වර්මා පවුලේ ඝාතනය
මේ කතාව කියවන ඔබට මෙහෙම හිතේවි දරුවෝ නැති උනොත් ජීවිතේටවත් දරුවෙක් අරන් හදා වඩා ගන්නේ නම් නෑ කියලා එහෙම මම මුලින්ම කිව්ව හේතුව මේ කතාවේ අවසානයේ ඔබට දැන ගැනීමට ලැබේවි
දිල්ලියේ ද්වාර්කා දිස්ත්‍රික්කයේ රාජ්නගර් වල තමයි වර්මා පවුලේ අය ජීවත් වුනේ හතර දෙනෙකුගෙන් සමන්විත මේ ආදරණීය පුංච් පවුල හැමදාම එකටම තමයි ජීවත් වුනේ පවුලේ වැඩිමලා විනෝද් වර්මා රැකියාව ලෙසට දුරකථන ක්‍රියා කරවන්නෙකු ලෙස රැකියාව කලා ඔහුගේ බිරිද ගේ දොර වැඩ කටයුතු බලාගෙන හිටියා ඔහුගේ එකම පුතා නිතින් වර්මා පුද්ගලික ආයතනයක සේවය කලා නිතින් වර්මාගේ බිරිද පූජා වර්මා පුද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කලා මේ පවුල ගොඩක් සතුටින් තමා ජීවත් වුනේ ඒ සතුට දෙගුණ තෙගුණ වුනේ පූජා වර්මා මවක් වී ඇති බව දැන ගත්තාට පසුයි .
2008 අප්‍රියෙල් 18 වන දින රාත්‍රියේ වෙහෙසකර සේවා නිමාවකින් පසු නිතින් ඔහු සේවය කල ආයතනයේ සිට තම යතුරු පැදියෙන් නිවසට ගමන් කලා නිවසට ඉක්මණින් යාමේ අභිලාෂයෙන් ඔහු තම යතුරු පැදියේ වේගය තව තවත් වැඩි කලා හරියටම බුද්ධ ජයන්ති මාවත ලගදී ඔහුගේ යතුරු පැදිය ලිස්සා ගොස් අනතුරකට භාජනය වෙනවා අතපය කැපිලා සුලු තුවාල කිහිපයක් ඔහුගේ ශරීරයේ ඇති වෙනවා ඇති වූ අනතුර නිසා හටගත් කම්පනය නිසා තව දුරටත් යතුරු පැදියේ ගමන් කිරීම ඔහුට අපහසු වෙනවා මාවතේ පසෙකින් වාඩිවුන ඔහු ප්‍රථමයෙන් තම බිරිදට ඇමතුමක් කිහිපයක් දෙනවා නමුත් බිරිදගෙන් ප්‍රතිචාරයක් නොවූ තැන තම පියාට ඇමතුමක් දෙනවා එයටත් ප්‍රතිචාරයක් පියා නොදැක් වූ නිසා නිවසේ ස්ථාවර දුරකථනයටත් ඇමතුමක් දෙන්නේ තම මව හෝ කතා කරාවි යන බලා පොරොත්තු වෙන් නමුත් එයටත් ප්‍රතිචාරයක් කිසිවෙකුගෙන් නොවූ නිසා රාත්‍රී 12.40ට තම බාප්පා වූ විජේ වර්මාට ඇමතුමක් දී තමන්ට සිදු වූ අනතුර ගැන කියලා තමන්ව රැගෙන යන්න එන ලෙස පවසනවා ඒ එක්කම තමාගේ නිවසට ගිහින් නිවසේ අය තම ඇමතුම් වලට ප්‍රතිචාරයක් නොදක්වන්නේ ඇයිද නිවසේ කුමණ හෝ කරදරයක්ද කියා සොයා බලන ලෙස පවසනවා
විජේ වර්මා ජීවත් වුනේ නිතින් වර්මා පදිංචි වෙලා ඉන්න තැනට ගොඩක් දුරින් ඔහු වහාම තමන්ගේ පුතාල දෙන්නෙක් නිතින් අනතුරට ලක් වෙලා ඉන්න තැනට යවනවා නිතින්ව රැගෙන එන ලෙස පවසා ඒ අතරම තම සොයුරා වන විනෝද් වර්මාට ඇමතුමක් ගන්නවා සෑහෙන වතාවක් උත්සහ කරලත් ප්‍රතිචාරයක් නොවූ තැන විනෝද් වර්මාගේ අසල් වැසියෙක් වුන විරේන්ද්‍ර සිංට ඇමතුමක් දීලා පවසනවා විනෝද් වර්මා ගේ නිවසට ගිහින් ඔවුන්ට කරදරයක් සිදු වී ඇද්ද කියා සොයා බලන ලෙස විරේන්ද්‍ර සිං ඒ වෙලාවෙම ගිහින් විනෝද් වර්මාගේ නිවසේ සීනුව නාද කරනවා දොරට තට්ටු කරනවා උස් හඩින් කතා කරලා බලනවා ඒත් නිවස තුලින් කිසිම ප්‍රතිචාරයක් නොවූ නිසා මේ බව විජේ වර්මාට පවසනවා එයට පිලිතුර ලෙස විජේ වර්මා පවසන්නේ වහාම නිවසේ දොර කඩා දමා සොයා බලන ලෙසයි ඒ අසා විරේන්ද්‍ර සිං නිවසේ දොර කැඩීමට පෙර නිකමට දොරට තල්ලුවක් දැමුවා ඔහුව පුදුමයට පත් කරමින් දොර නිකන්ම විවර උනා දොරේ අගුල යොදා තිබුනේ නෑ විරේන්ද්‍ර සිංට මෙය මහා අමුත්තක් මෙන් දැනුනා ඔහු හෙමීට නිවස තුලට ඇතුල් වුනා නිවසට ඇතුල් වුන ගමන්ම එක්වරම නිවසේ සාලයේ විනෝද් වර්මාගේ ලෙයින් නැහැවුන මළ සිරුර දැක විරේන්ද්‍ර සිං අධික බියට පත් වුනා ඔහු කෑ ගහගෙන නිවසෙන් පිටතට පැමිණ මේ ඝාතනය ගැන විජේ වර්මාට කිව්වා
ඇසුන පුවත නිසා විජේ වර්මා වහා යුහුසුළුව තම සොයුරාගේ නිවසට ආවා නිවසේ සාලයේ තම සොයුරාගේ ලෙයින් නැහැවුන මළකඳ තිබුණා තව දුරටත් ඉහල මහලයේ බලන විට සොයුරාගේ බිරිදගේ ලෙයින් නැහැවුණ මළකඳ තිබුණා නිතින්ගේ කාමරය දෙසට යන කොට විජේ වර්මාට කාමරයේ දොර ලග දක්නට ලැබුනේ හය මස් වියැති ගැබිණියක් වුන පූජා වර්මාගේ ලෙයින් නැහැවුණ මළකඳයි නිවසේ බිම බිත්තිවල හැම තැනම රුධිරය විසිරිලා තිබුණේ භයංකාර ලෙසටයි මේ සියල්ල දැකලා තැති ගත්ත විජේ වර්මා වහාම පොලීසියට ඇමතුමක් දී මේ සියල්ල පැවසුවා.
පොලීසිය වහාම අපරාධය සිද්ධ වෙලා තිබුන තැන වූ විනෝද් වර්මාගේ නිවසට පැමිණියා නිවසට පැමිණි නිලධාරීන්ට දක්නට ලැබුණේ හද සසල කරවන දර්ශනයක් පොලීසිය වහාම පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුවා ඔවුන් මුලින් සිතනවා මේක මංකොල්ල කාරයෝ පිරිසකගේ වැඩක් කියලා නමුත් ඒ අදහස සම්පූර්ණ බොරු වෙන්නේ නිවසේ තිබූ සියලු ස්වර්ණාභරණ ඒ ආකාරයෙන්ම තිබුණ නිසා සහ මිය ගිය පූජාගේ සහ ඇගේ නැන්දම්මා පැලද ගෙන සිටි කිසිම ස්වර්ණාභරණයක් සිරුරෙන් ඉවත් කර තිබුණේ නැහැ මේ අතරම අනතුරට පත්ව සිටි නිතින් වර්මාත් නිවසට එනවා ඔහු නිවසේ තම දෙමව්පියන්ට සහ තම ගැබිණි බිරිදට සිදුව ඇති භයංකාර දේ දැක එතනම ක්ලාන්තේ සෑදී ඇද වැටෙනවා ඉන් පසුව නිතින්ව වහාම දීන්දයාල් උපාධ්‍යා රෝහලට ප්‍රතිකාර සදහා යොමු කරනවා
පසුව ඝාතනය කර තිබූ ශරීර පොලිස් නිලධාරීන් පරීක්ෂා කර බලනවා සිරුරු තුනෙන් විනෝද් වර්මාගේ සිරුරේ භයානක පිහිපහරවල් රාශියක් තිබුණා ඔහුගේ බඩට ගෙලට මූණට පිහිපහරවල් එල්ලවී තිබුණා පොලීසියට පෙනුනා අපරාධ කරුවා වෛරීය චේතනාවෙන් මේ පිහි පහරවල් එල්ල කරලා තියෙන්නේ කියලා ඒ තරම් අනුකම්පා විරහිත පහරවල් රාශියක් තිදෙනාගේම සිරුරු වලට එල්ල වී තිබුණා
පොලීසිය සිතුවා මේ ඝාතකයා වර්මා පවුලෙන් පලිගන්න ඔවුන්ව මරා දාපු සතුරෙක් බව නිවසේ සියලු ඇඟිලි සලකුණු වාර්තා ලබාගෙන සියලුම සාක්ෂි සටහන් කරගෙන මුලින්ම විරේන්ද්‍ර සිංගෙන් ප්‍රකාශයයක් ලබා ගත්තා ඉන්පසු සිරුරු දීන්දයාල් උපාද්යා රෝහලට පිටත් කලේ මරණ පරීක්ෂණය සදහායි .
මරණ පරීක්ෂණය කල වෛද්‍යවරු මේ සිරුරු වල තිබූ පිහි ඇනුම් සංඛ්‍යාව දැක විශ්මයට පත් වුනා විනෝද් වර්මාගේ සිරුරට පිහිපහරවල් 18ක් එල්ල වී තිබුණා ඔහුගේ බිරිදගේ සිරුරේ පිහිපහරවල් 14ක්ද ගැබිණි මාතාවක් උන පූජා වර්මාට පිහිපහරවල් 49ක් එල්ල වී තිබුණා
එයින්ම පොලිසියට සනාත වුනා මේ ඝාතන සිදු කරලා තියෙන්නේ මේ පවුලේ කිසියම් සතුරෙක් විසින් බව පලමුව පොලීසිය විනෝද් වර්මාගේ සතුරන් පිලිබදව සොයා බැලුවා නිවසේ අසල් වැසියන්ගෙන් ඥාති හිත මිත්රාදීන් ගෙන් විමසුවා ඒත් කිසිම සතුරෙක් පිලිබදව පොලීසියට සොයාගැනීමට නොහැකි වුනා ඉන්පසුව පොලීසිය සිතුවා පවුලේ ඇතුලෙම කෙනෙක් මීට සම්බන්ධ ඇති කියලා මිය ගිය විනෝද් වර්මාගේ සහ ඔහුගේ බිරිදගේ ඔහුගේ ලේලිය පූජා වර්මාගේ දුරකථන පරීක්ෂා කර බැලුවත් සැකයට භාජනය කරගත හැකි කිසිවක් හමු වුනේ නෑ නමුත් නිතින් වර්මාගේ දුරකථන ඇමතුම් පරීක්ෂා කර බැලුවම ඝාතනය සිදු වුන දවසේ නිතින් පදිංචිව සිටි ප්රදේශයේම යුවතියකට 21වතාවක් ඇමතුම් ගෙන තිබුණා ඒ වන විටත් නිතින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ නිතින්ට සුව වූ වහාම නිතින්ව පොලිස් ස්ථානය කරා ගෙන්වූවා ප්‍රශ්න කිරීමට පොලිස් ස්ථානයට ආපු නිතින්ට නිලධාරීන් කිව්වා ඝාතනය වුන දවසේ සිදු වූ සියල්ල පවසන ලෙස නිතින් තමන්ට සිදු වූ අනතුර සහ ඊට පසුව නිවසට ඇමතුම් ගත් බව ඉන්පසු තම බාප්පාට ඇමතුම් ගත් බව මේ සියල්ල හෙලි කෙරුවා .
නමුත් නිතින්ගේ මේ ප්‍රකාශ පිලිගැනීමට නිලධාරීන් මැලි වුනා මන්ද යත් නිතින්ව පරීක්ෂාකර බැලු වෛද්‍යවරු පවසා තිබුණා ඔහුගේ ශරීරයේ තිබෙන තවාල අනතුරක් හේතුවෙන් සිදු වී නැති බව හා ඒ තුවාල නිතින්ගේ පවුලේ මිය ගිය අයගේ පිහි ඇනුම් තුවාල හා සමාන වී තිබුණා ඒ වගේම නිතින් අනතුරට පත් වුනා කියූ තැනට ගිය නිලධාරීන් එසේ අනතුරක් සිදු වූ බවට සලකුණක් දක්නට ලැබුණේ නැහැ ඒ වගේම නිතින්ගේ දුරකථන වාර්ථාවේ පැහැදිලිවම සදහන් වුනා ඝාතනය සිදුවුන දවසේ ඔහු නිවසට කිසිම ඇමතුමක් ගෙන නොතිබූ බව
ඊට අමතරව නිතින් පැවසුවා ඔහු ඝාතනය සිදු වුන දවසේ බොහෝ රෑ වෙලා තමා නිවසට ඒමට හැකි වුනේ කියලා නමුත් පූජා වර්මාගේ සොයුරෙක් සවස පූජාට ඇමතුමක් ගන්න විටත් නිතින් ගෙදර සිටින බව පූජා සොයුරාට පවසා තිබුණා මේ සියලු සාක්ෂි නිසා අවසානේ නිතින්ට සිදුවුනා සිදු වූ සියලු දේ වමාරන්න
2007 ජනවාරි වල නිතින් සහ පූජා ආදර සම්බන්ධයකින් විවාහ වෙනවා විවාහ වුන මුල් කාලේ දෙදෙනාම සතුටෙන් ඉදලා තියෙනවා ඒත් පස්සෙ ටිකෙන් ටික දෙදෙනා අතර අඩ දබර වීම් ඇති වෙලා තියෙනවා එයට ප්‍රධාන හේතුව උනේ නිතින්ගේ ආදර සම්බන්ධයක් පූජාගේ අතටම අසු වීම නිසයි ඔහු පූජා හා විවාහ වීමට පෙර සිට රාගිනී නමැති 19වියැති තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන සිටියා ඒ විතරක් නෙමේ විවාහයෙන් පසුවත් නිතින් මේ සම්බන්ධය දිගටම කරගෙන ගියා මුලින් රහසක්ව තිබූ සම්බන්ධය පූජා දැන ගත්තාට පසු පූජා නිතින්ගේ දෙමව්පියන්ටත් මේ ගැන පැවසුවා නමුත් නිතින් මේ සම්බන්ධය නතර කෙරුවේ නෑ ඔහුගේ බලාපොරොත්තුව උනේ රාගිනී සමග නව දිවියක් ඇරඹීමයි ඒ නිසා අඩ දබර නිතර ඇතිවුනා මේ අඩ දබර වීම් වලදී තම දෙමව්පියන් පූජාගේ පැත්ත ගෙන කතා කිරීම ඔහුට බැන වැදීම නිසා නිතින් පූජා ගැන දැඩි වෛරයකින් හිටියේ දවසෙන් දවස වෛරය වැඩි වෙලා අවසානේ නිතින් හිතනවා පූජාව මරලා දාන්න
2008 අප්‍රියෙල් 18 දවස උදා වුනා එදත් නිතින් ගේ රහස් ප්‍රේම සම්බන්ධය ගැන නිතින් පූජා දෙදෙනා අතර වාදයක් ඇති වුනා නිතින් ඒ එක්කම මුලුතැන්ගෙයි තිබුණ පිහියක් ගෙනැල්ලා පූජාට එක දිගට පිහි පහරවල් එල්ල කරා පූජා කෑ ගහන හඩ ඇහිලා එතනට ආපු තමන්ගේ අම්මට නිතින් පිහි පහරවල් එල්ල කරා මේ අතර පහල මහලේ සිටි විනෝද් වර්මා සාලයේ සිට මොකද කෑ ගහන්නේ කියලා අහලා තියෙනවා ඒ එක්කම ලේ පෙරාගත් ඇදුමෙන් විනෝද් වර්මා ලගට ආපු නිතින් තම පියාටද එක දිගට පිහි පහරවල් එල්ල කරා මේ සියල්ල සිදු වුනේ රාත්‍රී 9.30 ත් 9.35 ත් අතර කාල පරාසයේ ඝාතන කරන අතර ඒ පිහිය නිසාම නිතින්ටත් තුවල සිදුවුනා මන්ද ඝාතනයෙන් බේරීම සදහා පවුලේ අය ඔහු සමග පොර බැදූ නිසා ඉන් පසු ලේ තැවරුණු ඇදුම් ගලවා වෙන ඇදුමකින් සැරසී ඝාතනයට යොදාගත් පිහිය සහ ලේ තැවරුණ ඇදුම් ටිකත් අරගෙන තම යතුරු පැදියෙන් අසල තිබුණ දුම්රිය මාවතකට ගොස් පිහිය සහ ඇදුම් විසිකර දමනවා ඉන්පසුව තම යතුරු පැදිය පෙරලා දමා බාප්පාට ඇමතුමක් දෙනවා
තව දුරටත් පොලීසිය විමර්ශන කටයුතු කරන් යද්දී දැන ගන්නවා නිතින් වර්මා කසල ගොඩක විසි කරලා දාපු දරුවෙක් බව විනෝද් වර්මාට දරුවන් සිටියේ නැති නිසා විනෝද් වර්මා සහ ඔහුගේ බිරිද නිතින්ට දෙමව්පියන් වී ඔහුව රැක බලාගෙන ඇති දැඩි කලා කිසිම දාක නිතින්ට ඔහු අරන් හදාගත් දරුවෙක් කියලා දැනෙන්න දීලා නෑ කිසිම කෙනෙක් මේ බව නිතින්ට කියලත් නෑ පොලිස් නිලධාරීන් මේ සිද්ධිය දැනගන්නේ විජේ වර්මාගෙනුයි
සියලු විමර්ශන පරීක්ෂණ සාක්ෂි සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක උසාවිය විනෝද් වර්මා සහ ඔහුගේ බිරිද සහ පූජා වර්මාව ඝාතනය කිරීමේ වරදට නිතින් වර්මාට 2012 සැප්තැම්බර්4 මරණ දඩුවම නියම කරනවා නමුත් නිතින් වර්මා තම නඩුවේ තීන්දුව හයිකෝට් ඇපීල් කෙරුවම 2013 සැප්තැම්බර් 6 මරණ දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් ලෙස වෙනස් කරනවා අද මේ වන විට නිතින් වර්මා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින සිරකරුවෙක්ය.
Comments
Post a Comment