Posts

මරණයේ නවාතැන

Image
  " අෂේන් මට අම්මව බලන්න යන්න ඕනා අනේ අපි දැන්ම යමුකෝ " රැකියාවට නිමවා නිවසට පැමිණි විගස අෂේන්ට තම බිරිඳ ගේ ඉල්ලීම පුදුමයක් ගෙන දුන්නේය ඔහු ප්‍රශ්නාර්ත මුසු බැල්මකින් ඇය දෙස බැලුවේය. " අපි ගිය සතියෙත් එහෙ ගියානේ අචිනි ඇයි මේ හදිස්සියේම එහෙ යන්න හදන්නේ "? " අනේ මන්ද මට උදේ ඔයා වැඩට ගිය වෙලේ ඉදන් හිතට හරි නෑ අම්මව බලන්න යන්නම හිතෙනව අනේ හාද හා කියන්නකෝ" " මේ රෑ කොහොමද යන්නේ හෙට මට නිවාඩු හෙට යමු ඊටත් අපි එහෙට යනකොට පාන්දර එක දෙක වත් වෙයිනේ " " ආයේ මම ඔයාට කරදර කරන්නෙ නෑ ප්ලීස් අෂේන් අනේ යමුකෝ " " හරි හරි ඕකට අඩන්න ඕනෙද ඉන්න මම වොෂ් එකක් දාගන්න ඊට පස්සෙ යමු හොඳද. ." කඳුලු පිරි දෙනෙතින් ඇවිටිලි කරනා ඇය දෙස මද සිනාවකින් බැලූ අෂේන් ඇගේ හිස පිරිමදිමින් එසේ කීවේය. අචිනිගේ නිවස පිහිටියේ බණ්ඩාරවෙල නගරයට ආසන්නවය අචිනි සහ අෂේන් විවාහ වී පදිංචිව සිටියේ මාකඳුර ප්‍රදේශයේය ඔවුන් දෙදෙනා රාත්‍රී දහයට පමණ බණ්ඩාරවෙල බලා යාමට ඔවුන්ගේ මෝටර් රථයෙන් පිටත් විය. කුරුණෑගලට පාරේ කිරලබොක්ක ගමට ආසන්න වන විට ඔවුන්ට තව දුරටත් ගමන යාමට නොහැකි බාදකයක් ඇති වී ...

අමුතු කනත්ත

Image
  පාසල් අධ්‍යාපනය හමාර කරපු රුවන් දිසානායකට ඕන වෙලා තිබ්බේ හොද වැටුපක් ගන්න පුලුවන් රැකියාවක් කරන්න. හැබැයි හොද වැටුපක් ගන්න පුලුවන් රැකියා තිබුණත් ඒවාට යන්න තරම් හොද අධයාපනයක් රුවන්ට තිබුණේ නැහැ සති අන්ත පුවත් පත් පීරල හෙව්වත් රුවන් ගේ හිතට මෙන්න මේ රැකියාව මට හොඳයි කියන සිතුවිල්ල ඔහුගේ සිතට නැගුනේ නැහැ දවසේ පඩියට කරපු එක එක කුලී වැඩ වලින් ඔහු හෙම්බත් වෙලා හිටියේ මොකද එක දිගට වහින දවස් ආවොත් රුවන්ට ඒ දින වලදී නිවසට වී කාලය ගත කරන්නයි සිද්ධ වුනේ දුප්පත් පවුලක එකම දරුව වුන රුවන්ට ඕන වෙලා තිබුණේ තම දෙමව්පියන්ට සුඛිත මුදිත ජීවිතයක් කෙසේ හෝ උදා කර දීමටයි එය කිරීමට නම් ඔහුගේ මේ ස්තිර නොවන රැකියා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු හොඳින්ම දැනගෙන සිටියේය සෑම ඉරිදා දිනයකම සති අන්ත පුවත් පත් වල පල වන රැකියා බැලීමට පුරුදු වෙලා හිටිය රුවන් එදත් ගමේ තේ කඩේට ගොඩ වැදුනේ තේ එකක් බොන ගමන්ම පුවත් පතත් බැලීමටයි ඔහුගේ මේ පුරුද්ද හොදින්ම දැනගෙන හිටිය තේ කඩේ මුදලාලි ගුනදාස රුවන්ව දැක ඔහු සමග මුව පුරා සිනාසී සති අන්ත පුවත්පත ඔහු වෙත දිගු කෙරුවේය. ..." රුවන් මල්ලි ඔන්න නියම ජොබ් එකක් ගැන පත්තරේ දාල තියෙනව....

අසම්පූර්ණ ලිපිය

Image
  සමහර දේවල් වල සමහර කතන්දර වල අවසානයක් නැතිව අසම්පූර්ණ වුනාම ඒක අපේ හිතට පුදුම විදිහට දැනෙනවා සමහර කතාවල අවසානය වුනේ කොහොමද කියලා හොයාගෙන ගිහින් බලන්න තරම් කුතුහලය කියන හැගීම අපිව අසරණ කරන වෙලාවලුත් නැතුවම නෙවේ ප්‍රබාෂ් සෙනවිරත්න කියන්නේ වයස අවුරුදු විසිඅටක තරුණයෙක් ඔහු රැකියාව කලේ ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක.  පැය අටක සේවා මුරය නිමා කිරීමෙන් අනතුරුව තමා ගේ නවාතැනට පැමිණ ආහාරය සඳහා කුමක් හෝ තනාගෙන කෑම කා අවසන් වූවාට පසු ඔහු කලේ මැදියම් රැය වන තුරු පොත් කියවීමයි මේ සිද්ධිය වුන දවසෙත් සේවය අහවර කර නවාතැනට පැමිණ ආහාර පිලියෙල කරගත්තා ට පසු ප්‍රාබාෂ්ට සිහිපත් වුනේ එදින රාත්‍රියේ කිය වීම සඳහා ඔහු සන්තකව කියවපු නැති එකම පොතක් හෝ නැති බවයි . ප්‍රබාෂ් නැවතී සිටි නවාතැනට කිලෝ මීටර් දෙකකට පමණ එහායින් ප්‍රසිද්ධ පොත් අලෙවි කරණා වෙලද සැලක් තිබූ අතර ඔහු පා ගමනින්ම එතැනට පිටත් වුනේය ප්‍රබාෂ් එතනට ලගා වන විට එම වෙලඳ සැල වසා දමා තිබිණ බලාපොරොත්තු සුන් වූ ඔහු මද වෙලාවක් පොත් වෙලඳ සැලට ඇතුල්වන පඩි පෙල මත ටික වෙලාවක් වාඩි වී සිටියේය. " මොකද මල්ලී මොකුත් ප්රශ්නයක්ද..?" ප්‍රබාෂ් ට කතා කල පුද්ගලයා ද...

නොවිසඳුණු ඝාතනය

Image
 කුලියාපිටිය පොලිසියේ දුරකථනය අලුයම පහට පමණ එක දිගට නාද වීමට පටන්ගත්තේ කන්දොස්කිරියාවක් ඇතිකරවමින්ය. දුරකථනයේ රිසිවරය තද නින්දක සිට එක්වරම පිබිදුනු පොලිස් නිලධාරියෙක් එසවූවේ පරුෂ වචනයකුත් මුවින් පිට කරමින්මයි දුරකථනයේ අනෙක් පසින් පොලීසිය ඇමතුවේ කුලිපිටිය පොලිස් වසමට අයත් වට්ටක්කාවත්ත ග්‍රාමයේ ගැමියෙක්ය. " හලෝ සර් මම මේ වට්ටක්කාවත්ත ගමේ ජිනදාස කියල කෙනෙක් කතා කරන්නේ අපේ ගෙට ටිකක් එහා ඉන්න රත්නපාලව  දවස් පහකින් විතර දැක්කෙ නෑ දැන් ඒ ගෙදරින් සැර කුණු ගඳක් එනවා " " හරි තමුසෙලා ඔය කියන රත්නපාලගේ ගෙදරට යන්න එපා අපි ඇවිත් සෝදිසි කරලා බලන්නම් , එසේ පැවසූ නිලධාරියා දුරකථන ඇමතුම විසන්ධි කලේය.තවත් සුලු මොහොතකින් උප පොලිස් පරීක්ෂක නිවන්ත රත්නායක ප්‍රමුක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වට්ටක්කාවත්ත ග්‍රාමය බලා පිටත් වූහ. පොලිස් නිලධාරීන් පැමිණෙන විටත් ගමේ පදිංචිව සිටිනා ගැහැණු පිරිමි සෑහෙන පිරිසක් දුරකථන ඇමතුමෙන් කියවුන දුගඳ හමනා නිවස වටේටම රැස් වී සිටියේ යම් අපරාධයක සැක සංකා ඔවුන්ගේ සිත් තුලත් පැල පදියන් වී තිබූ නිසා විය හැක පොලිස් නිලධාරීන් ඉදිරියටම ගිය ගැමියෙක් මෙසේ පැවසුවේය.  ...

අලව්වේ වලව්ව

Image
  ප්‍රභාත්, මිහිර,චානක හොදම යාලුවෝ තුන් දෙනෙක් සති අග දිනයක විනෝද ගමනක් යාමට සැලසුම් කරපු ඒ තුන් දෙනා සවස හතරට පමණ කොළඹින් පිටත් වුනා මෝටර් රථය පදවන ගමන්ම තුන් දෙනාම පදම ඉක්මවා මත්පැන් පානය කර තිබූ නිසා අලව්ව නගරයට පැමිණෙන විට තව දුරටත් ඉදිරියට මෝටර් රථය පැදවීමට ඇති අපහසුව හේතුවෙන් අලව්ව නගරය සමීපයේ තිබූ ලැඟුම් හලක් බවට පත් කර තිබූ පැරණි වලව්වකට රථය හැරවූවේ එදින රාත්‍රිය එහි ගත කිරීමටයි. තුන් දෙනාම මත් බව නිසා එහෙට මෙහෙට වැනෙමින් වලව්ව ලැඟුම් හලේ පිලිගැනීමේ නිලධාරියා අසලට ගියා. පිලිගැනීමේ නිලධාරියා ඔවුන් සමග මුව පුරා සිනා සුනේ හරියට ඔවුන් එන තුරා ඔහු මග බලන් සිටියා වගේ . " එන්න සර් සර්ලට කාමරයක් අවශ්‍යයි නේද .."? පිලිගැනීමේ නිලධාරියා ඔවුන් ගෙන් එහෙම ඇහුවා . " ඔව් අපිට අද රෑ ගත කරන්න තියෙන හොදම කාමර තුන දෙනවා "  මිහිර ඒ විදිහට පිලිගැනීමේ නිලධාරියට කිව්වා. " සර් මේ වෙලාවේ තියෙන්නේ එක කාමරයයි මම ඒක දෙන්නම් තුන් දෙනාටම රුපියල් තුන් දහයි වෙන්නේ " " තුන් දහයි.. චැක්..! එහෙනම් ඉතින් ඒ කාමරේ බල්ලෙකුටවත් ඉන්ඩ බැරුව ඇති බාත් රූම් එකක් වත් තියෙනවද දන් නෑ ...

යක්ෂයාගේ ඇස 02 අවසන් කොටස

Image
  මගෙ නම නාරද මම ලංකාවම දන්න තේගිරිස් ගුරුන්නාන්සෙගේ හොදම ගෝලයා වික්ටර් කියන්නේ තේගිරිස් ගුරුන්නාන්සෙගෙ කලින් හිටිය හොදම ගෝලයා පස්සෙ වික්ටර් තනියම තේගිරිස් ගුරුන්නාන්සෙගේ ආශීර්වාදය ඇතුව යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන්න ගත්තට පස්සේ මම තමා ගුරුන්නාන්සෙගේ හොදම ගෝලයා වුනේ. කලින් හොදම ගෝලයා උන වික්ටර් මගේ හොදම යාලුවෙක් එක ගමක සිද්ද වෙන අද්භූත දෙයක් හොයන්න ගිහින් මට අනාගතේ හිරවෙන්න සිද්ද වුනා වික්ටර් කාලය හරහා යන ක්‍රමයක් හොයාගෙන මාව හොයාගෙන අනාගතේට ඇවිත් මාව නැවත මගේ කාලයටම එව්වා ඒත් වික්ටර් අඩි තුන්සීයක් විතර උස ගල් කණුවකින් බිමට වැටුනා වික්ටර් එතනින් වැටිල මැරුණද බේරුණද කියලා මම දන්නෙ නෑ ඒත් මම කොහොම හරි වික්ටර්ව බේරගන්න ඕනේ ඒත් බේර ගන්න ක්‍රමය මම දන්නෙ නෑ මට වික්ටර්ට වගේ කාලය හරහා යන්න බෑ මම එහෙම ක්‍රමයක් ගැන දන්නෙත් නෑ . මම ඉස්සරලාම බැලුවේ මම ඉන්න තැන වටේ අර කාලය හරහා යාමට අවශ්‍යය කරනා අමුතු ගස් වර්ගය තියෙනවද කියලා ඒත් ඒ වර්ගයේ එක ගහක්වත් ඒ පැත්ත පලාතෙවත් තිබුණේ නෑ නමුත් ඒ පරිසරය මට හොදටම හුරුයි මම ඇවිත් හිටියේ කුඩා කැලෑ රොදකට ඒ කැලෙන් එලියට ඇවිත් හම්බ වුන ගුරු පාරක් දිගේ මම ඇවිදගෙන ය...

යක්ෂයාගේ ඇස 01

Image
  පලමු කොටස 01 තේගිරිස් ගුරුන්නාන්සේ කියන්නේ මුලු ලංකාවෙම ප්‍රසිද්ධ බලි තොවිල් යක්කු පෙරේතයෝ හොල්මන් බූතයෝ අල්ලන වගේ අද්භූත වැඩ වලට උපන් හපනෙක් තේගිරිස් ගුරුන්නාන්සේ වස් කවි හදි හූනියම් වැඩ දැනගෙන හිටියත් ප්‍රතිපත්තියක් විදිහට ඒ භයානක දේවල් කිසිම කෙනෙකුට කරල දුන්නේ නෑ ලංකාවෙ හතර වටේ අමනුෂ්‍යයින්ගෙන් කරදර සිද්ධ වෙන තැන්වලට තේගිරිස් ගුරුන්නාන්සේ ගියේ ශත පහක්වත් බලාපොරොත්තුවෙන් නෙමේ යම් කිසි තැනකින් ගුරුන්නාන්සෙට පණිවිඩයක් ආවොත් ඒ දවසෙම ඒ තැනට ගිහින් අමනුෂ්‍ය කරදරේ නැතිකරල දැම්මේ ඔහු මුදලට වඩා මනුස්ස යහපත වෙනුවෙන් කටයුතුකල නිසයි . මැලේරියා උන හැම තැනම පැතිරුණ ඒ කාලේ තේගිරිස් ගුරුන්නාන්සෙටත් කොහොම හරි උන රෝගය වැලදුනා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නවත්වපු තේගිරිස් ගුරුන්නාන්සෙගෙ හොදම ගෝලයා වුන මට උන්දෑ මේ විදිහට කිව්වා. " නාරද උඹට මන්තර සෑත්තරේ බොහෝ දුරට පුලුවන් නෙවැ මේ ටික දොහේ අපේ ගෙදරට මාව හොයාගෙන එන එවුන්ගේ ඔය පොඩි පොඩි පුරස්න නිරාකරණය කොරල දියන් ඒක බොටත් පින් අත් වෙන වැඩක් හැබැයි පුතෝ ලොකූ දේවල් වලට උඹ අත ගහන්ට යන්ට එපා .." " හොදමයි ගුරුන්නාන්සෙ" මම එහෙම කියලා ගුරුන්නාන්සෙ ල...