේ හැම තැනම පැරණි සුව වූ තුවාල කැලල් රාශියක් තිබුණා ඒවා ගණන් කරන්නත් බැරි තරම් කවුද මගේ බිරිදට මේ තරම් තුවාල කරපු තිරිසනා විදුලි පහන් එලිය නිසා මගේ බිරිඳ එක පාරටම ඇහැරුනා එක පාරටම ඇය මාව දැකලා බෙරිහන් දෙන්න ගත්තා
මට ඕන වුනා ඇයව සනසන්න කතා කරන්න ඒත් මට කතා කරන්න බෑ ඇයි මගේ කටින් එක වචනයක්වත් පිට කරන්න බැරි මම මගේ බිරිද ලගට කිට්ටු උනේ ඇගේ හිස අත ගාල සනසන්න ඒත් එයා දෑතින්ම මූණ වහගෙන මර භියෙන් කෑ ගැහුවේ මේ විදිහට කියලා.
" අනේ ඇයි උඹ ආපහු ආවේ මම උඹව මැරුව ඒත් මට සැනසීමක් නෑ පලයාන් පලයාන් මට පාඩුවේ ඉන්න දීපාන්.."
ඒ වචන ඇහුනම මට මතක් වුනා එදා මට සිද්ධ වුන දේ එදා මම ගෙදරට එනකොට මගේ බිරිද එයාගේ අයියව ගෙදරට ගෙනැල්ල තිබුණා මට ඒක දැකලා හොදටම තරහ ආවා ඊට පස්සේ එයාගේ අයිය ඉන්න තැනම මම එයාට මගේ ඉනේ තිබුණ බෙල්ට් එක ඇදල අරන් ඒක කැඩෙනකන් ගැහුවා එයාගේ අයිය මාව වලක්වන්න හැදුවා මම බිරිඳ ගේ අයියටත් අඩපණ වෙනකන්ම ගැහුවා ඊට පස්සේ ගෙදර තිබුණ යකඩ කම්බියක් රත් කරලා මම මගේ බිරිදගේ කකුලේ යටි පතුල් පිච්චුවා ඊට පස්සේ ඒ පිච්චුන තැන වලට ලුණු දාල අතින් පයින් හොදටම මම ඇයට ගැහුවා ඒ ගහද්දී මගේ බිරිද ගේ අතට නිවසේ මුල්ලක දාල තිබුණ යකඩ පොල්ලක් අහුවුණා ඇය ඒකෙන් මගේ හිසට පාරවල් තුනක් ගැහුවා මගේ ඇස් පිය වීගෙන යන කොට මම දැක්කා මගේ බිරිද ගේ අතින් ඇගේ සොයුරා යකඩ පොල්ල උදුරලා ගන්නවා ඒ එක්කම ඔහු මේ විදිහට කියනවා මට ඇහුනා .
" නංගී මම භාරගන්නම් මූව මරපු වරද උඹ වචනයක් කියන්න එපා කාටවත් "
ඒ එක්කම මගේ දෑස් පියවිලා ඝන අන්ධකාරය මා වටා පැතුරුණ ආකාරය මට මැවිලා පෙනුනා මම හෙමින් හෙමින් මගේ කාමරයෙන් පිටතට ආවා මම තිරිසනෙක් ඔව් මම ජීවත් වෙන්න සුදුසු නැති තිරිසනෙක් ඒ වගේම මම දැන් මැරිලා මගේ හොල්මන තමා මේ ඇවිල්ල තියෙන්නේ ඔව් මම ආයේ මගෙ බිරිඳට කරදර කරන්න එන්නෙ නෑ මම යනවා මම ආපහු යනවා ඊට පස්සේ මම ආපහු කනත්තට ආවා මගේ මිනිය වලලපු තැනට ගියා එතන හාරලවත් මොකුත් වෙලා නෑ පස් කන්ද හාර ගෙන උඩට ආපු එක මගේ මනෝමය සිතුවිල්ලක් විතරයි එහෙම්මම මම පස් කන්ද අතරින් මිනී පෙට්ටියේ ඇතුලට ගිහින් භාගෙට කුණු වෙලා තිබුණ මගේ ශරීරය තුලට ඇතුල් වී දෙනෙත් පියා ගත්තා.
නිමි
Comments
Post a Comment