තරුණ දාම ඝාතකයා

 


1978 වර්ෂයේ එක් දිනක ජයපූර්වල පොලීසියට ලැබෙන තොරතුරකට අනුව යම් තැනක් සෝදිසි කෙරුවම ඝාතනය කරපු මනුස්ස ශරීරයක් හමු වෙනවා පොලීසිය හිතනවා මොකක් හරි කා එක්ක හරි ඇති වුන ගැටුමක් නිසා මේ ඝාතනය සිද්ධ වෙන්න ඇති ශරීරය මරණ පරීක්ෂණයට යැව්වම ඝාතනය සිදුවෙලා තියෙන්නේ උගුරු දණ්ඩ කඩා බිද දැමීමකින් බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා.


පොලීසිය ඒ ඝාතනය වුන ශරීරයෙන් දකින විශේෂ දේ කණට පහලින් ගැඹුරු තුවාලයක් ශරීරයේ දක්ණට ලැබීමයි ටික දවසක් ඒ ඝාතනය ගැණ පරීක්ෂණ කටයුතු කරලා එහෙම්මම ඒක යට යනවා ටික දවසකින් ජයපූර්වල පාලු පාරක තිබිලා ආයෙත් පොලීසියට ඝාතනය කරපු මිනිස් ශරීරයක් හමු වෙනවා මේ ඝාතනයත් පෙර ඝාතනය වගේම කණට යටින් ගැඹුරු තුවාලයක් තියෙනවා ඒ වගේම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව උගුරු දණ්ඩ කඩා බිඳ දැමීමෙන් මරණය සිදු වී තිබෙන බව සදහන් වෙනවා 


කාලය ගෙවිලා ගියා රාජස්ථාන් වල හැම පැත්තකම සෑහෙන්න ඝාතන සිද්ධ වුනා ඒ හැම ඝාතනයකම එකම රටාවක් තිබුණේ උගුරු දණ්ඩ කඩා බිද දැමීම කණට පහලින් ගැඹුරු තුවාලයක් තිබීම දිනෙන් දින මරණ සංඛ්‍යාව වැඩි වෙන්න ගත්තා හැම ඝාතනයක්ම එක එක පැතිවල වෙනස් වෙනස් පොලිස් වසම් වල සිදු වුන නිසා පොලීසිය මේවා එකකට එකක් සම්බන්ධයිද කියලා හොයලා බලන් නෑ මේ ඝාතන පිලිවෙල ගැන කිසිම නිලධාරියෙකුගේ අවධානය යොමු නොවෙන නිසා ඝාතන සංඛ්‍යාව 10,12,15 ත් පහු කරලා විස්සකට ලගා වුනා .


ඒ දවස්වල පුවත්පත් වල මේ ඝාතන ගැන ලොකුවට පල නොවුන නිසා කිසිවෙකුගේ අවධානයක් යොමු නොවුනා නමුත් ඝාතන සංඛ්‍යාව විස්සක් වුනාම ජයපූර්වල ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පුවත්පතක පුංචිවට දාල තිබුණ ඝාතන ගැන ලිපියක් දැකලා මේ ඝාතන වල සම්බන්ධයක් තියෙනවා කියලා මේ ඝාතන ගැන හොයන්න වෙනම කණ්ඩායමක් හදනවා .


පුවත්පත් වලට පොලීසිය දැනුම් දෙනවා රාජස්ථාන් වල දාම ඝාතකයෙක් සැරිසරනවා කියලා පුවත්පතුත් පලමු වතාවට ලොකු අකුරින් ප්‍රධාන සිරස්තලය විදිහට යොදා ගන්නවා මේ දාම ඝාතකයා ගැන තොරතුරු යම් බරති වස්තුවකින් කණ පහලට පහර දීලා උගුරු දණ්ඩ කඩා බිද දමා මිනිසුන්ව ඝාතනය කරණ බවයි එම පුවත් පත් වල සදහන් වුනේ මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඝාතනය සදහා යොදා ගන්න එම බරති වස්තුව මිටියක් විය හැකි බව ප්‍රකාශ වුනා .


පුවත් පත් වල ඝාතකයා ගැන නොයෙක් දේවල් සදහන් වෙද්දී පොලිස් නිලධාරීන්ධ මේ ඝාතකයාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තව තවත් දැඩි කලා පොලිස් නිලධාරීන්ට තේරුනා මේ ඝාතනය කරපු පිලිවෙල අනුව ඝාතකයා ගෙවල් වලට පැනල හෝ ප්‍රසිද්ධ ස්ථානවල හෝ නොවේ මේ ඝාතන කරන්නේ ඔහු මේ ඝාතන කරන්නේ පාලු තැන් වල බව .


තනියම යන පුද්ගලයින් දඩයම් කරණ මේ ඝාතකයාව අල්ලන්න නිලධාරීන් කොච්චර උත්සහ කෙරුවත් වැඩක් උනේ නෑ එන්න එන්න ඝාතන ගණන වැඩි වුනා විස්ස තිහ වුනා තිහ හතලිහ වුනා අන්තිමට ඝාතන පනහක් දක්වා ඝාතන සංඛ්‍යාව වැඩි වුනා මේ අතරම පොලීසියට තොරතුරු ලැබුනා ඝාතකයා ගෙන් බේරුණ අයත් ඉන්නවා කියලා ඒ බේරුණ අය ගෙන් ඝාතකයා මොන වගේද කියලා ඇහුවම හැමෝම කිව්වේ ඝාතකයා පොරෝනයකින් මුලු සිරුරම වහගෙන ඉන්නවා කවුරු හරි තනියම ඔහු ඉදිරියට ගියොත් අතේ තියෙන මිටියෙන් පහර දෙනවා කියලයි ඉන් පසු පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ රාත්‍රියේ තනිව ගමන් නොයනා ලෙස හා යනවනම් රංචු වශයෙන් යන ලෙසයි මුලු රාජස්ථානයම ඒ දිනවල පොරෝන වලට පුදුම බියක් දැක්වූවා රාත්‍රිය උදා වීමටත් කලින් මිනිසුන් ගෙවල් වලට වුණේ රාත්‍රියේ මරණය රැගෙන සැරි සරණ දාම ඝාතකයා ගෙන් තම ජීවිතය බේරා ගැන්මටයි පොලීසියට මරණ ගැන එක එක ශාක්ෂී ලැබෙන අතරම රාත්‍රියේ තනිව ගමන් කිරීම කරපු සමහර අනුවන මිනිසුන් නිසා ඝාතන සංඛ්‍යාව 60ක් දක්වා වැඩි වුනා 


අන්තිමට මේ දාම ඝාතකයාගේ භීතිය පිලිබද පුවත දිල්ලිය දක්වා පැතිරුනා ඉන්පසු රජය විසින් රාජස්ථාන් පොලීසියේ විශේෂ ඒකකයක් ස්ථාපනය කලේ මේ දාම ඝාතකයාව කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමටයි ඉන්පසු ඒ විශේෂ ඒකකය විසින් ඝාතකයා ගේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් කිහිප දෙනා ගෙන් වෙන වෙනම ඝාතකයාගේ හැඩ රුව ගැන අසා චිත්‍ර ශිල්පීන් ලවා ඝාතකයාගේ විය හැකි සිතුවමක් නිර්මාණය කරණවා නමුත් සිතුවම දැක දිවි ගලවාගත් අය ඝාතකයාගේ හැඩ රුව ගැන එක එක පරස්පර විරෝධී කතා කියනවා පොලීසියට තේරුම් යනවා හැඩ රුව කෙසේ වෙතත් දිවි ගලවාගත් හැමෝම කියන්නේ ඝාතකයා තරුණයෙක් බව කියලා .


වයස අවුරුදු 25_30අතර තරුණ ඝාතකයෙක් තමා මේ ඝාතන කරන්නේ කියලා පොලීසිය තීරණය කලත් තාමත් ඔවුන්ට ඝාතකයා ගේ හැඩ රුව ගැන කිසිම නිශ්චිත හෝඩුවාවක් ලැබුනේ නෑ ඉන් පසු මුලින් හදපු විශේෂ කණ්ඩායම හා දෙවන වර හදපු කණ්ඩායමේ දෙගොල්ලොම එකතුවෙලා පාලු අන්ධකාර මිනිස්සු වැඩිය යන්නෙ නැති තැන් වල සෝදිසි මෙහෙයුම් දියත් කරනවා අදුරු පාලු තැන් වල නිලධාරීන් රාත්‍රිය උදා වෙද්දිම සැඟවිලා බලන් හිටියා ටික දවසක් ගත වුනා වැඩක් වුනේ නෑ නමුත් 1979 එක්තරා දිනයක එක් පාලු ස්ථානයක සැගවිලා හිටිය නිලධාරීන් කිහිප දෙනෙක් දකිනවා මේ භයානක මරණ සිදුවෙන රැයේ ඒ ගැණ තඹ දොයිතුවක්වත් මායිම් කරන් නැතුව සැහැල්ලුවෙන් ගමන් කරණ පිරිමි පුද්ගලයෙක් .


නිලධාරීන්ට මේ පුද්ගලයා ගැන සැක සිතුන නිසා සැගවී සිටිය තැනටම වෙලා බලාගෙන හිටියා ඒ පිරිමි පුද්ගලයා දිහා ඒ පිරිමි පුද්ගලයා පොලිස් නිලධාරීන් සැගවී සිටින තැනට ඉදිරිපස තිබුණ විශාල ගසක් ලගට ගිහින් එතන ටික වෙලාවක් ඉදලා ඊට පස්සේ සගවාගෙන සිටිය පොරෝනයක් ගෙන මුලු සිරුරම වහගෙන පාර අයිනෙන් වාඩි වුනා මේ විදිහට පැය තුනක් විතර ගෙවුනා ඊට පස්සේ ඔහු එක පාරට නැගිටලා ආයෙත් පොරෝනය ඔතල සගවගෙන ආපහු යන්න ලෑස්ති වුනා එතකොටම සැගවිලා සිටිය පොලිස් නිලධාරීන් ඔහුව වට කරල අල්ල ගත්තා ඒ වෙලාවේ පොලීසිය දැනගෙන හිටියේ නෑ මේ ඝාතකයද නැත්නම් වෙන අයෙක්ද කියලා ඔවුන්ට සැක හිතුනා ඒක නිසා ඔහුව අල්ල ගෙන ඉන් පස්සේ ඔහුව පොලීසියට රැගෙන ගියා .


පොලිස් ස්ථානයට අරගෙන ගිය පුද්ගලයගෙන් පොලිසිය ඔහුගේ නම ඇහුවා ඔහු ඊට පස්සේ කිව්වා මගේ නම ශන්කරීයා කියලා ඊට පස්සේ ජයපූර්වල ලිපිනයක් ඔහු කිව්වා ඒ ලිපිනයේ ඔහු පදිංචි වෙලා ඉන්නේ කියලා පොලීසිය ශන්කරීයා කියපු ලිපිනයට ගිහින් සෝදිසි කරලා බැලුවා නිලධාරීන් දැන ගත්තා ශන්කරීයා බොරු නෙමේ ඇත්ත කියලා තියෙන්නේ කියලා ඒ ලිපිනය සදහන් නිවසේ ශන්කරීයාගේ අම්මයි තාත්තයි දෙන්නම හිටියා .


ඒ වෙනකොට ශන්කරීයාගේ වයස අවුරුදු 27 යි ඊට පස්සේ පොලීස් නිලධාරීන් ශන්කරීයාට මේ විදිහට කිව්වා 


" උඹ දන්නවද මේ දවස්වල දාම ඝාතකයෙක් සැරිසරණවා කියලා ඌ මිනිස්සුන්ව මරන්නේ පොරෝනයක හැංගිලා ඉදලලු මේ වෙන කොට ඌ 60 දෙනෙක් මරල තියෙනවා මේ වගේ භයානක තත්වයක් තියෙද්දී මොකටද අර ගහක් යට උඹ පොරෝනයක් පොරවගෙන හිටියේ "


පොලිසියෙන් අහපු මේ ප්‍රශ්නයට ශන්කරීයා හිනා වෙවී මේ විදිහට උත්තර දුන්නා.


" ඒක වැරදියි සර් සම්පූර්ණ ගාණ 60ක් නෙමේ 70ක් ඒ හැත්තෑවම මම තමා මැරුවේ "


පෙනුමෙන් අහිංසක තරුණයෙක් වුන මේ ශන්කරීයා ගැන පොලීසිය මුලින් හිතුවේ ඔහු විහිලු කරනවා කියලා ඔහු පොලිස් නිලධාරීන් ඉදිරියේ ඉතාමත් ශාන්තව තැන්පත් ගතියකින් හිටියේ ඔහුගේ දෑස් වල බියජනක ගතියක් හෝ පසුතැවීමක් හෝ දක්නට ලැබුනේ නෑ .


" මොනවද උඹ ඔය කියන්නේ සිහි කල්පනාවෙන්ද උඹ ඕව කියන්නේ"


පොලිස් නිලධාරීන් ශන්කරීයාට එහෙම කිව්වා.


" සර්ල කියනවා හැටක් මරලා කියලා මම කියනවා හැත්තෑවක් මැරුවා කියලා ඔව් ඒ හැත්තෑවම මම මැරුවේ මේ අත් දෙකෙන් තමා මම ඒ හැත්තෑ දෙනාම මැරුවේ "


ශන්කරීයා සිනාසෙමින් පොලිස් නිලධාරීන්ට ඒ විදිහට කිව්වා .


" එතකොට කෝ උඹ ලග මිනිස්සු මරණ ආයුදේ "


පොලීස් නිලධාරීන් ඇහුවා.


" යන් සර් මාව අල්ලගත්ත තැනට මම පෙන්වන්නම් "


එහෙම කියපු ශන්කරීයා පොලිස් නිලධාරීන් ඔහුව අල්ල ගත්ත තැනට නිලධාරීන් සමග ගිහින් ගසක් පිටිපස්සේ සගවා තිබූ බරති යකඩ මිටියක් නිලධාරීන්ට භාරදුන්නා ඉන් පස්සේ පොලිස් නිලධාරීන් ශන්කරීයාගේ නිවසට ගිහින් මේ කාරණාව කිව්වම ගෙදර මව සහ පියා මේ විදිහට කිව්වා.


" නෑ..නෑ අපේ පුතා ඔය වගේ දේවල් කරන් නෑ එයා ගේ ඇතුලට වෙලාමයි ඉන්නෙ ඉදල හිටලා රෑට ගෙදරින් එලියට යනවා අපි ඇහුවම කිව්වා එයාගේ යාලුවෝ හම්බ වෙන්න යනවා කියලා එයාට යාලුවොත් වැඩිය හිටියේ නෑ ඒ අය ගෙදරට ආවෙත් නෑ "


ඊට පස්සේ නැවත ශන්කරීයාගෙන් ප්‍රශ්න කරද්දී ඔහු හැම දෙයක්ම පවසන්න ගත්තා ශන්කරීයා ඉපදුනේ 1952 ජයපූර්වල කොලණියක ඇති දැඩි වුනේ ශන්කරීයාගේ මවට පියාට ඕන උනේ ඔහු හොදට ඉගෙන ගෙන රජයේ රැකියාවක් කරනවා දකින්න ශන්කරීයාත් හොදින් ඉගෙන ගත්තා මවට පියාට ගුරුවරුන්ට කීකරුව ඇති දැඩි වුනා කිසිම මාදාවි වැඩක් කෙරුවේ නෑ ශන්කරීයාගේ වයස අවුරුදු 25ක් වුනාම ඔහු එක පාරටම කිසිම කෙනෙක් ඇසුරු කරන් නැතුව තමන්ගේ කාමරයට වෙලාම දවස ගත කරන්න ගන්නවා තම දෙමව්පියන් සමග පවා කතාබහ කිරීම නතර කර දැමුවා ඊට පස්සේ දවස් තුනකට සැරයක් රාත්‍රියේ නිවසෙන් පිටවෙන්න පටන් ගන්නවා ශන්කරීයා තමා කරපු ඝාතන සියල්ලම පලමු ඝාතනයේ සිට අවසානය දක්වාම හරියටම ඝාතනය කරපු තැන පොලිසියට කියනවා මේ සියල්ලම නිලධාරීන් සටහන් කරගන්නවා සහ ඒ තැන් සනාත කරගන්නවා 1979 ශන්කරීයාව අත්අඩංගුවට ගත්ත පුවත හැම තැනම පැතිර යනවා ඒක දැනගෙන මහජනතාව සැනසුම් සුසුම් හෙලුවා 


ශන්කරීයාගේ ඝාතන නඩුවේදී ඔහුගෙන් අහනවා ඇයි මේ ඝාතන කෙරුවේ ඒ ඝාතන කරපු අයව අදුරනවද කියලා ශන්කරීයා කියනවා ඝාතන හැත්තෑවම මම කෙරුවා මම ඒ මිය ගිය කිසි කෙනෙක් අදුරන්නේ නෑ මම මිටියෙන් ඒ මිනිස්සුන්ට ගහනකොට ඒ අය බෙරිහන් දෙනකොට ආසයි ඒ සද්දෙ අහන්න මට ඕන උනේ මිනිස්සුන්ගේ කණ පහලට මිටියෙන් ගහල උගුර දන්ඩ කඩනකොට ඒ මිනිස්සු විලාප තියන සද්දෙ අහන්න ඒක අමුතුම විනෝදයක් මම එක මිනිහෙක්ව මරල නතර කරන්න හැදුවේ ඒත් මගේ හිත කියනවා ගිහින් ඒ හඩ අහන්න කියලා මට ඒ මිනිස්සු විලාප තියලා මැරෙන හඩ අහන්නැතුව දවස් තුනකට වඩා ඉන්න බෑ 


ඉන්පසු සියලු ශාක්ෂි නිරීක්ෂණය කොට උසාවිය විසින් තීන්දු කර ශන්කරීයාව 1979වසරේම ජයපූර් මධ්‍යම බන්ධනාගාරයේදී එල්ලා මරා දමනවා මේ තමයි තරුණ වයසේ දාම ඝාතකයෙක් ඉන්දියාවේ එල්ලලා මරපු පලමු අවස්තාව 




Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය