පිලිපීනය ගිනියම් කල ඝාතනය
මේ කතාව ඔබට කියනවද නැද්ද කියලා මම සෑහෙන්න කල්පනා කලා ඒ තරම් මේ කතාව සාහසිකයි නමුත් මේ කතාවෙන් ගත යුත්තක් ඔබට තියෙනවා ඒ නිසාමයි මේ කතාව මා පල කරන්නේ කිසිම දිනක ඔබ කුමණ තත්වයක සිටියත් විශේෂයෙන් ඔබගේ හිතට දුකක් තනිකමක් දැනෙන අවස්ථාවක ඔබගේ ෆේස්බුක් ගිණුමට කිසිදු නොදන්නා පුද්ගලයෙක් මිතුරෙක් කර ගැණීමට කටයුතු නොකරන්න මේ කාරණය මම මුලින්ම කියන්නේ ඇයි කියලා ඔබට කතාවේ අවසානය වන විට තේරුම් යයි
මේ කතාව සිද්ධ වෙන්නේ පිලිපීනයේ ලාපු ලාපු ගමේ මෙහි ජීවත් වුනා වයස අවුරුදු 16 ක ක්‍රිස්ටිනා නමැති තරුණියක් දෙමව්පියන් සමග ඇය ඒ ගමේ හොදින් ජීවත් වුනා ක්‍රිස්ටිනා ධර්මය ගැනත් සෑහෙන පැහැදීමක් තිබුණා එනිසාම හැම සතියකම ඉරිදා දිනට පල්ලියට යන ඇය පල්ලිය සවස හතරේ සිට රාත්‍රී අට පමණ වන තුරු සුද්ධ පවිත්‍ර කර යාච්ඤා කටයුතුත් නොවරදවාම සිද්ධ කලා ඇගේ දෙමව්පියන් දෙදෙනත් ඇගේ ඒ දේවල් වලට කැමැත්තෙන්ම ඉඩ දුන්නා
මේ විදිහට කාලය ගත වෙලා 2019 මාර්තු 9 දිනය උදා වුනා එදා උදේ ක්‍රිස්ටිනා තමන්ගේ අම්මත් එක්ක වෙලඳ පොලට ගිහින් නිවසට අවශ්‍යය කරන බඩු බාහිරාදිය රැගෙන එනවා ඊට පස්සේ අන්තර්ජාලයේ ඇනිමේෂන් කටයුත්තක් සවස හතර වෙන තුරු කරලා හවස හතරට පල්ලියට යන්න පිටත් වෙනවා ඇගේ මව ඇය පල්ලියට යන්න පිටත් වෙද්දිම කියනවා ඉක්මනින් නිවසට එන ලෙස නමුත් කාලය ගෙවිලා ගිහින් සවස හය වෙනකොටත් ක්‍රිස්ටිනා නිවසට පැමිණියේ නෑ නමුත් ඇගේ මව ඒ පිලිබදව වැඩිය සිතුවේ නෑ මන්ද ක්‍රිස්ටිනා පල්ලියට ගිහින් එන්න කොහොමටත් රෑ අට විතර වෙන නිසා
රෑ හත හමාර වෙනකොට කෑම ලෑස්ති කරලා තාමත් ක්‍රිස්ටිනා නිවසට ආපු නැති බව ක්‍රිස්ටිනා ගේ අම්මා ඇගේ පියාට පවසනවා නමුත් ක්‍රිස්ටිනා සාමාන්‍යයෙන් නිවසට එන්නේ රෑ අටට පමණ නිසා ඇගේ පියා වැඩිය හිතන්නේ නෑ ඒ ගැන නමුත් රෑ අට පහු වෙලත් ක්‍රිස්ටිනා ගෙදරට නොපැමිණෙද්දී දෙමව්පියන් දෙදෙනා කලබලයට පත් වෙනවා ඉන්පසු ක්‍රිස්ටිනා ගේ පියා පල්ලියට ගිහින් බැලුවත් ක්‍රිස්ටිනාව සොයා ගැනීමට ලැබෙන්නේ නෑ ගමේ කිසිම කෙනෙක් ක්‍රිස්ටිනා ව පල්ලියේ සිට ආපහු එනවා දැකලා තිබුණෙත් නෑ ඊට පස්සේ ක්‍රිස්ටිනා ගේ පියා පොලීසියේ පැමිණිල්ලක් දාන්නේ හැම තැනම හොයලත් ක්‍රිස්ටිනා හම්බ නොවූ නිසය.
පොලීසියත් පැමිණිල්ල ලියාගත් වහාම ඇවිත් ගමේ අයත් සමග ක්‍රිස්ටිනා ව සොයන්න පටන් ගන්නවා නමුත් ඔවුන් සියලු දෙනාම ක්‍රිස්ටිනා ව සෙව්වේ නිවස වටේ ප්‍රදේශයේ පමණයි එම නිසා කොපමණ සෙව්වත් ඔවුන්ට ක්‍රිස්ටිනා ව නම් හමුවුණේ නෑ පසු දින උදෑසන පොලිසියට ඇමතුමක් එනවා ලාපු ලාපු ගමේ අයෙක්ගෙන් ඔහු පවසනවා ඔහු උදේ තම කුඹුරට යනකොට එහි තරුණියකගේ මළ සිරුරක් දුටු බව ලැබුණ ඇමතුමෙන් පසු පොලීසිය වහාම ක්‍රිස්ටිනාගේ දෙමව්පියන්වත් රැගෙන ඒ මළ සිරුර තිබූ ස්ථානයට ගියා .
ඒ වන විටත් මළසිරුර තිබෙන ස්ථානයේ මහා සෙනගක් වට වෙලා හිටියා ඇත්තටම එම ස්ථානයේ මරා දමා තිබුණ සිරුර ක්‍රිස්ටීන් ගේ
නිරුවත් කර තිබූ ක්‍රිස්ටීන් ගේ සිරුරේ භයානකම තත්වය තිබුණේ ඇගේ මුහුණේ ඇගේ මුහුණ පීට්සා රොටියක මෙන් පලුවක් කපා වෙන් කර තිබුණා පමණක් නෙමේ මුහුණේ ඉතිරි අඩ හදුනාගත නොහැකි ලෙස දිය වී පිලිස්සී ගොස් තිබුණා වහාම පොලිසිය මළසිරුර මරණ පරීක්ෂණය සඳහා යොමු කලා මරණ පරීක්ෂණ වාර්ථාවට අනුව ක්රිස්ටින් ගේ සිරුරේ මුහුණේ භාගයක් කපා දමා තිබුණා පමණක්ම නොවේ මුහුණේ ඉතිරි කොටසේ සම ඇද එතුලට ඇසිඩ් වත් කර ඇති බව සදහන් වුනා
ඒ වගේම ක්රිස්ටීන් ගේ ගෙල කපා ගෙලේ ඇතුල හාරා දමා තිබුණ බවද සදහන් වුනා එවකට මේ ඝාතන සිද්ධිය නිසා මහජනතාව නොසන්සුන් වෙලා සිටියේ මේ ජනතාවගේ කෝපය පාලනය කිරීමට මරණ පරීක්ෂණ වාර්තාවට විශේෂයෙන් ක්‍රිස්ටීන් ව දූෂනය කර තිබූ නැති බව සටහන් කිරීමට වෛද්‍යවරු කටයුතු කලා .
ඉන්පසු පොලීසිය සදහන් කලේ මේ ඝාතනය කිරීමට කාරණා දෙකක් ඇති බව ඔවුන් සිතන බවයි පලමු කාරණය යන්ත්‍ර මන්ත්‍ර කටයුත්තකට ඇයව ඝාතනය කර ඇති බවයි දෙවනි කාරණය මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් මෙම ඝාතනය කර ඇති බවයි පොලීසිය විසින් පැවසූ මේ කාරණා දෙක මුලු රටේම ගින්නක් වගේ පැතිරුනා මහ ජනතාව මහ පාරට බැස්සා ක්‍රිස්ටීන් ගේ මේ ඝාතනය කෙරූ ඝාතකයා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ජනතාව රජයට බලපෑම් කරන්න උනා මේ නිසාම රජය විසින් ප්‍රසිද්ධ කලා ක්‍රිස්ටීන් ගේ ඝාතකයා ගැන යම් තොරතුරක් සපයන කෙනෙකුට මිලියන දෙකක මුදලක් ලබා දෙන බව .
මේ මිලියන දෙක ලබා ගන්න මිනිසුන් ගේ බොරු ඔත්තු මත පොලීසිය බොහෝ දෙනෙක්ව පොලිස් ස්ථානයට රැගෙන ගොස් ප්‍රශ්න කෙරුවා නමුත් ඒ රැගෙන ගිය සියල්ලෝම නිවැරදි කරුවන් ලෙස පොලීසියට පිලිගන්න උනා ඉන්පසු පොලීසිය ක්‍රිස්ටින් ගේ දුරකථනය පරීක්ෂා කර බලා යම් දුරකථන අංකයක් සොයා ගන්නවා ඒ දුරකථන අංකය හිමි කාරයා වුනේ ක්‍රිස්ටීන්ගේ හිටපු පෙම්වතා ගේ ඔවුන්ගේ සම්බන්ධය මාස ගාණකට කලින් බිඳී ගොස් තිබුණේ.
පොලීසිය වහාම ක්‍රිස්ටීන් ගේ පැරණි පෙම්වතාව අත් අඩංගුවට ගෙන ක්‍රිස්ටීන්ව ඝාතනය කල වරද ඔහු පිට පටවා සිරගත කලා පොලීසියටත් ඕන උනේ මහ ජනතාවගේ පොලීසිය කෙරේ පවතින පීඩනය අවසන් කිරීමට සහ ඔවුන්ට ඝාතකයා සෙවීමේ හිසරදය නැති කර ගැනීමට මේ නිසාම පොලීසියට තේරුනා මේ සියලු ප්‍රශ්න නිරාකරණය කිරීමට හොදම බිල්ල ක්‍රිස්ටීන් ගේ පැරණි පෙම්වතා බව .
ක්‍රිස්ටීන් ගේ ඝාතකයා අසු වීම නිසා යම් තරමකට මහජනතාව මෙල්ල උනත් ක්‍රිස්ටීන් ගේ හිටපු පෙම්වතාට ඝාතනය සිදුවුණ දවසේ ඔහු නිවසේම සිටි බවට ඔප්පු කිරීමට සාක්ෂි තිබූ නිසා ඔහුව නිදහස් කර හැරීමට පොලිසියට සිදු වෙනවා නැවතත් ජනතාල අරගල කරන්න පටන් ගන්නවා පොලීසියට ඝාතකයා අත්අඩංගුවට ගත නොහැකි වීම සහ බොරුවට මිනිසුන්ව ඝාතනයට අල්ලගන්න හදනවට විරුද්ධව මේ නිසාම පොලීසිය පවතින පීඩනය නැති කර ගැන්මට ක්‍රිස්ටීන් ගේ ඝාතනය ගැන පරීක්ෂණය NBIවිශේෂ විමර්ශන ඒකකයට ලබා දෙනවා nbiකණ්ඩායම වහාම පරීක්ෂණ පටන් ගන්නවා ඔවුන් පලමුවෙන්ම ක්‍රිස්ටීන් ගිය පල්ලියේ ලොග් පොත බලනවා එහි සදහන් වෙනවා ක්‍රිස්ටින් සවස හතරට පල්ලියට විත් අත්සන් කර ඇති බව හා සවස හයට අත්සන් කර ඇය පිටව ගොස් ඇති බව ඉන්පසු විමර්ශන කණ්ඩායම එම ප්‍රදේශයේ ඇති cctv දර්ශන ගැන සොයා බලනවා එවිට ඔවුන්ට දක්නට ලැබෙනවා එක් cctv කැමරා දර්ශනයක ක්‍රිස්ටීන් තරුණයෙක් සමග කතා බහ කරමින් යන ආකාරය නමුත්
කැමරාවේ සටහන් වෙන්නේ ඒ තරුණයාගේ පසු පස නිසා විමර්ශන කණ්ඩායමට මේ තරුණයා කවරෙක්ද කියලා සොයා ගැනීමට නොහැකි වෙනවා .
පසුව විමර්ශන කණ්ඩායම තීරණය කරනවා ඇසිඩ් ගහලා ඝාතනය කරපු ඝාතකයන් ගැන සොයා බලන්න එතකොට ඔවුන්ට ඒ ප්‍රදේශයේම මීට අවුරුදු ගාණකට කලින් ඇසිඩ් ගහලා ඝාතනයක් කරපු මිනීමරුවෙක් ගැන දැනගන්න ලැබෙනවා ඒ වන විට ඔහු දඩුවම් කාලය බන්ධනාගාරයේ ගත කරලා ආයතනයක සේවය කරමින් සිටියේ විමර්ශන කණ්ඩායම ඔහුව අත්අඩංගුවට අරන් පොලිස් ස්ථානයට ගෙනැල්ලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා විමර්ශන කණ්ඩායමට ඔහු පැවසුවේ ඝාතනය සිදුවුන දවසේ ඔහු වැඩ කල ආයතනයේම සිටි බවයි ඔනෙනම් තමාගේ ආයතනයේ ස්වාමියාගෙන් අහන ලෙස පවසනවා විමර්ශන කණ්ඩායම ඒ ආයතනයේ හිමිකරුගෙන් මේ ගැන විමසුවා ඉන්පසු ඔහුත් පවසනවා එය සත්‍යක් බව එම නිසා විමර්ශන කණ්ඩායමට සිදු වෙනවා අල්ලාගෙන ආපු පුද්ගලයාව අත හැර දමන්න.
අවසානයේ 2019 අප්‍රියෙල් 2 වනදා නැවත ක්‍රිස්ටීන් ගේ මළ සිරුර ගොඩ ගෙන දෙවන වරට මරණ පරීක්ෂණයක් කරනවා එවිට මරණ පරීක්ෂණ වාර්තාවේ ඇයව වරින් වර දූෂණය කර පසුව යම් තියුණු ආයුදයක් ඇගේ රහස් පෙදෙස ඇතුලට දමා ඒ තියුණු ආයුදය ඇතුලෙ තිබියදී එය දෙපැත්තට වරින් වර කරකවා ඇතිබවද මේ සියල්ල ක්‍රිස්ටීන් පණ පිටින් සිටින විට කර ඇති බව සදහන් වුනා.
මෙය දැන ගත් මහ ජනතාව කැලඹෙන්නට ගත්තා ඔවුන් අධිකව කෝපයට පත් වී පාරට බැස්සා ඔවුන්ගේ තර්ජන හමුවේ පොලීස් නිලධාරීන් තම පොලිස් ස්ථානයෙන් එලියට බැහීමට පවා බිය වුනා
2019 අප්‍රියෙල් 21 දවස උදා වුනා එදා දවසේ ලාපු ලාපු වල මහ දවල් කඩේක හොරකමක් සිද්ධ වුනා ඒ හොරා කඩේ බඩු සොරකම්කොට එලියට අරන් යනවා දැක්ක කඩේ හිමි කරු කෑ ගහ ගහ ඔහුව අල්ල ගන්න සොරා පසු පස හඹා ගියා පසුව ඒ අවට සිටි මිනිස්සු එකතු වෙලා සොරාව අල්ලලා පොලීසියට භාර දුන්නා පොලීසිය සොරාගෙන් ප්‍රශ්න කරන කොට ඔහුගේ නම රොනෑටෝ බව හෙලි කලා ඒ වගේම ඔහු පහු ගිය අවුරුදු කිහිපයක සිට සොරකම් කරන බව හෙලි කලා ඉන් පසු පොලීසිය ඔහුව රිමාන්ඩ් කලා කෙසේ හෝ අප්‍රියෙල් 22වනදා නැවත රොනෑටෝගෙන් ප්‍රශ්න කරන විට පොලීසියට විමතිය දනවන කතාවක් දැනගන්න ලැබෙනවා .
දැන් අපි කතාවේ කාලය චුට්ටක් විතර පස්සට අරන් යමු 2019 පෙබරවාරි වන විට ක්‍රිස්ටීන් ගේ ආදර සම්බන්ධය බිඳ වැටිලා ඇය බොහෝ දුක සේ කාලය ගත කලේ ඇය මානසිකව කඩා වැටිලා හිටියේ දවසක් ඇය තම ෆේස්බුක් එකවුන්ට් එකට යනවිට සීතන්ඩයෑස් නමැති තරුණයෙකුගේ මිතුරු ඇරයුමක් තිබුණා ක්‍රිස්ටීන් ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කර බැලුවා කඩවසම් තරුණයෙක් නිසා ඇය එම මිතුරු ඇරයුම පිලිගත්තා ඒ සමගම ක්‍රිස්ටීන් ට ඩයෑස් ගෙන් හෙලෝ කොහොමද යනුවෙන් පණිවිඩයක් ආවා ඇයද පිලිතුරු යොමු කලා මෙසේ පටන් ගත් මිතුරු දම ටික දවසක් ඇදී ගොස් එය ප්‍රේම සම්බන්ධයක් බවට පත් වුනා එක දවසක් ඔවුන් තීරණය කරනවා දෙදෙනා හමු වෙලා කතාබහ කරන්න ඉන්පසුව ක්‍රිස්ටින් 2019 මාර්තු 9වනදා සවස පල්ලිය ලගදී හමුවීමට යෝජනා කරනවා ඩයෑසුත් එයට කැමති වෙනවා .
ඉතින් මාර්තු 9 දිනය එලඹුනා සවස පල්ලියට ගිය ක්‍රිස්ටීන් පල්ලියේ ලොග් පොත අත්සන් කොට පල්ලිය සුද්ද පවිත්‍ර කර සවස හයට නැවත ලොග් පොත අත්සන් කොට පල්ලියෙන් පිටතට පැමිණියා ඉන්පසු තම ජංගම දුරකථනයෙන් ඩයෑස්ට කෙටි පණිවිඩයක් දමනවා ඇය පල්ලිය ඉස්සරහා සිටිනවා කියා ඒ සමගම ක්‍රිස්ටීන් ඩයෑස්ගෙන් ඇමතුමක් එනවා ඔහුත් පල්ලිය ඉස්සරහා ඉන්නේ කියා ඉන්පසු වට පිට බලන ක්‍රිස්ටීන්ට දකින්නට ලැබෙනවා ටිකක් දුර සිට අත වනමින් ඇය වෙත පැමිණෙන වයසක පුද්ගලයෙක්.
ඔහු ඇය ලගට පැමිණ හලෝ කියා අත දික් කරනවා නමුත් ක්‍රිස්ටීන් වික්ෂිප්ත වෙලා සිටියේ ඇය බලාපොරොත්තුව සිටියේ සුන්දර තරුණයෙක්ව නමුත් ඇය ඉදිරියේ සිටින්නේ මැදි වයසේ පුද්ගලයෙක්
ඔයා කවුද මම වෙන කෙනෙක් එනකන් ඉන්නේ කියා ඇය ඔහුට පවසනවා ඉන්පසු ඔහු පවසනවා මම තමා ඩයෑස් විදිහට ඔයාට මැසේජ් කරේ ඒකට මට සමාවෙන්න ඒත් මම ඔයාට ආදරෙයි මගේ හෑගීම් මගේ ආදරේ ඇත්ත මගේ ඇත්ත නම රොනෑටෝ කියලා.රොනෑටෝ තමා ක්‍රිස්ටින් ගේ සම වයසේ තරුණයෙක් වගේ ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හදාගෙන ක්‍රිස්ටිනාගේ හැඟීම් සමග සෙල්ලම් කරලා තියෙන්නේ
ක්‍රිස්ටීන් වගේ ලාබාල යුවතියක් කෙසේ පිලිගන්නද මේ වයසක පුද්ගලයෙක්ව තම පෙම්වතා ලෙස ඇය එනිසා ඔහුගෙන් ඉවත් වී නිවස දෙසට ගමන් කලා නමුත් රොනෑටෝ ඇයට ඇවිටිලි කරමින් ඇය සමගම ගමන් කලා ( cctv දර්ශන වල සටහන් වුනේ මෙන්න මේ දර්ශනයයි ) රොනෑටෝ කියන්නේ නිතරම මත්ද්‍රව්‍ය පානය කරණ පුද්ගලයෙක් ඔහු ඒ අවස්තාවෙත් මත් ද්‍රව්‍ය පානය කර පැමිණ තිබුණේ ඔහුට තේරුමක් තිබුණේ නෑ මේ වගේ අවස්ථාවක කටයුතු කරන අන්දම මොකද ඒ වන විට මත්ද්‍රව්‍ය ඔහුගේ සිහි කල්පනාව අවුල් කරලා තිබ්බේ කෙතරම් පින් සෙණ්ඩු වුනත් ක්‍රිස්ටින් ඔහුව පෙම්වතා ලෙස පිලි ගත්තේ නෑ අවසානේ රොනෑටෝ ක්‍රිස්ටීන් ව පාලු ස්ථානයකදී ඇයව බලහත් කාරයෙන් ඇදගෙන ගොස් ඒ අසල තිබුණ කුඹුරු යායක් ඇති තැනකට ගොස් ඇගේ රහස් ප්‍රදේශයට එක දිගට පිහියෙන් ඇන්නා විසි වතාවක් ඔහු ඇගේ රහස් ප්‍රදේශයට පිහියෙන් ඇන පිහිය රහස් ප්‍රදේශය ඇතුලේ තිබියදී ඒ මේ අත කැරකුවා ඉන් පසු ඇගේ හිසෙන් කොටසක් කපා ඉවත් කෙරුවා ගෙල පිහියෙන් පලා උගුරු දණඩ හාරා දැමුවා රොනෑටෝ එතනින් නතර වුනේ නෑ ඔහු තමාගේ නිවසට ගොස් ඇදුම් ගලවා දමා නාගෙන පිරිසිදු වෙලා ඔහුගේ නිවසට එහා තිබුණ කඩෙන් ඇසිඩ් කෑන් එකක් මිල දී ගෙන එයද රැගෙන නැවත ක්‍රිස්ටීන් ගේ මළ සිරුර තිබූ කුඹුරු යායට ගොස් ඇගේ මළ සිරුර ඇති තැනට ඇවිත් ක්‍රිස්ටීන් ගේ මුහුණේ සමයි හිස් කබලයි පිහියෙන් ඈත් කොට ඇතුලට ඇසිඩ් වත් කලා
මේ කතාව පොලීසිය රොනෑටෝගේ හඩින් අහනකොට පොලීසිය සිතුවේ මිනිහෙකුට මෙහෙම තිරිසන් ක්‍රියාවක් කල හැකිද කියායි කෙසේ හෝ රොනෑටෝට විරුද්ධව සියලු චෝදනා ගොනු කොට ඔහුව සිර භාරයට පත් කලා
2019 මැයි 25 දිනය එලඹුනා සෑම උදෑසනකම සිර කදවුරේ සෑම සිරකරුවෙක්ම සිර මැදිරියේ සිටිනවාද කියා බැලීම නිලධාරීන්ගේ දින චරියාවක් සියලු සිර මැදිරි එකින් එක නිරීක්ෂනය කරගෙන විත් රොනෑටෝ ගේ සිර මැදිරියට විත් බැලුවාම නිලධාරීන්ට දක්නට ලැබුනේ ගෙල වැල ලාගෙන මිය ගොස් සිටි රොනෑටෝගේ මළ සිරුරයි
සමහරු කියනවා නිලධාරීන් රොනෑටෝව මරලා එල්ලුවා කියල මොකද මුලු පිලිපීනයේම ජනතාවගේ වෛරයට රොනෑටෝව ලක් වෙලා හිටියේ ජනතාව රජයෙන් ඉල්ලුවේ මරණ දඩුවම යලි ක්‍රියාත්මක කර රොනෑටෝව එල්ලා මරා දමන ලෙසයි නමුත් එරට රජය විසින් මරණ දඬුවම අදටත් ක්‍රියාත්මක කරන්නේ නැත රොනෑටෝට පෝරකය අධිකරණය විසින් ලබා නොදුන්නත් ජනතාව බලාපොරොත්තු වුන විදිහේ අවසානයක්නම් රොනෑටෝට අත් වුනා
ක්‍රිස්ටින් මිය යන විට වයස අවුරුදු 16ක් ඇයට තියෙන්න ඇති අනාගත සිහින බලාපොරොත්තු රාශියක් නමුත් තිරිසන් යක්ෂයෙක් නිසා ඇයට මිය යන්න සිදු වුනා මෙයට එකම වරද වුනේ ක්‍රිස්ටිනා නොදන්නා ෆේස් බුක් ගිණුමක් හිමි අයෙක් සමග මිතුරු කමක් ඇති කර ගැනීම නොදන්නා අයෙක්ව හමුවීමට සිතූ එක නොදන්නා අයෙක් විශ්වාස කල එක .
අවසන් වශයෙන් මා කියන්නේ ඔබ ෆේස්බුක් හී නොදන්නා අයෙක් සමග මිතුරු කමක් අරඹනවානම් සිය දහස් වාරයක් කල්පනා කර බලන්න ඔබ කොපමණ හොඳ අයෙක් වුවත් ඔබේ හදවත සිතුවිලි කොතරම් පිරිසිදු වුවත් කවුද දන්නේ ඔබ සමග මිතුරු වීමට එන පුද්ගලයා කුමණ ආකාරයට ඔබ ගැන සිතනවාද කියා කුමන අරමුණකින් ඔබ හා මිත්‍ර වීමට පැමිණෙනවාද කියා ඔවුන් මොන තරම් භයානකද කියා එනිසා ඔබ ඔබව රැක ගන්න ඔන් ලයින් මිතුරන්ව මාර විදිහට විශ්වාස කිරීමෙන් වලකින්න
Comments
Post a Comment