අමර්ජීට් සදා


 දරුවෙකුගේ වැරදි සැගවීම අවසානයේ ඛේදජනක ඉරණමක් ඇති කිරීමට පවා ඉඩ තිබෙන බව ඔබට මෙය කියවා බැලීමෙන් වටහා ගැනීමට හැකි වේවි.


ඉන්දියාවේ බිහාර් වල බේගුස්රායි හී ගමක් තිබුණා මේ ගමේ නම මුස්සේරි මේ ගමේ දුප්පත් පවුලක් හිටියා තාත්තයි අම්මයි කිරිබොන වයසේ හිටිය දුවෙක් සහ හත් හැවිරිදි පිරිමි දරුවෙක් මේ පවුලේ තාත්තා කුලී වැඩ කරලා බොහොම දුක් මහන්සියෙන් තම පවුල ජීවත් කර වූවා මේ තාත්තට හිටිය තවත් සහෝදරයෙක් ඔහුත් හිටියේ මේ පවුල ජීවත් වුන ආසන්නයේමයි 2006 වසරේදි ඒ පවුලේ උදවියට කරදරයක් සිද්ධ වුනා .


ඒ තමයි ඒ පවුලේ වයස අවුරුදු හයක් වුන දැරියක් හදිස්සියේම අතුරුදන් වීම මේ පවුලේ අය මේ ගැන පොලීසිය දැනුවත් කෙරුවේ නෑ හැබැයි මේ සිද්ධිය මුලු ගම පුරාම පැතිරුනා දරුවව හෙව්ව හමු වුනේ නෑ කාලය මේ විදිහට ගෙවිලා ගිහින් මාස හයකට පස්සේ ඒ පවුලේම මාස හයක දරුවෙක් එක පාරටම අතුරුදන් වුනා මේ දරුවාගේ අතුරුදන් වීම ගැනත් ඒ පවුලේ අය පොලිසියට කිව්වෙ නෑ 


මේ දරුවා ගේ අතුරුදන් වීමත් ගම පුරා පැතිරුනා හැමෝම කතා වුනා එකම පවුලේ දරුවෝ දෙන්නෙක් අතුරුදන් වීම ගැන ඒ දරුවගේ අතුරුදන් වීමෙන් මාස තුනකට පස්සේ 2007 වර්ෂය එලඹුනා ඒ වසර ආරම්භයේම මුස්සේරි ගමේ චුන් චුන් දේවි නමැති කාන්තාවකගේ කුෂ්බූ නමැති මාස හයක දරුවෙක් අතුරුදන් වෙනවා 

මේ අතුරුදන්වීම මේ ආකාරයටයි වුනේ චුන් චුන් දේවි තම දරුවට අසල තිබූ පෙර පාසලක කෑම කව කව ඉදලා එක පාරටම ඇයට ගෙදර තිබුණ වැඩක් මතක් වෙලා දරුවව එතනම නිදි කරවල ගෙදර ගිහින් ඒ වැඩේ කරලා ආපහු ඇවිත් බැලුවම තමාගේ දරුවා අතුරුදහන් වෙලා කියලා දකිනවා ඊට පස්සේ චුන්චුන් දේවි ගම පුරා තම දරුවව හොයන්න පටන් ගත්තා ඒත් ඇයට තම දරුවව කොහෙන්වත් හොයා ගන්න ලැබෙන්නේ නෑ තම ඥාති හිත මිත්‍රාදීන් ගේ ගෙවල් වලත් ඇය හොයල බලනවා ඒත් කොහෙන්වත් ඇයට දරුවව හොයාගන්න ලැබෙන්නේ නෑ ඊට පස්සේ චුන්චුන් දේවි තම දරුවගේ අතුරුදන් වීම මුස්සේරි ගම භාරව සිටින භගවාන්පූර් පොලිසීයේ පැමිණිල්ලක් දමනවා මේ තමා පලමු වතාවට මුස්සේරි ගමේ දරුවෙක්ගේ අතුරුදන් වීමක් ගැන පොලිස් පොතේ ලියවෙන පලමු අවස්ථාව. 


ඊට පස්සේ පොලීසියත් ඇවිත් ගමේ හැම තැනම බලනවා ගමේ අයගෙන් අහනවා ඒත් දරුවව හමුවෙන්නේ නෑ ගමේ අයගෙන් අහද්දී පොලීසියට වැදගත් තොරතුරක් ලැබෙනවා ඒ තමා මීට කලිනුත් මේ ගමේ එකම පවුලක දරුවෝ දෙන්නෙක් අතුරුදන් වීමක් ගැන ඊට පස්සේ නිලධාරීන් වහා ගිහින් මුලින්ම දරුවෝ අතුරුදහන් වුන පවුලෙන් අහනවා ඔවුන්ගේ දරුවන් අතුරුදන් වීම හා චුන්චුන් දේවිගේ දරුවා අතුරුදන් වීම ගැන ටික වෙලාවක් ප්‍රශ්න කෙරුවට පස්සෙ ඒ පවුලේ ගෘහ මූලිකයා තම සහෝදරයගේ අට හැවිරිදි පුතා වුන අමර්ජීට් සදාට කතා කරලා පොලීසියට ඔහුව පෙන්නලා මෙහෙම කියනවා.


" කුෂ්බූ දරුව ගැන දෙයක් කියන්න පුලුවන්නම් එකම කෙනා තමා මේ ඉන්නේ එයාට විතරයි කුෂ්බූට වුන දේ කියන්න පුලුවන් "


මේ කතාව අහලා පොලිස් නිලධාරීන් තුෂ්නිම්බූත වෙනවා අවුරුදු අට ක දරුවෙක් කොහොමද පුංචි දරුවෙක් ගේ අතුරුදන් වීමක් ගැන කියන්නේ ඒ වුනත් කමක් නෑ මොනම හරි දෙයක් මේ අවුරුදු අටක දරුව දන්නව ඇති කියලා හිතපු පොලිස් නිලධාරීන් අමර්ජීට් සදා ලගට ගිහින් ආදරෙන් මෙහෙම අහනවා.


" පුතේ ඔයා දන්නවද කුෂ්බූ කොහෙද කියලා "


මේක අහලා අමර්ජීට් සදා හිනා වෙන්න ගන්නවා ඊට පස්සේ ආයේ පාරක් පෙර ප්‍රශ්නයම නිලධාරීන් අමර්ජීට් සදා ගෙන් අහනකොට ඒ දරුව මහ හයියෙන් හිනා වෙවී ඔව් මම දන්නවා කියලා කියනවා

ඊට පස්සේ පොලීස් නිලධාරීන් අමර්ජීට් දරුවට කියනවා " එහෙනම් පුතේ අපිට පෙන්වන්න කොහෙද කුෂ්බූ කොහෙද ඉන්නේ කියලා එහෙම කිව්වට පස්සේ අමර්ජීට් සදා එතන හිටිය හැම නිලධාරියාගේම මූණ දිහා බලල හිනා වෙන්න ගන්නවා ඒත් මොකුත්ම කියන්නේනම් නෑ පොලිසිය හිතනවා මේ පොඩි දරුවෙක් අපි මේ ලමයගෙන් විකාර අහ අහා කාලය නාස්ති කරනවා කියලා ඉතින් එතනින් ඔවුන් යන්න හදනකොටම අමර්ජීට් සදා පොලිස් නිලධාරීන්ට කියනවා මට බිස්කට් පැකට් එකක් අරන් දුන්නොත් මම හැම දෙයක්ම කියනවා කියලා.


ඊට පස්සේ පොලිස් නිලධාරීන් අසල තිබුණ වෙලඳ සැලකින් බිස්කට් පැකට් එකක් අරන් අමර්ජීට්ට දෙනවා ඔහු බිස්කට් පැකට් එක කඩලා එකින් එක කන්නට පටන් ගන්නවා පොලිස් නිලධාරීන් ආයෙත් මෙහෙම අහනවා.


" ඔන්න අපි ඔයාට බිස්කට් දුන්නනේ පුතේ දැන් කියන්නකෝ කුෂ්බූ කොහේද කියලා "


" මම එයාව මරලා නිදි කෙරෙව්වා"


බිස්කට් කන ගමන් හිනා වෙවී අමර්ජීට් ඒ විදිහට පොලිස් නිලධාරීන්ට උත්තර දෙනවා මේක අහලා පොලිස් නිලධාරීන් තිගැස්සෙනවා ඔවුන් නැවත නැවතත් අමර්ජීට් ගෙන් කුෂ්බූ ගැන ඇහුවත් ඔහුගේ පිලිතුර වුනේ එකම පිලිතුරයි ඒ ඔහු කුෂ්බූ ව මරා නිදි කෙරූ බවයි ඉන් පසු නිලධාරීන් අමර්ජීට්ට කියනවා කුෂ්බූව නිදි කරවපු තැන පෙන්නන්න කියලා ඊට පස්සේ අමර්ජීට් නිලධාරීන්ට කියනවා යන් මම එතන පෙන්නන්නම් කියලා 


අමර්ජීට් පොලිස් නිලධාරීන් එක්කර ගෙන පෙර පාසලට මදක් දුරින් තිබුණ කැලෑ බද පාලු ස්ථානයකට යනවා ඊට පස්සේ ගස් වල කොල වලින් වහල තිබුන වලක් පෙන්නල අන්න අතන තමයි කුෂ්බුව නිදි කෙරෙව්වේ කියලා කියනවා වහාම පොලිස් නිලධාරීන් ඒ වලේ තිබුණ කොල රොඩු අයින් කරල බලනවා ඒ එක්කම වලේ තිබිලා ඔවුන්ට කුෂ්බු ගේ සිඟිති මළ සිරුර හමුවෙනවා මෙයින් පොලිස් නිලධාරීන් තැති ගන්නවා නිලධාරීන් සිතුවේ අට හැවිරිදි දරුවගෙන් යම් කිසි හෝඩුවාවක් ලැබෙයි කියල කුෂ්බූ ගේ අතුරුදන් වීම ගැන ඒත් ඔවුන් කොහොමටවත් හිතුවේ නෑ මේ අට හැවිරිදි දරුවා ඝාතකයෙක් බව ඊට පස්සේ පොලිස් නිලධාරීන් කුෂ්බූව ඝාතනය කිරීමේ වරදට කතා කිරීම අඩු සිනා වීම වැඩි අමර්ජීට් සදා ව අත්අඩංගුවට ගන්නවා ඒත් තාමත් ඔහු පොලිස් නිලධාරීන් දිහා බලාගෙන සිනාසෙනවා සමහර විට ඔහු නොදන්නවා වෙන්න පුලුවන් පොලීසිය නීතිය ගැන 


පොලිස් ස්ථානයට රැගෙන ආපු අමර්ජීට් ගෙන් නිලධාරීන් ඇහුවා කොහොමද කුෂ්බූව මැරුවේ කියලා ඒකට අමර්ජීට් දුන්න පිලිතුර උනේ ඔහු පෙර පාසලේ නිදා සිටින කුෂ්බූව දැක ඇයව ඔසවාගෙන පාලු ස්ථානයකට ගොස් ඇගේ ගෙල මිරිකා අසල තිබුණ ලොකු ගලකින් හිස කුඩු වෙන තුරු ගහලා ඔහු නිලධාරීන්ට පෙන්වපු වලට දාලා කොල රොඩු වලින් වහලා දැමු බවයි ඉන් පසු පොලිස් නිලධාරීන්ට මතක් වුනා මීට කලින් අතුරුදන් වුන දරුවෝ දෙදෙනා ගැන ඔවුන්ට හිතුනා ඒ දරුවන්ගේ අතුරුදන් වීමටත් අමර්ජීට් ගේ සම්බන්ධයක් ඇති කියලා ඊට පස්සේ නිලධාරීන් අමර්ජීට් ගෙන් ඇහුවා තව කවුරුවත් ඔයා මේ විදිහට මරලා නිදි කෙරෙව්වද කියලා ඒක අහලා සිනා සුන අමර්ජීට් මට තව බිස්කට් දුන්නොත් මම කියනවා කියලා නිලධාරීන්ට කියනවා.


ඊට පස්සේ තවත් බිස්කට් පැකට් එකක් අමර්ජීට්ට දුන්නම අමර්ජීට් කියනවා මීට කලින් බාප්පගේ අවුරුදු හයක දුවයි ඔහුගේ පවුලේ තම මාස හයක් වයසැති නැගනියවයි ඒ විදිහටම මරලා නිදි කෙරෙව්ව කියලා මේක අහලා පොලිස් නිලධාරීන් විශ්මයට පත් වෙනවා මන්ද මේ ඔවුන් ඉදිරියේ සිටින්නේ අවුරුදු අටක් වයසැති දාම ඝාතකයෙක් නිසා 


ඉන් පස්සේ පොලීසිය විසින් අමර්ජීට් ගේ පවුලේ අයව සහ ඔහුගේ බාප්පගේ පවුලේ අයව පොලිස් ස්ථානයට කැදවනවා මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගැනීමට ඉන් පස්සේ ඔවුන්ගෙන් ප්‍රශ්න කලාම පොලිසිය ඉදිරියේ ඔවුන් පිලිගන්නවා ඒ දරුවෝ දෙන්නවම මැරුවේ අමර්ජීට් විසින්ම බව ගෙල මිරිකලා ගලකින් හිස කුඩු වෙන තුරු ගහලා තමා ඒ දෙන්නවත් අමර්ජීට් විසින් මරලා දාල තියෙන්නේ පලවෙනි ඝාතනය අමර්ජීට් කෙරුවේ 2006 දි එතකොට එයාට අවුරුදු හතයි අපි අමර්ජීට් ගෙන් ඒ ගැන ඇහුවම ඔහු හැම දෙයක්ම පිලිගත්තා පොඩි දරුවෙක් නිසා බැරිවීමකින් මැරෙන්න ඇති කියලා අපි අමර්ජීට්ට සමාව දුන්න දෙවනි පාර එයා තමන්ගේම නංගිව මැරුවා ඒකත් එයා පිලිගත්තා අපි හොදටෝම අමර්ජීට්ට කෝට්ටක් කැඩෙනකන් ගැහුවා ඊට පස්සේ එයා පොරොන්දු වුනා ආයෙ කවදාවත් ඒ වගේ දේවල් කරන් නෑ කියලා අමර්ජීට් ගේ තාත්තා පොලිස් නිලධාරීන්ට ඒ විදිහට කිව්වා.


ඉතින් ඇයි තමුසෙලා මේව පොලිසියට කිව්වේ නැත්තේ පොලිස් නිලධාරීන් අමර්ජීට් ගේ පවුලේ අයගෙන් එහෙම ඇහුවා 

මේක පවුලේ ප්‍රශ්නයක් මැරුනෙත් මරන්නෙත් පවුලේම කෙනෙක් ඒ නිසයි අපි එහෙම කෙරුවේ අමර්ජීට්ගේ පවුලේ අය ඒ විදිහට පොලිස් නිලධාරීන්ට උත්තර දුන්නා නිලධාරීන් මේ සියල්ල සටහන් කරගත්තා නමුත් ඔවුන්ට ප්‍රශ්නයක් තිබුණා ඇයි අමර්ජීට් මේ විදිහට දරුවන්ව මරන්නේ කියලා ඊට පස්සේ පොලිස් නිලධාරීන් අමර්ජීට් ගෙන් ඇහුවා ඇයි මේ විදිහට ලමයිව මරලා නිදි කරවන්නේ කියලා ඒකට අමර්ජිට් දුන්න උත්තරේ උනේ මට එහෙම කෙරුවම සතුටුයි ඒ අය මැරෙද්දි කෑ ගහන එක බලන්න මම ආසයි

අමර්ජිට් ගේ මේ කතාව අහලා පොලිසිය තීරණය කරනවා මේ ලමයා සාමන්‍ය ලමයෙක් නෙමේ මේ ලමයට මොකක්ම හරි මනෝමය ගැටලුවක් තියෙනවා කියලා ඊට පස්සේ පොලීසිය විසින් අමර්ජීට්ව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා අමර්ජීට්ව පරීක්ෂා කර බලා වෛද්‍යවරයා පවසන්නේ අමර්ජීට් conduct disorder නමැති මනෝව්යාදිකයෙක් බව මීට අනුව කිසිවෙක් වේදනාවෙන් කෑ ගැසීම දුක් විදීම දැකීමට ආශාව ඇති කරනවනවා මේ මනෝමය ගැටලුව ආවිට එම තැනැත්තාට ඔහු මේ කරන්නේ මිනීමැරුමක් මේක වරදක් වැනි හැගීම් ඇතිවන්නේ නැත කොපමණවත් මිනිසුන් වේදනාවෙන් විලාප තැබීම් දැකීමට අශා කරයි 


අමර්ජීට්ව උසාවියට ඉදිරිපත් කර

ඔහුව පුනුරුත්ථාපනය සදහා යොමු කොට වෛද්‍ය ප්‍රතිකාර කොට මේ වන විට ඔහුව නිදහස් කර ඇත ඔහු කොහේ සිටිනවාද කුමණ නමකින් සිටිනවාද කිසිවෙක් දන්නේ නැත නමුත් ලෝකෙන්ම පලමු අඩුම වයසේ දාම ඝාතකයා අමර්ජීට් සදා බව මෙසේ සටහන් කොට මෙම ලිපිය මා හමාර කරමි 




Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය