දියණියව ඝාතනය කල තාත්තා
මුම්බායේ කල්යාන් දුම්රියපල ඉස්සරහ කුලී ත්‍රී රෝද රථ ගාලක් තිබුනා මේ රථ ගාලේ සලීම් නමැති තරුණයෙක් හිටියා ඔහු තම ත්‍රී රෝද රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී බලා සිටියේ හයර් එකක් බලාපොරොත්තුවෙනුයි තවත් ටික වෙලාවකට පස්සේ මැදි වයසේ පුද්ගලයෙක් ලොකු කලු පාට බෑග් එකක් ගෙනත් සලීම් ගේ රථය ඇතුලෙන් තියලා සලීම් දිහා බලලා මල්ලී මාව බෙවන්ඩිකෝ වලට ගිහින් දාල එන්න කියලා කිව්වා.
මේ මනුස්සයාගේ මේ කතාව සලීම්ට ඇල්ලුවේ නෑ සාමාන්‍යයෙන් මිනිස්සු කුලී ගමනක් යන්න ඇවිල්ලා අහන්නේ ඒ පැත්තට යනවද කියලා ඒත් මේ පුද්ගලයා අඩු ගාණේ ගමනට කීයක් අය කරනවද කියලා ඇහුවෙත් නෑ සලීම්ට ඒ නිසාම මේ පුද්ගලයා ගැන සැක හිතුනා ඒ විතරක් නෙමේ රථය ඇතුලෙන් තියපු බෑග් එකෙන් අමුතුම දුර්ගන්ධයකුත් වහනය වුනා ඒ හේතුවත් බල පෑවා සලීම්ට ඒ පුද්ගලයා ගැන සැක කිරීමට.
ඊට පස්සේ සලීම් ඒ මනුස්සයා දිහා බලලා මේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඇහුවා ඒ අහපු ප්‍රශ්නයට බිය වුන ඒ මනුස්සයා ඛෑග් එකත් ත්‍රී වීල් එකෙම දාලා දුම්රියපල ඇතුලට දිව ගියා රථ ගාලේ සිටිය හැමෝම අර කලු ඛෑග් එක දිහා සැක සහිතව බලන්න උනා මග යන එන අයත් නැවතිලා බලන්න ගත්තා හැමෝගෙම අදහස උනේ අනිවාර්යයෙන්ම බෑග් එක ඇතුලේ මිනියක් තමා තියෙන්නේ කියලා ඊට පස්සේ දුම්රියපල අසල තිබුණ පොලිස් ස්ථානයට මේ බව රියදුරෝ දෙදෙනෙක් ගිහින් කිව්වා
සිද්දිය ඇසූ වහාම පොලිස් නිලධාරීන් එතන පැමිණ එතන හිටිය දෙදෙනෙක් සාක්ෂි ලෙස ගෙන බෑග් එක විවෘත කලා.
හැමෝගේම සැකය සත්‍යක් බවට පත් කරමින් බෑග් එක ඇතුලේ තරුණියකගේ ඉනෙන් පහල කොටසක් තිබුණා ඉන්පසු මේ මිනිය පිලිබදව අපරාධ විමර්ශන ඒකකයටත් දන්වලා පොලිස් නිලධාරීන් සලීම්ගෙන් බෑග් එක රැගෙන ආපු පුද්ගලයා ගේ විස්තර ගැන ඇහුවා ඊට පස්සේ පොලීසිය දුම්රියපලේ cctv කැමරා වල දර්ශන පරීක්ෂා කර බැලුවා දර්ශන වල සටහන් වුනා රතු කමිසයක් ඇඳගෙන සිටි අයෙක් කලු බෑග් එකක් ඔසවන් එන අයුරු සහ තවත් ටික වෙලාවකින් ඒ පුද්ගලයා බෑග් එක නොමැතිව දුම්රියපල ඇතුලට කලබලයෙන් දිව යන අයුරු සලීම්ව එතනට ගෙනැල්ලා පොලිස් නිලධාරීන් ඔහුට වීඩියෝ දර්ශන පෙන්වා පුද්ගලයාව තහවුරු කර ගන්නවා
ඉන්පසු පොලීසියට පරශ්නයක් වෙන්නේ බෑග් එක ගෙන ආපු පුද්ගලයා කොහෙටද ගියේ කියන එක පුද්ගලයා දුම්රියපලට ආපු වෙලාවේ ආපු දුම්රිය ටිට්වාලා සිට ඇවිත් තිබුණ නිසා පොලිස් නිලධාරීන් ටිට්වාලාවලට ගිහින් එහෙ ඉන්න ත්‍රී වීල් රථ රියදුරන්ගෙන් cctv දර්ශන වලින් ලබාගත් ඡායාරූපයක් පෙන්වා එම පුද්ගලයා ගැන විමසනවා .
සෑහෙන රියදුරන් පිරිසකගෙන් විමසා අවසානයට පොලිස් නිලධාරීන් දැන ගන්නවා මේ පුද්ගලයා ටිට්වාලා වල මාණ්ඩා පාරේ පදිංචිව ඉන්නේ කියලා පසුව නිලධාරීන් මාණ්ඩා පාරේ පදිංචිව ඉන්න අයගෙන් ඒ පුද්ගලයා ඉන්නෙ කොහෙද කියලා විමසුවාම දැන ගන්න ලැබෙනවා ඔහු දැන් ඉන්නේ ඉන්ද්රා නගර් වල කිසියම් ලොජ් එකක ඉන්න බව
ඉන්පසු පොලිස් නිලධාරීන් ඉන්ද්රා නගර් වල ඒ ලොජ් එකට ඇවිත් විමසුවාම දැනගන්න ලැබෙනවා ඔහු දැන් පදිංචිව ඉන්නේ සයිනාද් නගර් වල බව හා ඔහුගේ නම අරවින්ද් තිවාරී බවත් ඉන් පසු පොලිස් නිලධාරීන් වහාම සයිනාද් නගර් වලට ගිහින් අරවින්ද් තිවාරීගේ නිවස සොයා ගන්නවා නමුත් නිවස අගුල් දමා තිබුණා ඒ වගේම නිවස තුලින් සැර දුර්ගන්ධයක් පිට වුනා පොලිසියට තේරුනා මේ නිවස තුල කිසියම් භයානක දෙයක් සිදුව ඇති බව ඉන් පසු අවට අසල්වැසියන්ගෙන් විමසුවාම අරවින්ද් තිවාරී මලාඩ්වල ආයතනයක සේවය කරනවා කියලා දැනගන්නවා ඒ වගේම පොලීසිය දැනගන්නවා අරවින්ද් තිවාරී තම දියණියත් සමග මේ නිවසේ ජීවත් වූ බව ඉන්පසුව මලාඩ්වල ආයතනයේදී අරවින්ද් තිවාරීව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වෙනවා
පසුව පොලිස් ස්ථානයට රැගෙන ගොස් අරවින්ද් තිවාරි ගෙන් ප්‍රශ්න කරනකොට අරවින්ද් තිවාරී පිලිගන්නවා තමන් ඝාතනයක් කල බවත් ඒ තමන්ගේ දියණිය ප්‍රින්සිව බව ඊට අමතරව තමන්ගේ දුවව කෑලි තුනකට කපලා හිස සහ පපු ප්‍රදේශය කල්යාන් වල පාලු කැලෑ බද පැත්තකට විසි කර දැමූ බවද අරවින්ද් පොලීසියට පැවසුවා පසුව කල සෝදිසි මෙහෙයුමකින්
සෑහෙන පරිශ්‍රමයකින් පොලීසිය අරවින්ද් ගේ දියණියගේ හිස සහ ඉනෙන් උඩ කොටසද සොයා ගනු ලැබූවා
අරවින්ද් තිවාරී උතුරු ප්රදේශයේ ජෝන් පුර් වල ජීවත් වූ අයෙක් ඔහුට දියණියන් හතර දෙනෙක් සිටියා ටික කාලෙකට කලින් රැකියාවක් සොයාගෙන පැමිණි අරවින්ද්ට මලාඩ්වල රැකියාවක් ලැබුනා ඒ සමගම ඔහු සයිනාද් නගර්වල කුලියට ගෙයක් ගෙන පදිංචි වුනා රැකියාවෙන් ලැබෙන වැටුපෙන් ගමේ පවුලේ අයව ජීවත් කරවූවා හැම හය මාසෙකටම සැරයක් ඔහු ගමට ගියා
අරවින්ද් එවන මුදලින් ඔහුගේ බිරිද දියණියන් තිදෙනෙකුට උගන්වමින් ගෙදර වියදනුත් ගැට ගසාගනිමින් කාලය ගත කලා වැඩිමහල් දියණියගේ ඒ වන විට ඉගෙනුම අවසන් වෙලා තිබුණේ
දවසක් වැඩිමහල් දියණිය ප්‍රින්සි අරවින්ද්ට කියනවා ඇයටත් ඔහු ලග නතර වෙලා රැකියාවක් කිරීමට අවශ්‍ය බව අරවින්ද් මේ දේ අහල සතුටට පත් වුනා පවුලේ දෙදෙනෙක් හම්බ කරන්න ගත්තම ගෙදර වියදමට තවත් හයියක් වන නිසා.
එහෙම හිතලා අරවින්ද් දියණිව තමන් සිටින තැනට ගෙන්ව ගන්නවා වැඩි දවසක් යන්න කලින් ප්‍රින්සිට සන්නිවේදන ආයතනයක රැකියාවක් ලැබෙනවා ඉන් පසු දෙදෙනාම එකතුව නිවසේ වියදම බලාගන්නව ඔය විදිහට වර්ෂයක් පමණ හොදින් කාලය ගත වෙනවා නමුත් අරවින්ද්ට තම දියණියගේ යම් අමුත්තක් දැනෙන්න ගන්නවා
ඔහු තම දියණිය ගැන සොයා බැලුවම දැන ගන්න ලැබෙනවා දියණිය ප්‍රේම සම්බන්ධයක පැටලී ඇති බව අරවින්ද් මුලින් ආදරයෙන් අහල බලනවා මේ ගැන පිරින්සිගෙන් නමුත් ඇය එක එක දේවල් කියලා තම පියා ගේ ප්‍රශ්නය මග හරිනවා
අරවින්ද් දකිනවා තම දියණිය පැය ගණන් දුරකථනයෙන් කතා බහ කරනවා ඇය සේවය නිම වෙලා මහ රෑ නිවසට එනවා මේව දැකලා අරවින්ද් බියට පත් වෙනවා තම දියණිය කිසිවෙක් සමග පැන යාවි කියලා අරවින්ද් සිටිය නගරේ හැමෝම වගේ ගම් වල ඉදලා රැකියා සදහා පැමිණි අයයි මේ අය ජීවත් උනේ ගමේ විදිහටම තමා ඔවුන්ට නම්බුව කුල ගෞරවය පමණටත් වඩා වටිනවා
අරවින්ද් හිටියෙත් ඒ ගම් වල මානසිකත්වයෙන්මයි ඔහු සිතුවේ දරුවෝ විවාහ වෙනවනම් ඒව විය යුත්තේ දෙමව්පියන්ට ඕන විදිහට බවයි ඔහු සිතුවා බැරි වෙලාවත් දියණිය තම කැමැත්තට විවාහයක් කරගත්තොත් තම පරම්පරා නම්බුවට කැලලක් ඇති වෙයි කියලා බැන වැදීම් කලත් අරවින්ද්ට දියණියගේ මේ සම්බන්ධය නතර කිරීමට නොහැකි වුනා ඒ වන විට ප්‍රින්සි තම ආදර සම්බන්ධය නිසා දැඩි සේ මුරණ්ඩු වී සිටියා මේ නිසාම අරවින්ද් සිතනවා වෙනත් ක්‍රමයක් ගැන ඔහු ගමෙන් තරුණයෙක් සොයනවා ප්‍රින්සිව විවාහ කර දීමට ඊට පස්සේ ඇයට කියනවා ඇයට මනමාලයෙක් හොයලා තියෙන්නේ විවාහ ගිවිස ගැනීමට ලෑස්ති වන ලෙස මෙයට පිලිතුරු ලෙස ප්‍රින්සි තම පියා ගේ මුහුණටම කියනවා තමා වෙන තරුණයෙකුට ප්‍රේම කරන බව හා ඔහු හා විවාහ වීමට සිතා සිටින බව.
ප්‍රින්සි ගේ මේ පිලිතුර අරවින්ද් ගේ මුහුණට අතුල් පහරක් ගැසුවා හා සමාන වූවා ඔහු කල්පනා කෙරුවා ගමේ අයට තමා මූණ දෙන්නේ කොහොමද කියලා තම පරම්පරාගත නම්බුවට කුමක් සිදු වේද කියා අවසානයේ ඔහු සිතුවා ගමේ තම පවුලට තිබෙනා නම්බුව ආරක්ෂා කිරීමට නම් දියණිය මරා දැමීමට සිදු වෙන බව එලෙස සිතා අරවින්ද් මාකට් එකෙන් බරති මුවහත් පිහියක් රැගෙන විත් නිවසේ සගවා තැබුවා එදින රාත්‍රියේ පියා සහ දියණිය දෙදෙනාම එකට ඉදගෙන කෑම කෑවා
එදින මධ්‍යම රාත්‍රියේ තදින් නින්දට වැටී සිටි ප්‍රින්සි ලගට පිහියත් අමරෝගෙන ආපු අරවින්ද් එක පාරම දියණියගේ ගෙල කපා දැමුවේ ඇයගේ මුවින් සියුම් ශබ්දයක් හෝ පිට වීමට ඉඩ නොතබාය ඉන්පසු දියණියගේ සිරුර කැබලි තුනක් වන ලෙස කපා පොලිතීන් බෑග් වල කෑලි තුන වෙන වෙනම අසුරා හිස කොටස සහ ඉනෙන් උඩ කොටස එදිනම කැලෑ බද ප්‍රදේශයකට විසි කර දමා පැමිණ ඉනෙන් පහල කොටස දවස් තුනක් නිවසේම තබාගෙන සිටියා එන්න එන්නම සිරුරේ ඉතිරි කැබැල්ලෙන් එන දුර්ගන්ධය වැඩි වුන නිසා ඔහු ඉතිරි කැබැල්ල කලු බෑග් එකක දාගෙන ටිට්වාලා වලට ඇවිත් එතනින් කල්යාන් දුම්රියපලට ආවා ඊට පස්සෙ සිදුවුන දේ හැමෝම දන්නවනේ පොලීසිය අරවින්ද්ව තම දියණිය ඝාතනය කල වරදට උසාවියට ඉදිරිපත් කෙරුවා ඉන්පසු ඔහුට සිරදඬුවම් නියම කලා මේ වන විට අරවින්ද් සිර මැදිරියේ සිට සමහර විට දියණියව ඝාතනය කෙරුවට පසු තැවෙනවා ඇති.
Comments
Post a Comment