ගුණමකුවා

ආයතනය විසින් ලබා දුන් මෝටර් රථය ක්රියා විරහිත වුන නිසා රියදුරා හට රථය සාදාගෙන එන ලෙස පවසා අසල තිබූ දුම්රිය නැවතුම් පලට නුවන් ගෙදර යන්න කියල ඇවිත් දැන් පැය දෙකක් වුනා තාමත් දුම්රියක් නෑ පසුව දැනගන්න ලැබුනේ දුම්රිය පැය හයක් පමණ ප්රමාද වන බවයි දුම්රියේ යන්න හිටිය හැමෝම වගේ එකා එකා යන්න ගියා වෙන වෙන ක්රම වලින් තම තමන්ගේ නිවස් වලට යන්න කියලා නමුත් නුවන් විතරක් දුම්රියේම යනවා කියලා හිත තද කරන් හිටිය නිසා එහෙම්මම දුම්රිය නැවතුම් පලේ බංකුවක් මතින් වාඩි වුනා පැය දෙකක් විතර යද්දි මුලු දුම්රිය නැවතුම් පලටම හිටියේ නුවන් විතරයි දුම්රිය නැවතුම් පලේ බිත්තියක් මත සවි කර තිබූ ඔරලෝසුව දිහා බැලුවම ඔහු තිගැස්සුනා මන්ද එහි වෙලාව සටහන් වුනේ රාත්රී දොලහ ලෙසිනුයි වහා තම අත් ඔරලෝසුවෙන් වෙලාව බැලූ විට එහි දැක්වුනේ රාත්රී දහය ලෙසිනුයි අත් ඔරලෝසුව දෙස බලා දිගු සුසුමක් පිට කල නුවන් තමාටම ඇසෙන ලෙස මෙලෙස මිමිණුවා. "" යකෝ මේ ස්ටේෂන් වල වැඩට ඉන්න උන්ට වෙලාව වත් හදන්න වෙලාවක් නැද්ද.. හැබැයි උන්ගෙ ඉල්ලීම් දිනාගන්න වැඩ වර්ජන කරන්නනම් වෙලාව තියෙනවා කාලකණ්නි """ තව දුරටත් වාඩි වී සිටීමට ...