මිතුරා

 


ජනකගේ විශ්ව විද්‍යාලයාල ජීවිතේ හොදම මිතුරාගෙන් ජංගම දුරකථන ආපු ඇමතුමට කතා කරනවද නැද්ද කියලා තුන්හතර පාරක්ම හිතලා ජනක ඇමතුමට සවන් දුන්නා 


" මචං ජනක මට උඹව දැන්ම හම්බ වෙන්න පුලුවන්ද මොක ලොකු හදිස්සියක් අනේ මට මේ වෙලාවේ උඹේ උදව් ඕනම වෙලාව.."


" ආ..හ..හරි නන්දන මම..ගෙදර ඉන්නෙ ඇවිල්ල කතා කරහන් "


ජනක නොරිස්සුමෙන් වගේ කියලා ඇමතුම විසන්ධි කලා තාමත් නන්දන කෙරේ පැවති අමනාපය හදවතේ පුංචි කොනක තියෙන බව මේ ඇමතුමෙන්ම ජනකට අවබෝධ උනා කැම්පස් යන කාලේ කැම්පස් එකට අලුතින් ආපු ලස්සන හිනාවක් තිබුන අහිංසක හුරතල් පෙනුමක් තිබුණ යුවතියක් වුන ඉරෝෂාට ජනකගේ හිත ගියේ ඔහුටත් නොදැනුවත්මයි ඒක ඔහුගේ හොදම මිතුරා උන නන්දන හොදින්ම දැනගෙන හිටියත් ජනකටත් හොරෙන් නන්දන ඉරෝෂා සමග පෙමින් බැඳුන .


නන්දන කල ඒ ද්‍රෝහී කමට ජනක කිසිම දෙයක් නන්දනට කිව්වෙ නෑ ටිකෙන් ටික ජනක නන්දනව අත්ඇරලම දැම්මා තාමත් හදවතේ කොනක ඉරෝෂා ගැන ප්‍රේමයක් ඇති නිසා ජනක අවුරුදු ගාණක් ගත වෙලත් විවාහයක් ගැන සිතුවේ නෑ පස්සෙ කාලෙක ජනකට ආරංචි උනා නන්දන ඉරෝෂව විවාහ කරගත් බව නමුත් මොනම හේතුවකටවත් ජනක ඔවුන් දෙදෙනාව නොහමු වීමට තදින් සිතා ගෙන සිටිය නිසා ඔවුන් ගැන සොයා බැලුවේ නෑ .


තවත් ටික වෙලාවකට පසු දොරේ බෙල් එක වැදුන නිසා ජනක දොර විවර කර බැලුවා පිටත සිටියේ නන්දනයි ඔහු දෑස් බිමට බර කරගෙන සිටියේ සමහර විට ජනකට මුහුණ දීමේ අපහසුව නිසාම වෙන්න ඇති .


" ම..මට හැම දේටම සමාව දියන් ජනා මම දන්නව මම කෙරුවේ මිත්‍ර ද්‍රෝහි වැඩක් පුලුවන්නම් මට සමාව දියන් ."


" ඒක අතඇරලා මට කියපන් නන්දන් උඹ ඇයි මාව හොයාගෙන ආවේ මොකක්ද උඹට ඕන කරණ උදව්ව "


" ජනා මගෙ දරුවගේ හදවතේ ඔපරේෂන් එකක් කරන්න වෙලා ලොකු සල්ලියක් යනවා ඒකට .කවුරුවත් මේ වෙලාවේ ඉරෝෂට උදව් කරන්න නෑ උඹට පුලුවන්ද ඇවිල්ල උදව් කරන්න මට මේ වෙලාවේ උඹ විතරයි ඉන්නේ තව පැයකින් සල්ලි බඳින්න ඕනෙ නැත්නම් මගෙ දරුව මැරිල යයි ජනක මට උදව් කරපන් අනේ " 


' හරි යමන් දැන්ම නන්දන අපි කොහොම හරි දරුව බේරගමු "


" අනේ ලොකු උදව්වක් උඹ මේ කරන්නෙ ජනා උඹට ජාති ජාතිත් පින් සිද්ධ වෙනවා "


ආයතන අධයක්ෂක වරයෙක් වුන ජනකට ඇති තරම් මුදල් තිබුණ නිසා මුදල් ප්‍රශ්න යනු ජනකට දැනුනේම නැති දෙයක් දෙදෙනාම වහාම ජනකගේ නවීන මෝටර් රථයෙන් නන්දනගේ දියණියට ප්‍රතිකාර කරණ පෞද්ගලික රෝහල කරා පිටත් වුනා පසුව රෝහලට පැමිණ රෝහලේ බිල ගෙවා ඔවුන් දෙදෙනා ගමන් කෙරුවේ නන්දනගේ දියණිය බැලීමටයි .


" ජනක අර තියෙන්නෙ දුව ඉන්න රූම් එක මට ඉරෝෂට කෑම එකක් ගේන්න කිව්ව මම ඒක අරන් එන්නම් පටස් ගාල උඹ ඔතනම ඉදපන් "


එහෙම කියලා නන්දන දිවගියේ රෝහල ඉදිරිපිට ආපනශාලාව කරායි .ජනක හෙමි හෙමින් නන්දනගේ දියණිය සිටිනා කාමරය වෙත ගමන් කර දොර විවර කර ඇතුලට එබී බැලුවා ලස්සනම ලස්සන පුංචි දියණියක් රෝහලේ සුව පහසු ඇඳක් මත මුවේ සිහින් සිනාවක් ඇතිව අහිංසක ලෙස සුව නින්දක පසු වෙනවා දුටු ජනක හෙමින් සැරේ ආපසු හැරෙනවාත් සමග ඔහු දුටුවා කලක් සිතින් පෙම් කල අදටත් සිතින් පෙම් කරණ ඔහුගේ පෙම්වතිය වූ නන්දනගේ බිරිද ඉරෝෂාව ජනකට සිතුනේ අදටත් ඇගේ රුවේ කිසිම අඩුවක් පාඩුවක් ඇති වී නැති බවයි .


" ජනක ඔයා කොහොමද මෙහෙ ආවේ "


ඇය ජනකගෙන් ඇහුවා .


" මාව නන්දන එක්ක ආවේ ඔන්න දැන් එයා ඔයාට කෑම එකක් ගේන්න කියලා ගියා "


" එ..එ..එහෙම..වෙන්නෙ කො..කොහොමද .නන්දන කොහොමද එහෙම එන්නේ..."?


" ඇයි එයාට එන්න බැරි මාව ගෙදරට ගිහින් එක්ක ආවේ දුවගේ ඔප්රේෂන් එකට සල්ලි මදි කියලා මගෙන් උදව් ඉල්ලුවා මේ බලන්න ඉරෝෂා මමයි නන්දනයි හොස්පිට්ල් එකේ බිලත් ගෙවලා ආවේ දැන් නන්දන එයිනේ එතකොට අහන්නකෝ "


" අනේ දෙවියනේ ඒක වෙන්නෙ කොහොමද නන්දන දැන් මාස දෙකකට කලින් මැරුණනේ.."


" මොනවා නන්දන මාස දෙකකට කලින් මැරුණ."??


ජනක විශ්මය පිරි නෙතින් ඉරෝෂගෙන් ඇහුවා .


  ..... නිමි .......


Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය