රූමතියගේ භයංකාර මරණය

 


ඉනදියාවේ මහරාෂ්ඨයේ එක් සුන්දර පලාතක් තිබුනා මාතේරාන් කියලා දෙස් විදෙස් ආකර්ෂණය නොඅඩුව ලැබුන මේ පලාතට හරිත පැහැ සුන්දර කදුශිකර වලින් පිරිණු මේ ප්රදේශය අමුතුම චමත්කාරයක් මැව්ව නිසාම වැඩි වැඩියෙන් ජනයාගේ ආකර්ෂණය ලැබුණා 


වැඩිපුර ජනයාගේ ආකර්ෂණය ලබන නිසාම මේ පලාතේ බොහෝ ලැගුම්හල් ඉදිවුනේ පරිසරයේ සුන්දරත්වය විදින්න එන අයගේ විවේක සුවය වෙනුවෙනුයි 2021දෙසැම්බර් 11 මේ මාතේරාන් ප්රදේශයට එන තරුණ අඹු සැමි යුවලක් ඒ ප්‍රදේශය පුරාම බොහොම විනෝදයෙන් දවස ගෙව්වා රාත්‍රිය උදා උනාම ඔවුන් දෙදෙනා ලැගුම් හලක නතර වෙන්න තීරණය කරලා රාත්‍රී 12ට පමණ ඒ ප්‍රදේශයේ ඇති ලැගුම්හලක කාමරයක් කුලියට ගෙන එහි නිදා ගන්නවා උදෑසන හතට ලැගුම්හලේ සේවකයෙක් ඔවුන් නැවතුනු කාමරයේ දොරට තට්ටු කර බලන්නේ ඔවුන්ගේ උදෑසන ආහාරයට අවශ්‍යය කුමක්ද යන්න දැන ගැනීමටයි නමුත් කාමරය ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් නොවූ තැන සේවකයා එතනින් පිටව යන්නේ අඹු සැමි යුවල තවමත් නිදි ඇතැයි සිතාය.


ඉන්පසු තවත් පැය දෙකකට පසු එම සේවකයම නැවත එම කාමරයට තට්ටු කලත් ඒ මොහොතෙත් කාමරය ඇතුලේ සිටින යුවලගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවූ නිසා ඔහු වහාම ලැගුම්හලේ මැනේජර්ව දැනුවත් කරනවා මැනේජර්වරයා සේවකයාගේ එම ප්‍රකාශය පිලිබදව තැකීමක් නොකොට මෙසේ පැවසුවා 


" ඒ අයට බඩගිනි උනාම එලියට එයි තමුසෙ තමුසෙගෙ වැඩක් බලාගන්නවා ඊටත් ඒ ජෝඩුව මෙහෙට ආවේ රෑ දොළහට විතර තාම නිදි ඇති.."


මැනේජර්වරයාගේ එම කතාවෙන් පසු සේවකයා අර අඹුසැමි යුවල ගැන තව දුරටත් නොසිතා තමාගේ අන් වැඩකට යුතු වල නියලුනා.

දවල් දොලහ පහු වෙලත් ඒ අඹුසැමි යුවල කාමරයෙන් පිටතට පැමිණියේ නැති නිසා ලැගුම්හලේ මැනේජර්ම ඒ කාමරය අසලට ගිහින් එහි දොරට තට්ටු කලා කාමරයෙන් ප්‍රතිචාරයක් නොවූ නිසා මහ සද්දෙන් දොරට ගැසුවා ඒත් කාමරය ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් නොවූ නිසා අමතර යතුරකින් ඔහු කාමරයේ දොර විවර කර බැලුවා 


කාමරය ඇතුල දකින මැනේජර්වරයා විශ්මයට පත් වුනා ඒ මක් නිසාද යත් කාමරය තුල කිසිදු අයෙක් සිටියේ නෑ කාමරයෙන් අමුතුම දුර්ගන්ධයක් වහනය වීම නිසා ඔහු ඒ දුර්ගන්ධය පැමිණෙන දිශාව කාමරය පුරා සෝදිසි කරල අවසානයට කාමරයේ නිදන ඇඳ යටට එබී බලන විට බියෙන් තැති ගත්තා .


කාමරයේ ඇඳ යට හිස නැති නිරුවත් කාන්තා මළ සිරුරක් තිබුණා

මේ භයංකර දර්ශනය දැක කලබලයට පත් ලැගුම්හල් මැනේජර් වරයා වහා ඒ ප්‍රදේයේ පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබා දී මේ සිද්ධිය පිළිබඳව පැවසුවා පසුව පොලිසිය වහා එම ස්ථානයට පැමිණ සිරුර පරීක්ෂා කර බැලූ විට ඔවුන් දුටුවේ ඒ මළ සිරුරේ වම් අතේ කිසිවෙකුගේ හෝ නමක පච්චයක් කොටා ඇති බවත් ඝාතකයා ඒ පච්ච සලකුණ සම්පූර්ණ කපා කොටා මස් ඉරා දමා විනාශ කොට ඇති බවයි ඉන් පසු පොලිස් නිලධාරීන් ලැගුම්හලේ නවතින අයගේ විස්තර ලියාගන්නා පොත පරීක්ෂා කර බැලුවේ පැමිණි අඹු සැමි යුවලගේ විස්තර සොයාගැනීමේ අටියෙනි එම පොතේ තිබුණ විස්තර අනුව කාන්තාවගේ නම රුබිනා බේගම් පිරිමි පුද්ගලයා අම්සද් ඛාන් විය එහි ඔවුන්ගේ ලිපිනයද සදහන් වුනා .


ඒ ලිපිනයට ගොස් අම්සද් ඛාන් සහ රුබීනා බේගම් ගැන සොයා බැලූ පොලිස් නිලධාරීන්ට දැන ගත හැකි වුනේ ලැගුම් හලේ සදහන් කර තිබූ නම් ගම් ව්‍යාජ බව ඉන් පසු ලැගුම්හලේ c.c.tvදර්ශන බැලූ නිලධාරීන්ට අඹුසැමි යුවල හදුනාගත නොහැකි වුනේ ඒ දිනවල කොරෝනා වසංගතය නිසා මුඛ ආවරණ පැලඳ සිටි නිසයි 

ඉන්පසු පොලිස් නිලධාරීන් එදින රාත්‍රියේ සියලු වීඩියෝ දර්ශන නරඹන විට දුටුවේ රාත්‍රී දොළහට ලැගුම් හලට පැමිණෙන අඹු සැමි දෙපලගෙන් සැමියා පසුදින් පාන්දර 3.30ට කලබලයෙන් මෙන් ලැගුම්හලෙන් පිටව යන ආකාරයයි ඔහුගේ කර මත ගමන් මල්ලකුත් එක් අතක කාල වර්ණ පොලිතීන් බැගයකුත් දක්නට ලැබුනා .


මාතේරාන් ප්රදේශය පුරා cctv කැමරා සවි කර තිබූ නිසා පොලිස් නිලධාරීන් ඒ කැමරා වල දර්ශන සියල්ල නරඹද්දී දකිනවා ලැගුම්හලෙන් පිට වූ තරුණයා එක් පාලු ප්‍රදේශනයකට යන බවත් ඔහු එම ස්ථානයෙන් ආපසු පැමිණෙන විට ඔහු ගේ අතේ තිබූ පොලිතීන් බෑගය නොමැති බවත් ඊට පස්සෙ පොලිස් නිලධාරීන් වහාම එම ප්‍රදේශය සෝදිසි කර බලනවා එවිට ඔවුන්ට හමු වෙනවා අර තරුණයාගේ අතේ තිබුණ පොලිතීන් බෑගය පොලිතීන් බෑගය විවර කර බැලූ පොලිස් නිලධාරීන් මවිතයට පත් වෙනවා .


ඒ බෑගය තුල තිබුණේ කඳෙන් වෙන් කරණ ලද කාන්තා හිසක්ය.

වැඩි දුරටත් එම ප්‍රදේශය සෝදිසි කර බැලූ නිලධාරීන්ට කාන්තා බෑගයක් හමුවෙනවා ඒ බෑගයේ පුද්ගලික රෝහලක විසිටින් කාඩ් පතක් තිබුණා නිලධාරීන් වහාම cctvදර්ශන වලින් ගත් කාන්තාවගේ ඡායාරූපයක්ද සමග එම රෝහලට පිටත් වී ඡයාරූපය පෙන්වා ඒ කාන්තාව ගැන විමසන විට රෝහලෙන් දැනගන්න ලැබෙන්නේ එම කාන්තාවගේ නම පූනම් පාල් බව සහ ටික දිනකට කලින් යම් ප්‍රතිකාර කටයුත්තකට රෝහලට පැමිණි බවත් ඔවුන් අත මුදල් නොමැතිව ඔන් ලයින් මාර්ගයෙන් රෝහලේ බිල ගෙවූ බවත්ය .


ඉන් පසු පොලිස් නිලධාරීන් හට එම රෝහලෙන් පූනම් පාල් ගේ රෝහල් බිල ගෙවූ u.p.i නම්බරය ලබාගත හැකි වෙනවා එම u.p.i නම්බරය ලියාපදිංචි වී තිබුණේ රාම් සුලෝචන් පාල් නමැති 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට බව ඉන් පසු පොලිස් නිලධාරීන් රාම් සුලෝචන් පාල් ගේ දුරකථනයට ඇමතුමක් ගත්තත් එය ක්‍රියා විරහිත කර තිබුණා අන්තිම වරට එම දුරකථනය සක්‍රීය වී තිබුණේ මාතේරාන් ප්‍රදේශයෙන් බව පොලිස් නිලධාරීන් සොයාගනු ලැබුවා මේ නිසාම පොලිස් නිලධාරීන්ට දැඩි සැකයක් ඇති වෙනවා මේ රාම් සුලෝචන් පාල් පිලිබදව ඉන් පසුව වහා ක්‍රියාත්මක වුන පොලිස් නිලධාරීන් රාම් සුලෝචන් පාල් ව සොයාගෙන ඔහුගේ නිවසට ගියා .


රාම් සුලෝචන් පාල් දක්ෂ සොෆ්ට්වෙයා ඉන්ජිනයර් කෙනෙක් වුනා පොලිස් නිලධාරීන් ඔහුව හමු වී ඔහු ගේ බිරිද ගැන විමසුවත් මුලින් යම් යම් කතා ගොතල කීම නිසා පොලිස් නිලධාරීන් තදින් පරශ්න කල විට ඔහු සියල්ල වමාරන්නට වුනා 


විවාහ වෙලා රාම් සහ පූනම් බොහොම සතුටින් කල් ගත කෙරුවා පූනම් සිතුවා රාම් නිදහස් අදහස් වලින් පරි පූර්ණ අයෙක් කියා දිනක් රාම් පූනම් ගෙන් අහනවා ඇයගේ පැරණි ප්‍රේම සම්බන්ධතා ගැන පූනම් සිතනවා රාම් ඇයව වටහා ගනී කියලා ඒ නිසාම ඇගේ බිඳ වැටුනු ප්‍රේමයේ සියලු විස්තර නොසගවා ඇය රාම්ට පවසනවා ඇය පෙර පෙම්වතා සමග ලිංගික සම්බන්ධතා පැවැත් වූ බවත් ඇය ඔහුට හෙලි කරනවා මේ සියලු දේ අසා රාම් සිත යටින් ද්වේෂයෙන් දැවෙනවා ඔහුට වෙන අයෙක් සමග ලිංගික සම්බන්ධතා පැවැත් වූ තම බිරිඳ ගැන දැඩි පිළිකුලක් දැනෙනවා එම නිසාම රාම් විනෝද ගමනක් යන බව අඟවා පූනම් සමග මාතේරාන් පැමිණ ලැගුම් හලේදී ඇයට තදින් නින්ද ගියාට පසු ගෙල මිරිකා මරා දමනවා ඉන්පසු පිහියකින් ඇගේ අතේ තිබුණ පච්ච සලකුණ කපා කොටා මස ඉරා දමා සිරුර නිරුවත් කොට හිස කඳින් වෙන් කරනවා .


රාම් මේ විදිහට තම බිරිඳ ගේ සිරුරේ හිස කඳින් වෙන් කරන්නේ සාමාන්‍යයෙන් හදුනාගත නොහැකි සිරුරු ඉක්මනින්ම පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු කිරීම අත් හරින බව ඔහු දැන සිටි නිසයි හිස කඳින් වෙන් කර සිරුර නිරුවත් කර පූනම් ගේ ඇයගේ නම සදහන් පච්ච සලකුණ මකා දැමුවත් පොලීසිය විසින් පැය විසි හතරක් ගත වීමටත් කලින් ඝාතකයාව අත්අඩංගුවට ගැනීමට සමත් වුනා.




Comments

Popular posts from this blog

වික්ටර්

කවන්ධය