Posts

රිදීදර ශාපය

Image
පියල් කියන්නේ වයස අවුරුදු හතලිහක පුද්ගලයෙක් ඔහුට ඊයෙ දිනයේ තමා හතලිහ ලැබුවේ තනිකඩයෙක් වුන පියල් ගේ විනෝදාංශය වුනේ ලස්සන ලස්සන තැන්වල ඇවිදල බලන එක ඔහු වැඩ කරපු ආයතනයේ ඔහුගේ මිතුරන් හැමෝම කියනව ඉදල්ගස්හින්න ස්ටේෂන් එක පුදුම ලස්සනයි කියලා  ඒක හින්දම පියල් තීරණය කරනවා ගිහිල්ලම බලනව කියල දවස් තුනක රැකියා කරණ ස්ථානයෙන් හදිස්සියේම ලැබුණ නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතපු පියල් හවස මරදානෙ ස්ටේෂන් එකෙන් බදුල්ල බලා යන දුම්රියකට ගොඩ වෙනවා ඔහු දුම්රියට ගොඩ වෙනවත් එක්කම පරණ තාලේ ඇදුම් වලින් සැරසුන අයෙක්ද පියල්ට පිටුපසින් ඇවිත් පියල් වාඩි උන තැනම ඉදිරිපිට ආසනයේ වාඩිවුනා ඊට පස්සෙ ඔහු මහා අමුතුම බැල්මකින් පියල් ගේ මූණ දිහාම බලාගෙන හිටියා පියල්ට එය අපහසුවක් වගේ දැනුනත් ඔහු එය වැඩිය ගණනකට ගත්තෙ නෑ   පියල් එහෙමම කවුලුවෙන් ඔහු පසුකරමින් යන දෑ නරඹන්නට උනා නිකමට වගේ ආයෙත් ඉදිරියේ සිටින මිනිසා දිහා බැලුවම ඔහුට පෙනුන තාමත් අමුතු ජීවියෙකු දැක්ක වගේ පියල් දිහාම බලන් ඉන්න ඒ මිනිසාව ..පියල්ට දැඩි කෝපයක් හට ගත්තා ඒ විදිහට තමන් දිහාම බලන් ඉන්න ඒ මිනිසා ගැන.. පියල් තරහෙන් ඒ මනුස්සය ගෙන් මෙහෙම...

එක් අඳුරු කතාවක්

Image
  දවසම චුරු චුරු වැස්ස ඉවරයක් නෑ කල්ප වැස්ස දිහා කාමරේට වෙලා ටික වෙලාවක් බලන් ඉදල පරිගණක නැවත සැරයක් ක්‍රියාත්මක කරල අන්තර්ජාලයට සම්බන්ද වුනා ප්‍රසිද්ධ බ්ලොග් අඩවියකට සම්බන්ද වෙලා ලිපි දෙක තුනක් කියවගෙන යද්දි ඔහුට ඉබේටම මේ විදිහට කියවුනා . " බ්ලොග් එකකට මාත් ලියනවා සල්ලි දෙනවනම් මොකෝ නිකන් මිනිස්සුන්ට කියවන්ඩ දුන්න කියල  මට වැඩක් තියෙනවද මගෙ කාලය අපරාදෙ හිතේ සතුට විතරක් තියෙයි " එතකොටම කල්ප දැක්ක ඔහුට ඊ මේල් එකක් ආව කියලා ඔහු ඒ ඊමේල් විවෘත කලා ඒ ඊමේල් එක එවල තිබුණේ ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් ඔවුන්ට නිර්මාණාත්මකව ලියන කෙනෙක් අවශ්‍යයයි කියල සහ කල්ප ගේ යම් යම් ලිපි නිර්මාණ ඔවුන් දැක ඇති බවත් හෙට දිනයේ උදෑසන ඔවුන්ට දුරකථන මාර්ගයෙන් කතාකිරීමට දුරකථන අංකයකුත් කල්පට එවල තිබුණ. "... යකෝ මාරයිනේ මේ හිතුව විතරයි මේන් ලියන්ඩ කතා කරනවා මගෙ අද දවස හොදයි .  කෝල් එකක් දෙන්න ඕනෙ හෙට උදේම මේ නම්බර් එකට ..." එහෙම හිතල ඊලගට ඔහු එදින පැවැත්වෙන ක්‍රිකට් තරගයක් නරඹන්න පටන් ගත්තා ඉන්දියන් ක්‍රීඩකයෙක් දිගට හරහට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු රැස් කරනවා දුටු කල්පට ඉබේටම මෙහෙම කියවුනා . " ඉන...

රොගස්ටින් මන්දිරය

Image
 "මොන එහෙකට රොගස්ටන් මන්දිරයට යනවද මහත්තයෝ?.." අශ්ව රථයේ රියදුරු වූ තොමසන් විමතිය මිශ්‍ර බැල්මක් ආගන්තුක තරුණයා වෙත හෙලමින් විමසුවේ  "උන්නැහේ මම මොන එහෙකට රොගස්ටන් මන්දිරයට ගියත් ඔහේට ඒකෙන් පලක් තියෙයි කියල මම හිතන් නෑ ඒක නිසා ඔහේට මාව රොගස්ටන් මන්දිරේ ලඟට ඇරලවන්න පුලුවන්ද කීවොත් හොඳයි..ඊටත් ඔහේට මම රන් පවුම් දහයක් වැඩිපුර ගෙවනව ඒකම ඇතිනේ ඔහේට මේ ගමන යන්ඩ එන්ඩ හේතුව නැද්ද මම අහන්නේ..?.." "හා..හා..මහත්තයෝ තරහ ගන්ට කාරියක් නෑ මම ඔය නිකමට වගේ ඇහැව්වේ. හරි..හරි.. යන්කෝ මහත්තයෝ නගින්ටකෝ මම..මම පටවන්නම් ඔය ට්රන්ක පෙට්ටිය..ක්.කෝ දෙන්ට.." ආගන්තුක තරුණයා අත තිබූ ගමන් බෑගය ලහි ලහියේ අශ්ව රථය තුලට දමා ආගන්තුක තරුණයත් සමග රොගස්ටන් මන්දිරය වෙත යාමට රියදුරු තොම්සන් අශ්ව කරත්තය මෙහෙය වන්නට විය "මහත්තය දැන් මෙච්චර දුරක් ආව කෝ ඉතින් තමුන්නැහේගේ නමවත් කීවේ නෑ නෙවැ.." "මගේ නම හෙන්රි පීටර්සන් ඔහේට තවත් මොකුත් දැන ගන්ට තියෙනවද?.." අශ්ව රථයේ රියදුරු තොම්සන් විමසු පැනයට නොරිස්සුම් සහගත බැල්මක් හෙලමින් හෙන්රි පීටර්සන් පිළිතුරු දුන්නේය. ලන්ඩනයේ වංශවත් පවුලක උපත...

ගෙගරි පවුලේ ඛේදවාචකය

Image
  1990 මාර්තු මාසයේ මුල් සතිය මහරගම පොලිස් බල ප්‍රදේශය තුල බොහෝම සාමකාමී බවක් ඉසිලුවත් දෙවන සතියේ තත්ත්වය ඊට හාත් පසින්ම වෙනස් විය මන්ද යත් පරණ කොට්ටාව පාරේ ජනතා මාවතේ නොම්බර දහ අට දරණ නිවසේ සිදුව තිබුණ අභිරහස් ලෙස මිය ගොස් තිබූ එකම පවුලේ හත් දෙනෙකුගේ සිරුරු හමු වී තිබුණ නිසයි එම නිවස අයිතිව තිබුණේ සැම්සන් ගෙගරි නමැති හැත්තෑපස්වන වයසේ පසුවන්නෙකුටයි ඔහු සහ ඔහුගේ බිරිද ලොකුපුතා සහ ඔහුගේ බිරිද සහ දරුවන් තිදෙනා මෙසේ අද්භූතජනක ලෙස මිය ගොස් සිටියහ. පොලිස් පරීක්ෂණ බාරව තිබුණේ උප පොලිස් පරීක්ෂක හේමන්ත නමැති තරුණ නිලධාරියෙකුටය. සිරුරු සියල්ල මරණ පරීක්ෂණය සඳහා යවා පරීක්ෂණ වාර්තාව රුගෙන ඒම සදහා ගිය හේමන්තගේ සහයක පොලිස් නිල ධාරියෙක් වාර්තාව ඔහුට පෑවේය. පරීක්ෂණ වාර්තා හොදින් පරික්ෂා කර බැලූ හේමන්ත සහයක නිලධාරියාට මෙසේ පැවසුවේය  " මේකට අනුව මේ මැරිල තියෙන අයගේ හදවත පෙනහළු මොලය මේ සියල්ල ඉදිමිලා මැරිල තියෙන්නේ මේ හැමෝගෙම කෙස් ගැලවිලා හම පුපුරල රුධිරය එලියට ඇවිත් තියෙනව මොන දෙයක් හින්දද එහෙම වෙන්නේ ආරියරත්න තමුසේ මේ වගේ මරණ දැකල තියෙනවද"?.. ".නෑ සර් මම ජීවිතේ පලමු වතාවට මෙහෙම බයංකර ම...

මැදියම් රෑ භීෂනය

Image
  " මහත්තයෝ මේ වෙලාවට බ්‍රිස්ටල් නගරයට යන්න දුම්රියක් නෑ ඒ වගේම වෙන අශ්ව කරත්ත යක් හොයන්නවත් හම්බවෙන්නේ නෑ දැන් රෑ දොළහ ත් පැනල ඉතින් කොහෙද කරත්ත කාරයෝ අල්ලන්නේ උන් ඔක්කොම බඩ පුරා වයින් බීල ගොරොද්දේ අදිනව ඇති...හහ්..හහ්".. අශ්ව කරත්තයේ රියදුරා සමච්චලයට සිනා වෙමින් පැවසුවේය. තම මවගේ හදිසි අභාවය සදහන් ටෙලිග්‍රෑමය නැවත වතාවක් බලා තම කබායේ සාක්කුවට රුවා ගත් මාර්ටින් හෝෆ්ස් දිගු හුස්මක් හෙලා රියදුරු ඇමතුවේය.  " ලන්ඩනයේ ඉදල බ්‍රිස්ටල් වලට තමුසේ ඉල්ලන ගාණ බොහෝම සැරයි නමුත් මේ වෙලාවේ මට ඔහේත් එක්ක යන්නම වෙනව.." " මහත්තයෝ එහෙම කතා කරන්න එපා ඕනෙම නම් මහත්තයට පයින් යන්න පුලුවන් පැය දහ අටක් යයි වැඩිම උනොත් හැබැයි ඉතින් මග කැලෑවල ඉන්න වෘකයින්ගෙන් වලස්සුන්ගෙන් මහත්තයගේ ජීවිතේ බේරෙයිද කියලනම් මට සැකයි.." නැවතත් සමච්චල් සහගත සිනාව පාමින් අශ්ව රථයේ රියදුරු පිළිතුරු දුන්නේය. " මම දන්නව ගමනේ තියෙන බැරෑරුම්කම දැන් ඉතින් ඔය තමුසෙගේ මෝඩ හිනාව පැත්තකින් තියල ගමන යමු මම දෙන්නම් තමුසේ ඉල්ලන ගාණ අඩුවක් නැතුව.." "හහ්..හහ්..හහ් මහත්තයට මොලේ තියෙනව කොහොමටත් ඔය ලොකු මහත්...
Image
  මගෙ නම මිලින්ද මම වැඩ කෙරුවේ අපේ පැත්තෙ තිබුණ ලොකු ලී මෝලක ඒත් එතන හැමදාමත් වැඩ තිබුනේ නෑ සමහර වැහි දවස් වලටත් ලී මෝලෙ වැඩ තිබ්බෙ නෑ මම සෑහෙන දවසක ඉදන් කල්පනා කෙරුව මේ විදිහට වැඩ කරල මට කවදාවත් ගොඩ එන්ඩ ලැබෙන් නෑ කියලා  ඉතින් මම හිතුව මොකක් හරි ස්ථීර රස්සාවකට යන්න ඒත් මම ගමෙන් දුර රස්සාවකට යන්න කැමති වුනේ නෑ නැත්නම් පොඩි කඩයක් දාගන්නව කියලත් පස්සෙ හිතුන අපේ පැත්තෙ හැමෝම සිල්ලර බඩු වගේ දේවල් ගේන්න ගියේ කිලෝ මීටර් හතරක විතර දුර තියෙන කඩේකට ඉතින් සිල්ලර කඩයක් දා ගත්තනම් හොදයි කියල මට හිතුන ඒත් කඩයක් දා ගන්නත් මූලික දේවල් ටික කරගන්න මට සල්ලි තිබුනෙ නෑ රස්සාවකට යන්නත් දෙක වසරට විතරක් ඉගෙනුම ලබපු මගෙ අධ්‍යාපනය බල පෑවා . අඩු අධ්‍යාපනයක් ලැබුවත් මට හොදට කියවන්න පුලුවන් දවසක් මම ඉරිද පත්තරයක් ගත්තා මොකක් හරි මට කරන්න පුලුවන් රස්සාවක් හොයා ගන්න ඒ වෙනකොට ගමෙන් පිට රස්සාවකට නොයන තීරණය මම අත ඇරල තිබුණේ ස්ථීර රස්සාවක් නම් ඕන තූත්තුකුඩියක යනව කියල මම තදින්ම හිතා ගෙන හිටියේ . පත්තරේ පිටු පෙරල ගෙන යනකොට මම දැක්කා පුංචි දැන්වීමක් ඒකෙ තිබුනේ මෙහෙම දෙයක් . *********************************** ...
Image
  " මල්ලී මම හිතන්නෙ නෑ මේ ට්‍රැෆික් එකේ අපිට තව පැයකටවත් එයාර්පෝට් එකට යන්න පුලුවන් වෙයි කියලා " ඇති වී තිබුණ දැඩි වාහන තද බදය දිහා බාලාගෙනම කුලී රථයේ රියදුරා පසුපස ආසනයේ වාඩි වී සිටින අෂාන්ට කිව්වා . " ඒක තමා මේ මාත් කල්පනා කලේ බලමු කොහොම හරි ඊගාවට තියෙන ෆලයිට් එකකට හරි චේන්ජ් කරගන්න බලනවා " " කොහොම හරි මම පුලුවන් තරම් ට්‍රයි කරනවා මල්ලිව වෙලාවට කලින් එයාර්පෝට් එකට ගිහින්  දාන්න " " ලොකු උදව්වක් අයියේ නැත්නම් මට වෙනම ගාණක් වියදම් වෙනවා " අවුරුදු ගාණක් උත්සහ කරල තමා අෂාන් යුරෝපෙ රැකියාවට යන හීනෙ හැබෑ කරගත්තෙ කොහොම හරි අද තමා ඔහුට ගුවන්ගත වෙන්න තියෙන දවස ඒත් උදේ ඉදන් ඔහුට බදා තමා සිද්ධ වුනේ එයාර්පෝට් එකට යන්න කියල කතාකරගත්ත වාහනේ ටයර් දෙකක් කපල තිබුණ කවුරු හරි.  ඊට පස්සෙ තමා මේ දැන් ඔහු ගමන් කරණ කුලී රථය හම්බ වුනේ ඒකත් දැන් දෙපාරක්ම මග කැඩුනා.කොහොම හරි එයාර්පෝට් එකට අෂාන් ආව ඒත් වැඩක් වුනේ නෑ ඒ වෙන කොටත් ඒ ගුවන් යානය පිටත් වෙලා ආයෙත් අෂාන්ට ඔහු යන රටට ගුවන්යානයක් තිබුනේ පහුවදාට ඔහු ඒ ගුවන් යානයේ යන්න අවශය කටයුතු කෙරුවා.ඊට පස්සෙ ආපහු ගෙදර යන එක...