ගුණමකුවා
ආයතනය විසින් ලබා දුන් මෝටර් රථය ක්රියා විරහිත වුන නිසා රියදුරා හට රථය සාදාගෙන එන ලෙස පවසා අසල තිබූ දුම්රිය නැවතුම් පලට නුවන් ගෙදර යන්න කියල ඇවිත් දැන් පැය දෙකක් වුනා තාමත් දුම්රියක් නෑ පසුව දැනගන්න ලැබුනේ දුම්රිය පැය හයක් පමණ ප්රමාද වන බවයි දුම්රියේ යන්න හිටිය හැමෝම වගේ එකා එකා යන්න ගියා වෙන වෙන ක්රම වලින් තම තමන්ගේ නිවස් වලට යන්න කියලා
නමුත් නුවන් විතරක් දුම්රියේම යනවා කියලා හිත තද කරන් හිටිය නිසා එහෙම්මම දුම්රිය නැවතුම් පලේ බංකුවක් මතින් වාඩි වුනා පැය දෙකක් විතර යද්දි මුලු දුම්රිය නැවතුම් පලටම හිටියේ නුවන් විතරයි දුම්රිය නැවතුම් පලේ බිත්තියක් මත සවි කර තිබූ ඔරලෝසුව දිහා බැලුවම ඔහු තිගැස්සුනා මන්ද එහි වෙලාව සටහන් වුනේ රාත්රී දොලහ ලෙසිනුයි වහා තම අත් ඔරලෝසුවෙන් වෙලාව බැලූ විට එහි දැක්වුනේ රාත්රී දහය ලෙසිනුයි අත් ඔරලෝසුව දෙස බලා දිගු සුසුමක් පිට කල නුවන් තමාටම ඇසෙන ලෙස මෙලෙස මිමිණුවා.
"" යකෝ මේ ස්ටේෂන් වල වැඩට ඉන්න උන්ට වෙලාව වත් හදන්න වෙලාවක් නැද්ද.. හැබැයි උන්ගෙ ඉල්ලීම් දිනාගන්න වැඩ වර්ජන කරන්නනම් වෙලාව තියෙනවා කාලකණ්නි """
තව දුරටත් වාඩි වී සිටීමට අපහසු නිසා නුවන් පදික වේදිකාවේ කෙලවරට ඇවිදගෙන ගියා එහි තිබූ ජල කරාමයක් ලගට ගොස් නිකමට ආපසු බැලූ නුවන්ට තම නෙත් අදහා ගත නොහැකි විය ඒ මක් නිසාද යත් දුම්රිය නැවතුම්පලේ අතුරු සිදුරු නැතිව සෙනඟ පීරී ඇති බව ඔහු දුටු නිසයි .
" මේක ..වෙ..වෙන්නෙ කොහොමද මම දැන් මෙතනට එනකොට කවුරුවත් හිටියෙ නෑ මේ ටිකට සෙනග පිරුනේ කොහොමද මේක මට පේන මායාවක් වත්ද .."
තමාටම එහෙම කියාගෙන නුවන් ජල කරාමයෙන් ජල දෝතක් ගෙන මුහුණ සෝදා ඇස් පිස දමා යලි දුම්රිය නැවතුම්පල දෙස බලන විට කිසිවෙක් දක්නට නොවීය
" මට හිතුන මට පේන විකාරයක් මේක කියලා තව පරක්කු වෙයි වගේ කෝච්චියක් එන්ඩ පැය හය කිව්වට ඊට වඩා වෙලා යයි කෝච්චිය එනකන් අර බංකුවට වෙලා ටිකක් නිදා ගන්ඩ ඕනේ "
එහෙම හිතපු නුවන් අසල තිබුණ බංකුවක් මතින් තමාගේ ඔෆිස් බෑගය තබා වැතිරුනා ඒ එක්කම දුටු දේ නිසා ඔහු වහා නැගිට්ටා නුවන් දුටුවා තමා ඇඳගෙන සිටි සුදු පැහැති කමිසය සහ කලිසමේ හැම තැනම තීන්ත තැවරී තිබුණා බංකුව මේ මොහොතේ තීන්ත ආලේප කර තිබුණ බව ඔහුට පෙනුනා .
" මේ විනාඩි දෙක තුනට මොකාද තීන්ත ගාපු එකා "
එහෙම හිතලා දුම්රිය නැවතුම්පලේ අනෙක් පසට නෙත් යොමන විට නුවන් දුටුවේ කවුදෝ අයෙක් දුම්රිය නැවතුම්පලේ බිත්තියක් මත තීන්ත ආලේප කරණ බවයි නුවන් වහා ඒ පුද්ගලයා අසලට ගියා .
" උන්නැහේ ඔහේද මෙහෙ තීන්ත ගාන්නේ බලනවකෝ මගේ ෂර්ට් එකයී කලිසමයි දෙකම ඉවරයි වගකීමෙන් වැඩක් කරනවලකෝ "
නුවන් කියූ දේ අහල එම පුද්ගලයා නුවන් දෙසට හැරුනේ අමුතු භයානක සිනාවක් මුවේ රඳවගෙනයි ඒ පුද්ගලයාගේ මුහුණ දුටු නුවන් වෙව්ලන්නට විය එතන සිටිය පුද්ගලයාගේ මුහුණ නුවන්ගේ මුහුණ හා සමාන විය
අනෙක් පස හැරී දිව ගිය නුවන් එක් වරම තීන්ත බාල්දි කිහිපයක් පෙරලගෙන බිම ඇද වැටුන නුවන්ගේ මුලු ඇඟම එක එක පාට තීන්ත වලින් නෑවිලා ගියා බොහොම අපහසු වෙන් වැටුන තැනින් නැගිටපු නුවන්ට යම්කිසි හුරුපුරුදු කැස්සක හඬක් ඇසුන නිසා හෙමීට ඒ හඩ ඇහුන පැත්තට හැරිලා බැලුවා නුවන් අසලම ඔහු දෙස බලාගෙන එක් බොහෝම වයසක පුද්ගලයෙක් සිටියා ඒ වයසක පුද්ගලයා දුටු නුවන් ගේ මුවින් එකම එක වචනයක් විතරයි පිටවුනේ
"..තා..ත්..තා.."
නුවන්ගේ අම්ම මිය ගියේ නුවන් පොඩි කාලෙමයි නුවන්ගෙ තාත්තා නැවත විවාහයක් ගැන නොසිතුවේ ඒ කැන්දන් එන කෙනා නුවන්ට වෙනස්කම් කරයි කියලා බයට තාත්තා බොහොම අමාරුවෙන් තමා නුවන්ව ඇති දැඩි කරගත්තෙ නුවන්ගේ තාත්තා තීන්ත ආලේප කරන රස්සාව කෙරුවේ ගෙවල් ගාණේ ගිහින් ඒ ගෙවල් ලස්සන කරල ඒ තාත්තා බලාපොරොත්තු වුනේ නුවන් හොදට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙලා තමන් තීන්ත ගාල ලස්සන කරණ ගෙවල් වලට වඩා තමාගෙ පුතා ලස්සනට ජීවත් වෙනවා බලන්න.
හැම ලොකු මහත්තයටම තැනකට ගියාට පස්සෙ තමන් හිටියෙ කොහොමද තමන් වෙනුවෙන් කැප වුනේ කවුද කියන එක අමතක වෙනවා ඒ වගේම දෙයක් නුවන්ටත් වුනා ඔහුට බුලත් විට කමින් බීඩි බොන තම තාත්තව මිතුරන්ට අදුන්වලා දීම අපහසු වුනා ලැජ්ජාවට කාරණයක් බවට පත් වුනා තම බිරිඳත් නිතර දෙවේලේ තාත්තා ගැන නොයෙක් අභූත චෝදනා එල්ලකරන්න ගත්තාම අවසානේ නුවන් තීරණය කරනවා තාත්තාව මහලු මඩමකට ගිහින් දාන්න ටික කාලෙකට කලින් තම පියා රෝගාතුර වී සිටින බව නුවන්ට මහලු මඩමෙන් දැන්වුවත් ඔහුට වැඩ කටයුතු අධික බැවින් ගියේ නෑ අවසානේ තාත්තා මිය ගිය පුවත නුවන් දැන ගන්නේ නුවන් සහ බිරිද විනෝද චාරිකාවක නිරත වෙද්දියි නමුත් තම පියා නිසා තමාගේ සහ බිරිදගේ විනෝදය නිමා කිරීමට අදහස් නොකල නුවන් තම පියාගේ මළගමටවත් ගියේ නැත අදටත් දැලි කුණු පෙරාගත් ඇඟ පුරා තීන්ත තවරගත් අයෙක් ඒ දුම්රිය නැවතුම්පලේ එකම පැත්තක් බලාගෙන කෙල සොටු පෙරාගෙන ඉන්නවාලු ඔහු ගේ මුවින් එකම එක වදනක් පිට වෙනවලු ඔහුගේ නම නුවන් ලු රජයේ උසස් රැකියාවක් කල අයෙක්ලු ඔහු කියන එකම වචනය..
"" තා..ත්..තා..""
..කියන එක විතරමලු.
නිමි.
Comments
Post a Comment