ෂර්මා පවුලේ සමූල ඝාතනය


 

මේ කතාව කියෙව්වම ඔබට ඔබේ මවට මල් තියලා වැන්ඳත් කමක් නෑ කියලා හිතෙයි .


2017 ඔක්තෝම්බර් 3 රාජේස්ථානයේ අල්වර් නගරයේ සිවාජී පාර්ක් කොලණියේ දෙමහල් නිවසක 

සන්ධ්‍යා ෂර්මා සහ කවිතා ෂර්මා කියලා අක්ක නගෝ දෙන්නෙක් උඩු මහලේ නිදාගෙන සිටියා පවුලේ අනිත් අය නිදාගෙන සිටියේ පහල මහලේය පසු දින හිරු උදාවත් සමග ගෙදර වතුර මෝටරය ක්‍රියාත්මක කරවීමට අක්ක නගෝ දෙදෙනාම පහල මහලට ආවා වතුර මෝටරේ ක්‍රියාත්මක කරලා නිවසේ පිරිස නිදා සිටි කාමරයට ඔවුන් දෙදෙනා ගියා නමුත් කාමරය ඇතුලේ සිදුව තිබූ භයංකාර දේ දැක ඔවුන් දෙදෙනා මර හඩ දුන්නා


ඔවුන් දෙදෙනාගේ කෑ ගැසීමේ හඩ අසා අහල පහල අසල් වැසි සියලු දෙනා විගස එම නිවසට පැම්ණියා

අසල්වැසි සියලු දෙනාත් පැමිණ නිවස ඇතුලේ තත්වය දුටු විට විමතියෙන් තැති ගත්තා නිවසේ පහල මහලේ හැම තැනකම රක්ත වර්ණ රුධිරයෙන් නැහැවී ගොස් තිබුණා විතරක් නෙමේ නිවසේ ගෘහ මූලික බන්වාරීලාල් ෂර්මා සහ ඔහුගේ දරුවන් තිදෙනා සහ බන්වාරීලාල් ගේ මල්ලිගේ දරුවෙකුත් කපා කොටා මරා දමා තිබුනා


අසල්වැසියෝ වහාම මේ සමූල ඝාතනය ගැන පොලීසිය දැනුවත් කලා සිද්ධිය දැනගත් පොලීසියත් වහාම එතනට පැමිණියා අසල් වැසියන් දුටුවා බන්වාරීලාල් සහ ඔහුගේ වැඩිමහල් දරුවා යාන්තමට හුස්ම ගන්න බවක් පොලීසිය වහාම ඔවුන් දෙදෙනාව රෝහලට යැව්වත් ඔවුන් දෙදෙනා බේරාගැනීමට නොහැකි උනා දෙදෙනාම මියගියා


පොලීසිය වහාම පරීක්ෂණ කටයුතු පටන් ගත්තා සන්ධ්‍යා ෂර්මා තම සැමියා සහ දරුවන් තිදෙනා මිය ගිය දුක දරා ගත නොහැකිව සැරින් සැරේ කලන්තේ සෑදී ඇද වැටුන නිසා ඇයව වහාම රෝහලට පිටත් කර යැව්වා ඉන්පසු පොලීසිය සහ ෆොරන්සික් එක එකතුව මුලුගේම සෝදිසි කෙරුවා මුලු ගේම ලේ හැම තැනම ගලා ගිහින් තිබුණා නිවසේ බඩු මුට්ටු එහෙ මෙහෙ විසිර ගොස් තිබුණා නිවසේ බිත්තිය මත තිබී ඇඟිලි සලකුණු කිහිපයක් සොයාගනු ලැබුවා 


ඉන්පසු නිවසේ ඉතිරිව තිබූ මළ සිරුරුත් මරණ පරීක්ෂණය සදහා පිටත් කර යැවූ පොලීසිය අවට පදිංචිව සිටින අයගෙන් ප්‍රශ්න කෙරුවා ඝාතන සිදුවූ නිවසින් කෑ ගැසීමක් ආවද කියලා දැනගන්න නමුත් අවට හැමෝගෙන්ම දැන ගන්න ලැබුනේ ඔවුන්ට කිසිම හඩක් නොආ බවයි පොලීසියට මෙය විශ්මය ගෙන දෙන සිදු වීමක් වුනා මන්ද නිවසක පස් දෙනෙක් ඝාතනය කරන්නේ කොහොමද කිසිම හඩක් නොනැගෙන ලෙස මේ අතර කවිතා ෂර්මා ගේ කට උත්තරයට අනුව උඩු මහලේ සිටි ඔවුන්ටද කිසිම හඩක් ඇසිලා නෑ ඒ වගේම සන්ධ්‍යා සහ කවිතා උදේ පහලට එනකොට නිවසේ ප්‍රධාන දොර විවර වී තිබුන බවකුත් ඇය පැවසුවා.


පොලීසිය එම දොර පරීක්ෂා කර බැලුවම කිසිම බලහත්කාර ඇතුල්වීමක සලකුණක්වත් තිබුණේ නෑ ඒ වගේම පොලීසියට තේරුනා මේ වගේ සමූල ඝාතනයක් තනි මිනිහෙකුට කොහෙත්ම කල නොහැකි බව 


ඝාතනයට දින තුනකට පෙර කිසියම් වැඩකට ගිය බන්වාරීලාල් ගේ සහෝදරයා වන මුකේෂ් ෂර්මා ගියපු තැන කවිතා දැනගෙන සිටියේ නෑ ඒ වෙන කොටත් මුකේෂ් නිවසේ සිදුවුන ඝාතන ගැන කිසිම දෙයක් දැන සිටියේ නෑ 


පොලීසිය තීරණය කරනවා බන්වාරීලාල්ගේ නිවස අවට තිබෙන cctv කැමරා සෝදිසි කර බලන්න නමුත් ඒ වගෙනුත් කිසිම සැක කටයුතු දෙයක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි වෙනවා ඉන් පසුව පොලීසිය බන්වාරීලාල්ට සතුරන් සිටීද කියා සොයා බලනවා එතකොට පොලීසිය දැන ගන්නවා බන්වාරීලාල් කාලයකට කලින් ඔහුගේ ගමේ නෑයන් කිහිප දෙනෙක් සමග ඉඩමක් පිලිබදව බහින්බස් වී ගුටි ඇනුමක් දක්වා එය වැඩි වුන බව 


මේ බව රෝහලේ ප්‍රතිකාර ලබන සන්ධ්‍යා ගෙන් විමසුවාම ඇයත් පැවසුවේ මේ ඝාතන සියල්ල කරන්න ඇත්තේ තම සැමියාගේ ගමේ නෑසියන් බවයි 


බන්වාරීලාල් විවාහ වුන සන්ධ්‍යා ගේ නැගණිය සමග තමා ඔහුගේ සොයුරා මුකේෂ් විවාහ වී සිටියේ පොලීසිය බන්වාරීලාල් ගේ නිවස නැවත පරීක්ෂා කරද්දී බන්වාරීලාල් ගේ නෑයෙකුට මතක් වුනා බන්වාරීලාල් ගේ ස්කූටරය අතුරුදන් වී ඇති බව ඔහු වහාම මේ බව පොලීසියට පැවසුවා 


පොලීසිය හිතන්න ගත්තා ඝාතනය කරපු අය තමා මේ ස්කූටරය අරන් යන්න ඇත්තේ කියලා ඒ නිසා නිලධාරීන් ප්‍රදේශයේ හැම තැනම ස්කූටරය හොයන්න පටන් ගත්තා ඒ අතර පොලීසියට මරණ පරීක්ෂණය කරපු වෛද්‍යවරුන්ගෙන් දැන ගන්නට ලැබුනා ඝාතනය කරපු හතර දෙනෙක් ගේ ගෙල කපා පපුවට සහ බඩට පිහි ඇනුම් කර ඇති බව ඒ වගේම ඔවුන් කිසිවෙක් මේ ඝාතනය කරනවාට විරුද්ධව කිසිවක් කරලා නැති බව හා බන්වාරීලාල් ගේ වැඩිමහල් පුතාගේ ගෙලේ පපුවේ පිහි පහරවල් වලට අමතරව අත්වලත් පිහි ඇනුම් තිබෙන නිසා ඔහු පමණක් ඝාතනයට විරුද්ධව ඝාතකයා සමග යම් ගැටුමක් ඇති කර ගෙන ඇති බවත් ඒ වගේම වෛද්‍යවරු පැවසුවේ බන්වාරීලාල්ගේ වැඩිමහල් පුතාගේ ඇර අනිත් අයට සිහිය නැතිව යන මත් ද්‍රව්‍යයක් වැනි දෙයක් කෑම සමග ලබා දී ඇති බවයි.


එදිනම පොලිසියට දැනගන්න ලැබෙනවා දුම්රියපල අසල අතහැර දමා ගිය ස්කූටරයක් ඇති බව පොලීසිය එම ස්ථානයට ගිහින් ස්කූටරය සෝදිසි කෙරුවම ස්කූටරය හැම තැනම තිබෙන ලේ පැල්ලම් දකිනවා කවිතාට මේ ස්කූටරය පෙන්වා පොලීසිය තහවුරු කරගන්නවා මේ ස්කූටරය බන්වාරීලාල්ගේම බව 


ඉන්පසුව දුම්රියපල පාර සහ ඒ අවට cctv දර්ශන බලන පොලීසිය

දකිනවා ඝාතනය සිදු වූ දවසේ බන්වාරීලාල් ගේ ස්කූටරයෙන් එන දෙදෙනෙක් දුම්රියපල අසල තිබෙන ජල කරාමයකින් අතපය සෝදගෙන ස්කූටරය දුම්රියපල අසල දමා පලා යන ආකාරය


ස්කූටරේ ඇඟිලි සලකුණු සහ නිවසේ තිබූ ඇඟිලි සලකුණු සමාන වූ අතර එකම එක ඇඟිලි සලකුණක් පමණක් සමාන වුනේ නෑ ඒ අනුව පොලීසිය තීරණය කරනවා ඝාතනය සදහා හතර දෙනෙක් සම්බන්ධ වී ඇති බව හා නිවසේ අයෙකුත් මෙයට සම්බන්ධ වී ඇති බවට පොලීසියේ මේ සැක කිරීමට ප්‍රධාන හේතුව උනේ බන්වාරිලාල්ගේ සහෝදරයා මුකේෂ් ගේ අතුරුදන් වීමයි පොලීසිය හිතනවා මේ ඝාතනය ගැන හරියටම තොරතුරක් දෙන්න පුලුවන් සන්ධ්‍යා ෂර්මාට පමණක්ම බව ඇය ඒ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ 

පොලිස් නිලධාරීන් රෝහලට ගිහින් වෛද්‍යවරුන්ගෙන් අහනවා සන්ධ්‍යාට කවද හොද වෙයිද අපිට යම් ප්‍රශ්න වගයක් අහන්න තියෙනවා කියලා ඊට පිලිතුරු ලෙස වෛද්‍යවරු පවසන්නේ මේ කාන්තාව බොරු රඟපෑමක් කරණ බවයි නිලධාරීන්ට වෛද්‍යවරුන්ගේ ඒ කතාව හොදටම ප්‍රමාණවත් වුනා 


කෙලින්ම සන්ධ්‍යා ලගට ගිය පොලිස් නිලධාරීන් නිදාගෙන සිටි ඇයව ඇහැරවා පොලිස් ස්ථානයට රැගෙන ගියා ඒ එක්කම ඇගේ දුරකථනයේ ඇමතුම් විස්තර ගැනද සොයා බැලුවා ඒකෙන් පොලීසිය දැනගත්තා සන්ධ්‍යා මේ ඝාතනය සිදුවෙන දාට කලින් දින ගණනාවක් එකම අංකයකට සෑහෙන ඇමතුම් ප්‍රමාණයක් අරගෙන ඇති බව හා ඝාතනයට පස්සේ එක් වරම ඇමතුම් නතර වී ඇති බව ඒ අනුව ඒ දුරකථන අංකයේ විස්තර සොයා බැලූ පොලීසියට දැනගත හැකි වෙනවා ඒ දුරකථන අංකය හිමි හනුමාන් ප්රසාද් උර්ෆ් ජැක්ගේ බව තව දුරටත් එම අංකය ගැන සොයා බැලුවම ඝාතනය සිදු වූ දින රාත්‍රී දහයත් රාත්‍රී දෙකත් අතර වෙලාවක් බන්වාරීලාල්ගේ නිවස අසල එම අංකය සක්‍රීය වී ඇති බව ත් දැනගත් පොලීසිය වහාම උදයපූර්වලට ගොස් ජැක්ව අත් අඩංගුවට ගන්නවා ඉන්පසු ඔහුව පොලිස් ස්ථානයට ගෙනවිත් සන්ධ්‍යා ඉදිරියට ගෙනාවිට ඇය බයට පත්ව සියල්ල හෙලි කරනවා 


සන්ධ්‍යාම තමා තම ස්වාමියා සහ තම දරුතිදෙනා හා නැගණියගේ දරුවාව අනියම් පෙම්වතා සමග එකතුව මරා දමන්නේ මෙයට ඔවුන් තවත් තිදෙනෙකුගේ සහය ලබාගන්නවා 


සන්ධ්‍යා කැමති වුනේ සල්ලිකාර විනෝදකාමී සැහැල්ලු ජීවිතයක් ගත කිරීමටයි නමුත් ඇගේ දෙමව්පියන් බන්වාරීලාල් නැමැති සමාන්‍ය පවුලක අයෙකුට ඇයව විවාහ කර දෙනවා බන්වාරීලාල් බොහොම අමාරුවෙන් තමා පවුල නඩත්තු කෙරුවේ මේ අතර දරුවෝ තුන් දෙනෙකුත් පවුලට එකතු උනාට පස්සේ වියදම් තවත් වැඩි උනා සන්ධ්‍යා කලින් ටයිකොන්ඩෝ සටන් කලාව ප්‍රගුණ කරලා සිටියේ ඒ නිසාම ඇය ප්‍රදේශය අවට දරුවන්ට ටයිකොන්ඩෝ උගන්වන පන්තියක් කරනවා ඒ පන්තිය නිසා ගෙදර වියදන් තරමක් දුරට පාලනය කරගන්න පුලුවන් උනා කොහොම හරි ඇගේ පන්තියේ දරුවෝ ටයිකොන්ඩෝ තරග සෑහෙන ප්‍රමාණයක් ජයග්‍රහණය කෙරුවා ඔය තරගාවලියකට දරුවන්ව රැගෙන ගිය දවසක තමා අහම්බෙන් සන්ධ්‍යාට ජැක්ව මුණ ගැසීම සිදුවන්නේ ජැක් සන්ධ්‍යාට වඩා අවුරුදු දහයක් බාල තරුණයෙක් නමුත් සන්ධ්‍යාට දරුවන් තිදෙනෙක් සිටින බව කියන්නවත් බැරි පෙනුමක් තිබුණේ දුටු පලමු දා මිතුරුදමක් ඇති කරගන්න දෙදෙනා ඉන්පසු දුරකථන මාර්ගයෙන් කතා බහ කර මිතුරුකම අනියම් පෙමක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ 


ජැක්ගේ යාලුවෙක් හිටියා මට්ටුසර්කාර් කියලා අල්වාර්වල ජීවත් වූ අයෙක් ජැක් සන්ධ්‍යාව මට්ටුසර්කාර් ගේ නිවසට ගෙනවිත් සතියකට දින හතරක් පහක්ම අඹුසැමියන් ලෙස හැසිරුණා සන්ධ්‍යා නිවසින් ආවේ තමාගේ පන්තියේ වැඩ වලට යනවා කියලා වැඩි දවසක් යන්න කලින් මේ අනියම් සම්බන්ධය සන්ධ්‍යා ගේ වැඩිමහල් පුතුට අසු වෙනවා ඔහු වහාම මේ ගැන තම පියාට පවසනවා බන්වාරීලාල් මේ ගැන අසා ඇයට බැන වදිනවා වැඩිමහල් දරුවන් සිටින මවක් හැසිරෙන හැටිද මේ කියලා ඊට පස්සේ බන්වාරීලාල් සන්ධ්‍යාට නිවසින් එලියට යාම පවා තහනම් කරනවා 


අනියම් ප්‍රේමය නිසා පිස්සු වැටිලා හිටිය සන්ධ්‍යා ජැක්ට ඇමතුමක් දීලා කියන්නේ තම සැමියාව සහ දරුවන්ව මරා දැමිය යුතු බවයි මුලදී මේ අදහසට ජැක් අකමැති වුවත් ජැක්ටත් ඕන වෙලා තිබුණේ කෙසේ හෝ සන්ධ්‍යාව විවාහ කර ගැනීමට නිසා බන්වාරීලාල් සහ දරුවන්ව මරා දැමීමට කැමති වෙනවා 


ජැක් මේ ඝාතනය සදහා දීපක් නමැති තරුණයෙක් සම්බන්ධ කරගන්නවා දීපක් තවත් සොයුරෙක් සමග ඉන්දියන් රුපියල් තුන්දහසකට මේ ඝාතනයට සම්බන්ධ වෙනවා

ජැක් මේ ඝාතනය සදහා පිහි දෙකක් ඔන් ලයින් ගෙන්වනවා තවත් පිහියක් මාකට් එකෙන් මිලදී ගන්නවා ඊට අමතරව අත් වැසුම්ද මිල දී ගන්නවා ඊට අමතරව නිදි පෙති බෝතලයක් මිල දී ගෙන ජැක් එය සන්ධ්‍යාට කෙසේ හෝ ලබා දෙනවා 


ඝාතනය දවසේ රාත්‍රියේ කෑම වලට නිදි පෙති මිශ්‍ර කරන්න සන්ධ්‍යා සමත් වෙනවා නමුත් වැඩිමල් දරුවාගේ බඩේ අමාරුවක් හේතුවෙන් ඔහු කිසිවක් නොකාම නිදා ගන්නවා සන්ධ්‍යාත් එදින කෑම කන්නේ නෑ සියලු දෙනාම නින්දට ගිය පසු

රාත්‍රී නවයයි හතලිස් පහට ඇමතුමක් ගෙන සන්ධ්‍යා ජැක්ට පවසනවා නිවසට එන ලෙස ඒ වෙලාවේ ජැක් සිටියේ මට්ටුසර්කාර්ගේ නිවසේ 

ඉන්පසු හතර දෙනාම නිවසින් ආවේ කෙලින්ම බන්වාරීලාල්ගේ නිවසට මේ වෙලාවේ සන්ධ්‍යා මේ අය එනකන් නොඉවසිල්ලෙන් බලන් හිටියේ නමුත් ඒ වෙලාවේ ඔවුන් ඝාතනයකට සූදානම් වෙලා ආපු නැති නිසා නැවත මට්ටු සර්කාර්ට නිවසට යන ලෙස පවසා ජැක් සහ දිපක් ඔහුගේ සොයුරා යන තිදෙනා නැවත සූදානම් වී බන්වාරීලාල්ගේ නිවසට ගියා ඉන්පසු තද නින්දේ සිටින බන්වාරී ලාල් ලගට ගිහින් සන්ධ්‍යා ඔහුගේ කකුල් වලිනුත් දීපක් අත් වලිනුත් දීපක්ගේ සොයුරා හිසෙනුත් අල්ලාගෙන සිටින විට ජැක් බන්වාරීලාල්ගේ ගෙලට සහ බඩට එක දිගට පිහියෙන් ඇන්නා මේ සද්දයට අසල නිදාසිටි සන්ධ්‍යා ගේ වැඩිමල් පුතා ඇහැරුනා ඔහු දුටුවා තම පියාට කරන අපරාධය ඒ එක්කම සියල්ලෝම කඩගෙන පැන්නේ වැඩිමහල් පුතා වෙතටයි ඔහුට කෑ ගැසීමට නොහැකි වන ලෙස සන්ධ්‍යා තම අතින් ඔහුගේ මුව වසා ගත්තා මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් ඒ දරුවාත් මරාදැමුවා දරුවා සමග පොර අල්ලන විට දීපක්ටත් යම් තුවාල සිදු වුනා සහ ඔවුන්ගේ අත් වැසුම් ඉරී ගියා බිත්තිමත ඇඟිලි සලකුණ හිටියේ ඒ නිසයි මර නින්දේ සිටි අනිත් දරු තිදෙනාත් මරා දැමුවාට පසු සන්ධ්‍යා රුපියල් තුන්දහසක් දීපක්ට ඒ වෙලාවෙම ලබා දීලා ස්කූටරේ යතුර දෙන්නේ ඉක්මනින් පිට වී යාමටයි 


ඔවුන් පිට වූවාට පසු සන්ධ්‍යා අතපය සෝදගෙන ඇදුම් මාරුකරගෙන උඩු මහලට ගොස් තම නැගණිය ලගින් නිදාගන්නවා 


පොලීසිය විසින් සියලු දෙනාවම අධිකරණයට ඉදිරිපත් කලාම දීපක් සහ ඔහුගේ සොයුරා කපීල් බාල වයස් කරුවන් ලෙස දැනගෙන ඔවුන්ව පරිවාස ගත කරණවා අවුරුදු හයක් ඇදුන මේ නඩුව අවසානයේ 2023 මාර්තු 21 සන්ධ්‍යාට සහ ජැක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනවා 



Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය