සයනයිඩ් මල්ලිකා
අපේ ජීවිතයේ සිදුවන කරදර පසුතැවීම් දුක්බර සිදු වීම් කඩාවැටීම් විභාග පාස් වීමට ලෙඩ හොඳ කරගන්න අනාගත බලාපොරොත්තු සපල කරගන්න අලුතෙන් රථයක් මිල දී ගත්තම මේ සියල්ලටම අපි පිහිට හොයාගෙන දෙවියන් ළඟට යනවා ඒ එක්කම අපේ කඩා වැටුන ජීවිත වලින් ප්‍රයෝජන ගන්නා පිරිසකුත් ඉබේම බිහි වෙනවා ඔවුන් යාග හෝම පුද පූජා වැනි දේවල් කිරීමට යැයි පවසා අපේ සේසතම සූරගන්නේ අපිටත් නොදැනිමයි
කර්ණාටකයේ කග්ගාලිපුරම් වල දුගී පවුලකට දාව උපත ලබන කෙම්පම්මා නිසි වයසට පත් වුනාට පස්සෙ ඇදුම් මැසීම රැකියාව බවට පත් කරගත් තරුණයෙක් සමග ඇය විවාහ උනා විවාහයෙන් පසු ටික කාලයක් හොදින් ජීවිතය ගත වුනා ඇය දරුවන් තිදෙනෙකුට උපත ලබා දුන්නා හොදින් අග හිගයක් නැතුව ජීවිතය ගත වුනත් කෙම්පම්මට එය ප්‍රමාණවත් උනේ නෑ කෙම්පම්මට පොඩි දවස් වල ඉදන් හීනයක් තිබුණේ මුදල් පිරුණු සැප පහසු ජීවිතයක් ලබා ගැනීමටයි නමුත් දුගී පවුලක උපත ලැබීම නිසා ඇගේ ඒ සිහින යටපත් කර ගැනීමට ඇයට සිදුවුනා.
නමුත් කෙම්පම්ම ඇගේ සුපිරි ජීවිතය ගත කිරීමේ සිහිනය මුලු හිතින්ම අත හැර දැමුවේ නෑ ටික දිනකට පසු ඇය ඇගේ ස්වාමියාට පවසනවා ඔහු ඉතිරි කරගෙන සිටින මුදල් ලොතරැයි ව්‍යාපාරයකට යොදවන ලෙස කෙම්පම්මගේ ස්වාමිපුරුෂයද දැනගෙන සිටියා ඇගේ මේ පෝසත් වීමේ ආශාව ගැන එම නිසා තම නිවස අලුත් වැඩියාවට එකතු කරගෙන සිටි සියලු මුදල් ලොතරැයි ව්‍යාපාරයට ඔහු යෙදුවේ කෙම්පම්මාගේ ඇවිටිලි කිරීම් සහ බැන අඩ ගැසීමේ කන් කරච්චලෙන් නිදහස් වීමටයි නමුත් යෙදු මුදල් සියල්ල නැති නාස්ති වෙලා ගියේ කෙම්පම්මට සිතේ තිබූ බලාපොරොත්තු සියල්ල කඩාවට්ටමින් මුදල් සියල්ල කෙම්පම්ම නිසා කාබාසිනියා වීම නිසා ඉන් පසු නිතර දෙවේලේ කෙම්පම්ම හා ඇගේ සැමියා අතර නිතර දෙවේලේ අඩ දබර ඇති වුනා අවසානේ කෙම්පම්මට හිතෙනවා මේ මිනිහ සහ දරුවෝ සමග තවත් හිටියොත් ඇයටත් අන්ත දුප්පතෙක් වෙලා මිය යන්න වෙනවා කියලා එම නිසා ඇය දැඩි තීරණයක් ගෙන සැමියාව සහ ඇගේ පුංචි දරුවන් තිදෙනා අතහැර බැංගලෝර් බලා පිටත්ව යනවා .
එතනින් පස්සෙ කෙම්පම්ම ගැන අවුරුදු ගාණක් යනකන් ඇගේ ස්වාමිපුරුෂය සොයන්නෙත් නෑ ඇය ස්වාමිපුරුෂය හෝ දරුවන් ගැන සොයා බලන්නෙත් නෑ බැංගලෝර්වලට ආපු කෙම්පම්ම ගෙවල් වල වැඩකාර කමට යනවා ඔය අතරෙදි ස්වර්ණාභරණ සාදන නිවෙස් දෙක තුනකත් ඇයට සේවය කරන්නට ලැබෙනවා ස්වර්ණාභරණ සාදන නිවෙස් වලදී ඇය මේ ස්වර්ණාභරණ දැක්කම ඒවට ආශ හිතිල ඒව සොරකම් කිරීමට ඇය සිතනවා සිතූ ආකාරයටම ඇය සොරකම් කරනවා නමුත් ඇගේ සොරකම නිවෙස් හිමියන් දැනගෙන ඇයව පොලීසියට අල්ලල දෙනවා පොලීසිය විසින් ඇයව උසාවියට ඉදිරිපත් කලාම කෙම්පම්මට මාස හයක සිර දඬුවමක් විඳින්න සිද්ධ වෙනවා.
සිර දඬුවම් විද මාස හයකට පසු පිටත සමාජයට ආවත් සොර නාමයේ කැළල ඇති නිසා ඇයට කිසිම නිවසක වැඩක් ලැබෙන්නෙ නෑ 1998 දී ඇය ගම සහ සැමියා දරුවන් අතහැර බැංගලෝර් ආව 1999 වන විට සොරකම් කිරීම නිසා සිර දඬුවම්ද විද බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි කෙම්පම්ම හට ඒ වන විට ඉන්න හිටින්නවත් තැනක් තිබුණේ නෑ දේවාල වල ධර්මශාලා වල ඇය රැය පහන් කලා
මේ දේවාල වල ඉන්නකොට කෙම්පම්ම දැක්කා දේවාල වල පිහිට යදින කාන්තාවන් ඒ වගේම භාර හාර ඔප්පු කිරීමට දහසින් බැඳි පියලි රත්තරං වැනි වටිනා දෑ රැගෙන එන කාන්තාවන් මේ අනුව කෙම්පම්ම සැලසුම් කරණවා දුකට තනිකමට පත්ව ඉන්න අසරණ කාන්තාවන්ව දඩයම් කරන්න මොකද මේ දේවාල වල කැරකෙන දුර්වල හිත් ඇති කාන්තාවන් දඩයම් කිරීම කෙම්පම්මට අනුව පහසු කටයුත්තක් බව ඇයට වැටහුනා .
මේ අනුව 1999 ඔක්තෝම්බර් 19 වන දින කෙම්පම්ම විසින් පලමු ඝාතනය සිදුකරනවා ඒ මම්මතා රාජන් නමැති තිස් හැවිරිදි කාන්තාවයි ඇය කෙම්පම්ම රැදී සිටි දේවාලයට නිතර දෙවේලේ ආවේ විවාහ වී වසර තුනක් ගත වීත් දරුවෙකු කුස පිළිසිඳ ගත් නැති හේතුව නිසයි මේ කාරණාව ඒ වන විටත් කෙම්පම්ම හොදින්ම දැන සිටියා.
මේ අනුව මම්මතා රාජන් අසලට ගොස් කෙම්පම්ම පැවසුවේ දරුවෙක් ලබා ගැනීමට නම් විශේෂ පූජාවක් ඇති බවත් එය සිදු කරගන්නා ලෙසයි එවිට දරුවෙක් කුස පිළිසිඳ ගැනීම නියතයි යනුවෙනි එවිට මම්මතා රාජන් ඇසුවේ පූජාවට අවැසි දේවල් මොනවද යන්නයි එයට පිලිතුරු දුන් කෙම්පම්ම පැවසුවේ ඇය සන්තකයේ ඇති වටිනාම සාරියකින් සැරසී ඇය සන්තකයේ සහ නිවසේ තිබෙන රන් ආභරණ සියල්ල පැළඳ ගෙන පූජාවට එන ලෙසයි දරුවෙක් වෙනුවෙන් කුමණ දෙයක් හෝ කිරීමට නොපසුබට මම්මතා රාජන් එවලේම නිවසට ගොස් සියලු ස්වර්ණාභරණ පැළඳ කෙම්පම්මා ගේ පූජාවට පැමිණියා පූජාව පැවතියේ දේවාලය තිබූ බිමේ පාලු පැත්තකට වන්නටය මන්ත්‍ර මතුරමින් මම්මතා රාජන් වටා වට තුනක් කැරකුන කෙම්පම්ම කල් තියාම සයනයිඩ් විෂ යෙදූ ජල බඳුනක් මම්මතා රාජන්ට පානය කිරීමට ලබා දුන්නා ජල බදුන පානය කල සැනින් මැරී වැටුන මම්මතා රාජන්ගේ සියලු ආභරණ ගලවා ගත් කෙම්පම්ම ඒ ස්ථානයෙන් පලා ගියා .
මේ විදිහට විවිධ යාග හෝම පවත්වනවායි පවසා කාන්තාවන් හය දෙනෙක් මුලා කොට 1999 දෙසැම්බර් වන විට සයනයිඩ් විෂ යොදා කෙම්පම්ම විසින් මරා දමනු ලැබුවා ඔවුන් ගේ සියලු ආභරණද කෙම්පම්ම සතු කරගත්තා 2006 වසරේදී කෝලාවූර් දිස්ත්‍රික්කයේ
එක කාන්තාවක් ඇගේ නම උනේ රේණුකා ඇය නිතර දේවාලයකට යාමට පුරුදුව සිටියා එම දේවාලයේදි ඇයට කෙම්පම්ම මුණ ගැහෙනවා ඇයත් සමග මිතුරු වෙන කෙම්පම්මට රේණුකා පවසනවා යම් කරදර නිසා දේවාලයට පැමිණෙන බව එවිට කෙම්පම්ම පවසන්නේ විශේෂ පූජාවක් ඇති බවත් එය කලහොත් සියලු කරදර දුරුවෙන බවයි
ඉන් පස්සෙ හදිස්සියේම රේණුකා අතුරුදන් වනවා නිවසියන් කෙතෙක් සොයා බැලුවත් රේණුකා හමුවන්නේ නෑ ඩුබායි වල සේවය කල රේණුකාගේ සැමියාත් ඉන්දියාවට පැමිණ පොලීසියේ පැමිණිල්ලක් දමනවා ඊට පස්සෙ ඔහු පුද්ගලිකව සොයා බලනවා රේණුකා ආ ගිය හමුවුන අය පිලිබදව අවසානයේ ඔහු සොයා ගන්නවා රේණුකා අවසානයට දැක්කේ කෙම්පම්මා නමැති කාන්තාව සමග බවයි රේණුකාගේ සැමියා පොලිස් නිලධාරීන් දැනුවත් කරන්නේ කෙම්පම්ම ඔහුගේ බිරිදව මරා දමා ඇති බවයි නමුත් පොලිස් නිලධාරීන් එම දැනුවත් කිරීම තඹේකටවත් මායිම් කරන්නේ නෑ ඒ අනුව බැංගලෝර් අවට සෑහෙන කාන්තාවන් පිරිසක් මරා දමා හමු වුනත් ඒ සිරුරු ගැන පරීක්ෂණ විධිමත්ව සිදු නොවී යට ගියා
2008 දෙසැම්බර් 31 වනදා සැක කටයුතු කාන්තාවක් බස් නැවතුමක් අසල ගැවසෙනවායි ලැබුණ ආරංචියකට පොලිසි නිලධාරීන් පිරිසක් පැමිණ එම කාන්තාව පොලිස් ස්ථානයට රැගෙන යනවා එම කාන්තාවගේ ළඟ තිබුණ බෑගයක් පරීක්ෂා කර බැලූ පොලිස් නිලධාරීන් විශ්මයට පත් වුනේ ඒ විශාල මල්ල සම්පූර්ණ පිරෙන්නම ස්වර්ණාභරණ තිබෙණවා දුටු නිසයි.
නිලධාරීන් මේ ස්වර්ණාභරණ ගැන ඒ කාන්තාවගෙන් විමසුවාම ඇය එක එක කතා ගොතා කියනවා මේ නිසා පොලිස් නිලධාරීන් ඒ කාන්තාවගෙන් තදින් ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය පටන් ගත්තාට පසු ඒ කාන්තාව පවසන්නේ මගෙ නම කෙම්පම්ම මම මේ ආභරණ ගත්තේ මේව පැළඳ සිටි කාන්තාවන්ව මරා දමා කියායි
පසුව කර්ණාටක පොලීසිය සහ බැංගලෝර් පොලීසිය එක්ව විමර්ශනය කර සයනයිඩ් දී මරා දැමූ කාන්තාවන් හය දෙනෙකුගේ ඝාතන පිලිබදව කෙම්පම්මා වගකිවයුතු බවට සාක්ෂි සොයා ගත්තා නමුත් කෙම්පම්මාගේ වාචික සාක්ෂි අනුව එය කාන්තාවන් විස්සකටත් අධික බවයි පැවසෙන්නේ
මේ අනුව 2010 වසරේදී බැංගලෝර් පොලීසිය විසින් කෙම්පම්මාට පට බැන්ඳ නම වූයේ
, සයනයිඩ් මල්ලිකා , යන නාමයයි
අවසානයේ කෙම්පම්මා විසින් සිදු කල ඝාතන වලට මරණ දඩුවම ඇයට හිමි උනත් පසුව වෙනස් වීමකට ලක්ව ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට එය වෙනස් වූවා .
( 2017වර්ෂයේ දී නැවතත් කෙම්පම්මා පිලිබදව කතාවෙන්නට ගත්තා ඒ වෙන කිසිවක් නිසා නොව ජය ලලිතාගේ මිතුරියක් වුන ශසිකලාව දූෂනවංචා චෝදනාවකට බන්ධනාගාර ගත කරනවා බැංගලෝර් බන්ධනාගාරයට එන ශසිකලාට කෙම්පම්මා මුණ ගැසෙනවා ඉන් පසු ශසි කලා ගේ සියලු ආවතේව වැඩ කැමත්තෙන්ම ඉටු කරන්න කෙම්පම්මා පටන් ගන්නවා පසුව ආරංචි වන්නට පටන් ගන්නවා කෙම්පම්මට ශසිකලාව ඝාතනය කිරීමට ඕනෑ කමක් නිසා මෙසේ ශසිකලාට ලං වන බවයි ඒ අනුව කෙම්පම්මව වහාම වෙන බන්ධනාගාරයක් වෙත මාරු කර යවනවා මෙයට ප්‍රතිචාර ලෙස කෙම්පම්ම පැවසුවේ තමන්ට ශසිකලාව ඝාතනය කිරීමට කොහෙත්ම ඕන කමක් නැති බවත් ඇයට සේවය කිරීමට අවශය වූ බවත් ශසිකලාට ඇය ගරු කරන බවත් පැවසුවා කරුණු කෙසේ වුවත් බන්ධනාගාර ආරංචි මාර්ග අනුව නම් කෙම්පම්මට ශසිකලාව මරා දැමීමට අවශ්‍යය තාවය තිබූ බව සදහන් විය )
අවසන් වශයෙන් කිව යුත්තේ අන්ධ විශ්වාස සමහර විට ඔබ ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුවන කරුණක් වීමට ඉඩ ඇති බවයි
Comments
Post a Comment