කේරලය තැතිගත් සමූල ඝාතනය


 

2025 පෙබරවාරි 24 සවස හයයි තිහට පමණ විසි තුන් හැවිරිදි තරුණයෙක් කේරලයේ වෙන්ජාරාමුඩ්ඩු පොලිස් ස්ථානයට එනවා ඊට පස්සේ ඔහුට ඉස්සරලාම හමුවෙන නිලධාරියට කියනවා තමන් හය දෙනෙක්ව මරලා ආවේ කියලා තරුණයා කියනවා තමන්ගේ නම අර්ෆාන් බව ගෙවල් තුනක මේ ඝාතන සිදු කර ආ බව වැඩි දුරටත් ඔහු පොලිස් නිලධාරියාට පවසනවා

පොලිස් නිලධාරීන් තුෂ්නිම්බූතව ඔහු දිහා බලන් ඉද්දි තරුණයා කියනවා මගේ ගේ තියෙන්නේ පොලීසිය කිට්ටුව ඉස්සරලාම සැක නම් බලල එන්න කියලා පොලිස් නිලධාරීන් වහාම ඒ තරුණයාගේ නිවසට ගිහින් බලනවා ඒ වන විට නිවසේ දොර වසා දමා තිබුණේ නිලධාරීන් නිවසේ දොර විවර කලාම මුලින්ම ලේ විලක් මැද මැරී වැටී සිටි කුඩා දරුවෙක් හමු වෙනවා ඔහු අර්ෆාන්ගේ සහෝදරයා වුනා ඊට ටිකක් එහායින් තරුණියක් මැරී වැටී සිටියා ඇය අර්ෆාන්ගේ පෙම්වතිය වුනා ඉන්පසු තව දුරටත් සෝදිසි කරන නිලධාරීන්ට ලෙයින් නැහැවුන අර්ෆාන්ගේ මවගේ සිරුර හමුවෙනවා මේ අතරම නිලධාරීන් දකිනවා අර්ෆාන්ගේ මවට සිහිය තිබෙන බව ඔවුන් වහාම ඇයව රෝහල් ගත කරනවා 


ඉන්පසු නැවත පොලිසියට පැමිණි නිලධාරීන් අර්ෆාන්ගෙන් අසනවා අනිත් මළ සිරුරු තිබෙන තැන ඉන්පසු අර්ෆාන් ඔවුන්ට ඉතිරි සිරුරු තිබෙන තැන්වල ලිපින දෙනවා පොලිසිය පලමු වෙනි ලිපිනයට ගියාම ඒ ගෙදර ඔලුව කුඩු වෙන්න යම් බරති දෙයකින් ගසා ලේ විලක් මැද මැරී වැටි සිටින වයසක කාන්තාවකගේ මළ සිරුරක් හමු වෙනවා ඒ මරා දමා තිබුණේ අර්ෆාන්ගේ ආච්චිව ඉන්පසු අනිත් ලිපිනයට ගියාම ඒ නිවසේ සාලයේ ඔලුව කුඩු කරපු පිරිමි පුද්ගලයෙකුත් මුලුතැන් ගෙයි ඔලුව කුඩුකර ලේ විලක මැරී වැටී සිටි කාන්තාවකුත් හමුවෙනවා මේ ඝාතනය කර තිබූ දෙදෙනා අර්ෆාන්ගේ මහප්පා සහ ලොකු අම්මා වූවා ඉන්පසු නැවත පොලීසියට ආපු නිලධාරීන් අර්ෆාන්ව ප්‍රශ්න කිරීමට එක්ක යන්න හදද්දී ඔහු තම සාක්කුවේ තිබී මී පාසානම් පානය කරනවා දකිනවා වහාම පොලීසිය ඔහුව රෝහලට රැගෙන යනවා 


දින දෙකකට පමණ පසු අර්ෆාන්ට සුව වූවාට පසු නිලධාරීන් විමසනවා ඔහු මේ ඝාතන කල ආකාරය ඊට පස්සො අර්ෆාන් පොලිස් නිලධාරීන්ට මේ විදිහට කතාව කියනවා සදුදා දවසේ දවල් දොලහට අර්ෆාන් ඉස්සරලාම අම්මගේ කාමරයට ගියා අර්ෆාන්ගේ අම්මා පිලිකා රෝගයෙන් පීඩා විදලා බේත් නිසාම රෝගය ටිකෙන් ටික හොද වෙමින් තිබුණා මේ රෝගය නිසාම ගෙදර මුදල් සෑහෙන්න වියදම් වෙලා තිබුණේ කාමරයට ගිය අර්ෆාන් නිදාගෙන හිටිය අම්මගේ කරේ තිබ්බ සලුවක් ගෙල වටේ ඔතල හිර කෙරුවා ඊට පස්සේ අම්ම දගලලා දගලලා නිහඩ උනා අර්ෆාන් හිතුවා අම්ම මිය ගියා කියලා ඊට පස්සේ කාමරේ දොර වහල දාල ගෙදරින් පිටතට ආවා ඒ වෙනකොට ඔහුගේ කුඩා සහෝදරයා පාසල් ගිහිල්ලා හිටියේ තමන්ගේ යතුරු පැදිය පණ ගන්වාගෙන අර්ෆාන් කෙලින්ම යන්නේ උකස් බඩු කඩේකට සාක්කුවේ තිබුණ ආභරණයක කොටස් වගයක් දීලා යම් මුදලක් ගන්න අර්ෆාන් තැන් තුනකින් යකඩ මිටියක්කුත් තව කඩේකින් බෑග් එකකුත් තව කඩේකින් මී පාසානම් කුප්පියකුත් ගන්නවා ඉන්පසු ඔහු කෙලින්ම නැවත ගෙදරට එනවා ගෙදරට ඇවිත් නැවත තම මවගේ කාමරයට ගිහින් මව දිහා හොදට බලනවා එතකොට ඔහු දකිනවා ඔහුගේ මව තාම හුස්ම ගන්නවා බෑග් එකට අත දාල යකඩ මිටිය අරගෙන අර්ෆාන් දෑත බදලා ඔහුගේ මවගේ හිසට එක් පහරක් එල්ල කරනවා වැදුණ පහර හා ඇතිවුන තුවාලය ගැන සිතා ඔහු තීරණය කරනවා දැන්නම් අම්මා මැරුණම තමා කියලා ඊට පස්සේ නිවසේ දොරවල් වහලා දාලා මිටියත් බෑග් එකට දාගෙන අර්ෆාන් යන්නේ කිලෝ මීටර් විස්සක දුරින් තිබුණ ඔහුගේ ආච්චිගේ ගෙදරට 


ටික වෙලාවක් ආච්චිත් එක්ක සුහදව කතා කරලා බෑග් එකෙන් මිටිය අරන් ආච්චිගේ ඔලුව කුඩු වෙනකන් මිටියෙන් ගහලා ආච්චි මිය ගියාට පස්සේ ඇගේ ගෙල පැලදි රත්තරං මාලයකුත් අරන් ගෙදර දොරවල් වහලා දාලා නැවත ආපසු උකස් බඩු කඩයට ඇවිත් ඒ මාලය දීලා විසි හතරදාහකමුදලක් ලබා ගන්නවා 


ඉන්පසූ ඒ මුදලෙන් ඔහු ණය මුදලක් ලබා ගත් අයෙකුට යම් ණය මුදලක් පියවා බාර් එකට යනවා බාර් එකෙන් මත් පැන් පානය කරලා ආයෙ යතුරු පැදියට නැගලා අර්ෆාන්ගේ මහප්පගේ නිවසට යනවා ඒ නිවස තිබුණේ කිලෝ මීටර් දහනවයක් පමණ දුරකින් 

නිවසේ හිටියේ මහප්පයි ලොකු අම්මයි පමණයි ඒ දෙන්නත් එක්ක අර්ෆාන් ටික වෙලාවක් කතාබහ කර කර ඉන්නවා ඊට පස්සේ ලොකු අම්මා තේ හදන්න මුලුතැන් ගෙට යනවා ඒ අවසරයෙන් අර්ෆාන් බෑග් එකෙන් මිටිය අරගෙන අර්ෆාන් මහප්පගේ හිසට යකඩ මිටියෙන් එක දිගට ඔහු මිය යන තුරු පහර දෙනවා මහප්පා මිය ගිය වහාම අර්ෆාන් මිටියත් අරගෙන මුලුතැන්ගෙට දිව ගොස් ඔහුගේ ලොකු අම්මාගේ හිස සුණු විසුනු වෙනකන් මිටියෙන් පහර දෙනවා ඒ දෙදෙනත් මිය ගියාට පස්සේ ඒ නිවසෙත් දොරවල් වහල දාල අර්ෆාන් කෙලින්ම එන්නේ බාර් එකට ඔහු නැවත වරක් මත් පැන් පානය කරනවා 


ඒ මත් පැන් පානය කරන ගමන් ඔහුගේ පෙම්වතිය පෂානාට ඇමතුමක් දීලා ඔහුව හමුවන්න එන ලෙස පවසනවා පෂානත් කියනවා හරි මම ගෙදරට එන්නම් කියලා ඊට පස්සේ අර්ෆාන් කෙලින්ම ගෙදරට යනවා අර්ෆාන් ගෙදරට එනවා දැකපු පෂානත් නිවසට එනවා ඉන්පසු දෙදෙනා ටික වෙලාවක් කතා කරනවා එතකොටම අර්ෆාන්ගේ සොයුරා නිවසට එනවා අර්ෆාන් තම සාක්කුවෙන් මුදල් ස්වල්පයක් අරන් මල්ලීට දීලා අරාබි කෑම කඩේකින් කෑම අරන් එන්න කියනවා සල්ලි අරගෙන අර්ෆාන්ගේ සහෝදරයා නිවසෙන් පිට වෙනවා ඊට පස්සේ පෂානා සහ අර්ෆාන් නිවසේ තනිවෙනවා තමට පිටු පාල ඉන්න මොහොතක් බලල අර්ෆාන් මිටිය අරන් දෑත බදලා එකම පහරක් පෂානගේ හිසට ගහනවා එකම පාරයි පෂානත් මිය යනවා 


ටික වෙලාවකට පස්සේ අර්ෆාන්ගේ සහෝදරයා ගෙදර එනවා සහෝදරයව දැකලා අර්ෆාන් ඔහුව වැලද ගන්නවා මල්ලීව වැලද ගෙන ඉන්න ගමන්ම අර්ෆාන් මී පාසානම් එක පානය කරනවා ඊට පස්සේ මිටිය අරගෙන තමන්ගේ සහෝදරයාගේ හිසටත් දැඩි පහරක් එල්ල කරනවා වැදුණ පහරේ ප්‍රබල බවට අර්ෆාන්ගේ සහෝදරයා මුවින් ශබ්දයක්වත් පිට නොකර මිය යනවා ඊට පස්සේ අර්ෆාන්ගේ සාක්කුවේ ඉතිරිව තිබුණ මුදල් නෝට්ටු ටික සහෝදරයාගේ සිරුර මතට දාල නිවසේ දොරවල් වසා දමලා පාරට ඇවිත් ත්‍රී වීල් රථයකට නැගලා වින්ද්යාරාමඩු පොලිස් ස්ථානයට යනවා පොලිස් ස්ථානයේ ඉස්සරලාම හමු වුන නිලධාරියාට මේ හැම දේම පවසනවා 


පොලිස් නිලධාරීන් අර්ෆාන්ගෙන අහනවා ඇයි මේ අයව මරා දැමුවේ කියලා ඊට පිලිතුර ලෙස ඔහුකියන්නේ මෙවැනි කතාවක් 

අර්ෆානගේ තාත්තා වැඩ කෙරුවේ සවුදි අරාබියේ දමාම් වල ඔහු එහෙදී යම හේතුවක් මත ණය කන්දක හිරවුනා අර්ෆාන්ගේ තාත්තා හිතුවා ඉන්දියාවේ තියෙන ගෙවල් ඉඩම් විකුණලා දමාම් වල ණය ඉවර කරලා ඉන්දියාවට එනවා කියලා අර්ෆාන්ගේ පවුලේ අයත් ටික කාලයක් දමාම් වල ඉදලා ආපහු ආවා අර්ෆාන් දමාම්වල මාස හයක් හිටියා ඊට පස්සේ ඉන්දියාවට ආවා ඔය අතරේ අර්ෆාන්ගේ අම්මට පිලිකාවක් හැදෙනවා පිලිකාවට බේත් කරන්න සෑහෙන්න සල්ලි ඕන උනා අර්ෆාන්ලට සල්ලි නැති වුනාට ඔහුගේ මහප්පට ලොකු අම්මට ආච්චිට හොදට සල්ලි තිබ්බා 


අර්ෆාන්ගේ අම්මගේ බේත් වලට කියලා යම් මුදලක් මුලින් මහප්පයි ආච්චියි දුන්නා ඒත් ඒ මුදල් ප්‍රමාණවත් නොවුන නිසා අර්ෆාන් ලොකු අම්මගෙනුයි මහප්පගෙනුයි ආච්චිගෙනුයි ටික ටික ආපසු දෙන්නම් කියලා නැවත මුදල් ඉල්ලුවත් ඔවුන් එක හෙලාම කියන්නේ නැවත සතයක්වත් නොදෙන බවයි මේක නිසා අර්ෆාන්ට මහප්පයි ලොකු අම්මයි ආච්චි ගැනයි වෛරයක් ඇති වෙනවා අපිට සල්ලි නැතුව අසරණවෙලා ඉන්න වෙලේ සල්ලි තියාගෙන අපිට පිහිටක් වෙන්නැති මුන්ව මරන්න ඕනෙ උන්ව මරලා ඊට පස්සේ මාත් වහ බොනවා කියන සිතුවිල්ල අර්ෆාන්ට ඇති වෙනවා 



ඒත් ඊට පස්සේ ඔහු හිතනවා තමා මියගියොත් තම පෙම්වතිය අම්මා තම සහෝදරයා ගැන කවුද බලන්නේ කියලා ඊට පස්සේ ඔහු තීරණය කරනවා වෛරය නිසා අර තුන් දෙනාව මරලා ආදරය නිසා මේ තුන් දෙනාව මරනවා කියලා ඒ විදිහට තමා අර්ෆාන් ඒ පස් දෙනාවම මරන්නේ. අර්ෆාන්ගේ මව දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබනවා වෛද්‍යවරු පවසන්නේ ඇයව බේරගත හැකි බවයි අර්ෆාන් අත්අඩංගුවට පත් වී සිටිනවා 


Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය