ස්වභාවික මරණ


 

තමිල්නාඩුවට ගිහින් රෙදි ලාබෙට ගන්න හොදම තැන චෙන්නායි වල තවුසන්ඩ් ලයිට් රෝඩ් කියන තැන මේ තැන හැමෝම අතර බොහොම ප්‍රසිද්ධයි 2015 අප්‍රියෙල් 19 වෙනිදා චෙන්නායි වල තවුසන්ඩ් ලයිට් පාරේ හවස පයින් ගමන් කර කර හිටිය එක මනුස්සයෙක් එක පාරම සිහි නැතුව බිම ඇදගෙන වැටුනා .


වටේ පිටේ හිටිය කට්ටිය හැමෝම එකතුවෙලා මේ මනුස්සයාව රෝහලට අරන් යනවා නමුත් වෛද්‍යවරු ඒ මනුස්සයව පරික්ෂා කරලා බලලා කියනවා ඔහු මිය ගිහින් කියලා රෝහල් පොලීසිය විසින් ඔහුගේ නම ජෝන් සෙලෝමිනෝ කියලා හොයා ගන්නවා ජෝන්ගේ මරණ පරීක්ෂණයේ ලියවුනේ ජෝන් හදිස්සියේම ඇති වුන හර්දයා බාදයක් නිසා මිය ගිය බවයි.


ජෝන් මිය ගිහින් මාසයක් ගෙවිලා ගියා තවුසන්ඩ් ලයිට් පාරේ ඉදලා කිලෝ මීටර් දහනවයකට එහා ප්‍රදේශයක දිනය වුනේ 2015 මැයි 17 උත්තීරාමේවූර් කියන ප්‍රදේශයේ 

ශ්‍රීධර් කියන පුද්ගලයා පාරේ පයින් ගමන් කරමින් ඉද්දී එක පාරටම සිහි නැතුව බිම ඇදගෙන වැටෙනවා ඔහු බිම වැටෙනවා දැක්ක වටේ පිටේ හැමෝම එකතු වෙලා ශ්‍රීධර්ව රෝහලට අරන් යනවා නමුත් රෝහලේදී දැන ගන්න ලැබෙන්නේ ශ්‍රීධර් මිය ගිහින් බවයි හේතුව හර්දයා බාධයක් ඇති වීම.


දිනය එලඹුනා 2015 ඔක්තෝම්බර් 10 මේ ශ්‍රීධර් මැරිලා මාස පහකට පස්සේ එදා හෙන්රි නමැති පුද්ගලයෙක් මදිපක්කම් කියන ප්‍රදේශයේ පාරක පයින් යද්දී එක පාරම සිහිනැතුව බිම ඇදගෙන වැටෙනවා වටේ පිටේ හිටපු අය හෙන්රිව රෝහලට අරන් යනවා රෝහලේදී දැනගන්න ලැබෙන්නේ හර්දයා බාධයක් හේතුවෙන් හෙන්රිත් මිය ගිහින් කියලයි.


මේ තුන් දෙනාගේම මරණ බොහොම සාමාන්‍යයි තුන් දෙනා මැරුනෙත් තැන් තුනක තුන් දෙනා මැරුණ කාල පරාසයත් එකින් එකට වෙනස් පොලිස් නිලධාරීන්ට සැක කරන්න කියල කිසිම දෙයක් මේ මරණ වල තිබුණෙත් නෑ ඒ නිසාම මළ සිරුරු ගෙවල් වලට භාර දුන්නා ගෙවල් වල අයත් අවසන් චාරිත්‍ර ඉටු කරලා සිරුරු වල දැමුවා.


2015 අවුරුද්දේ චෙන්නායි වල මරණ තුනක් වුනා එකම අවුරුද්දේ. මරණ ගැන පොලීසියට කිසිම සැකයක් තිබුණේ නෑ ගෙවල් වල අයට තිබුණෙත් නෑ කාලය ගෙවිලා ගියා 2016 අප්‍රියෙල් 4 වෙනිදා ඉන්සන්බක්කම් ප්‍රදේශයේ ජීවත් වෙන කෝටිපති ව්‍යාපාරිකයෙක් ඒ පැත්තෙ පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා ඔහුගේ ලක්ෂ ගාණක රත්තරන් බඩු වගයක් හොරකම් කරලා කියලා පොලීසිය ඉක්මණින්ම පැමිණිල්ල ලියාගන්නවා ඒ එක්කම විමර්ශන කටයුතු ආරම්භ කරනවා මොකද කෝටිපති ව්‍යාපාරිකයෙක්නේ කොහොමටත් ලංකාවෙත් ඔහොම තමා සල්ලිකාර අයට මාර සැලකිලි දක්වනවා පොලීසියේ මහත්වරු


 ඉතින් කොහොම හරි පොලීසිය මුලින්ම කෝටිපතියගේ නිවස සහ අවට පරීක්ෂා කරලා බලලා cctv දර්ශන නරඹලා ලේසියෙන්ම පොලිස් නිලධාරීන්ට හොරුන්ව අල්ලගන්න ලැබෙනවා හොරකමට හොරු තුන් දෙනෙක් ඇවිල්ල තිබුණා ඊට පස්සේ හොරු 

තුන් දෙනාව පොලිස් ස්ථානයට රැගෙන එනවා තුන් දෙනාගෙන් දෙන්නෙක් ඒ කෝටිපති ව්‍යාපාරිකයගේ පරණ හිටපු රියදුරෝ දෙදෙනෙක් බාලාජී,ආනන්දම් තුන්වෙනියා සතීෂ් ඔහු කෝටිපති ව්‍යාපාරිකයගේ පරණ හිතවතෙක් මේ තුන් දෙනාගෙන් පොලීසිය ප්‍රශ්න කලාම තුන් දෙනා වරද පිලිගන්නවා ඉන් පස්සේ පොලීසිය වැඩි දුරටත් තුන් දෙනාගේ ගෙවල් සෝදිසි කරලා බලනවා .


බලාජීගේ සහ ආනන්දම්ගේ ගෙවල් පරීක්ෂා කරලා බැලුව පොලීසියට කිසිම සැක කටයුතු දෙයක් නොලැබුණත් සතීෂ්ගේ නිවසෙන් ඔහු ඉන්ජිනියර් කෙනෙක් සතීෂ් ගේ නිවසෙන් පොලීසියට හමු වෙනවා 9.mm පිස්තෝල දෙකක් හොරකන් කරපු රත්තරං බඩු සහ කිලෝ එකක පොටෑසියම් සයනයිඩ් මේ පිස්තෝල දෙක සහ පොටෑසියම් සයනයිඩ් දැකපු පොලීසිය සැක කරනවා සතීෂ්ගේ මොකක් හරි වෙන භයානක පැත්තක් තියෙනවා කියලා ඊට පස්සේ පොලීසිය සතිෂ්ගෙන් පරශ්න කරනවා සතීෂ් කියනවා පිස්තෝල තියාගත්තේ ආත්ම ආරක්ෂාව සදහා කියලා සයනයිඩ් රත්තරං බඩු සුද්ධ කරන්න කල් තියාම ගත්ත ඒව කියලා 


පොලීසියට සතීෂ්ගේ මේ පිලිතුර ඔවුන්ගේ සැකය දුරු කිරීම සදහා ප්‍රමාණවත් වුනේ නෑ එනිසාම සතීෂ්ගෙන් ඔහුගේ පවුලේ තොරතුරු පිලිබදව පොලීසියෙන් ඇහුවා සතීෂ් කිව්වා තම දෙමව් පියන්ගේ නම් බිරිදගේ නම සහ බිරිදගේ දෙමව් පියන්ගේ නම සහ තම බිරිදගේ සහෝදරයා ගේ නම බිරිදගේ සහෝදරයාගේ නම වුනේ ජෝන් සිලෝමිනන් 


මේ ජෝන් සිලෝමිනන්ගේ නම ඇහුන ගමන් පොලීසියට මතක් වුනා 2015 පරණ සිද්ධිය හිටපු ගමන් එක පාර සිදුවුන ජෝන්ගේ මරණය පොලීසිය වහාම ජෝන්ගේ මළ සිරුර නැවත ගොඩ ගෙන මරණ පරීක්ණය කරලා බැලුවාම මරණ පරීක්‍ෂණ වාර්තාව දැකලා පොලීසිය විමතියට පත් වුනා ඊට පස්සේ පොලීසිය වහාම මුලු චෙන්නායි,වල තියෙන හැම පොලීසියකින්ම පයින් ඇවිදගෙන යද්දි මැරිල වැටුන අය ගැන තොරතුරු සොයා බැලුව එක පාරටම මැරිල වැටුනා නම් දෙකක් ගැන පොලීසියට දැන ගන්න ලැබුණා .


ඒ නම් දෙක තමා ශ්‍රී ධර් සහ හෙන්රි පොලීසිය කල්පනා කරලා බැලුවා මේ ජෝන් නම් සතීෂ් ගේ මස්සිනා ඒත් ශ්‍රී ධර් සහ හෙන්රි කියන දෙන්නා කොහොමද සතීෂ්ට සම්බන්ධ වෙන්නේ කියලා ඊට පස්සේ වැඩි දුරටත් සතීෂ්ගෙන් ප්‍රශ්න කලාම ඔහු කියනවා ශ්‍රී ධර් ගේ සහ හෙන්රීගේ බිරින්දෑවරු දෙදෙනා සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය බව 


මියගිය තිදෙනාගේම සිරුරු නැවත ගොඩ ගෙන පරීක්ෂා කර බැලුවම මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වුනේ උග්‍ර විෂක් ශරීරයට මුසු වීම හේතුවෙන් හර්දයාබාදයක් ඇති වී තිදෙනාම මිය ගිය බවයි නමුත් මේ උග්‍ර විෂ සිරුරට මුසු කල ආකාරය පොලිස් නිලධාරීන්ට බලවත් ප්‍රශ්නයක් වූ නිසා පොලීසිය සතීෂ් ගෙන් තදින් ප්‍රශ්න කලා.


සතීෂ් කියනවා තමන් සහ බිරිද අතර දබරයක් ඇති වුනා ඊට පස්සේ බිරිදගේ සහෝදරයා බිරිදත් එක්ක පොලීසියට ගිහින් තමාට විරුද්ධව පැමිණිල්ලක් දැමූ බව ඊට පස්සේ සතීෂ් හිතනවා තමාගේ බිරිදව අවුස්සා තමාට විරුද්ධව පැමිණිලි දාන්න එක්ක ගිය බිරිදගේ සහෝදරයාව මරලා දානවා කියලා ඒත් කොහොමද මරන්නේ සතීෂ් හිතනවා ජෝන්ව මරනවානම් මරන්න ඕනේ ජෝන් සාමාන්‍ය විදිහට මැරිල ගිය ආකාරයට කියලා මේ මරණය ගැන කිසිම කෙනෙකුට සැක නොහිතෙන ආකාරයට කොහොමද කරන්නේ කියලා සතීෂ් සෑහෙන දවසක් කලපනා කලා අන්තර්ජාලයෙන් සෑහෙන දේවල් හොයලා අවසානේ හොයාගන්නවා ලන්ඩනයේදී කුඩයක මුදුනතට විෂ කවලා කුඩෙන් සියුම් තුවාලයක් කරලා මරලා දාපු ජනමාධ්‍යය වේදියෙක් ගැන තොරතුරක් 


ඉන් පස්සේ සතීෂ් කුඩයක් අරගෙන ඒක වෙනස්ම විදිහකට නිර්මාණය කරනවා ඒ කුඩේ මුදුනතේ කිසිම කෙනෙකුට නොපෙනෙන විදිහට විෂ පුරවපු සිරින්ජරයක් රදවලා ඒකෙන් ඔනෑම අයෙකුට විෂ එන්නත් කල හැකි ආකාරයට 


ඊට පස්සේ සතීෂ් තම පලමු ඝාතනය කලා තම මස්සිනා ජෝන් සිලෝමිනේගේ ඉන් පසු තම අනියම් භාර්යාවෝ දෙදෙනාගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාවද ඒ ආකාරයටම කුඩෙන් ඇන මරා දැමුවා


 මරණ තුනක් වුනා චෙන්නායි පොලීසියට සැකයක් ඇති වුනේම නෑ බැරි වෙලාවත් හොරකම අහු නොවුනනම් පොලීසිය සතීෂ්ගේ ගෙදර සෝදිසි නොකලනම් සතීෂ්ගේ ගෙදරින් පිස්තෝල දෙකයි සයනයිඩ් හමු නොවුනනම් අදටත් ජෝන් සහ ශ්‍රී ධර් ,හෙන්රි යන තිදෙනාගේ මරණ සාමාන්‍ය මරණ කියලා තමයි හැමෝම හිතන්නේ .


Comments

  1. කුඩයෙන් විෂ යෙදීම කළේ බීබීසී එකේ වැඩ කරපු චෙකෝස්ලොවැකියා පුවත්පත් කලාවේදීන් දෙදෙනෙකුට. එක් අයෙක් මැරෙනවා. අනෙක් කෙනා බේරෙනවා. කළේ රුසියානු රහස් ඔත්තු සේවය.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වික්ටර්

කවන්ධය