අෆ්තාබ් ශ්‍රද්ධා
මම හිතනවා ඔබට මතක ඇති කියලා මනෝජ් සානේ නමැති මැදි වයසේ පුද්ගලයෙක් තමන්ගේ බිරිදව කෑලි කෑලි වලට කපල තිබුණ කතාව එහිදී මනෝජ් සානේ කියනවා මළ සිරුර කෑලි වලට කපන සිතුවිල්ල ආවේ ඉන්දියාවේම සිදුවුන තවත් මිලේච්ඡ ඝාතනයකින් කියලා මම ඔබට කිව්වා ඒ කතාවත් කියනවා කියලා මේ තියෙන්නේ මනෝජ් සානේ ආදර්ශයට ගත් මිලේච්ඡ ඝාතනයේ කතා පුවතයි.
2018 වර්ෂයේ ශ්‍රද්ධා නමැති 27 වියැති යුවතියක් මුම්බායි වල සන්නිවේදන මධ්‍යස්ථානයක සේවය කෙරුව ඔය අතරම ඇය සමග මිතුරු වෙනවා ඒ ආයතනයේම සේවය කල අෆ්තාබ් නම් තරුණයෙක් මේ මිතුරු කම වැඩි දවසක් යන්න කලින් ආදරයකට පෙරලෙනවා
ශ්‍රද්ධා මුම්බායි වලම තමා තමාගේ මව සහ බාල සහෝදරයා සමග පදිංචි වෙලා හිටියේ ඇයගේ තාත්තා ඔවුන්ගෙන් වෙන් වෙලා වෙනම ජීවත් වුනා අෆ්තාබ් ගේ හමු වීමත් සමග ශ්‍රද්ධා සතුටින් කාලය ගතකෙරුවේ පසුව ඔවුන් දෙදෙනා තීරණය කෙරුවා දෙන්නම එකට ජීවත් වෙමුකියලා එහෙම හිතලා වැඩි දවසක් යන්න කලින් මුම්බායි වලම මහල් නිවාසයකින් ගෙයක් කුලියට ගත්තා.
නමුත් මේ සම්බන්ධයට ශ්‍රද්ධා ගේ දෙමව් පියන් කැමති වුනේ නෑ විශේෂයෙන් ඔවුන් අෆ්තාබ්ට චුට්ටක්වත් කැමති වුනේ නෑ මොකද කිව්වොත් අෆ්තාබ් මුස්ලිම් ජාතිකයෙක් නිසා ශ්‍රද්ධා හින්දු ජාතිකයෙක් මෙන්න මේ හේතුව නිසා ශ්‍රද්ධා ගේ දෙමව්පියන් ශ්‍රද්ධා අෆ්තාබ් එක්ක එකට ජීවත් වෙන්න යන එකට තදින්ම විරුද්ධ උනා.
නමුත් ශ්‍රද්ධා තම දෙමව්පියන්ට කියනවා මට ඔයාලගෙන් වැඩක් නෑ මට හැම දේටම වඩා අෆ්තාබ් වටිනවා මම එයා එක්ක යන්න යනවා මම ගැන හොයන්න බලන්න ඕනේ නෑ මමත් ජීවිතේටවත් ඔයාලව බලන්න තියා කතාකරන්නවත් එන්නේ නෑ කියලා එහෙම කියලා ඇය අෆ්තාබ් එක්ක එකට ජීවත් වෙන්න ගත්තා මේ දේ ගැන ශ්‍රද්ධා ගේ දෙමව්පියන් කනස්සල්ලට පත් වෙලා හිටියේ ඔවුන් කොච්චරවත් ඇමතුම් දිදී ඇයට කතා කරන්න ගත්තත් ඇය කිසිම ඇමතුමකට ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ .
ඇයගේ යම් තොරතුරක් හෝ දෙමව්පියන් දැන ගත්තේ ෆේස්බුක් එකේ ඇය දමන පොටෝ වලින් පමණයි ඔය විදිහට අවුරුද්දක් පමණ කාලය ගත වෙලා ගියා ශ්‍රද්ධා ගේ මව ඒ වන විට බොහෝම දුකට පත් වෙලා හිටියේ තම දියණියගේ මේ හැසිරීමට කොහොම හරි දියණිය ගැන සිතලාම ලෙඩ වුන ශ්‍රද්ධාගේ මව අසනීප වුනා අසනීපය නිසාම ඇය වැඩි කල් නොගිහින්ම මිය ගියා මවගේ මළ ගමට ආපු ශ්‍රද්ධාට සෑහෙන දුකක් ඇති වුනා ඒ නිසාම ඇය තම පියා සමග ඊට පස්සේ දුරකථන මාර්ගයෙන් හැමදාම කතා කරන්න ගත්තා පියාගේ සුව දුක් විමසුවා.
ශ්‍රද්ධා තම පියා සමග කතා කරද්දි දවසක් කියනවා අෆ්තාබ් ඇයට පහර දෙනවා කියලා මෙය අසා ශ්‍රද්ධාගේ පියා පවසන්නේ ඇයට ආපසු නිවසට එන ලෙසයි අෆ්තාබ්ගේ ගුටිබැට ඉවසා දරාගත නොහැකිව දිනක් ශ්‍රද්ධා තම නිවසට පැමිණෙනවා ඒත් අෆ්තාබ් ඇවිත් තමන් කරපු වැරදි වලට ඇගෙන් වැදලා සමාව අරගන්නවා .ශ්‍රද්ධා සියලු දේ අමතක කර ඔහුට සමාව දීලා යලිත් ඔහු සමග මහල් නිවසට යනවා .
ඊට පස්සේ දෙන්නා තීරණය කරනවා මුම්බාය අතැර වෙන පලාතකට ගිහින් ජීවත් වෙමු කියලා ඊට පස්සේ ඔවුන් දෙදෙනා මුම්බායෙන් හිමාචල් ගිහින් එහෙත් මාස ගණනක් ගත කරලා දිල්ලියට එනවා දිල්ලියේ චතර්පූර්වල නිවසක් කුලියට ගෙන ජීවත් වෙනවා දිල්ලියට ආවට පස්සේ ශ්‍රද්ධා ආයෙත් තම පියා සමග කතා කිරීම නවත්වනවා ශ්‍රද්ධා ගේ තාත්තා ඇමතුම් ගත්තත් ඇය ඇමතුම විසන්ධි කර කෙටි පණිවිඩ යවනවා මේ වෙලාවේ කාර්යබහුලයි කියලා ඊට පස්සේ ශ්‍රද්ධා ගේ ෆේස්බුක් ගිණුමෙත් වට්ස් ඇප් එකේවත් කිසිම අලුත් පොටෝ එකක්වත් නොවැටෙන නිසා ශ්‍රද්ධාගේ තාත්තාට මේක මහා අමුත්තක් කියලා දැනෙනවා
ඔහු කිහිප සැරයක් අෆ්තාබ්ටත් ඇමතුම් ගන්න හැදුවත් ඒ ගන්න හැම වාරේම දුරකථනය ක්‍රියා විරහිත කරලා තිබුණා අන්තිමේ ශ්‍රද්ධාගේ තාත්තා හිතනවා පොලීසියේ පැමිණිල්ලක් දමන්න
පොලිසියේ පැමිණිල්ල දාලා ශ්‍රද්ධා ගේ තාත්තා එහෙම්මම මුම්බායේ ඉදලා දිල්ලිය බලා යනවා මුම්බායි පොලිසියත් ශ්‍රද්ධාගේ අතුරුදන් වීමේ පැමිණිල්ල දිල්ලියේ පොලීසියට යොමු කරනවා .
ශ්‍රද්ධාගේ තාත්තා දිල්ලියේ පොලිසියට කියනවා ශ්‍රද්ධා කලක ඉදන් අෆ්තාබ්ට කියනවලු විවාහ වෙමු කියලා ඒත් අෆ්තාබ් එයට කැමති නෑ කියලා ශ්‍රද්ධාගේ තාත්තා හිතනවා තම දියණියගෙන් අෆ්තාබ් අයුතු ප්‍රයෝජන ගන්නවා කියලා ඊට පස්සේ දිල්ලි පොලීසිය ශ්‍රද්ධා ගැන සොයා බලනවා එතකොට ඔවුන්ට දැනගන්න ලැබෙනවා ශ්‍රද්ධා සෑහෙන දවසක සිට අතුරුදන් බව
අෆ්තාබ් සහ ශ්‍රද්ධා පදිංචි වෙලා සිටිය ප්රදේශයේ අසල් වැසියන්ගෙන් පොලීසිය ශ්‍රද්ධා ගැන විමසීම් කෙරුවම ඔවුන්ට දැන ගන්න ලැබුනේ ඔවුන් දෙදෙනා දිල්ලියට ආපු මුල් දවස් ටිකේ ශ්‍රද්ධා අෆ්තාබ් සමග සිටිනවා දුටු බවත් නමුත් ඊට පස්සේ ශ්‍රද්ධාව දුටුවේම නැති බවයි තවත් අයගෙන් පොලීසියට දැනගැනීමට ලැබුනේ හැමදාම වෙන වෙන යුවතියන් අෆ්තාබ්ගේ නිවසට පැමිණෙන බවත් ඔවුන් රෑ එලි වෙන තුරු අෆ්තාබ්ගේ නිවසේ රැදී සිටින බවයි මේ දේවල් අහලා දිල්ලී පොලීසියට අෆ්තාබ් පිලිබදව සැක පහල වෙනවා
පොලීසිය වහාම අෆ්තාබ්ව අත්අඩංගුවට ගෙන පොලීසියට ගෙන එනවා ඒ විතරක් නෙමේ පොලීසියට අෆ්තාබ්ගේ ශීතකරණයේ තිබිලා පුංචි කෑලිවලට කපන ලද අමුතුම මස් වර්ගයක් හමුවෙනවා ඒ මස් පරීක්ෂණයට යැව්වාම පොලීසිය දැන ගන්නවා ඒ මිනී මස් බව පසුව පොලීසිය චතර්පූර් පරදේශයේ කැලෑ සෝදිසි කරලා බැලුවම තවත් ඒ ශරීරයේම පෙති කපන ලද මස් කොටස් හමු වෙනවා .
ඉන්පසු පොලීසිය අෆ්තාබ් ගෙන් ප්‍රශ්න කරන්න ගත්තාම අෆ්තාබ් අසන අයගේ ලොමු දැහැගැන්වෙන කතාවක් කියනවා
අෆ්තාබ් පවසන ලෙසට දිල්ලියට ඇවිත් දවස් දහයක් යන්නත් කලින් අෆ්තාබ් ශ්‍රද්ධාගේ ගෙල මිරිකා මරා දමනවා ඉන්පසු ඔහුට ශ්‍රද්ධාගේ සිරුර සැගවීමට ක්‍රමයක් සොයන්නට වෙනවා ඔහු ලග මෝටර් රථයක්වත් තිබුණේ නෑ සිරුර සැගවීමට රැගෙන යාමට ඉන්පසු සෑහෙන වෙලාවක් කල්පනා කෙරුවට පස්සේ ඔහුට මිනිය සැගවීමේ සිතුවිල්ලක් පහල වෙනවා ඒ අනුව මාකට් එකට ගිය අෆ්තාබ් අත් කියතක් සහ කසල දමනා පොලිතීන් බෑග් සහ කාමරය සුවද කරනා ස්ප්‍රේ බොහෝ ප්‍රමාණයක් ගෙන ඇවිත් ශ්‍රද්ධා ගේ සිරුර කෑලි කෑලි වලට කපනවා ඊට පස්සේ ඒ කෑලි පෝලිතීන් බෑග් වල දමා නිවසට අලුතෙන් ගත් ශීතකරණයේ අසුරනවා ඉන්පසු හැම රෑකම කෑමෙන් පස්සේ අෆ්තාබ් චතර්පූර්වල කැලෑ බද ප්‍රදේශ වලට ගොස් අර මස් කෑලි පාර්සල් විසි කර දමා නිවසට පැමිණියා .
අෆ්තාබ්ට මේ ඝාතනය ගැන ගානක්වත් තිබුනේ නෑ ඔහු ශ්‍රද්ධා ගේ කෑලි කරන ලද සිරුර ශීතකරණයේ තියෙද්දි තවත් තරුණියෝ දෙදෙනෙක්ම දවස් ගණනාවක්ම නිවසට ගෙනවිත් රැය පහන් කලා හිතන්න කෑලි වලට කපන ලද සිරුරක් තම නිවසේ ශීතකරණයේ තබාගෙන මිනිහෙකුට සන්සුන්ව තම එදිනෙදා වැඩ කටයුතු කල හැකිද කියා නමුත් අෆ්තාබ් නමැති තිරිසන් යක්ෂයා එහෙම කලා එක් වැරදි මනුස්ස වේශයෙන් පෙනී සිටි තිරිසනෙකුට පෙම් කල වරද නිසාම ශ්‍රද්ධාට අති භයංකාර අවසානයක් අත් වුනා
තවමත් මේ නඩුව නිමාවට පත් වී නැති අතර පූනේවල ලෝරන්ස් බිෂ්නෝයි ගේ මරණ තර්ජන හේතුවෙන් මේ වන විට අෆ්තාබ් නඩුවට සම්බන්ධ වෙන්නේ වීඩියෝ සම්මන්ත්‍රණ හරහාය
( ලෝරන්ස් බිෂ්නෝයි යනු පසුගිය දිනක සල්මන් ඛාන් ගේ හිතවතෙක් මරා දමා සල්මන් ඛාන්ව මරා දමන බවට ශපත කල පාතාල කල්ලි නායකයෙකි ඔහු දැඩි හින්දූ වාදියෙකි හින්දූ සමාජයේ බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් චරිතයකි )
ඔබ ඉන්දියාවේ අපරාධ ගැන හොඳ හැදෑරීමක් කර ඇතිබව පේනවා. පෝස්ට් අතර යම් කාල පරාසයක් තියනවනම් වැඩි අවධානයක් ලබාගන්න පුළුවන් වෙයි.
ReplyDelete🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Delete