Posts

මිතුරා

Image
  ජනකගේ විශ්ව විද්‍යාලයාල ජීවිතේ හොදම මිතුරාගෙන් ජංගම දුරකථන ආපු ඇමතුමට කතා කරනවද නැද්ද කියලා තුන්හතර පාරක්ම හිතලා ජනක ඇමතුමට සවන් දුන්නා  " මචං ජනක මට උඹව දැන්ම හම්බ වෙන්න පුලුවන්ද මොක ලොකු හදිස්සියක් අනේ මට මේ වෙලාවේ උඹේ උදව් ඕනම වෙලාව.." " ආ..හ..හරි නන්දන මම..ගෙදර ඉන්නෙ ඇවිල්ල කතා කරහන් " ජනක නොරිස්සුමෙන් වගේ කියලා ඇමතුම විසන්ධි කලා තාමත් නන්දන කෙරේ පැවති අමනාපය හදවතේ පුංචි කොනක තියෙන බව මේ ඇමතුමෙන්ම ජනකට අවබෝධ උනා කැම්පස් යන කාලේ කැම්පස් එකට අලුතින් ආපු ලස්සන හිනාවක් තිබුන අහිංසක හුරතල් පෙනුමක් තිබුණ යුවතියක් වුන ඉරෝෂාට ජනකගේ හිත ගියේ ඔහුටත් නොදැනුවත්මයි ඒක ඔහුගේ හොදම මිතුරා උන නන්දන හොදින්ම දැනගෙන හිටියත් ජනකටත් හොරෙන් නන්දන ඉරෝෂා සමග පෙමින් බැඳුන . නන්දන කල ඒ ද්‍රෝහී කමට ජනක කිසිම දෙයක් නන්දනට කිව්වෙ නෑ ටිකෙන් ටික ජනක නන්දනව අත්ඇරලම දැම්මා තාමත් හදවතේ කොනක ඉරෝෂා ගැන ප්‍රේමයක් ඇති නිසා ජනක අවුරුදු ගාණක් ගත වෙලත් විවාහයක් ගැන සිතුවේ නෑ පස්සෙ කාලෙක ජනකට ආරංචි උනා නන්දන ඉරෝෂව විවාහ කරගත් බව නමුත් මොනම හේතුවකටවත් ජනක ඔවුන් දෙදෙනාව නොහමු වීමට තදින් සිතා ගෙන සිටිය න...

ගුණමකුවා

Image
  ආයතනය විසින් ලබා දුන් මෝටර් රථය ක්‍රියා විරහිත වුන නිසා රියදුරා හට රථය සාදාගෙන එන ලෙස පවසා අසල තිබූ දුම්රිය නැවතුම් පලට නුවන් ගෙදර යන්න කියල ඇවිත් දැන් පැය දෙකක් වුනා තාමත් දුම්රියක් නෑ පසුව දැනගන්න ලැබුනේ දුම්රිය පැය හයක් පමණ ප්‍රමාද වන බවයි දුම්රියේ යන්න හිටිය හැමෝම වගේ එකා එකා යන්න ගියා වෙන වෙන ක්‍රම වලින් තම තමන්ගේ නිවස් වලට යන්න කියලා  නමුත් නුවන් විතරක් දුම්රියේම යනවා කියලා හිත තද කරන් හිටිය නිසා එහෙම්මම දුම්රිය නැවතුම් පලේ බංකුවක් මතින් වාඩි වුනා පැය දෙකක් විතර යද්දි මුලු දුම්රිය නැවතුම් පලටම හිටියේ නුවන් විතරයි දුම්රිය නැවතුම් පලේ බිත්තියක් මත සවි කර තිබූ ඔරලෝසුව දිහා බැලුවම ඔහු තිගැස්සුනා මන්ද එහි වෙලාව සටහන් වුනේ රාත්‍රී දොලහ ලෙසිනුයි වහා තම අත් ඔරලෝසුවෙන් වෙලාව බැලූ විට එහි දැක්වුනේ රාත්‍රී දහය ලෙසිනුයි අත් ඔරලෝසුව දෙස බලා දිගු සුසුමක් පිට කල නුවන් තමාටම ඇසෙන ලෙස මෙලෙස මිමිණුවා. "" යකෝ මේ ස්ටේෂන් වල වැඩට ඉන්න උන්ට වෙලාව වත් හදන්න වෙලාවක් නැද්ද.. හැබැයි උන්ගෙ ඉල්ලීම් දිනාගන්න වැඩ වර්ජන කරන්නනම් වෙලාව තියෙනවා කාලකණ්නි """ තව දුරටත් වාඩි වී සිටීමට ...

බෝතල් පත්තර

Image
  තොටළග පැල්පත් වාසියෙක් උන ගනේෂ්ගෙ රැකියාව උනේ බෝතල් පත්තර එකතු කරන එක එදත් වටේම කරක් ගහල හොයා ගත්ත බෝතල් පත්තර ටිකත් නානගේ කඩේට දීලා හොදටම වෙහෙසට පත් වෙලා ආපු ගනේෂ් එහෙම්මම  ඇන්ටන්ගේ කසිප්පු තිත්පලෙන් කසිප්පු පැකට් එකකුත් බීලා ගෙදරට ඇවිත් නිදා ගන්න ඇඳට වැටුනා . යාන්තම් ඇහැපිය වීගෙන එද්දි ගනේෂ්ගේ කණට කරලා කවුදෝ රහසින් ...."බෝතල් පත්තර ..." කියනවා ඇහිලා ඔහු එක පාරටම නැගිට්ටා එක කාමරයක් විතරක් තිබුණ ගනේෂ්ගේ නිවසේ ඔහු තනියම තමා ජීවත් උනේ ගනේෂ් වට පිට බැලුවා කවුද කතාකෙරුවේ බලන්න ඔහුට කාමරේ ඇතුලේ කවුරුවත් දක්නට ලැබුනේ නෑ . ආයෙත් පාරක් ගනේෂ් නිදාගන්න උත්සහ කෙරුවා ඒත් නින්ද යාගෙන එනකොට ඔහුගේ කණට කරලා බෝතල් පත්තර කියන කට හඬ ආයෙත් ඇහුනා ගනේෂ් ආයෙත් වට පිටේ හැම තැනම බැලුවා කවුරු හරි ඉන්නවද බලන්න ඒත් කවුරුවත්ම ඔහුට පෙර ලෙසටම දක්නට නොලැබුනා . " මේ මොන මගුලක්ද අප්පා අරක්කු මතේටද මට මේ විකාර කට හඬ වල් ඇහෙන්නේ ඇහැ පියවීගෙන එනකොටම මොකෙක්ද රහස් කියනවා " තමාටම ඇසෙන ලෙස කියවමින් ගනේෂ් ගෙදරින් එලියට බැස්සේ ඔහුගේ නිවස ඉදිරි පිට තිබූ මාටින් ගේ තේ කඩේට යාමේ අරමුණිනි තේ කඩේ අයිති කරු වූ ...

සැලූන්

Image
  අසංග රැකියාව කලේ කොළඹ නගරයේ ඔහු පදිංචි වෙලා හිටියේ නාරම්මල හැමදාම උදේ පාන්දර වැඩට ගිහින් මහ රෑ ගෙදර එන එක ඔහුට තිත්ත වෙලා තිබුණේ බැරිම තැන ඔහු ළඟ ඉතිරි කරගෙන තිබුණ මුදල් යොදවලා බම්බලපිටියෙන් මහල් නිවාසයක් කුලියට ගත්තා ඇත්තටම ඒක අසංගට විශාල පහසුවක් උනා ඔහු රැකියාව කල ආයතනය ඒ මහල් නිවාසයේ සිට මීටර් පන්සීයක් විතර දුරින් තිබුණ නිසා  අසංග ගේ බිරිඳ අනූෂත් සමග ඔහු ඒ මහල් නිවාසයට ඇවිත් පදිංචි උනා ඔහුගේ මහල් නිවාසය තිබුණේ මහල් විස්සකින් සමන්විත ගොඩනැගිල්ලක සත් වෙනි මහලේ කොහොම හරි ඔවුන් දෙදෙනා ඒ මහල් නිවසට පදිංචියට ආ දවසේ ගෙදර බඩු බාහිරාදිය උඩට ඇදලා අසංග හිටියේ හොදටම වෙහෙසට  පත්වෙලා  හැන්දෑවේ අනූෂා හදල දුන්න රසවත් තේ කෝප්පෙකුත් පානය කරල අසංග හිතුව තමන්ගේ වැවිල තිබුණ කොණ්ඩය රැවුල කපාගෙන එනවා කියලා ඊට පස්සේ අනූෂටත් කියලා පයින්ම සැලූන් එකක් හොයාගන්න අසංග පිටත් වුනා එහෙට මෙහෙට ඇවිදලා ඒ වෙලාවේ ඇරල තිබුණ සැලූන් එකක් ඔහුට හොයා ගන්න බැරි වුනා විතරක් නෙමේ අසංගට තේරුනා ඔහු අතරමං වෙලා ඉන්නේ කියලා එහෙට මෙහෙට ඇවිදලා බැලුවත් පාර හොයා ගන්න බැරිවුනා පස්සෙ නිකමට වගේ එක තැනකට ඇවිත් උඩ බැලු...

වික්ටර්

Image
  අද වික්ටර්ගේ සිරුර භූමදානය කරන දවස මළ සිරුර තිබූ මිනී පෙට්ටිය පස් කන්ද මතින් තියලා වල කපපු අය හිමීට පෙට්ටිය වලට බස්සන්න ලණු කඹ දෙකක් පෙට්ටිය දෙපැත්තෙන් දාල පෙට්ටිය උස්සල ගන්න හදද්දිම කොහේදෝ තිබුණ වැස්සකුත් ඇද හැලෙන්න ගත්තා ඒ එක්කම මිනී පෙට්ටිය ඇතුලෙන් එක දිගට පෙට්ටියට ගහන සද්දයක් ඇහෙන්න ගත්තා විතරයි හැමෝම පසෙකට පැන ගත්තා . " අනේ එයා ජීවත් වෙනවා කවුරු හරි පෙට්ටිය අරින්න අනේ එයාව එලියට ගන්න.." වික්ටර් ගේ බිරිඳ රූපා හඩමින් පිරිසට පැවසුවා ඒක අහපු එක් අයෙක් සැකයෙන් බයෙන් මිනී පෙට්ටිය ලගට ගිහින් පෙට්ටියේ ලොක් ඉවත් කෙරුවා මිනී පෙට්ටිය විවෘත වෙනවාත් එක්කම ඇස් ලොකු කරගෙන මහ සද්දෙන් හුස්ම ගැනීමට උත්සහ කරමින් වික්ටර් එක්වරම මිනී පෙට්ටිය තුල ඉඳගත්තා  ඒක දැකල ගොඩක් අය හිස් හැරුණ අත දිව්වා සමහර දුර්වල හිත් ඇති අය සිහිනැතිව බිම ඇදගෙන වැටුනා වික්ටර් දැඩි උත්සාහයක් දැරුවා හුස්ම ගැනීමට අමරුවෙන් හුස්ම ගන්න උත්සහ කල වික්ටර් තමන්ගේ බිරිඳ රූපා දිහාට හැරිලා අත දික් කරල මොනවාදෝ කියන්න හදනවාත් එක්කම කපා හෙලූ කෙසෙල් කඳක් වගේ ආයෙත් පෙට්ටියටම ඇදගෙන වැටුනා එතන හිටිය දැඩි සිතක් තිබූ එක් අයෙක් වික්ටර්ව ...

සමන්මල්යාය

Image
  "..සඳවතී අපුච්චට ඕන් ඔය එහා පැත්තේ තියෙන මුට්ටියෙන් රණවරා වතුර ඩිංගිත්තක් වක්කොරල දියන් දුවේ.." " රණවරා බොන්ට තනන්නේ බත් ඩිංගක් කෑවනම් අහවරයි නොවැ දැන් ඔය රණවරා විතරක් බීලා කොහොමෙයි අපුච්ච කුඹුරට ගොහින් ඔට්ටු වෙන්නේ.." " බඩකට පුරෝගෙන ගොහිනුත් වැඩක් කොරන්ට වෙන් නෑ බුදිය ගන්ට තමා වෙන්නේ කෙල්ලේ ඩිංගිත්තක් ඉර එලිය වැටුනම ඔය බත් ඩිංග කුත් අරන් වරෙන් කෙල්ලේ කුඹුරට. ." රණවරා වතුර පොල්කට්ටකට පිරෙන්න දාගෙන බීපු අප්පුහාමී උදේ පාන්දරම කුඹුරට පිටත් වුණේය.  සමන්මල් යාය ගම්මානයේ බොහෝ දෙනා ගමේ ආරච්චිගේ කුඹුරු අඳේට වැඩ කලත් අප්පුහාමිට තමන්ගේ කියා අක්කර දෙකක පමණ විශාල කුඹුරක් තිබිණි අප්පුහාමිට සහ ඔහුගේ බිරිඳ පේමාවතීට දරුවෙකුට කියා සිටියේ සඳවතී පමණක්මය එම නිසා ඔවුන් දෙදෙනා සඳවතීට බොහෝ සේ ආදරය කලෝය. " අම්මණ්ඩි මම වැවට ගොහින් නෙළුම් මල් ටිකක් කඩාන එන්ටද? අද පන්සලේ පිංකමට හැමෝම යාවි දැන්ම ගොහින් මල් කඩා ගත්තෙ නැත්නම් අනිත් ඈයෝ ඇවිදින් මල් ඔක්කෝම කඩාන යාවි.." තම පියාණන් නොපෙනී ගියාට පසු සඳවතී මවගෙන් විමසුවාය . "..ගියාට කමක් නෑ මල් වලට පෙරේතකමේ වැව මැද්දෑවට යන්...

මෝහිනී

Image
  වෙනුර කියන්නෙ දුප්පත් පවුලක එකම පිරිමි ලමය එයාගෙ තාත්තා වැඩ කෙරුවේ රජයේ මුද්‍රණාලයේ වෙනුරගේ තාත්තට රස්සාව ලැබෙනවාත් එක්කම ගමේ ඉඩ කඩම් විකුණල ඇවිත් නගරයට පදිංචියට ආවා ගමේ ඉඩම් වික්ක කියල මහ ලොකු සල්ලියක් එයාලට හම්බවුනේ නෑ . ඉඩම් විකුණල ගත්ත සල්ලි වලින් යාන්තන් නගරේ ගෙයක් කුලියට ගන්න හම්බවුනා එච්චර තමා ඒ සල්ලිවලට කරන්න පුලුවන් උනේ මොකද වෙනුරල හිටියේ හද්දා පිටිසර ඒ පැතිවල ඉඩම්වල වටිනාකමක් තිබ්බෙ නෑ උසස්පෙළ විභාගය සමත් වෙන්න නොහැකි වුන වෙනුරට තාත්ත කිව්වෙ එයා විශ්‍රාම යනකොට තාත්තගෙ රස්සාව අරන් දෙන්න පුලුවන් ඒ නිසා අවුරුදු විස්සක් විතර වෙනකන් ඔය ගෙදරට වෙලා නිදහසේ හිටියට කමක් නෑ කියලා ඉතින් වෙනුරත් නිදහසේ හිටිය කිසිම දෙයක බරක් පතලක් තිබුනේ නෑ වයස අවුරුදු දහනවයක් වුන වෙනුරගේ දින චරියාව උනේ උදේ පාන්දර ක්‍රිකට් සෙල්ලම් කරන්න ගියාම එයාගෙ යාලුවොත් එක්ක හවස් වෙනකන් සෙල්ලම් කරන එක තමා . වෙනුරගේ යාලුවෝ නම් යමක් කමක් තිබුණ අය ඒක නිසා උදේ ඉඳන් සෙල්ලම් කෙරුව කියලා එයාලට ප්‍රශ්නයක් වුනේ නෑ ඒත් දුප්පතෙක් උන වෙනුරට මුදල් කියන දේ වටිනාකම නොතේරුණ නිසා ඔහුත් ඒ යාලුවෝ සමගම රස්තියාදු සෙල්ලම් ජීවිතයක් ගත...