Posts

නොවිසඳුණු ඝාතනය

Image
 කුලියාපිටිය පොලිසියේ දුරකථනය අලුයම පහට පමණ එක දිගට නාද වීමට පටන්ගත්තේ කන්දොස්කිරියාවක් ඇතිකරවමින්ය. දුරකථනයේ රිසිවරය තද නින්දක සිට එක්වරම පිබිදුනු පොලිස් නිලධාරියෙක් එසවූවේ පරුෂ වචනයකුත් මුවින් පිට කරමින්මයි දුරකථනයේ අනෙක් පසින් පොලීසිය ඇමතුවේ කුලිපිටිය පොලිස් වසමට අයත් වට්ටක්කාවත්ත ග්‍රාමයේ ගැමියෙක්ය. " හලෝ සර් මම මේ වට්ටක්කාවත්ත ගමේ ජිනදාස කියල කෙනෙක් කතා කරන්නේ අපේ ගෙට ටිකක් එහා ඉන්න රත්නපාලව  දවස් පහකින් විතර දැක්කෙ නෑ දැන් ඒ ගෙදරින් සැර කුණු ගඳක් එනවා " " හරි තමුසෙලා ඔය කියන රත්නපාලගේ ගෙදරට යන්න එපා අපි ඇවිත් සෝදිසි කරලා බලන්නම් , එසේ පැවසූ නිලධාරියා දුරකථන ඇමතුම විසන්ධි කලේය.තවත් සුලු මොහොතකින් උප පොලිස් පරීක්ෂක නිවන්ත රත්නායක ප්‍රමුක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වට්ටක්කාවත්ත ග්‍රාමය බලා පිටත් වූහ. පොලිස් නිලධාරීන් පැමිණෙන විටත් ගමේ පදිංචිව සිටිනා ගැහැණු පිරිමි සෑහෙන පිරිසක් දුරකථන ඇමතුමෙන් කියවුන දුගඳ හමනා නිවස වටේටම රැස් වී සිටියේ යම් අපරාධයක සැක සංකා ඔවුන්ගේ සිත් තුලත් පැල පදියන් වී තිබූ නිසා විය හැක පොලිස් නිලධාරීන් ඉදිරියටම ගිය ගැමියෙක් මෙසේ පැවසුවේය.  ...

අලව්වේ වලව්ව

Image
  ප්‍රභාත්, මිහිර,චානක හොදම යාලුවෝ තුන් දෙනෙක් සති අග දිනයක විනෝද ගමනක් යාමට සැලසුම් කරපු ඒ තුන් දෙනා සවස හතරට පමණ කොළඹින් පිටත් වුනා මෝටර් රථය පදවන ගමන්ම තුන් දෙනාම පදම ඉක්මවා මත්පැන් පානය කර තිබූ නිසා අලව්ව නගරයට පැමිණෙන විට තව දුරටත් ඉදිරියට මෝටර් රථය පැදවීමට ඇති අපහසුව හේතුවෙන් අලව්ව නගරය සමීපයේ තිබූ ලැඟුම් හලක් බවට පත් කර තිබූ පැරණි වලව්වකට රථය හැරවූවේ එදින රාත්‍රිය එහි ගත කිරීමටයි. තුන් දෙනාම මත් බව නිසා එහෙට මෙහෙට වැනෙමින් වලව්ව ලැඟුම් හලේ පිලිගැනීමේ නිලධාරියා අසලට ගියා. පිලිගැනීමේ නිලධාරියා ඔවුන් සමග මුව පුරා සිනා සුනේ හරියට ඔවුන් එන තුරා ඔහු මග බලන් සිටියා වගේ . " එන්න සර් සර්ලට කාමරයක් අවශ්‍යයි නේද .."? පිලිගැනීමේ නිලධාරියා ඔවුන් ගෙන් එහෙම ඇහුවා . " ඔව් අපිට අද රෑ ගත කරන්න තියෙන හොදම කාමර තුන දෙනවා "  මිහිර ඒ විදිහට පිලිගැනීමේ නිලධාරියට කිව්වා. " සර් මේ වෙලාවේ තියෙන්නේ එක කාමරයයි මම ඒක දෙන්නම් තුන් දෙනාටම රුපියල් තුන් දහයි වෙන්නේ " " තුන් දහයි.. චැක්..! එහෙනම් ඉතින් ඒ කාමරේ බල්ලෙකුටවත් ඉන්ඩ බැරුව ඇති බාත් රූම් එකක් වත් තියෙනවද දන් නෑ ...

යක්ෂයාගේ ඇස 02 අවසන් කොටස

Image
  මගෙ නම නාරද මම ලංකාවම දන්න තේගිරිස් ගුරුන්නාන්සෙගේ හොදම ගෝලයා වික්ටර් කියන්නේ තේගිරිස් ගුරුන්නාන්සෙගෙ කලින් හිටිය හොදම ගෝලයා පස්සෙ වික්ටර් තනියම තේගිරිස් ගුරුන්නාන්සෙගේ ආශීර්වාදය ඇතුව යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන්න ගත්තට පස්සේ මම තමා ගුරුන්නාන්සෙගේ හොදම ගෝලයා වුනේ. කලින් හොදම ගෝලයා උන වික්ටර් මගේ හොදම යාලුවෙක් එක ගමක සිද්ද වෙන අද්භූත දෙයක් හොයන්න ගිහින් මට අනාගතේ හිරවෙන්න සිද්ද වුනා වික්ටර් කාලය හරහා යන ක්‍රමයක් හොයාගෙන මාව හොයාගෙන අනාගතේට ඇවිත් මාව නැවත මගේ කාලයටම එව්වා ඒත් වික්ටර් අඩි තුන්සීයක් විතර උස ගල් කණුවකින් බිමට වැටුනා වික්ටර් එතනින් වැටිල මැරුණද බේරුණද කියලා මම දන්නෙ නෑ ඒත් මම කොහොම හරි වික්ටර්ව බේරගන්න ඕනේ ඒත් බේර ගන්න ක්‍රමය මම දන්නෙ නෑ මට වික්ටර්ට වගේ කාලය හරහා යන්න බෑ මම එහෙම ක්‍රමයක් ගැන දන්නෙත් නෑ . මම ඉස්සරලාම බැලුවේ මම ඉන්න තැන වටේ අර කාලය හරහා යාමට අවශ්‍යය කරනා අමුතු ගස් වර්ගය තියෙනවද කියලා ඒත් ඒ වර්ගයේ එක ගහක්වත් ඒ පැත්ත පලාතෙවත් තිබුණේ නෑ නමුත් ඒ පරිසරය මට හොදටම හුරුයි මම ඇවිත් හිටියේ කුඩා කැලෑ රොදකට ඒ කැලෙන් එලියට ඇවිත් හම්බ වුන ගුරු පාරක් දිගේ මම ඇවිදගෙන ය...

යක්ෂයාගේ ඇස 01

Image
  පලමු කොටස 01 තේගිරිස් ගුරුන්නාන්සේ කියන්නේ මුලු ලංකාවෙම ප්‍රසිද්ධ බලි තොවිල් යක්කු පෙරේතයෝ හොල්මන් බූතයෝ අල්ලන වගේ අද්භූත වැඩ වලට උපන් හපනෙක් තේගිරිස් ගුරුන්නාන්සේ වස් කවි හදි හූනියම් වැඩ දැනගෙන හිටියත් ප්‍රතිපත්තියක් විදිහට ඒ භයානක දේවල් කිසිම කෙනෙකුට කරල දුන්නේ නෑ ලංකාවෙ හතර වටේ අමනුෂ්‍යයින්ගෙන් කරදර සිද්ධ වෙන තැන්වලට තේගිරිස් ගුරුන්නාන්සේ ගියේ ශත පහක්වත් බලාපොරොත්තුවෙන් නෙමේ යම් කිසි තැනකින් ගුරුන්නාන්සෙට පණිවිඩයක් ආවොත් ඒ දවසෙම ඒ තැනට ගිහින් අමනුෂ්‍ය කරදරේ නැතිකරල දැම්මේ ඔහු මුදලට වඩා මනුස්ස යහපත වෙනුවෙන් කටයුතුකල නිසයි . මැලේරියා උන හැම තැනම පැතිරුණ ඒ කාලේ තේගිරිස් ගුරුන්නාන්සෙටත් කොහොම හරි උන රෝගය වැලදුනා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නවත්වපු තේගිරිස් ගුරුන්නාන්සෙගෙ හොදම ගෝලයා වුන මට උන්දෑ මේ විදිහට කිව්වා. " නාරද උඹට මන්තර සෑත්තරේ බොහෝ දුරට පුලුවන් නෙවැ මේ ටික දොහේ අපේ ගෙදරට මාව හොයාගෙන එන එවුන්ගේ ඔය පොඩි පොඩි පුරස්න නිරාකරණය කොරල දියන් ඒක බොටත් පින් අත් වෙන වැඩක් හැබැයි පුතෝ ලොකූ දේවල් වලට උඹ අත ගහන්ට යන්ට එපා .." " හොදමයි ගුරුන්නාන්සෙ" මම එහෙම කියලා ගුරුන්නාන්සෙ ල...

මිතුරා

Image
  ජනකගේ විශ්ව විද්‍යාලයාල ජීවිතේ හොදම මිතුරාගෙන් ජංගම දුරකථන ආපු ඇමතුමට කතා කරනවද නැද්ද කියලා තුන්හතර පාරක්ම හිතලා ජනක ඇමතුමට සවන් දුන්නා  " මචං ජනක මට උඹව දැන්ම හම්බ වෙන්න පුලුවන්ද මොක ලොකු හදිස්සියක් අනේ මට මේ වෙලාවේ උඹේ උදව් ඕනම වෙලාව.." " ආ..හ..හරි නන්දන මම..ගෙදර ඉන්නෙ ඇවිල්ල කතා කරහන් " ජනක නොරිස්සුමෙන් වගේ කියලා ඇමතුම විසන්ධි කලා තාමත් නන්දන කෙරේ පැවති අමනාපය හදවතේ පුංචි කොනක තියෙන බව මේ ඇමතුමෙන්ම ජනකට අවබෝධ උනා කැම්පස් යන කාලේ කැම්පස් එකට අලුතින් ආපු ලස්සන හිනාවක් තිබුන අහිංසක හුරතල් පෙනුමක් තිබුණ යුවතියක් වුන ඉරෝෂාට ජනකගේ හිත ගියේ ඔහුටත් නොදැනුවත්මයි ඒක ඔහුගේ හොදම මිතුරා උන නන්දන හොදින්ම දැනගෙන හිටියත් ජනකටත් හොරෙන් නන්දන ඉරෝෂා සමග පෙමින් බැඳුන . නන්දන කල ඒ ද්‍රෝහී කමට ජනක කිසිම දෙයක් නන්දනට කිව්වෙ නෑ ටිකෙන් ටික ජනක නන්දනව අත්ඇරලම දැම්මා තාමත් හදවතේ කොනක ඉරෝෂා ගැන ප්‍රේමයක් ඇති නිසා ජනක අවුරුදු ගාණක් ගත වෙලත් විවාහයක් ගැන සිතුවේ නෑ පස්සෙ කාලෙක ජනකට ආරංචි උනා නන්දන ඉරෝෂව විවාහ කරගත් බව නමුත් මොනම හේතුවකටවත් ජනක ඔවුන් දෙදෙනාව නොහමු වීමට තදින් සිතා ගෙන සිටිය න...

ගුණමකුවා

Image
  ආයතනය විසින් ලබා දුන් මෝටර් රථය ක්‍රියා විරහිත වුන නිසා රියදුරා හට රථය සාදාගෙන එන ලෙස පවසා අසල තිබූ දුම්රිය නැවතුම් පලට නුවන් ගෙදර යන්න කියල ඇවිත් දැන් පැය දෙකක් වුනා තාමත් දුම්රියක් නෑ පසුව දැනගන්න ලැබුනේ දුම්රිය පැය හයක් පමණ ප්‍රමාද වන බවයි දුම්රියේ යන්න හිටිය හැමෝම වගේ එකා එකා යන්න ගියා වෙන වෙන ක්‍රම වලින් තම තමන්ගේ නිවස් වලට යන්න කියලා  නමුත් නුවන් විතරක් දුම්රියේම යනවා කියලා හිත තද කරන් හිටිය නිසා එහෙම්මම දුම්රිය නැවතුම් පලේ බංකුවක් මතින් වාඩි වුනා පැය දෙකක් විතර යද්දි මුලු දුම්රිය නැවතුම් පලටම හිටියේ නුවන් විතරයි දුම්රිය නැවතුම් පලේ බිත්තියක් මත සවි කර තිබූ ඔරලෝසුව දිහා බැලුවම ඔහු තිගැස්සුනා මන්ද එහි වෙලාව සටහන් වුනේ රාත්‍රී දොලහ ලෙසිනුයි වහා තම අත් ඔරලෝසුවෙන් වෙලාව බැලූ විට එහි දැක්වුනේ රාත්‍රී දහය ලෙසිනුයි අත් ඔරලෝසුව දෙස බලා දිගු සුසුමක් පිට කල නුවන් තමාටම ඇසෙන ලෙස මෙලෙස මිමිණුවා. "" යකෝ මේ ස්ටේෂන් වල වැඩට ඉන්න උන්ට වෙලාව වත් හදන්න වෙලාවක් නැද්ද.. හැබැයි උන්ගෙ ඉල්ලීම් දිනාගන්න වැඩ වර්ජන කරන්නනම් වෙලාව තියෙනවා කාලකණ්නි """ තව දුරටත් වාඩි වී සිටීමට ...

බෝතල් පත්තර

Image
  තොටළග පැල්පත් වාසියෙක් උන ගනේෂ්ගෙ රැකියාව උනේ බෝතල් පත්තර එකතු කරන එක එදත් වටේම කරක් ගහල හොයා ගත්ත බෝතල් පත්තර ටිකත් නානගේ කඩේට දීලා හොදටම වෙහෙසට පත් වෙලා ආපු ගනේෂ් එහෙම්මම  ඇන්ටන්ගේ කසිප්පු තිත්පලෙන් කසිප්පු පැකට් එකකුත් බීලා ගෙදරට ඇවිත් නිදා ගන්න ඇඳට වැටුනා . යාන්තම් ඇහැපිය වීගෙන එද්දි ගනේෂ්ගේ කණට කරලා කවුදෝ රහසින් ...."බෝතල් පත්තර ..." කියනවා ඇහිලා ඔහු එක පාරටම නැගිට්ටා එක කාමරයක් විතරක් තිබුණ ගනේෂ්ගේ නිවසේ ඔහු තනියම තමා ජීවත් උනේ ගනේෂ් වට පිට බැලුවා කවුද කතාකෙරුවේ බලන්න ඔහුට කාමරේ ඇතුලේ කවුරුවත් දක්නට ලැබුනේ නෑ . ආයෙත් පාරක් ගනේෂ් නිදාගන්න උත්සහ කෙරුවා ඒත් නින්ද යාගෙන එනකොට ඔහුගේ කණට කරලා බෝතල් පත්තර කියන කට හඬ ආයෙත් ඇහුනා ගනේෂ් ආයෙත් වට පිටේ හැම තැනම බැලුවා කවුරු හරි ඉන්නවද බලන්න ඒත් කවුරුවත්ම ඔහුට පෙර ලෙසටම දක්නට නොලැබුනා . " මේ මොන මගුලක්ද අප්පා අරක්කු මතේටද මට මේ විකාර කට හඬ වල් ඇහෙන්නේ ඇහැ පියවීගෙන එනකොටම මොකෙක්ද රහස් කියනවා " තමාටම ඇසෙන ලෙස කියවමින් ගනේෂ් ගෙදරින් එලියට බැස්සේ ඔහුගේ නිවස ඉදිරි පිට තිබූ මාටින් ගේ තේ කඩේට යාමේ අරමුණිනි තේ කඩේ අයිති කරු වූ ...