මනෝජ් සානේ crime case
සමහර වෙලාවට හිතෙනවා මිනිස්සුන්ට මේ තරම් තිරිසන් විදිහට හැසිරෙන්න පුලුවන්ද කියලා මේත් පිළිකුල් සහගත තිරිසන් ක්‍රියාවක් සිදු වූ කතාවක්
මුම්බායේ ඨානේ වල මීරා පාරේ එක් මහල් නිවස සංකීර්ණයක් තිබුණා එහි නම වුනේ ගීතා ආකාශ් ඩීප් මේ නිවාස සංකීර්ණයේ පලමු වෙනි ගොඩනැගිල්ල මහල් හතරකින් සමන්විත වුනා නම්බර වශයෙන් සදහන් වුනේ පලමු මහල 701,දෙවනි මහල702,තුන්වන මහල 703,හතරවන මහල 704 විදිහටයි මේ මහල් නිවාස හතරින් 701,702,703 මේ මහල් නිවාස වල පදිංචි අය බොහොම කුළුපගව තමා ජීවත් උනේ ඒ අය නිවාඩු දවස්වලට විනෝද උනා කෑම හදගෙන එකට ඉදගෙන කෑවා කොටින්ම නෑදෑයෝ වගේ තමා හැසිරුනේ නමුත් 704 මහල් නිවසේ පදිංචිව සිටියේ මනෝජ් සානේ කියලා උපාධි දාරී මැදි වයසේ පුද්ගලයෙක් මාසෙට දසදහසක මුදලකට ඔහු ඒ මහල් නිවාසය කුලියට ගෙන තිබුණා .
මනෝජ් සානේ අමුතුම මනුස්සයෙක් වුනා ඔහුගේ බිරිදත් ඒ වගේ කිසිම කෙනෙක් එක්ක කතා කලේ නෑ සිනා වුනේ නෑ කිසිම උත්සවයකට ආවෙ නෑ හරිම අද්භූතජනක ජීවිතයක් ඔහු ගත කලේ ඔහුගේ වතගොත කිසිම දෙයක් නිවාස සංකීර්ණයේ කවුරුත් දැනගෙන හිටියේ නෑ
2023 වර්ෂයේ එක්තරා දිනයක 703මහල් නිවසේ සිටිය අයට දුර්ගන්ධයක් දැනෙන්න ගත්තා ඒ මහල් නිවසේ සිටිය පුද්ගලයා 702 මහල් නිවසේ කෙනාටත් මේ ගැන කිව්ව ඔහුටත් මේ ගද දැනිලා තිබුණේ නිවෙස් දෙකේම අය මීයෙක්වත් මැරිලා කුණු වෙලා ඇති කියලා හැම තැනම හෙව්වා ඒත් දුර්ගන්ධය එන තැනක් ඔවුන්ට සොයාගන්න බැරි උනා ඔවුන් පහලම මහලට ගිහින් බැලුවා හැබැයි ඒ මහලට ගදක් ආවේ නෑ පස්සේ ඊලග දිනය උදා වුනා දුර්ගන්ධය තව තවත් දැඩිව දැනෙන්න ගත්තා
මේ මහල් නිවාස හතරෙන් 702 මහල් නිවාසයේ සොමේෂ් කියලා තරුණයෙක් හිටියා ඔහු හිතනවා අපිටත් මේ කුණු ගද එනවා 703 අයටත් එනවා ඇයි මේ 704 ඉන්න අය ගානක්වත් නැතුව ඉන්නේ කියලා එහෙම හිතලා සොමේෂ් 704 මහල් නිවාසයට යනවා සොමේෂ්ට දැනෙනවා 704 මහල් නිවසෙන් තමා මේ ගඳ එන්නෙ කියලා ඔහු ඒ නිවසේ දොරට තට්ටු කරනවා එතකොටම ඔහුට දැනෙනවා කුණු ගද නැතුව ගිහින් සුවඳක් ඒ ගෙදරින් හමන්න ගත්තා කියලා සොමේෂ් හිතනවා ඒ ගෙදර සුවද වෙන්න කවුරු හරි සුවදැති දෙයක් ස්ප්‍රේ කරනව කියලා එහෙම හිතලා ඔහු ආයේ පාරක් 704 නිවසේ දොරට තට්ටු කරනවා
ඒ නිවසේ දොර භාගෙට ඇරලා මනෝජ් සානේ හිස එලියට දාල මොකක්ද ප්‍රශ්නෙ කියලා අහනවා සොමේෂ් එතකොට කියනවා මේ හැම තැනම කුණු ගඳක් දැනෙනවා ඔයාලට දැනෙන් නැද්ද කියලා ඒක අහලා මනෝජ් කියනවා අපිටත් දැනෙනවා මම ටිකක් ගේ අස් කරලා බලන්නම් කියලා දොර වසා දමනවා .
මනෝජ් හැසුරුන විදිහ අමුතුයි වගේ කියලා හිතලා සොමේෂ් නිවාස සංකීර්ණය භාරව ඉන්න කෙනාට කියනවා අපේ ගෙවල් වලට ගදක් එනවා ඒ ගද එන්නේ 704 ගෙදරින් මම ඒක අහන්න ගියාම මට ඇතුලෙන් ඒ ගෙදර ඉන්න මනෝජ් මොනවා හරි දෙයක් ස්ප්‍රේ කරන සුවඳ දැනුනා මිනිහා මොනව හරි හංගනවා කියලා ඊට පස්සේ නිවාස සංකීර්ණය භාරව සිටින කෙනා පොලීසියට ඇමතුමක් දෙනවා තවත් විනාඩි ගණනාවක් ඇතුලත නිවාස සංකීර්ණය වෙත පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පැමිණ අසල්වැසි අයත් සමග 704 නිවස වෙත යනවා එතකොට ඒ ගෙදර අගුල් දාලා අසල්වැසියන් සාක්ෂි කොට ගෙන පොලීසිය විසින් ඒ ගෙදර දොර කඩා දමනවා ඒ එක්කම අධික දුර්ගන්ධයක් හැම තැනම පැතිරෙන්න ගන්නවා හැමෝම තේරුම් ගන්නවා මේ ගෙදරින් තමා මේ දුර්ගන්ධය පැතිරෙන්නේ කියලා .
ඊ ලගට පොලීසිය අසල් වැසියන් සාක්ෂියට අරගෙන නාස් වහගෙන ගේ ඇතුලට යනවා ශීතකරණය ඇරල බලනවා කිසිම දෙයක් නෑ ඊ ලගට බාත් රූම් එක ඒකෙත් කිසිම දෙයක් නෑ ලේ සලකුණක්වත් නෑ බඩු මුට්ටු විසිරිලත් නෑ ඒත් දුර්ගන්ධය එහෙම්මමයි ඊට පස්සේ නිලධාරීන් නිවසේ මුලුතැන් ගේ දෙසට යනවා එතනින් තමා දුර්ගන්ධය සැරටම හමාගෙන ආවේ
මුලුතැන් ගේ සෝදිසි කෙරුවම ප්ලාස්ටික් ලීටර් දහයක විතර බෝතලයක් සහ පොලිතීන් කවර කිහිපයක් තිබුණා ප්ලාස්ටික් බෝතලේ වතුර අමුතු පැහැයක් ගෙන තිබුණා පොලිතීන් කවර වල පොඩි පොඩි කෑලි වලට කපපු මස් වගයක් තිබුණා ඒත් මේ මස් සතෙක්ගෙද කාගෙද කියන්න හැකියාවක් තිබුණේ නෑ ඒ තරමට පුංචිම පුංචි කෑලි වලට කපල තිබුණ නිසා ඊට පස්සේ එතන තිබුන ප්‍රෙෂර් කුකර් එක සෝදිසි කෙරුවම ඒකෙත් පුරවලා තිබුණේ චුටියට කපපු මස් පොලිස් නිලධාරීන් හිතනවා මේක ඝාතනයක් කියලා ඔවුන් වහාම මරණ පරීක්ෂණ පවත්වන අයට මේ ගැන දැනුම් දෙනවා ඉන් පස්සේ තව දුරටත් නිවස සෝදිසි කරන පොලිස් නිලධාරීන්ට කපල දාපු කෙස් වැටියක් හමු වෙනවා මේ සමගම පොලිසිය තීරණය කරණවා මේ කෑලි කෑලි වලට කපල මරලා දාල තියෙන්නේ කාන්තාවක්ව කියලා.
මේ සෝදිසි කිරීම අතර තුර මනෝජ් එනවා නිවසට ඔහු දකිනවා ඔහුගේ නිවසට පොලීසියෙන් ඇවිත් වහා ආපසු හැරුම මනෝජ් තම මූණ සගවගෙන පලායන්න තැත් කරනවා නමුත් මේ වෙන කොට නිවාස සංකීර්ණයේ හැමෝම දැනගෙන හිටියා 704 මහල් නිවාසයට පොලිසියෙන් ආව එක ගැන ඒ වගේම මනෝජ් සානේ පොලීසිය දැකලා පලායන එක දැකපු නිවාස සංකීර්ණයේ අය වට කරලා මනෝජ් සානේව අල්ල ගන්නවා මනෝජ් සානේ අල්ල ගද්දී එතන විශාල කලබලයක් වෙනවා පහල කලබලය ඇහුන පොලිස් නිලධාරීන් ඇවිත් බලලා මනෝජ් සානේව අත්අඩංගුවට අරං ඔහුගේ 704 නිවස වෙත රැගෙන යනවා
ඊට පස්සේ පොලීසිය දකිනවා මනෝජ්ගේ ගෙදර බිත්තියේ බෝඩ් එකක් මත ගණිතමය ගැටලු වගයක් තියෙනවා මේ ගෙදර හිටියේ මනෝජ් සහ නිවාස සංකීර්ණයේ අය පිලිගන්න විදිහට ඔහුගේ බිරිදත් පමණයි ඔහුගේ බිරිදට මොකද වුනේ දැන් තියෙන්නේ ප්‍රශ්න කිරීමේ වාරයයි අසල් වැසියන්ව නිවසෙන් පිටත් කර දොර වහලා දාල පොලීසිය මනෝජ්ගෙන් ප්‍රශ්න කරන්න ගත්තා
ඊට පස්සේ මනෝජ් පොලිසියට මේ විදිහට කිව්වා මම මේ ගෙදර සරස්වති කියලා ගෑණු කෙනෙක් එක්ක ජීවත් වුනා එයාට මා ගැන හැම තිස්සෙම සැකයි මට වෙන සම්බන්ධයක් ඇති කියලා හැමදාම මේ ගැන රංඩු වෙනවා එක අවසානේ එයා සියදිවි නහගත්තා ඊට පස්සේ පොලිසිය මනෝජ්ගෙන් අහනවා සියදිවි හානිකරගත්තනම් මොකටද මිනිය කෑලි කෙරුවේ කවුද මේ මිනිය කෑලි කෑලි වලට කැපුවේ කියලා.
ඒකට උත්තර දෙන මනෝජ් මම තමා මිනිය කෑලි කෙරුවේ මම ගමනක් ගිහින් එනකොට සරස්වතී වස වගයක් බීලා මැරිලා මට බය හිතුනා ඒකට මාව අල්ලලා පොලිසිය මාව හිරේට දායි කියලා මට මිනියක් කොහොමටවත් පහල තට්ටුවට හොරෙන් අරන් යන්න බෑ ඒක නිසා මම හිතුවා මිනිය කෑලි කෑලි වලට කපන්න මාකට් එකට ගිහින් ගස් කපන මැෂින් එකකුයි ටයිල් කපන මැෂින් එකකුයි සල්ලි දීලා අරන් ආවා ඊට පස්සේ මිනිය කෑලි කෑලි වලට කැපුවා ඒ කෑලි වලින් එන ගඳ නැති කරන්න ඒ කෑලි ටික ටික ප්‍රෙෂර් කුකර් එකේ දාල තම්බල අරන් තෙලේ දාල බැද්දා බල්ලන්ට කන්ඩ කෑලී ගිහින් දැම්මා තවත් කෑලී කොමඩ් එකට දාල වතුර ගැහුවා මම සරස්වතීව මැරුවේ නෑ මැරුණ සරස්වතීව කෑලි කෙරුව විතරයි
මනෝජ් කියන මේ කතාව පොලීස් නිලධාරීන් කොහොමටවත් විශ්වාස කෙරුවේ නෑ ඔවුන් නැවත නැවත ප්‍රශ්න කෙරුවා අවසානේ මනෝජ් වෙනම කතාවක් කියන්ඩ ගත්තා මනෝජ් සානේ පදිංචි වෙලා ඉදල තියෙන්නේ බෝරිවාලේමේ ඔහුට එහේ ඔහුගේම මහල් නිවසක් තිබිල තියෙනවා මාස දහයකට කලින් ඔහුගේ අම්මයි තාත්තයි දෙන්නම මිය ගිහින් තියෙනවා ඔහු බෝරිවාලේමේ ප්‍රදේශයේම තිබෙණ කඩයක රැකියාව කරමින් ඉදලා තියෙනවා ඒ දවස් වලම ඔහුව අනතුරකට ලක් වෙනවා ඒ වෙලාවේ ඔහුට රුධිරය ලබා දීමක් කරල තියෙනවා අනතුර වෙලා ටික කාලෙකට පස්සෙ ඔහු අසනීප වෙන්න අරන් තියෙනවා ඊට පස්සේ ඔහුගේ ලේ සාම්පල පරීක්ෂා කරපු වෛද්‍යවරු කියලා තියෙනවා මනෝජ් H.I.V ආසාධිතයෙක් කියලා අර අනතුර වෙලාවේ ලබා දුන්න රුධිරය නිසා තමා ඒ දේ ඔහුට සිද්ධ වෙලා තියෙන්නේ ඊට පස්සේ ඔහුට දිගටම බේත් බොන්න වෙනවා වෙලඳ සැලේ වැඩ කරලා ඔහුට යම් කිසි සැලකිය යුතු වැටුපක් ලැබුනා ඊට පස්සේ මනෝජ් තමන්ගේ මහල් නිවාසය කුලියට දීලා ඨානේ වල මීරා රෝඩ් එකේ ගීතාආකාශ් ඩීප් මහල් නිවාස සංකීර්ණයෙන් කුලියට නිවාසයක් අරන් පදිංචි වෙනවා ඒ අතර බෝරිවාලේමේ වෙලඳ සැලේ වැඩ කරද්දි අදුන ගත්ත යුවතියක් සමග හිතවත් කමක් ඇති කරගන්නවා හිතවත්කම ආදරයකට පෙරලෙනවා ඒ යුවතියගේ නම සරස්වතී ඇය සහ මනෝජ් අතර වයස පරතරය අවුරුදු විස්සකටත් වැඩි වුනා සරස්වතීට තව නංගිලා පස් දෙනෙක් ඉදලා තියෙනවා අම්ම මැරුනට පස්සේ අනාත මඩමක තමා ඒ නංගිලා ඇති දැඩි වුනේ සරස්වතී ගැන හැම දෙයක්ම දැන ගෙන ඊට පස්සේ මනෝජ් සරස්වතීව තමාගේ මීරා රෝඩ්වල කුලියට ගත්ත නිවසට එක්ක ගෙන ඇවිත් ජීවත් වෙන්න ගන්නවා ඒ අතරේ සාමාන්‍ය ඉගනීමක් තිබුණ සරස්වතීට ඉගෙන ගන්න ආස හිතෙනවා මනෝජුත් ඒකට කැමති වෙනවා ඔහු දන්න දේවල් ඇයට උගන්වනවා( ඒ ඉගැන්වූ දේවල් තමා පොලිස් නිලධාරීන් නිවසේ බිත්තියේ තිබුණ බෝඩ්එකක දැක්කේ) ඔය අතරම වෙලඳ සැල වහල දාන නිසා මනෝජ්ට රැකියාව නැතිව යනවා ඊට පස්සේ නිවසේ පොඩි පොඩි අඩ දබරත් වෙන්න ගන්නවා සරස්වතී මනෝජ් ගැන සැක කරනවා සැකය වැඩි වෙලා සරස්වතී වස පානය කරනවා .
මේක තමා මනෝජ්ගේ දෙවන කට උත්තරය පොලීසිය කියනවා තමුසේ බොරු කියන්නේ කියලා තමුසේ පිහියකින් ඇනලා සරස්වතීව මැරුවා පොලීසිය ඒ විදිහට කිව්වත් එය ඔප්පු කරගන්න හැකියාවක් නෑ මනෝජ් කියනවා සරස්වතී වස බිව්වා කියලා පොලීසිය කියනවා සරස්වතීට පිහියෙන් ඇන්නා කියලා කොහොමද මේ දෙකෙන් ඇත්ත මොකක්ද කියලා තෝරගන්නේ .
සරස්වතීගේ ශරීරය කෑලි වලට කපල තිබුනේ සමහර කෑලී දඩාවතේ යන බල්ලන්ට කන්ඩ දාල සමහර කෑලී කොමඩ් එක ඇතුලට දාල වතුර ගහලා සමහර කෑලී තෙලේ දාල බැදලා සමහර කෑලි ප්‍රෙෂර් කුකර් එකේ තම්බලා සරස්වතීගේ ශරීරයේ මේ පුංචි කෑලි වලින් ඇයට වස දුන්නද ඇයව පිහියෙන් ඇනලා මැරුවද කියලා හොයන එක සෑහෙන දුෂ්කර කාරණයක් වෙනවා
ඨානේ පොලිසියට මළ සිරුරක කොටස් තියෙනවා මළ සිරුර කෑලි වලට කපපු කෙනෙක් ඉන්නවා නමුත් ඔහු ඒ ඝාතනය සිදු කලාද කියන දේ සොයා ගැනීමේ අභියෝගය තාමත් තියෙනවා මනෝජ් මේ සිරුර කෑලි කරණ අදහස ඇති කරගන්නේ ඉන්දියාවේ සිදුවුන මේ වගේම තිරිසන් ඝාතනයකින් මම දවසක ඒ කතාවත් ඔබට කියනවා මනෝජ් සානේ ගේ මේ නඩුව තාමත් විසදී නැත.
Comments
Post a Comment