ගුවාටිවල මව සහ පුතුගේ ඝාතනය

 


2022අගෝස්තු 29 ගුවාටි වල පදිංචිව ඉන්න බන්දනා කලීටා නමැත 32 හැවරදි කාන්තාව නූන්මාටි පොලිස් ස්ථානයට එනවා ඇයගේ සැමියා අමර්ජෝති ඩේ සහ නැන්දම්මා ශන්කරීයා ඩේ ජූලි 26 වන දා සිට මේ වන තුරු අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් දාන්න.


පොලීසිය පැමිණිල්ල ලියා ගන්නවා ඉන්පසු පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කරනවා නමුත් ඔවුන්ට කිසිම සාක්ෂියක් හෝඩුවාවක් සොයා ගැනීමට නොලැබෙනවා මේ අතුරුදන් වීම සම්බන්ධව ඒ නිසා පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යාම අඩාල වෙලයි තිබුණේ .


අගෝස්තු 25 බන්ධනා ඇයගේ සැමියාගේ පුංචි අම්මා වූ නිර්මලා ඩේ ගේ ගෙදරකට ගිහිනුත් තම සැමියාගේ සහ නැන්දම්මාගේ අතරුදන්වීම පවසන්නේ හැඩු කදුලින් මේ නිසා ඒ නිර්මලා ඩේ කොහොමටවත් බන්ධනා ගැන සැකයක් ඇති කරගන්නේ නෑ .


ඊට මාස දෙකකට පස්සේ නිර්මලා ඩේ තම සොයුරිය අතුරුදන් වූ ශන්කරියා ඩේ පැමිණ ඇත්ද කියා දැනගැනීමට ශන්කරියා ඩේ ගේ ගෙදරට පැමිණෙනවා නමුත් ශන්කරීයා ඩේ නිවසේ නොසිටි නිසා අසල්වැසියෙකුගෙන් ඇය ගැන විමසුව විට නිර්මලා ඩේට දැන ගැනීමට ලැබෙන්නේ ටික දිනකට කලින් බන්ධනා ශන්කරීයා ඩේව ඔවුන්ගේ නිවසට රැගෙන ගියා කියා පැවසූ බවයි මේ අමුතු කතාව අහලත් නිර්මලාඩේට බන්ධනා ගැන සැකයක් ඇති වන්නේ නෑ එම නිසා නිර්මලා ඩේ ආපසු නිවසට පැමිණෙනවා 


තවත් දින විස්සකට පස්සේ 2022නොවැම්බර් 21 වෙනිදා නිර්මලා ඩේ නූන්මාටි පොලිස් ස්ථානයට ගිහින් පැමිණිල්ලක් දානවා අතුරුදන් වුන ශන්කරියා ඩේ ගේ ගිණුමෙන් කිසිවෙකු හෝ මුදල් ගන්න බවට මෙන්න මේ සිදුවීම දැන ගත්තට පස්සේ පොලීසියේ ශන්කරියා ඩේ හා ඇගේ පුතා අමර්ජෝති ඩේ ගේ අතුරුදන්වීම ගැන අඩාලව තිබුණ පරීක්‍ෂණ කටයුතු වලට නව පණක් ලැබුනා .


පොලීසිය මුලින්ම සැක කරල තිබුනා ශන්කරියා ඩේ හා ඇයගේ පුතාව කිසිවෙකු හෝ පැහැර ගෙන රඳවා ගෙන කොයි මොහොතේ හරි ඔවුන්ගේ මුදල් බැංකුවෙන් ගනීවි කියලා නමුත් නිර්මලා ඩේ ලබා දුන් හෝඩුවාවෙනුත් පොලීසියට කිසිවක් සොයා ගැනීමට නොහැකි වුනා .


පසුව මේ ගැන දිගින් දිගටම හිතපු නිර්මලා ඩේට බන්ධනා ගැන සැකයක් ඇති වෙනවා ඇයට හිතෙනවා මේ බන්ධනා මොනම හරි දෙයක් සගවනවා කියලා ඒ නිසාම නිර්මලා ඩේ මේ සැකය පිලිබදව cid dig වරයාට දන්වනවා නිර්මලා ඩේ ගේ පැමිණිල්ලෙන් පසු digවරයා නැවත වෙනස් කෝණයකින් පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා 


මේ අතර 2023 පෙබරවාරී 14 බන්ධනා ආපහු පොලිස් කමිෂනර් කාර්යාලයට ඇවිත් පැමිණිල්ලක් දානවා පොලීසිය තම සැමියා සහ නැන්දම්මාගේ අතුරුදන් වීම ගැන හරියට සොයා නොබලන බවට

මේ අතර අනිත් පැත්තෙන් cid dig කාර්යාලයේ නිර්මලා ඩේ පැමිණිල්ලක් දාල තියෙනවා පොලීසිය හරියට රාජකාරිය කරන්නෑ කියලා මේ පැමිණිලි දෙකම ගැන සිතා පොලීසිය නිර්මලා ඩේ ගෙන් සහ බන්ධනා ගෙන් වැඩි දුර ප්‍රශ්න කරනවා මේ ප්‍රශ්න කිරීමේදී පොලීසියට තේරුම් යනවා බන්ධනා එක එක සැරේට එක එක කතා කියන බව ඒ සියල්ල එකකට එකක් නොගැලපෙන නිසා පොලීසිය බන්ධනාට විරුද්ධව තව තවත් ප්‍රශ්න කිරීම දැඩි කරනවා අවසානයේ බන්ධනා මේ ප්‍රශ්න කිරීමෙන් බියට පත්ව සියල්ල හෙලි කරනවා.


අමර්ජොති ඩේ සහ බන්ධනා අතර ප්‍රේම සම්බන්ධයක් හට ගත්තා ඔවුන් දෙදෙනා එනිසාම විවාහ වීමට කැමැත්තෙන් හිටියේ නමුත් මේ විවාහයට අමර්ජෝති ඩේගේ මව කැමති වුනේ නෑ නමුත් ඔවුන් දෙදෙනා මවගේ කීම නොතකා විවාහ වුනා නමුත් විවාහ වෙලා ටික දවසකින් මව සතුටු වුනා මේ විවාහයට විවාහ වෙනකොට මේ දෙදෙනාටම හරියට රැකියාවක් තිබුනේ නෑ අමර්ජෝති ඩේ ගේ මව තමා මේ දෙදෙනාගේ වියදමත් බලාගත්තේ ඇය ලග ඉතිරිකරගත් යම් කිසි සැලකිය යුතු මුදලක් තිබුණා මේ අතර බන්ධනාට රැකියාවක් කිරීමට උවමනා වෙනවා එනිසා ඇය ශාරීරික ව්‍යායාම කරන ආයතනයකට සම්බන්ධ වෙන්නේ ඇයට ඕන වුනා ජිම් එකක පුහුණු කරුවෙක් ලෙස සේවය කිරීමට මුලින් ආදරයෙන් බන්ධනා හා අමර්ජෝති ඩේ ආදරයෙන් කල් ගෙව්වත් පසුව තත්වය වෙනස් වෙලා දෙදෙනා නිතර අඩ දබර කරගැනීමට නිවසේ බඩු මුට්ටු පොඩිකර දැමීමට දෙදෙනාම කටයුතු කලා මේ අඩ දබර නිසා අමර්ජෝති ඩේ ගේ මව ශන්කරියා ඩේ ඔවුන් දෙදෙනාගෙන් වෙන් වෙලා වෙනම නිවසකට ගොස් ජීවත් වෙන්න පටන් ගත්තා ඒ විතරක් නෙමේ ඔවුන්ට වියදමට දෙන මුදලුත් ටික ටික අඩු කරලා නතර කරලාම දැම්මා 


මේ වියදමට මුදල් නොදීම ගැන බන්ධනා අමර්ජෝති ඩේගේ මවට වෛර කරන්න පටන් ගත්තා ඒ වගේම රැකියාවක් නොකරන තම සැමියා ගැනද කෝපයෙන් කල් ගත කෙරුවේ මේ අතරම බන්ධනා දැනගන්නවා අමර්ජෝති ඩේ යනු අධිකව හෙරෝයින් පාවිච්චී කරන්නෙක් බව හා ඔහුට වෙනත් අනියම් සම්බන්ධතාද ඇති බව මේ හේතු දැඩි සේ බල පෑවා ඔවුන් දෙදෙනා අතර සිදු වෙන අඩ දබර වලට.


මේ අතරම බන්ධනාට එක් ජිම් එකක පුහුණුකාර රැකියාවක් ලැබෙන්නේ ඔය අතරයි මේ රැකියාව නිසාම පිරිමි මිතුරන් දෙදෙනෙක්ද ඇයට හමුවෙනවා එක් අයෙක් 32 හැවිරිදි ඩන්ටි ඩේකා ඔහු ටැක්සි රථ රියදුරෙක් 

අනෙක් පුද්ගලයා 27හැවිරිදි අරුප් ඩේකා ඔහු කෑම කඩයක් කෙරුවා

බන්ධනාගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනා සැමියා බන්ධනාට කරණා තාඩන පීඩන මේ දෙදෙනා හොදින්ම දැනගෙන සිටියා 



එක් දිනක් බන්ධනා මේ දෙදෙනාට ඇය කිරීමට අදහස් කරනා එක් භයානක සැලැස්මක් ගැන පවසනවා ඇය දැනගෙන සිටියා තම නැන්දම්මා ගේ ලග හුගක් මුදල් සහ වටිනා දේපල ඇති බව එනිසාම මේ දේවල් ලබා ගැනීමට ඩන්ටේ ගේ සහ අරුප් ගේ උදව් පැතුවා ඒ දෙන්නාම වැඩේට කැමති උනා අරුප් මේ වැඩේට කැමති උනේ බන්ධනා ඔහුට ලක්ෂ දෙකක මුදලක් දෙන බව පැවසුවාට පසුයි මොකද අරුප් තවත් ටික දිනකින් විවාහ වීමට සිටියේ ඔහුට මංගල්ලයට වියදම් කිරීමට මුදල් සොයමින් තමා හිටියේ බන්ධනා සැලසුම පැවසූවාට පසු බන්ධනාගේ සැලැස්මට අනුව දෙදෙනාම ක්‍රියා කිරීමට ශපත කලා 


පලමු දඩයම කිරීමට ඔවුන් 2022 ජූනි 26 ශන්කරීයා ඩේ ගේ ගෙදරට යනවා ඇගේ වයස 62 ඒ වන විටත් ඇය තනිවම තමා ඒ නිවසේ ජීවත් වුනේ බන්ධනා සුහදව තම නැන්දම්මාව හමු වෙලා ටික වෙලාවක් කතා බහ කර කර ඉදලා එක පාරම ඇයව ඇදේ පෙරල ගන්නවා ඒ එක්කම කාමරය තුලට ආපු අරුප් බන්ධනාගේ නැන්දම්මාගේ දෙපයින් තද කොට අල්ලගන්නේ ඇයට සෙලවීමටත් නොහැකි ලෙසයි ඉන් පසු බන්ධනා අසල තිබුණ කොට්ටයකින් ශන්කරීයා ඩේ ගේ මුහුණ තද කොට වසන්නේ ඇයට හුස්ම බිදක් හෝ ගැනීමට ඉඩ නොතබාය 


ශන්කරීයා ඩේ හුස්ම ගැනීමට නොහැකිව වැඩි වෙලා යන්න කලින් මිය ගියා ඉන් පසු බන්ධනා මුලුතැන් ගෙයින් රොටී තුනී කිරීමට ගන්නා රෝල් ලී කැබැල්ල ශන්කරීයා ඩේ ගේ ගෙල පිටු පසින් තබා ලොකු මන්න පිහියකින් හිස කඳෙන් වෙන් කරනවා ඉන්පසු අරුප් ඇයගේ අත් දෙක කපා දානවා පොලිස් තොරතුරු අනුව ශන්කරීයා ඩේගේ සිරුර ඔවුන් කැබලි තුනකට කපා දමනවා ඉන් පසු ඉන් පසු ඩන්ටි ඩෙකා පොලිතීන් කවරවලට ඒ සිරුරු කොටස් දමා හොදින් ආවරණය කර පැත්තකින් තබා මුලු ගේම සෝදා පිරිසිදු කර දමනවා ඊ ලග දවසේ උදෑසන 2022 ජූනි 27 වෙනිදා පාන්දර තුනට පමණ සිරුරු කොටස් ඩන්ටි ඩෙකා ගේ ටැක්සි රථයේ දමාගෙන මෙගාලයි නමැති කදුකර පාරේ එක් ප්‍රපාතයට විසි කර දමනවා 


ඉන්පසු ජුනි 27 නැවත ශන්කරීයා ඩේගේ නිවසට ගිය බන්ධනා අසල්වැසියෙකුට පවසන්නේ ශන්කරීයා ඩේව තමන්ගේ නිවසට රැගෙන ගිය බවයි එවිට ශන්කරීයා නිවසේ නැතිබව දැනිලා අසල් වැසියන්ගේ හිතට නැගෙන සැකය නැති කල හැකි බව බන්ධනා හොදින්ම දැන සිටියා .අසල්වැසියනුත් බන්ධනාගේ කතාව ඒ කතාව පිලිගත්තා. ශන්කරීයා ගැන හොයනවනම් වෙන හිටියේ ඇගේ පුතා අමර්ජෝති ඩේ පමණයි ඔහු කොහොමටත් තම මව ගැන නිකමටවත් සොයා බැලුවේ නෑ 


ටික දවසක් ගෙවිලා ගියා බන්ධනාගේ ඊලග දඩයම වන අමර්ජෝති ඩේව මරාදැමීමේ දිනය උදාවුනා එදා දවසේ අමර්ජෝති ඩේ නිදාගෙන ඉන්න තැනට යකඩ පොල්ලක් රැගෙන ගිය බන්ධනා අමර්ජෝති ඩේ මැරෙනකන් ඔහුගේ හිසට එක දිගට යකඩ පොල්ලෙන් ගහනවා ඉන් පසු ඔහු මිය ගියාට පසු ඩන්ටි සහ අරුප් ගේ උදව් ඇතිව මළ සිරුර කෑලි පහකට කපලා පොලිතීන් වල අසුරනවා 


 පසු දින 2022 අගෝස්තු 18 වෙනිදා අමර්ජෝති ඩේ ගේ මළසිරුරත් ඔහුගේ මවගේ මළ සිරුර දැමූ ප්‍රපාතයට දමා බන්ධනා ,අරුප් ,ඩන්ටි මේ තිදෙනා ආපසු එනවා මේ ඝාතන දෙක කරලා බන්ධනා බොහොම සාමන්‍ය ජීවිතයක් ගත කරලා තියෙනවා වෙන එකක් තබා තම දෙමව්පියන් නිවසට ගෙන්වා සැමියාව කෑලි කෑලි වලට කපපු කාමරේ සත්‍ය නාරායන පූජාවක් පවා කරලා තියෙනවා ඇයගේ මේ ඝාතන කිරීම් ගැන අසා ඇගේ දෙමව්පියන් පොලීසියට පැවසුවේ ඇයට වෙඩි තබා මරා දමන ලෙසයි 


බන්ධනාව අත්අඩංගුවට ගත්තාට පසු ඩන්ටීව වෙනම ප්‍රදේශයකින් අත්අඩංගුවට ගත්තා අරුප්ව ඔහුගේ විවාහයෙන් දින දෙකකට පසු අත්අඩංගුවට ගත්තා මොවුන් මේ වන විට කරපු වරදට බන්ධනාගාර ගත වී සිරදඬුවම් විඳිමින් සිටී.


Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය