Outo shankar

 


ගෞරී ශන්කර් ඉපදුනේ 1955 මාර්තු 4 දුප්පත් පවුලක ඉපදුන ශන්කර් පොඩි කාලෙ ඉදන්ම චිත්‍රපට බලන්න තදින්ම ඇබ්බැහි වෙලා හිටියා ඔහු ඉන්න ප්‍රදේශයේ සිනමා හලට අලුතෙන් එන හැම චිත්‍රපටයම නරඹන්න ඔහු සිනමා හලේ ප්‍රවේශ පත්‍ර ගැනීමට මුදල් සොයා ගත්තේ ශන්කර් ගේ මව ටින් බෙලෙක්කයකට දමා ඉතුරු කරණ මුදල් මවට හොරෙන් සොරාගෙනයි .


ඔහු චිත්‍රපට වලින් වැඩි පුරම කැමති වුනේ ප්‍රධාන නලුවට නෙමේ දුෂ්ඨයට තමා ඔහුගේ වැඩිම කැමැත්ත තිබුණේ සෙල්ලමට යාලුවොත් එක්ක චිත්‍රපටයේ සිදුවීම් රඟදක්වද්දිත් ඔහු දුෂ්ඨයාගේ චරිතයම තමා රඟපෑවේ කොහොමෙන් කොහොම හරි කාලය ගත වුනා ගෞරී ශන්කර් තරුණ වියට එලඹුනාට පසු 1974 දී මදුරාසිය නොහොත් චෙන්නයි වලට රැකියාවක් සොයාගෙන පැමිණෙනවා .


ශන්කර් මදුරාසියේ සුලු රැකියාවල නිරත වෙලා කෙසේ හෝ මුදල් ඉතිරි කරගෙන ත්‍රී රෝද රථයක් මිල දී ගෙන එයින් මිනිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසා මුදල් සෙවීමට පටන් ගන්නවා ඔය අතරෙම ඔය කාලයේම ඉන්දීය රජය විදේශ මත්පැන් තහනමකට ලක් කරනවා විදේශ මත්පැන් තහනම් වන විට තල් රා වලට හොද වෙලඳ පොලක් සැකසුනා ඒ වගේම රා වෙළෙන්දන් හිතූ ගණන් වලට තල් රා අලෙවි කරන්න පටන් ගත්තා ශන්කර්ටත් ඕන වුනේ ඉක්මණින් සල්ලි හොයන මාර්ගෙකුයි ඔහුට තේරුණා මේ තල් රා බිස්නස් එකට බැස්සොත් ඔහුට ඉක්මණින් පෝසතෙක් විය හැකි බව ඒ වගේම තල් රා බිස්නස් එකට අවශ්‍යයම කරණ කාරණා දෙකක් ඔහු ලග තිබුණා 


එක හොදම තල් රා ඇති ප්‍රදේශ ගැන ගෞරී ශන්කර්ට හසල දැනුමක් තිබුණා දෙවනි කාරණය වුනේ ඔහුට ත්‍රී රෝද රථයක් තිබීම ඒ දිනවල ත්‍රී රෝද රථ පරීක්ෂාව ගැන පොලීසියේ අඩු අවදානයක් තිබුණ නිසා එය තල් රා ව්‍යාපාරයට මනා පිටිවහලක් වුනා

 ගෞරී ශන්කර් මහාබලිපුරම් වල ඉදන් තල් රා හොර රහසේ මදුරාසියට ගෙනවිත් අලෙවි කරන්න පටන් ගත්තා පස්සෙ ඔහු සහෝදරයෙක් වත් එම මත් ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තා වැඩි කල් නොයාම.


ශන්කර් ගේ මත් ද්‍රව්‍ය වෙළදාම නිසා ශන්කර් අතේ මුදල් ගැවසෙන්න වැඩි කල් ගියේ නෑ පොඩි කාලෙ චිත්‍රපට වලින් දැක්ක සුකුමාර සුපිරි ජීවිතේ ගෞරී ශන්කරුත් විඳින්නට පටන් ගත්තා ඒ කාලෙම ශන්කර් ජග්දීෂ්වරී නමැති යුවතියක් සමග විවාහ වෙනව ඉන් පස්සෙ ශන්කර් ගෙ ජීවිතය සුන්දරව ගලා ගියා ටික කාලයකට පස්සේ තමිල්නාඩු රජය වෙනස් වෙලා අලුත් රජයක් පත් වෙනවා ඒ එක්කම විදේශ මත්පැන් තහනම ඉවත් කරනවා ඒ එක්කම තල් රා වලට තිබුණ ඉල්ලුම නැත්තටම නැති වෙලා යනවා ඊට පස්සෙ ගෞරී ශන්කර් ආයෙත් ත්‍රී රෝද රථ රැකියාවට එලඹෙනවා ශන්කර් වැඩිපුරම කැමති වුනේ ගණිකාවන්ව ඔවුන් සේවය සපයන තැන්වලට ප්‍රවාහනය කිරීමටයි එයින් ඔහුට ගණිකාවන්ගෙන් පමණක් නොව ගණිකා සේවය ලබාගන්නා තැනත්තාගෙනුත් සන්තෝෂම් මුදල් ලැබුණා මේ නිසාම ගෞරී ශන්කර් සිතනවා ඔහුත් ගණිකා ව්‍යාපාරයක් ඇරඹීමට 


එසේ සිතූ ගෞරී ශන්කර් තම සහෝදරය වන මෝහන් සහ නැගණියගේ ස්වාමි පුරුෂයා වන ඇල්ඩීන් සහ සිවාජී ,ජයවෙල්ලූ ,පලනී,පරමසිවම්,රාජාරාමන්,රවී,මේ නම් සදහන් අයගෙන් සැදුම් ලත් කල්ලියක් හදාගෙන පෙරියානගර් වල රජයේ ඉඩමක් නීත්‍යානුකූල නොවන ආකාරයට ඉන්දීය රුපියල් දසදහසකට මිල දී ගෙන එම ඉඩමේ ගණිකා මඩම ආරම්භ කරනවා පෙරියානගර් වල ගණිකාමඩම සාර්ථක වන නිසා තවත් ගණිකා මඩමක් ඇල්බී රෝඩ් වලත් ආරම්භ කරනවා ශන්කර් ගණිකා මඩම් වල පාලනය කරගෙන යන අතරේ හොර අරක්කු විකිණිමේ කටයුත්තකුත් අරඹලා ඒකෙ පාලනය තම සොයුරා වන මෝහන් ට පවරනවා .


නීති විරෝධි වැඩක් කරනවානම් අනිවාර්යයෙන්ම නීතිය රකින නිලධාරීන්ව සතුටු කල යුතුමයි ඉන්දියාවේ පමණක් නොව ලංකාවේ පවා එය එසේමයි ශන්කර් අත දිග ඇරලා ප්‍රදේශය භාර නිලධාරීන්ට මුදල් වියදම් කලා ඒ එක්කම සිනමවාවේ සුපිරි නලුවන්ට දේශපාලකයින්ට ඇති මන දොල සංසිඳවීමට තරුණියන් සැපයීම නිසා ගෞරී ශන්කර් ප්‍රභල දේශපාලකයින්ගේ ඇසුරට ලක් වුනා .


නීතිවිරෝධි වැඩ වලින් ගලා ගෙන එන මුදලින් ශන්කර් පෙරියානගර් වල ගාන්ධිපාරේ සුවිශාල නිවසක් තනවනවා එය විවෘත කිරීමට පැමිණියේ උසස් පොලිස් අධිකාරි වරුන් සහ මැති ඇමති වරුන්ය එම නිසාම ශන්කර්ගේ බලය තව තවත් වැඩි වීමට පටන් ගත්තා ඒ එක්කම පෙරියානගර් වල මිනිස්සු නඩු හබ වැනි දේ පොලිසියට උසාවියට රැගෙන යන් නැතුව ශන්කර් ලගට ගෙන ඒමට පටන් ගත්තා ඒ කාලෙම ශන්කර් තම ගණිකාවන් සහ හොර අරක්කු ප්‍රවාහනය කලේ පොලීසියේ D,I,G නිල රථයකිනුයි මේ කාරණයෙන්ම ඔබට සිතාගත හැකි වේයැයි සිතනවා එවකට ගෞරී ශන්කර් ගේ බලය කෙතරම්ද යත් .


දිනෙන් දින ශන්කර්ගේ ගණිකා මඩම විශාල වන්නට පටන් ගත්තා ඒ එක්කම අලුත් අලුත් තරුණියන්ගෙන් ගණිකා මඩම පිරෙන්න ගත්තා 1986 අවුරුද්දේ ශන්කර්ගේ ගණිකා මඩමට සුමති නම් සුරූපි යුවතියක් එක් වෙනවා ඇයව දුටු ගමන් ශන්කර්ට ඇය ගැන ආදරයක් ඇති වෙනවා ඉන් පසු ශන්කර් ඇයට පවසනවා ඇයව ගණිකා සේවයට යොදා නොගන්නා බවත් ඔහු ඇයව විවාහ කර ගන්නා බවත් කියූ ලෙසටම ශන්කර් සුමතිව විවාහ කර ගන්නවා මේ විවාහය ගැන ශන්කර් ගේ පලමු බිරිද දැනගන්නවා මේ පිලිබදව ඇය ශන්කර් සමග වාද විවාද බැන අඩගැසීම් සිදු කරන විට ශන්කර් ඇගේ බෙල්ලෙන් අල්ලා තර්ජනය කරන්නේ වෙන දෙයක් බලන් ඉදපන් පමණට වඩා ඉදිමෙන්න ආවොත් මරල දානවා යැයි පවසමින් එම තර්ජනයෙන් බියට පත් වෙන ඇය එතැන් පටන් කිසිවක් නොපවසා මුණි වත රකිනවා .


ගෞරී ශන්කර්ගේ මේ විවාහ වීම ඔහුට පුරුද්දට යනවා ගණිකා මඩමට එක් වෙන හැම ලස්සන තරුණියම ඔහු විවාහ කරගන්නවා ඒ වන විට ඔහු තරුණියන් හතර දෙනෙක්ම විවාහ කරගෙන සිටියා මේ වන විට ශන්කර්ට විකෘතී ලිංගික ආශාවන් ඇති වෙන්නට පටන් ගත්තා ඔහු සමග ලිංගික සම්බන්ධතා පවත්වන විවාහක සෑම බිරිදක්ගේ රහස් ප්‍රදේශ සිගරුට් වලින් පිලිස්සීම තියුණු පිහි වලින් බිරින්දෑවරුන්ගේ නිරුවත් සිරුරු කපා දැමීම ඔවුන් වේදනාවෙන් බෙරිහන් දෙන දෙස බලා සිටීම ඔහුට විනෝද ජනක අත්දැකීමක් වුනා මේ වේදනා ඉවසාගත නොහැකිව ශන්කර්ගේ විවාහක බිරින්දෑවරු දෙදෙනෙක්ම ඔහුව හැර දා පලා ගියා 


නමුත් ශන්කර් මේ පලා යාම් තඹේකටවත් මායිම් කලේ නෑ ඔහුගේ තිරිසන් හැසිරීම අනෙක් බිරියන් සමග දිගටම කරගෙන ගියා දවසක් ශන්කර් මදුරාසියේ මවුන්ට් පාරේ ඇති දේවි සිනමා ශාලාව අසල තිබෙන පාල්ස් නමැති සමාජශාලාවේ නර්ථනය කරන ලලිතා නමැති යුවතියව දකිනවා ඇය ගේ සුන්දර රූ සපුව දකින ශන්කර් ඇය ගැන පිස්සු වැටෙනවා ඉන්පසු ටික දවසක් දැන හදුනගෙන කතාබහ කරලා ශන්කර් ඇයවද විවාහ කරගන්නවා මේ ශන්කර්ගේ හය වන විවාහය වුනා .


ලලිතාගේ සුන්දර රූ සපුවට වශී වී සිටි ශන්කර් ලලිතාගේ පදිංචියට කලා ක්ෂේත්‍ර පාරෙන් කුලී නිවසක් 

ලබා දෙනවා මුල් මාස කිහිපය ශන්කර් හොදින් ඇය සමග සිටියත් ඊට පසුව ලලිතා සමගද ඔහුගේ විකෘති ලිංගික ආශාව සන්තර්පණය කර ගැනීමට පටන් ගත්තා මේ වද වේදනා දරා ගත නොහැකිව ලලිතා ශන්කර් ගේ කල්ලියේ සුදා නමැත්තා සමග පලා ගියා මේ බව දැන ගත්ත ශන්කර් කෝපයෙන් වියරු වැටුනා ශන්කර්ගේ අන් හැම බිරිදකටම වඩා ලලිතා ගැන ශන්කර්ගේ සිතේ තද බල ආශාවක් තිබුණා ඒ මක් නිසාද යත් ඇය බෙහෙවින් සුරූපීයි දෙවන කාරණය වුනේ ඔහුගේ මුදල් හත්දාස් තුන්සීයක් සහ කැමරාවක් ලලිතා රැගෙන යාමයි (රුපියල් හත්දහසක් යනු ඒ කාලේ විශාල මුදලකි) තුන්වන කාරණය වූයේ ශන්කර්ගේ කල්ලියේ ලාබාල සාමාජිකයෙක් තම බිරිදව පැහැරගෙන යාමේ අවනම්බුව ශන්කර්ව දැඩි මානසික පීඩනයකට ලක් කර තිබුණා.


ඊට පස්සෙ තිරුවන්නාරූම් පොලිසියේ සුදාට විරුද්ධව තම බිරිදව සහ හත්දාස් තුන්සීයක මුදලක් පැහැර ගෙන යාම ගැන පැමිණිල්ලක් දාන ශන්කර් පසුව පෞද්ගලිකව තම කල්ලියත් සමග මදුරාසියේ සිට බැංගලෝර් දක්වා ලලිතාව සොයා ගෙන එනවා ඒත් ඔහුට ලලිතාව සොයා ගන්න ලැබෙන්නෙ නෑ නමුත් ඊට මාසයකට පස්සේ පල්ලාවරම් පොලීසියේ ඉන්ස්පැක්ටර් වරයාගෙන් ඇමතුමක් ලැබෙනවා ශන්කර් හට ඒ ඔවුන් සුදාව සහ ලලිතාව අත්අඩංගුවට ගෙන ඇති බවට එම ආරංචිය අසා ශන්කර් ගේ දෑස් ප්‍රීතියෙන් බබලන්නට වුනා. එදා රෑම පල්ලාවරම් පොලිස් ස්ථානයට තම කල්ලියත් සමග පිටත් වන ශන්කර් සුදාට වචනයක්වත් නොකියා ලලිතාව බලහත්කාරයෙන් පෙරියානගර් වල තම නිවසට රැගෙන ගොස් තම පලමු බිරිද ජග්දීෂ්වරීගෙන් උඩුමහලේ නිදන කාමරයක යතුර ඉල්ලගෙන ලලිතාව නිදන කාමරය තුලට දමා දොර වසා දමනවා කල්ලියේ අනිත් පිරිස තරප්පු පෙල මත තැන් තැන වලින් වාඩි වෙනවා .


කාමරය තුලට දමාගත් ලලිතාට ශන්කර් බලහත් කාරයෙන් මත්පැන් පොවනවා ඒ අතර ඔහුද පානය කරනවා ඉන්පසු ශන්කර් ලලිතාව දූෂනය කර දමනවා1987 ඔක්තෝම්බර් මස 28 වනදා වන තෙක් ලලිතාව විටින් විට දූෂනය කරන ශන්කර් අවසානේ ඇගෙන් අසන්නෙ සුදා ලගට තමා හැර දා ගිය හේතුවයි එවිට ලලිතා පිලිතුරු දෙන්නේ ඇය සුදාට ප්‍රේම කරන වගයි එය අසා දණ්ඩකින් පහර ලැබූ නාගයෙක් සේ කිපෙන ශන්කර් ලලිතා හට දිගට හරහට පහර දීමට පටන් ගන්නවා ලලිතාත් ශන්කර් හට පහර දීමට පටන් ගන්නවා මේ අවස්තාවෙදී කාමරය තුලට ආ මෝහන් ලලිතාගේ කොණ්ඩය අල්ලාගන්නා අතර ඇල්ඩීන් ඇගේ දෑත් තරකොට අල්ලාගන්නවා තම කේන්තිය නිම වන තෙක් ශන්කර් ලලිතාගේ ගෙල සිරකොට අල්ලාගන්නවා දැඩි ග්‍රහණය නිසාම ලලිතා ජීවිතක්ෂයට පත් වෙනවා මේ තමයි ගෞරී ශන්කර්ගේ පලමු මිනීමැරුම නීතිවිරෝදි වැඩ කොතෙක් කලත් ශන්කර් ඒ වන තෙක් ඝාතන සිදුකර තිබුණේ නෑ.


ඉන්පසු ලලිතාගේ මළ සිරුර තම ත්‍රී රෝද රථයේ දමාගෙන තමන්ගේ කල්ලියත් සමග එදින රාත්‍රි දහයට පමණ මෝහන්ගේ හොර අරක්කු තිත්පලට ගොස් අසල පිහිටි ගමකින් කම්කරුවෙකුට කියා අඩි පහක් දිග අඩි තුනක් පලල අඩි තුනක් ගැඹුරු වලක් කපවා ගන්නේ හොර අරක්කු සැඟවීමට කියාය. කම්කරුවා පිට වූවාට පසු ලලිතාගේ සිරුරෙන් සියලු රත්තරං ආභරණ ගලවා ගෙන ලලිතාගේ සිරුර වල දමනවා ඉන් පසු පසු දින උදෑසන අටට පමණ අර කම්කරුවාම නැවත ගෙන්වාගෙන සිරුර වල දැමූ තැන සිමෙන්ති බදාම යොදා ඔප මට්ටම් කර දමනවා ලලිතාගේ සිරුර සැඟවූවාට පසු ශන්කර් සැනසිලි සුවයෙන් කල්ගත කරනවා.


මේ අතර සුදා දුක සේ කල් ගත කෙරුවේ තම පෙම්වතිය වූ ලලිතාව ශන්කර් නැවත රැගෙන ගිය නිසයි ඉන්පසු සුදා ශන්කර් ගෙන් පලි ගැනීමට සිතා ශන්කර්ගේ සියලු ජාවාරම් ඔහුද කල්ලියක් සාදාගෙන කිරීමට පටන් ගන්නවා ශන්කර්ගේ ගාණට වඩා අඩු මුදලකට ඔහු තරුණියන් සැපයීම සහ හොර අරක්කු වෙළදාම සිදු කරන නිසා සුදා කෙමෙන් කෙමෙන් ප්‍රසිද්ධ වන්නට පටන් ගත්තා මෙය ශන්කර්ගේ ඇසට නම් කටු අනින්නාක් බදු වුනා.


1988 පෙබරවාරි 27 ශන්කර් තම කල්ලිය සමග තාජ් හෝටල දෙසට යන අතරේදි සුදා තමන්ගේ හොදම ව්‍යාපාරික සගයෙක්ව සුදා ගේ පැත්තට පොලඹවා ගැනීමේ උත්සහයක නිරත වෙනවා ශන්කර් දුටුවා මෙයින් දැඩි කෝපයට පත් වෙන ශන්කර් තම කල්ලියේ බාබු නැමැත්තාට පවසන්නේ කෙසේ හෝ සුදාව තම පෙරියනගර් නිවසට රැගෙන එන ලෙසයි එසේ පවසා බාබුව තනිකර ශන්කර් ප්‍රමුඛ කල්ලිය පිටත් වෙනවා බාබු හෙමින් සැරේ සුදා ලගට ගියත් බාබුව දුටු ගමන් සුදා දිව යාමට පටන් ගන්නවා බාබු කෙසේ හෝ සුදාව හඹා ගොස් ඔහුව මුලාවට පත් කර තම රැවටිලිකාර කතාවලින් වසඟ කරගෙන මොහාන්ගේ හොර කසිප්පු ගුබ්බෑයමට රැගෙන යනවා මොහාන් සහ අනෙක් පිරිස කතාවෙලා හිටිය විදිහටම සුදාව සාදරයෙන් පිලි අරගෙන ඔහුත් සමග මත්පැන් පානය කරනවා ඊට පස්සේ මෝහන් සුදාට කියනවා යමු ගිහින් ශන්කර් අයියව හමු වෙමු කියලා මේකට ගොඩක් බය වෙන සුදා අදිමදි කරනවා මොහාන් සහ පිරිස සුදාගේ හිතේ ශන්කර් කෙරේ ඇති බිය නැති කරන්නේ ලලිතා ආයෙ වෙන කෙනෙක් එක්ක පැනලා ගියා ගෑණු හින්ද මොකටද අපි අපි තරහ වෙන්නේ ශන්කර් කිසිම දෙයක් නිසා සුදා සමග තරහක් නැති බව පවසමිනුයි ඉන්පසු සුදා ශන්කර් හමුවීමට යාමට කැමති වෙනවා.


ඉන්පස්සේ ශන්කර්ගේ නිවසේ උඩු මහලට රැගෙන ගිය සුදාව ශන්කර් ආදරයෙන් පිලිගන්නවා ඔහුට මත් පැන් කෑම ලබා දුන්නාට පසු සුදා ගෙ හිතේ ශන්කර් ගැන තිබූ බිය පහ වී යනවා පසුව ශන්කර් ලලිතා ගැන කතාකරන්න පටන් ගන්නවා ඔහු සුදාගෙන් විමසන්නේ ලලිතාව කොහේ කොහේ එක්කගෙන ගියාද කියලයි අහපු ප්‍රශ්නයට සුදා ලලිතාව රැගෙන ගිය තැන් එකින් එක පවසන විට ශන්කර් ගේ සිරුර තුල සිටි තිරිසනා ක්‍රියාත්මක වීමට පටන් ගත්තා එක්වරම හුන් තැනින් නැගිටි ශන්කර් සුදාට බිම ඇද ගෙන වැටෙන්න පහරක් එල්ලකර මෙසේ පැවසුවා.


" ඉස්සරලාම තෝ මගේ ගෑණිව පන්නන් ගියා දැන් තෝ හදන්නේ මගේ ජාවාරම් වලටත් කෙලින්ඩද පරයා "


ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම සිවාජි නමැති මැරයා සුදාගෙ අත් දෙකෙන් අල්ලගෙන ඉන්න අතරේ බාබු ලේන්සුවකින් සුදාගේ ගෙල ටිකෙන් ටික සිරකරන්න ගත්තා මේ අතර ශන්කර් එක දිගට සුදාගේ රහස් ප්‍රදේශයට එක දිගට පහර දුන්නා මේ සියලු දස වද අවසානයේ සුදාගේ දිවි තොර වූවා ඉන් එම කාමරේම සුදාගේ සිරුරට ප්‍රෙට්රල් යොදා ගිනි තැබුවා ඉන් පසු සුදාගේ සිරුර දැවී ඉතිරි වූ කොටස් පෙරියනගර් සිට කිලෝ මීටර් පනහක දුරක තිබූ මහ මුහුදට දමා ආපසු පාන්දර නිවසට පැමිණියා නිවසට පැමිණ ශන්කර් දුටුවේ සුදාව ගිනි තැබූ කාමරය දුමෙන් කලු වී ඇති බවයි ඒ වෙලාවෙම තීන්ත ආලේප කරන්නෙකුට කියා නැවත තීන්ත ආලේප කර දැමුවේ සියලු සාක්ෂි මකා දැමීමටයි.


ඉන් පසු දින දෙකක් පමණ කිසිදු ප්‍රශ්නයක් නැතිව ගෙවී ගියත් තුනවන දින ශන්කර් හමුවට ආ සුදාගේ මිතුරෙක් වන රවී ශන්කර්ගෙන් විමසුවේ සුදා කොහේද කියායි ශන්කර් ඒ වෙලාවේ හැටියට තව දවස් දෙක තුනකින් සුදා ගෙදර එයි යනුවෙන් පවසා රවී ව පිටත් කලත් රවී නැවත නැවත පැමිණ සුදා ගැන විමසීම ශන්කර්ට මහා කරදරයක් වුනා 1988 මාර්තු 14 රවී නැවත සුදා ගැන විමසීමට රංගනාත්පුරම් වල ශන්කර් ගේ සොයුරා වන මෝහන්ගේ නිවසට රාත්‍රී නවයට පමණ පැමිණියා.


මේ වෙලාවේ මෝහන් සහ ඔහුගේ අයියා වන ගෞරී ශන්කර් ඇල්ඩීන් බාබු සහ සිවාජී යන අය මෝහන්ගේ නිවසේ මත්පැන් පානය කරමිනුයි හිටියේ ඒ වෙලාවෙ එතනට ආපු රවී කෙලින්ම ඔවුන්ගෙන් ඇහුවේ සුදාට කුමක් කලේද යන වගයි මේ වෙලාවේ බොහොම ආදරෙන් රවීට කතා කරපු ශන්කර් ඔහුට මත් පැන් පානය කිරීමට ආරාධනා කෙරුවා මත් පැනට කවුද අකමැති ඉතින් රවී පිරිසත් සමග එකතුව මත් පැන් පානය කිරීමට පටන් ගත්තා ඊට පස්සේ ශන්කර් රුපියල් සීයක් දීලා රවීට කියනවා විදේශීය මත්පැන් බෝතලයක් රැගෙන එන ලෙස රවී එතනින් පිටත් වූවාට පසු ශන්කර් ඇතුලු පිරිස වෙනම සැලසුමක් කතිකා කරගන්නේ රවීගේ කරදරයෙන් සදහටම නිදහස් වීමටයි .


ටික වෙලාවකට පස්සෙ රවී මත්පැන් බෝතලයත් රැගෙන ආවට පස්සේ ඔවුන් සියලු දෙනාම එකතුව එය පානය කරනවා රවී ටිකෙන් ටික මත් වූවාට පසු ශන්කර්ගේ මුහුණටම පවසන්නේ ඔවුන් ලලිතාව සහ සුදාව මරා දමා ඇති බව තමන් දන්නා බවත් එය පොලිසියට නොකීමට නම් තමන්ට අලුත්ම ත්‍රී රෝද රථයක් ලබා දෙන ලෙසයි නමුත් රවී දැන සිටියේ නෑ කොතරම් නම් භයානක පිරිසක් සමගද මෙවැනි දෙයක් කතා කරන්නෙ කියා.එක් වරම රවී මතට කඩා පැන්න සියල්ලොම සුදාගේ දිවි තොර කල ආකාරයටම රවීවත් ඝාතනය කලා ඉන් පසු රාත්‍රියේම කම්කරුවෙක් ගෙන්වාගෙන අරක්කු සැගවීමට කපන වලක් බව අගවා කම්කරුවාට කියා තරමක් ගැඹුරු වලක් කපවාගෙන කම්කරුවා ආපසු ගියාට පසු රවී ගේ සිරුරද වල දැමුවා ශන්කර් සිතුවේ දැන් සියලු ප්‍රශ්න නිමයි කියායි නමුත් එය එසේ සිදු වූවේ නෑ .


ටික දිනකට පස්සේ රවීගේ මව ශන්කර්ගෙන් විමසුවේ රවී කොහෙද කියායි ශන්කර් සිතුවේ මේක මහා කරදරයක් බවයි එකා එකා හොයන්න එන එවුන් මරන්න ගත්තොත් ඔහුට දිගටම මිනිස්සු මර මරා ඉන්නට සිදුවන බවයි මෙය ශන්කර් මෝහන්ට පැවසුවාට පසු මෝහන් රවී ගේ මවට රවී ලියන ආකාරයට ලිපියක් ලිව්වේ තමන් බොම්බායේ රැකියාවකට ගිය බවත් මාස හය හතකින් නැවත පැමිණෙන බවයි ලිපිය කියවූ රවී ගේ මව නැවත ශන්කර් ලගට රවීව සොයා නොපැමිණියාය මොහාන්ගේ සැලැසුම සාර්ථක විය ශන්කර්ට සැනසිල්ලක් දැනින.නැවත ශන්කර් තම ජාවාරම් මෙහෙයවගෙන සැනසිල්ලේ කාලය ගත කරන්නට විය .


1988 මැයි 29 වන දින ශන්කර්ගේ ගණිකා මඩමේ සේවය කරණ අනීතා නමැති තරුණිය ගැණුම් කරුවෙකුට සේවය සපයා ආපසු ඇල්බී පාරේ පා ගමනින් එන විට එතනට පැමිණි මිතුරන් තිදෙනෙක් වන සම්පත් ,මෝහන්,ගෝවින්ද රාජ් අනීතා හට කරදර කිරීමට පටන් ගත්තා එවලේ එතන සිටි ඇල්ඩීන් එය නතර කිරීමට උත්සහ කලත් තරුණයෝ තිදෙනා ඇල්ඩීන්ට පහර දුන් නිසා ඔහු පලා ගියා ඇල්ඩීන් කෙලින්ම ගියේ ශන්කර් හමුවටයි ඔහු සියලු සිදුවීමම ශන්කර්ට පැවසුවා එය අසා ශන්කර් කෝපයෙන් වියරු වැටුනා මන්ද යත් ඒ තරුණයන් තිදෙනා අනීතට කරදර කරපු දෙවන අවස්ථාවයි මේ .


ඒ වෙලාවෙම තම කල්ලියත් එක්ක ඇල්බී පාරට ගිය ශන්කර් ඇතුලු පිරිස යකඩ පොලු වලින් තරුණයන් තිදෙනාට මහ ජනතාව බලා සිටිද්දීම පහර දුන්නා ඉන්පසු මෝහන්ගේ හොරකසිප්පු තිත්පලටත් ඔවුන්ව රැගෙන ගොස් තරුණයන්ගේ සිරුරු ලෙයින් නැහැවෙන තුරු පහර දුන්නා එදින සවස පහට පමණ අඩපණව සිටි තරුණයන් තිදෙනා තම ත්‍රී රෝද රථයේ දමාගෙන ශන්කර් ගේ නිවසට රැගෙන ගොස් ගබඩා කාමරයකට ඔවුන්ව දමා දොර අගුල් දැමුවා මේ තමයි ශන්කර් මහ දවාලේ මැර ක්‍රියාවක් කල ප්‍රථම අවස්ථාව අවට සිටි මිනිසුන් සියල්ලොම ශන්කර්ගේ නිවස වටා රොක් වුනා නමුත් ශන්කර් දැන සිටියා ඔහුට තිබූ දේශපාලන බලය පොලිස් බලය නිසා කිසිවෙකුට කීසිවක් කල නොහැකි බව එනිසා තරුණයන් ගේ ලෙයින් නැහැවුණ ඇදුමෙන්ම නිවස ඉදිරිපිට සිටි පිරිස වෙත ආ ශන්කර් තර්ජනාත්මකව පැවසුවේ 


" එකෙක් හරි මේ ගැන කටක් හෙල්ලුවොත් ඒකටත් වෙන්නේ මුන්ට වෙච්ච දේමයි තොපිට තේරුණාද..?


ශන්කර් පැවසූ එවදන් අසා බියට පත් ජනයා වහා එතනින් පැන දිව ගියා පහුවදා උදේම ගබඩා කාමරය ඇරල බලපු ශන්කර් දැක්කේ සම්පත් සහ මෝහන් මිය ගොස් ඇති බවත් ගෝවින්ද රාජ් පමණක් ඉතිරිව පණ පිටින් සිටින බවයි ඊලගට ශන්කර් සිතුවේ දෙන්නෙක් මැරිලා එකෙක් ජීවත් වෙන එක පස්සට කරදර වීමට ඇති බවයි එම නිසා එවලේම ශන්කර් ගෝවින්ද රාජ්ගෙත් බෙල්ල මිරිකලා මරල දානවා.

ඊට පස්සෙ තම කල්ලියත් එක්ක එකතු වෙලා පාන්දර දෙකට පමණ ශන්කර්ගේ නිවසට මදක් දුරින් පිහිටි අලුතෙන් හදන ගොඩනැගිල්ලක පුරවා තිබූ පස් ඉවත් කර සිරුරු තුනම එහි වල දමනවා .


මේ අතර ඝාතනය කර දැමූ තරුණයන් ගේ පවුල් වල අය තිරුමන්නමේර් පොලීසියට තරුණයන්ගේ අතුරුදන් වීම හා ශන්කර් ගේ පහර දීම ගැන පැමිණිල්ලක් දමන්නට ආවත් පොලීසිය ඔවුන්ව පිටත් කර හරින්නේ මෙහෙ එහෙම කිසිම කලබලකාරී දෙයක් සිදු වුනේ නැතැයි පවසමින්ය මේ වන විට ශන්කර් විසින් ඝාතන හයක් සිදුකොට තිබුණා ඝාතන තුනක් කිසිවෙකුත් නොදැන සහ ඝාතන තුනක් සියල්ලෝම දැනුවත්ව නමුත් මේ කිසිම ඝාතනයකට ශන්කර් ගෙන් ප්‍රශ්න කිරීමට එකදු හෝ නීතිය රකිනා පොලිස් නිලධාරියෙක් සිටියේ නෑ සියල්ලෝම ශන්කර්ගේ මුදල් නමැති මස් කටු ලොවනා සුනඛයින් බවට පත්ව සිටියා පොලිස් නිලධාරීන්ගේ මේ නිවට වැඩ නිසා ශන්කර් වැනි අපරාධ කරුවන් නිදහසේ උපරිමය භුක්ති වින්ඳා.


මේ අතර මදුරාසියේ තවත් එක් ඛේදජනක සිදුවීමක ආරම්භයක් ඇති වුනා ඒ මදුරාසිය අවට තරුණියන් අතුරුදන් වීමට පටන් ගත්තා ඒ තරුණියන්ගේ දෙමව්පියන් පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ගියත් ඔවුන් එම අතුරුදන් වීම් තඹේකටවත් මායිම් කලේ නෑ අතුරුදන් වීම් එන්න එන්නම වැඩි වෙලා තරුණියන් නව දෙනෙක්ගේ අතුරුදන් වීමත් එක්ක පොලිසිය නිදා සිටි මර නින්දෙන් ඇහැරුණා මේ වන විට තමිල්නාඩුවේ මහ ඇමති m.g රාමචන්ද්‍ර මියගොස් සිටි නිසා මහ ඇමති සියලු බලතල හිමිව තිබුණේ p.c ඇලැක්සැන්ඩර් හටයි තරුණියන් නව දෙනෙකුගේ අතුරුදන් වීමේ සිදු වීම p.c ඇලැක්සැන්ඩර් දැනගත් වහාම ඔහු මේ ගැන සෙවීමට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් පිටත් කර හැරියා මෙම පිරිසේ ප්‍රධානියා වුනේ D.I.G ජාෆර් අලී යන නිලධාරියායි .


නමුත් තරුණියන්ගේ අතුරුදන් වීමට අධාල කිසිම දෙයක් සොයා ගැනීමට දින ගණනාවක් උත්සහ කලත් ඒ මෙහෙයුම් කණ්ඩායමට නොහැකි වුණා මේ අතර මදුරාසියේ ත්රූන්ඩියාපෙට් කියන පැත්තේ ශාන්ති නමැති තරුණියක් ඇදුම් මැසීමේ කටයුත්තකට ගොස් රාත්‍රියේ පා ගමනින්ම නිවසට එන අතර මග තැබෑරුම් පලක් අසල දී ඇය ඉදිරියට ආ ත්‍රී රෝද රථයක් එක්වර නතර කර රථයේ රියදුරා ඇයව බලහත්කාරයෙන් රියට දමා ගැනීමට සැරසෙද්දී ඇයගේ විලාපය අසා තැබෑරුමේ සිටි සියල්ලෝම එතනට පැමිණෙනවා දුටු ත්‍රී රෝද රථයේ රියදුරා වහා රථයට නැග පලා ගියා.


එම සිදුවීම අතුරුදන් තරුණියන් සොයා ගැනීමට යොදවා තිබූ විශේෂ මෙහෙයුම් කණ්ඩායමේ අයටත් ආරංචි වෙනවා ඔවුන් එවලෙම උපකල්පනය කරනවා තරුණියන්ගේ අතුරුදන් වීමට මේ කියනා ත්‍රී රෝද රථ රියදුරාගේ සම්බන්ධයක් ඇති බවට ඔවූන් වහා ශාන්ති නමැති යුවතියගෙන් සහ පසුව තැබෑරුමේ සිටින අයගෙන් ප්‍රශ්න කරනවා මේ අවස්ථාවේදී පලමු වරට මෙහෙයුම් නිලධාරීන්ට එක් බේබදු පුද්ගලයකූගෙන් දැන ගැනීමට ලැබෙනවා ගෞරී ශන්කර් කියනා දාමරිකයෙක් පිලිබදව .


ඉන්පසු විශේෂ මෙහෙයුම් නිලධාරීන් ගෞරී ශන්කර් ගැන අපරාධ වාර්ථා සෙව්වත් ගෞරී ශන්කර්ට විරුද්ධව කිසිදු අපරාධ චෝදනාවක් වාර්ථා වී තිබුණේ නෑ එයට මූලිකම කරුණ උනේ මුදල් නමැති අසූචී ගිල දමන පොලිස් නිලධාරීන් යැයි කියනා සුනඛයින්ගේ අසික්කිත ක්‍රියාකාරකම්ය ඔවුන් ගෞරී ශන්කර්ට විරුද්ධව කිසිම අපරාධ වාර්තාවක් සටහන් නොකිරීමට වග බලාගෙන සැදී පැහැදී සිටියා.


මේ අනුව විශේෂ මෙහෙයුම් නිලධාරීන් හට ගෞරී ශන්කර් ප්‍රශ්න කිරීමට ගෙන්වීමට අභියෝගාත්මක කරුණක් වුනා 


මේ අතර ගෞරී ශන්කර් විසින් දෙනෝ දාහක් ඉදිරියේ යකඩ පොලු වලින් ගසා මරා දැමූ තරුණයන් තිදෙනාගෙ පවුල් වලින් සම්පත් ගේ බිරිද පමණක් තම සැමියාට කල අපරාධයට ගෞරී ශන්කර් වගකිව යුතු බවට පැමිණිල්ලක් p.c ඇලැක්සැන්ඩර් දක්වාම ගෙන ගියා ඒ පැමිණිල්ල පසුව විශේෂ මෙහෙයුම් කණ්ඩායම අතට පත් වුනා 

මේ අනුව විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ගෞරී ශන්කර් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොටක් පෑදුනා .


1988 ජූලි 6 වනදා තාම්බරාම් බස් නැවතුම්පලේදි විශේෂ මෙහෙයුම් කණ්ඩායම බාබුව අත්අඩංගුවට ගන්නවා බාබුගෙන් කොපමණ ප්‍රශ්න කලත් ඔහු ශන්කර්ට විරුද්ධව වචනයක් වත් කියන්නෙ නෑ පසුව මෙහෙයුම් නිලධාරීන් බාබුගෙන් අසනවා රජයේ සාක්ෂි කාරයෙක් වෙලා නිදහසේ ජීවත් වෙනවද නැත්නම් එල්ලුම් ගහට යනවද කියලා මේ ප්‍රශ්නයෙන් භීතියට පත් වන බාබු ගෞරී ශන්කර් පිලිබද හැම දෙයක්ම වමාරනවා 


ඒ අනුව ඊට පසු දින එනම් 1988 ජූලි 7 වනදා ගෞරී ශන්කර්ව ඔහුගේ නිවසේදී අත්අඩංගුවට පත් වෙනවා ඒ එක්කම විශේෂ මෙහෙයුම් නිලධාරීන් හට ශන්කර්ගේ දින පොතක් හමු වෙනවා එහි ඔහු මුදල් ලබා දුන් පොලිස් අධිකාරිවරුන් සහ තරුණියන්ව සැපයූ මැති ඇමති වරුන්ගේ නම් සහ ඔවුන් ගණිකාවන් සමග සිටින අයුරු දැක්වෙන ඡායාරූප රාශියක් හමුවෙනවා නමුත් අවසානේ එම මැති ඇමතිවරුන්ගේ චරිතයට කැලලක් ඇති වේයැයි සිතා සියලු ඡායාරූප රජයේ ඉහල නිලධාරීන්ගේ අනු දැනුම මත විනාශ කර දමනවා ඒ වගේ මුදල් ලබාගත් ඉහල පොලිස් අධිකාරී වරුන්ගේ නම් හැලී ගොස් සාමාන්‍ය පොලිස් නිලධාරීන් දොලොස් දෙනෙක්ගේ නම් පමණක් ඉතිරි වන්නේ විශ්ම ජනක ලෙසයි ඒ පොලිස් නිලධාරීන් දොලොස් දෙනාගෙ වැඩ තහනම් කර පොලිස් සේවයෙන් නෙරපා හරින්නේ පහත් තැනින් යයි ගලා ජලේ කියන දේ සනාත කරමින්ය.


පසුව ශන්කර්ගේ සොයුරා මෝහන් සහ ඇල්ඩින්වත් පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගත්තා ඉන් පසුව ඔවුන්ගේ කල්ලියේ අනෙක් පිරිසත් අත් අඩංගුවට ගත්තා අවසානේ ගෞරී ශන්කර් සියලු ඝාතන ගැන පාපොච්චාරණය කලා ඉන් පසුව වල දමා තිබූ මළ සිරුරු පහක් නැවත ගොඩ ගනු ලැබුවේ ශන්කර් පැවසූ තොරතුරු අනුවයි සූදාගේ සිරුර පමණක් සොයාගැනීමට නොහැකි වුනේ ඒ සිරුර දවා ඉතිරි කොටස් මුහුදට විසිකල නිසයි මත්ද්‍රව්‍ය වෙළදාම මිනී මැරුම් ගණිකා තැරුව් වැඩ මේ සියල්ලම ගෞරී ශන්කර් ත්‍රී රෝද රථයක් ආධාරයෙන් කල නිසා ඉන්දියාවේ සියලු ජන මාධ්‍යය න් ගෙන් ගෞරී ශන්කර්ව බව්තීස්ම කෙරුවේ ඔටෝ ශන්කර් ලෙසයි


මදුරාසියේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා ගෙන සිටි ගෞරී ශන්කර් ඇතුලු පිරිස1990 අගෝස්තු 21 වන දා බන්ධනාගාරයෙන් මිදී පලා යාමට සමත් වෙනවා මෙයට බන්ධනාගාරයේ නිලධාරීන්ගේ පූර්ණ සහය ලැබී තිබෙනවා ශන්කර්ගේ මුදල් බලය හේතුවෙන් බන්ධනාගාර ගත වුවත් සුකුමාර ජීවිතයක් බන්ධනාගාරයෙන් මිදී පලා යන තෙක් ගත කල බවයි කියවෙන්නේ ඔහුට කාන්තාවන් හැර අනෙක් ඕනෑම දෙයක් ඔහු කියූ සැනින් ඔහුට ලබා දීමට බන්ධනාගාර ජේලර්වරු සැදී පැහැදී සිටියා.


ඒ වුනත් ශන්කර් දැනගෙන හිටියා ඔහුගේ අපරාධ වලට කෙදිනක හෝ මරණ දඬුවම හිමි වෙන බව මේ නිසාම ශන්කර් ඔහුගේ පලා යාමට සැලසුම සකස් කොට හැම නිලධාරියෙක්ම ඔහුගේ මුදල් වලින් අවනත කරගත්තා මුදලට අවනත නොවන අයට තර්ජනය කලේ ඒ අයගේ නම් උසාවියේදි කියන බවටයි ඔහුගේ තර්ජන වලට බිය වූ මුදලට නොවිකෙණ නිලධාරීන් පවා ශන්කර්ට අවනත වුනා ඒ අනුව 1990 අගෝස්තු 20 ශන්කර් ගේ සිරකුටිය බන්ධනාගාර නිලධාරීන්ගේ සැලසුමකට අනුව අගුල් දැමුවේ නෑ ඊට අමතරව අනෙක් සිරකරුවන් වූ ඔහුගේ සහෝදරයා ඇතුලු සගයන්වද ශන්කර් සිටි සිර මැදිරියට මාරු කරනු ලැබුවා පසුව මැදියම් රැයේදි සිර මැදිරියෙන් පිටතට පැමිණ ශන්කර් ප්‍රමුඛ කල්ලිය බන්ධනාගාර තාප්පයෙන් පැන ගෙන ඒ අසලම තිබුණ පාර්ක් දුම්රිය ස්ථානයෙන් අතුරුදන් වුනා ශන්කර් ගේ පලායාම පරීක්ෂණ කරපු නිලධාරීන්ට බන්ධනාගාර තාප්පය මත ඔවුන් සියලු දෙනාගේම පා සලකුණු පැහැදිලිව දක්නට ලැබුණා.


ශන්කර්ගේ පලායාම නිසා මදුරාසි පොලිසිය දැඩි අපහසු තාවයකට පත් කලා මහ ජනතාවද මේ නිසා නොසන්සුන් වුනා මේ නිසාම මදුරාසි පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කෙරුවේ විශාල නිලධාරීන් ප්‍රමාණයක සහභාගීත්වයෙන්. එපමණක් නොව දේශපාලන වශයෙන් m කරුණානිධි විසින් මදුරාසි පොලිසියට දැඩි බලපෑමක් එල්ල කලා ශන්කර් ඉක්මණින් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් .


මැති ඇමති විශාල ප්‍රමාණයකගේ සහ පොලිස් අධිකාරී වරු විශාල ප්රමාණයකගේ රහස් ශන්කර් දැන සිටි නිසා මහ ජනතාව සිතුවේ ශන්කර් කෙදිනකවත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වේ යැයි කියායි අත්අඩංගුවට ගත්තත් ශන්කර් ජීවතුන් අතර තබා ගනියිද කියාත් සැකයක් ජනතාව අතර සැකයක් හට ගෙන තිබුණා නමුත් ඒ සියල්ල බොරුවක් බවට පත් කර මදුරාසි පොලිසිය දස දිනක් ඇතුලත සිරකරුවන් පස් දෙනාගෙන් තිදෙනෙක් ශන්කර් සහ ඇල්ඩීන් සහ සිවාජීව ඔඩිස්සා වලදි අත්අඩංගුවට ගෙන මදුරාසියට රැගෙන ආව ඉන්පසු ඔවුන් තිදෙනාව චෙංගල්පට්නම් උසාවියට ඉදිරිපත් කෙරුවා උසාවියේදී ඝාතන හයම තමා කල බව ශන්කර් පිලිගත්තත් ඒ සියල්ලටම තමා නිර්දෝෂි බවත් මේ සියල්ල ඔහුට ඉගැන්වූයේ චිත්‍රපට විසින් බව ශන්කර් පැවසුවා නමුත් ඒ කතාව ඔහුව දඬුවමෙන් මුදවාගැනීමට ප්‍රමාණවත් වුනේ නෑ.


සියලු සාක්ෂි විමර්ශන වලින් අනතුරුව තරුණියන් නව දෙනාගේ අතුරුදන් වීමට ශන්කර් වගකිව යුතු යැයි ඔප්පු කර ගත නොහැකි වුවත් මිනිස් ඝාතන හයක් සිදු කල වරදට 1991 මැයි 31 වනදා ශන්කර්ට ,ඇල්ඩීන්ට සහ සිවාජීට මරණ දඬුවම නියම කරනවා ඊට අමතරව ශන්කර්ගේ කල්ලියේ අනෙක් පිරිස වන ජය වෙල්ලු ,පලනී ,පරමසිවම්,රාජාරාමන් ,රවී යන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා 


මීට අමතරව පැන ගිය මෝහන්ව ඒ අවුරුද්දේම ජූනි මාසයෙ පූනේ වලිනුත් සෙල්ව රාජ්ව අගෝස්තු මාසයේ බොම්බායෙනුත් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කලාට පසු ඔවුන් දෙදෙනාටත් ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් නියම වෙනවා 


තරුණියන් නව දෙනා අතුරුදන් කල අපරාධ කරු සොයා ගැනීමට පොලිසියට හැකි නොවුනත් පසුව ශන්කර් විසින් පිලිගනු ලැබුවා ඒ තරුණියන් පැහැර ගෙන මැති ඇමති වරුන්ගේ පොලිස් අධිකාරි වරුන්ගේ මන දොල පිනවීමට යොදාගෙන පසුව තරුණියන්ව මරා දමා අතුරුදන් කලේ තමා බව නමුත් පාදඩ දේශපාලනයට අනුව පාදඩ නීතියට අනුව මේ වැරදි වලට වගකිව යුතු කිසිම මැති ඇමති පොලිස් අධිකාරිවරයෙක් ගේ නමක් ප්‍රසිද්ධියට පත් වුනේ නැහැ නීතිය රකින නිලධාරීන් අසික්කිත ලෙස එම සියලු සාක්ෂි ඡයාරූප විනාශ කර දැමුවේ යලි හෙලි නොවන ලෙසයි.


අවසානයේ 1995 අප්‍රියෙල් 27 වන දින සේලම් මධ්‍යම බන්ධනාගාරයේදී ගෞරී ශන්කර්ව සහ ඇල්ඩීන් සහ සිවාජීව පෝරකයේ එල්ලා මරා දමනු ලැබුවා .ගෞරී ශන්කර් හට දේශපාලකයින්ගේ සහ නීතිය රකිනා නිලධාරීන්ගේ සහයෝගය නොලැබුනා නම් ඔහු කෙදිනකවත් ඔටෝ ශන්කර් කියන දාම ඝාතකයා නොවන්නට ඉඩ තිබුණා අපරාධ ලෝකයේ රජ කරන්නෙක් නොවන්නට ඉඩ තිබුණා ඉතින් අවසාන වශයෙන් මා සටහන් කරන්නේ ඔබේ මගේ ගමේ නගරයේ ප්‍රධාන පොලිස් ස්ථාන වල අදටත් මුදලට මත්පැනට ලොල් නීතිය රකිනා පොලිස් නිලධාරීන් යයි කියනා විශාල සුනඛයින් පිරිසක් අපරාධ කරුවන් නිර්මාණය කරමින් සිටින බව සහ එම අපරාධ කරුවන්ට සෙවන දීමට දේශපාලන නායකයින් සැදී පැහැදී සිටින බවයි.





Comments

  1. ආසියානුකරයේ කොයි රට ගත්තත් මේ කතාව මෙහෙමමයි නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එහෙම්මම තමා

      Delete

Post a Comment

Popular posts from this blog

වික්ටර්

කවන්ධය