අමුතු කනත්ත
පාසල් අධ්‍යාපනය හමාර කරපු රුවන් දිසානායකට ඕන වෙලා තිබ්බේ හොද වැටුපක් ගන්න පුලුවන් රැකියාවක් කරන්න.
හැබැයි හොද වැටුපක් ගන්න පුලුවන් රැකියා තිබුණත් ඒවාට යන්න තරම් හොද අධයාපනයක් රුවන්ට තිබුණේ නැහැ සති අන්ත පුවත් පත් පීරල හෙව්වත් රුවන් ගේ හිතට මෙන්න මේ රැකියාව මට හොඳයි කියන සිතුවිල්ල ඔහුගේ සිතට නැගුනේ නැහැ දවසේ පඩියට කරපු එක එක කුලී වැඩ වලින් ඔහු හෙම්බත් වෙලා හිටියේ මොකද එක දිගට වහින දවස් ආවොත් රුවන්ට ඒ දින වලදී නිවසට වී කාලය ගත කරන්නයි සිද්ධ වුනේ දුප්පත් පවුලක එකම දරුව වුන රුවන්ට ඕන වෙලා තිබුණේ තම දෙමව්පියන්ට සුඛිත මුදිත ජීවිතයක් කෙසේ හෝ උදා කර දීමටයි එය කිරීමට නම් ඔහුගේ මේ ස්තිර නොවන රැකියා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු හොඳින්ම දැනගෙන සිටියේය සෑම ඉරිදා දිනයකම සති අන්ත පුවත් පත් වල පල වන රැකියා බැලීමට පුරුදු වෙලා හිටිය රුවන් එදත් ගමේ තේ කඩේට ගොඩ වැදුනේ තේ එකක් බොන ගමන්ම පුවත් පතත් බැලීමටයි ඔහුගේ මේ පුරුද්ද හොදින්ම දැනගෙන හිටිය තේ කඩේ මුදලාලි ගුනදාස රුවන්ව දැක ඔහු සමග මුව පුරා සිනාසී සති අන්ත පුවත්පත ඔහු වෙත දිගු කෙරුවේය.
..." රුවන් මල්ලි ඔන්න නියම ජොබ් එකක් ගැන පත්තරේ දාල තියෙනව.."
" ඒ මොකක්ද ගුනදාස අයියේ..?
" බලහන්කෝ මල්ලී පත්තරේ තුන් වෙනි පිටුවේ උඩම දාල තියෙනව.."
සිතට නැගුන කුතුහලය නිසාම රුවන් පුවත්පත අතට ගත් වහාම තුන්වන පිටුව පෙරල ගත්තේය
" බෝගම්බර බන්ධනාගාරය අසල ඇති කනත්ත සදහා ආරක්ෂකයෙකු අවශ්‍ය කර ඇත සදුදා දින පැමිණ විමසන්න
වැටුප _ 65000.."
ෂහ්: මාර පඩියක්නේ ගුනදාස අයියේ මේ ජොබ් එකනම් අතාරින්න හොද නෑ.."
" ජොබ් එකේ පඩියනම් හොදයි මල්ලි ඒත් ඇයි බං ඔහොම පඩියක් දෙන්නේ මේ කාලේ හොදට මහන්සි වෙලා වැඩ කරන එකෙකුටත් මාසේ පඩිය ගන්ඩ බෑනේ බං රුපියල් තිස්පන්දහකට වඩා.."
" කවුද බං ගුනදාස අයියේ කනත්තක් මුර කරන්න එන මිනිහ
ඒක හින්ද වෙන්න ඇති ඔහොම පඩියක් දෙන්නේ.."
"..මම මේ උඹව බය කරන්න කියනව නෙමේ මල්ලී ඒත් ඔය කනත්තේ යක්කු පෙරේතයෝ ඉන්නවද දන් නෑ බං.."
" යක්කු නෙමේ මොක්කු හිටියත් මම නම් මේකට යනව අයියේ මට මේ කුලී වැඩ කරල තිත්ත වෙලා තියෙන්නේ....මට දියන්කෝ අයියේ කොලේකුයි පෑනකුයි මේකෙ දාල තියෙන address එක ලියාගන්න.."
" ..මන්ද ඉතින් උඹේ කැමැත්තක් මට නම් මේ දාල තියෙන පඩිය දෙයිද කියලයි සැක... ඇයි යකෝ ඩබල් පඩියක්නේ දාල තියෙන්නේ..ආ ඉඳා පෑනයි කොලෙයි.."
" ...යන්ඩ කලින් කොරහේ කිඹුල්ලු දකින්ඩ හොද නෑ ගුනදාස අයියේ එහෙනම් මම යනව.."
දැන්වීමේ දක්වා තිබූ කනත්ත පිහිටි ස්ථානයේ ලිපිනය කඩදාසි කොල කැබැල්ලක සටහන් කර ගෙන රුවන් හෙමී හෙමීට තමන්ගේ නිවස දෙසට පල්ලම් බැස්සේය.
පසු දින උදෑසනම රුවන් පුවත්පතේ සදහන් ස්ථානයට ගියේය ඔහු ගේ ගමේ සිට නුවරට ලගා වෙන විට උදෑසන දහයත් පසු වී තිබිණ දහය හමාර පමණ වන විට රුවන් එම කනත්ත පිහිටි තැනට ගියේය
අක්කර දෙකක පමණ විශාලත්වයක් තිබූ එම කනත්ත වටේටම අඩි දොළහක පමණ උසැති තාප්පයකින් වට කර තිබූ අතර කනත්තේ ඇතුල් වන තැන කාර්යාලයක් තිබිණි එම කාර්යාලයට අඩි විස්සක දුරින් ගේට්ටුවක් යෙදූ තාප්පයකින් කනත්ත සහ කාර්යාලය වෙන් කර තිබූ අතර රුවන් කාර්යාලයට ඇතුල් වී අවට බැලුවේ තවත් අය එම කනත්තේ මුරකරු වශයෙන් සේවය කිරීමට සම්මුඛ පරීක්ෂණය සදහා සහබාගී වීමට පැමිණ සිටියිදෝ කියා දැන ගැනීමටය.
නමුත් කිසිදු අයෙක් පැමිණ සිටියේ නැත
" මල්ලී කිසිම කෙනෙක් ආවේ නෑ මේ රස්සාව ගැන බලන්න ඔහේ විතරයි ආවේ.. තමුසේට බයක් දැනෙන්න නැද්ද මේ රස්සාව ගැන.."
කාර්යාලය තුල සිටි තරබාරු මැදිවයසේ මිනිසා ඔහුගේ මුහුණට එබී විමසුවේය.
" මැරුණ අයට මොකට බය වෙන්නද ජීවත් වෙලා ඉන්න උන්ට තමා බය වෙන්න ඕනේ.."
රුවන් පැවසුවේය.
.."හොදයි මම මේ රස්සාව තියෙන කොන්දේසි ටික කියන්නම් ඊට පස්සේ තමුසේ මේ රස්සාවට කැමතිනම් මේ ලියවිලි වල අත්සන් කරල බාර ගන්නව..මෙන්න මේව තමා කොන්දේසි
මේ රස්සාවට තමුසේ ආව පලවෙනි දවසේ ඉදන් මාස හයක් යනකන් මේ රස්සාව අත අරින්න බෑ මේ කනත්ත පාලනය කරන්නේ රජය මගින් බැරි වෙලාවත් මේ රස්සාව තමුසේ අත අරිනවනම් තමුසෙට ලක්ෂ පහක මුදලක් රජයට ගෙවන්න වෙනව ඊලගට කනත්තේ තියෙනව රතු පාට රෙදි පටි වලින් වට කරපු පැත්තක් වගේම සුදු පාට රෙදි පටි වලින් වට කරපු පැත්තක් මේ පැති දෙකම රෑට බල්බ් දාල එලිය කරල තියෙන්නේ මොනම හේතුවකටවත් මේ බල්බ් නිවෙන්න බෑ හැම පැය බාගයකටම සැරයක් කනත්ත වටේට රතු පැත්තට සුදු පැත්තට ගිහින් බලන්න ඕනේ බල්බ් ගැන මොනම තැනක්වත් එක විනාඩියකට වඩා අදුරු වෙන්න දෙන්න එපා මෙන්න මේ කොන්දේසි වලට කැමතිනම් හෙට රෑ ඉදන් වැඩට එනව මමත් ඉන්නව රෑ එලි වෙනකන් හැබැයි මම නම් මොනම හේතුවකටවත් ඔය කනත්ත ඇතුලටනම් එන්නේ නැහැ කනත්ත ඇතුලේ එක කාමරයක ගෙයක් තියෙනව තමුසෙට ඒකෙ නවතින්න පුලුවන්.."
".. හරි අයියේ මම කැමතියි මේ රස්සාවට .."
රුවන් මදහසක් මුහුනේ රුවාගෙන පැවසුවේය.
පසුව එම පුද්ගලයා ලබා දුන් ලියකියවිලි වලට අත්සන්කර නැවත පසුදින සේවයට පැමිණීමේ සිතැතිව නිවසට පිටත් වුණේය.
පසු දින තම දෙමව් පියන්ට රැකියාවක් සදහා පිටත්වන බව පවසා ඇදුම් කිහිපයක් බෑගයකට දමාගෙන හවස හතරට පමණ රුවන් කනත්තට පැමිණියේය
කනත්තේ පිටත සිටින පුද්ගලයා රුවන් හට බල්බ් පිරවූ බෑගයක් ලබා දී කනත්ත තුලට පිවිසෙන ගේට්ටුවේ යතුර ලබා දුන්නේය.
රුවන් කනත්ත තුල තිබූ නිවසට ගොස් ඔහු මෙහි පැමිණෙන විට අසල වෙලඳ සැලකින් ගෙන ආ දෑ වලින් රාත්‍රී ආහාරය සකසාගෙන එය බුක්තිවිද සවස හය වන විට සේවයට එක් විය ඔහුට කනත්තේ සේවය කිරීමට තිබුණේ සවස හයේ සිට උදෑසන හය වන තෙක්ය
රුවන් පාන්දර දෙක පමණ වන තෙක් කනත්ත පුරා ඇවිද්දේය රාත්‍රිය උවද කනත්තේ සෑම තැනම යොදා තිබූ විදුලි බල්බ නිසා දහවල මෙන් ආලෝකමත්ව තිබුණි සුදු පටි ඇද තිබූ පැත්තේ සිට රතු පටි ඇද තිබූ පැත්තට පැමිණි රුවන් මද වේලාවක් ඇවිද පසුව තම දෙපාවල ඇති වූ වේදනාව නිසා අසල තිබු පැරණි සොහොනක් උඩින් වාඩි වූයේය
" වහාම මෙතනින් පලයන් යන්න "
ඇසුන ගොරෝසු කටහඩින් රුවන් තිගැස්සුනා ඔහු වට පිට බැලුවත් හඩ ආවේ කුමණ ස්ථානයෙන්ද කියල ඔහුට සිතා ගැන්මට නොහැකි වූයේය
...දෙකක් නෑ මට පේන්නේ මේ මිනීපිටිය පුරාම කැමරා දාල තියෙන්නේ අර එලියේ ඉන්න මිනිහ කැමරා වලින් මම දිහා බලල මම ඉදගෙන ඉන්න එක බලල මේ කොහෙ හරි තියෙන ස්පීකරයකින් කෑ ගහන්න ඇති . ..ආයෙනම් ඉදගන්නේ නෑ
..
එසේ සිතූ රුවන් උදෑසන හය වන තෙක් කනත්ත පුරා විවේකයක් ලබා ගැනීමක්ද නොකර ඇවිද බැලුවේය.
" අනේ අයියේ ඊයේ ඉඳගෙන හිටියට සමාවෙන්න ඔයා දැක්කනේ මම ටික වෙලාවයි ඉඳගෙන හිටියේ.."
පසුදින දහවලේදී වෙලඳ සැලට ගොස් නැවත පැමිණෙන අතර වාරේ කනත්ත පිටත සිටිනා පුද්ගලයාට රුවන් පැවසුවේය.
" මම කොහොම දකින්නද මල්ලි උඹ ඉඳගෙන ඉන්න එක මම මෙතනනේ ඉන්නේ මොකෝ මට දිවැස් තියෙනවද.."
" එතකොට එතකොට අයිය නෙමේද මට ඊයේ පාන්දර බැන්නේ.."
" උඹට විකාරද මල්ලි මම මොකටද උඹට බනින්නේ කනත්තවල් වල ඉද්දි ඔහොම ඒව ඇහෙනව ගණන් ගන්ඩ එපා බං"
" අනේ මන්ද මට හොදටම ඇහුනනේ කවුරු හරි බැන්න ...හරි හරි අයියේ මම යන්නම් එහෙනන්.."
" හොදයි හොදයි ..මල්ලී ඔය එක එක සද්ද වලට බය වෙන්න එපා උඹ.."
ඉන්පසු කනත්ත තුල ඇති රුවන්ට වෙන් වූ නිවසට පැමිණ ඔහු රාත්‍රී ආහාරය සහ කනත්ත පුරා ඇවිද යද්දී දැනෙන කුසගින්නට කෑම සඳහා පැටිස් සහ එලවලු රොටී කිහිපයක් සදාගත්තේය .
සවස බල්බ දමා ඇති මල්ල සහ සාදා ගත් කෙටි ආහාර දමා ගත් මල්ලද කරේ එල්ලාගෙන සවස හය වන විට රුවන් කනත්ත තුල තමාට පැවරී ඇති රාජකාරිය කිරීමට පටන් ගත්තේය.
මුලින්ම ඔහු පෙර දින තමා වාඩි වී සිටි තැන හොදින්ම නිරීක්ෂණය කලේ කැමරා හෝ ස්පීකර් ඇත්දැයි දැන ගැනීමටය නමුත් කිසිදු කැමරාවක් හෝ ස්පීකරයක් එහි තිබුණේ නැත.
" මාර වැඩක්නේ කෝ කැමරා ස්පීකර් මොකුත්ම නෑනේ එතකොට මට ඊයේ බැන්නෙ කවුද.."
නමුත් එම සිතුවිල්ලේ වැඩි වෙලාවක් රුවන්ට ඉන්නට සිදුවුනේ නැත්තේ සුදුපටි ඇද තිබූ පැත්තේ බල්බයක් අක්රිය වී තිබෙනව දුටු නිසයි ඔහු වහාම එම ස්ථානයට දිව ගොස් තම කර මත තිබූ ආහාර තිබූ මල්ල සහ බල්බ තිබූ මල්ල බිමින් තබා අලුත් බල්බයක් ගෙන අක්‍රිය වී තිබූ බල්බය ඉවත් කොට අලුත් බල්බය සවි කලේය ඉන් පසු නැවත හැරී තමා ගේ බල්බ් මල්ල සහ කෑම මල්ල දෙස බැලූ විට ඔහුගේ දෑස් අදහාගත නොහැකි විය.
කෑම මල්ල අතුරුදන්ව තිබිණ.
" කවුද කෑම මල්ල අරන් ගියේ දෙකක් නෑ අර එලියෙ ඉන්න එකා තමා අරන් යන්න ඇත්තේ ඌට කෑම ඕනෙ නම් හදාගන්න තිබුනනේ මගෙ කෑම අරන් යන්නේ.."
එදින රැය පහන් වන තුරුම පිටත සිටිනා පුද්ගලයා පිලිබදව නුරුස්නා සිතුවිල්ලේම රුවන් සිටියේය .
පසු දින සවසද කනත්තට රුවන් පිවිසියේ බල්බ් මල්ල සහ ආහාර මල්ලද අතැතිවය පෙර දින කෑම මල්ල අතුරුදන් වූ තැන නැවත බල්බය අක්‍රීය වී ඇති බව රුවන් හදිස්සියේම දුටුවේය.
" අලුත් බල්බ් එක කොහොමද නිවිල තියෙන්නේ මට පේන්නේ අර මිනිහ බල්බ් එකට මොකක් හරි කරල මම ඒක හදන අතර වාරේ මගෙ කෑම එක අරන් යන්න හදන්නේ හොදයි බලමුකෝ අද නම් මිනිහට වැඩ වරදිනව.."
එසේ සිතූ රුවන් අක්‍රීය වී තිබූ බල්බය අසලට ගොස් එයට සිදු වී ඇත්තේ කුමක්ද කියා සොයා බලන විට ඔහුට පෙනුනේ බල්බය බුරුල් කිරීමක් කර ඇති බවය බල්බය ගැන බලන අතර වාරයේම ඔහු තම කෑම මල්ල දෙසටද නෙත් යොමා බැලුවේය එක් වරම ඔහු දුටු වේ කෑම මල්ල දෙසට බඩ ගා ගෙන එන මනුස්ස රුවක්ය.
" ඔහොම හිටපන් උඹට අදත් කෑම එක අරන් යන්න ඕන වෙලාද "
රුවන් උස් හඬින් එම මනුස්සයා දෙස බලාගෙන පැවසුවේය බඩ ගා ගෙන කෑම මල්ල වෙත පැමිණි මනුස්සයා එක් වරම නැගී සිට දුවන්නට විය රුවන්ද ඔහු පසු පස හඹා ගියේය කනත්තේ තාප්පය අසල තිබූ දැවැන්ත මාර ගසක් පිටුපසට ගිය එම මනුස්සයා එක් වරම අතුරුදන් වූයේය.
" දෙකක් නෑ අර එහා පැත්තෙ මිනිහ තමා ඒ ආවේ දෙකක් නෑ මෙතනින් පිට වෙන්න දොරටුවක් ඇති හොදයි දැන්ම මම ගිහින් අහනව මිනිහගෙන් මොකක්ද මේකේ තේරුම කියල.."
එසේ සිතූ රුවන් කෝපයෙන් කනත්ත පිටත තිබූ නිවසට ගොස් දොරට තඩි බෑවේය නිදි ගැට හරිමින් දෑස් පොඩි කරමින් දොර විවර කල කනත්ත පිටත සිටින පුද්ගලයා ...." ඇයි මල්ලී .." යැයි විමසුවේය.
" ඇයි කියන්නේ ..අයියේ ඔයාට කෑම ඕනෙනම් ඉල්ලන්න හොරකන් කරන්න එන්න එපා.."
" මම මේ නිදාගෙන හිටියේ බං මම මොකටද උඹේ කෑම හොරකන් කරන්නේ පිස්සුද උඹට.."
" එතකොට කවුද අර බඩ ගාගෙන ඇවිල්ල මගේ කෑම එක හොරකන් කරන්න හැදුවේ මෙතන ඉන්නේ ඔයයි මමයි විතරනේ අයියේ බොරු කියන්න එපා.."
" මට කියන්න අමතක උනා මල්ලී කනත්ත ඇතුලට කෑම අරන් යන්න එපා කියල මට තේරෙනව වෙලා තියෙන දේ.. හරි තමුසෙ මෙහෙම කරනව ආපහු කනත්තට ගිහින් තමුසෙගෙ කෑම හොරකන් කරපු තැන කෑම මොනව හරි තියල බල්බ් එකක් ගලවල හැංගිලා බලන් ඉන්නව මොකද වෙන්නෙ කියල ඊට පස්සෙ එනව මා එක්ක කතා කරන්න.."
ඔහු පැවසූ ලෙස නැවත කනත්තට ගිය රුවන් කෑම හොරකන් කරපු තැන බල්බයක් ඉවත් කොට කෑම පාර්සලයක් එම ස්ථානයේ තබා සැඟවී බලා සිටියේය.
කෑම පාර්සලය තබා තිබූ ස්ථානය අසල තිබූ සොහොනක කොන්ක්‍රිට් ලෑල්ල ඉවත් කර ගෙන කෑම පාර්සලය අසලට ආ මලමිනිය දුටු රුවන් මර බියෙන් ගැහෙන්නට විය කෑම පාර්සලය අතට ගත් ඒ මලමිනියි රුවන් සැගවී සිටි තැන දෙස මොහොතක් බලා සිටියේ මම දන්නව උඹ ඔතන හැංගිලා ඉන්නව වැනි දෙයක් හගවමිනි ඉන්පසු කෑම පාර්සලය ත් රැගෙන සොහොන් වලට බැස කොන්ක්‍රීට් ලෑල්ල දමා පෙර තිබු සේ වල වසා ගත්තේය.
".අනේ අයියේ ම..මම ගෙදර යනව මේ ක..කනත්තේ මල මිනී නැගිටිනව මට නම් ඉන්න බෑ.."
නැවත ආපසු පැමිණ කනත්ත පිටත සිටි පුද්ගලයා හට රුවන් වෙව්ලමින් පැවසුවේය.
" මල්ලි උඹට ආපහු යන්න බෑ මේ ජොබ් එක කරන්නම වෙනව උඹට යන්න ඕන්නම් ලක්ෂ පහක් රජයට ගෙවන්න වෙනව එහෙම කැමතිනම් ආපහු යමන් හැබැයි ඉතින් ඔය සුදු පැත්තේ මළමිනී වලින් කාටවත් මේ වෙනකන් කරදරයක් උනේ නෑ දැන් ආපහු කනත්තට යමන්.."
කනත්ත පිටත සිටි පුද්ගලයා කියූ දෙය අසා රුවන් නැවත කනත්තට පැමිණ රතුපටි ඇද තිබූ පැත්තට වී අලුයම හය වන තෙක්ම සිටියේය රුවන් දැන සිටියා මොන දේ වුවත් මේ රැකියාව ඔහුට අත හැරිය නොහැකි බව මන්ද රැකියාව අතහරිනවානම් ගෙවිය යුතු ලක්ෂ පහක මුදලද ඔහු අත තිබුණේ නැහැ.
පසු දින කෑම සකසා ගෙන කනත්තට ගියත් රුවන් මැලි වුනා සුදු පටි ඇද තිබූ පැත්තට පය තැබීමට පවා නමුත් ඔහුගේ අවාසනාවට දෝ නැවතත් පෙර දින සැකසූ බල්බය අක්‍රිය වී තිබූ අතර එම ස්ථානයේ ඇතිව තිබූ අදුරෙහි සිට ගෙන රුවන් දෙස බලාගෙන පෙර දා දුටු මල මිනිසා සිටියේය.
" ඇයි තමුසේ බලන් ඉන්නේ මෙහෙට එනව මම කරදරයක් කරන් නෑ මට ඔය තමුසෙ ලග තියෙන කෑම මොනව හරි දෙනව.."
එම මලමිනිසා උස් හඩින් රුවන්ට පැවසුවේය.
" මට බ්..බෑ ඔ..ඔහේ මාව මරයි .."
රුවන් වෙව්ලමින් පැවසුවේය.
"..මම මොකටද ඔහේව මරන්නේ මම ජීවත් වෙලා ඉන්න කාලෙවත් මිනිහෙක් මරල නෑ අප්පේ ඒවා මහ පව් වැඩ මට ඔය කෑම මොනව හරි දෙනව ඒව විතරයි මට ඕනේ.."
රුවන් අවසානේ ඔහු අතැති කෑම සියල්ල එම මලමිනිසාට ලබා දුන් අතර මලමිනිසා ගිජු ලෙස ඒ සියල්ල ගිල දැමුවේය.
" මගෙ නම සිරිදාස ඔහේ ආව හින්ද තමා කෑම ටිකක් කන්න හම්බ වුනේ තමුසෙට පින් මල්ලි ගෙවල් වල මිනිස්සු කවුරුවත් අපිව මතක් කරල දානයක් වත් දෙන් නෑ ඉතින් අපිට හොද ආත්මයකට යන්නත් බෑ මෙහෙම තමා අපේ ජීවිතේ මෙතන ඉන්න හැමෝම මේ කනත්තේ හොද ආත්මයක් ලබාගන්න බැරිව ලත වෙනව.."
කෑම කා අවසන් වූ ඒ මලමිනිසා රුවන් හට දුක්මුසු ලෙස පැවසුවේය. එයින් ඇරඹුන රුවන් සහ මලමිනිසුන් අතර හිතවත්කම මාස ගණනාවක් පැවතුනේය සුදු පටි වලින් වට කර තිබූ පැත්තේ සිටි මල මිනිසුන් ඉතාමත් සුහද පිරිසක් වූ අතර සෑම දිනම රුවන් ඔවුන්ට නොයෙක් කෑම බීම ලබා දුන්නේය
එක් දිනක් රුවන් සිතුවේ රතුපාට වලින් වට කර තිබූ පැත්තේ සිටින මලමිනිසුන්වද මිත්‍ර කර ගැනීමටය නමුත් එය කෙතරම් භයානක අනුවණ තීරනයක්දැයි රුවන් දැන සිටියේ නැත.
රුවන් එක් දිනක් රතුපටි වලින් වට කර තිබූ පැත්තේ බල්බයක් ගලවා දමා අදුරු කලේය එක් වරම එහි තිබූ මිනී වලක් තුලින් මතුවුනේ දරුණු පෙනුමක් තිබූ මලමිනිසෙක්ය
" මට ලේ ඕනේ මට ලේ ඕනේ තෝව මරල මම තොගෙ ලේ ඔක්කොම මම බොනව.."
එසේ පවසමින් ඒ භයානක මල මිනිසා රුවන් පසු පස එලවන්නට වූයේ එල්ලා තිබූ දැල් වෙමින් තිබුන බල්බද කුඩු පට්ටම් කරමින්ය රතු පටි වලින් වට කර තිබූ පැත්තේ ඇති වූ අදුර හේතුවෙන් වල දමා තිබූ සියලුම මලමිනිසුන් එක එකා නැගිට රුවන්ව මරා දැමීමට ඔහු පසු පස හඹා ආවෝය.
කනත්ත වට කර තිබූ උස් තාප්පයෙන් කෙසේ පැනගත්තාද කියා රුවන්ට වැට හීමක් තිබුනේ නැත නමුත් කෙසේ හෝ ඔහු එම භයංකාර මල මිනිසුන්ගෙන් බේරී තාප්පයේ එහා පැත්තේ පුද්ගලයා
සිටි නිවස සමීපයට ඇවිත් තිබුණේය ඉන්පසු රුවන් නිවසේ දොරට දෑතින්ම මහ හඩක් නිකුත් වන ලෙස ගැසුවේය.
" ඇයි මල්ලි මොකද බං මේ ඇදුම් ඉරා ගෙන ඇගත් සූරාගෙන .."
කනත්ත පිටත සිටිනා පුද්ගලයා දොර විවර කල සැනෙන් රුවන් දෙස බලා විමසුවේය.
සිදු වූ සියල්ල රුවන් එම පුද්ගලයාට නොසඟවා පැවසුවේය
" හරි මල්ලි දැන් වුන දේ වුනා ඔවුන් එකෙක්වත් මේ තාප්පයෙන් මෙහාට එන්නෙ නෑ එලි වෙනකන් හිටපන් අපිට හෙට රෑ වෙන්න කලින් ගොඩක් වැඩ තියෙනව කරන්න.."
" අයියෙ මොකද ඒ සුදු පටි තියෙන පැත්තේ හොද අයත් රතුපටි පැත්තේ දරුණු අයත් ඉන්නේ.."
රුවන් ඔහුගෙන් විමසුවේය.
" මල්ලි බෝගම්බර බන්ධනාගාරයේ එක පාරක් හිරකාරයෝ දෙසීයකට වඩා ලෙඩක් හැදිල මැරුණ ඒ අයව වල දැම්මේ මේ කනත්තේ භයානක වැරදි කරපු හිරකාරයෝ එක පැත්තකත් සාමන්‍ය වැරදි කරපු හිරකාරයෝ එක පැත්තෙත් වල දැම්ම පස්සෙ උන් කලුවර වැටෙනකොට නැගිටල එන්න ගත්ත. පස්සෙ තමා ලයිට් දාල මුලු කනත්තම එලිය කෙරුවේ පස්සෙ උන් එන එක නතර වුනා.."
එසේ පවසා ඔහු නිහඩ වූයේය.
පසු දින කනත්ත වෙත ගිය රුවන්ට සහ කනත්ත පිටත සිටින පුද්ගලයාට දැක ගත හැකි වූයේ තැන තැන විසිර තිබූ මිනිස් ඇට සැකිලිය .පසුව දෙදෙනාම එකතු වී ඇට සැකිලි සියල්ල වල දමා බල්බ් සියල්ලද නැවත සැකසුවේ සවස හය වීමට පෙරය.
එදායින් පසු රතුපටි වලින් වට කර තිබූ පැත්තේ කිසිම බල්බයක් අක්‍රිය වීමට රුවන් ඉඩ තැබුවේ නැත සුදු පටි වලින් වට කර තිබූ පැත්තේ අය වෙනුවෙන් පින් පමුණුවා ඔවුන්ට හොද ආත්ම වෙත යාමටද කටයුතු කලේය තම දෙමව්පියන් හටද සැපවත් ජීවිතයක් අත් කර දීමට රුවන්ට හැකි විය අදටත් රුවන් එම කනත්තේ සේවය කරන බව බෝගම්බර බන්ධනාගාරය අසල ඇති කනත්තට ගියොත් ඔබටත් දැක ගත හැකිවේය.
අවසානයි.
එම්බාම් නොකර වලලපු මිනී වෙන්නැති. නැත්නම් කොහෙද ආහාර ජීර්ණ පද්ධතිය වැඩකරන්නේ! හොල්මන්වලට තාප්පවලින් පනින්න බෑ කියලා දැනගත්ත එකත් වටිනවා.
ReplyDelete😁😁
Delete