Posts

මළවුන්ගෙන් නැගිටීම

Image
  එක පාරටම ඇස් ඇරල බලපු මට ඝන අන්ධකාරයක පමණමයී දක්නට ලැබුනේ මම හිතුවේ මම ඉන්නේ මගේ නිදි යහන මත කියලා ඒත් මට හෙල්ලෙන්නවත් බැරි විදිහට මගේ ශරීරය ඒ ඝන අන්ධකාරයේ ගිලුණු තැන හිර වෙලා තිබුණේ මගේ කකුල් වලට තේරුණා මගෙ කකුල් ලෑලි වලින් ආවරණය වෙලා කියලා මගේ අත් යාන්තමට හොලවන්න පුලුවන් නිසා මට තේරුණා මම ඉන්නේ මොකක් හරි ලෑලි පෙට්ටියක් ඇතුලේ කියලා  මම අමාරුවෙන් මගේ අතින් හිමීට මගේ හිස අත ගාල බැලුවා මගේ අත තෙත් වෙලා ගියා මට හිතාගන්න බැරි උනා මගේ හිසේ වතුරද නැත්නම් ලේද තියෙන්නේ කියලා මම මේ තිත්ත කලුවරේ මේ විදිහට හිර වෙලා ඉන්න පොඩ්ඩක්වත් කැමති උනේ නෑ මට ඕන උනේ මෙතනින් නිදහස් වෙන්න මම මගේ කාර් එක ඇතුලෙවත් මේ විදිහට තිත්ත කලුවරක ඉදල නෑ .....ම..මගේ කාර් එක ඔව් මට කාර් එකක් තිබුණ ඒත්...  ඒත් මට ඇයි මගේ නම මතක් වෙන් නැත්තේ මම කවුද ඇයි මම මේ ලෑලි පෙට්ටියක් ඇතුලේ ඉන්නේ මම කොහොමද මෙතනට ආවේ යම් යම් දේවල් මට මතකයට නැගෙනවා ඒත් ඒ එක්කම මට ඒව අමතක වෙනවා සමහර විට මගේ ඔලුවේ ලොකු තුවාලයක් ඇති ඒක නිසා තමා මට මේ හැම දෙයක්ම අමතක වෙනවා ඇත්තේ ඒත් මට තේරෙන්නැත්තේ මොකක්ද මේ මට දැනෙන ගඳ කියලයි මට දැනෙනවා නහය හ...

Outo shankar

Image
  ගෞරී ශන්කර් ඉපදුනේ 1955 මාර්තු 4 දුප්පත් පවුලක ඉපදුන ශන්කර් පොඩි කාලෙ ඉදන්ම චිත්‍රපට බලන්න තදින්ම ඇබ්බැහි වෙලා හිටියා ඔහු ඉන්න ප්‍රදේශයේ සිනමා හලට අලුතෙන් එන හැම චිත්‍රපටයම නරඹන්න ඔහු සිනමා හලේ ප්‍රවේශ පත්‍ර ගැනීමට මුදල් සොයා ගත්තේ ශන්කර් ගේ මව ටින් බෙලෙක්කයකට දමා ඉතුරු කරණ මුදල් මවට හොරෙන් සොරාගෙනයි . ඔහු චිත්‍රපට වලින් වැඩි පුරම කැමති වුනේ ප්‍රධාන නලුවට නෙමේ දුෂ්ඨයට තමා ඔහුගේ වැඩිම කැමැත්ත තිබුණේ සෙල්ලමට යාලුවොත් එක්ක චිත්‍රපටයේ සිදුවීම් රඟදක්වද්දිත් ඔහු දුෂ්ඨයාගේ චරිතයම තමා රඟපෑවේ කොහොමෙන් කොහොම හරි කාලය ගත වුනා ගෞරී ශන්කර් තරුණ වියට එලඹුනාට පසු 1974 දී මදුරාසිය නොහොත් චෙන්නයි වලට රැකියාවක් සොයාගෙන පැමිණෙනවා . ශන්කර් මදුරාසියේ සුලු රැකියාවල නිරත වෙලා කෙසේ හෝ මුදල් ඉතිරි කරගෙන ත්‍රී රෝද රථයක් මිල දී ගෙන එයින් මිනිසුන්ට ප්‍රවාහන පහසුකම් සලසා මුදල් සෙවීමට පටන් ගන්නවා ඔය අතරෙම ඔය කාලයේම ඉන්දීය රජය විදේශ මත්පැන් තහනමකට ලක් කරනවා විදේශ මත්පැන් තහනම් වන විට තල් රා වලට හොද වෙලඳ පොලක් සැකසුනා ඒ වගේම රා වෙළෙන්දන් හිතූ ගණන් වලට තල් රා අලෙවි කරන්න පටන් ගත්තා ශන්කර්ටත් ඕන වුනේ ඉක්මණින් සල්...

සත්‍ය කතාවක්

Image
  තරුණ කලේ දේශාභිමානයෙන් ඔද වැඩුන ගුරු මූර්ති ඉන්දියන් හමුදාවට සම්බන්ධ වෙනවා ටික කාලයක් හමුදාවේ රැකියාව කරණ ගුරු මූර්තිට ඔහුගේ දෙමව්පියන් විවාහය සදහා තරුණියක් සොයලා දෙනවා ඇගේ නම මාධවී ගුරු මූර්තිත් ඇයට කැමති වෙන නිසා ඔවුන්ගේ විවාහය දෙදාස් දොලහ වසරේ සිද්ධ වෙනවා . විවාහ ජීවිතය ඇත්තෙන්ම සතුටින් පිරුණු එකක් වුනා දරුවෝ දෙන්නෙක් ගුරු මූර්ති සහ මාධවී ගේ ආදරය පිරුණු පුංචි කැදැල්ලට එක් වුනාට පස්සේ ජීවිතය තව තවත් සුන්දර වුනා ඔය අතරම තමා ගුරු මූර්ති හමුදා සේවයෙන් ඉවත් වෙලා ආරක්ෂක නිලධාරියෙක් ලෙස රැකියාව වෙනස් කිරීමට ලක් කරන්නේ . කාලය ගත වෙලා ගියා ගුරු මූර්ති සහ මාධවී ගේ ආදරණීය පුංචි පවුලටත් සැකය කියන විෂ බීජය ඇතුල් වුනේ නොසිතූ විදිහටයි ගුරු මූර්ති තම බිරිඳ පිලිබදව නිතර සැක කිරීම නිසා නිතර දෙවේලේ නිවසේ අඩ දබර ඇති වෙන්නට පටන් ගත්තා කාලය ඔය විදිහට ගත වුනා දෙදාස් විසි තුන වසර උදා වුනා.   දෙදාස් විසි තුනේ පොංගල් දිනය සමරන්න ගුරු මූර්ති ගේ දරුවෝ දෙන්නා මාධවී ගේ නැගණිය ගේ නිවසට ගොස් සිටියා මාධවී මොන ප්‍රශ්නය ආවත් හැම දාම උදේට සහ හවසට තම දෙමව්පියන්ට ඇමතුමක් දෙන එක පුරුද්දක් කර ගෙන සිටියා පොං...

මරණයේ නවාතැන

Image
  " අෂේන් මට අම්මව බලන්න යන්න ඕනා අනේ අපි දැන්ම යමුකෝ " රැකියාවට නිමවා නිවසට පැමිණි විගස අෂේන්ට තම බිරිඳ ගේ ඉල්ලීම පුදුමයක් ගෙන දුන්නේය ඔහු ප්‍රශ්නාර්ත මුසු බැල්මකින් ඇය දෙස බැලුවේය. " අපි ගිය සතියෙත් එහෙ ගියානේ අචිනි ඇයි මේ හදිස්සියේම එහෙ යන්න හදන්නේ "? " අනේ මන්ද මට උදේ ඔයා වැඩට ගිය වෙලේ ඉදන් හිතට හරි නෑ අම්මව බලන්න යන්නම හිතෙනව අනේ හාද හා කියන්නකෝ" " මේ රෑ කොහොමද යන්නේ හෙට මට නිවාඩු හෙට යමු ඊටත් අපි එහෙට යනකොට පාන්දර එක දෙක වත් වෙයිනේ " " ආයේ මම ඔයාට කරදර කරන්නෙ නෑ ප්ලීස් අෂේන් අනේ යමුකෝ " " හරි හරි ඕකට අඩන්න ඕනෙද ඉන්න මම වොෂ් එකක් දාගන්න ඊට පස්සෙ යමු හොඳද. ." කඳුලු පිරි දෙනෙතින් ඇවිටිලි කරනා ඇය දෙස මද සිනාවකින් බැලූ අෂේන් ඇගේ හිස පිරිමදිමින් එසේ කීවේය. අචිනිගේ නිවස පිහිටියේ බණ්ඩාරවෙල නගරයට ආසන්නවය අචිනි සහ අෂේන් විවාහ වී පදිංචිව සිටියේ මාකඳුර ප්‍රදේශයේය ඔවුන් දෙදෙනා රාත්‍රී දහයට පමණ බණ්ඩාරවෙල බලා යාමට ඔවුන්ගේ මෝටර් රථයෙන් පිටත් විය. කුරුණෑගලට පාරේ කිරලබොක්ක ගමට ආසන්න වන විට ඔවුන්ට තව දුරටත් ගමන යාමට නොහැකි බාදකයක් ඇති වී ...

අමුතු කනත්ත

Image
  පාසල් අධ්‍යාපනය හමාර කරපු රුවන් දිසානායකට ඕන වෙලා තිබ්බේ හොද වැටුපක් ගන්න පුලුවන් රැකියාවක් කරන්න. හැබැයි හොද වැටුපක් ගන්න පුලුවන් රැකියා තිබුණත් ඒවාට යන්න තරම් හොද අධයාපනයක් රුවන්ට තිබුණේ නැහැ සති අන්ත පුවත් පත් පීරල හෙව්වත් රුවන් ගේ හිතට මෙන්න මේ රැකියාව මට හොඳයි කියන සිතුවිල්ල ඔහුගේ සිතට නැගුනේ නැහැ දවසේ පඩියට කරපු එක එක කුලී වැඩ වලින් ඔහු හෙම්බත් වෙලා හිටියේ මොකද එක දිගට වහින දවස් ආවොත් රුවන්ට ඒ දින වලදී නිවසට වී කාලය ගත කරන්නයි සිද්ධ වුනේ දුප්පත් පවුලක එකම දරුව වුන රුවන්ට ඕන වෙලා තිබුණේ තම දෙමව්පියන්ට සුඛිත මුදිත ජීවිතයක් කෙසේ හෝ උදා කර දීමටයි එය කිරීමට නම් ඔහුගේ මේ ස්තිර නොවන රැකියා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු හොඳින්ම දැනගෙන සිටියේය සෑම ඉරිදා දිනයකම සති අන්ත පුවත් පත් වල පල වන රැකියා බැලීමට පුරුදු වෙලා හිටිය රුවන් එදත් ගමේ තේ කඩේට ගොඩ වැදුනේ තේ එකක් බොන ගමන්ම පුවත් පතත් බැලීමටයි ඔහුගේ මේ පුරුද්ද හොදින්ම දැනගෙන හිටිය තේ කඩේ මුදලාලි ගුනදාස රුවන්ව දැක ඔහු සමග මුව පුරා සිනාසී සති අන්ත පුවත්පත ඔහු වෙත දිගු කෙරුවේය. ..." රුවන් මල්ලි ඔන්න නියම ජොබ් එකක් ගැන පත්තරේ දාල තියෙනව....

අසම්පූර්ණ ලිපිය

Image
  සමහර දේවල් වල සමහර කතන්දර වල අවසානයක් නැතිව අසම්පූර්ණ වුනාම ඒක අපේ හිතට පුදුම විදිහට දැනෙනවා සමහර කතාවල අවසානය වුනේ කොහොමද කියලා හොයාගෙන ගිහින් බලන්න තරම් කුතුහලය කියන හැගීම අපිව අසරණ කරන වෙලාවලුත් නැතුවම නෙවේ ප්‍රබාෂ් සෙනවිරත්න කියන්නේ වයස අවුරුදු විසිඅටක තරුණයෙක් ඔහු රැකියාව කලේ ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක.  පැය අටක සේවා මුරය නිමා කිරීමෙන් අනතුරුව තමා ගේ නවාතැනට පැමිණ ආහාරය සඳහා කුමක් හෝ තනාගෙන කෑම කා අවසන් වූවාට පසු ඔහු කලේ මැදියම් රැය වන තුරු පොත් කියවීමයි මේ සිද්ධිය වුන දවසෙත් සේවය අහවර කර නවාතැනට පැමිණ ආහාර පිලියෙල කරගත්තා ට පසු ප්‍රාබාෂ්ට සිහිපත් වුනේ එදින රාත්‍රියේ කිය වීම සඳහා ඔහු සන්තකව කියවපු නැති එකම පොතක් හෝ නැති බවයි . ප්‍රබාෂ් නැවතී සිටි නවාතැනට කිලෝ මීටර් දෙකකට පමණ එහායින් ප්‍රසිද්ධ පොත් අලෙවි කරණා වෙලද සැලක් තිබූ අතර ඔහු පා ගමනින්ම එතැනට පිටත් වුනේය ප්‍රබාෂ් එතනට ලගා වන විට එම වෙලඳ සැල වසා දමා තිබිණ බලාපොරොත්තු සුන් වූ ඔහු මද වෙලාවක් පොත් වෙලඳ සැලට ඇතුල්වන පඩි පෙල මත ටික වෙලාවක් වාඩි වී සිටියේය. " මොකද මල්ලී මොකුත් ප්රශ්නයක්ද..?" ප්‍රබාෂ් ට කතා කල පුද්ගලයා ද...

නොවිසඳුණු ඝාතනය

Image
 කුලියාපිටිය පොලිසියේ දුරකථනය අලුයම පහට පමණ එක දිගට නාද වීමට පටන්ගත්තේ කන්දොස්කිරියාවක් ඇතිකරවමින්ය. දුරකථනයේ රිසිවරය තද නින්දක සිට එක්වරම පිබිදුනු පොලිස් නිලධාරියෙක් එසවූවේ පරුෂ වචනයකුත් මුවින් පිට කරමින්මයි දුරකථනයේ අනෙක් පසින් පොලීසිය ඇමතුවේ කුලිපිටිය පොලිස් වසමට අයත් වට්ටක්කාවත්ත ග්‍රාමයේ ගැමියෙක්ය. " හලෝ සර් මම මේ වට්ටක්කාවත්ත ගමේ ජිනදාස කියල කෙනෙක් කතා කරන්නේ අපේ ගෙට ටිකක් එහා ඉන්න රත්නපාලව  දවස් පහකින් විතර දැක්කෙ නෑ දැන් ඒ ගෙදරින් සැර කුණු ගඳක් එනවා " " හරි තමුසෙලා ඔය කියන රත්නපාලගේ ගෙදරට යන්න එපා අපි ඇවිත් සෝදිසි කරලා බලන්නම් , එසේ පැවසූ නිලධාරියා දුරකථන ඇමතුම විසන්ධි කලේය.තවත් සුලු මොහොතකින් උප පොලිස් පරීක්ෂක නිවන්ත රත්නායක ප්‍රමුක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වට්ටක්කාවත්ත ග්‍රාමය බලා පිටත් වූහ. පොලිස් නිලධාරීන් පැමිණෙන විටත් ගමේ පදිංචිව සිටිනා ගැහැණු පිරිමි සෑහෙන පිරිසක් දුරකථන ඇමතුමෙන් කියවුන දුගඳ හමනා නිවස වටේටම රැස් වී සිටියේ යම් අපරාධයක සැක සංකා ඔවුන්ගේ සිත් තුලත් පැල පදියන් වී තිබූ නිසා විය හැක පොලිස් නිලධාරීන් ඉදිරියටම ගිය ගැමියෙක් මෙසේ පැවසුවේය.  ...